IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ගුණවතුන්ගේ අගුණ ප‍්‍රචාරය කොට අපාදුක් විඳි කෝකාලික තෙරණුවෝ

බුද්ධ කාලීන භික්ෂු සමාජය තුළ ප‍්‍රසිද්ධියට පත් භික්ෂූන් වහන්සේලා දෙවර්ගයකි. එනම්, සමාජයට අර්ථය සිදුකිරීම, සහ අනර්ථකාරී කටයුතු කිරීම යනුවෙනි. ජබ්බග්ගිය, සත්තරස භික්ෂූන්, දේවදත්ත, කටමොරතිස්ස, කෝකාලික ආදී භික්ෂූන් වහන්සේලාගේ නම් ප‍්‍රසිද්ධ වූයේ අයහපත් දේවල් කිරීම හා සම්බන්ධවයි. එයිනුත් කෝකාලික භික්ෂුව නමින් දෙනමක්ම බුද්ධ කාලීන සමාජය තුළ වැඩ සිටි බව සුත්තනිපාත අටුවාව කියයි. සුත්තනිපාත අටුවාවේ කෝකාලික සූත‍්‍ර වර්ණනාවෙහිදී මෙම අදහස කියැවෙයි.

 

  sdg
සූත‍්‍ර පිටකයේ කෝකාලික නමින් සූත‍්‍ර හතරක් දක්නට ලැබේ. එනම්, සංගි කෝකාලික, පඨම සූත‍්‍රය සහ කෝකාලික දුතිය සූත‍්‍රය ද අංනිහි කෝකාලික සූත‍්‍රයද සහ සුත්තනිපාතයෙහි කෝකාලික සූත‍්‍රය යනුවෙනි. ජාතක පාළියේ කෝකාලික ජාතකය යනුවෙන් ජාතක කතාවක්ද තිබේ. අප මෙහිලා දක්වන්නේ සුත්තනිපාත අට්ඨ කථාවෙහි සඳහන් වන කෝකාලික සූත‍්‍රයට සම්බන්ධ කරුණුයි. මෙහි සඳහන් වන කෝකාලික භික්ෂුව දේවදත්ත හිමියන්ගේ ප‍්‍රධාන ශ‍්‍රාවක කෝකාලික භික්ෂුව නොවේ. මුන්වහන්සේ කෝකාලි රටෙහි කෝකාලි නගරයෙහි කෝකාලි සිටුවරයාගේ පුත‍්‍රයාය. සුළු කෝකාලික නමින් පැවිදිව පියාණන් විසින් කරවන ලද විහාරයෙහි වාසය කරයි. බමුණු පුතකු වූ මුන්වහන්සේ මහා කෝකාලික යනුවෙන් ප‍්‍රසිද්ධියට පත්වූහ.


බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන කාලයේ අගසව් දෙනම වෙනත් භික්ෂූන් පන්සියයක් සමග ජනපද චාරිකාවෙහි යෙදෙමින් වස් සමාදන් වන කාලයෙහි විවේකීව වාසය කිරීමට කැමතිව තමන් සමග සිටි භික්ෂූන් වහන්සේලා පිටත් කොට යවා තම පා සිවුරු ගෙන කෝකාලික හිමියන් වැඩ වසන විහාරයට වැඩියහ. කෝකාලික හිමියන් සමග සතුටුසාමීචියේ කතාකොට ‘‘ඇවැත්නි අපි මේ වස්කාලය තුළ මෙහි වැඩ වසන්නට කැමැත්තෙමු. අප දෙනම මෙහි වැඩ වසන බව කිසිවකුටවත්  දැන ගැනීමට ඉඩ සලසන්න එපා’’ යයි කීහ. කෝකාලික හිමියෝද, යහපතැයි කියා එයට කැමැති වූහ. ඒ අනුව කිසිවකුටවත් දැනගත නොහැකි වන පරිදි අගසව් දෙනම එම විහාරයේ වස් වැසූහ.

 

කෝකාලික භික්ෂුව වස් අවසන්වීමට පෙර ගමට ගොස් අගසව් දෙනම විහාරයේ වස් සමාදන් වී සිටින බව නොදන්නෙහි දැයි මිනිසුන්ට කීවේය. අප ඒ බවක් දැන සිටියේ නැතැයි මිනිසුන් කී කල්හි කෝකාලික භික්ෂුව ‘‘ඇයි දෙනමක් පන්සලේ වැඩ වසන බව නොදත්තෙහි’’ දැයි කීවේය. සතර පේරුවේ දායක කාරකාදීහු විවිධ ප‍්‍රත්‍යයන් ගෙනවුත් කෝකාලික හිමි ඉදිරියේ තැබූහ. අග සව්වෝ ලද දෙයින් සෑහීමකට පත්වන්නෝය. දැනුම් දීම නිසා ලත් පූජා භාණ්ඩ භාර නොගනිති. ඒ නිසා එසේ භාර නොගෙන ඒවා මෙහි වසන අනෙක් හිමියන්ට දෙවයි කියන්නාහ. එවිට ඒ අනුව මම ඒවා පරිභෝජනය කරන්නෙමියි කෝකාලික භික්ෂූන් වහන්සේ කල්පනා කළහ.

24_PAGE_10_T

 

තෙරුන් වහන්සේලා දෙනම ඒවා දුටු කෙනෙහිම දැනුම්දීම නිසා ලද බව දැන ‘‘මේවා අපට නොව කෝකාලිකට වටී යයි සිතා’’ මේවා ආවාසයේ වසන අනෙක් භික්ෂුවට පූජා කරන්න’’ යයි නොකියාම විහාරයෙන් බැහැර වී බුදුන්වහන්සේ හමුවට වැඩියහ. බුදුරජාණන් වහන්සේ අගසව් දෙනමට බොහෝ දෙනාගේ හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න යයි කීහ. අගසව් දෙනමගේ කල් ක‍්‍රියාව ගැන කෝකාලික භික්ෂුව දොම්නස් විය. එයට හේතුව ‘‘තමන් පත්‍යධාර නොගන්නේනම් තමන් වහන්සේටවත් ඒවා දෙන්න’’ යයි නොකීම නිසාය.


බුදුරජාණන් වහන්සේගේ ප‍්‍රකාශය නිසා ජනපද චාරිකාවේ යෙදුණු අගසව් දෙනම ඇතුළු භික්ෂූන් වහන්සේලා එසේ චාරිකා කරමින් නැවත කෝකාලි නුවරටත් ගියහ. නගරවාසීහු නගරය මැද විශාල වේදිකාවක් කරවා ඉමහත් ගෞරවයෙන් භික්ෂූන් වහන්සේලාට දන් පිළිගැන්වූහ. පිරිකරද පිළිගැන්වූහ.

අගසව් තෙරුන් වහන්සේලා ඒ පිරිකර අනෙක් භික්ෂූන් වහන්සේලාට දුන්හ. මේ සිද්ධිය දුටු කෝකාලික භික්ෂුව කලින් මේ තෙරුන් වහන්සේලා ලද දෙයින් සතුටු වූහ. දැන් ලෝභයෙන් වෙළී පවිටු බවට පත්වූහ. පෙරදීද ලද දෙයින් සතුටුවීමේ ගුණයෙන් ඈත් වී දැයි හැගේ. ‘‘මේ නැති ගුණ පෙන්වන ළාමක භික්ෂූන් යැයි’’ සිතුවේය. එසේ සිතා අගසව් දෙනම වෙත ගොස් ‘‘ඇවැත්ති ඔබ පෙර ලද දෙයින් සතුටුව විවේකීව මෙන් සිටියාහුය. දැන් පවිටු පැවිද්දන් සේ’’ යයි කියා මේ තත්ත්වය බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරනු පිණිස එදිනම සැවැත් නුවරට වැඩියහ.


මහත් ගුණ නුවණ ඇති උතුමන්ට කරුණු කාරණා හරිහැටි නොදැන ගැරහීම බරපතළ අකුසලයකි. වරද නැති උතුමන්ට නින්දා අපහාස කිරීමද එබදුම අකුසලයකි. කෝකාලික භික්ෂුව සැරියුත් මුගලන් දෙනමට ගැරහීම් කරන විට එය නොකරන්න යයි බුදුහු කීහ. නමුත් කෝකාලික හිමියෝ තම මතයේම සිටියහ. උන්වහන්සේ කල්පනා කරනු ලැබුවේ තමන් ඇසට දුටු දෙය අනුව තමන් නිවැරදිය කියාය. එසේ වූවෝ වර්තමාන සමාජයේත් බොහෝ සිටිති. අවබෝධ පූර්වක කෙනෙකු යමක් පැහැදිලි කර දෙනවිට එය නොඅසා තම අදහසම නිවැරදි සේ සලකමින් එහි ඉඳින්නෝය.


බුදුරජාණන් වහන්සේ අවවාද දී ඉවත්ව ගිය සැණින් කෝකාලික භික්ෂුවට තමන් කළ වරදෙහි විපාක දිට්ඨධම්මවේදනීය වශයෙන්ම ලැබිණි. එනම්, ශරීරයේ බිබිලි එන්නට පටන් ගැනීමයි. ඒ අනුව ඒවා පැසවා සම අපවිත‍්‍ර වී ගියේය. ඇතැම් බිබිලි ක‍්‍රමයෙන් ලොකු වී පැසවා පිපිරෙන්නට විය. සම්පූර්ණ ශරීරයම දුගඳ හමන්නට විය. කෝකාලික භික්ෂුව සිරුරම කුණු වී බොහෝ විපතට පත්ව ජේතවන දොරටුවෙහි නිදා සිටියේය. දහම් ඇසීමට එන යන මිනිස්සු එය දැක ‘‘කැතය කෝකාලික, ලැජ්ජයි කෝකාලික නුසුදුසු දෙයක් කළෙහි’’ කීහ. තමන්ගේම අඥානකම නිසා බොහෝ විපතට පත්වී යයි කීහ. කෝකාලික භික්ෂුවගේ ගුරු හිමියෝ අනාගාමී ඵලයට පත්ව සුද්ධාවාසයෙහි ඉපිද සිටියහ. සැරියුත් x මුගලන් වැනි උතුම් ගුණධර්ම සහිත අය හට දොස් නැගීමේ වරද තේරුම්කර දුන්නද ඒ ගුරු බසටද අවනත නැතිව ඒ අපරාධයෙන්ම කලූරිය කොට පදුම නමැති නරකයෙහි උපත ලැබුවේය.


සැවැත්නුවර එක්තරා හරක් මරන්නෙක් සිටියේය. හේ නමින් නන්ද නම් විය. ඔහුගේ ජීවිකාව වූයේ හරක් මරා මස් පිණිස විකුණා ජීවත්වීමය. ඒ නිසාම ඔහු නන්ද ගෝඝාතකයා යනුවෙන් ප‍්‍රසිද්ධ විය. ඔහුද හරක් මස් කෑමෙහි ලොල් වූවෙකි.


එක දවසක් නන්ද හරක් මස් නොලැබ ජීවමාන ගොනකුගේ දිවකපා ගින්නෙහි ලා පුලූස්සා බත් සමග කන්නට පටන් ගත්තේය. ඔහු කළ මේ ක‍්‍රියාව දුටු දුටුවන්ගේ අප‍්‍රසාදයටද ඇසු ඇසුවන්ගේ ගැරහුමටද ලක්විය. කපා පුලූස්සා ගත් හරක් දිව සමග බත් කමින් සිටි නන්ද ගෝඝාතකගේ දිව මුලින් ගැලවී කමින් සිටි බත් ගොඩෙහි වැටිණි. ඒ කල්හි නන්ද මහ හඬින් හඬා දුක්විඳ මරණයට පත් විය. නිරයෙහි උපත ලැබීය. 


එක්තරා පුද්ගලයෙක් සිටියේය. හේ නූගත්ය. උත්පත්තිය ලැබුවේද නූගත් මිනිසුන් සහිත ප‍්‍රදේශයකය. ජීවනෝපාය හැටියට ඔහු විසින් කරනු ලැබුවේ කුරුල්ලන් ඇල්ලීමය. මොනර, කුකුළු ආදී පක්ෂීන් අල්ලන ඔහු එම සතුන් ඇතිකරන අයට බෙදාදෙයි. එයින් ජීවත්වෙයි. ඇතැම් පක්ෂීන් මරා මස් කන්නවුන්ට දෙයි. එයින් ජීවත් වෙයි. ඉතිරි පක්ෂීන් මරා තබන විට කුණුවී යයි. ඇතැම් විට පියාසර කිරීමට නොහැකි වන සේ කකුල් ඇට ආදිය සිඳ තබා විකුණයි. තමාද එම මස් අනුභව කරයි. මෙබදු බරපතළ අකුසල ධර්ම රැස්කරමින් සිටින මොහු දවසක් රහතන් වහන්සේ නමකට දන් පාත‍්‍රයක් පූජාකොට නිවන් සැප ලැබේවායි ප‍්‍රාර්ථනා කරනු ලැබීය.


පසු ආත්මයක බුදුන් දවස සැවැත්නුවර උත්පත්තිය ලැබීය. පෙර නමින් තිස්ස නම් විය. බුදුරදුන්ගෙන් බණ අසා හිත පහදවා ගත් හේ මහණ වීමට කැමැත්ත පළ කළේය. ඒ අනුව පැවිදි විය. උපසම්පදා විය. කල්යාමේදී උන්වහන්සේගේ සමෙහි බලවත් රෝගයක් හට ගත්තේය. ශරීරයේ අබ ඇට හා සමාන බිබිලි හටගෙන ක‍්‍රමයෙන් විශාල වී පැලී සැරව ගලන්නට විය. කොතරම් බෙහෙත් කළත් සුවයක් නොලැබිණි. පොරෝනා සිවුරු සැරවවලින් හා ලෙයින් වැකී ගියේය. වෙනත් භික්ෂූන් වහන්සේ නමක් පවා උවටැන් කිරීමට නොගියහ. කුණු වූ ගතක් ඇති නිසාම තිස්ස තෙරණුවෝ පසුව පූතිගත තිස්ස නමින් ප‍්‍රසිද්ධ විය. බුදුරජාණන් වහන්සේ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ රහත් වී පිරිනිවන් පෑ බව වදාළහ. රහත් වන්නට නිසි පින් ඇතත් ශරීරය කුණුවීමට හේතු වූයේ ඇයි දැයි භික්ෂූහු බුදුරදුන්ගෙන් විචාළහ. එවිට බුදුරජාණන් වහන්සේ පූතිගත්ත තිස්ස තෙරුන්ගේ අතීත පාපකර්ම පැහැදිලිකොට වදාළහ. නිවන් සැප ලැබේවායි ප‍්‍රාර්ථනා කළ නිසා එය සිදුවිය. එකල පක්ෂීන්ගේ ඇට බිඳලූ හෙයින් ශරීරය කුණු විය. ශරීරයේ අස්ථීන්ද බිඳිණ. අකුසල කර්මය බරපතළයි. එය කරන විට එහි බරපතළකම වැටහෙන්නේ නැති තරම්ය. නමුත් එහි විපාකය ආපසු පැමිණෙයි. මිනිස් සිතුවිල්ල විසින් සිතනු ලබන දෙය හෝ කය හෝ වචනයෙන් කරන මිනිසා පෙරළා ලබන්නේද එසේ සමාජයට දුක්දෙන්නටයි. යමක් දීම යනු දීමක් නොව තමාම ලැබීමක්ය යනුවෙන් බුදු සමයේ හි දක්වන්නේ එකී කර්ම නියමයයි.

m



අදහස් (13)

ගුණවතුන්ගේ අගුණ ප‍්‍රචාරය කොට අපාදුක් විඳි කෝකාලික තෙරණුවෝ

අසෝකා Monday, 02 November 2015 07:38 PM

කල්පනාවෙන්,විමසිලිමත්ව හොඳින් කියවා බලන්න. ජීවිතයට අවශ්‍ය බොහෝ දේ එහි සැඟවී සිට අපට කියාදෙන හැටි කදිමයි (නි)

:       0       1

ඉලංගරත්න Wednesday, 18 November 2015 04:27 AM

වටිනා ලිපියක් (නි)

:       0       1

චන්දි Tuesday, 24 November 2015 04:47 AM

පුහුදුන් මිනිසාට මෙය අගනා දහම් ‍දේශනාවකි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය මේ අත් භවයේදීම ලැබේවා! සාධු! සාධු! සාධු! (ම)

:       0       6

වරැණ Thursday, 29 October 2015 09:06 AM

සාදු සාදු සාදු සියලු දෙනා ධර්මයෙන් සැනසෙත්වා !!!!!(රේ)

:       0       1

සුජාතා Monday, 09 November 2015 03:28 PM

ඉතාම වටිනා, කාලයට ඔබින දහමකි (නි)

:       0       1

රෝහණ Monday, 09 November 2015 09:19 AM

අපේ රටෙත් ඒ වගේ යන දී...ශ් , වි....ල් සහ ග.............ල වගේ අය නේද? (බ)

:       0       1

උදිත සංජීව Thursday, 29 October 2015 11:08 AM

ඉතාම ගැබුරු දහමක් කියාදෙන දේශනාවක්. පිං සිදු වේවා ! (ර)

:       0       1

ටානි Thursday, 07 January 2016 09:36 PM

ආදර්ශවත් කතාවක් (නි)

:       0       1

ලක්ෂ්මන් Wednesday, 04 November 2015 09:33 PM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       1

ලියොන් ගුණවර්ධන Wednesday, 04 November 2015 09:33 PM

පින්වත් ස්වාමින් වහන්ස, අගනා නිදසුන් ඉදිරිපත් කරමින් අන්‍ය භක්තිකයන්ද කියවීමට යොමුවන පරිදි, අද සමාජයට ගැළපෙන මෙවැනි අගනා දේශනා මෙසේ පළකිරීම විශාල පුණ්‍යකර්මයකි (නි)

:       0       1

ලෝහිත Thursday, 19 November 2015 05:03 AM

ඇත්තටම ඉතා හොඳ ලිපියක්. ජීවිතේට ආදර්ශයක් ගන්න පුළුවන්.(ම)

:       0       1

මිහිදුසිරි Sunday, 03 December 2017 03:28 AM

වර්තමාන සමාජය තුළ සිටින බොහෝ දෙනාට ගැඹුරු ධර්ම කාරණා නොවැටහේ. එනමුත් ඔබ වහන්සේ ගැඹුරු දහමක් වුව ද සරලව විස්තර කරන බැවින් එය ශ්‍රාවකයාට මහත් ආශීර්වාදයක් වෙයි. තෙරුවන් සරණයි.

:       1       0

Piumi Tuesday, 16 January 2024 05:45 PM

බොහෝමයක් පිං...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 421 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 52 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 75 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 296 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 198 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 99 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 645 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 327 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 477 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site