(තරිඳු ජයවර්ධන)
සයිටම් ප්‍රධාන විධායක සමීර සේනාරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීම ගැන ලොකු කතා බහක් ඇති වෙද්දී ඒ ගැන සැකය යොමු වූයේ සයිටම් විරෝධී සටනේ සිටි පිරිස් දෙසටය. මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිව සිටි ආර්.සී හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන ආරම්භ විය.
වෙඩි තැබීමේ සිදු වූයේ 2017 පෙබරවාරි 06 වැනි දා රාත්‍රියේය. පසුදින දහවල් වෙද්දී රජයේ රස පරීක්ෂක පී ජී මඩවල මහතා ද ගොස් ස්ථානීය පරීක්ෂණ ආරම්භ කළේය. ඒ සමඟම සමීර සේනාරත්න මහතාට පොලිස් ආරක්ෂාවක් ලබා දීමට ද තීරණය විය.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු සේනාරත්න මහතාගේ වාහනයට වෙඩි තැබූ බව මුලින් කියැවිණි. චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ මීටර 800ක් 850ක් පමණ දුරක් ගිය පසු වෙඩි තැබීම සිදුවී තිබුණු අතර වාහනයේ ඉදිරිපස වීදුරුවලට වෙඩි වැදී තිබිණි. රියදුරු අසුන අසල පැති වීදුරුවද වෙඩි වැදීමෙන් ඉරිතලා ගොස් තිබූ ආකාරය දැක ගත හැකි විය.
සමිර සේනාරත්න මහතාට කාලයක සිට තර්ජන තිබූ බව ද ඒ මහතාගේ පාර්ශ්වයෙන් පොලිසිය කී අතර ඔහුට තර්ජනය කරමින් ලියුම් ලැබී ඇතැයි ද කියැවිණි.
පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය මවිතයට පත් කරන සිදුවීම් කිහිපයක් ද මේ අතර විය. එනම් සේනාරත්න මහතා සිටින රියදුරු අසුනට ඉදිරිපසින් වෙඩි වැදී තිබියදී ඔහු බේරුණේ කෙසේද යන්නයි. සමීර සේනාරත්න මහතාට අබමල් රේණුවකවත් හානියක් සිදුවී තිබුණේ නැත.
මෝටර් රථයේ රියදුරු අසුන අසළ දොරේ වීදුරුවද බොහෝ සෙයින් ඉරි තලා ගොස් තිබිණි. පරීක්ෂණ සඳහා එම දොර විවෘත කරද්දී වීදුරු කෑලි බිම පතිත විය. සේනාරත්න මහතා වාහනයේ සිටියදී වෙඩි තැබුවා නම් ඔහු වාහනයෙන් බහිද්දී එම වීදුරු කැබලි බිමට වැටී තිබිය යුතුය. පුදුමයකි. එසේ වී තිබුණේ නැත. මෙය පොලිසියට ලොකු ගැටළුවක් විය. මෙවැනි සැක සහිත කාරණා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත.
සයිටම් විරෝධීන්ගේ දෙසට විවිධ පුද්ගලයන් ඇඟිල්ල දිගු කරද්දී ඔවුන්ද වැඩේ අත්හැරියේ නැත. සයිටම් ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතා වෛද්‍යවරයකු නොවන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රසිද්ධියේ කීවේය.
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් එහි ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සහ ජාතික සංවිධායක අසංග වික්‍රමසිංහ මහතා ද සමීර සේනාරත්න මහතාට එරෙහිව පෙබරවාරි 22 වැනි දා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළේය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී සමීර සේනාරත්න මහතා ප්‍රසිද්ධියේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටින බැවින් ඒ ගැන පරීක්ෂණයක් කරන්නැයි ඔවුහු පොලිසියෙන් ඉල්ලා සිටියහ.
සමීර සේනාරත්න මහතාගේ දෙසට බොහෝ දෙනකු ඇඟිල්ල දිගු කරද්දී ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සයිටම් ආයතනයට ද සිදු විය. ඒ අනුව සයිටම් ප්‍රධාන විධායක නිළධාරී ධුරයෙන් සමීර සේනාරත්න මහතා ඉවත් කිරීමට සයිටම් ආයතනය පියවර ගත්තේය. එම ආයතනය ඒ බව පෙබරවාරි 28 වැනි දා ජනමාධ්‍යයට දැනුම් දුන්නේය.
පොලිස් පරීක්ෂණවලට සහයෝගය දැක්වීමක් ලෙස මෙම පියවර ගත් බව එම නිවේදනයේ සඳහන් විය.
කරුණු මෙසේ වෙද්දී පොලිස් විමර්ශනද දිගටම සිදුකරගෙන ගියේය. පුද්ගලයකු ගිනි අවියක් ද තබාගෙන සිටිනා බවට සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට තොරතුරක් ලැබෙන්නේ මේ අතරේය.
තොරතුර ඔසුසේ පොලිසිය හඹා ගියේය. මිලිමීටර නවය වර්ගයේ පිස්තෝලයක් හා උණ්ඩ දෙකක් මෙන්ම 3.8 රිවෝලයක් සහ උණ්ඩ තුනක් ද පොලිසිය ඔහු ළඟ තිබී සොයා ගත්තේය.
සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක සමීර සේනාරත්න මහතාට වෙඩි තැබුවේ මේ සැකකරු බව අනාවරණය කර ගැනීමට වැඩි කාලයක් ගියේ නැත. අහන්නටත් පෙර ඔහු වමාරන්නට විය.
මතු සම්බන්ධයි.
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගිනි අවිය සමඟ සැකකරු අල්ලයි