IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ගිනි කඳු පුපුරුවා විෂවායු පතුරා ලොව දෙවනත් කළ ජපන් හිමිනම

 cggj  

 

අසූව දශකය මැද භාගය, ආසියාතික දේශපාලනය තුළ පමණක් නොව, ලක්දිව දේශපාලන හතර මායිම තුළ ද විවිධ විෂමතා කේන්ද්‍රීයව සමාජීය හා ආගමික සුළි භ‍්‍රමණය වූ වකවානුවකි.


එවකට කොළොම්තොට තරු පහේ හෝටල එකක් හෝ දෙකක් පමණක් ඉදිවෙමින් තිබුණු අතර, හිටි අඩියේ එක් සතියක කොළඹ කොටුව සිසාරා ජපානයෙන් ම පැමිණි තරුණ, ප‍්‍රසන්න බාලිකාවන් සිය ගණනක් පෙනෙන්නට විය.  ඔවුන් අත විවිධ විසිතුරු තුටු පඬුරු ද විය.  ඒවා පමණක් නොව මුදල් නෝට්ටු පවා මාර්ගයේ යන එන ආගන්තුක මගීන් හට ඔවුන්ගෙන් ලැබිණි.  


ඉන් සතියකට පසු කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දැවැන්ත උත්සවයක් මුළු දෙවුනු අතර, ඒ සඳහා පැමිණියේ සොකෝ අසහාරා නමින් කටයුතු කළ පූජකයෙකි. ලංකාවේ ඉපැදි ජපානයේ පදිංචිව සිටි ඉතා ධනවත් දේශීය පූජක වහන්සේලාගේ ආශිර්වාදය ද, නැමියාව ද මේ අසහාරාගේ පැමිණීමට ලැබී තිබිණි.  


පැමිණීමේ හෝ උත්සවයේ ඒකායන පැහැදිලි කිරීමක් පෙනෙන්නට නොතිබුණු අතර, කටුනායක ගුවන් තොටුපළ සම්බන්ධයෙන් විවිධ මතභේද ද, කළහකාරී තීරණ සම්බන්ධයෙන් ද,  පැන නැගුණු උණුසුම් වාතාවරණයන් අවසානයේ තුන්සියකට අධික  ජපන් ජාතික තරුණියන්ගේ ආපසු යාම ද සම`ග ඒ සිද්ධිය එදා බො`දවී ගියේය.  

 

989


තවත් මාස කිහිපයකට පසු දකුණේ බෙන්තර ග`ගින් එගොඩ ගාල්ලේ අ`ගුළුගහ ප‍්‍රදේශයේදී ‘‘ ඕම් සච්චා’’ නමින් එක්තරා ජපන් ආගමික නිකායක සංවිධාන කටයුතු ආරම්භ විය. දකුණේ යතිවරයෙකුගෙන් ලොකු මුදලකට අක්කර විශාල ප‍්‍රමාණයක් මේ ස`දහා මිලදී ගෙන තිබූ අතර, ථෙරවාදි භික්ෂුන් වහන්සේලාගේ දායකත්වයෙන් ‘‘ ඕම් සච්චා’’ ප‍්‍රචාරක කටයුතු ක‍්‍රමයෙන් ව්‍යාප්ත විය.


සොකෝ අසහාරා යනු මහායාන සම්ප‍්‍රදායෙන් ඉක්මවා ගිය, ලොව ගලවා ගැනීමට පහල වූ ආගමික නායකයකු බවත්,  ලෝ වැසියන්ගේ සියළු ක්්ලේෂයන් අහෝසි කිරීමේ බලය ඇත්තේ  ‘‘එතුමා හට’’  පමණක් බවත්,  මේ වන විට රුසියාව ද ඇතුළු ලෝකයේ ප‍්‍රධාන පෙළේ රටවල මතයක් තහවුරු වී තිබිණි.


කෙසේ වෙතත්, 1995 මාර්තු 20 වන දා ජපානයේ ටෝකියෝ නුවර උමං මාර්ග දුම්රියක මගීන් හය දහසකට මරු කැ`ද වූ ‘‘ විෂ වායු’’ අනතුරත් සම`ග, අභිරහස කරළියට පැමිණියේය. 

17_NIM_P2_Back
පාපයෙන් ගැල වී දුකින් නිදහස් වීම ස`දහා සියළු දෙනා එක් දිනයක දී මිය යායුතු  බවත්, ඒ සදඟා අවශ්‍ය ‘සරින්’ නමැති විෂ වායුව ලොව පුරා එකම අවස්ථාවක දී නිදහස් කළ යුතු බවත්, නිකායේ ගුරු අසහාරාගේ මතය වී තිබිණි. 


අත්හදා බැලීමක් වශයෙන් එදා උමං දුම්රිය මාර්ගය තුළ මෙම මෙහෙයුම සිදු වූ අතර,  යම් දිනයක එය ලොව පුරා නිකුත් කිරීමක් සිදු වුණි නම් ඇත්ත වශයෙන්ම ලොව ජනගහනයෙන් මිලියන ගණනක් ඝාතනය වීමට අවකාශ තිබිණි. ශ‍්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ‘සරින්’ විෂ වායුව සකස් කිරීමට එදා තෝරා ගෙන තිබුණේ ගාල්ලේ අ`ගුළුගහ පිහිටි ‘‘ ඕම් සච්චා’’ පරිශ‍්‍රය යැයි පැවසේ.  


යම් හෙයකින් එදා කෙසේ වෙතත් පසු කාලයක දී හෝ ලක් දෙරණ තුළ  ‘‘විෂ වායුව’’ නිකුත් වුණා නම් ලාංකීය මහජනයා වූ සියළු ඡන්දදායකයිනට ස්වකීය ආනන්තරිය පාපකර්මයෙන් බේරෙන්නට නොහැකි වනු ඇත.


‘‘පූජනීය සත්‍ය’’ යන සංස්කෘත භාෂාවේ අර්ථයකින් පැවසෙන ‘‘ ඕම්‘‘ යන වචනය හරහා ‘සත්‍යයේ ධර්මය’ නමින් එන තේරුමකට සමාන්තරව ‘ ඕම් ශ්රින්ක්යෝ’ නිකාය බිහිවිණි.


1984 දී, ජපානයේ ටෝකියෝහි ෂිබුයා ප‍්‍රදේශයේ පිහිටි තනි කාමරයකින් සමන්විත කුඩා කුලීි නිවාසයක දී මෙම සංවිධානය සොකෝ අසහාරා විසින් ආරම්භ කරන ලදී. ‘‘්මප  ියසබිැබ බද න්ස’’  නමින් හැඳින්වුණු ඔහුගේ යෝග හා භාවනා පංති ඉතා ඉක්මනින් ජනප‍්‍රිය විය.  


ආගමික ප‍්‍රචාරක කටයුතුවල ක‍්‍රමික සංවර්ධනය සම`ගම, (ප‍්‍රජාත‍්‍රන්තවාදී දේශපාලනය සම`ග පාදඩ පාතාලය එකතුවන්නා සේ), භාවනා හා යෝගි පංති සම`ග අපරාධ හා මාරක ක‍්‍රියා සම්බන්ධයෙන් අසහාරාට චෝදනා එල්ලවන්නට විය. ඒ නිසා ප‍්‍රජාත‍්‍රන්තවාදී දේශපාලනය තුළම  ‘‘මල් වට්ටි’’  එකතුවන්නා සේ අසහාරා ද සිය ආගමික මතවාදය ප‍්‍රචාරය කිරීමට කාටුන් කතා, විද්‍යා කතා මෙන්ම ප‍්‍රබන්ධ කතා ද පොත්පත් වශයෙන් මුද්‍රණය කිරීමට පටන් ගත්තේය.  ‘වජ්රයාන සච්චා’, ‘‘ප‍්‍රීතිය භුක්ති විඳින්නා’’ යන ජපන් ස`ගරා ජනප‍්‍රිය විය.  


මේ වකවානුවේදී ම අන්තර්ජාතිකව ජනප‍්‍රිය පිළිගත් විද්වත් විද්‍යා ග‍්‍රන්ථ කර්තෘවරයෙකු වූ ශ‍්‍රීමත් අයිසැක් ඇසිමොව් ,ත්‍දමබා්එසදබ ඔරසකදටහ, නමැති සුවිශේෂි නව කතාව ප‍්‍රකාශයට පත් කළේය. එහි වෙසෙසින්ම ස`දහන් වුයේ අනාගතයේ දී සමාජයේ ඉහළ පංතිය, ආගමික මතවාදයන් වඩාත් විද්‍යාත්මක සැලැස්මකින් සංවිධාන ගත කර ගනු බවත්,  ඔවුන් (නිසි කල් උදාවන තුරු) නිහඬ, සංසුන් ප‍්‍රතිපත්තියකට නිද්‍රාගත වන බවත්ය.  අවසානයේ දී මානව ශිෂ්ටාචාරයේ උද්දීපනය වෙනුවෙන් ඔවුන් ක්ෂණිකව ක‍්‍රියාත්මක වන බවත්, සදාතනික විමුක්තිය වන්නේ එය බවත්, මේ උපකල්පනයන්ගෙන් අවධාරණය කර තිබිණි.  එතෙක් පවැති ආගමික පදනම ද,  එහි ගතානුගතික යල්පිනු සන්නිවේදනය ද පොදු මහජනතාවට ඒකාකාරී හා කල් ඉකුත් වූ තත්ත්වයක පැවතියෙන් ඇසිමොවුගේ මෙම උත්තේජකය අසහාරාට නව ශක්තියක් විය.  


නව ලොව නූතන ඉසිවරයා අසහාරා යැයි ඇතැම් ජපන් ධනවතුන් කල්පනා කළ අතර,  එක්තරා ජපන් සිටුවරයෙක් ඔහුට සියලූ සුඛ විහරණ සහිත මර්සිඩිස් බෙන්ස් රථයක් ද ත්‍යාග කළේය.  


‘‘ ඕම්’’ ගැලවීමේ සැලැස්ම මෙසේ දැන්වීම් අතිරේක හා සියළු වෙළෙ`ද ප‍්‍රචාරණ යන්ත‍්‍රයන් හරහා සිදු වූයේ දේශීය මහජන වෙළෙ`දපොළ තුළ බහුජාතික සමාගම් සිය නිෂ්පාදන හඳුන්වාදෙන ආකාරයෙන්මය.  


එමඟින් දේශීය වෙළෙ`දපොළෙහි තිබුණු ඉපැරණි වත්පිළිවෙත් හා ගුරු උපදේශ විකල්ප ප‍්‍රවණතාවයන්ට වශීකෘත වූවාක් මෙන්, එතුවක් ජපාන සමාජය තුළ තිබුණු, ප‍්‍රශස්ත මතවාද, අසහාරාගේ ක්ෂණික ආකර්ෂණිය මායාවී ලෝකයට ගිලන් විය.  


පාළි හා සුත‍්‍රවලින් යාවාත්කාලීන කරමින් නව තිරිහන් ධර්මයක් තෙම්පරාදු කළ  ඕම් ශ්රින්ක්යෝ නිකාය ඉපැරණි ගුරුහරුකම් අදට ගැලපෙන පන්නයෙන් නැවත එතීමෙන් ද, විවිධ ශාරීරික අසනීපවලට ද සැපදායක සුවයකුත්, ධනාත්මක චින්තනයකුත්  (Positive Thinking) තමන්ගේ නිදහසේ නමුත් අලසව පවතින විවේකය හරහා උදාකර ගත හැකි බවත් පැහැදිලි කෙරිණි. 


මේ අරුත් ගැන්වෙන නව විලාශය ජපානයේ උගත් පන්තිය තුළ ඉතා ශීඝ‍්‍රයෙන් පැලපදියම් වූ අතර, ඉතා ඉක්මනින් ‘‘ ඕම් ශ්රින්ක්යෝ’’ නිකාය, සමාජයේ උගත්-බුුද්ධිමත්-වැදගත් සාමාජයීය දහමක් ලෙස භෞතීස්ම විය.


තවත් වසරක් පමණ ගතවී යාමේදී ධර්ම ප‍්‍රචාරක නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය අසාමාන්‍ය ලෙස වේගවත් වූවා මෙන්ම පැහැදිලිවම  විකෘති විය.  
පෙර ආත්මය ප‍්‍රකාශ කිරීම ස`දහා ඇතැම් විට භක්තිවන්තයිනට LSD වැනි මත්ද්‍රව්‍ය එන්නත් කළ අතර, ඉතා වේදනාකාරී යෝග ව්‍යායාම අනිවාර්ය කෙරිණි. ඇතැම් විට අනුගාමිකයා කකුලෙන් එල්ලා සිරුරට විදුලි සැර කැවීම (Shock Therapy) පවා සිදු කෙරිණ. 


අසහාරා ලංකාවට එන වකවානුව වන විට, ඔහුගේ මානසිකත්වය පාතාල ක‍්‍රියාකාරයෙකුගේ සුහුඹුල් තත්ත්වයෙන් පැවතිනි යැයි සිතිය හැක්කේ, බොහෝ අවස්ථාවලදී ඔහු ධනපතින්ගෙන් කප්පන් ගන්නටත්, නිකාය ම`ග හැර යන්නන් ඝාතනය කිරීමටත් පෙළඹුණු හේතුන්ගෙනි.  


මේ සියළු ප‍්‍ර‍්‍රචණ්ඩ ක‍්‍රියා හා පාතාල සුවිශේෂතා ලක්දිව දේශපාලනයේ උසස් දේශපාලන ගතිගුණ විදාහාපාන්නා සේම, 1990 වන විට ඒ අනුසාරයෙන්ම අසහාරාට දේශපාලනයට එන්නට ද සිතිණි. ඒ අනුව ඔහු ඇතුලූ තවත් 24 දෙනෙකු එකතුව "Supreme Truth Party" නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත් අතර, 1991 පටන් රූපවාහිනිය හරහා තව තවත් සමීප වන්නට සමත් විය.


එතැනින් තවත් පියවරක් ඉදිරියට තැබූ අසහාරාගේ දේශපාලන මණ්ඩලයේ ඉදි කිරීම් කටයුතු පිළිබ`ද ඇමැතිවරයා වූ  Kiyohide Hayakawa "Principles of Citizens utopia" ග‍්‍රන්ථයෙන් ජපන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටත්, මහජන ආයතනවලටත් ‘යුද්ධ ප‍්‍රකාශ’ කළේය.  ඒ සම`ග අසහාරා ජපන් අධිරාජයා පදවියෙන් එලවා ජපානයේ මුදුන් තනතුර ආක‍්‍රමණය කරන්නට කුමන්ත‍්‍රණය කළේය.   ඕම් නිකායේ සැලකිය යුතු පිරිසක් රුසියාවේ සිටි වැඩිමනත් හේතුවට, නිතර-නිතර රුසියාවට ගිය හයකාවා ඉතාම රහසිගතව AK 74 මිලිටරි උපකරණ ද, MIL Mi 17  වැනි මිලිටරි හෙලිකොප්ටර් යාත‍්‍රා ද, න්‍යෂ්ටික බෝම්බයක් නිර්මාණය කිරීමට අවශ්‍ය මෙවලම් ද ලහි ලහියේ එකතු කරන්නට විය.

 
ෆූජි කන්ද පුපුරවා හැරීමට ද ඔහුගේ සැලැස්මක් තිබිණි.


ලෝක ප‍්‍රසිද්ධ ජේම්ස් බොන්ඞ් චරිතයේ නිර්මාපක ඉයන් ෆ්ලෙමින්ගේ "Goldfinger" නව කතාවේ එන  ‘සරින් විෂ වායුව’, එතිල්-මෙතිල්-ෆොස්ෆොනේට් නමැති රසායකින අම්ලයේ ව්‍යුත්පන්නයකි.  එය ගුවන් මඟින් විහිඳුවා අති විශාල ධනස්කන්දයක් හිමිකර ගැනීමට "Goldfinger" සිය සහායිකාව වූ  පුසි ගැලෝ සම`ග මෙහෙයුමක් කෙරිණි.  


මෙම නිමිත්තම පාදක කර ගත් අසහාරා (පසුකාලයේ VX වායුව නමින් හැඳින්වුණු) සරින් විෂ වායුව 1993 පටන් ක‍්‍රමක‍්‍රමයෙන් නිෂ්පාදනය කරමින් ලොව තැන් තැන්වල ගබඩා කළේය.  


පළමු වරට 1993 දී, බටහිර  ඕස්ටේ‍්‍රලියාවේදී බැටළුවන් 29 දෙනෙකුට විඳිමින් එය අත්හදා බැලූ අතර,  යළිත් 1994 දී හා 1995 දී ජපානයේදී තිදෙනෙකු මරුමුවට පත් කරමින් නිෂ්පාදනය තහවුරු කර ගත්තේය.  


වායුව නිකුත් කිරීම තවත් පියවරකට හරවා ගත් අසහාරා 1994 දෙසැම්බර් 12 දින,  ඕසාකා නගරයේදී එය මහමග යන මගියෙකුගේ බෙල්ලට ඉසීමෙන් ඔහු යාර සීයක් යාමට මත්තෙන් සිහිසුන්ව ඇද වැටී, Coma නමැති දීර්ඝ නිද්‍රාවෙන් මරු වැළද ගත්තේය. තුවක්කු මඟින් විදීමත්, අතර මගදී විසිරවීමත් තරමක අසහනකාරි වැඩක් නිසා, ඊටත් වඩා ඉක්මන් ලෙහෙසි ක‍්‍රමයක් අත්‍යවශ්‍ය විය.  


දෙවනුව, ප‍්‍රථම රසායනික ද්‍රව්‍යයන් මෙතිල් ෆොස්ෆොනික්  අම්ලය හා  මෙතිලිතෝ (diisopropil-2-) රසායනිකයට ආදේශ විය.  එම ද්‍රාවණයන් සාමාන්‍ය ජලය මෙන් බෑග්වල හැසිරිය හැකි වූ අතර, කුඩා අල්පෙනෙත්තක හෝ තියුණු තුඩකින් සිදුරු කිරීමෙන් අවකාශයට හෙමින් හෙමින් කාන්දුවන්නට සැලැස්වීම පහසු බව පෙණිනි.  


තෝක්යෝ උමං දුම්රියේ ආසන යට මෙම විෂ වායුව ජලීය තත්ත්වයෙන් ෂොපින් බෑග්වල බහා, පසුව වැහි කුඩයක අමුණාගත් කුඩා ඇල්පෙනෙත්තකින් සිදුරු කිරීමෙන් වායුව අවට වාතයට මුසු කිරීම සාර්ථක විය.  


උමං දුම්රියේ පමණක් නොව, මත්සුමොතෝ, නගානෝ නගරවල පවා මෙම ‘රසායනික ආයුධය’ ක‍්‍රියාත්මක වූ අතර වායුවේ සීනි ඇටයක් තරම් සුළු ප‍්‍රමාණයක් වුව ස්පර්ෂ වීමෙන් තත්පර 10ක් ඇතුළත කෙනෙකු මරණයට පත් කිරීමේ හැකියාවක් පැවතිණි.


1994 ජුනි 27 දින විෂ වායුව පුරවාගත් ශිතාගාර ට‍්‍රක් රථයක් මඟින්  මත්සුමොතෝ නගරයේ මැද අහසේ විෂ වළාකුලක් බිහි කරමින් ප‍්‍රථම වතාවට 500ට වැඩි පිරිසක් මරුමුුවට පත් කිරීමට නිකාය වගබලා ගත්තේය. 


ලෝක විනාශයේ මැවුම්කරුවා පොලිස් ඇසට හසු වීමෙන් පසු, අසහාරා ද ඔහුගේ නිකායේ තිත්පොළවල් ද වැටලූ ආරක්ෂක අංශ  ෆූජී ගිනි කන්ද පාමුල පිහිටි  ඕම් නිකායේ ගබඩාවක තිබි ජෛව-ආයුධ වන (Biological Weapons) ANTHRAX හා Ebola වෛරසය තවන් ගත කළ නියැදි සමුහයක් ද සොයා ගත හැකි විය.  


මේ අනුසාරයෙන් එතැන සරින් වායුව නිෂ්පාදනය වෙනි නම්, ලක්ෂ 40 ක ජනතාවක් එසැණින් ඝාතනය කිරීමේ හැකියාවක් තිබිණැයි වාර්තා විණි. මෙහෙයුම අවසානයේදී LSD නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට උපයෝගි වන ඖෂධ විශාල ප‍්‍රමාණයක් ද, ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් බහාලූ සේප්පුවක් ද, රත්තරන් හා විවිධ රටවල මුදල් වර්ග ද, අන්තර්ග‍්‍රහණයේ තබාගත් සිරකරුවන් විශාල පිරිසක් ද පොලිස් භාරයට පත් විය. 


පොලිසියේ මැදිහත් වීම කොතරම් රාජතාන්ත‍්‍රික වුවද, අසහාරාගේ ශක්තිය ද ඊට නොදෙවිනිව තිබිණි.  


මෙහෙයුම ක‍්‍රියාත්මක කළ ජාතික පොලිස් ඒජන්සියේ ප‍්‍රධානියාට පිට පිට ඔළුවටම වෙඩි හතරක් වැදී මූලස්ථානය ඉදිරිපිටදීම මැරී වැටිණි! 
එම කණ්ඩායමේම සිටි විද්‍යාත්මක කටයුතුවලට සම්බන්ධ තවත් පොලිස් ප‍්‍රධානියෙකු වාර්තාකරුවන් සියදෙනෙකු ඉදිරියේදීම පිහියෙන් ඇන මරා දැමිණි.
ඒ සියලූ ගනුදෙනුවලින් අනතුරුව, නැවත වරක් කාර්ය බහුල ශින්ජුකු දුම්රිය ස්ථානයේ මුල්ලක හයිඩ‍්‍රජන් සයනයිඞ් අඩංගු බෝම්බයක් ස්ථානගත කෙරිණි. එය කලින් නිෂ්ක‍්‍රීය කිරීම නිසා තවත් 10,000කගේ ජීවිත මරු කටින් ගැලවිණි.


පසු දින ටෝකියෝ නගරාධිපතිගේ නමට ගිය පාර්සලයක් පිපිරීමෙන් ඔහුගේ ඇ`ගිලි සියල්ල විනාශ විය.


ජනතාවගේ යහපාලනයට එරෙහිව යාම නිෂ්ඵල බව තේරුම් ගත් පසු අසහාරා කමිකුයිෂිකිහි පිහිටි මූලස්ථාන පරිශ‍්‍රයක රැකවල් ගත්තේය.


එහෙත් මාර්තු 16 දා අත්අඩංගුවට පත්වීමෙන් සිදුවීම් 23ට වැරදිකරු කරමින් ද, 16ක් ඝාතනවලට වගකිවයුතු බව අවධාරණය කරමින් ද සිර භාරයට ගනු ලැබිණි. ජපන් මාධ්‍ය එය හඳුන්වා තිබුණේ සියවසේ පරීක්ෂණය The trial of the century වශයෙනි. නීතියේ ග‍්‍රහණයට හිරවීමෙන් පසු ඔහු  ඕම් ශ්රින්ක්යෝහි නායකත්වයෙන් ස්වෙච්ඡුාවෙන් ඉවත් වූ අතර, සියලූ පරීක්ෂණවලදී ( ඕනෑම පුද්ගලයෙකුට ඇති පොදු හිමිකමක් වන* මුනිවත රැකීම අනුගමනය කළේ ය.පාලක පන්තිය හා මධ්‍යස්ථ ජනතාව  ඕම් ශ්රින්ක්යෝ හා අසහාරාට විරුද්ධ වුවද, ඔහුගේ අනුගාමිකයින් එසේ නොවූහ. 


අසහාරාව නීතියේ රැුහැනින් හා බන්ධනාගාර තත්ත්වයෙන් නිදහස් කර ගැනීමට ගුවන්යානා පැහැර ගැනීම්, කප්පම් ගැනීම් පවා කළහ.


1995 ඔක්තෝබර් 10 වැනිදා  ඕම් සංවිධානයට තිබුණු ”ආගමික සංවිධානයකට හිමි නීතිමය පිළිගැනීම” අහෝසි කෙරිණි.


1996 දී එය වස්තුභංගත්වයට පත් ආයතනයක් ලෙස ද නම් කෙරිණි.


තත්ත්වය එසේ වුවද, ආගම් ඇදහීම් නිදහස යටතේ ජපානයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ශෝකෝ අසහාරා ද, ඔහුගේ  ඕම් සංවිධානය ද අඛණ්ඩව ක‍්‍රියාත්මක වේ. Aleph එහි වර්තමාන ස්වරූපයයි. පරිගණක ලෝකයේ දැවැන්තයින් හා ජාත්‍යත්තර සමාජයේ බලවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් සංවිධානය ඉතා සූක්ෂමව ආරක්ෂා වෙමින් ඉදිරියට යයි.


(1952 ඉදිරිපත් වු කළහකාරි ක‍්‍රියා මැඩපැවැත්වීමේ නීතිය යටතේ එය අහෝසි කිරීමට ගත් බලවත් පරිශ‍්‍රමය ද 1997 ඉදිරිපත් වුණු මහජන ආරක්ෂාව පිළිබද කොමිසම ඉදිරියේ පරාජය විය!


 ඕම් සංවිධානයට එරෙහිව ජපන් ජාතික සභාවේ  Koki ishii මන්තී‍්‍රවරයා ඉදිරියට ආව ද, ඔහු 2002 දී ඝාතනය විණි.


අසහාරාගේ කටයුතු සම්බන්ධයෙන් එතරම් බරපතළ පැමිණිලි නැති FUMIHIRO JOYU 1999 පටන්   ඕම් සංවිධානයේ ප‍්‍රසිද්ධ ප‍්‍රධානියායි.


ජපානයේ නීතියේ ආධිපත්‍යය ඉදිරියේ ශෝකෝ අසහාරා ඇතුළු 13 දෙනෙකුට ඇති මරණ දඬුවම තවමත් ඉවත් කෙරී නැත.  


මෙම වාතාවරණය  ඕම් සංවිධානයට එතරම් සහනයක්් ගෙන නොදෙන නිසා, කලක් තිස්සේ බෙදීමකට තිබුණු උපාය ක‍්‍රියාත්මක වීමෙන් JOYU ”පුර්ණාවලෝකය” (Circle of light) නමින් හෙවත් 'Hikari no wa'.  නමින් නව ඉවුරක් හරහා සිය දර්ශනය පුළුල්ව ද, යාවත්කාලිනව ද සංවර්ධනය කර තිබේ.


ඒ අනුව නූතන නවීන විද්‍යාත්මක චින්තනවල කාලීන අවශ්‍යතාවයකට අනුගතව යමින් ”විද්‍යාව හා ආගම” සවිඥානිකව හැදෑරීමෙන් ”මිනිස් මනසේ නවීන විද්‍යාව” (The New Science of the Human mind) ලෙසට  ඕම් නිකායික මතවාදයට නව මුහුණුවරක් මේ වන විට ලැබී තිබේ.


ජපන් ආරක්ෂක අංශවල පරීක්ෂණවලින් පැවසෙන්නේ ශෝකෝ අසහාරාට තවමත් ඔහුගේ අනුගාමිකයින් පක්ෂපාත හා අනුගාමිකත්වය දරන බවයි. නව සංවිධානයේ අන්තර්ජාල මෙහෙයුම් හරහා ඔවුන් අඛණ්ඩව සිය සාමාජයීය ශක්තිය වර්ධනය කරමින් පසු වෙයි.


ජපානයේ මහජන ආරක්ෂාව පිළිබඳ කොමිසම මගින්  ඕම් සංවිධානයේ නව ගමනට 2015.02.01 පටන් තවමත් වසර තුනකට සිය මෙහෙයුම් පවත්වා ගැනීමට නිත්‍යනුකූල නිදහස ද ලබා දී තිබේ.


මේ සක්වළ මේ භූවනත‍්‍රයේ සැරිසරා, පෘථිවියේ උපන් (පව්කාර) කමට, මිනිසෙක් හෝ සතෙක් වී කොයි කොයි දේශ දීපංකරයක කරක් ගසා මොන ඇඳුමින් සිටියත්, සාපේක්ෂක වශයෙන්  කොයි කා අතරත් මානසික භංගත්වය, අස්ථාවරත්වය පවතී.


ඒ නිසාම ඇතුළු වූ තවත් ඇතැම් අය උපන් ඇඳුමින්ම වුවත් දැන් මම රහත් වී ඇති බව පවසති. සමහරු ලෝකයේ ලොකුම දේ කරන්නට කෙළ හලති. තවත් සමහරු දිවි ඇතිතෙක් රජකම් කිරීමට වලි කති.


ඒ සියලූ මානසික ලෙඩුන් ඉදිරියේ ලෝකයේ අවසානය හොඳින් බැරිනම් නරකින් හරි කරම්හ’යි ශෝකෝ අසහාරා සිතුවේද , හැඳුනුවේ ද ඒ සාපේක්ෂක මානසික තත්ත්වය නිසාවෙනි. පිස්සා ජීවිතය නමැති කැඩපත ඉදිරිපිටට ගිය විට තවත් පිස්සකු දකී. 


කැඩපත ඉදිරියට නොයන නිර්වාණගාමී අදහස පිස්සා නොදනී


සියලූ පිස්සෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!

"We are shaped by our thoughts; W e become what we think"- Lord Buddha.

m



අදහස් (0)

ගිනි කඳු පුපුරුවා විෂවායු පතුරා ලොව දෙවනත් කළ ජපන් හිමිනම

සොපි Wednesday, 28 October 2015 03:46 AM

හේරත්ගේ භාෂාව හැසිරවීමේ දක්ෂතාවය නිසා මේ ලිපිය වඩාත් රසවත් වගේම අර්ථවත් ..(ම)

:       0       0

යොහාන් Tuesday, 27 October 2015 12:14 PM

පුදුම හිතෙන ලිපියක් (නි)

:       0       0

ඉරේෂ් Tuesday, 27 October 2015 12:27 PM

හරිම ආශාවෙන් කියවූ ලිපියක් (නි)

:       0       0

සෑම් Saturday, 24 October 2015 06:59 AM

ලංකාවේ මැර වැඩ වලට ප්‍රසිද්ධ දේශපාලුවෙකුත් මේ අසහාරා එක්ක සමීප සම්බන්ධතා පැවැත්වුවා. එයාට කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ සැරෙත් යාන්තම් පාර්ලිමේන්තු යන්න පුළුවන් උනා (රේ)

:       0       0

ගිහාන් Tuesday, 27 October 2015 12:42 PM

අපි ගැළවුණ එක ගැන ඇත්තටම සතුටුයි (නි)

:       0       0

නිලාන් Sunday, 13 December 2015 11:47 AM

මටත් හොඳට මතකයි. මෙයා තවමත් ජපානේ හිරේ ඉන්නවා. මරණ දඬුවම නියමවෙලා හිටියට තවම ජීවත්වෙනවා. (නි)

:       0       0

ලුම්බිණි Friday, 23 October 2015 03:08 AM

මෙයාට මොකටද හිමි නමක් කියන්නේ.(ම)

:       0       0

ශාලිත ප්‍රසාද් Thursday, 22 October 2015 11:43 AM

මොන මගුලක්ද (බ)

:       0       0

සමුර Thursday, 22 October 2015 11:54 AM

අසහරා යනු ජපාන යකුසා සංවිධානයේ ප්‍රධානියාගේ හොඳම මිතුර බව කියවේ (ම)

:       0       0

මාලා Thursday, 22 October 2015 12:22 PM

මෙම ලිපියේ අඩංගු සියලුදේ සත්‍යයි .මොකද මම එහෙම කියන්නේ ඔය කාලයේ සියලු සිද්ධි මම හැබැහින්ම අත්දුටු කෙනෙක් .ඉතාමත් දරුණු යුගයක් වුනා ඒ කාලේ .ජනතාව ඉතාමත් දරුණු ලෙස මරා දැම්ම .ජපානයේ තිබෙන නීතිය බොහොම සැහැල්ලු එකක් .එ්ක දඩමීමා කරගෙන නොයෙකුත් දරුණු අපරාද සිද්ධ වෙනවා .මානව හිමිකම් මුවාවෙන් මේවට නීතිය ක්‍රියාත්මක වෙනවා හරි අඩුයි.ජපානය ආර්ථික වශයෙන් ඉතාමත් දියුණුයි මේවත් අනිත් පැත්තෙන් ඉතාමත් දියුණුයි .ලංකාව ඒ අතින් වාසනාවන් (බ)

:       0       0

මනෝජ් අල්විස් Thursday, 22 October 2015 03:12 PM

නියමයි අපි දුටු අත්දැකීම් (රේ)

:       0       0

විජේසුන්දර Wednesday, 28 October 2015 01:05 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ලියොන් ගුනවර්දන Thursday, 22 October 2015 04:27 PM

මෙම දරුණු ව්‍යසනයෙන් ලංකාවේ ජනය බේරීම කොතරම් වසනවක්ද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3306 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 375 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1019 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 179 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site