IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


චන්දිමාල්, රන්ජන්ට ගෙයක් දුන්නේ ඇයි ?

 

  • රන්ජන්ට දුන්නේ කාලයක් හිරුණිකා සිටි නිවසයි   
  • මම මුලින්ම වැඩ කළේ සිරසේ මේක්අප් ආටිස්ට් කෙනෙක් හැටියට 

 

මේ නම පහුගිය කාලය පුරා ආන්දෝලනාත්මක පුවත් සමග කියැවිණි. පහුගිය කාලයේදී විවාහක රූ රැජින කිරුළ ගැලවීම, උපන් දින සාදයක් පැවැත්වූවා යැයි කියමින් නිරෝධායනයට ලක්වීමට සිදුවීම ආදී කාරණා නිසා චන්දිමාල් බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පියෙක්, මෝස්තර නිර්මාණ ශිල්පියෙක් ලෙස මෙරට මෙන්ම විදෙස් රටවල ද ප්‍රචලිත වී සිටින චන්දිමාල් පිළිබඳව නැවතත් ආන්දෝලනාත්මක කතාබහක් ඇති වී තිබේ.   


කලාකරුවන් සමඟ ඉතා සමීපව කටයුතු කරන චන්දිමාල් පිළිබඳව මෙවර කතාබහ ඇති වී තිබෙන්නේ දැනට සිරගත වී සිටින මෙරට ජනප්‍රිය රංගන ශිල්පියකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන රන්ජන් රාමනායක මහතාට නිවසක් ලබාදීම හේතුවෙනි. චන්දිමාල්ගේ නිවසක් රන්ජන්ට ලබාදුන්නේ ඇයි? ඔහු මේ විදිහට ආන්දෝලනාත්මක පුවත්වලට ලක්වන්නේ ඇයි? මේ දේවල් කරන්නේ දේශපාලනයට එන්න ද? මේ කාරණා පිළිබඳව චන්දිමාල් ජයසිංහ සමඟ අපි කතාබහක නියැලුණෙමු. මේ එම කතාබහේ සටහනයි.   


● චන්දිමාල් ඔබ මේ දවස්වල මොනවා ද කරන්නේ?  


“ආපහු මගේ සුපුරුදු වැඩ පටන් අරගෙන තිබෙනවා. පහුගිය කාලයේ වෙඩින් සියලු දේ නැවතිලා තිබුණේ. අාපහු ටික ටික පටන් අරගෙන තිබෙනවා. ඉතින් මේ දවස්වල ඒ කටයුතුවල නිරත වෙලයි ඉන්නේ.”


● පහුගිය දවස්වල රන්ජන් රාමනායකට ඔබ නිවසක් ලබාදුන්නා කියලා දැනගන්න ලැබුණා. ඇත්තටම එහෙම අදහසක් ඔබට ඇති වුණේ කොහොම ද?  


“මුහුණුපොතේ (Facebook) ලිපි පළකරන සුදේශ් කරුණාතිලක ලියා තිබූ සටහනකින් තමයි මම මුලින්ම දැක්කේ. මම එයාගෙනුත් අහලා බැලුවා. එතැනදී ඇත්ත තත්ත්වය මට දැනගන්න පුළුවන් වුණා. එතැනදී මට ලොකු දුකක් ඇති වුණා. සිරගත වෙලා සිටිද්දී තමන් සිටි නිවසින් යන්න වුණාම ඇතිවෙන ප්‍රශ්නය අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. ඒක ඔළුවට ලොකු බරක්. ඉතින් එයාගෙනුත් අහලා මට කරන්න පුළුවන් දේ කිරීම තමයි වැදගත් වෙන්නේ කියලා සිතුණා. එතැනදී ඇඹුල්දෙණියේ තිබෙන මගේ නිවස ඔහුට දෙන්න තීරණය කළා.”


● ඔය නිවසේ මීට පෙර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරියත් හිටියා නේද?  


“ඔව්. ඇය අවුරුදු 2ක් හිටියා. එයා විවාහ වෙලා කෙළින්ම ආවේ ඒ නිවසටයි. එයා මගේ හොඳම යෙහෙළියක්. සමහරු මාත් එක්ක තරහා වෙලා අදටත් මට මඩ ප්‍රහාර එල්ල කරන්නේ ඇයට නිවස දුන්න හින්දයි. එතුමිය අවුරුදු 2ක් ඉඳලා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ තමයි එයින් අයින් වෙලා ගියේ. ඊට පස්සේ ලෝක රූ රැජින වෙලා ලංකාවට ආව කැරොලින් ජූරිට ඉන්න තැනක් නැතුව සිටිද්දී මේ නිවසේ අවුරුද්දක කාලයක් හිටියා. එයාට අලුත් දේවල් ලැබුණු නිසා තමයි එයින් ගියේ. බොහොම වාසනාවන්ත නිවසක් ඒක. මේ දවස්වල ඒ ගෙදර ඉන්නේ මගේ ඩ්‍රයිවර්ස්ලා. මම ඉන්නේ අම්මාත් එක්ක මහගෙදර. අනෙක් ගෙදර ඉන්නේ අක්කලා. මම සිතුවා මේ වෙලාවේ ඒක වහලා තිබෙනවාට වැඩිය ඔහුට දෙන එක වටිනවා කියලා. 

 
රන්ජන් කියන්නේ කලාකරුවන් එක්ක වගේම සාමාන්‍ය මිනිසුන් එක්කත් සුහදව සිටින අයෙක්. අපේ පාටිවලට ඇවිත් නටලා, කාලා, බීලා මිනිස්සු වෙනුවෙන් කතා කරලා ඔවුන්ට ගොඩාක් උදව් කරපු කෙනෙක් තමයි රන්ජන්. ඉතින් ඒ වගේ කෙනකුට මේ වෙලාවේ ශක්තියක් වෙන්න ඕනෑ කියන එකටයි නිවස දෙන්නේ. එහෙම නැතුව ලෝකෙට පේන්නවත්, වීරයෙක් වෙන්නවත් මට ඕනෑ වුණේ නෑ. පස්සේ ඒ බව මම රන්ජන්ගේ ළඟම අයට කිව්වා. ඒ අය අත්‍යවශ්‍ය බඩු ටිකක් ඒ ගෙදරට ගෙනැවිත් දමයි. රන්ජන්ට ජනාධිපති සමාවක් හෝ ලැබුණු දවසකට හෝ ඇවිල්ලා ඉන්න තැනක් නැහැනේ. එයා කොමිස් ගහපු, දේශපාලනයෙන් හම්බ කළ කෙනෙක් නොවෙයි කියලා අපි හැමෝම දන්නවා. මොකද කාලයක් තිස්සේ ඔහු ළඟින් ඇසුරු කළ කෙනෙක් විදිහට මම ඒ බව දන්නවා.”


● රන්ජන් එක්ක චන්දිමාල්ගේ බැඳීම කොයි තරම් කාලයක් තිස්සේ එන එකක් ද?  


“මම හිතන්නේ අවුරුදු 20ක් විතර. මම මුලින්ම සිරසේ මේක්අප් ආර්ටිස්ට් කෙනෙක් විදිහට වැඩ කළේ. එතැනදී සිරස ඩාන්සින් ස්ටාර් එක හරහා තමයි රන්ජන් අයියා හඳුනා ගන්නේ. එතකොට අද මට තිබෙන කිසිම දෙයක් තිබුණේ නෑ. හැබැයි මනුස්සයෙක් විදිහට අපත් එක්ක ළඟින් වැඩ කරලා උදව් කරපු කෙනෙක්. ඉතින් එදා තිබූ බැඳීම අද වනතුරුත් එලෙසම තිබෙනවා. මම ඔහු ආශ්‍රය කළේ හොඳ මනුෂ්‍යකම්, ගතිගුණ හින්දයි. ඒක සමහරු දේශපාලනය පැත්තට හරවා ගත්තා. හිරුණිකාට උදව් කළ වෙලේ හරවා ගත්තා වගේ සමහරු කියයි. වෘත්තීය කියන දේ, මනුෂ්‍යයකම කියන දේ හා දේශපාලනය කියන දේ තුනක්. ඕවා පටලගෙන තමයි සමහරු මට මඩ ගහන්නේ. සමහර නාළිකාත් මඩ ගහනවා. ගොඩාක් මේ තරම් මට පහර එල්ල කළේ හිරුණිකාට උදව් කළ හින්දයි. ඇය මම දන්නේ දේශපාලනයට එන්න පෙරයි. මොකද මිස් ශ්‍රී ලංකා බියුටි පැජන්ට් එකේදී මම ඇය හඳුනා ගත්තේ. ඒ වගේ වැරැදි මත තිබෙනවා සමාජයේ. නැත්නම් මට කිසිම හතුරෙක් නෑ. මේ වගේ දේවල් නිසා තමයි පහර වැදිලා තිබෙන්නේ.”


● ඔබ ගොඩාක් වෙලාවට තමන්ගේ හිත මිතුරන්ට උදව් කරන්න ගිහින් නේද අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන තිබෙන්නේ?  


“වෙන්න ඇති. ඒක මිනිස්සු බලන විදිහේ වැරැද්දක් ද මම කරන විදිහේ වැරැද්දක් ද දන්නේ නෑ. එහෙමයි කියලා මම හොඳ දේවල් නතර කරන්න යන්නේ නෑ. මම හරි නම් එච්චරයි. පහුගිය කාලේ උපන් දින සාදයක් පැවැත්වූවා කියලා ලොකු කතාබහක් ඇති කළානේ.”   


● ඒ ප්‍රශ්නය නිසා ඔබ ඇතුළු පිරිසට දින 14ක් නිරෝධායනය වෙන්නත් සිදු වුණා නේද? දැන් මොකක් ද එහි ඇති වෙලා තිබෙන තත්ත්වය?  


“ඇත්තටම සම්පූර්ණයෙන්ම මාධ්‍යයෙන් උපන් දින සාදයක් කළා මිසක් අපි එහෙම දෙයක් කළේ නෑ. කිසිම කෙනෙක් මේ වගේ වෙලාවක, විශේෂයෙන් 40-50ක් දවසකට කොරෝනා රෝගයෙන් මියගිහින් පිච්චෙන වෙලාවක අපට උපන් දින සාද ගන්න හිතෙන්නේවත් නෑ. උපන් දිනය දවසකට ගෙදරක හරි ඕනෑම තැනක හරි කේක් ගෙඩියක් කපන එක කරනවානේ. අපි එහෙමවත් කළේ නෑ. ඕනෑම කෙනෙක්ට ආපනශාලාවකට ඇවිත් කෑම ගන්න පුළුවන්කම තිබුණා. ෂැංග්‍රිලා එකෙත් මගේ යාළුවෝ කීප දෙනෙක් ආවේ ඩිනර් එක ගන්න විතරයි.   


එදා කොටුව පොලිස් ස්ථානාධිපතිතුමා මගේ කාමරයට ඇවිත් බලලා, මට සුබ පතලත් ගියා. ඒ වෙලේ පාටියක් දාලා තිබුණා නම් එතුමාට මාව ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න තිබුණා. ඔහුට ලැබුණු පැමිණිල්ලක් හින්දයි ඇවිත් බලලා ගියේ. පස්සේ කාගෙන් හරි බලපෑමක් මත හෝ කුමක් හෝ දෙයක් නිසා (මම කාටවත් ඇඟිල්ල දිගු කරන්නේ නෑ) මට දුරකතන ඇමතුමක් ආවා පොලිසියට ඇවිත් කටඋත්තරයක් දෙන්න කියලා. එදා මමයි අම්මයි පන්සලට ගිහින් හිටියේ. ඒ ගියාම තමයි අපි උසාවියට ඉදිරිපත් කළේ. එතැනදී ඇප ලබාදුන් නිසා මම ගෙදරත් ගියා. දවසක් දෙකක් ගියාම තමයි මේක ලොකුවට කතා කරන්න ගත්තේ.  


පස්සේ ෂැංග්‍රිලා එකේ කැමරාවලින් බලලා පැමිණි අය හොයාගෙන අපව බලහත්කාරයෙන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කළේ. ඒ වෙද්දීත් මම පී.සී.ආර්. පරීක්ෂණයක් කරලා නෙගටිව් විදිහට ප්‍රතිඵලත් ලබාගෙන තිබුණේ. එතැනදී බලහත්කාරයෙන් අපව බණ්ඩාරවෙලට ගෙන ගියේ. එයාලාට තිබෙන මානුෂීය අයිතිවාසිකම් තමයි අපටත් තිබෙන්නේ. අපි කොතැන හරි වැරැද්දක් කළා නම් නීතියෙන් එයට උත්තර දෙයි.”


● මේ කටයුතු මෙහෙම වෙද්දී ඔබට ආපහු හැරී බලනවිට මොකද හිතෙන්නේ?  


“මේ දිහා බලද්දී මම මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දීලා හිටියෙම නෑ. අත්වින්දාට පස්සේ ඒවා කොච්චර නරක ද හා අශෝභන ද කියන එක මට තේරුණා. සමහර මාධ්‍ය වුණත් මේ දේවල්වලදී හැසිරෙන විදිහ අශෝභනයි. පින්තූර රවුම් කරලා, සහරාන් බෝම්බ ප්‍රහාරය එල්ල කළ විදිහට මාවත් ඒ ගොඩට දාලා, මාගේ වාහනය පාරේ ඉරි කැපුවා කියලා ගෙදරට පොලිස් ජීප් තුනක් ඇවිත් මගේ රියැදුරු අරගෙන ගිහින්, මාධ්‍යවලට බයේ එ් අය කටයුතු කළේ කියලයි මට හිතෙන්නේ. ඒක මම දකින්නේ නෑ අර අපයෝජනය කළ දැරියගේ නාමලේඛනයේ සිටින අයට කෙරෙන බවක්. මේ අය ගැන මාධ්‍ය සංදර්ශන නෑ.”


● ඔබ මේ නිවස ලබාදුන් බව රන්ජන් දන්නවා ද?  


“ඔව්. එයාගේ මස්සිනා කියලා තිබුණා. රන්ජන් හොස්පිටල් එකේ ඉන්නේ. ඉතින් එයාලා බලන්න ගියාම එය කියලා තිබෙනවා. අපිටත් බලන්න අවස්ථාවක් හදලා දෙන්න කිව්වත් මේ කොරෝනා කාලය නිසා එහෙම යන්න බැරිකමක් තිබෙනවා. මායි පියුමියි ඉල්ලීමක් කරලා තිබෙනවා යම් දවසක ඔහු හමුවෙන්න. එතැනදී ඔහුට හයියක් වෙන්න අපි ඉන්න බව කියනවා. මොකද අද වෙද්දී ඔහු ගැන බොහෝ දෙනාට අමතක වෙලා තිබෙනවා. එයාත් කලකිරීමෙන් ඉන්න බව මට හිතෙනවා.” 

 
● ඔබ මොන දේ කළත් සමහරු ඔබට පහර ගහනවා නේද? ඔබ පුණ්‍යකර්ම රැසක් කළත් සමහරු සමාජයට පෙන්වන්න හදන්නේ වෙන චිත්‍රයක් නේද?  


“ඔව්. ඒක තමයි. මම හිතන්නේ ඒකට හේතුව මම තනියෙන් නැගිටපු කෙනෙක්. මම කිසි කෙනෙක්ට පෙරළා පහරදෙන කෙනෙක් නොවෙයි. මමත් වෙන කාගේ හරි යැපෙන්නෙක් නම්, දේශපාලකයකුගේ පුතෙක් නම් හා ව්‍යාපාරිකයකුගේ පුතෙක් වුණා නම් මේ ප්‍රශ්න එන එකක් නෑ. 2017 ඉඳලා මේ ප්‍රශ්න එනවා. ඉවරයක් නෑ. එන හැම විදිහකටම මම මුහුණ දෙනවා. මොකද මම කිසිම වැරැද්දක් කරන්නේ නැතුව මගේ මහන්සියෙන් මේ සල්ලි උපයාගන්නේ. මට කවුරු නැතත් මගේ අම්මා දන්නවා, උඩ ඉන්න දෙවිවරු දන්නවා කවුද කියලා. ඒ ආරක්ෂාව හා රැකවරණය මට හැමදාම තිබෙනවා. විශ්ව ශක්තිය කියලා දෙයක් තිබෙනවානේ.   
මෙතැනදී කිවයුතු දෙයක් තිබෙනවා. වත්මන් ජනාධිපතිතුමා බලයට ගේන්න කලාකාරයන් ගොඩාක් දෙනෙක් උදව් කළා. ඒත් රන්ජන්ව නිදහස් කරගන්න ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය ඇරෙන්න වෙන කිසිම කෙනෙක් වචනයකින්වත් කතා කරන්නේ නැති බවයි මට දැනගන්න ලැබුණේ. මේ වගේ කෙනෙක් නිදහස් කරගන්න ජනාධිපති සමාව ලබාදෙන්න කලාකරුවන්ට උදව් කරන්න පුළුවන්. ඔවුන්ට වගකීමක් තිබෙනවා.”   
● ඔබ දේශපාලනයට එන්න අදහසක් තිබෙනවා ද?


“එහෙම ආරාධනා තිබෙනවා. බලමු ඉතින්. එතැනට ආවොත් තවත් මීට වැඩිය ප්‍රශ්න ඇති කරයි. බලමු. තවම මගේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න වැඩ ටිකක් ඉතුරු වෙලා තිබෙනවා. මට කරගන්න දේවල් ටිකක් තිබෙනවා. දේශපාලනයට ආවොත් එන්නේ හම්බ කරන්න නොවෙයි. සුදුසු කාලය බලලා එන්න පුළුවන්.
ආරාධනා නම් දෙක තුනක් තිබෙනවා. ආශාවක් තිබෙනවා. සුදුසු කාලය බලලා එන්න පුළුවන්.”

 

 

කතාබහ කළේ  
සමන්ත යහම්පත්    



අදහස් (7)

චන්දිමාල්, රන්ජන්ට ගෙයක් දුන්නේ ඇයි ?

Bhashitha Sandaruwan Liyanage.- Binthanna Sunday, 25 July 2021 11:49 AM

මහත්මාණෙනි, තම සිතට එකඟව හරි යයි සිතන දේ ඉටුකරන්න. ඔබතුමාගේ මව ඉදිරියෙන් සිටියි. පසුපසින් සිටිනු ඇත. කාලාමාවරුන්ට බුදුසමිඳු දේශනා කළ දහම සිතට ගන්න. තෙරුවන් සරණයි...

:       0       119

Shantha Qatar Sunday, 25 July 2021 01:14 PM

ඔයා එන්න වනිතා කටයුතු අමාත්‍යාංශයට, පාර්ලිමේන්තුවේ ඔක්කොටම මේක් අප් දාන්න පුළුවන්...

:       105       77

ගමේ එකාලා Sunday, 25 July 2021 03:17 PM

රන්ජන් කියන්නේ මිනීමරුවෙක්වත්, හොරෙක්වත්, දූෂිත දේශපාලුවෙක්වත් නෙවෙයි. ඔහුට ගෙයක් දෙන්න ඔහු ගැන හොඳින් දන්නා අය නැතුවා නෙවෙයි...

:       25       157

BamunuarachchiTuesday, 27 July 2021 05:31 PM

එයාගේම කටහඬින් හඬපටේ කියැවෙන්නේ මොනවාද? කෙනෙක් රහස රැක ගන්නවා නම් ගෙදර වළං හෝදන්නම් කියන්නේ ඇයි? සිද්ද වුනේ නීතියෙන් අහිංසකයෙක් වෙන්න ගිය කෙනෙක් මිනීමරුවෙක් ලෙස තීන්දු වීම නොවේද? එහෙම නම් මෙතන අහිංසකයෙක් මිනීමරුවෙකු කිරීමේ ක්‍රීයාවලියක් සිද්ද වෙලා තිබෙනවා නේද?

:       1       63

ravi Monday, 26 July 2021 09:51 AM

රන්ජන් හිරේ ඉන්නේ වරදක් කරලා නෙමෙයි. වරද පෙන්නලා දෙන්න ගිහිල්ලා... මොකද එයා කිව්වේ අධිකරණයේ සමහර පුද්ගලයින් දූෂිතයි කියලා. එතකොට හරි නම් කරන්න ඕනේ ඒ ගැන පරීක්ෂණ පවත්වලා දුෂිතයින්ට දඬුවම් දෙන එකයි... අනේ මන්දා මේ ශ්‍රී ලංකාවනේ...!!!

:       130       129

BamunuarachchiWednesday, 28 July 2021 11:57 AM

මොන හඬපටේද එහෙම තිබෙන්නේ..?

:       0       0

Bamunuarachchi Tuesday, 27 July 2021 05:34 PM

ඔය අවුරුදු හතරකට ගෙයක් ලැබිලා තිබෙන්නේ...!!! 

:       2       25

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 759 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 371 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 126 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4271 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12681 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 687 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25226 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site