IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


චීනයේ සිට ලන්ඩනයට ගිය පළමු භාණ්ඩ ප්‍රවාහන දුම්රිය

14-Rasa-P3-BA

 

චීන ජනාධිපති  ෂි ජින්පිංගේ අනාගත දැක්ම වූ ‘එක කලාපයක්  - එක මාවතක්’ හෙවත් ‘නව සේද මාවතක්’ විවෘත කරමින් චීනයේ සිට ලන්ඩනය දක්වා  පළමු භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ගමන පසුගිය ජනවාරි පළමුවැනිදා ආරම්භ වූයේය. චීනයේ සුප්‍රකට  කර්මාන්ත හා තොග වෙළෙඳ පුරය වශයෙන් සැලකෙන නැගෙනහිර ෂේජියැන්ග් ප්‍රාන්තයේ යිව් නගරයෙන් ගමන් ආරම්භ කෙරුණු මෙම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය කසකස්තානය, රුසියාව, බෙලාරුස්, පෝලන්තය, ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම යන රටවල් ඔස්සේ සැතපුම් 7500 (කිලෝමීටර 12,000ක්) පමණ දුරක් ගමන් කොට ලන්ඩනයට ළඟා වීමට නියමිතය.


භාණ්ඩ ප්‍රවාහන මැදිරි 34කින් සමන්විත මෙම දුම්රිය මගින් පවුම් මිලියන 4කට අධික භාණ්ඩ ප්‍රමාණයක් ලන්ඩනය වෙත ප්‍රවාහනය කෙරේ. එය ගෘහ උපකරණ, රෙදිපිළි, නිමි ඇඳුම්, ගමන් මලු, අත්බෑග් වැනි ද්‍රව්‍ය රැගෙන නැගෙනහිර ලන්ඩනයේ බාකිං නගරය වෙත ළඟාවීමට නියමිත වන අතර ඒ සඳහා දින 18ක කාලයක් ගතවනු ඇත. 


සාමාන්‍යයෙන් කන්ටේනර් ප්‍රවාහන නෞකාවකට නැගෙනහිර ආසියාවේ සිට උතුරු යුරෝපය වෙත ළඟාවීම සඳහා දින 30ක පමණ කාලයක් ගතවේ. දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කන්ටේනර් ප්‍රවාහන නෞකාවකින් භාණ්ඩ ප්‍රවාහනය කරනවාට වඩා අවම කාලයකින් සිදු කළ හැකිය. එමෙන්ම පිරිවැයද අවමය. එය ගුවන් මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට වැය වන ගාස්තුවෙන් අඩකි.


ලන්ඩනය චීනයේ සිට දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන යුරෝපයේ පිහිටි 15 වැනි නගරය වේ. යුරෝපය, ආසියාව, අප්‍රිකාව හා මැදපෙරදිග රටවල් සමඟ වෙළෙඳ සබඳතා වර්ධනය කර ගැනීම චීන ජනාධිපති ෂි ජින්පිංගේ අරමුණය. 2013දී ‘එක කලාපයක්  - එක මාවතක්’ යන සංකල්පය ඔහු විසින් ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය. චීනය සමඟ නව වෙළෙඳ සබඳතා ඇතිකර ගනිමින් ලන්ඩනය චීනයේ ප්‍රධාන ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය බවට පත් කිරීමට හිටපු බි්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් සූදානම් වූ අවස්ථාවේ බොහෝ පිරිස් මවිතයට පත්වූහ. අවසානයේ චීන ජනාධිපතිවරයාගේ හා හිටපු බි්‍රතාන්‍ය අගමැතිවරයාගේ ප්‍රයත්නය මල්පල දරමින් චීනයේ සිට ලන්ඩනයට දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය මේ වසරේ සිට ආරම්භ විය. බි්‍රතාන්‍ය අගමැති තෙරේසා මේ, චීනය හා බි්‍රතාන්‍ය අතර ඇති කරගත් මෙම සබඳතාව ස්වර්ණමය අවස්ථාවක් යැයි ප්‍රකාශ කළාය.


නව දුම්රිය සේවය සතිපතා පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ. මින් ඉහත දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කෙරුණද එය සිදුවූයේ එක් රටක සිට තවත් රටකට දුම්රියෙන් රැගෙන එනු ලබන භාණ්ඩ එම රටේදී වෙනත් දුම්රියක පටවා නියමිත ස්ථානය වෙත රැගෙන යෑමය. 


ලොව දීර්ඝතම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවය චීනය හා ස්පාඤ්ඤයේ මැඩි්‍රඞ් නගරය අතර ක්‍රියාත්මකය. වසරකට පමණ ඉහත ආරම්භ වූ එම දුම්රිය සේවය මගින් චීන නිෂ්පාදන ස්පාඤ්ඤය කරා රැගෙන යනු ලබන අතර ස්පාඤ්ඤයේ සිට චීනයට ඔලිව් තෙල් ප්‍රවාහනය කරනු ලබයි. ඒ අයුරින් ලන්ඩනය වෙත පැමිණෙන දුම්රිය මගින් බි්‍රතාන්‍ය නිෂ්පාදන චීනයට ප්‍රවාහනය කිරීම ලන්ඩන් බලධාරීන්ගේ අරමුණ වී තිබේ.


ජනාධිපති ෂිගේ උපායමාර්ගික ක්‍රමවේදයට අනුව චීනය විදේශයන්හි මංමාවත් සහ දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 40ක පමණ මුදලක් වැය කිරීමට තීරණයකර තිබේ. විදේශයන් සමඟ වෙළෙඳ කටයුතුවලට මුලපිරීමෙන් ඉදිරි දශකය තුළ ඩොලර් ටි්‍රලියන 2.5ක ආදායමක් උපයා ගැනීම චීනයේ අරමුණ බැව් එවක චීන සුරැකුම්පත් නියාමන කොමිසමේ උප සභාපතිවරයා වූ යාඕ ගැන්ග් 2015 වසරේ පවසා තිබිණි. දුම්රිය සේවය ජනාධිපති ෂිගේ ප්‍රධානතම ප්‍රමුඛතාවන්ගෙන් එකකි. 2020 වන විට ජාතික දුම්රිය සේවය ඉහළම තලයට ගෙන ඒම සඳහා යුවාන් ටි්‍රලියන 3.5ක් (ඩොලර් බිලියන 503ක්) වෙන් කිරීම චීන රජයේ අරමුණ බවට පසුගිය සතියේ නිවේදනය කෙරිණි. එම ව්‍යාපෘතිය යටතේ චීනයේ සියලු ප්‍රධාන නගරවලින් 80%ක පමණ ප්‍රමාණයක් ආවරණය වන පරිදි කිලෝමීටර් 30,000 දුරකට විහිදෙන අධිවේගී දුම්රිය සේවයක් ආරම්භ කිරීමට නියමිතය. එය ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ සිට ලොස්ඇන්ජලීස් නගරය දක්වා ඇති දුර මෙන් සත් ගුණයකට ආසන්න දුරකි.


චීනය රාජ්‍යතාන්ත්‍රික මෙවලමක් ලෙසද දුම්රිය සේවය යොදාගනී. චීනයේ දුම්රිය එන්ජින් හා මැදිරි නිෂ්පාදකයන් අප්‍රිකාවේ, ලතින් ඇමෙරිකාවේ සහ ගිනිකොනදිග ආසියාවේ දුම්රිය ආශ්‍රිත ඇණවුම් ලබා ගැනීමට පියවර ගෙන තිබේ. එමෙන්ම ඔවුහු සංවර්ධිත රටවල් සමඟ ඉහළ පෙළේ ගිවිසුම්වලට එළඹීමටද සමත්වී සිටිති. 2017 පළමු කාර්තු තුන ඇතුළත 6.7% ආර්ථික වර්ධනයක් අත්පත්කර ගැනීම චීනයේ අරමුණය. චීන දුම්රිය සංස්ථාව යටතේ පවතින ලන්ඩනය දක්වා ගමන් ගන්නා චීන දුම්රිය “නැගෙනහිර සුළඟ බටහිර සුළඟ අභිබවා හමනු ඇත” යන මාඕ සේතුංගේ ප්‍රකට කියමන ඇසුරින් නම් කර තිබේ.

m



අදහස් (0)

චීනයේ සිට ලන්ඩනයට ගිය පළමු භාණ්ඩ ප්‍රවාහන දුම්රිය

ප්‍රදීප් ලියනගේ Saturday, 21 January 2017 05:12 PM

ඔන්න දුරදිග හිතලා වැඩකරන නායකයෝ.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 763 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site