IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඡන්දයක් ඕනමයි එතකොට බලමු

(සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)

ජ.වි.පෙට හැදුණු ජන රැල්ලට වුණේ කුමක්ද? විධායක ජනපති ක්‍රමය අහෝසියට කැමැතිද? මූල්‍ය අරමුදලේ කොන්දේසි, දූෂණ විරෝධී පනත, රට හදන වැඩ පිළිවෙළ කුමක් ද? යනාදි කරුණු  පිළිබඳව ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සමග කළ සාකච්ඡාව  මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය:- ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජනබලවේගයට හැදුණු රැල්ල එහෙමම ගහගෙන ගිහින්ද?

පිළිතුර:- එහෙම එකක් නැහැ.  යට යන්න හරි ගහගෙන යන්න හරි රැල්ලක් ඇත්තටම අපට නැහැ. අනෙක් පක්ෂවලට තිබෙනවා වගේ රැලි අපට හැදිලා නැහැ. රැල්ලක් තිබුණොත් තමයි යට යන්න ඕන. අපට තිබෙන්නේ විශ්වාසයක්. අපට තිබෙන ජනතා විශ්වාසය දිනෙන් දින වර්ධනය වෙනවා මිස යට යාමක් පේන්න නැහැ. අපට තිබෙන ජනතා විශ්වාසය යට ගිහින් තිබෙන්නේ කොයි පැත්තෙන් ද කියලා දැනගන්න කැමතියි.

ප්‍රශ්නය:-පසුගිය කාලයේ ආණ්ඩුව අනුගමනය කළ වැඩ පිළිවෙළ අනුව ඔය කියන ජනතා විශ්වාසය ආණ්ඩුව පැත්තට තල්ලු වෙලා නැතිද?

පිළිතුර:- ඒ කියන අකාරයට ජනතා විශ්වාසය ආණ්ඩුව පැත්තට තල්ලුවෙලා තිබෙනවා නම් හොඳම දේ තමයි මේ දක්වා නොපවත්වා තිබෙන ඡන්ද පවත්වන එක. එහෙම කළොත් ආණ්ඩුවටත් ජනතාවටත් තේරෙනවා. මාධ්‍ය වලටත් ඒ ඇත්ත පෙනේවි. මාධ්‍යවලටත් සමහර දේවල් හරියට පේන්නෙ නැහැ. ආණ්ඩුව කියන්නේ  රනිලුයි රාජපක්ෂලයිනේ. ඒ පැත්තට රැල්ල ගිහිල්ල නම් හොඳම පියවර ඡන්දයකට යාමයි. ඒකට හේතුව රැල්ල මනින්න තිබෙන හොඳම ක්‍රමය ඡන්දය නිසයි. නැතුව වොයිස් කට්වලින් ඒක මනින්න බැහැ.

ප්‍රශ්නය:- හැම ඡන්දයකටම පෙරදී ඔබලා ඔය වගේ කතා කියනවා. ඒත් ඡන්දය ගණින විට ජ.වි.පෙ. ඡන්ද පෙට්ටි හිස් බවට කතාවක් තිබෙනවා. මෙවරත් ඒ ඉරණමම අත්වෙයි ද?

පිළිතුර:- එහෙම කතාවක් තිබුණා. අදටත් තිබෙනවා. හැබැයි ඒක බලාගන්න වෙන්නෙත් ඡන්දයක් තියලම තමයි. දැනට නම් අපට පේන විධියට පළාත් පාලන ඡන්දය කල් දැම්මෙත්, නොපවත්වන්නෙත් ජ.වි.පෙ. හිස් වෙච්ච ඡන්ද පෙට්ටි පිරෙන නිසා කියලයි ජනතාව කියන්නේ. මීට කලින් ජ.වි.පෙ.ට, මාලිමාවට ඡන්දය නොදුන් අය මෙවර අපට ඡන්දය දෙන බව ඉතා පැහැදිලිව කියනවා. තමන් මෙච්චර කල් රැවටුණු බව ඔවුන් කියනවා. ඒත් මෙවර රවට්ටන්න බැරි බවත් තවත් රැවටෙන්නෙ නැති බවත් අති බහුතරයේ මතය වී අවසන්. අපටත් ඒක චෙක්කර ගන්න වුවමනායි. එහෙම කියලා ඡන්ද තියන්න අපට බැහැනේ. අපිත් බලාගෙන ඉන්නේ අපට තිබෙන රැල්ල හරි, විශ්වාසය හරි, හිස් ඡන්ද පෙට්ටි කියන එක හරි කොයි විධියට තිබෙනව ද කියලා මැන ගන්නයි. 

ප්‍රශ්නය:- කොහොම හරි මැතිවරණයක් ගන්නා බවට ඔබලා කිව්වා. ආණ්ඩුව ඒ සියල්ල පරාජය කළා නේද?

පිළිතුර:- හරි දේ මොකක්ද? අපි කොහොම හරි ඡන්දයක් ගන්න හදනවා. ආණ්ඩුව වෙට්ටුදාලා ඒක නැවැත්තුවා. ඒක හරිද?  ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණය මොකක්ද? අපි තාමත් ඒ අදහස අත්හැර නැහැ. ඡන්දයක් ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පවා උල්ලංඝනය කරමින් ඡන්ද කල්දැමීම වළක්වා ඡන්දයක් පවත්වන්න කියා අධිකරණ නියෝගයක් දෙන්න කියන ඉල්ලීම කර තිබෙන්නේ අපියි. අපි තාමත් මේ රටේ නීතියේ ආධිපත්‍ය විශ්වාස කරනවා. ඡන්ද වෙනුවෙන් උද්ඝෝෂණය කළා. ජනතාව දැනුවත් කළා. ඡන්දයක් වෙනුවෙන් අපි  අදත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. බලය වෙනස් කරන්න තිබෙන එකම ක්‍රමය ඡන්ද පමණයි නේ.

ප්‍රශ්නය:- ඕකත් ජ.වි.පෙට බලාපොරොත්තුවක් විතරක්ම වෙයි ද?

පිළිතුර:- එහෙම වුණොත් ඊළඟට වැඩේ තිබෙන්නේ පාරෙ තමයි. මොකද ආණ්ඩු පත් කරන ක්‍රම දෙකක් තිබෙනවනේ. ජන බලයෙනුත් ආණ්ඩු පත් කරන්න පුළුවන්. ඡන්දෙනුත් පුළුවන්. ඡන්ද නොතිබ්බොත් ජනතාවත් ඉවසන එකක් නැහැ නේද?

ප්‍රශ්නය:- ජන බලයෙන් ප්‍රශ්න විසඳන්න පසුගිය කාලයේ කටයුතු කළානේ. ඒ අවස්ථාවේ බලය ගන්න කියා ජ.වි.පෙට ආරාධනා කළා. ඒත් රට බාර ගත්තේ නැහැනේ ?

පිළිතුරු:- ඒක බොරුවක් නේ. ඒ වෙලාවේ කළේ ඉන්ටවිව් කරලා ජොබ් එක දීලා පස්සේ ඇප්ලිකේෂන් කෝල් කළා වගේ වැඩක්. රනිල්ට ජොබ් එක දීලා අපට ඇප්ලිකේෂන් කෝල් කළා. ඒවට රැවටෙන්න තරම් අපි මෝඩ නැහැ.

ප්‍රශ්නය:- විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා. ජ.වි.පෙ.ටත් මෙතැන දී ආපසු හැරෙන්න බැහැ නේද?

පිළිතුරු:- ආපසු  හැරෙන්න දෙයක් නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් අපි එක පයින්ම කැමැතියි. හැබැයි විධායක ජනාධිපතිකම අහෝසි කරන්නේ ඒක පාවිච්චි කර  සටකපට ගැටයක්  ගසාගෙන පාර්ලිමේන්තු බලයේ එල්ලී ඉන්න නම් ඒකට අපි අකැමැතියි. දැන් කැමැත්තයි අකැමැත්තයි කලවම් කරලා. ආණ්ඩුවේ වුවමනාව අවංකව විධායක  ජනපති ක්‍රමය අහෝසි කිරීම නෙමෙයි. මේ වෙලාවේ මේක අහෝසි කළාම 2025 වෙනතුරු ඡන්දයක් නැතිව පාර්ලිමේන්තුව ගෙනියන්න පුළුවන් නිසයි. ඒකට අපි අකැමැතියි. ජනතාවත් අකැමැතියි. අපෙත් යෝජනාවක් තිබෙනවා. විධායක ජනපති ක්‍රමය අහෝසියට අපි කැමැතියි. ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ගේන කොටම පාර්ලිමේන්තුව විසුරුවා හරින්නත් ඕන. මේ පාර්ලිමේන්තුව ජනමතයේ විකෘතියක්. රනිල් කරන්නේ ජනාධිපතිවරයකුගේ වැඩක් නෙමෙයි. එයා කරන්නේ ටෙම්පරි ජොබ් එකක්. රනිල් මේ වැඩේට තෝර ගත්තේ එයාලගේ හොරකම් වසා ගන්නයි. ඒ නිසා මේ රටේ ජනතාව රනිල්ට කැමැති නැහැ. සටකපට වැඩවලින් පත්වී ඡන්ද කල් දමා ඇති කෙනකු අවංකව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාවි කියා සිතන්න තරම් අපි මෝඩ නැහැ. විධායක ජනපති ක්‍රමය හඳුන්වා දුන් දවසේ ඉඳන් මේක මර උගුලක් කියපු අපි ඒක අහෝසි කරන්න කැමැතියි. හැබැයි ඒකැමැත්ත මේ පාර්ලිමේන්තුව දිගට ගෙනියන්න නෙමෙයි.

ප්‍රශ්නය:- දෙකම එකට වෙනව නම් ජ.වි.පෙ. ඡන්දය දෙනව ද?

පිළිතුර:- බලමු. එහෙම වෙනව කියලා කවුරුවත් කියල නැහැනේ. අනික මේ අය කියන දේ කරන්නෙත් නැහැ.

ප්‍රශ්නය:-ඔබ කියන තාවකාලික ජනාධිපති රටේ ප්‍රශ්න විසඳනවා කියලා පේන්නේ නැතිද?

පිළිතුර:- එහෙම මටනම් පේන්නේ නැහැ. ඒ මගේ මෝඩ කමට වෙන්න ඇති. කිසිම ප්‍රශ්නයකට විසඳුම් දී නැහැ.කොයි ෂෙඩ් එකේද ඉන්ධන මිල අඩු. තෙල් මිල අඩුනම් තමයි ඉන්ධන අර්බුදයට විසඳුම ලැබෙන්නේ. එහෙම එකක් මේ ජනාධිපති හෝ ආණ්ඩුව කළාද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙනත් මේ රටේ විසඳපු ප්‍රශ්නය මොකක්ද ? ණය කපා හැරියද? අර්ථ සාධකයට ඇරලා විතරයි. ඒක විසඳුමක්ද? දැන් දේශපාලනය වෙනස්. ජනතාව අන්දවන්න මාධ්‍යයටත් බැහැ. අපටත් බැහැ. දේශපාලකයා මුලින්ම ඒක තේරුම් ගන්න ඕන. මාධ්‍යයටත් විවිධ න්‍යාය පත්‍ර තිබුණා. දැන්  ඒ සියල්ල ඉවරයි. මොකුත් හංගන්න බැහැ.

ප්‍රශ්නය:- මූල්‍ය අරමුදලේ  වැඩ පිළිවෙළ සමග රටේ ආර්ථික ස්ථවාරත්වයක් ඇති කරන දිශාවට ගොස් නැතිද? 

පිළිතුර:- මේ රටේ අංක එකේ ප්‍රශ්නය දූෂණය බව මූල්‍ය අරමුදලේ අවසන් වාර්තාවත් කියා තිබෙනවා. ඒ සම්බන්ධව ඔවුන් ඉදිරිපත් කළ කරුණු ටිකකුත් තිබෙනවා. අපේ රටේ දූෂණය මර්දනය කරන්න මූල්‍ය අරමුදල අවංකව කැපවෙනව කියල අපි සිතන්නේ නැහැ. එහෙත් මේ රටට ණය දීපු සාමාජික රටවල ණය හිමියන්ට ඒවා අයකරන්න බැරි වුණාම මූල්‍ය අරමුදල ඔවුන්ගේ කොටස් සාමාජිකයන් වෙනුවෙන් කතා කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් හරි හොරකම් කරන්න එපා, නීතිය ක්‍රියාත්මක කරපල්ලා කියලා මූල්‍ය අරමුදල කියනවා. මෙවර වාර්තාවේ මුල්ම කරුණු හතක් පමණ තිබෙන්නේ ආණ්ඩුවේ හොරකම් ගැනයි. එහෙම නම් ඒ වාර්තාව ක්‍රියාත්මක කිරීම පමණක් ඇති. ඒත් මේ අය ඒකවත් කරන්නේ නැහැ. තව මොන කතා ද? අපි අවුරුදු ගාණක් කියපුවා තමයි මූල්‍ය අරමුදල කියා තිබෙන්නේ. මේ අයගේ හොරකම් මූල්‍ය අරමුදලටවත් දරාගන්න බැහැ.

ප්‍රශ්නය:- දූෂණ විරෝධී පනතක් ගෙනැවිත් ආණ්ඩුව ඉදිරිගාමී පියවරකට ගිය බව පේන්නේ නැද්ද?

පිළිතුර:- මොකක්ද ඉදිරිගාමී පියවර. පොදු දේපල පනතට අනුව රු. 25000 ට වඩා රජයේ පොදු දේපලකට හානි කළොත් ඇප නැහැ. එහෙම නඩු පවරා තිබෙන්නේ කාට ද? එහෙම හිරේ ගිය නිලධාරියෙක් හරි දේශපාලනඥයෙක් හරි ඉන්නවද? අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත, මුදල් විශුද්ධිකරණ පනත, දණ්ඩ නීති සංග්‍රහය තිබෙනවා. මේවා යටතේ නඩු පවරන්න පුළුවන්. තව එකක් ගෙනාවා කියා ඇති වෙනස මොකක්ද? තිබෙන නීති ක්‍රියාත්මක කර මදිනම් තව හදාගත්තට කමක් නැහැ. ඒනිසා මේවා කරන්නේ බොරුවට. ඕවා නිකම් මවාපාන වැඩ. මේ රටේ පේන අහන්නේ හොරාගෙ අම්මගෙන් නෙමෙයි. හොරාගෙන්මයි. එහෙම රටක මොන පනත ගෙනාවත් වැඩක් නෑ. මූල්‍ය අරමුදලටවත් ඔය වගේ වාක්‍ය ටිකක් නොදා සල්ලි දෙන්න බැරි තරමට මේ රට පජාති වෙලා.

ප්‍රශ්නය:- ජාතික ජනබලවේගය හැටියට රට හදන්න ආණ්ඩු බලය ඉල්ලමින් යනවා. රට හදන වැඩපිළිවෙළ මොකක්ද?

පිළිතුර:- හැමදාම අහනවා. අපිත් හැමදාම කියනවා. අපටත් හිතෙන්නේ කිව්වට තෙරෙන්නේ නැහැ කියලාය. එහෙම නම් අරගෙන කරලම පෙන්නන්න වෙනවා. ඩී.එස්ට රට දෙන විට එයා කලින් කොහොම ද කළේ කියා දැනගෙන ​ දුන්නේ නැහැනේ. ඩඩ්ලිට දුන්නෙත් ඩී. එස්ගෙ පුතා නිසානේ. සිරිමාවොට දුන්නේ බණ්ඩාරනායක මැරුණු නිසා. ජේ.ආර්.ට දුන්නේ එයා කලින් කළ විධිය දැනගෙන නෙමෙයි. ඉන්පසු අයට දුන්නෙත් එහෙමයි. ඒ නිසා අපි කියන දේ තේරෙන්නේ නැති නම් ඕන දෙයක් වෙන්න කියල අපටත් දෙන එකයි තියෙන්නේ. හැබැයි දැන් ජනතාව එහෙම කියනවා. හොරකම් නොකරන බව අනෙක් අයට වඩා දැනට අපි හොඳයි වගේ පේනවා කියා ජනතාව කියනවා. ඒ නිසා දෙනවා කියන අයත් ඉන්නවා. හැබැයි ඒ අයත් මීට පෙර දීලා නැහැ.

ප්‍රශ්නය:- හැබැයි ඔබ ප්‍රශ්නය මගහැරියා?

පිළිතුර:- නෑ. නෑ. රටේ ප්‍රධාන ප්‍රශ්නය නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටීමයි. ඒ නිෂ්පාදන ආර්ථිකය නැගිට්ටුවන්න ඕන. ඒකට අපට ජනතාවගේ සහයෝගය අවශ්‍යයි. දෙතුන් දෙනකුගේ ආර්ථිකයක් හදා රට හදන්න බැහැ. ‘ජන සහභාගිත්ව නිෂ්පාදන ආර්ථිකයක්’ අපේ ආර්ථික ප්‍රතිපත්තියයි. ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ නැතුව ජනසහභාගිත්වයක් ඇතිවෙන්නේ නැහැ. එහෙම නම් අපේ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධානම කොන්දේසිය තමයි ‘ජන සහභාගිත්ව නිෂ්පාදන ආර්ථිකයක් ජනතාවට සාධාරණ ලෙස ප්‍රතිලාභ ලැබෙන.’ ඕක තමයි ක්‍රමය. ආයෙම ඕකෙන් හම්බන්තොට, බදුල්ල හදන්නේ කොහොමද?, වවන්නේ මොනවද? වවන්නේ කොතනද? ඇටේ පැළ කරන්නේ කොහොමද? යනාදිය කියන්න අමාරුයි.  ඇටේ පැළ කරන්නේ අපි බලය ගන්න දවසටයි. අපි එදාට බලමු ඇටේ පැළකරන තැන.

ජනතාව විශ්වාස කරන ආණ්ඩුවක් නොහදා මේක කරන්න බැහැ. ජනතාවට අවශ්‍ය හොරකම් නොකරන ආණ්ඩුවක්. දේශපාලකයෝ, නිලධාරීන්, දේශපාලකයන්ගේ ඥාති වර්ගයා, මිත්‍ර වර්ගයා, හොරකම් නොකරන ආණ්ඩුවක් හදන්නම වෙනවා. ඒ නිසා අපේ ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිපත්තිය වෙන්නේ ජනතාව දඬුවම් දෙන්න කලින්  අපි අපිටම දඬුවම් දෙන්න ආණ්ඩුවක් හැදීමයි. ඒ හොරකමට, දූෂණයට විරුද්ධවයි.

(***)



අදහස් (4)

ඡන්දයක් ඕනමයි එතකොට බලමු

sam Tuesday, 24 October 2023 05:33 AM

ජන සහභාගීත්ව නිෂ්පාදන ආර්ථිකයක්’ අපේ ආර්ථික ප්‍රතිපත්තියයි. ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ නැතුව ජනසහභාගීත්වයක් ඇතිවෙන්නේ නැහැ. එහෙම නම් JVP පක්ෂය බලයට පැමිණියහොත් අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථිකය, කෘෂිකර්මාන්තය, විදේශ කටයුතු පරිසරය සහ විරැකියාව ඇතුළු රටේ මහජනතාවගේ දැවෙන ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් කරන්න. නිදහස ලබාගැනීමේ සිට ලංකාව පාලනය කළ දේශපාලකයින්ට චෝදනා කිරීමෙන් ඵලක් නොමැත. අතීතයේ දේශපාලකයින් කළ වැරැදි කතා කිරීමෙන් අනාගතයේ ගැටළු විදීමට නොහැකියි. අවස්ථාවන් දෙකකදී JVP රටේ ඇමැති තනතුරු දරමින් රටේ පාලනයට දායකවිය. ඕන දෙයක් වෙන්න කියලා අපටත් දෙන එකයි තියෙන්නේ දේශපාලන මණ්ඩල සභික මෙසේ කියද්දී JVP නායකයා දේශපාලන වේදිකාවේ කියා සිටින්නේ ඕන දෙයක් වෙන්න කියලා අපිටත් දීලා බලන්න. අවුරුදු 5නේ, "අදට විතරක් සෙල්ලම් කරන්න බෝලය දෙන්න පුළුවන්ද? කුඩා දරුවන් දෙමාපියන්ට ඇවිටිලි කරනවා වැනි බොළඳ අදහස්/ මත ඉදිරිපත් කරමින්" කිසිදු ගැටලුවකට මෙතෙක් විසඳුමක් ඉදිරිපත් කිරීමට නොහැකිවූ JVP පක්ෂයට රටේ බලය ලබාදීමට කිසිවකු සූදානම් නැත....!

:       7       7

සෙනෙවිරත්න Tuesday, 24 October 2023 02:41 PM

බුද්ධිමත් අයට මේ කතාව පැහැදිලියි. නමුත් වෙනසක් වෙන්න අකමැති අයට මේවා වහකදුරු. ජයවේවා!

:       11       12

NIMALWednesday, 25 October 2023 01:50 AM

පසුගියදා ජනාධිපතිවරයා කියා සිටියේ T-hinking out of the box or T-hinking beyond the box නොමැතිව ගැටළු විසඳීමට නොහැකි බවකි. පෙට්ටිය තුළ සිට අපට ඡන්දය දෙන්න කියා කෑ ගසනවා මිස පෙට්ටියෙන් පිටතට පැමිණ ගැටළු විසඳන්නේ කෙසේද කියා රටට හෙළි කරන්නේ නැත..

:       6       3

Saththaya Monday, 30 October 2023 11:07 PM

මෙතුමන්ලාගේ පාලන ක්‍රමය 'කොමිනුස්ට් ' නෙමේද? දැන් නම් වවල කන්න දේකුත් නැහැ. රටේ පාලනය ඉල්ලා අරගල කරන අය මහන්සි වෙලා වැඩ කරයිද? සියලු දෙනා දේශපාලුවෝ කියන මතය තමයි හරි. බැහැර කරන්න කව්රුත් නැහැ. බලය ඉල්ලන්නේ මොනවා කරන්නද කියලා පැහැදිලි නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 665 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 297 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 726 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 627 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 417 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


රටට අහිමි වූ අසහාය බැලරිනාව වජිරා
2024 සැප්තැම්බර් මස 25 433 1

ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site