IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


ඡන්දයෙන් රට හැරෙන දිසානතිය

හදිසියට අතමාරුවකට ඉල්ලාගත් මුදලක් ආපසු ගෙවීම ප්‍රමාද වන්නේ නම් එම මුදල ලබාදුන් පුද්ගලයා ඒ පිළිබඳ සොයා බැලීම සහ එය ආපසු ගෙවන ලෙසට ඉල්ලීමක් කිරීම ස්වභාවික යුක්ති ධර්මයට එකඟ ය. මුදල කෙතරම් සුළු වුවත් ඒ ගැන සොයා බලා එය ආපසු අයකර ගැනීමට සුදුසු පියවරක් ගැනීමට කිසිවකුත් පැකිලෙන්නේ නැත. ඒ අතින් මේ රටේ සමෘද්ධි සංවර්ධන අධිකාරිය වාර්තාවක් පිහිටුවා තිබෙන බව ජාතික විගණන කාර්යාලයේ නවතම හෙළිදරව්වෙන් පෙන්වාදී තිබේ. 2023 සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තාව උපුටා දක්වමින් මේ හෙළිදරව්ව සිදුකර ඇත.

එම වාර්තාවට අනුව ලබාදුන් මුදලින් ආපසු අයකර නොගෙන තිබෙන මුදල රුපියල් කෝටි 5329ක් බව සඳහන්ය. රජයේ විවිධ අවශ්‍යතා සඳහා සමෘද්ධි ඉතුරුම් ගිණුම්වලින් ලබාදී තිබූ රුපියල් කෝටි 5329කින් ආපසු අයකරගෙන ඇත්තේ රුපියල් කෝටි 30ක් පමණක් බව ඒ අනුව පැහැදිලි වෙයි. මෙම අතිවිශාල මුදල් ප්‍රමාණය මුදාහැර ඇත්තේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුණුවලින් බැහැරව බවද එහි වැඩිදුරටත් සඳහන්ය. එසේ නම් සිදුවී ඇත්තේ වෙනත් පුද්ගලයන්ගේ අරමුණු වෙනුවෙන් මේ රටේ දිළිඳු ජනතාව ඉතුරු කළ රුපියල් කෝටි 5329ක මුදලක් අතදිගහැර වියදම් කිරීමයි. මෙය හෙණ ගහන අපරාධයක් නොවන්නේද?

සමෘද්ධි ව්‍යාපාරය අරඹනු ලැබුවේම මේ රටේ අන්ත දිළිඳු ජනතාවට ආදායම් මාර්ග සකස් කරදී ඔවුන්ගේ අනාගතයට සවිමත් අඩිතාලමක් දැමීම සඳහාය. සමෘද්ධිලාභීන් තමන්ට ලැබෙන ආදායමෙන් කොටසක් අනිවාර්යයෙන්ම ඉතුරුම් ගිණුමකට යොමුකළ යුතුය. සමෘද්ධි බැංකුව එම ඉතුරුම් ගිණුම්වලින් විශාල වත්කම් සහිත බැංකුවට බවට පරිවර්තනය වී ඇත්තේ සමෘද්ධිලාභීන් දීර්ඝ කාලයක් තිස්සේ කළ එම කැප කිරීම් නිසාය. ඒ කිසිවක් සැලකිල්ලට නොගෙන එකී ඉතුරුම් ගිණුම්වලින් බැංකුවේ අරමුණුවලින් බැහැරව මේ ආකාරයට මුදල් ලබාදීමට කටයුතු කළේ කවුදැයි දැන ගැනීමට මේ රටේ ජනතාවට අයිතියක් තිබේ. එසේ කටයුතු කළ පුද්ගලයන් සිදුකර ඇත්තේ බරපතළ අපරාධමය වරදක් බව අපගේ විශ්වාසයයි. ඔවුන් කවුදැයි වහාම හෙළිකර ගැනීම සමෘද්ධියට සම්බන්ධ සියලු බලධාරීන්ගේ වගකීමකි.

අදාළ මුදල රජයේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් මුදාහැර තිබෙන බවද සඳහන් වෙයි. එකී විවිධ අවශ්‍යතා රජයේ බැවින් දේශපාලන අධිකාරියේ නියෝගවලින් තොරව මෙසේ මුදල් ලබාදීමක් සිදුකළ නොහැක. මුදල් නිකුත් කළ අවශ්‍යතා සඳහන් ලිපිලේඛන පරීක්ෂා කළහොත් ඒ සඳහා බලපෑම් කළ දේශපාලකයන් කවුදැයි හඳුනා ගැනීම අපහසු නැත. අප දන්නා හැටියට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩකටයුතුවලට ඇඟිලි ගැසීමට ඉහළ පෙළේ මැති ඇමැතින්ට හැර වෙනත් අයට පහසු නැත. එසේ නම් ලබාගත් මුදල ආපසු නොගෙවීමට වගකිවයුතු මැති ඇමැතිලා සිටිත් නම් ඔවුන්ගේ නම් ගම් ද හෙළි කළ යුතුය. එසේ නොවුණොත් පහත් තැනින් වතුර බසින තත්වයට අනුව සමෘද්ධියේ කෝටි 5359 ක අක්‍රමිකතාව සමෘද්ධි ඉතුරුම් ගිණුම් භාරව සිටි නිලධාරීන්ගේ කරපිටට වැටෙනු ඇත.

මේ රටේ මහජනතාව සතු මුදල් මේ ආකාරයට පිල්ලි යැවීමේ කතා අපට අසා පුරුදු ය. එහෙත් කරුමය වී ඇත්තේ ඒ අක්‍රමිකතාවලට වගකිව යුතු බලවතුන් කවදාවත් හෙළි නොවීම ය. තමන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් රටේ ඉතා දිළිඳු මට්ටමේ සිටින සමෘද්ධිලාභීන්ගේ ඉතුරුම් මුදල් යොදාගත් දේශපාලන බලවතුන් සිටී නම් ඔවුන් ඒ පිළිබඳව ලජ්ජා විය යුතුය. ඒ සමග කිව යුත්තේ මේ මුදල් ලබාගෙන ඇති රජයේ විවිධ අවශ්‍යතා ලැයිස්තුවේ රටේ සංවර්ධන වැඩසටහන් ද ඇතුළත් දැයි සොයා බැලිය යුතු බව ය. එසේනම් එම වැඩසටහන් රටට ප්‍රයෝජනවත් ආකාරයට අවසන්වී තිබිය යුතුය. එහෙත් ලබාගත් මුදල් ආපසු නොගෙවීමට එය හේතුවක් කරගත යුතු නැත.

රුපියල් කෝටි 5329ක මුදලක් ආපසු ලබා නොගැනීම සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීහු මේ සිද්ධියට වගඋත්තරකරුවන් වී සිටිති. තමන් මේ සඳහා වගකිව යුතු නැතිනම් එයට වගකිව යුත්තන් හෝ රජයේ ආයතන හෝ කුමක්දැයි හෙළි කිරීම ඔවුන්ගේ වගකීම වන බව ද පෙන්වා දිය යුතු ය.

 

(*** මහාචාර්ය චරිත හේරත්)



අදහස් (0)

ඡන්දයෙන් රට හැරෙන දිසානතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 425 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 98 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 95 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 412 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 94 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


ශ්‍රී ලංකාවේ සමුපකාරයේ නිර්මාතෘ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ
2025 මාර්තු මස 29 331 0

ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 149 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 736 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site