IMG-LOGO

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා


ජේ.ආර්. රජයෙන් අගවිනිසුරුට ගෙනා දෝෂාභියෝගය

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ ඉකුත්දා සඳහන් විය. එයට පෙර ඒ මහතා මෙම මස අවසානයේ ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයිද එහි සඳහන් විය.

මෙවැනිම සිද්ධියක් 1984 ජේ.ආර්. ජයවර්ධන රජය සමයේ එවකට හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහාතට එරෙහිව මතුවිය. එජාප රජය ඒ මහතා ඉවත් කිරීමට දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට උත්සාහ කරද්දී අගවිනිසුරුවරයා විශ්‍රාම ගත්තේය.

නෙවිල් සමරකෝන් මහතා ශ්‍රී ලංකාවේ 36 වැනි අගවිනිසුරුවරයාය. ජේ.ආර්. ජයවර්ධන මහතා පළමුවැනි විධායක ජනාධිපති ධුරයට පත්වූ පසු අධිකරණයේ විනිසුරුවරයකු ලෙස එතෙක් කටයුතු නොකළ නෙවිල් සමරකෝන් මහතා අගවිනිසුරු ධුරයට පත් කිරීමට තීන්දු කරන්නේ සමගි පරමුණු රජය යටතේ එතෙක් සේවයේ නිරතව සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ගැන ජයවර්ධන ජනාධිපතිවරයාගේ විශ්වාසයක් නොවූ නිසාය. නෙවිල් සමරකෝන් මහතා ඒ වනවිට නීති කේෂ්ත්‍රයේ සිටි  ජ්‍යෙෂ්ඨතම මෙන්ම ගෞරවාන්විත නීතිඥවරයකු ලෙස නමක් දිනා සිටියේය. එමෙන්ම ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතකුද විය. සේවයේ නිරතව සිටින විනිසුරුවරුන්ට වඩා පිටතින් ගෙන එන සමරකෝන් මහතා තමාට කීකරුව අගවිනිසුරුධුරයෙහි කටයුතු කරනු ඇතැයි ජනාධිපතිවරයා බලාපොරොත්තු වුවද සමරකෝන් මහතා ස්වාධීනව අධිකරණයේ කටයුතු මෙහෙයවීය. එජාප රජය ගත් තීන්දු තීරණ රැසක්ම අගවිනිසුරු සමරකෝන්ගේ විවේචනයට ලක්වූයේ නීතියේ හිල්වලින් රිංගා එජාප රජය කටයුතු කිරීමට උත්සාහ දැරූ නිසාය. මෙම තත්වය වඩාත් උද්ගතවන්නේ කාන්තා දින රැස්වීමක් පැවැත්වූ විවියන් ගුණවර්ධන මහත්මිය ඇතුළු කාන්තාවන්ට එජාප මැරයන් කණ්ඩායමක් පහරදීමත් සමගය. මෙම පහරදීමට සම්බන්ධ මැරයන් අධිකරණයේදී සිරගත කෙරුණු අතර එම තීන්දුව දුන් විනිශ්චයකාරවරුන්ගේ නිවෙසක් අසල උද්ඝෝෂණය කිරීමට හා විනිසුරුවරුන්ට එරෙහිව පෝස්ටර් ඇලවීමට තවත් මැර පිරිසක් පියවර ගත්හ.

මෙම මැර කණ්ඩායමට රජයේ සහාය ලැබුණු බව රට පුරාම ප්‍රචලිත විය. රජය හා අධිකරණය අතර පළමු ගැටුම වූයේ එයයි. දෙවැනුව කලවාන අතුරු මැතිවරණයෙන් ජයගත් කොමියුනිස්ට් පක්ෂයේ සරත්  මුත්තෙට්ටුවේගම මහතාට එම තනතුර ලබානොදී එජාපයෙන් තරග වැදී පරාජය වූ අබේරත්න පිලිපිටිය මහතාට එම තනතුර ලබාදීම සඳහා නීතියේ හිල් සොයමින් සිටි ජයවර්ධන ජනාධිපතිවරයාගේ වෑයම ව්‍යර්ථ කිරීමට අගවිනිසුරුවරයා පියවර ගත්තේය. අගවිනිසුරුවරයා තනතුරෙන් ඉවත් කළ යුතු බවට රජය තීන්දු කළේ ඉන් පසුවය. අගවිනිසුරු ඉවත් කිරීමට මාර්ග සොයා බලමින් සිටි රජයට සුදුසු අවස්ථාව එළඹුණේ අගවිනිසුරු සමරකෝන් මහතා පෞද්ගලික අධ්‍යාපන ආයතනයක උත්සව සභාවක් අමතා ඒ දිනවල කළ කතාවක් නිසාය. එම කතාව රජයට එරෙහිව එල්ල කළ දැඩි විවේචනයක් විය.

එම කතාවෙන් අගවිනිසුරුවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ආර්ථික හා දේශපාලන සිදුවීම්වලට එල්ල කර බරපතළ විවේචනයක් සිදු කළේය. අගවිනිසුරුවරයාගේ කතාවේදී රජයේ කටයුතු  මෙලෙස විවේචනය කළේය.

‘‘පසුගිය වසර තුළ සිංහල සහ දෙමළ ඉංග්‍රීසි ලිපිකරු ලඝු ලේඛන යතුරු ලේඛක හා පොත් බඳින්නන්ගේ තනතුරු  පුරප්පාඩු 492ක් පිරැවීමට අපි හැකි සෑම ප්‍රයත්නයක්ම දැරුවා. සේවකයන් බඳවා ගත යුත්තේ රැකියා බැංකුව නමින් හැඳින්වෙන තැනකින් යැයි නියෝගයක් පසුගිය වසරේ  දෙසැම්බර් මාසය දක්වා අපට පනවා තිබුණා. එහෙත් ඔවුන්ගේ අඩක් පමණ ලියන්නට හෝ ටයිප් කරන්නට හෝ නොදත් තමන් ඉල්ලුම් කළ තනතුරුවලට නුසුදුස්සෝයි. ඔවුන්ගෙන් සමහරු මන්ත්‍රීවරුන්ගෙන් ලියුම් රැගෙන ආවා. එම ලියුම් කුණු කූඩයට ගියා. මේ ක්‍රමය අධිකරණයට නුසුදුසු බවත් සුදුස්සන් බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිසමට අවසර තිබිය යුතු බවත් ආණ්ඩුවට කියන්නට මට සිදුවුණා. රැකියා බැංකුව මේ රටේ තරුණයන්ට කළ ප්‍රෝඩාවකි. එය ලේ බැංකුව වැනි විය. පරිත්‍යාගශීලීන් එනතුරු අප බලා සිටිය යුතුය.

පඩි අඩු නිසා සුදුස්සන් මෙවැනි රැකියාවලට එන්නේ නැත. රටේ ජීවන වියදම ඉහළ යමින් තිබෙනවා. ඔක්තෝබර් මාසයේ මා ඕස්ට්‍රේලියාවට යනවිට පොල් ගෙඩියක මිල රුපියල් එකයි විසිපහක්  වුණා. ජනවාරි මාසයේ මා ආපසු පැමිණෙන විට පොල් ගෙඩියක් රුපියල් හයකි. 1977 ශත 60ක් වූ පාන් රාත්තලක මිල අද රුපියල් තුනයි ශත විසිපහකි. රුපියල් දෙකට තිබූ හාල් සේරුව රුපියල් අට හෝ නවය දක්වා නැග තිබේ. අද පිළිවෙළකට ජීවත් විය හැක්කේ පොහොසතුන්ට හා මන්ත්‍රීවරුන්ට පමණයි. තමාට ලැබෙන්නේ හිඟන වැටුපකැයි ජනාධිපති පැවසූ බවත් මම පුවත්පතක දුටුවා. ජනාධිපති මහජන ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයෙකි. ඔහුට කාර් සහ මන්දිර ආදියද ඇත. ඔහු එම හිඟන වැටුප මත නඩත්තු කිරීම සඳහා රටට විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබේ. මා දැන් කතා කළා ඇතැයි මට සිතේ. මා නීතිඥයකුව සිටියදී පුරුදුවී සිටියේ කතා කිරීමටයි. ඒ දිනවල කතා කළ ප්‍රමාණයට මුදල් ලැබුණි. එහෙත් අද මට මුදල් ලැබෙන්නේ කට වහගෙන සිටින විටයි. එහෙත් විනිශ්චය කාරයන්ටද මේවා බලපාන බැවින් ඇතැම් අවස්ථාවලදී අපට කතා කිරීමට සිදුවනවා. අගවිනිසුරුවරයා සඳහන් කළේය.

අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ගල් ගසා තිබුණ් මී වදයකට නොව කළු දෙබරුන්ගේ වදයකටය. ඔහු රැකියා බැංකුව හා ජනාධිපතිවරයා තදින් විවේචනය කිරීම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයට ලක්විය. එම කතාව සිදු කිරීමෙන් දින කිහිපයකට පසු පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන් කියා සිටියේ අගවිනිසුරුට එරෙහිව තද පියවරක් ගත යුතු බවය. ඔහුගේ කතාව දේශපාලන කතාවක් බවත් විශේෂයෙන්ම අගවිනිසුරුවරයා ජනාධිපතිවරයාගේ වැටුප සම්බන්ධයෙන් කර ඇති සඳහන ආණ්ඩුවට එල්ල කළ බරපතළ පහරක් බවත් මන්ත්‍රීවරු කියා සිටියහ. එහිදී මන්ත්‍රී කන්ඩායම තීන්දු කළේ අගවිනිසුරුට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බවය. එදිනම ඇමැති මණ්ඩලයේදී ද අගවිනිසුරුගේ කතාව සම්බන්ධයෙන් ඇමැතිවරුන් දිගු වේලාවක් සාකච්ඡා කළ බවද අගවිනිසුරු දේශපාලන කතාවක් කර ඇති හෙයින් ඔහුට එරෙහිව ගතයුතු පියවර තීන්දු කිරීම සඳහා පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවද පසුදා පුවත්පත්වල පළවිය.

අගවිනිසුරුවරයකු ඉවත් කිරීමට රජයට ගත හැකි පියවර වන්නේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතු විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එම විශ්වාසභංග යෝජනාව සම්මත කර ගැනීමය. මෙම ක්‍රියාවලියට මසකට වඩා වැඩි කාලයක් ගතවේ.

කැබිනට්ටුව මෙම තීන්දුව ගත්තේ 1984 සැප්තැම්බර් මාසයේය. එහෙත් අගවිනිසුරු සමරකෝන් මහතා ඔක්තෝබර් මාසයේ රාජකාරියෙන් විශ්‍රාම යාමට නියමිතව සිටියේය. ඒ මහතා විශ්‍රාම ගැනීමට පෙර අපකීර්තිමත්ව ඉවත්කළ යුතු බවට රජයේ බලවත් පාර්ශ්වයක් තීන්දු කර තිබූ අතර මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට සාකච්ඡා කෙරුණේ ඒ නිසාය. ඒ අනුව මන්ත්‍රීවරුන් 57 දෙනෙකුගේ අත්සනින් යෝජනාවක් පාර්ලිමේන්තුවට භාරදීමට රජය පියවර ගත්තේය. මෙම  යෝජනාවෙන් ඉල්ලා සිටියේ 1984 මාර්තු මස 14 වැනිදා කොල්ලුපිටියේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී අගවිනිසුරුවරයා කළ කතාව මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (2) වගන්තිය ප්‍රකාරව ඔප්පුවී ඇති විසමාචාර චෝදනා හේතුවෙන් සමරකෝන් මහතා අගවිනිසුරු පදවියෙන් වහා ඉවත් කරන ලෙසය.

අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 57 දෙනකුගේ අත්සනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැර තිබූ යෝජනාවෙන් කියැවෙන කරුණු පරීක්ෂා කර බැලීම සඳහා ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට කතානායක ඊ.ඇල්. සේනානායක මහතා පියවර ගත්තේය. සෞඛ්‍ය ඇමැති දොස්තර රංජිත් අතපත්තු, පෙස්ටස් පෙරේරා, සී. රාජදොරෙයි, අබ්දුල් මජීඩ්, විපක්ෂනායක අනුර බණ්ඩාරනායක, සරත් මුත්තෙට්ටුවේගම, පෝල් පෙරේරා, හා දිනේෂ් ගුණවර්ධන යන මැති ඇමැතිවරුන් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය වෙනුවෙන් එම කමිටුවට පත්කර තිබිණි. අගවිනිසුරුවරයාට එරෙහිව මන්ත්‍රීවරුන් 57 දෙනා නගනා චෝදනා අනුව විසමාචාර ක්‍රියාවක් කතාකානයකවරයා සිදුකර තිබේද නැද්ද යන්න විමසීම මෙකී කමිටුවට පැවරුණු වගකීමය.

මෙම කමිටුවේ වාර්තාව මසක් ඇතුළත භාරදෙන ලෙසද කතානායකවරයා නියම කළේය. එම කමිටුව අදාළ චෝදනාව විමර්ශනය කළ අතර ආණ්ඩු පක්ෂයෙන් පත්කළ නියෝජිතයන් තීන්දු කළේ අගවිනිසුරුවරයාගේ කතාව ඔහු දරණ තනතුරුට නොසුදුසු බවය. එහෙත් කමිටුවේ සිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ තීන්දුව වූයේ එම කතාව නිසා පදවියට කිසිම හානියක් සිදුවී නොමැති බවය.

මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින අතරතුර ඔක්තෝබර් මාසය එළඹුණේය. තමා ඔක්තෝම්බර් අග විශ්‍රාම ගන්නා බව අගවිනිසුරුවරයා නිවේදනය කිරීමත් සමග රජය විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමේ සැලැස්ම ඉවත් කර ගත්තේය.

සමරකෝන් මහතා විශ්‍රාම ගත්තේ ඔක්තෝබර් 22 වැනිදාය. විශ්‍රාම ගැනීම නිමිත්තෙන් අලුත්කඩේ අධිකරණ ශාලාවේ පැවැත්වූ සමුගැනීමේ නිල උත්සවයේදී ද අගවිනිසුරුවරයා පැවසුවේ මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා විනිශ්චයකාරවරුන්ට බරපතළ බාධකවලට මුහුණ දීමට සිදුවූ බවය.  ශ්‍රේෂ්ඨාධිකරණය මතුවටත් එසේ කරන බවට තමාට සැකයක් නැතැයිද අගවිනිසුරුවරයා එහිදී පැවසීය.

(***)



අදහස් (1)

ජේ.ආර්. රජයෙන් අගවිනිසුරුට ගෙනා දෝෂාභියෝගය

Kamal Koyrala Thursday, 23 January 2025 12:25 PM

කර්තෘතුමනි මේ වගේම ශිරානි බණ්ඩාරනායක ගැනත් ලිව්වා නම් හොඳයි නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

පළාත් පාලන මැතිවරණය සිහිනයක්ද?
2025 පෙබරවාරි මස 22 54 0

පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න


දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
2025 පෙබරවාරි මස 21 1093 9

ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප


ඩිජිටල් තාක්ෂණයට ඇබ්බැහිවීම නතර කරන්න රජරටින් අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 20 606 1

ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න


ලෙයට ලෙය ඉල්ලන පාතාලය
2025 පෙබරවාරි මස 20 508 0

සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම


ආර්ථිකයේ විප්ලවයකට බර අයවැයක්
2025 පෙබරවාරි මස 20 158 1

2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්‍


අයි.එම්.එෆ්. මග යන අයවැයක්
2025 පෙබරවාරි මස 19 741 1

ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 139 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 399 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 170 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site