IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජාතික ප්‍රශ්නවලදී ජාති - පක්ෂ බේද එපා

කොරෝනා වසංගතයෙන් රට බේරාගැනීම සඳහා සියලු‍ පක්ෂ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක් වහා කැඳවන්නැයි සමගි ජන බලවේගය ජනාධිපතිවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබිණි. සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවකදී මේ ඉල්ලීම කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, තලතා අතුකෝරාළ, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් විසිනි.

මේ අතර කොළඹදී විශේෂ ප්‍රකාශයක් කරමින් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සඳහන් කර තිබුණේ කොරෝනා මර්දනය සම්බන්ධයෙන් දැනට පත්කර ඇති ක්‍රියාන්විත මධ්‍යස්ථානය අසාර්ථක වී තිබෙන හෙයින් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය කොරෝනා මර්දනය සම්බන්ධයෙන් සම්පූර්ණ බලතල අතට ගෙන ජනතාවගේ ජීවිත බේරාගැනීමට කටයුතු කළ යුතු බවය. එසේම පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තැබූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු අමාත්‍ය කරු ජයසූරිය මහතාද කියා සිටියේ මේ වන විට සංකීර්ණ බරපතළ සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අපගේ මාතෘභූමියත් ජනතාවත් එම ව්‍යසනයෙන් ගලවාගැනීම සඳහා දේශපාලන මතවාද පසෙකට දමා මුළු රටම එක්ව කටයුතු කළ යුතු බවය.

විපක්ෂයත් විපක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයන් දෙදෙනකුත් විසින් කරනු ලබන මේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ දැඩි අවධානය යොමු කරන්නේ නම් එය අවස්ථාවේ හැටියට ඉතා වැදගත් පියවරක් වනු ඇතැයි අපි විශ්වාස කරමු. රටක් වශයෙන් මාරාන්තික උවදුරක අමිහිරි, කටුක අත්දැකීම් ලබමින් සිටින අපට දේශපාලන පසමිතුරුකම්වලින් තොරව ඒවා විසඳාගැනීමේ ක්‍රියාමාර්ගයකට ප්‍රවේශ විය හැකි නම් එයින් විපුල ඵල නෙළාගැනීමට බැරිකමක් නැත. රටේ සියලු‍ ජනතාව නියෝජනය වන පරිදි තීන්දු, තීරණ ගැනීමේ ක්‍රියා පිළිවෙත පුළුල් කළ හැකි නම් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන්ටද මහත් අස්වැසිල්ලක් වනු ඇත. සැකය සහ අවිශ්වාසය බලපෑම් කරද්දී හදිසියේ ගත යුතු තීන්දු තීරණවලටද එය ආරෝපණය වීම වැළැක්විය නොහැක. මේ අවස්ථාවේදී කළ යුත්තේ රට මුහුණදෙන භයානක අවදානම වළක්වා ගැනීමට හැකි හැම පියවරක්ම නොපමාව ගැනීමය. එක්ව කටයුතු කිරීම එය තවදුරටත් ශක්තිමත් කරන ධනාත්මක සාධකයක් වනු ඇත.

රටක් පාලනයේදී රජයකට බරපතළ ගැටලු‍වලට මුහුණදීමට සිදුවෙයි. එය ඕනෑම රටකට පොදු කරුණකි. එහෙත් යම් ගැටලු‍වක් ප්‍රසාරණය වී එය ජාතික ව්‍යසනයක් බවට පත්වන විට මොනම බලවත් රජයක් වුවද අපහසුතාවට පත්වීම වැළැක්විය නොහැක. එවැනි අවස්ථාවකදී රජයේ කකුලෙන් අදිමින් ගැටලු‍ව තවත් ව්‍යාකූල කොට දේශපාලන වාසි ලබාගැනීමේ පිළිවෙතින් බැහැරව රජයට සහාය පළකිරීමට විපක්ෂය සූදානම් නම් ඔවුන් සමඟ රජය එකට සිටගැනීමේ වැරැද්දක් අපි නොදකිමු. විපක්ෂයද මේ රටේම ජනතාවගේ ඡන්දයෙන් තෝරාපත් කරගනු ලැබූ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් බව මේ මොහොතේදී සැලකිල්ලට ගත යුතුය. 

ඉදිරියේදී රටේ ඇතිවිය හැකි භයානක තත්ත්වය පිළිබඳව අමෙරිකානු සමීක්ෂණ වාර්තාවක් මගින් සිදුකර ඇති අනතුරු ඇඟවීමද මේ රටේ සියලු‍ දේශපාලන නායකයන්ගේ ඇස් ඇරවීමක් බව පැහැදිලිය. අමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සමීක්ෂණ ආයතනයක් මගින් රට රටවල කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිකුත් කර ඇති අදාළ සමීක්ෂණ වාර්තාවෙන් පුරෝකථනය කර ඇත්තේ පවතින තත්ත්වය පාලනය නොකළොත් ලබන සැප්තැම්බර් මාසයේ 01 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 20,000ක් ඉක්මවා යනු ඇති බවය. කොරෝනා ව්‍යාප්තිය අතින් ශ්‍රී ලංකාව ලබන ජූනි මාසය මැද වන විට උච්ඡ ස්ථානයට පත්වනු ඇති බවද ඒ වන විට දෛනික මරණ සංඛ්‍යාව 200ත් 300ත් අතර අගයක් ගනු ඇති බවද සඳහන් කරන එම සමීක්ෂණ වාර්තාව ලබන ජූනි 14 වැනිදා වන විට දෛනික මරණ 260 සීමාව ඉක්මවා යනු ඇති බවද කියයි.

මෙය රටේ කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් රතු නිවේදනයක් බවට කතා දෙකක් නැත. මේ වාර්තාවේ අනුමාන කෙරෙන තත්ත්වය එලෙසින්ම සිදුවනු ඇතැයි අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවෙමු.  එසේ නොවේවායි කියා ප්‍රාර්ථනය කරමු. එහෙත් අද ගත යුතු තීන්දු, තීරණ නොගැනීම මෙවැනි තත්ත්වයකට පහසුවෙන් පාර කපාදීමක් බව කීම අතිශයෝක්තියක් නොවනු ඇත. සියල්ලටම පළමුව කළ යුත්තේ පවතින කොරෝනා තත්ත්වය පාලනය කළ හැකි මට්ටමකින් තබාගැනීමය. ඒ සඳහා සියලු‍ දෙනාගේම එක්වීම ශක්තියක් වනු ඇති බවත් පෙන්වා දිය යුතුය. එසේම ජනතාවගේ පූර්ණ සහයෝගයද අවශ්‍යව ඇත.

අපේ රට කොරෝනා රෝගය සම්බන්ධයෙන් ගමන් කරමින් සිටින මාවත කුමක්දැයි මේ කරුණු මගින් පහසුවෙන් අවබෝධ කරගත හැක. මේ රටේ ජාතික ගැටලු‍වලදී මීට පෙරද ආණ්ඩුවත් විපක්ෂයත් එක්වී කටයුතු කළ අවස්ථා ඉතිහාසගතව තිබේ. තනි තනිව දේශපාලන වාසි ලබාගන්නවාට වඩා රටේ ජනතාවගේ ජීවිත රැකදීම මේ මොහොතේදී ආණ්ඩුවෙනුත් විපක්ෂයෙනුත් ඉටුවිය යුතු ප්‍රධානම යුතුකම සහ වගකීම බව පෙන්වා දීමට කැමැත්තෙමු.

(***)



අදහස් (6)

ජාතික ප්‍රශ්නවලදී ජාති - පක්ෂ බේද එපා

Gayan Thursday, 13 May 2021 06:01 PM

අම්මෝ එවට රැවටුණ කාලේ ගියා

:       0       0

duminda Friday, 14 May 2021 04:03 AM

පහුගිය විපක්ෂය කාලේ හාල් පොල් ගණන් කියමින් පන්සල් ගානේ ගියේ ඒකනේ ඒ් අතින් සජිත් කරන දේවල් ප්‍රායෝගිකයි

:       6       18

KooralageSaturday, 15 May 2021 05:04 AM

දුමින්ද සහතික ඇත්ත. කොරෝනා රටට මුලින්ම ආපු වෙලාවේ... සජිත් පාර්ලිමේන්තුවේ කිව්ව වැක්සීන් දැම්මාම ඇණවුම් කරන්න කියලා. කොහේද ආණ්ඩුවේ බූරුවන් ටික සජිත්ට බැනලා. විහිළු කතා කියන්න එපා කිව්වා. දැන් රටම විනාශයි.

:       4       12

hesa Friday, 14 May 2021 02:41 PM

අගනා යෝඡනාවක් ! නමුත් සමුළු මොකටෙයි ඔබ අදහස් කියන්න සර්. රටටම ඇහෙන්න

:       7       14

sujithMonday, 17 May 2021 04:18 PM

ඒ මක්කටෙයි?

:       0       1

fairoos Tuesday, 18 May 2021 10:02 AM

බයියන් කියයි මෙයාලා හිටියා නම් මීට වඩා රට ඉවරයි කියලා. දැන්වත් සමහරකට තේරෙන්නේ නැහැ ... කවුරු ආවත් එච්චරයි කියලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 829 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 401 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 132 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4297 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12710 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 698 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site