IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ජනතාව ඉල්ලන්නේ උත්තර නොව විසඳුම්

එකක් පසුපස එකක් වශයෙන් නිර්මාණය වන ප්‍රශ්නවලට විසඳුම් පෙනෙනතෙක් මානයක නැත. ප්‍රශ්න කන්දරාවකින් හෙම්බත් වී සිටින ජනතාවට සිදු වී තිබෙන්නේ පෝලිම්වල මැරී වැටෙන්නටය. අලුත්ම මරණය වාර්තා වූයේ මීරිගම නගරයෙනි.

මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලකින් පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයකු ඇදවැටී රෝහල්ගත කිරීමේදී මියගොස් ඇතැයි අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. මීට පෙර රටේ දෙතැනකින් මෙබඳු දුක්මුසු මරණ දෙකක් වාර්තා විය.

මහනුවර යටිනුවර වීදියේ ඉන්ධන පිරවුම් හලක හා කඩවත ඉන්ධන පිරවුම් හලක මෙයට පෙර මරණ දෙකක් වාර්තා විය.

මෙරට පුරවැසියන් ඉන්ධන පෝලිමට, ගෑස් පෝලිමට එක්වන්නේ මහ පාන්දරය. ඇතැම්විට මහ රෑ වනතුරු බලා සිටීමට ජනතාවට සිදුවේ. කුසට අහරක් නොමැතිව, බීමට වතුර පොදක් නැතිව, නෙතට නින්ද නැතිව නිරාදුක් විඳින ජනයා සොයා මරණය ආරාධනාවකින් තොරව එයි. බොහෝ දෙනෙක් විවිධ ලෙඩ රෝගවලින් පෙළෙන්නෝ වෙති.

පෝලිම්වල සිටින අතරවාරයේදී කලට වෙලාවට ඖෂධ ලබා ගැනීමට හැකියාවක්ද නැත. ඇතැම් පිරිස් එකී දුෂ්කරතාව දරා උසුලා සිටීමට තරම් සෞඛ්‍ය සම්පන්න නොවිය හැකිය. එහෙත් පෝලිම්වල දුක් නොවිඳ ඉන්ධන හෝ ගෑස් ලබාගත නොහැකි හෙයින් ජනයා එම දුෂ්කර අභියෝගයට මුහුණ දෙති. ප්‍රශ්නයවන්නේ තව කොතෙක් කලක් මේ දුක විඳිය යුතුද යන්නය. අනෙක් අතට මෙතරම්ම දුක් විඳ විඳ ජීවත් වී තේරුමක් තිබේද යන්න අමතර ප්‍රශ්නයක් නොවේ.

රටක අර්බුද මතුවීම ස්වාභාවිකය. එහෙත් එසේ අර්බුද මතුවූ විට මෙය මගේ වරදක් නොවේ යැයි කියමින් පැත්තකට වීම පාලනයක වගකීමද නොවේ. සැබැවින්ම රටේ අර්බුද මෙතරම්ම උග්‍ර වූයේ ගෝලීය වසංගත තත්ත්වයත් සමගය. ගෝලීය වසංගත තත්ත්වය මෙරටට විදේශ විනිමය එවන ප්‍රධානම මර්මස්ථාන දෙකම අකර්මණ්‍ය කළේය. ඒ සංචාරක ව්‍යාපාරය හා විදෙස්ගත ශ්‍රමිකයන් එවන ඩොලර්ය.

ගෝලීය වසංගතයේ මාරාන්තික බව තුරන් වී යාමත් සමග සංචාරක ව්‍යාපාරය නව පණක් ලැබුවේය. එහෙත් රටේ මතුව ඇති ඩොලර් අර්බුදය නිසා ශ්‍රී ලංකාව යනු සංචාරයට නුසුදුසු රටක් ලෙස ඇතැම් රටවල් නිවේදනය කිරීමට පටන් ගෙන ඇත. සැබැවින්ම ඕනෑම රටකට සංචාරකයකු එන්නේ නිවාඩුව විවේකීව ගත කිරීමට මිස දුක් විඳීමට නොවේ.

ඇමතිවරු කටට එන දේ කීමට පුරුදු වී සිටිති. ඇතැම් ඇමතිවරුන්ගේ ප්‍රකාශ දෙස බලන විට ඔවුන්ට මේ ප්‍රශ්න ගැටලුවල පරිමාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් තිබෙන්නේද යන ප්‍රශ්නය මතුවේ. අපගේ ජීවිතවල වගකීම පවරා තිබෙන්නේ මෙවැනි පිරිස්වලට දැයි ජනයාට සිතුණහොත් එය විමතියට කාරණයක් නොවේ. ඇතැම් ඇමතිවරු ඉන්ධන මිල ගණන් නොදනිති. එබන්දන්ට ජනතාවගේ දුක නොතේරීම අමුත්තක්ද නොවේ.

කළ යුතුව තිබුණේ මෙම දැවැන්ත ඇභියෝගවලට මුහුණදීම සඳහා මුළු රටම සූදානම් කිරීමය. ඒ වෙනුවෙන් මුළු රටම පෙළගැස්සීමය. එහෙත් එවැන්නක් සිදු වූයේ නැත. ඒ වෙනුවට ජනයා කම්පාවට පත්කරන තරමේ හා ජනයා කෝප ගන්වන තරමේ දේශපාලන කුළල් කා ගැනීම් දැකිය හැකිවිය. බොහෝ දේශපාලන පක්‍ෂවලටද රට හමුවේ ඇති අභියෝගය තම දේශපාලන බල අරමුණු ඉටුකර ගැනීමට යාත්‍රාවකි. මේ සියල්ලෙන්ම තැලෙන්නේ පොඩිවන්නේ හා මහමග අදවැටී මියයන්නේ පොදු මහජනතාවය.

පළමුව ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කළ යුතුය. මේ මොහොතට අදාළ නොවන කිසිවකට වියදම් නොකළ යුතුය. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නතර කළ යුතුය. ජනතාව එක වේලක් හෝ බඩගින්නේ නොතියන ආහාර සුරක්‍ෂිතතාවට යා යුතුය. වගාවට දිරි දිය යුතුය. බඩු මිල පාලනය කිරීමට මැදිහත් විය යුතුය. ඉන්ධන, ගෑස්, විදුලිය හිඟයකින් තොරව හා අඛණ්ඩව සැපයිය යුතුය. ඒ සඳහා වන වැඩපිළිවෙළක් වහා ක්‍රියාත්මක කළ යුතුය.

මේ රටේ ජනයා යනු මහ පොළොවත් සමග තදින් බැඳුණු ආධ්‍යාත්මික පොහොසත් බවින් පිරිපුන් ජනතාවකි. ඒ මවු පොළොව වෙනුවෙන් ඕනෑම දුකක් කරදරයක් දරා උසුලා සිටීමට මෙම ජනයා සූදානම්ය. ඒ වෙනුවෙන් ජනයාට අවශ්‍ය කරන්නේ පාලකයන්ගෙන් ආදර්ශ වේ. එම ආදර්ශ ලැබෙන්නේනම් ඕනෑම පරිත්‍යාගයකට ජනයා සූදානම් බව ඉතිහාසයෙන්ද ඔප්පු වූවකි.

(***)



අදහස් (1)

ජනතාව ඉල්ලන්නේ උත්තර නොව විසඳුම්

විනිවිද Thursday, 24 March 2022 06:38 AM

ජනතාව ඉල්ලන්නේ විසඳුම්ය. නිවසින් රැකියාවන් සඳහා පිටත්විය යුතු වුවත් ජනතාව මේ වනවිට නිවසින් පිටව යාමට සිදුව තිබෙනුයේ ගෑස්, කිරිපිටි, ඉන්ධන පොලිම් වෙතයි. රජයේ හෝ ප්‍රධාන විපක්ෂයේ කිසිවකු ජනතාව වෙත කිසිඳු විසඳුමක් ලබාදීමට අපොහොසත්ව තිබේ. සියලු විපක්ෂයන් ජනතාව ඉදිරියේ අසමත්ව සිටියි. ජනතාවගේ අවශ්‍යතාවයන් සොයාබලා විසඳුම් ලබාදෙනවා වෙනුවට දේශපාලන වේදිකාවන් වෙත ගොස් ඔවුනොවුන්ට චෝදනා කරගනිමින් සිටියි. විසඳුම් නොමැති බලය පමණක් ඉල්ලාසිටින සියලු දේශපාලන පක්ෂයන් මේ වනවිට ජනතාව ඉදිරියේ අසමත් බව ජනතාව තේරුම් ගෙන තිබේ. අපි බලයට පැමිණි පසු සියල්ල ලබාදෙන බව වේදිකාවේ කොතරම් කීවද පසුගිය දශක 7ක කාලය තුළ රාජ්‍යයන් සහ විපක්ෂ රටේ ජනතාව රවටමින් රටට කළ දේශපාලනය අවසන් කර ජනතාව ඔවුන්ම කළ වරද නිවැරැදි කිරීමට මෙවර සූදානමින් සිටියි. නැවත රජයට හෝ විපක්ෂයට කතිරය ගැසීම වෙනුවට ජනතාව ඉදිරි මැතිවරණයේදී අලුත් බලවේගයක් වෙනුවෙන් ඉදිරියට පැමිණෙනවා ඇත. වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටිනා බොහෝ දේශපාලකයින් පිළිබඳව ජනතාවට කිසිඳු විශ්වාසයක් නොමැත. සැලසුමක් සහිත අවංක කණඩායමක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුබව මේ වනවිට ජනතාව තේරුම් ගෙන තිබේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2849 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12026 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 551 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 930 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1004 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 492 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site