IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ජනතාවට කන්නත් නැති රටේ ජනාධිපතිගේ සුපිරි උපන්දින සාදය

5_SLT_P_14-new   

 

රටේ ජනතාවගෙන් සියයට අනූවක් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙද්දී ඩොලර් මිලියනයක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 14 කට ආසන්න) වැය කොට සිය උපන්දිනය සමරන රාජ්‍ය නායකයකු සිටී නම් එම රටේ ජනතාවට දැනෙන හැඟීම කෙසේ දැයි යන්න සිතා ගැනීමට ඔබට අපහසු නොවේ. 

f
මෙවැනි රාජ්‍ය නායකයකු ජීවත්වන්නේ අප්‍රිකා මහාද්වීපයේ සිම්බාබ්වේ රාජ්‍යයේය.ආර්ථික දුෂ්කරතා සහ නියඟය හේතුවෙන් රටේ බහුතරයක් දුක් පීඩා විඳිද්දී තම වයස අවුරුදු 92කට සාපේක්ෂ වෙමින් කිලෝ 92ක් බරැති කේක් ගෙඩියක් කපා ඩොලර් මිලියන ගණනින් වැය කොට උපන්දින සාද පවත්වන මොහු, වසර තිස්හයකට වැඩි කාලයක් සිම්බාබ්වේ පාලක ජනාධිපතිවරයා වන අනූ දෙහැවිරිදි රොබට් මුගාබේය.


කොතරම් කලක් බලයේ සිටියත් කවදා හෝ එය අත්හරින්නට සිදුවීම යාථාර්ථය වුවද සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ එය ලෙහෙසියෙන් අත්හරින්නට සූදානම් නැත. අප්‍රිකා රාජ්‍ය නායකයන් අතරින් ඉතාමත් දැඩි ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන ඒකාධිපති පාලකයකු ලෙස ඔහු ප්‍රසිද්ධය.
ගරිල්ලා නායකයකුව සිටි පසුව එනම් 1980දී  ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රටාවට අනුගත වූ මුගාබේ, එකල රොඬේෂියාව නම් වූ තම නිජබිම සුදු පාලකයන්ගෙන් මුදා ගැනීමේ සටනේ පුරෝගාමියෙක් වූයේය. එතැන් පටන් වසර හතක් යන තුරු සිම්බාබ්වේ හෙවත් රොඬේෂියාවේ අගමැති ලෙසින් තේරී පත් වීය. ඉන්පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කරමින් 1987දී එරට ප්‍රථම සහ වර්තමානය වන විට එරටින් බිහි වූ එකම විධායක ජනාධිපතිවරයා ලෙසින් වැජඹෙන්නේ තම ජනයා ගැන නොසිතමිනි.


තමා විසින්ම මාක්ස්වාදියකු වශයෙන් තමාව හඳුන්වා ගනු ලබන මුගාබේ, එරට විරුද්ධ පක්ෂ අබිබවමින් වසර ගණනාවක් තිස්සේ එරට පැවති මහ මැතිවරණවලින් තමන්ට රිසි පරිදි ජයග්‍රහණය හිමිකර ගන්නෙකි. එක්තරා කාලයක නැගෙනහිර අප්‍රිකාවේ ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලබා සිටි සිම්බාබ්වේ රාජ්‍යය, පසුගිය වසර කිහිපය තුළදී ආහාර හිඟයකින් හා සාගතයක් නිසා දැඩි ලෙස බැටකමින් සිටී.


දැනටමත් සිමබාබ්වේ ජනයාගෙන් සියයට අනූවකට වැඩි පිරිසක් ආහාර හිඟයෙන් පීඩා විදිද්දීත්, රටේ මූල්‍ය ඒකකයේ අගය පහළ බැස උද්ධමනය සියයට 200කින් ඉහළ නැඟ, විරැකියාව ඉතාමත් උග්‍රව, විදේශ ආදායම් මාර්ග බොහොමයක් වැසී ගොස් තිබියදීත් මුගාබේ ගේ මුග්ධ පාලනයට විරෝධය දක්වමින් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සම්බාධක පනවා තිබියදීත් රොබට් මුගාබේ ඩොලර් මිලියන ගණන් වැයකොට  කිලෝ අනූ දෙකක් බරැති කේක් ගෙඩියක් කැපූ ජනාධිපතිවරයා විය. සිය උපන්දිනයේදී ප්‍රකාශ කළේ තම රට දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නේ බටහිර කුමන්ත්‍රණයක් නිසා බවය.


බි්‍රතාන්‍යයේ ඬේලි මේල් පුවත්පත වාර්තා කර ඇති අන්දමට රොබට් මුගාබේගේ උපන්දිනය යෙදී තිබී ඇත්තේ ඉකුත් පෙබරවාරි 22 වැනිදාය.නමුත් ඒ සම්බන්ධයෙන් ඡායාරූප සහ පුවත් විදෙස් පුවත් සේවාවලින් ප්‍රසිද්ධියට පත් වූයේ ඉකුත් 28 වැනිදාය. රොබට් මුගාබේගේ උපන්දිනය නිමිත්තෙන් ජනාධිපති මන්දිරයේත් තවත් ස්ථාන කිහිපයකත් සාද පැවැත්වූ අතර, කිලෝ 92ක් බරැති කේක් ගෙඩියට අමතරව තවත් විවිධාකාරයේ උපන්දින කේක් නිර්මාණය කර තිබිණි. හරාරේ අගනුවර පිහිටි ජනපති මන්දිරයේ පැවති සාදය වෙනුවෙන් සෑදූ කිලෝ 92ක දැවැන්ත කේක් ගෙඩිය කපා සිය උපන්දිනය සැමරීමට ජනපති මුගාබේ ගේ බිරිය වූ ග්‍රේස්, දියණියන් පුතණුවන් වන බෝනා සහ චටුන්ගා ද සහභාගී වූ බව ඬේලි මේල් පුවත්පත වාර්තා කර තිබිණි.

dh
ජනපති මන්දිරයේ සාදයට අමතරව තවත් උපන්දින සාදයක් සිම්බාබ්වේහි නටබුන් පිහිටි භූමිය අසලදී පැවැත්විණි. යුනෙස්කෝ ලෝක උරුමයක් හා සංචාරක ආකර්ෂණයකින් යුතු මෙම ස්ථානයේ දී තම අනූ දෙවැනි උපන්දිනය සමරමින් අප්‍රිකා මහාද්වීපයේ හැඩයෙන් යුතු කේක් ගෙඩියක් කපා උපන්දිනය සැමරීමට මුගාබේ අමතක නොකළේය. සිය බිරිඳ සමඟ එම සාදයට සහභාගී වූ මුගාබේ සාදයට පැමිණි දහසකට අධික සිම්බාබ්වේ වැසියන්ට සංග්‍රහ කිරීමටද අමතක නොකළේය. එම අවස්ථාවට පැමිණි මුගාබේගේ අනුගාමිකයෝ I  LOVE YOU BOB යනුවෙන් සඳහන් වූ ටීෂර්ට්, ධජ සහ තොප්පි පැලඳ සිය පක්ෂපාතීත්වය පළ කර සිටියහ. BOB යනු රොබට් මුගාබේ හඳුන්වන සුරතල් නාමය වේ.


පැමිණ සිටි ජනයා හමුවේ රටේ අභිමානය ගැන වර්ණනා කරමින් පැයක් පුරා දිගු දේශනයක්ද කිරීමට මුගාබේ අමතක නොකළේය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විවේචනය කළ ඔහු කියා සිටියේ බටහිරයේ උවමනාවන්ට සමලිංගික අයිතිය ලබාදීමට තමන් කිසිසේත්ම සූදානම් නොවන බවය. එසේ රටේ ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන මිලියන තුනක ජනතාව නියඟයෙන් පීඩා වින්දද විවිධ කොන්දේසි යටතේ හෝ එවැනි නීතීන් ස්ථාපනය කිරීමට කටයුතු නොකරන බවද මුගාබේ කියා සිටියේය. විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගීවු සිය උපන්දින සාදයේදී විවිධ සංස්කෘතික සැණකෙළි නැරඹීමට අමුත්තන්ට ඉඩ සලසා දුන්නේය. අවසානයේ අනූ දෙවැනි ජීවිත කඩඉම පසු කරමින්, උපන්දින ප්‍රීතිය නිමිත්තෙන් බැලූන 92ක්ද ගුවනට මුසු කිරීමට අමතක නොකළේය.


මෙලෙස උපන්දින සාද දැමීමට මුගාබේගේ උපන්දින සාද සංවිධායකවරුන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන වැසියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් බලහත්කාරයෙන් මූල්‍ය ආධාර ලබා ගත් බව එරට දේශීය මාධ්‍ය වාර්තා කර තිබිණි. පවතින දැඩි ආහාර හිඟය හා නියඟය නිසා පීඩාවට පත් වූවන් වෙනුවෙන් සිම්බාබ්වේ ඩොලර් බිලියන 1.6ක මූල්‍ය ආධාර ඉල්ලා සිටියද, මුගාබේගේ දැඩි හිතුවක්කාරී ප්‍රතිපත්තිමය දේශපාලනය හා ඔහුගේ දැඩි කොන්දේසි අනුමත නොකරමින් කිසිදු රටක් හෝ ආයතනයක් මේ සඳහා ආධාර ලබා දීමට ඉදිරිපත් වී නැත.


ආර්ථික දුෂ්කරතා සහ නියඟය හේතුවෙන් රටේ බහුතරයක් දුක්පීඩා විඳිද්දී ජනපති මුගාබේගේ උපන්දින සැමරුම් විපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දැඩි විවේචනයට හා උදහසට ලක්විණි. ඔවුන් ඊට විරුද්ධව මස්වන්ගෝ ප්‍රදේශයේ විරෝධතා පවත්වමින් කියා සිටියේ කුඩා ළමුන් මන්දපෝෂණයෙන් මියෙද්දී උපන්දින සාද අනවශ්‍ය බවය. මේ වන විට තමන් ඇතුළු රටේ ජනතාවට උපන්දින සාද අනවශ්‍ය බවත් අවශ්‍යව ඇත්තේ රැකියා බවත් විපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජිතයෝ විරෝධතා වලදී එක හඬින් ප්‍රකාශ කළහ. දුර්භික්ෂයකින් පීඩා විඳිමින් කුසට ආහාර නොමැතිව සිම්බාබ්වේ වැසියන් සියයට 90 ක් පීඩා විඳිමින් සිටිද්දී රටේ ජනාධිපතිවරයා මේ අයුරින් උපන්දිනය සැමරීම අප්‍රිකා කලාපයේ බොහෝ දෙනාගේ ද විවේචනයට ලක්වී ඇත.


තමා රටේ ජනාධිපති ධූරය අත්හරින්නේ මැරුණාම බවත්, නිරන්තරයෙන්ම මුමුණන සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ කාගේවත් උපදෙසක් පිළිනොපදින රාජ්‍ය නායකයෙකි. ඉකුත්දා එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් මහතා මුගාබේ ජනාධිපතිවරයා ප්‍රමුඛ අප්‍රිකා නායකයන්ගෙන් එක් ඉල්ලීමක් කළේය. ඒ බලය බදා ගෙන දීර්ඝ කාලයක් බලයේ රැඳී නොසිටින ලෙස දන්වමිනි .ඊට පිළිතුරු ලෙසින් ඔහු තම රටේ ජනරැලිවලදී කියා සිටියේ “මා ධූරයෙන් සමුගන්නේ දෙවියන් වහන්සේ මට කතා කළාට පසුව යැයි කියමිනි.


මුගාබේට තම රටේ වැසියන්ගේ උවමනා එපාකම් පිළිබඳ කිසිදු ගැටලුවක් නැත්තේ අනූ දෙහැවිරිදි වුවද තවමත් අමරණීය පාලකයකු වීමේ දැඩි චේතනාවකින් සිටින නිසාය. රත්රන්වලට දැඩි ලෙස ප්‍රිය කරන රොබට් මුගාබේ 2013දී යෙදුණු ඔහුගේ 89 වැනි උපන්දින සාදයට රත්රන් කාසි 6ක් මුද්‍රණය කළ අතර, එක් කාසියක් නිමැවීමට ඔහු කළ වියදම යූරෝ ලක්ෂ පහක් බව කියැවිණි.ඉන් පසුව පැවති 90 වැනි උපන්දිනයටද මුගාබේ ටොන් එකක බරැති රන් හා දියමන්ති එබ්බවූ රාජාසනයක් ඉදි කර ගැනීමට පියවර ගත්තේය. එම ආසනයට කිඹුලන්ගේ සම්, දිවියන්ගේ හා සිංහයන්ගේ සිනිදු රෝම සහ හකුද ඊට යෙදවූ බව කියැවේ.


රටේ ග්‍රාමීය ජනතාවගෙන් සියයට අනූවක් පමණ කුසගින්නෙන් පීඩා විඳිද්දී, සරණාගතයන් ලෙස රටේ දහස් සංඛ්‍යාත ජනතාවක් දේශ සීමා පසුකොට අසල්වැසි රටවල් වෙත පලා යද්දීත්, රටේ විදේශ මූල්‍ය සංචිත සිඳී යද්දීත්, අත්‍යවශ්‍ය භාණ්ඩ පාලන මිලට ලබා ගන්නට ජනතාව පෝලිම්වල පොරකද්දීත්, රටේ නායකත්වය ජනතා හිතවාදී කුමන හෝ පියවරක් දෙසට ගමන් කරනු ඇතැයි බටහිර රටවල් හැමවිටම අපේක්ෂා කරද්දී වසර තිස්හයක් ගතවුවද එය තවමත් සිතුවිල්ලක් පමණක්ම වී ඇත.


ඉයන් ස්මිත්ගේ වර්ගවාදී පාලනයට එරෙහිව දශකයකට අධික කාලයක් සටන් කොට සිම්බාබ්වේ රාජ්‍යයට නිදහස් දිනා දුන් රොබට් මුගාබේ තවත් වර්ගවාදී රාජ්‍යයක් ස්ථාපිත වීම වැළැක්වීමෙන් සිම්බාබ්වේ වැසියන්ට ඉහළ සේවයක් ඉටු කළද, දිනා ගත් නිදහස තම හිතමිතුරන්ගේ සුඛවිහරණයට හා අවශ්‍යතාවට අනුව මෙහයවීමෙන්  සිදු කරන්නේ තමන් විසින් තම වර්ගයා පරිහානියට පත් කරනු ලැබීම පමණකි.
ඬේලිමේල් වෙබ් අඩවියට ජෙනී ස්ටැන්ටොන් ලියූ ලිපයක් ඇසුරෙනි.

m



අදහස් (0)

ජනතාවට කන්නත් නැති රටේ ජනාධිපතිගේ සුපිරි උපන්දින සාදය

මැණිකේ Wednesday, 09 March 2016 08:52 AM

නීල ඔය කියන ලොක්ක කිව කතාව මට මතකයි.සම්පුර්ණ කතාව කිවේ මෙහෙමයි."ඔය සුද්දන්ගේ කැරට් අල නැතිවට අපි සැලෙන්නේ නැහැ.සුද්දෝ යුරෝපේ හෙළුවෙන් හිටපු කාලේ කුවේණි කපු කැටුව. එහෙවු ජාතියක් අපි" කියල තමා කිවේ. (බ)

:       0       0

මොහොමඩ් Thursday, 10 March 2016 06:07 PM

අහවලා හිටියා නම්, අපේ රටටත් මීටත් වඩා දරුණු තත්වයක් උදාවෙලා ඇති. (නි)

:       0       2

පාල Wednesday, 09 March 2016 04:49 AM

බලලොබි පෙරේතයෝ කොයි රටෙත් පාවිච්චි කරන්නේ සමාජවාදේ, ඇමරිකන් විරෝදේ, ජාතිආලේ, ආගම්වාදේ වගේ සටන් පාට. මේවට මාට්ටු වෙන ගොන් රැල නොදියුණු ලෝකේ වැහිවැහල ඉන්නවා. උන් මේ මිහිමතින් මකබැවෙන දාකට ලෝකේ ලස්සන වේවි. (බ)

:       0       0

සුදන්ත Tuesday, 08 March 2016 09:53 AM

මැන්ඩෙලා සුද්දන්ගේ බලය අරන් සුද්දන්ට යන්න නොදී තියාගත්තා.මුගාබේ සුද්දන්ට ගහල පන්නල දැන් කොහොමද වැඩ.මුන්ගේත් දේශපාලනේ අපේ වගේම තමා.කන්න නැතත් ජාති ආලේ මතුරනවා ඇහෙද්දී සදා කල් චන්දෙ දෙනවා.(කෞ)

:       0       0

මාලක Friday, 11 March 2016 08:30 PM

මතකද ලංකාවේත් හිටියා ලොක්කෙක් හැමදේටම 'ඕවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ' කිය කියා මතුරන. අපේ රටේ අයත් මිටවඩා වෙනස් නැහැයි කියලයි මම නම් හිතන්නේ. (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 09 March 2016 09:13 AM

මෙහෙම වුනේ කොයි රටේද?සිම්බාබ්වේ !සිම්බාබ්වේ !-සිම්බාබ්වේ එහෙම වුනත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ, අපේ රටේ නායකයෝ සල්ලි හුගක් වියදම් කර ඔය වාගේ පාටි ගන්නේ නෑ (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 09 March 2016 01:01 PM

අපේ අයගේ එකමුතුවක් නැතිකම මං හිතන්නේ. නැත්නම් විජය රජු මේ රටට ගොඩ බහිනකොට කුවේණි කපු කැටුවලු. එහෙමනම් අපි හරියට හිටියා නම් මුළු ලෝකෙටම අද අපියි කපු බෙදා හරින්න ඕනෑ. (නි)

:       0       0

චමින්ද Thursday, 10 March 2016 12:03 PM

ඔන්න ඕකයි තත්ත්වේ.(හේ)

:       0       0

ඩිලාන් Tuesday, 08 March 2016 04:16 PM

සුද්දන්ගෙන් රට බේරා ගත් මෙතුමටද මේ අපහාස කරන්නේ ???? මෙතුමා නැත්නම් අධිරාජ්‍යවාදය හිස ඔසවාය් නේද ?? (හේ)

:       0       0

නුවන් විජේවර්ධන Tuesday, 08 March 2016 10:05 AM

මේ තරමටම නැතත් මේ වගේ ම කතාවක් මට යන්තම් වගේ මතකයි.... (ර)

:       0       0

නීල Wednesday, 09 March 2016 06:04 AM

මට මතකයි ජීඑස්පී ප්ලස් නැතිවුණ වෙලාවේ ලංකාවේ හිටපු ලොක්කෙක් දවසක් වීරයෙක් වගේ බෙරිහන් දුන්නා "ඕව නැතිවුණාට අපි සැළෙන්නේ නැහැ... " කියලා. එහෙම කිවුව කෙනා ඊළඟ සතියේ අපේ බිලට දාලා ඇමරිකාවේ බෙහෙත් ගන්න හුස්ටන් රෝහලට ගියා නවතින්න. (නි)

:       0       0

ද සිල්වා Tuesday, 08 March 2016 07:44 PM

අපිටත් මෙහෙම වෙන්න ගියා. නමුත් ලංකාවේ ජනතාව සිම්බාබ්වේ ජනතාවට වැඩිය උගත් නිසා වැඩේ ගොඩින් බේරාගත්තා (නි)

:       0       0

දුමින්ද Tuesday, 08 March 2016 11:09 AM

සමාජවාදය විකිණීම. (ර)

:       0       0

අමාන් Wednesday, 09 March 2016 07:32 AM

මෝඩ දේශපාලකයෝ බලයට ආවම ඔහොම තමයි.තමනුත් විනාශයි රටත් විනාශයි. ජාති ආලය පෙන්නුවම මෝඩ ජනතාව රවට්ටන්න ලෙහෙසියි .(කෞ)

:       0       0

චතුරි Wednesday, 09 March 2016 04:17 PM

හැම දේටම ඇමරිකාවයි ,යහපලනයයි, ගාවලා වැඩක් නැහැ. මහා ජනතාවගේ. මුදල් වලින් වජබෙන්නේ පපුවක් නැති හොල්මන් වගේ මිනිසුන් මැතිවරණ වලට ආතක් පාතක් නැති අයට ඉන්දියාවෙන් ගෙනත්. කෝටි ගණන්. දුන්නේ. මේ වගේම කෙනෙක් තමයි , ඒ අය නම් ඒවට වන්දි ගෙවමින් පසුවෙනවා (කෞ)

:       0       0

නයන් Tuesday, 08 March 2016 11:52 PM

අපරාදේ ලංකාවෙත් මේ වගේ දේවල් බලාගන්න තිබුණු අනර්ඝ අවස්ථාවක් අපට නැතිවුණා (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Tuesday, 08 March 2016 12:13 PM

යහපාලන කාටුන් සෙට් එකක් හම්බවෙලා නෑ වගේ ඇමරිකාවට තාම.එහෙට දාන්න. (බ)

:       0       0

ඇන්ජලෝ Thursday, 10 March 2016 05:01 AM

පාල, ඔබේ අර්ථකථනය වඩාත් උචිතයි. අපේ රටේ අයටත් මේක වෙන්න ගියේ. යන්තම් බේරුනා. නමුත් අලුත් අයත් තව ටික දවසකින් මේ සංදර්ශන පටන් ගනියි. එදාට බලමු (නි)

:       0       0

සොපි Wednesday, 09 March 2016 02:21 AM

බලය තිබෙනකොට මොළය නැහැ, මොළය තිබෙනකොට බලය නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 2440 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 331 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 961 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 84 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 232 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site