IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


ජනපතිගෙන් වැදගත් පණිවුඩයක්


සමථයකට පත්වනු ඇති බවට ලකුණක්වත් නැති ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය මේ වන විට එළැඹ සිටින්නේ එහි දෙවැනි මාසයටය.
පස්වැනි සතියටත් රට පෙළමින් සිටින අර්බුදකාරී සහ වියවුල් සහගත වාතාවරණය මධ්‍යයේ දෙපාර්ශවය අතර ගැටුම් සමනය කිරීමේ වගකීම දේශපාලනික පදනමක් ඇති එක්තරා භික්ෂු නමක් භාරගෙන සිටින බව දැනගත හැකිවිය. තිරය පසුපස සිටින උන්වහන්සේ බල අරගලයක නිරතව සිටින දෙපාර්ශවයම සමග සාකච්ඡා කර තිබේ. එහෙත් එම මැදිහත්වීමෙන් හෝ දෙපාර්ශවය එකගතාවයකට පැමිණීමට හෝ ගැටුම අවසන් කිරීමට හෝ පවතිනුයේ ඉතාම අඩු අවස්ථාවකි.

එවැනි අවස්ථාවක් කොහෙත්ම නොමැති බව පැවසීම වඩාත් සාධාරණය. 

කොළඹ අන්තර්ජාතික ප්‍රජාව පවා මෙම උත්සාහයට ආධාර අනුබල කිසිවක් ලබා දී නොමැත. නමුත් ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ අරමුණ වන්නේ උද්ගතව තිබෙන දේශපාලන අර්බුදයට සෘජු අතපෙවීමක් කළේ යැයි නැගෙන්නට ඉඩ තිබෙන චෝදනාවලින් හැකිතාක් ආරක්ෂාව සළසා ගැනීමය.

සිකුරාදා සන්ධ්‍යාවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හවුල්කාර පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. මෙම හමුව පිළිබද දැනුම්වත් මුල් පෙලේ ආරංචි මාර්ගයක් සදහන් කළ ආකාරයට රාජපක්ෂ මහතාගේ අරමුණ වී ඇත්තේ ඔහුගේ නායකත්වය යටතේ වන යන්තම් මාසයක් වියැති රජයේ ඉදිරි අනාගතය කෙසේ වනු ඇතිදැයි යන්න  දැනගැනීමටය. විශේෂයෙන් පාර්ලිමෙන්තුවේ බහුතරය නොමැති අවස්ථාවක එවන් තත්ත්වයක් සම්බන්ධයෙන් වැටහීමක් ඇතිව සිටීම ඉතාමත් වැදගත්ය. 

රාජපක්ෂ මහතා පැමිණ සිටියේ ඉදිරිය පිළිබද පැහැදිලි නොවේ නම් තමන් සහ තම හවුල්කාර කණ්ඩායම් වෙනුවෙන් හිතහදා ගෙන තීරණයක් ගැනීමේ අරමුණ ඇතිව බව වැඩිදුරටත් දැනගන්නට තිබේ. 

කෙසේ වෙතත් ජනපති සිරිසේන මහතා අවධාරණය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් රටේ අගමැතිවරයා ලෙස කටයුතු කළ යුතුව තිබෙන බවයි. එමෙන්ම කිසිම විටෙක රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අගමැතිවරයා ලෙස පත්කිරීමට කටයුතු නොකරන බවද ජනපතිවරයා නැවත වරක් අවධාරණය කළේයැයි නම හෙළි කිරීමට අකමැතිවූ ආරංචි මාර්ගයකින් වාර්තා විය. 

ගෙවුණු සෙනසුරාදා දිනයේ සිරිසේන මහතා සහ  රාජපක්ෂ මහතා අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් ද පැවැත්විණ.

ඉහත සදහන් කළ බෞද්ධ භික්ෂුවගේ සැළසුම වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන දෙපක්ෂයෙන් සැදුම්ලත් සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණ අත්වැල් බැඳගත් භාරකාර රජයක් පිහිටුවා, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා එකඟතාවයක් ඇතිකරගැනීමට  කෙරේ දෙපාර්ශවය යොමු කිරීමය. 

එවිට අගමැතිවරයා ?, 

උන්වහන්සේගේ සූත්‍රය වන්නේ එක් පාර්ශවයකට අගමැතිධූරය ලබා දෙන්නේ නම් අනෙක් පාර්ශවයට කථානායකධූරය ලබාදිය යුතු බවය. කැබිනට් අමාත්‍යධූර දෙපාර්ශවය අතර හුවමාරු කරගැනීමට නියමිතය. නමුත් තම තමන්ගේ පදනම මත තරයේම රැඳී සිටින දෙපක්ෂයම, එකිනෙකා කෙරේ දිගින් දිගටම නැඟෙමින් තිබෙන වෛරයෙන් දිනපතාම තව දුරටත් එකිනෙකාගෙන් දුරස් වෙමින් සිටිති. 

උද්ගතව තිබෙන දේශපාලන වියවුලෙන් ගැලවී ගැනීමට තිබෙන මග කුමක්ද යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයන් 4 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සහ රටවල් ගණනාවක් නියෝජනය කළ විදෙස් තානාපතිවරුන් පිරිසක් අතර පසුගියදා පැවැති විශේෂ හමුවක ප්‍රධාන මාතෘකාව විය. මෙම හමුව පැවැතියේ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා වන ඬේවිඞ් මැකනන් මහතාගේ ටොරින්ටන් මාවතේ පිහිටි නිවසේදීය.

ඇමරිකා එක්සත් ජනපදය, බි්‍රතාන්‍යය, යුරෝපා සංගමය, ස්විට්සර්ලන්තය, ජපානය, නෝර්වේ, සහ ජර්මනිය යන රටවල රාජ්‍ය තාන්ත්‍රිකයෝද ඊට එක්ව සිටියහ.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට අනුව රජයේ පාර්ශවය නියෝජනය කළෝ ඔහු, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත සහ ඒකාබද්ධ විපක්ෂයේ විදේශ කටයුතු කමිටුවේ සාමාජික තරිඳු බාලසූරිය වූහ. පවත්නා තත්ත්වය හමුවේ ඉදිරි කටයුතුවල අනිවාර්යය ප්‍රමාදය සහ ඒ නිසාම රට අස්ථාවර තත්ත්වයකට පත්වීමට ඉඩ තිබීමේ පැහැදිලි අවදානම හමුවේ බොහෝ රාජ්‍ය තාන්ත්‍රිකයෝ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළහ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - පොදු ජන පෙරමුණු දූත පිරිස ඒ අතරවාරයේ චෝදනා එල්ල කළේ කතානායක කරූ ජයසූරිය මහතාටය. නීති විරෝධී ලෙස කටයුතු කළ ඔහු පාර්ලිමෙන්තුවේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කළ බව ඔවුහු කීහ. නමුත් මෙම චෝදනා ජයසූරිය මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ තරයේම ප්‍රතික්ෂේප කරයි. 

සිය ඉවසීමේ සීමාව ඉක්මවා යමින් තිබෙන හෙයින් ඇතැම් රටවල්, විශේෂයෙන් බටහිර රටවල්, ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි පියවර ගැනීම කෙරේ සිතා බලමින් සිටී. එය මෙරටට ලැබෙන ආධාර සහ මුල්‍ය සහාය නවතා දැමීමක් ආකාරයට සිදුවනු ඇති බවට මුල් අවස්ථාවේ දී අපේක්ෂා කෙරුණ ද, දැන් රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගවලින් අනාවරණය වන තොරතුරුවලට අනුව ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි සෘජුවම චෝදනාවට ලක්ව සිටින දේශපාලඥයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට එරෙහිව සම්බාධක පැනවීමක් දක්වාම තත්ත්වය වර්ධනයවීමට ඉඩ තිබේ.

කෙසේවුවත්, එවැනි පියවරයන් ගැනෙනු ඇත්තේ චෝදනා ලැබ සිටින්නන් සැබෑ ලෙසම වරදකරුවන් බව ඔප්පු වුවහොත් පමණි. 
මේ අතර, ජනපති සිරිසේන මහතාගේ පෙරැත්තය නිසාම, රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්වන්නේ නම් ගැටලුව වහාම විසඳාගැනීමේ හැකියාවක් තිබෙන බව පවසා සිටි රාජ්‍යතාන්ත්‍රිකයෝද වූහ. මේ අසා කෝපයට පත්ව සිටි එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා “ඒක අපේ පක්ෂයේ අභ්‍යන්තර කාරණයක්. අපේ අගමැතිවරයා ව්‍යවස්ථා විරෝධීව සහ නීතිවිරෝධීව ඉවත් කර තිබෙනවා. අප සටන් කරමින් සිටින්නේ ඊට එරෙහිවයි.” යයි සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේය. 

අගමැති ධූරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමෙන් පසුව උද්ගතව තිබෙන තත්ත්වය, ජනපති සිරිසේන මහතාගේ ආරාධනය පිළිගෙන පසුගිය ඉරිදා සන්ධ්‍යාවේ ඔහු හමුවට පැමිණ සිටි පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් හා සමග පැවැති රැස්වීමට පදනම සැපයීය. වික්‍රමසිංහ මහතා පවා මෙම අවස්ථාවට සහභාගීව සිටියේ ය. 

මෙම රැස්වීම විසඳුමකින් තොරව අවසන් වූ බව බොහෝ පාර්ශවයන් සදහන් කළද, ඇත්ත වශයෙන්ම එයින් එක්තරා අරමුණක් ඉටුවිය. රැස්වීමේ මුලසුන හෙබවූ ජනපතිවරයා වැදගත් පණිවුඩයක් දීමට සමත් වූ අතර ඒ හරහා කිසියම් ධනාත්මක ප්‍රවණතාවයක් නිර්මාණය විය. ජනපතිවරයා කියා සිටියේ කතානායකවරයා ස්ථාවර නියෝග සහ නිවැරදි ක්‍රියාමාර්ගයන් පිළිපැදිය යුතුව තිබෙන බවයි.
ගෙවුණු සිකුරාදා පාර්ලිමෙන්තුවේ දී කතානායක කරූ ජයසූරිය මහතා කළේත් එයමය.



අදහස් (1)

ජනපතිගෙන් වැදගත් පණිවුඩයක්

Don Thursday, 29 November 2018 03:22 PM

තමන්ට උවමනා විධියට පාලනයක් ගෙන යන්න නෙවි මෙයා පත්කරේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 368 0

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 794 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 169 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 124 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 598 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 127 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site