IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජනපතිවරණ ඉඟි බිඟි

කැබිනට් සංශෝධනයේ අවුල් වියවුල් මැකී යන්නටත් පෙර තවත් අවුලක් නිර්මාණය වී තිබේ. ඒ කැබිනට් අමාත්‍යාංශවලට විෂයන් බෙදීම පිළිබඳවය. ඇතැම් අමාත්‍යාංශවලට වැඩිපුර විෂයන් හා ආයතන එක්කර තිබීම සම්බන්ධයෙන් ඇතැම් ඇමතිවරුන් නොසතුට පළකර ඇතැයි වාර්තාවේ. මෙවර ජනාධිපතිවරයාගේ සහ ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ දැඩි බලපෑම මත විෂයන් බෙදීම බොහෝ දුරකට නීත්‍යනුකූල ලෙස සිදුකර තිබිණ. එහෙත් එය සියයට සියයක්ම සිදුවී නැති බව පැහැදිලිය. 

බොහෝ දෙනෙකු මෙන්ම මංගල සමරවීර ඇමතිවරයා ද සිතාගෙන සිටියේ මෙවර කැබිනට් සංශෝධනයේ දී වාණිජ බැංකු මුදල් අමාත්‍යාංශයට එකතු වනු ඇති බව ය. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත. වාණිජ බැංකු සියල්ල තවමත් ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශය යටතේ ය. එහි ඇමතිවරයා ලක්ෂ්මන් කිරිඇල්ල ය. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාට ආයතන මෙන් ම විෂය වගකීම් රැසක් ම පවරාදී තිබීම පිළිබඳව එජාපය ඇතුළේ තවමත් කසු කුසු පැතිරෙමින් තිබේ. ‘එදා ආර්ථික සංවර්ධන කියලා අමාත්‍යාංශයක් අලුතින් හැදුවා.

බැසිල් රාජපක්ෂට අමාත්‍යාංශ පහක විතර බලතල, ආයතන දුන්නා. මෙදා පාර කරලත් තියෙන්නේ ඊට නොදෙවැනි දෙයකැයි එජාප රාජ්‍ය ඇමතිවරයකු මිතුරන් සමග පවසා ඇත. ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළ ආකාරයට විජයදාස රාජපක්ෂට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ලබාදිය යුතු බවට තීන්දු කර ඇත්තේ ජනාධිපතිවරයාය. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව සීමාවීම නිසා ඊට සංස්කෘතික කටයුතු පිළිබඳ විෂය ද එක්කර තිබිණ. විජයදාස රාජපක්ෂට සංස්කෘතිය එකතු වනවිට අධ්‍යාපන ඇමතිවරයා යටතේ පැවැති රාජ්‍ය ආයතන හා වගකීම් ද කපා හැර තිබිණ. ඒ සඳහා ජනාධිපතිවරයා මැදිහත් වූ බව ද පැවසේ. ඒ අනුව මෙවර කැබිනට් මණ්ඩල සංශෝධනයේ ඇමති අකිල විරාජ්ගේ බලතල කැපී ගොස් ඇති බවක් පෙනේ. කෙසේ වෙතත් ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කළේ එතරම් ඉදිරියට නොපැමිණිය ද කැබිනට් විෂයන් සම්බන්ධයෙන් ද එජාපය ඇතුළේ විරෝධතා මතුවෙමින් තිබෙන බවය.

2020 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා ඊට ඉදිරිපත් වන අපේක්ෂකයින් පිළිබඳව මේ වන විටත් දේශපාලන කරළියේ ඉඟි පළවෙමින් තිබේ. මංගල සමරවීර ඇමතිවරයා ඉකුත්දා මාතර දී සඳහන් කළේ එජාපයේ ජනාධිපති අපේක්ෂකයා අනිවාර්යෙන්ම රනිල් වික්‍රමසිංහ විය යුතු බවය. මහින්ද අමරවීර ඇමතිවරයා අනෙක් පැත්තෙන් ප්‍රකාශ කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රීලනිපයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සම්බන්ධයෙන් එම පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ විවිධ මත හා සංවාද පැතිර යමින් තිබේ.

බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මෙන්ම චමල් රාජපක්ෂ පිළිබඳව ද යෝජනා ඉදිරිපත් වෙමින් තිබේ. එසේ යෝජනා ඉදිරිපත් වනුයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි නිසාය. රාජපක්ෂ හිතවාදී ප්‍රබල දේශපාලනඥයෝ ජනාධිපති අපේක්ෂා සම්බන්ධයෙන් මතවාදීව දැනටමත් පිල් තුනකට බෙදී සිටිති. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේ පාර්ශ්ව තුන ම තීරක බලයක් පවරා තිබේ. හිටපු ජනාධිපතිතුමා තීන්දුවක් ගනීවි. එතුමා කැමති කෙනාව අපි නම් කරලා තරගයට ඉදිරිපත් කරනවා යැයි ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයෝ සඳහන් කරති. මේ අතර ‘වියත් මඟ’ නමැති සංවිධානය හරහා ගෝඨාභය රාජපක්ෂ ද යම් දේශපාලන කතිකාවතකට අවතීර්ණ වී සිටී. ඔහුගේ නායකත්වයෙන් යුත් වියත්මග වර්ෂ පූර්ණය ඉකුත් ඉරිදා පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණ. ගෝඨාභය රාජපක්ෂගේ වියත්මග සම්මන්ත්‍රණය අන්තර්ජාලය හරහා සජීවීව විකාශනය කිරීමට සංවිධායකයන් කටයුතු යොදා තිබිණ. සමුළුව ආරම්භ වී විනාඩි තිස්පහක පමණ කාලයක් ගතවන්නටත් පෙර එම විකාශනයට තාක්ෂණික බාධා එල්ලවී තිබිණ. ගෝඨාභය සිය දේශනය කරන අතරතුර දී අන්තර්ජාල සජීව විකාශනය එලෙස අතරමඟ නතරවීම පිළිබඳව සංවිධායකයෝ ඒ මොහොතේ කලබලයට පත්වී සිටියෝය. විටින්විට යම් යම් බාධා පැමිනුණා අපි විටින් විට ලින්ක් එක මාරු කළා. ඒනිසා අන්තර්ජාලය හරහා සජීවීව නරඹන්නට සිටි බොහෝ පිරිසකට බාධා පැමිනුණා යැයි සංවිධායකයෝ පැවසූහ.
මේ අතර වියත්මග සම්මන්ත්‍රණයට මහින්ද, චමල් සහ බැසිල් පැමිණ සිටියහ. එහෙත් නාමල් රාජපක්ෂ පැමිණ සිටියේ නැත. වියත්මගට සහභාගිවන්නැයි ඉකුත්දා ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් දහසය දෙනාටම ආරාධනා කර තිබිණ. එහෙත් චන්දිම වීරක්කොඩි පමණක් එදින පැමිණ සිටි අතර ඔහු හිටපු ජනාධිපතිවරයා සමග සුහදව සාකච්ඡා කරමින් සිටිනු දැකගන්නට ලැබිණ. අනෙක් මන්ත්‍රීවරුන් 15 දෙනාම කුමන හෝ දේශපාලන කරුණක් හේතුකොට ගෙන වියත්මඟ වර්ජනය කර තිබිණ.

මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රීලනිප දහසයේ කණ්ඩායමේ ද මත ගැටුමක් නිර්මාණය වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ප්‍රසිද්ධියේ කියා සිටියේ මීළඟ ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් විය යුතු බවය. ඔහුට සහායදීමට දහසයේ කණ්ඩායම තීන්දුවක් ගත් බව ද සෙනෙවිරත්න මන්ත්‍රීවරයා කීවේය. ‘ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රීතුමාට වයස නිසා අමතක වෙන්න ඇති. අපි ගෝඨාභයට සහාය දෙනවා කියලා කිසිදු තීන්දුවක් මේ දක්වා අරගෙන නැහැ. රාජපක්ෂ කෙනෙක්ම අවශ්‍ය නම් චමල් රාජපක්ෂ තමයි හොඳම කෙනා’ යැයි ඩිලාන් පෙරේරා කීවේය. ඒ අනුව දහසයේ කණ්ඩායම අතර ද ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

රත්මලාන එජාප සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉකුත්දා ජනමාධ්‍ය ඔස්සේ අගමැතිවරයා විවේචනය කළාය. හිරුණිකා කියා සිටියේ බලාපොරොත්තු වූ පරිදි ප්‍රතිසංස්කරණයක් එජාපය තුළ සිදු නොවූ බවය. මේ අතර යම් යම් කාරණා සම්බන්ධයෙන් ද හිරුණිකාට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට එජාපය කටයුතු කර තිබිණ. පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ අගමැතිවරයා සහ හිරුණිකා අතර වූ එම හිත් අමනාපකම මේ වනවිට බොහෝදුරට පහව ගොස් තිබෙන බවය. හිරුණිකා හා අගමැතිවරයා අතර හමුවක් ඉකුත්දා පැවැති අතර එහිදී ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට යම් පියවරක් තැබූ බව ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් හාරිස් මහතාගේ මැතිවරණ බලප්‍රදේශය කල්මුණේය. එහෙත් ඔහුට මෙවර ලැබී ඇත්තේ මහනුවර සංවර්ධන හා රාජ්‍ය ව්‍යවසායක නියෝජ්‍ය ඇමති ධුරයයි. කල්මුණේ ඡන්දදායකයන් හා මන්ත්‍රීවරයාගේ හිතවතුන් ඒ සම්බන්ධයෙන් පුදුමයටත් කණස්සල්ලටත් පත්ව සිටිති.

අපි ඡන්දය දුන්නේ කල්මුණේ සංවර්ධනය කරගන්න. මෙතුමා මහනුවර සංවර්ධන නියෝජ්‍ය ඇමති වෙලා තියෙනවා යැයි දේශපාලන සමීපතමයෝ ප්‍රශ්න කරති. එහෙත් සිදුවී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව කරුණු දැනගෙන ඇත්තේ පසුවය. කැබිනට් සංශෝධනයට පෙර සිටම මොහොමඞ් හාරිස් නියෝජ්‍ය ඇමති ධුරයක් අපේක්ෂා කරමින් සිටියේය. ඔහුට අවශ්‍යව තිබුණේ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා වීමටය. ඒ සම්බන්ධයෙන් හාරිස් කිහිපවිටක්ම මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්ට ඇවටිලි කළේය. දිනක් හකීම් හාරිස් ද කැටිව අගමැතිවරයා හමුවීමට ගියේය. එහිදී හකීම් අගමැතිවරයාට හාරිස්ගේ ඉල්ලීම ඉදිරිපත් කළේය. හරි අපි බලමු හාරිස්ට මොකක්ද ඕනේ යැයි අගමැතිවරයා ප්‍රශ්න කළේය. කලබලයට පත් මන්ත්‍රීවරයා මට ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමාගේ නියෝජ්‍ය ඇමති ධුරය දෙන්න යැයි කීවේය. ඒ අනුව අගමැතිවරයා ඊට එකඟතාව පළ කළේය. එහෙත් කැබිනට් සංශෝධනය කල්ගිය අතර ලක්ෂ්මන් කිරිඇල්ලට මහාමාර්ග අහිමි විය. හාරිස් හිතුවේ කිරිඇල්ලටම මහාමාර්ග විෂය ලැබෙනු ඇත කියාය.


එහෙත් සිදුවූයේ වෙනත් දෙයකි. හාරිස්ට බලාපොරොත්තු වූ මහාමාර්ග ලැබුණේ නැහැ. ඒ වෙනුවට ඉල්ලා සිටි පරිදිම කිරිඇල්ලගේ නියෝජ්‍ය ඇමති ධුරය ලැබුණේය. එම කතාව දැනගත් පසුව හාරිස්ගේ දේශපාලන හිතවත්තු ඔහුට විහිළු කරන්නට ද පටන්ගෙන සිටිති.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ විෂයන් කපාහැරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ කිහිපදෙනෙකු කණස්සල්ලකට පත්ව සිටින බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මේ පාර විෂයන් වෙන් කිරීමේදී ජනාධිපතිවරයා බලතල උපරිම ලෙස භාවිතා කළා. එජාපයෙන් අවස්ථා දෙකකදීම ජනාධිපතිගෙන් ඉල්ලීමක් කළා අකිලගේ විෂයන් කපාහරින්න එපාය කියලා. ඒත් ඒකට ඉඩක් ලැබුණේ නැහැ. යැයි ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් රහසක් හෙළි කර තිබිණ.

ආණ්ඩුවෙන් ඉවත්වූ දහසයේ කණ්ඩායමට තවමත් කාර්යාලයක් සඳහා සුදුසු ස්ථානයක් ලැබී නැත. එම කණ්ඩායම කාර්යාලයක් සඳහා ඉඩ පහසුකම් සොයනුයේ බත්තරමුල්ල ප්‍රදේශයෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලය කියන්නේ බත්තරමුල්ල නෙළුම් මාවතේය. ඊට ආසන්න ස්ථානයකම අපේ කාර්යාලයත් ස්ථාපනය කළ හැකි නම් හොඳයි. කොහොම වුණත් අපි හොඳ තැනක් ගැන බලනවා. යැයි දහසයේ කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් පැවසීය.

ප්‍රසන්න රණවීරගේ උපන් දින සාදය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් පසුගිය දා වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. රණවීරගේ උපන් දිනය වෙනුවෙන් සාදයක් පැවැත්වීමේ අදහස එළියට ආවේ කලින් දින පැවැති දිලුම්ගේ උපන් දින සාදයේදීය.

“මොකක්ද බං උඹත් පාටියක් දීපන්කෝ” මන්ත්‍රීවරු ඉල්ලා සිටියහ.

“උඹ පාටිය දෙනවා නම් සේරම මං ඕගනයිස් කරන්නම්” මහින්දානන්ද වගකීම භාරගත්තේය. ඒ අනුව රණවීරගේ අනුමැතිය පරිදි සාදයට ලහිලහියේ කටයුතු සූදානම් කෙරිණි. සාදය පැවැත්වෙන ස්ථානය, වේලාව, අමුත්තන්ගේ ලේඛනය මෙන්ම ආහාර මෙනුපත ද තීන්දු කෙරුණේ දිලුම්ගේ උපන් දින සාදය අස්සේමය.

ඒ අනුව පසුවදා සවස රණවීරගේ උපන් දින සාදය පැවැත්වුණු අතර මහින්ද රාජපක්ෂ රාත්‍රී අටට පමණ එහි පැමිණියේය. බැසිල් රාජපක්ෂ සහ ඒකාබද්ධයේ සියලු මන්ත්‍රීවරුන් අතර සුසිල් ප්‍රේමජයන්ත ද එම සාදයට සහභාගි වී සිටිනු දකින්නට ලැබුණි.

මහින්ද සාදයට පැමිණෙත්ම දුටුවේ සුසිල්වය.
“කොහොමද සුසිල්? මහින්ද ඇසුවේය.

“හොඳින් ඉන්නවා සර්” සුසිල් උත්තර දුන්නේය.

“කොහොමද ඔයාලගේ කට්ටිය? මහින්ද ඇසුවේ ඇමැතිකම් අතහැර ආ 16 දෙනා ගැනය.

“අපි නම් ගානට වැඬේ කරගෙන යනවා. හැබැයි අනෙක් කණ්ඩායම ඒකට කලබල වෙලානේ” සුසිල් පැවසීය.

අනතුරුව මහින්ද සහ සුසිල්ට පමණක් සීමා වූ සාකච්ඡාවක් ද පැවැති අතර, අනෙකුත් මන්ත්‍රීවරුන් ඒ දෙදෙනාට සාකච්ඡා කරන්නට ඉඩ සලසමින් එහෙ මෙහෙ වනු දකින්නට ලැබුණි. එම සාකච්ඡාව මිනිත්තු 20ක් පමණ පැවැති අතර, සාකච්ඡාවෙන් අනතුරුව සුසිල් මහින්ද සමඟ ආහාර ගැනීමට ද එක්විය.

උපන් දින සාදයේ කේක් කපන්නට රණවීර සූදානම් වූ අවස්ථාවේදී ප්‍රසන්න ඇසුවේ “ඈ මල්ලී දැන් උඹ මේ කීවෙනි පාරටද කේක් කපන්නේ” කියාය. ප්‍රසන්න ඇසුවේ පසුගිය සතියේ පැවැති ගාමිණී ලොකුගේ ගේ උපන් දින සාදයේදීත් රණවීර කේක් කපන්නට එක්වූ නිසාය. ඔවුන් දෙනොගේම උපන් දිනය යෙදී ඇත්තේ එකම දිනකය. 

“දෙවෙනි පාර” රණවීර පිළිතුරු දුන්නේය.

සාදය අවසාන වූයේ නෙළුම් පොහොට්ටුවේ නිල ගීය වන විකසිත කරලමු නෙළුම් පොහොට්ටුව ගායනා කරමිනි. එහි පද වෙනස් කර ගායනා කරනු ලැබුවේ විකසිත කරලමු නෙළුම් පොහොට්ටුව බැසිල් සමඟ මිතුරේ යනුවෙනි. එය අසා සිටි බැසිල් කීවේ “අපේ රෝහිතලා (රෝහිත රාජපක්ෂ) යාලුවොත් එක්ක හදපු සින්දුවේ නම් එහෙම කෑල්ලක් තිබුණේ නැහැ” කියාය.

සාදය ආරම්භයේදී මහින්ද පැමිණෙන්නට පෙරාතුව ඒකාබද්ධයේ මන්ත්‍රීවරු පිරිසක් එක්ව සුහද කතාබහක නියැලෙමින් සිටියහ. ප්‍රසන්න, දිලුම්, නිරෝෂන්, රණවීර, සුසිල් ඇතුළු පිරිසක් එහි වූ අතර, ඔවුන්ගේ අවධානය යොමු කෙරුණේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි.

“දැන් ඉස්සරහට මොකක්ද කරන්න යන්නේ ඇමැතිතුමා” ප්‍රසන්න ඇසුවේ සුසිල්ගෙනි.

“අපි නම් තීන්දුවක් අරන් ඉවරයි. අපි දැන් බලාගෙන ඉන්නේ අනිත් කට්ටිය මොකද කරන්න යන්නේ කියලා” සුසිල් උත්තර දුන්නේය. “ඔහොම බල බලා හිටියොත් නම් පරාදයි. අපි නම් කියන්නේ දැන් ඔබතුමාලත් අපිත් එක්ක එකතු වෙන්න කියලයි. දැන් තීන්දුවක් ගන්න ඕනේ. එහෙම නොවුණොත් ඔබතුමාලා කරපු කැපකිරීම්වලින් ඵලක් නැතුව යයි” ප්‍රසන්න පැවසීය.

“තෙල් මිල වැඩිවුණාම අනෙක් හැම දෙයක්ම ගණන් යනවා. දැන් බලන්න බස් ගාස්තු සියයට 20කින් වැඩි කරන්න ඕනේ කියලා බස් සංගම් කියනවා. අනෙක් පැත්තෙන් එළවළු වගේ හැම  දෙයක්ම ප්‍රවාහන වියදම් වැඩියි කියලා වැඩිවෙනවා. මේ හැමදේකින්ම අසරණ වෙන්නේ අහිංසක මිනිස්සු” දිනේෂ් පෙන්වා දුන්නේය. “ආණ්ඩුව ජනාධිපතිවරණයේදී ජනතාවට දුන්නු පොරොන්දු ඉෂ්ඨ කරන්න මාසිකව ලොකු වියදමක් යනවා. ඒ ගාන කවර් කරගන්න තමයි මේ විදිහට තෙල් මිල හිටි හැටියේ ලොකු ගාණකින් ඉහළ දැම්මේ. මිනිස්සුන්ගේ ඡන්ද මංකොල්ල කන්න හිතාගෙන ඔය බොරු පොරොන්දු දෙනකොට මේ අය හිතුවේ නැහැ කවදහරි මේවා ඉෂ්ට කරන්න ගියාම අමාරුවේ වැටෙයි කියලා. දැන් ආණ්ඩුව හොඳටම හෙම්බත් වෙලා” යැයි මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

ඉන්ධන මිල ඉහළ නැංවීම පිළිබඳව හා බස් ගාස්තු ඉහළ නැංවීම පිළිබඳව දැන් දැන් ආණ්ඩුවට විරෝධතා එල්ල වෙන්නට පටන් ගෙන තිබේ. “බස් ගාස්තු සියයට 12කින් ඉහළ නැංවුවා. ඇතැම් බස් සමිති ඉල්ලුවෙත් සියයට 10 යි. ආණ්ඩුව පැනලා එකඟ වුණා. මෙහෙම බස් ගාස්තු වැඩි කරන්න ආණ්ඩුවක් මොකටද” යි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පවසා තිබේ.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරනුයේ බස් ගාස්තු නැංවීම ඉන්ධන මිල වැඩිකිරීම නිසා ඉදිරියේදී ජීවන වියදම ද ඉහළ යන බවකි.

“නිමල් සිරිපාල ඇමැතිවරයාට අවශ්‍ය වෙලා තිබුණේ බස් ගාස්තු සියයට දහයකින් පමණ වැඩි කරන්න. ඒත් සමිති දිගින් දිගටම වැඩි ගාස්තුවක් ඉල්ලුවා. ඒ නිසා ප්‍රශ්නය දුර දිග ගියා. අන්තිමට ඉහළ තැනකින් ආපු ඕඩරයක් නිසා ඇමැතිටත් එකඟ වෙන්න සිද්ධ වුණා” යැයි ද ආණ්ඩු ඇමැතිවරයෙක් රහසක් හෙළි කර තිබිණි.

 



අදහස් (1)

ජනපතිවරණ ඉඟි බිඟි

කුමාර් (ගල්ෆ්) Sunday, 20 May 2018 09:49 AM

ලෝකේ කාපු රටටම එපාවෙච්ච 16දෙනා එල්ලෙන්න පොටක් හොයාගෙන වගෙයි.

:       9       67

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 143 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 16 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 146 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 184 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 134 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 187 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site