IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන්දය භාවිත කිරීමේ සුදුසුකම් ලබා සිටිති. ජනාධිපතිවරණ වියදම රුපියල් කෝටි 800ක් පමණ වනු ඇතැයි ප්‍රකාශයට පත්ව තිබේ. මෙම වියදම එළැඹගත් සිහියෙන් යුතුව හොඳින් මතක තබාගත යුතුය.

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය ඉතිහාසයේ පැවැත්වූ සෑම ජනාධිපතිවරණයකටම ඉඳුරාම වෙනස්ය. මරණය අතින් ගෙන ජනාධිපතිවරණ පැවැත්වූ ඉතිහාසයක් ද අපට තිබේ. ඡන්ද පොළට යෑම සොහොන් බිමට යෑමේ කෙටි මගක් බවට එහිදී පත් විය. එම මාරක අභියෝග මැද වුවද ජනාධිපතිවරණය පවත්වා රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගැනීමට මෙරට ජනයාට අවස්ථාව උදා විය.

ඉතිහාසයේ පැවැති ජනාධිපතිවරණවලට සාපේක්ෂව මෙම ජනාධිපතිවරණය වෙනස් වන්නේ වෙනත් අර්ථයකිනි. අප රට බංකොලොත් බව ලොව හමුවේ ප්‍රකාශ කිරීමට සිදු විය. එය නින්දා සහගත අත්දැකීමකි. එහෙත් යථාර්ථය එය විනා අන් යමක් නොවේ.

අපට අප රට බංකොලොත් යැයි ප්‍රකාශ කිරීමට සිදු වූයේ නිර්මාණය වූ ආර්ථික අර්බුදය හමුවේය. අපට විදේශ විනිමය නැති විය. එහෙයින් ඉන්ධන, ගෑස්, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර හා භාණ්ඩ ආනයනය කළ නොහැකි විය. ඉන්ධන නෞකා රට ආසන්න මුහුදේ දවස් ගණන් කරක් ගසා නැවත හැරී ගිය අවස්ථා තිබිණි.

මෙම පරිසරය තුළ දින ගණනාවක් දිවා රෑ වෙනසකින් තොරව සාපිපාසිතව ඉන්ධන හා ගෑස් පෝලිම්වලද කිරිපිටි පෝලිම්වලද නිරා දුක් විඳීමට මෙරට ජනයාට සිදු විය. කෙසේ වුවද එම තත්වය මේ වනවිට යම් පමණකට සමනය වී තිබේ.

මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ආර්ථික අර්බුදය එසේ යම් පමණකට සමනය වී ඇති පරිසරයකය. එසේ නොමැතිව ජනාධිපතිවරණය හෝ වෙනත් මැතිවරණයක් පැවැත්විය හැකි පරිදි ආර්ථික අර්බුදය සහමුලින්ම සමනය වී ඇති තත්වයක නොවේ.

එබඳු පරිසරයක රුපියල් කෝටි 800ක් මෙම ජනාධිපතිවරණයට වියදම් කිරීමට සිදු වී තිබේ. මෙම මුදල් කන්දරාව යනු ජනතාවගේ ආර්ථික තත්වය ඉහළට ඔසොවා තැබීමට වියදම් කිරීමට ඇති මුදලකි. ඉහළ ගොස් ඇති බඩු මිල පහත හෙළීමට, විදුලිය බිල, ජල බිල්පත පහළට ගැනීමට වියදම් කළ හැකි මුදලකි. එහෙත් ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු හෙයින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එය කළ යුතුවම තිබේ.

ඉහත තත්වය තුළ අප අවධාරණය කරනු ලබන්නේ ජනාධිපතිවරණය සඳහා වියදම් කරන අතිවිශාල මුදල් කන්දරාව නාස්තියක් බවට පත් නොකරන ලෙසය. එම ඉල්ලීම සියලුම දේශපාලන පක්ෂවලින් හා ප්‍රජාතන්ත්‍රවාදී අභිලාසයන්ගෙන් අනූන පොදු මහජනතාවගෙනි.

ඡන්දය සෙල්ලමක් බවට පත් කර නොගත යුතුය. අනික් අතට සාමකාමී සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්විය යුතුය. ඡන්දයට යට කළ මහ මුදල් කන්දරාව නාස්තියක් හෝ අපරාධයක් නොවන්නේ එමගින් පමණි. අපි ඒ දෙස අවධානයෙන් බලා සිටිමු.

 

(***)



අදහස් (0)

ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 433 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 99 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 95 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 413 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 94 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


ශ්‍රී ලංකාවේ සමුපකාරයේ නිර්මාතෘ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ
2025 මාර්තු මස 29 332 0

ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 150 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 736 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site