IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ජීවිතය අවුල්කළ අසම්මත ආදරය

 13_PAGE_4_RASA

 

ජීවිතේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. අපි මේ ජීවත්වෙන සමාජය තුළ ජීවිතයට ළංකර ගන්න සමහර දේවල් අපි නොසිතන විදියට ඒ ලස්සන ජීවිත විනාශ කරනවා. ආදරේ කියන්නෙත් ඒ වගේ දෙයක්.

 


ආදරේ ලස්සනයි, සුන්දරයි. ඒත් හැඟීම්වලට වහල් වෙච්ච ඔයා දකින ආදරේ හිතන තරම් සුන්දර නෑ. මේක තමයි ජීවිතේ. මේ තමයි ආතල් එක, මේක මාරයි... කියලා හිතපු ආදරේ අසම්මත විදිහට මේ ලෝකේ ලියවිච්ච දෙයක්.

1
ආදරේ කියන්නේ හැම කෙනෙක්ම විඳිය යුතු දෙයක්. ඒ ආදරේ කියන අකුරු හතර ඇතුළේ භයකංකර දේකුත් තියෙනවා කියලා ජීවිතේ තේරුම් යනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. ඈ මේ කියන්න හදන කතාව ටිකක් වෙනස් කථාවක්. ඔබ මේ කතාව මොන ආකාරයට භාර ගනීවිද කියලා මම දන්නේ නැහැ. කතාව ටිකක් වෙනස් කිව්වට මේ සිදුවීම් අද අපේ සමාජයේ බහුලව සිදුවන දෙයක්. කතාව කියවලා විවිධාකාර දෝස්මුර අදහස් ප්‍රකාශ කරාවි. ඒ කොහොම වුණත් මේ කතාව අපේ සමාජයේ ඇතුළේ හැංගිච්ච තවත් එක් කතාවක් විතරයි.


ඇය ආදරේ දැක්කේ සාමාන්‍ය පොදු ව්‍යවහාරයේ අපි දකින ආදරයේ සුන්දරත්වයට වඩා වෙනස් විදිහට. මේ කතාව ටිකක් වෙනස් කතාවක් කිව්වේ අන්න ඒ නිසා. සිත් ආකර්ෂණය කරන රුවක් ඇයට හිමි වුණත් ඇය ආදරේ දැක්කේ අපි නොසිතන විදිහකට.


සාමාන්‍ය ගැහැණු ළමයෙකුගේ චරිතයට වඩා ඇගේ චරිතය වෙනස්. සාමාන්‍ය ආදර කතාවකට වඩා ඇගේ ආදර කතාව වෙනස්. මේ දේවල් එක්ක ඇගේ කතාව අපැහැදිලි වුණත් ඇගේ අවනඩුව අපට කිව්වේ මේ විදිහට. 


මේ සමාජයේ ඇය දකින ආදරය පිළිකුල් ඒ වගේම අසම්මතයි. ඒත් මේ දේවල් මේ සමාජය ඇතුළේ බහුලව සිදුවන්නකි. දැනෙන පිළිකුලත් එක්ක ඇය ගැන අප්‍රසාදයක්, මේ මහ ජරාවක් කියලා හිතෙන්න පුළුවන්. ඒත් පුංචි මොහොතකට ඇගේ කතාව අහන්න. කිසි දවසක මව්පියෝ දරුවන්ව කොටු කරලා නම් හදන එකක් නැහැ.


ඇය එරන්දි. ඉගෙන ගත්තේ කොළඹ සුප්‍රසිද්ධ බාලිකා පාසලක. ඇගේ මව්පියෝ රජයේ ඉහළ පෙළේ රැකියා ක්ෂේත්‍රයන්හි නිලතල දැරූ දෙදෙනෙක්. එරන්දිගේ අම්මටයි, තාත්තටයි හිටපු එකම මැණිකත් එරන්දි විතරමයි. අම්මටයි, තාත්තටයි ජීවිතේ ලැබුණු එකම වස්තුව වුණේ එරන්දි. එරන්දි කියන්නේ මාපියන්ගේ අසීමිත ආදරයත් එක්ක උපරිම සැපසම්පත් විඳපු යුවතියක්. ඒත් ඇගේ ජීවිතේ මේ අවනඩුව ලියවෙන්නේ හීනෙකින්වත් නොසිතපු විදිහට. 


● එරන්දි කැමතිද මාත් එක්ක කතාකරන්න.
මොනවා කතාකරන්නද?

 


● ඔයා ගැන....
පත්තරේට මගේ ගැන ලිව්වා කියලා වැඩක් තියෙනවද?

 


● බල කිරීමක් නැහැ. එරන්දි කැමති නම් විතරක් ඔයාගේ කතාව කියන්න.
මෙච්චර කාලෙකට මම කියන දේවල් කවුරුත් පිළිගත්තේ නැහැ. ඒ අය පත්තරෙන්වත් මගේ කතාව අහලා මගේ හිත තේරුම් ගන්නවා නම් ලොකු පිනක්. ඒ තරමටම හිතින් ගොඩක් විඳවනවා. ඒත් අම්මා තාත්තාගේ නම්, වැඩ කරන තැන නම්, පත්තරේට නම් ලියන්න එපා. මම වගේ දරුවෙක් හැදුවට ඒ දෙන්නා දහස්වාරයක් විඳවනවා ඇති.

 


● ඇයි ඒ.....
මම ඒ තරමටම නරකයි. ඇයි මට මෙහෙම වුණේ කියලා වැරදුන තැන මම තවම සොයනවා. මගේ අම්මා ඉහළ පෙළේ ආයතනයක විධායක නිලධාරිණියක්. මගේ තාත්තා වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. පුංචි කාලේ ඉඳලම මම ඉගෙන ගත්තේ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක. පුංචි කාලේ ඉඳලම මට පිරිමි යාළුවෝ හිටියේ නැහැ. අම්මයි, තාත්තයි මට පිරිමි ළමයි ආශ්‍රය කරන්න දුන්නෙත් නැහැ. මම ජීවිතේ ආසම කරපු තැන වුනේ පාසල. මට ගොඩක් යාළුවෝ හිටියේ පාසලේ. මට සහෝදර සහෝදරියෝ නැති නිසා ඒ හිස් තැන පිරෙව්වේ මගේ යාළුවෝ.


පුංචි කාලේ ඉඳලම මම ටියුෂන් පන්ති ගිහින් නැහැ. කවදාවත් පාරේ බස් එකක ගිහින් නැහැ. හැම විෂයකටම ගෙරදට ගුරුවරු ආවා. යන හැම තැනකම අම්මා හරි තාත්තා හරි පස්සෙන් ආවා. පුංචි කාලේ ඉඳලම මම සොයපු නිදහස මට විඳින්න දුන්නේ නැහැ. මේ ජීවිතේ මට පුදුම විදිහට මානසිකව වද දුන්නා.


මමත් ආස කළා මගේ යාළුවෝ වගේ බස්වල යන්න. යාළුවොත් එක්ක ටියුෂන් පන්ති යන්න. මගේ යාළුවෝ ගොඩක් දෙනාට ප්‍රේමවන්තයෝ හිටියා. මමත් ආස කළා පිරිමි ළමයෙකුට ආදරේ කරන්න. මගේ හිතත් ආදරේ කරපු පිරිමි ළමයෙක් හිටියා. ඒත් ඒක හිතටම බොඳ වෙලා ගියා. ඒත් මට පිරිමි ළමයෙක් තියා ගැහැනු ළමයෙක් එක්කවත් විනෝද වෙන්න කතා කරන්න අම්මා ඉඩ දුන්නේ නැහැ. අඩුම තරමේ ගෑනු ළමයෙක් එක්ක කතා කළත් පිරිමි ළමයෙක් එක්ක හිනා වෙලා කතාකරන්න නිදහසක් ලැබුණේ නැහැ.


හැම විෂයකටම ගෙදරට ගුරුවරු ගෙන්නුවා. ගෙදරට ගුරුවරයෙක් ආවත් අම්මා ළඟත් ඉන්නවා. මේ හිර කිරීම නිසා මම මානසිකව හරියට විඳෙව්වා. කතා කරන්න, දුක කියන්න කවුරුත් නැහැ. මිදුලට බැස්සත් අම්මා පස්සෙන්. අම්මා එයාගේ රැකියාවට වඩා හිතුවෙ මම ගැන. මම සාමාන්‍ය පෙළ ලියන්න කිට්ටුවෙනකොට අම්මා වැඩ කරගන්න බැරි වුණොත් රැකියාවෙන් ඉවත් වෙනවා කියලා කියපු අවස්ථා තිබුණා.


අපේ ඉස්කෝලේ බාලිකාවක් නිසා පිරිමි ළමයි ගැවසෙන අවස්ථා හරි අඩුයි. උත්සවයක් වගේ විශේෂ අවස්ථාවලදී අපේ සහෝදර පාසල්වලින් යාළුවෝ එනවා. ඉස්කෝලේ ගේට්ටුවෙන් එළියට යන්න මට අවස්ථාව ලැබුණෙම නැහැ. ඉස්කෝලේ ඇරෙනකොටම අම්මා හරි තාත්තා හරි ගේට්ටුව ළග.
අම්මාගෙයි, තාත්තාගෙයි අසීමිත ආදරය එරන්දිට දැනුණේ මහා වදකාගාරයක් වගේ. පුංචි හිතට එහෙම දැනුණට එරන්දිගේ අම්මයි, තාත්තයි ඇයව ආරක්ෂා කළේ ජීවිතේ එකම මැණික එරන්දි නිසා. ඒත් සීමාව ඉක්මවා එරන්දිගේ නිදහස කොටු කිරීම නිසා පුංචි කාලේ ඉඳලම ඇය ජීවත් වුනේ මානසික පීඩනයකින්. ඒ හැදුණු වැඩුණු පරිසරය එරන්දිට බලපෑවේ භයානක විදිහට. එරන්දිව ඒ තරමට මව්පියන් ආරක්ෂා කළේ ඇයට තිබුණු ආදරේට. ඒත් ඒ ආදරේ අවනඩුවක් විදිහට පෙරළුණු පිට බලන්න.


“මම ජීවිතේ සතුට වින්දේ පාසලේදී විතරයි. ගෙදර පරිසරය මට ජීවත් වෙන්න එපා කෙරෙව්වා. හැබැයි පාසලේ ඕනම බාහිර වැඩකටම වගේ මම තමයි ප්‍රමුඛස්ථානය ගත්තේ. කලා කටයුතුවලදී මම තමයි ප්‍රමුඛයා වුණේ. පාසලේ වේදිකාවේ මගේ රංගනයට සම්මාන පවා ලැබිලා තියෙනවා. උපතයි, මරණයයි මැද ඉපදුණු අපේ ඉස්කෝලෙ මගේ ජීවිතේ අපූරු තැනකට ගෙනිච්චා.


මගේ පාසලේ අසම්මතයි කියලා කියන සම්බන්ධතා මම දැකලා තිබුණා. ඒ දේ හැංගි හොරා කරපු අය එළිපිට කරන තත්ත්වයක් පාසලේ තිබුණා. මම ඒ දෙවල් දැක්කේ පුදුමාකාර පිළිකුළකින්. මම නිතරම ඒ දේවල් පිළිබඳ විරුද්ධව කතා කරපු කෙනෙක්.


මගේ හොඳම යාළුවා වුණේ ඈන්. ගොඩක් වෙලාවට පාසලේදිත්, පෞද්ගලික ජීවිතේදිත් හොඳම යාළුවො වුණේ අපි දෙන්නා. අපි දෙන්නා අතර තිබුණේ පිරිසිදු යාළුකමක් විතරයි. ඒත් ඈන් ටිකක් වෙනස් චරිතයක්. ඈන්ටත් අසම්මත ප්‍රේමයේ සමහර ගතිලක්ෂණ තිබුණා. මම නිතරම ඈන්ගෙන් ඒ දෙවල් මුදවන්න උත්සාහ කළා. අවසානයේ ඇය මගේ ජීවිතෙත් බිලිගත්තා. දවසින් දවස ටිකෙන් ටික ඈන්ගේ ක්‍රියාකලාපත් එක්ක මම ඇයට ගොඩක් අනුකම්පා කළා. මම දෙයක් ප්‍රතික්ෂේප කළොත් පොඩි ළමයෙක් වගේ ඈන් අඬන්න ගත්තා. අපි දෙන්නගේ ජීවිතේ ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා. ඒත් මගේ හිත ආදරේ කරපු කෙනෙක් හිටියා. එයත් මට ආදරේ කළා. ඒත් ඒක තිබුණේ හිතේ විතරයි. මට නිදහස නැහැ, හිරකාරයෙක් වගේ. අම්මා මට ඇසුරු කරන්න දෙන්නේ ගැහැනු ළමයි විතරයි. අම්මා පිරිමි ළමයි මට ඇලජික් කෙරෙව්වා. මේ නිසා මම ඈන්ට ගොඩක් ළං වුණා. ඔය අතරතුර මට විවිධ දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ දේ මොකක්ද කියන්න මට තේරුමක් නැහැ. මුලදි නම් මේ දේවල් ගැන මට මහා පිළිකුලක් ඇති වුණා.


හැම දේම අම්මට කියපු මම මේ දේවල් අම්මගෙන් වසන් කළා. ඈන් කරන කියන හැම දේකදීම මම නිහඬව හිටියේ ඇයිද කියන්න මම දන්නේ නැහැ. මේ දේවල් මේ විදිහට සිද්ධ වෙද්දි මගේ හිත ඒ දේවල්වලට ඉඩ දුන්නේ ඇයිද කියලා හිතා ගන්න බැහැ. ටිකෙන් ටික මම ඒ දේවල්වල ඇබ්බැහි වුණා. ඒ දේවල් එක්ක මගේ හිතේ පිරිමි ළමයෙක් ගැන කැමැත්තක් ඇති වුණේ නැහැ. ඈන් පස්සෙ පස්සෙ අපේ ගෙදරටත් ආවා. ඈන් මගේ හොඳම යාළුවා කියලා අම්මා දැනන් හිටියා. ඒ නිසා ඈන්ට අපේ ගෙදර එන්න ඕන වෙලාවක අවසර තිබුණා. ඇය අපේ ගෙදර එනටව අම්මා අකමැති වුනේ නැහැ. සැක කළෙත් නැහැ. කෙල්ලෝ දෙන්නෙක් එකට කාමරේකට වෙලා මොකද කරන්නේ කියලා අම්මා බලන්නේ නෑනේ.....


මම පිළිකුළක් විදිහට දැකපු ආදරේ මගේ ජීවිතේට නැතුවම බැරි වුණා. මට තේරුම් ගන්න බැහැ. ඇයි මම ඈන්ට ආදරේ කලේ කියලා. මට ගෙදර මොන තරම් සැප තිබුණත් අම්මයි, තාත්තයි මගේ නිදහස හිර කළා. මගේ යාළුවෝ නිදැල්ලේ ජීවිතේ විඳිද්දී ඒවා දිහා බලාගෙන මම මානසිකව විඳෙව්වා. ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙකුගෙන් බලාපොරොත්තු වෙන ආදරය ඈන් බලාපොරොත්තු වුණේ එරන්දිගෙන්. කවදාවත් පිරිමි ළමයෙක් එක්ක හිතවත්කමක් හෝ කතාබහකට හෝ ඉඩ නොදුන්න එරන්දිට පිරිමියෙකුගේ ආදරයට වඩා ඈන්ගේ ආදරය දැනෙන්න ගත්තේ අපේ සංස්කෘතිය ඇතුළේ පිළිකුල් වෙච්ච ආදරයක් විදිහට.


“මගේ” ජීවිතේ ඈන් නිසා ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා. මගේ මනස මහා පඹගාලක පැටලෙව්වා. ඉගෙන ගන්න ආසාවක් ඇති වුණේම නැහැ. මට නිතරම හිතුණා මේ දේවල් නිසා මට පිස්සු හැදෙයි ද දන්නේ නැහැ කියලා. අපි අනෙක් ගෑනු ළමයි වගේ එකට කෑවා. එකට ගමන් ගියා. කවුරුත් අපි ගැන කිසිම සැකයක් හිතුවෙ නැහැ. මේ චර්යාවන් අපේ පාසලේ පුරුදු දේවල් නිසා. අපි දෙන්නා කා අතරෙත් කැපී පෙනෙන චරිත වුණේ නැහැ.”

 


● එතකොට ඔබ ඈන්ට ආදරේ කරන කාලේ පිරිමි ළමයි ආදර යෝජනා ගෙනාවේ නැද්ද?
මොකද නැත්තේ. හරියට ආවා. ඈන්ට වඩා මම ගොඩක් ලස්සනයි. ඈන් ඒකටත් මාත් එක්ක නිතරම රණ්ඩු කළා. ඒත් මට පිරිමි ජාතිය අප්‍රසන්න ජාතියක් වුණා. අනේ මන්දා... මට මොකද මේ වුණේ කියලා හිතා ගන්න බැහැ. ඈන් මට අසීමිතව ආදරේ කළා. මම ඈන්ට ආදරේ කළා. මට පිරිමි ළමයි එපා වුණේ ඈන් නිසා. මටත් ගොඩක් හීන තිබුණා. පිරිමි ළමයෙක් එක්ක යාළුවෙන්න. හිත පිරෙන්න ආදරේ කරන්න. බලාපොරොත්තු කොච්චරද?
මුලින්ම නම් මම ඈන්ගේ යම් යම් ක්‍රියාවන් ප්‍රතික්ෂේප කළා. ඈන් මට ආදරේ කරද්දිත් මගේ හිත ගිය පිරිමි ළමයි දෙතුන් දෙනෙක්ම හිටියා. මගේ පස්සෙන් පිරිමි ළමයෙක් ආවොත් ඈන් තරහට අතපය කපා ගත්තා. අඩුම තරමේ සහෝදර පිරිමි ළමයෙක් එක්කවත් මම කතා කරනවට ඈන් කැමති වුණේ නැහැ.


අපි දෙන්නාගේ හැසිරීම් රටා වෙනස් වුණේ අපි දෙන්නා අතර විතරයි. පිටට අපි සාමාන්‍ය ගැහැණු ළමයි දෙන්නෙක් විතරයි. ඒ ආදරේ හරිම අමුතු දෙයක්. යම් දෙයකදී මම ඇඬුවොත්, දුකෙන් හිටියොත් ඈනුත් අඬනවා. එයා පුදුම විදිහට මට ආදරේ කළා. අපි දෙන්නගේ ආදරේ ගොඩක් දුරදිග ගියා. අපි දෙන්නට දෙන්නා නැතිව බැරි වුණා. මම හිතනවා අම්මයි තාත්තයි මට දුන්නු පීඩනය නිසා තමයි මේ වගේ දේකට මම ඇබ්බැහි වුණේ කියලා.”
ගැහැනු ළමයෙකුට තවත් ගැහැණු ළමයෙක් ආදරය කරනවා. දැන් මේ විකෘති සංස්කෘතිය අපේ සමාජයේ සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ඒ වගේ අපේ සමාජය ඇතුළේ හරි දරුණු වගේම පිළිකුල් විදිහට කිඳා බැහැපු දෙයක් වෙලා. බන්ධනාගාර, විශේෂයෙන් බාලිකා පාසල්, නේවාසිගාර තුළ සුලබව සිදුවන මෙවැනි සිදුවීම් සිදුවන බව අකමැත්තෙන් වුවත් අපට පිළිගන්නට සිදු වෙලා තියෙනවා.


“මම ඈන් වරදක් කළා කියන්නේ නැහැ. මමත් ඇයට ආදරේ කළා. මගේ මව්පියන් වගේම ඈන් මාව ආරක්ෂා කළා. ඒත් අපේ ආදරේ අනාගතයක් ගැන මම හීන දැක්කේ නැහැ. ඈන් හීන ගොඩක් මැව්වා. මට නිතරම කිව්වේ අපි පිටරටකට ගිහින් ජීවත් වෙමු කියලා. හැම දේම ලෝකයට රහසක් විදිහට තියාගන්න මම උත්සාහ ගත්තත්, ඈන් බය වුණා මම පිරිමි ළමයෙකුට ආදරේ කරාවි කියලා. මට පුංචි දුකක්වත් දැනෙනවට ඈන් කැමති වුණේ නැහැ. ඇය නිතරම මගේ ළඟින්ම හිටියා.


ඒත්... මාස ගණනාවක් තිබුණ අපේ ආදරේ ඇයවත් මමවත් නොසිතපු විදිහට වෙනස් වෙන්න ගත්තා. මුහුණු පොතේ මට ආදරය කරපු පිරිමි ළමයෙක් මම මත්තෙම මැරෙන්න හැදුවා. මගේ හිතේ පිළිකුලක් තිබුණත් ඔහුගේ ආදරේ මට අමුතු විදිහට දැනෙන්න ගත්තා. මම අශේන් එක්ක කතා කරනවට ඈන් කැමති වුණේ නැහැ. අශේන් මාත් එක්ක මුහුණු පොත හරහා දිගින් දිගටම කතා කළා. ආසාවක් ආදරයක් ඇති නොවුණත් මම කතා කළා. ඒ කතා කළත් මම වැඩිපුරම අශේන් එක්ක කතා කළේ ඈන් ගැන.


ඒත් අශේන්ට අපේ ආදරේ වෙනසක් දැනුණේ නැහැ. ඈන් දිගින් දිගටම මම අශේන් එක්ක කතා කරනවට අකමැති වුණා. ඈන්ගෙයි මගෙයි ආකර්ෂණය පිළිබඳ නිතර ප්‍රශ්න ඇති වුණා. ඈන්ට වඩා මට ගොඩක් කැපිලා පේන රූපයක් තිබුණා. ඈන්ට ඒ දෙවල් එක්ක ඊර්ෂ්‍යාවක් ඇතිවුණා. තරහට ඈන් අත පය කපා ගත්තා. වේදනා නාශක පෙති බිව්වා. ඈන්ට දරාගන්න බැරි අවස්ථාවල මට ගහලත් තියෙනවා. දවසක් අශේන් මට එවපු මැසේජ් එකක් බලලා ඈන් මගේ කම්මුලට ගැහුවා. මම තවත් අශේන් එක්ක කතා කළොත් ඈන් මැරෙනවා කිව්වා. මට ගොඩක් දුක හිතුණා. ඇත්තටම මම ඈන්ටත් ආදරේ කළා. මට එදා කම්මුලට ගහපු එක දරාගන්න බැරුව ඈන් හොඳට හැඬුවා. ඈන්ට මම නැතුව ජීවත් වෙන්න බැහැ කිව්වා. ඇය මම නිසා කිහිප වරක්ම ජීවිතේ නැති කරගන්න උත්සාහ කළා. ඈන් දරාගන්න බැරුව දැනට මාස දහයකට ඉහතදී ගෙල වැලලාගෙන සිය දිවි නසාගත්තා. ඈන් ජීවිතේ නැති කරගත්තේ ලියුමක මේ සියලු විස්තර ලියා තබලා. ඇගේ මරණයට වැරදිකාරිය වුණේ මම.”

 


● එතකොට අශේන්ට මොකද වුණේ?
මගේ හිත අශේන්ට ආදරේ කළේ නැති වුණාට මගේ හිත අශේන්ව සෙව්වා. ඈන්ගේ මරණයත් එක්ක මේ දේවල් හැමෝම දැනගත්තා. අශේනුත් හැමදේම දැනගත්තා. පාසලෙන් මාව ඉවත් කළා. මේ හැම ලැජ්ජාවක්ම හිතේ දරාගෙන අම්මයි තාත්තයි නීතිය ඉදිරියේ මගේ හෙවනැල්ල වුණා. මට අශේන්ට මුහුණ දෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඈන්ගේ මරණයත් එක්ක අශේන්ට ආදරේ කරන්න තරම් මානසිකත්වයක් මට තිබුණෙත් නැහැ. අශේන් මට ආදරේ කළත් කවදාවත් අශේන්ගේ දෙමාපියෝ මං වගේ ගෑනු ළමයෙක්ව කසාඳ බඳින්න දේවිද? ඒ දේවල් මගේ හිතේ දෝංකාර දුන්නා. මට තවත් විඳවන්න බැහැ. මම මගේ හිත හදාගන්න උත්සාහ කළා. තවමත් උත්සාහ කරනවා. අශේන් කොහේ ඉන්නවද කියන්න මම දන්නේ නැහැ.


මට මගේ ජීවිතේ අරමුණක් බලාපොරොත්තුවක් නැහැ. මගේ අම්මට තාත්තට අද පාරේ බැහැලා යන්න විදිහක් නැහැ. මම නිසා පාසලට, පවුලට ලොකු ලැජ්ජාවක් වුණා. වැරදුණු හැමදේම හදාගන්න උත්සාහ කරනවා. මම තාමත් ඈන්ට ආදරෙයි. මට ඈන්ව නිතරම මතක් වෙනවා. කවදාහරි දවසක මම ජීවත්වෙන්න විදේශ ගත වෙනවා. මට ලංකාවේ ඉන්නකොට ඈන්ව මතක් වෙනවා.


එරන්දිව මාපියෝ ගෙදර කොටු කරලා හදපු ඒ පීඩනයත් එක්ක එරන්දි ලිංගිකත්වය දැක්කේ අමුතු විදිහකට. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක කතා කරන එක, ආදරය කරන එක ජීවිතවලට අත්‍යාවශ්‍ය දෙයක්. ඒ අත්දැකීම ඕනම ජීවිතයකට පොදු දෙයක්. මේ නිදහසට මාපියෝ වැට කවුළු බඳින්න එපා. දරුවන්ව ආරක්ෂා වගේම මානසික නිදහසත් අත්‍යවශ්‍යයි. අම්මලා ආදරේ වැඩි කමට කරන සමහර දේවල් දරුවන්ගේ ජීවිත අඳුරු කරන්න පුළුවන්.
ලෝකයේ බොහෝ රටවල සමලිංගික සබඳතා අනුමත කර තිබුණත් ලංකාවේ සංස්කෘතියට අනුව සමලිංගිත්වය කියන්නේ අපේ සදාචාරයට පටහැනි දෙයක්. සමලිංගිකත්වය කියන්නේ ආදරයක් නෙමෙයි. එක්තරා විදිහකට පෙමින් බැඳීමක් වුණත් ඒ ආදරය කිසිසේත්ම ජීවිතය වෙන්නේ නැහැ. මේක හරි පාර කියලා හිතන්න එපා. මේක අපේ සමාජයේ පිළිකුල් වෙච්ච වැරදි ආදරයක්.

m



අදහස් (5)

ජීවිතය අවුල්කළ අසම්මත ආදරය

ඉසුරි Monday, 19 September 2016 02:03 AM

අනේ මන්දා! මට දැනෙන හැටියට එරන්දි වරදක් කරන්නේ

:       1       2

සංජීව Thursday, 18 February 2016 08:07 AM

දෙමවුපියන් උගත්. හැබැයි බුද්ධිය බින්දුවයි. (ර)

:       5       2

සෂිමාල් Tuesday, 23 February 2016 09:42 AM

සංජීව හරියට හරි. (ර)

:       1       0

රොෂේන්- රියාද් Wednesday, 17 February 2016 01:26 PM

හොඳ වෙලාවට මෙහෙමහරි ගිහින් බේරුනේ (නි)

:       1       0

චතුරංග අල්විස් Thursday, 21 February 2019 11:30 PM

දෙමාපියන්ට හොද පාඩමක් මේක.

:       1       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 2909 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 353 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 987 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 86 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site