IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ටෙනී

ටෙනිසන් කුරේ ගැන මේ දවස් ටිකේ නොයෙක් දෙනා නොයෙක් දේ ලියන කියන හැටි දැක්කා. හොඳ නරක විවේචන, පැසසුම් ගොඩයි. දැන් ඒ කිසි දෙයක් අහන්න දකින්න ටෙනිසන් නෑ. ඊයෙ ටෙනිසන් සියල්ල අතඇරලා සමුගත්තා. ඒ ලියපු, කියපු හැමදේකින්ම තේරුම් යන්නෙ ටෙනිසන් කතාබහට ලක්වෙන වැඩක් කරපු මිනිහෙක් කියන එක.

ඉතාම පැහැදිලිව මෑත කාලෙ සිනමාව තුළ ටෙනිසන්ගේ භූමිකාව තීරණාත්මක එකක්. මොන විවේචන ඔහුගේ රඟපෑම් සම්බන්ධයෙන් මතුවුණත් ඒ මැදිහත්වීම මඟහැර යා නොහැකි එකක්. ඇතැම් රඟපෑම් පිළිබඳව අපිටත් විවේචන තියෙනවා. ඒත් ඔහු මේ තරම් …ඉහළට යන්නේ කොහොමද කියන එක නිරීක්ෂණය කරල බලන එක වැදගත් තාක්ෂණයක්.

අපේ සිනමාවේ ප්‍රහසන නළුවන් ඕන තරම් හිටියා. ඉතා ඉහළ රඟපෑම් තිබුණු අය ඒ අතර හිටියා. එහෙම නළුවන්ගේ ලැයිස්තුව අද වෙද්දි තියෙන තැන නම් තියෙන්නෙ කනගාටුවක්. අද ප්‍රහසන නළුවන්ගෙ බරපතළ හිඟයක් තියෙනවා. අපේ සිනමාව තුළ ඉන්න බොහෝ දෙනා විකාරකාරයො මිසක් ප්‍රහසන නළුවො නෙවෙයි. ඒ ලැයිස්තුවෙ තීරණාත්මක නම් දෙකක් විදියට බන්දු-ටෙනී හිටියා. ෆිල්ම් දුවවන්න හැම නළුවට නිළියටම බැහැ. වීරයට කොල්ලට කෙල්ලට රඟපාපු නළු නිළියො චිත්‍රපට දුවවපු ඉතිහාසයක් අපේ සිනමාවෙ තිබුණා. ඊට අමතරව චිත්‍රපට දුවවන්න පුළුවන් මට්ටමේ නළුවෙක් වෙනව කියන්නේ තරමක් සැලකිය යුතු වැඩක්.

රෝයි ද සිල්වා මුණගැහුණු වෙලාවක එයා කියපු කතාවක් මට මතක් වෙනවා. මේ වෙලාවෙ ‘‘රෑ ඩැනියෙල් දවල් මිගෙල්’’ පළමුවැනි චිත්‍රපටය බොක්ස් ඔෆිස් රෙකෝඩ් කිව්වම ඒකෙ දෙවෙනි, තුන්වැනි කොටස් චිත්‍රපටි හදන්න බය නැතුව අත තිබ්බෙම බන්දු - ටෙනී දෙන්න නිසා කියල රෝයි කිව්වෙ. එහෙම විශ්වාසය තියල චිත්‍රපටි හදන්න නළුවො දැන් නම් නැති තරම්.

ටෙනී නිකම්ම නළුවෙක් විතරක් නෙවෙයි. මිනිහා තිර රචකයෙක් විදියට අවස්ථා කීපයකදී අපේ සිනමාවට හවුල් වෙනවා. ඒවයි දෙබස් එහෙම බැලුවම පේනවා ටෙනී විහිළු කාරයෙක්ම නෙවෙයි කියල. ඒ වගේම සමාජ, දේශපාලන කාරණා හාස්‍යයට ලක් කරන ආකාරයේ දෙබස් ටෙනිසන්ගේ වේදිකා නාට්‍යවලත් තිබුණා. ඒ නාට්‍ය ඔක්කොම වගෙ රචනා කළේ ටෙනී. ඒ නාට්‍ය මිනිස්සු පොර කකා බැලුවෙ ඔය ප්‍රසිද්ධම විවේචනය වන දෙපිට කැපෙන වචන නිසාම නෙවෙයි. ටෙනී රැල්ලක් හදපු නාට්‍යකාරයෙක්. ඒ රැල්ල ගැන විවේචන තිබුණා. ඒක එදිරිවීර සරච්චන්ද්‍රගෙ වේදිකා නාට්‍ය විලාසය නෙවෙයි. ඒක ටෙනිසන් කුරේගෙ විලාසය. ටෙනිසන් වේදිකා නාට්‍යවලට එෆ්.එම්. මයික් පාවිච්චි කරද්දී බොහෝ අය ටෙනිසන්ට බැන්නේ නාට්‍ය කලාවේ ගුණය විනාශ කරනව කියලා. ඒත් ඒ බැණ බැණ ගියපු අයම පස්සෙ වේදිකා නාට්‍යවලට එෆ්.එම්. මයික් පාවිච්චි කළා. ඔහොම තමයි අද ටෙනිසන්ව විවේචනය කරන අය තව අවුරුදු කීපයකට පස්සේ ටෙනිසන්ගෙ ගුණ සැමරුම්වලට ඇවිත් මිනිහව හඳේ කියල කතා කළොත් පුදුම වෙන්න දෙයක් නෑ.

බන්දු - ටෙනී ගැන එක වෙලාවක මම මේ සටහනේම විවේචනයක් ලිව්වා. ඒ ගැන එයාල කරපු ටෙලිවිෂන් වැඩසටහන්ද මාව විවේචනය කළා. ඒත් අපි අතරෙ කිසිම පුද්ගලික ආරෝවක් තිබුණෙ නෑ. අමරදේවගෙ අවමඟුල වෙලාවෙ ටොරින්ටන් එකේදි ටෙනිසන් කුරේයි, මායි කතාබහක ඉන්න අතරෙ ආපු ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් ඇහුවෙ ඔයාලගෙ රණ්ඩුව ඉවරද දැන් කියලා. ටෙනිසන් තමයි ඒකට හොඳම උත්තරේ දුන්නේ.

‘‘මොන රණ්ඩුද මෙයා. අපිට මේ ගොල්ලො ගහනවා වගේ නෙවෙයි වැඩේ කොරන්න ගියාම. අපි කොරනව වගේ නෙවෙයි මේ ගොල්ලො බලන්න ගියාම. ඔය හැප්පිල්ල නැත්තං වැඩකුත් නෑ. ඒකෙනෙ අපි දැනුත් මේ හොඳට කතාකරන්නේ’’

මේක කලාකරුවෙකුගෙන් මම අහපු මාර කතාවක්. මොන විවේචන ආවත් ටෙනිසන්ල තමන්ගෙ වැඩේ කරගෙන ගියා. සමහර විවේචන හිතට ගන්නත් ඇති. සමහර ඒවා නොසලකාම ඉන්නත් ඇති. ඒ කොහොම වුණත් ටෙනිසන්ගෙ වියෝවත් එක්ක මේ තරම් සමාජ කතාබහක් ඇති වෙන එකෙන්ම පේනව ටෙනිසන්ගෙ තරම. ටෙනිසන් කියන්නෙ ටෙනිසන්. එච්චරයි.

(*** ප්‍රියන්ත කොඩිප්පිලි)

 



අදහස් (2)

ටෙනී

ශාන් Wednesday, 07 October 2020 03:06 PM

ටෙනිසන් කුරේ කියන්නේ කතාබහට ලක්වුණු චරිතයක් කීම ඇරෙන්න මේ ලිපියේ වෙන කිසිම දෙයක් නෑ. මම ප්‍රියන්ත මහත්මයාව දන්නේ නැ. මම හිතනවා එතුමා විචාරකයෙක් වෙන්න ඇති කියලා. සිංහල සිනමාව පිරිහීගෙන ආවා නම් ඔබතුමාලා ඒකට වගකියන්න ඕනේ නෑ. මොකද කවදාවත් අහිතවත් හෝ සාධනීය හෝ කොටින්ම මෙලෝදෙයක් විචාරකයෝ කළා කියලා මම අහලා නැහැ. ඔබතුමන්ලා ගැන සුනිල් පෙරේරා මහත්තයා කියපු විග්‍රහය ඉතාම දරණු නමුත් ගැලපෙන දෙයක් විදියටයි මම දකින්නේ. ඔබතුමා ඒ කතාව දන්නේ නැත්තන් හොයාගෙන කියවන්න යන්න එපා. දුක හිතෙනවා.

:       2       0

Bamunuarachchi Saturday, 10 October 2020 04:13 PM

මෙයාගේ විහිළුවලට ඔයගොල්ලන්ට හිනාගියාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 566 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 757 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 129 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 385 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 549 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 922 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 499 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 711 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2002 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site