ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි කොටස මුදාහැරීමට අවශ්‍ය කාර්ය මණ්ඩල එකඟත්වය ලැබුණු බව පසුගියදා වාර්තා විය. ඒ අනුව මූල්‍ය අරමුදලේ කළමනාකරණ සහ විධායක අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසුව ඩොලර් මිලියන 330ක් වූ ණය වාරිකය ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත ය.
ජාත්‍යන්තර ණය ආධාර මත අධික ලෙස බලාපොරොත්තු රඳවා ඇති මෙරට ආර්ථිකය මේ වනවිට මුහුණ දී සිටින තත්ත්වය අනුව මේ ප්‍රවෘත්තියට හිමිවන්නේ විශේෂ වටිනාකමකි. පැහැදිලිව එය අසාධ්‍ය රෝගියකුට සේලයින් ලබාදීමක් බඳු ය.
තවදුරටත් ප්‍රතිකාර ලැබෙනතුරු යාන්තම් පණනල ගැටගසා ගැනීමට එසේ ලබාදෙන සේලයින් උපයෝගී වන්නා සේ ම මූල්‍ය අරමුදලෙන් ලැබෙන දෙවැනි වාරිකය ද ආර්ථිකය යන්තමින් ඉදිරියට පවත්වාගෙන යාමට උත්ප්‍රේරකයක් වශයෙන් ක්‍රියාකරනු ඇතැයි අපි සිතමු. ඒ ගැන රට තුළ තිබෙන බලාපොරොත්තුව ද ඉහළ ය.
කොතරම් ඉහළ බලාපොරොත්තු රඳවාගෙන තිබුණත් මේ ලැබෙන්නේ ණය ආධාර මුදලක් බව කිසිවකුත් අමතක කළ යුතු නැත. අප විශේෂයෙන් මේ කරුණු පවසන්නේ රටේ දේශපාලන අධිකාරියටයි. මූල්‍ය අරමුදලෙන් ණය වාරිකයක් නිදහස් කිරීම යනු කිසිසේත් ම උදම් ඇනීමට කාරණයක් නොවේ. එය රටේ දේශපාලනයට සම්බන්ධ කිරීමෙන් ලැබෙන කෙංගෙඩියක් නැත. කළ යුත්තේ එම ණය ආධාර මුදල නිවැරැදිව භාවිත කිරීමට අවශ්‍ය කාරණා ඉටු කිරීම මිස ඒ ගැන පම්පෝරි ගැසීම නොවේ.
මූල්‍ය අරමුදලින් ණයගන්නා තැනට රට තල්ලුකර රට බංකොළොත් කිරීමට ඉහළ දායකත්වයක් සැපයූ ඇතැම් මැති ඇමැතින් මේ වාරිකය මුදාහැරීම සඳහා වන එකඟත්වය ලැබීමටත් පෙර සිටම ඒ ගැන මහත් අභිමානයකින් කතා කරනු ද අපට දැකගන්නට ලැබිණි. ඒ අයගෙන් අප ඉල්ලා සිටින්නේ පසුගිය වසර දෙක තුනක කාලය තුළ දී තමන් ක්‍රියාකළ ආකාරය පිළිබඳ පසු විපරමක යෙදෙන ලෙස ය. රටේ ආර්ථිකය බංකොළොත්වීම සහ තම තමන්ගේ කෙරුවාව පිළිබඳ හොඳ තක්සේරුවකින් පසුව අරමුදලේ ණය මුදාහැරීම පිළිබඳව උදම් ඇනීම වඩාත් සුදුසු යැයි අපි සිතමු.
මූල්‍ය අරමුදලින් ලැබෙන ඩොලර් ප්‍රමාණය වැටුප් ගෙවීමට, කෑමට, බීමට වැය කිරීමට යොදා නොගැනීම දේශපාලන අධිකාරියේ වගකීම වෙයි. රට ඉදිරියට ගමන් කරන්නේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ බව යථාර්ථයයි. එසේම මේ විස්තීර්ණ ණය ආධාර මුදල ලබාගැනීම සඳහා ලොකුම කැපකිරීම් සිදුකර ඇත්තේ දේශපාලනඥයන් නොව රටේ පොදු මහජනතාව බව ද අවබෝධ කර ගැනීම අවශ්‍ය ය. කර මුලටම හිරවෙන තෙක් බදු වැඩිකිරීම්වලට මෙන්ම සියයට දෙසීයකින් පමණ විදුලිය ගාස්තු වැඩි කිරීම්වලට ද මුහුණ දුන්නේ මේ පොදු මහජනතාව ය.
ඒ සමඟ තෙල් මිල වැඩිවීම් මෙන්ම ආහාර ඇතුව සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යාම ද සිදුවිය. එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය කිරීම හරහා ඊ.පී.එෆ්. අරමුදලින් කැපකිරීම් කළේ ද මේ රටේ වැඩකරන ජනතාවයි. මූල්‍ය අරමුදලේ ණය ආධාර අපට ලැබෙන්නේ ජනතාව සිදුකරන මේ කැපකිරීම් හේතුවෙන් බව කුමන මොහොතක හෝ අමතක කර දැමිය යුතු නොවේ.
ඒ අතරම කිව යුත්තේ අපේ රටට හැමදාමත් මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් මත පමණක් රැඳී සිටිය නොහැකි බව ය. එම ණය වාරිකය ලැබීමෙන් යම්තාක් දුරකට ආර්ථික පීඩනය ලිහිල් වෙයි නම් ඒ ඉඩකඩ භාවිත කළ යුත්තේ රටට මුදල් උපයාගත හැකි මාර්ග විවෘත කර ගැනීමට ය.
මුදල් උපයා ගැනීම සඳහා සිදුකළ හැකි එකම ක්‍රියාව පාඩු ලබන රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පමණක් නොවන බවත් මෙහිදී පෙන්වා දිය යුතු ය. ඒ සඳහා රටට විදේශ විනිමය රැගෙන එන ඍජු ආයෝජන වර්ධනය කර ගැනීම ද නිෂ්පාදන ආර්ථිකය ඉහළ නංවා ගැනීම ද සිදුකළ යුතු ය. ඒ වෙනුවෙන් විශාල වෙහෙස මහන්සියක් දැරීමට ද කැපකිරීම් කිරීමට ද මේ රටේ බලාධිකාරීන්ට සිදුවන බවත් පෙන්වා දිය යුතුය.
රටට ඩොලර් උපයාගැනීම වර්ධනය කර ගැනීමට දේශපාලකයන්ට සිදුකළ හැකි ලොකුම කාර්යභාරය නම් රටේ ඉහවහා ගොස් තිබෙන දූෂණය හා වංචාව මුලිනුපුටා දැමීමට අවශ්‍ය ඉහළම පියවර ගැනීම ය. මේ බව ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදෙන මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොන්දේසියක් වශයෙන් ද සඳහන් කර ඇති බවත් සියලු දෙනාටම යළි යළිත් මතක් කරදෙනු කැමැත්තෙමු.
(***)
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ණය වාරිකය ලැබීම උදම්වීමට කරුණක්ද?
pakeer Wednesday, 25 October 2023 07:45 PM
උදම් අනන්නේ හොරු... අපි නම් නෙවෙයි. මොන්ටිසෝරි යන ළමයා පවා දන්නවා ණය ගන්නේ බැරිකමට කියලා.. ඒවා ගෙවන්නත් ආයේ බැහැ. තවතවත් කෙළවෙනවා කියලා... ඕවට රැවටෙන්නේ ඔය ප්‍රධාන පක්ෂ දෙකේ ඉන්න බත්කන බූරු ජනතාව...