සැන්දෑ අහස අඳුරු පැහැ ගැන්වී තිබිණි. බටහිර දිගින් බැසයන සූර්යයා ගිනිබෝලයක් මෙන් බැබළිණි. සමන් එදෙස බලාසිටියේ දැඩි ඕනෑකමිනි. ‘‘මේ උඹ ගෙදර යන්නේ නැද්ද?’’ එළියේ සිට බංකරයට පැමිණි ජනිත් සමන්ගෙන් ඇසුවේ ඔහු සමවැදී සිටි දැහැනද බිඳ දමමිනි. යන්න ඕනෑ... සමන් පැවසුවේ ඈත අහස දෙස බලමින්මය. මම ලොක්කගෙන් නිවාඩු අනුමත කරගන්න ඕනැ. මේ දවස්වල නිවාඩු ගන්න එක ලේසි නෑනෙ. යුද්දෙත් හොඳටම තදයිනේ. බංකරය මතට හේත්තු කර තිබූ ටී56 තුවක්කුව අතට ගත් සමන් එළියට බැස්සේ එසේ කියමිනි. මම පොඞ්ඩක් එළියට යනවා. උඹ චෙක්පොයින්ට් එකේ හිටපං. බංකරය මත වැලි කොට්ටයේ වාඩිවී සිටි ජනිත්ද එතැනින් නැගිට වටපිට බලා නැවතත් එහිම වාඩි වූවේය.

එදින සවස් යාමයේ නිවාඩු ලබා ගැනීමෙන් පසුව සමන්ට ඇතිවූයේ කියා නිමකළ නොහැකි තරමේ සතුටකි. දරුවාගේ සහ තම බිරිඳගේ මුහුණ බැලීමට නොනිත් ආශාවකින් පසුවූ සමන් සිහින මවන්නට වූයේ තම නිවසට යන හැටිය. ඔහු නිවසට යන්නේ මාස 4කට පමණ පසුවය. ඔහුගේ බිරිඳ වූ තරංගාට තෑගිත් දරුවාට අවශ්‍ය සෙල්ලම් බඩු සහ රසකැවිලි ආදියත් අරගෙන යා යුතුය. ඔහුගේ සිත කීවේය. කෑම්ප් එකේ සිට ඔහු ගෙවල් බලා පිටත් වූයේ ඉහවහා ගිය සතුටකිනි. ඒ සඳහා ඔවුන්ට ට‍්‍රක් රථ ලබාදී තිබිණි. එමඟින් අනුරාධපුරයට පැමිණි ඔහු වැල්ලවායට පැමිණෙන බස්රථයක ගොඩනැගුණේ නිවසට පැමිණීමටය.
ඔහු අතේ වූ ඔරලෝසුව වෙත නෙත් යොමු කළේය. සමන් නිවසට එන බව කිවූ දා පටන් තරංගා ඔහුව පිළිගැනීමට සිටියේ නොඉවසිල්ලෙනි. තම ආදරණීය සැමියා පැමිණෙන්නේ මාස 4කට පමණ පසුය. ඔහුගේ මුහුණ දැකීමට ඇයට තිබුණේ දැඩි ඕනෑකමකි. ‘‘පුංචි පුතා මෙහෙ එන්න හබුන් කන්න’’ තරංගා දරුවාට කතාකළේ පිඟානට බෙදාගත් බත් එළවළු සමඟ මුසු කරමිනි. දරුවාට කෑම කැවීම සඳහා ඇයට උදේ සවස මහත් ආයාසයක් දරන්නට සිදු විය. තරංගා කොතරම් කෑ මොර දුන්නද දරුවා කිසිවක් නෑසුණාක් මෙන් සිටියේ කෑම කන්නට කැමැත්තක් නොදක්වන නිසාය. ‘‘සදෙව් මෙහෙට එන්න පුතා. අද තාත්තා එනවා. මගෙ පුතාට කෑම ජාති සෙල්ලම් බඩු ගොඩක් ගෙනෙයි. ඔයා හබුන් කෑවෙ නැත්තං මම තාත්තට කියනවා කිසි දෙයක් දෙන්න එපා කියලා... ඒක හින්දා හොඳ පුතා වගේ කන්නකෝ...’’ ගේ තුළ සුළු මොහොතක් නිහඬතාව පැතිරිණි. පුංචි සදෙව් තම මව වෙතට දිව ආවේ මිටින් හළ කුරුල්ලකු මෙනි.
මගෙ හොඳ පුතා යැයි කියමින් තරංගා තම පුතුට බත් කැව්වේ ඔඩොක්කුවට ගනිමිනි. ඇගේ උණුසුම ලබමින් පුංචි පුතා කෑම කෑවේ වැඩි උනන්දුවකින් තොරවය. ඉන් සුළු මොහොතකට පසු සමන් නිවසට පැමිණියේය. තම සැමියා දුටු තරංගාට ඇතිවූයේ කියා නිමකළ නොහැකි සතුටකි. බෑගය පුටු සැටිය මතට දැමූ ඔහු එහි වාඩිවූයේ දැඩි මහන්සිය නිසාය.
කෝ දරුවා....
‘‘මේ දැන් නින්ද ගියා... මෙච්චර වෙලා බලන් හිටියා තාත්තා එනකං කියලා... කවාගත්තෙත් හරිම අමාරුවෙන්.
එසැණින් හිඳ සිටි හුනස්නෙන් නැගී සිටි සමන් තම පුතු ළඟට ගොස් දරුවා සිපගත්තේය. එවිට ඔහුට දැනුණේ මුළු ලොවම ඔහු අතට පත්වූ ආකාරයකි. සමන් තරංගා දෙස බලා සිනාසුණේ තම පුංචි පුතුගේ සුරතල් මුහුණ දෙස බලමිනි. තරංගාත් ඔහු දෙස බලා හිඳ ඇය ගෙන ආ තේ කෝප්පය ඔහු අත තැබීය. සමන්ගේ ගත දහදියෙන් තෙත්ව තිබිණි. ඒ දුටු තරංගාට ඇතිවූයේ දැඩි දුකකි. අව් කාෂ්ටකේට මූණ ඇදිලා ගිහින්. සමන් එයට පිළිතුරක් නොදීම සුසුමක් හෙළමින් එයට එකඟවූවාක් මෙන් හිස සලා ඉවත බලාගත්තේය. සමන් නිවසේ සිටින විට තරංගා වැඩපළ කළේ ඉතා සතුටිනි. ඇය ඔහුගේ සියලූ වැඩ කටයුතුත් දරුවාගේ වැඩත් නොපිරිහෙළා ඉටු කරන්නට විය.
තරංගා... තරංගා... සමන් කෑ මොර දෙන්නට වූයේ ඇය පෙනෙන තෙක් මානයක නොසිටි බැවිනි.
ඇය නැවත පැමිණියේ සුළු වේලාවකට පසුය. සමන් ඇය පැමිණෙන තෙක් බලා සිටියේ ඇය ඈත සිට එනු දුටු නිසාය.
‘‘මම මේ කොස් ගෙඩියක් කඩන්න ගියා. ඔයා කැමතියිනෙ කොස් කන්න’’
තරංගා තමාට කෙතරම් ආදරේද? සමන්ගේ සිත කීවේය. ඇය ඔහු සමඟ යාළුවුණේ පාසල් අවධියේය. ඇය සමඟ පෙම්කළ අවධිය ඔහුගේ මතකයට නැංවුණේ නිරායාසයෙනි. සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ පසු ඔහු හමුදාවට ගිය හැටිත් තරංගා ලබාගැනීමට දැඩි සටනක යෙදුණු හැටිත් ඔහුට සිහිපත් වන්නට වූවේය. තරංගාගේ නිවසින් සමන්ට කිසිසේත්ම කැමැත්ත ප‍්‍රකාශ කළේ නැත. ඔවුන් දෙදෙනා විවාහයට පත්වූයේ සියල්ලන්ගේම අකමැත්ත මතය. ඒ සියලූ සිදුවීම් ඔහුගේ සිතට එකින් එක ගලා එන්නට වූයේ පැරණි මතකයන් කටුක වුවත් එහි සුන්දරත්වයක්ද ගැබ්ව තිබූ බැවිනි.
මොනවද මේ අහස පොළොව ගැටලන්න කල්පනා කරන්නේ?
කල්පනා සයුරේ ගිලී සිටි සමන් තරංගාගේ හඬින් අවදිවන්නට වූයේ ඒ මොහොතේය. සමන්ගේ සති දෙකේ නිවාඩුවද ගෙවී ගොස් තිබිණි. ඔහු වැඩට යාමට පිටත්වන මොහොතේදී පුංචි පුතු ඔහුගේ ඇගේ දැවටෙමින් සිටියේය. ඔහුට ඒ මොහොතේ ඇති වූයේ දැඩි සිත් වේදනාවකි.
‘‘තාත්තෙ ආයෙත් එද්දි චොක්ලට් ගේන්න’’
හ්ම්... මම ආයෙත් එද්දි මගෙ පුතාට චොක්ලට් ගොඩක් ගේන්නම්කෝ... එසේ කියමින් ඔහුගේ ඇඟ වටා දැවටී සිටි පුංචි පුතා තුරුලූ කරගත්තේ උතුරා ගිය පිය සෙනෙහසකිනි. සමන් නැවතත් සිය රාජකාරී කටයුතු සඳහා පිටත්ව ගොස් සති දෙකක් පමණ ගතවිය. වැඩිකල් යන්නට මත්තෙන් කොටි බංකර හමුදාව යටතට ගැනිණි. ඉන් දිනකට පසුව කොටි බංකර කිහිපයකට ප‍්‍රහාර එල්ල කිරීමට හැකිවුණේ ඔවුන්ගේ බලාපොරොත්තු මල්පල ගන්වමිනි. එහෙත් අවට අටවා තිබූ බිම් බෝම්බ කිහිපයක් පුපුරා යාමෙන් හමුදා සෙබළු කිහිපදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් කිහිපදෙනෙක් තුවාල ලැබූහ.
සමන්ද බිම් බෝම්බයකට හසුව තුවාල ලබා රෝහල් ගත කෙරිණි. ඒ ආරංචිය කනවැකුණු තරංගාට ඇතිවූයේ දැඩි කම්පනයකි. කිසිවක් සිතාගත නොහැකිව ඇය බලාගත් අතේ බලා සිටින්නට වූයේ අරමුණකින් තොරවය. ඇගේ දෙනෙතින් නැගුණු කඳුළු දෙකොපුල දිගේ ගලායමින් තිබිණි. සිතට ධෛර්යය උපදවා ගන්නට මොහොතක් ගතවිය. ඇය තවත් කිහිපදෙනෙකු සමඟ සමන් බැලීමට රෝහල වෙතට ගියේ ගැහෙන හදවතිනි. පොරවනයකින් ඔහුගේ ඇඟ වසා තිබිණි. ඇය ඔහු ළඟට ගියේ කලබලකාරී ස්වරූපයෙනි. අවාසනාවන්ත සිදුවීමක් සිදුව ඇති බව ඇයට දැනෙන්නට විය. දෙපා පොරවනය ඉවත් කොට බැලූ ඇයට දැකගත හැකිවූයේ පාදයක් සහ අතක් අහිමිව ඇති ඔහුගේ ශරීරයයි.
ඇය හඬනඟා ඔහුගේ පාදය අල්ලා හඬා වැටෙන්නට වුයේ සිතේ දුක දරාගන්නට නොහැකිවය. සීතල වූ ගත අප‍්‍රාණික වී යන අයුරක් ඇයට දැනෙන්නට වූයේ එවිටය. යුද්ධය කෙතරම් බියකරු දැයි තරංගාට වැටහුණේ සමන් රඳවා සිටි රෝහලේ වාට්ටුවට පය තැබීමෙන් අනතුරුවය. විවිධ අනතුරුවලට ලක් වූවන්ගෙන් එම වාට්ටුව පිරී ඉතිරී ගොස් තිබිණි.
එක අතකින් සමන් මේ විදිහට හරි බේරෙන්න වාසනාවන්ත වුණා. ඒ බෝම්බවලට අහුවුණු සමහරුන් මේ ලෝකේත් නෑනේ... ඇය ඒ ගැන සිතමින් සිත හදා ගැනීමට නිරර්ථක උත්සාහයක යෙදෙන්නට වූවාය. ඒ දින කිහිපය ගතවූයේ කිසිවක් අදහාගත නොහැකිවය. මාස කිහිපයක් රෝහල් ගතකර සිටි සමන් නිවසට රැුගෙන ගියේ තරමක සුවයක් සමඟිනි. කෘතීම පාදයේ ආධාරයෙන් ඇවිද යන සමන් දෙස බලා සිටි තරංගාගේ සිතට දැනුණේ දැඩි වේදනාවකි. නැවත වාරයක් අලූත් වූ කඳුළින් යුතුව ඇය ඔහු දෙස බලා සිටින්නට විය. ඇයට සිදුවූ කිසිවක් සිතා ගත නොහැකිය. ඇය ඒ මොහොතේ ගල් ගැසී මෙන් බලා සිටින්නට වූයේ එබැවිනි.
එහෙත් දැන් සියල්ල සිදුවී හමාරය. හිතට දැඩි ධෛර්යයක් ගෙන තරංගා සැමියාගේ වැඩත් දරුවාගේ වැඩකටයුතුත් ඉටු කරන්නට වූයේ පැකිළීමකින් තොරවය. සමන්ට වන්දි මුදලක්ද සමඟ මාසික වැටුපද ලැබිණි. එය නිවසේ වැඩකටයුතු වලට ප‍්‍රමාණවත් විය. ඊට අමතරව සමන් බැලීමටද බොහෝ දෙනෙක් නිතරම නිවසට ඇදී එන්නට වූහ. ඒ අතර සමන්ගේ හොඳම යහළුවා වූ නිමේෂ්ද සිටියේය. ඔහුට අසනීප වූ දා පටන් නිමේෂ් ඔහු පිළිබඳ සොයා බැලූවේය. ඉඩ පාඩුවක් ලැබෙන විගස සමන් බලන්නට එන ඔහු ඇතැම් විටක ආවේ නිවසට අවශ්‍ය ආහාර පාන ආදියද රැගෙනය.
ඒ ආ විට සමන්ට රජමඟුල්ය. තරංගාද ඔහුට සංග‍්‍රහ කරන්නට වූයේ ඉතාමත් සතුටකිනි. තරංගාට උපතින්ම අලංකාර රූපකායක් හිමිව තිබිණි. ඇය තුළ නිමේෂ්ගේ කලින් පෙම්වතියගේ හැඩහුරුකම් ඇතැයි ඔහුට සිතිණි. නිමේෂ් සමන්ට නොදැනෙන්නට තරංගා දෙස බලා සිටින්නේ හොරැුහිනි. ඔහු තමා දෙස බලා සිටිනවා තරංගාටද නොදැනෙනවාම නොවේ.
දිනක් තරංගා වත්ත පහළට ගමන් කරන අතරතුර නිමේෂ් ඇය පසුපසින් යන්නට වූයේ ඇය සමඟ මොහොතක් කතා කිරීම සඳහාය. නිමේෂ්ගේ කටහඬින් තරංගා කලබල වූවාය. තරංගා... ඔයා මගෙ කලින් ගර්ල් වගේ.... එයා මාව දාලා ගියා... ඔයා දකින හැමවෙලාවෙම මට එයාව මතක් වෙනවා. ඔහු එලෙසට පෙරතිබූ ආදර කතාව දිග හරිනවිට තරංගාට ඇතිවූයේ දුකකි. සමහර දවස්වලට මම ඔයාගෙ මුහුණ බලන්නෙ එයාව මතක් වෙද්දි. ඔහු එසේ කියා අනුකම්පා සහගතව ඇය දෙස බලා සිටින්නට විය. ඒ වදන්වල තැවරී තිබුණේ දැඩි වේදනාවකි.
තරංගා ඔහු දෙස බලා සිටියේ දුකින් පිරුණු දෙනෙතකිනි. එවිට නිමේෂ් ඇයගේ අතකින් අල්ලා ගත්තේය. තරංගාගේ හදවත ගැහෙන්නට පටන් ගත්තේ ඒ මොහොතේය. ඇය නිවසට යාම සඳහා හැරෙන්නට වූයේ ගැහෙන හදවතිනි. ‘‘බයවෙන්න එපා. මම ඔයාට මොනවත් කරන්නෙ නෑ. මට ඔයාට මේ වෙලා තියෙන දේ ගැන හරි දුකයි. මේ දුක් කොහොම උහුලනවද කියලා මට හිතාගන්න බෑ. මම ලොකු දුකකින් ඉන්න නිසා තමයි මගෙ දුක ගැන ඔයත් එක්ක කතා කළේ.’’
ඔහු කියාගෙන ගියේය. ඔහුගේ අහිංසක බැල්මෙන්, කතා බහෙන් ඇය අසරණ වන්නට වූවාය. ඉන්පසුව බොහෝ දිනවල නිමේෂ් සමන්ගේ නිවසට පැමිණෙන්නේ තරංගා සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීමටය. ඒ ලෙසින් කාලය ගතවෙද්දී ජීවිතේ තනිකම දරුවා සමඟ කාලය ගත කිරීමේදී සිදුවන දුක් ගැහැට සමඟ ගැහැනියක ලෙස ඇය සමාජ පීඩනයට ලක්ව තිබිණි. වයස අවුරුදු 24ක් වූ තරංගා මවක වුවද ඇය සිටියේ තරුණ වයසේය. මවකගේ පියෙකුගේ හෝ වෙනත් ඥාතියෙකුගේ හෝ රැුකවරණයක් නොමැති ඇය පසුවූයේ දැඩි වේදනාවකිනි.
නිමේෂ්ගේත් තරංගාගේත් හිතවත්කම ආදරයකට පෙරළුණේ ඒ නිසාය. ඉන්පසු එය තහනම් පේ‍්‍රමයක් බවට වර්ධනය විය. සමන් ජීවත්ව සිටියත් තරුණ වයසේ සිටි තරංගාට ඔහුගෙන් නොලැබෙන සියල්ල නිමේෂ්ගෙන් ලැබිණි. ඇය සමන්ට කරන්නේ වරදක් බව දන්නා නිසා ඔහුගේ මුුහුණ දෙස නොබලාම දෙනෙත් මඟහැර ඉවත බලා ගන්නේ හෘද සාක්ෂියට එකඟව තමන් වරදකාරියක බව දන්නා නිසාය. මේ මහා ගිනි ජාලාවට හසුව සිටින තරංගාගේ ගිනි නිවී යයිද? නැතහොත් මේ ගින්නෙන් ඇය දැවී අළුවී යයිද. තීරණය කිරීම ඔබට භාරය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන් ගැන අපිට සතුටුයි (නි)
සමන්,දැන් එසැණ තීරුවේ ගොඩාක් සමන්ලා ඉන්නවානේ. ඔයා කොහෙද ඉන්නේ කියලා කියන්නකෝ..එතකොට මම මගේ හිතේ තියන එක ඔයාට කියන්නම්. (බ)
චන්දිමා,මට ඔයාව හමුවෙන්න කිසිම ඕනෑකමක් නැහැ. ඔයා කොහොමද කියන්නේ මේකේ සමන්ලා කීපදෙනෙක් ඉන්නවා කියලා. මම විතරයි සමන් කියලා ඉන්නේ. (නි)
සමන්, ඔයාගේ බළලා මල්ලෙන් එළියට පැනලා. ඔයාම කියනවා ඔයා ගැහැණුන්ට කැමති නැහැ කියලා. අපෝ! එහෙම අය නම් මම පැත්ත පළාතකටවත් වැද්දගන්නේ නැහැ. (නි)
දැන් හැම තැනම මේ වගේ දේවල් වෙනවා.(හේ)
සමන් කියන්නේ සුවඳ හමන ලස්සන පුෂ්පයක්. හැබැයි සමන් නමින්,මෙහි අදහස් දමා ඇති බවලතුන්ට දොස්නඟන ඔබ නම් දුගඳ හමන පරවුණ මලක්. (නි)
සමන්,මෙතන ප්‍රතිචාරය ලියා තිබෙන ඉනෝකාද ඔයාගේ මුළු ජීවිතයම අපායක් කළේ? එක ඉනෝකා කෙනෙක් කළ වරදට ඉනෝකා කියලා නම තිබෙන හැමෝටම වෛර කරන්න තරම් මෝඩයෙක්ද ඔබ...? කවුරුහරි දම්මි සුගත්ට කළ වැඩක් වගේ ඔයාට කරලා තියෙන්නේ. ඒකට අදහස් ලියන බවලතුන් මොනවා කරන්නද අනේ? (නි)
හැඟීම් යටපත් කරගන්න බැරිවුණාම මාර්ගයෙන් පිටපනින එක සාමාන්‍ය දෙයක්. හැබැයි විවාහයක නියම අරුත අමතක කරන එක වැරදියි. අනිත් අතට අද කාලේ යශෝධරාලා ගොඩක් දුර්ලබයි. (නි)
ජයන්ති,නොදන්නා දේවල් වලට අත දමන්න එපා හරිද. මේක මගෙයි ඉනෝකාගෙයි ප්‍රශ්නයක්. දැන් එය ඉවරයි. ඉනෝකා මගෙන් සමාව ඉල්ලුවා. (බ)
ඉනෝකා- එංගලන්තය, ඇත්තද ඔයා සමන්ගෙන් සමාව ඉල්ලුවා කියන්නේ? එහෙම දෙයක් අපි මේ පිටුවේ දැක්කේ නැහැනේ. අනික ඔයා මොන වරදක් කළාටද ඒවගේ අයගෙන් සමාව ඉල්ලුවේ..? (නි)
චන්දිමා වඩුගේ, කියන්නකෝ ඔයාගේ හිතේ තියනවා කියන එක.මාගැන හිතේ තියෙනවානම් කරුණා කර එය අහක් කරගන්න.මම ගැහැනුන්ට කැමති නැහැ.ඔය ඉනෝකා මගේ ජිවිතයම අපායක් කළා. (බ)
ඇති යාන්තම් සමන් ප්‍රශ්නය ඉවරකරගෙන. ඉනෝකාගෙන් සමාව ඉල්ලුව එක ගැන නම් මට හරි සතුටුයි. අපි දැන්වත් ඔය තරහමරහා අමතක කරලා තරංගා ගැන කතා කරමුද...? (නි)
දැන් සමන් අහලා තියෙනවානේ ඔබ ගැන මගේ හිතේ තියන්නේ මොනවාද කියලා. කිව්වේ නැත්නම් හොඳ නැති නිසා කියන්නම්. ඔබේ පවුල් වල ප්‍රශ්න ඊ-මේල් වලින් විසඳාගන්නේ නැතුව මෙතන කෝලම් මඩුවක් කරනොගෙන ඉන්නවා නම් හොඳයැයි සිතනවා. මෙහි ප්‍රතිචාර දක්වපු කාන්තාව ඔබෙන් සමාව ඉල්ලුවා කියලා කියන්න කොණ්ඩය බැඳපු චීනුන්ට. (නි)
චන්දිමා වඩුගේ, මම කොහොමත් පවුලේ ප්‍රශ්න විසඳාගන්නේ අතින් පයින්. (නි)
දනුක දිසානායකගේ අදහස අනුමත කරමි.මෙහි අදහසක් දැමු පමණින් අහිංසක කාන්තාවක් අල්ලාගෙන ඇයගේ චරිතය ඝාතනය කරන්නට සමන් නමැත්තාට කිසිදු අයිතියක් නොමැත.ඇයට අපහාස කරලත් මොහුට මෛත්‍රී කිරීමෙන්ම ඇය බුද්ධිමත් කාන්තාවක් බව හැඟී යයි. ඇයගේ නිහඬ බව ඊට කදිම උදාහරණයයි. අපගේ බිරිඳට හෝ සහෝදරියකට හෝ මෙසේ කිසියම් කෙනෙක් අපහාස කරයි නම් ඔබ නිකම් සිටීවිද..? (බ)
ආදරේ අන්දයි කියන්නේ එකනේ. (ර)
දීපාල් වනිගසේකර,මගේ බිරිඳට හෝ සහෝදරියකට අපහාසයක් කලොත් අම්මප,හතර හන්දි කඩනවා ඔය කාඩ් බෝඩ් වීරයන්ගේ. ආය දෙකක් නැහැ. (අ)
ප්‍රදීප්, එහෙමද හිතාගෙන ඉන්නේ..? (නි)
මොනවා කියන්නද යුද්දයේදී අත්පා දන්දීල කන්න බොන්න දුන්න තමාගේ ස්වාමියට ද්‍රෝහිකමක් කළ තරංගා වගේ ගැහැණු මුළු ගැහැණු සංහතියටම නින්දාවක් ඒ වගේ අයට හරියන්නේ මැදපෙරදිග නීතිය තමයි (බ)
ඉනෝකා, ඔයා ඇත්තටම ඉන්නේ එංගලන්තයේද..? මට හිතෙන්නේ ඔයා ඉන්නේ බින්තැන්නේ කියලයි. ඔයා මට චෝදනා කරලා ඉවරවෙලා, අන්තිමට දනුකට දීර්ඝායුෂ පතනවා. මට මෛත්‍රී කරනවාලු. මතක තියාගන්න හොඳට. මට ඔයාගේ මෛත්‍රියෙන් වැඩක් නැහැ. මම හොයාගන්නම් හරියටම ඔයා ඉන්නේ කොහෙද කියලා. (නි)
රාගයෙන් තොර ආදරය ගැන මොනතරම් කවි පද, මියුරු ගීතයන් ලියවී ඇද්ද..? සැබෑ ජීවිතයේදී එය එසේම වේද...? වරක් ආදරයෙන් මුසපත් වූ මිනිසාටම ද්‍රෝහීවන්නේ, හැඟීම් වලට වහල් වන්නේ, ඇයත් පෘතග්ජන කාන්තාවක් වූ බැවින් යයි මට සිතේ. ගතවන හැම තත්පරයම හදවත තුළින් ඇවිළෙන ගින්නෙන් ඇය පිළිස්සෙන්නේ හෘද සාක්ෂියෙන් ඇයට බේරීසිටීමට බැරි නිසයි. කාට බොරු කළත් තම හදවතට බොරුකළ නොහැක. (නි)
ඉනෝකා ඔයත් ඒ වගේද.? චපල ගැහුණු. ඔයාවගේ ගැහැණු මගේ ජිවිතයටවත් එපා. (බ)
සමන්,ඔබට මා ගැන කුමක් හෝ තරහක් ඇතිබව පැහැදිලිව පෙනෙන කරුණකි. මීටපෙරත් මට මතකයි ඔබ කිවුවා දෙයියෝ සාක්කි තීරය කෝලම් මඩුවක් කරන්න එපා කියා. එසැණ ලොව සතරදිග සිටින රසවතුන් සතුටින් ගොඩවෙන රඟමඩලකි. මෙතන මා ලියු අදහසක් නිසා ඔබ කොහොමද තීරණය කරන්නේ මා චපල බව? (නි)
සමන්, ඔබට කුමක් හෝ ප්‍රශ්නයක් ඇති බව සිතමි. මා ඔබට අනුකම්පා කරමි. මෛත්‍රී කරමි. කවදාවත් නුදුටු,නමින් පමණක් දැක පුරුදු මගේ චපලත්වය ඔබ මැන්නේ මගේ අදහසින් නම් එයටද කණගාටු වෙනවා හැර මා කුමක් කරන්නද.....? (නි)
සමන්,ඉනෝකා ලියලා තියෙන්නේ මේ කතාවේ එන චපල ගැහැණිය ගැනයි.මට හිතෙන විදිහට සමනුත් චපල ගැහැණියකගෙන් බැටකාලා වාගෙයි (නි)
ඉනෝකා-එංගලන්තය, ඕවා එතරම් ගණන්ගන්න එපා. සමන් කියන්නේ සමාජයට වෛරකරන, අනුන්ට බොරුවට ගරහන චරිතයක් බව අපි දන්නවා. (නි)
දනුක දිසානායක සොයුර,ඔබ වැනි ගුණගරුක මිනිසුන් නිසයි ලොව ලස්සන වී ඇත්තේ.සමන්ගේ ප්‍රතිචාරයෙන් මගේ සිත නොරිදුනාමත් නොවේ. ඔබට දීර්ඝායුෂ පතමි! (නි)
මේක ප්‍රශ්නයක් නෑ.(හේ්)
ඉතින් බලන්න මේ ලෝකේ හැටි. ගැහැණියක් වැරදි නම් පැන පැන පහරදෙනවා. පිරිමියෙක් වැරදිනම් එක අදහසක් නැහැ (නි)
ආදරය යනු බැදීමකි. ජිවිතය යනු තැනකින් පටන් ගෙන කොතෙක් දුරක් ඇද්දැයි නොදත් යන ගමන් මගකි. ආදරය තුළීන් කෙනෙකුට දිය හැකි දේ බොහෝය. ආදරය තුළීන් කෙනෙකුට ඉවසීමට ඇති දැ බොහෝය. එයට කියනුයේ සැබැ ආදර කියාය. එය උපදින්නේ තමන්ගේ හදවත් තුලය මනස දියුණු කරගත් කෙනා තමුන්ට හා අනුන්ට ආදරය කරයි, මනස දියුණු නොකරන්නා විපතක්ම කරයි. එය කෙලෙසද කියා සිතීම තවත් සිතකට අසීරුය.(ම)
ඉනෝක කොහේ හිටියම සමන් ට මොකද ? (ස)
තරංගා මැදිවී සිටින ගිනි ජාලාවෙන් ඇය දැවී අලුවි නොයන්නට, අපිට කළ හැකි උපකාරය කුමක්ද? අපි මුල්වී ඒ යුතුකම ඉටුකරමු. තම තමන්ගේ බුද්ධි මට්ටම අනුව නොයෙක් ප්‍රකාශ කළ හැක. තවකෙක් ඒ අදහස් සමඟ ගැටීමක් නොවී මේ ලිපිය සම්පාදනය කළ ධනු විජේරත්න අවසානයට ලියන ලද "තීරණය කිරීම ඔබට බාරය " කියන වචනයට ගරුකරමු (නි)
දිල්, මේක අපේ පවුලේ ප්‍රශ්නයක්. (නි)
සමන් උන්නැහේට තිබෙන්නේ ඊර්ෂ්‍යාව.මොනවා කරන්නද? බෝට්ටුවක නැඟලා හරි යන්න බලන්න මෙතන බොරුවට කෑගහන්නේ නැතුව. (නි)
දිල්, තමුන්ගේ වැඩක් බලාගන්න. මම ඔය පුරසාරම් දොඩන අය ඉන්න තැන කොහොමහරි හොයාගන්නම්. (නි)
ගැහැණු විතරද චපල...? ඇයි පිරිමි රහත්වෙලාද...? ඔය එක කාන්තාවක් එහෙම වුණාට පතිභක්තියෙන් සැමියාට සළකන භාර්යාවන් ඕනෑතරම් ඉන්නවා. මෙතන ඉන්න කාන්තාවගේ ලාබාල වයසත් නොමඟ යන්න බලපාන්න ඇති. (නි)
ඩිල් අහන එක තමයි මටත් අහන්න තියෙන්නේ? මෙතන අදහස් දාන අයට චරිත සහතික දෙන්නේ නැතුව තමන් ප්‍රතිචාරක් දැම්මොත් නේද වඩා හොඳ? මෙහෙම එක එක ඇදකුද හොයනකොට හිතේ තියන එකත් ලියන්න මොකක්ද වගෙයි. (නි)
චන්දිමා වඩුගේ, කට කට... පරිස්සමින්. (නි)