ජීවිතය නිවැරදි මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
ගම්පහ අඹගස්පිටියේ විල්ෆ්‍රඞ් බොනිපස් මැල්ලව මහතා ලියා එවූ කතාවකි.
වයඹ පළාතට සම්බන්ධ ගම්මානයකි. ඔහු අදිරියන් මාමාය. ඔහුගේ ප්‍රධාන වෘත්තිය වූයේ පොල් ගෙඩි මිලදී ගෙන අලෙවි කිරීමය. පොල් ඇදීම සඳහා අද මෙන් එදා ලෑන්ඞ් මාස්ටර්, ට්‍රැක්ටර් නොවීය. ඒ වෙනුවට භාවිත කළේ හරකුන් බැඳි බර බාගේ කරත්තය. අදිරියන් මාමාටත් කින්නියා ගොන් නාම්බෙකු විය. කරත්තය බැඳීම සඳහා උපයෝගී කරගත්තේ එම හරකාය. අදිරියන් මාමා එකල සාමාන්‍ය පොල් ව්‍යාපාරිකයෙක් වශයෙන් ගම්මුන් අතර ජනප්‍රිය චරිතයක් විය. දිනකට පොල් ගෙඩි දහසක් පමණ එකතු කරගන්නා ඔහු අමතරව ලාභයක් සඳහා එළ හරක් ගෙන ඇති දැඩි කළේය. බොහෝ විට ඒ ගොන් නාම්බන් විය. කරත්තයට සුදුසු හරකුන් ඉතිරි කර ගෙන අනෙක් හරකුන් මස් පිණිස විකිණීම සාමාන්‍ය සිදුවීමක් විය. එසේ විකුණන හැම හරකෙකුගේම හිසේ මස් ගෙනවිත් ආහාරයට ගන්නා පුරුද්දක් විය.
තමන්ට අවනත නොවන සෑම හරකෙකුටම අත් වූයේ මරණයයි. ඒ මස් පිණිසය. වෙළෙන්දන් අදිරියන් මාමාගේ අවශ්‍යතාවය සපුරාලීමට අමතක නොකළේය. ඔව්හු මස් කරන ලද හරකාගේ මොළය සුද්ධකර අදිරියන් මාමාට දීමට අමතක නොකළාහ. ඇතැම් විට නිවසේ දූ පුතුන් බිරිඳ ප්‍රතික්ෂේප කළ ද අදිරියන් කවදාවත් මළ හරකුන්ගේ මොලය මස් පිණිස අනුභව කිරීම අත්නොහලේය. සමහර විට මෙය ඔහුගේ එක්තරා මානසික විකෘති හැඟීමක් වූවාදැයි බොහෝ දෙනකු නොදනිති. එමෙන්ම ගම්වාසීන් බොහෝ දෙනකුගේ අපුලට ඔහුගේ ක්‍රියාව ලක් විය. අවවාද උපදෙස් දුන්නද ඔහුගේ ක්‍රියාව නොනැවැත්විය. පව් පිං ගැන එතරම් විශ්වාසයක් ඔහු ළඟ නොවීය. කුමන ආගමික ධර්ම අවවාදය දේශනා තඹ සතයකට ගනන් නොගත් අදිරියන් සියල්ල දත් අයෙකු ලෙස ජීවත්වීමට උත්සාහ කළේය.
එහෙත් කළ කම් පලදීම වැලැක්විය නොහැකි බව පසක් කරමින් පොල් පටවා ගෙන නිවසට එද්දී තවත් පොල් පටවාගත් ලොරියකට කරත්තය ගොනා සමග අදිරියන් මාමාද යට විය. ගැලබැඳි ගොන් නාම්බාට හෝ ගැලට කිසිදු ආපදාවක් නොවූවත් කරත්තයේ බෝල්ලීය මත වාඩිවී ගොනා දැක්කවූ අදිරියන් මාමාගේ හිස ලොරියේ පසුපස රෝදයට යටවී මොළ කෑලි පාර පුරා විසිරී තිබුණ ආකාරය හෙළි කළේ කළ කම් පළ දීමක් ලෙසය. අනතුර සිදු වූ ස්ථානයට ළඟාවී සිටි කපුටන් මොළයේ කැබලි රැගෙන පියෑඹු ආකාරය ලොව දහම කියා පාන්නක් විය.
මොරටුව එස්.සී. ජයවර්ධන මහතා ලියා එවූ කතාවකි.
සිරිසේන වයස අවු. 30ක් පමණ වූ පුද්ගලයෙකි. හරිහැටි අධ්‍යාපනයක් නොලද ඔහු මත්පැනට, සූදුවට, හොරකමට හා දඩයම් කිරීමට ඇබ්බැහි වූ පුද්ගලයෙකි.
මොහු ගමේ රාලහාමි නමැති රජයේ රැකියාවක් කරන යමක් කමක් ඇති දඩමස්වලට කැමති පුද්ගලයකු සමග සබඳකම් පවත්වයි. රාලහාමිට තුවක්කුවක් ඇත. සිරිසේනට දඩයම් කිරීමට හොඳ හැකියාවක් ඇත. රාලහාමි දඩමස්වලට ඇති ගිජුකම නිසා සිරිසේන සමග සබඳකම් පවත්වති. රාලහාමි, සිරිසේන සමග දඩයමේ යන විට ඔවුන්ට හවුල්කරුවන් කීප දෙනෙක් ද ඇත.
මධ්‍යම පළාතේ මායිම් වන රජයේ අක්කර සිය ගණනක් ඇති මහ කැලෑව මොවුන් පදිංචිවී සිටින ගමට හැතැක්ම පහක් පමණ ඈතින් පිහිටා ඇත. මොවුන් දඩයමට යොදා ගන්නේ මේ මහ කැලෑවය. ගෝන්නු, මුවන්, මීමින්නන්, වඳුරන් ආදි සතුන් ගහනය. මොවුන් මේ කැලෑවට මසකට දෙසරයක් තුන් සැරයක් ගොස් දඩයම් කරති. මේ කැලෑව කඳුහෙල්, පර්වත, ජලාශ වලින් යුක්තය. රාලහාමිට නිවාඩු දිනවල දඩයමට මේ අය සූදානම්ය. රාලහාමිගේ තුවක්කුව නිතරම වාගේ පාවිච්චි කරන්නේ මේ සිරිසේනය. රාලහාමි නොමැති දිනවලදී සිරිසේන දඩයම්කර මස් කොටස රාලහාමිට ගෙනත් දේ.
දවසක් සිරිසේන තනියම මේ කැලෑවට දඩයමට ගොස් ඇත. මේ ගැන නොදත් රාලහාමි සහ ගෝල බාලයෝ සිරිසේන දින කීපයකින් නොදැක්ක නිසා ඔහු ගැන විපරම් කරන්නට විය. සිරිසේන සොරකම්වලට ද කප් ගසා ඇති නිසා තුවක්කුව සොරකම් කරන්නට ඇතැයි සිතා රාලහාමි ද කේන්තියෙන් පාරම් බාන්නට විය. දෙතුන් දවසකට පසු සිරිසේන දඩයමේ යාම සඳහා ඉහත කී කැලයට ගිය බව එය දැකපු ගැමියෙකුගෙන් දැනගන්නට ලැබිණි.
මේ ඔත්තුවෙන් පසු කලබල වූ රාලහාමි ඇතුළු පිරිස කැලය පීරා සිරිසේන සොයන්නට විය. කැලයේ ඇතුළට යන විට කුණුගඳක් හමන්නට විය. ඒ ඔස්සේ යන විට වඳුරෙකුගේ මළකුණක් ගසක අත්තක රැඳී තිබෙනු කට්ටියට දිස් විය. ඒ සමගම තිබුණේ ගල් වලින් ගහන ප්‍රපාතයකි. ප්‍රපාතයේ පහල බැලූ අයට දැගන්නට ලැබුණේ සිරිසේනගේ කුණුවී ගිය මළ සිරුරයි. මොහු මේ වඳුරාට වෙඩිතියන්නට පසුපසට ගොස් කුරුමානම් ඇල්ලීමේදී පය ලිස්සා ප්‍රපාතයට වැටී ඇති බව කාගේත් අදහස විය. නීති කටයුතු වලින් පසු එහිම මිනිය වළ දැමිණ. කැලයේ සතුන් මැරූ පුද්ගලයා ඒ කැලයේම මිහිදන් විය. කළකම් පල දුනි.
පන්නල සෙක්කුවත්ත ජේ.එම්. තිලකරත්න මහතා ලියා එවූ කතාවකි.
මෙම ගම් ප්‍රදේශයේ අතුරු ගම් කීපයකි. මෙහි පිහිටි සමහර වතුවල උස්බිම්වල ඉත්තෑවන් බෙන වල ජීවත් වෙති. ඉත්තෑ මසට ලොල් වූ සමහර මිනිසුන් මේ සතුන් මරාගෙන කෑමට ප්‍රිය කරති.
මෙම පුද්ගලයා සෝමදාස යයි හඳුන්වමු. දඩයම් කර කුමන හෝ සතෙකු මරාගෙන සුපුරුදු තිප්පොලට ගොස් මත්පැන් පානය කරමින් දඩයම් කරගත් සතා පිහාගෙන බුක්ති විඳීම මොහුගේ දින චරියාවයි.
දැනට මාස කීපයකට පෙර බෙනයකට රිංගන ඉත්තෑවකු මොහුට දකින්නට ලැබී ඇත. වහාම ගොස් දිග කැත්තක් ගෙනවිත් බෙනය තුළට කැති තලය දමා බොහෝ මහන්සිවී ඉත්තෑවා මරා කෑලි කෑලි බෙනයෙන් එළියට ගෙන මස් කෑලි ටික ගෙදර ගෙන ගොස් බිරිඳට එය ඉක්මනින් පිසීමට කියා සුපුරුදු තිප්පොලට පාපැදියෙන් ගොස් ඇත. මෙම අවස්ථාවේ පාරේ ගිය මෝටර් රථයක ගැටී විසි වූ සෝමදාසට යාමට සිදුවූයේ රෝහලටය. සති ගණනක් ප්‍රතිකාර ගත් ඔහුට තම බිරිඳ ද අහිමි විය. ඇය ඔහු හැර ගොස්ය. කැඩුණු කකුල් නිසා හැරමිටියෙන් යාන්තම් ඇවිද දැනට ගෙවල් ගානේ ගොස් සිඟා කමින් ජීවත් වෙයි.
දන්නා අය කියා සිටිනුයේ සතුන්ගේ අත් පා කඩා බිඳ කරන ලද පාප කර්ම පලදී ඇති බවය.
මෙබඳු කතා ඔබත් දන්නේ නම් එවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තමන්ට පඩිසන් දුන් අනුන්ට කළ විපාක
ඊෂාන් Tuesday, 22 March 2016 01:48 PM
සත්තු, මිනිස්සු කියන්නේ එකම ජීවීන් කොටසක්! (නි)