IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


තෙල් සලාකයට පෙර හැම පැත්තක්ම හිතන්න ඕනෑ

රට තුළ පවත්නා උග්‍ර ඉන්ධන අර්බුදය හමුවේ  ජූලි මස සිට තෙල් සැපයුම සලාක ක්‍රමයට සිදු කිරීමට නියමිත බව ඛනිජ තෙල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. තෙල් අර්බුදයට වෙනත් විකල්ප විසඳුමකුත් නොමැති බැවින් සලාක ක්‍රමයට සීමාසහිතව තෙල් සැපයීම හැර වෙනත් කළ හැකි දෙයක් නොමැති බව අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වේ.

සලාක ක්‍රමයට භාණ්ඩ හා සේවා සැපයුම ගැන වත්මන් තරුණ පරපුරට අත්දැකීම් නැතත් මෙරට වැඩිහිටියන්ට නම් සලාක ක්‍රමය සම්බන්ධයෙන් තිබෙන්නේ අමිහිරි අතීත අත්දැකීම්ය. 1978 ජේ.ආර්. ජයවර්ධන රජය විසින් අහෝසි කරන තෙක්ම රටේ සහල් සැපයුම සලාක ක්‍රමයට සිදුවිය. එදා සුප්‍රකට‘‘කූපන් පොතක්’’ රැගෙන සමූපකාර වෙළඳසැලට පැමිණි විට සලාකයට අනුව අඩු මිලට හෝ නොමිලේ යම් සහල් ප්‍රමාණයක් ලබා ගැනීමට පාරිභෝගිකයාට හැකි විය. ලංකාවට සහල් සලාක ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ දෙවැනි ලෝක යුද සමයේදීය. 1948 රට නිදහස් වුවද එදා සිට 1978 පමණ වන තෙක් සහල් සලාකය ක්‍රියාත්මක විය.

අතීතයේ ආණ්ඩු පත් කෙරෙනු මහ මැතිවරණවල දී ජනතාවට ලැබුණු ප්‍රධාන ඡන්ද පොරොන්දු බොහොමයක් සැකසුණේ සහල් සලාකය තේමා කරගෙනය. සහල් සේරු දෙකක් දෙනවා, සහල් සේරුවක් නොමිලේ දෙනවා, හඳෙන් හෝ සහල් ගෙනත් දෙනවා ආදී ජනප්‍රිය ඡන්ද පොරොන්දු එදා ඡන්ද වේදිකාවල රැව්දුන් මාතෘකාය. කෙසේ හෝ 1977 මහ මැතිවරණයේ දී ධාන්‍ය රාත්තල් 8ක් ජනතාවට ලබා දෙනවා යැයි පොරොන්දු දී බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ඇඟට පතට නොදැනීම සහල් සලාකය අහෝසි කර දැම්මේය.

සලාක ක්‍රමය ගැන අපට තිබෙන ආසන්නතම අත්දැකීම වූයේ එකී සහල් සලාකයයි. එම අතීත අත්දැකීම සමඟ ලබන ජූලි මාසයේ සිට සකල ශ්‍රී ලංකාවාසී ජනතාවට තෙල් සලාකය සම්බන්ධව අලුත් අත්දැකීමක් ලබා ගැනීමට වාසනාව උදාවන බව පැහැදිලිය.

මෙරටට ඉන්ධන ආනයනය සඳහා මසකට දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක පමණ මුදලක් වැය කළ යුතුය. පසුගිය මාස 3ක කාලයේ ඉන්දියාවෙන් ලැබුණු ණය සහන ක්‍රමය යටතේ එරටින් ඩොලර් මිලියන 700ක පමණ ඉන්ධන සැපයුණු අතර ලබන ජූලි මාසය දක්වා අප රටට ඉන්ධන සැපයීම පිණිස ඉන්දියානු ණය ක්‍රමය දීර්ඝ කිරීමට අදාළ සාකච්ඡාවක් දැන් සිදුකරමින් පවතී. එහෙත් පවත්නා උග්‍ර ඩොලර් හිඟය මධ්‍යයේ ඉන්දියාවේ ණය සහනය ද හමාර වූ විට අප කරන්නේ කුමක්ද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟය ඒ තරම්ම උග්‍රය. මැද පෙරදිගින් ඇණවුම් කර ආනයනය කරන ලද එක් ඉන්ධන නැවක් මුදල් ගෙවාගත නොහැකිව දෙසතියක පමණ කාලයක් තිස්සේ කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇත. ඊට අධික ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට ද රජයට සිදුවෙයි. මෙරට ගෑස් ආනයනය සම්බන්ධයෙන් සිදුව ඇත්තේ ද එබඳුම සන්තෑසියකි. ඉන්ධන මෙන්ම ගෑස් ලබා ගැනීම ද අර්බුදයක් බවට පත් වුවහොත් ගෑස් සිලින්ඩර ද සලාක ක්‍රමයට සැපයීමට සිදුවිය හැකිය.

රජයට විකල්පයක් නොමැතිකම හේතුවෙන් ඉන්ධන සලාක ක්‍රමයට සැපයීමේ තීන්දුව ගත්තද තෙල් සලාකය සංවිධානය කර ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. තමන්ගේ නිවෙස ආසන්නයේ ඇති ඉන්ධන පිරවුම්හලේ සලාකය සඳහා වාහනය ලියාපදිංචි කරන ලෙසත් ඉන් අනතුරුව එම ඉන්ධන හලෙන් අදාළ තෙල් සලාකය නිකුත් කරන බවත් ඛනිජ තෙල් අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.

එසේ වුවද මෙහිදී පැන නගින ප්‍රායෝගික ප්‍රශ්න ගණනාවකි. මෙම ලියාපදිංචියේ පදනම කුමක්ද, යන්න මතුවන පළමුවන ප්‍රශ්නයයි. වාහනයක් ඉන්ධන සලාකය සඳහා ලියාපදිංචි කිරීමට පෙර එම වාහනය සැබවින්ම කාගේද යන්න මුලින්ම තහවුරු කරගත යුතුය. ඇතැම් නිවෙස්වල වාහන දෙක තුන ඇති බැවින් ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදය ද නිරවුල් විය යුතුය. ඉන්ධනහලක ලියාපදිංචි කරන වාහනය තිබෙන්නේ කවර ලිපිනයේ ද යන්නත් ඉතා වැදගත් කරුණකි. එසේ නොවුවහොත් එකම වාහනය ඉන්ධන හල් ගණනාවක ලියාපදිංචි කර තෙල් ලබාගන්නා ජාවාරම් ඇතිවීමට පිළිවන. එබඳු ගැටලු හටගතහොත් ඛනිජ තෙල් සලාක ක්‍රමයෙන් ඉන්ධන සැපයුම සීමා කිරීමට රජය දරන උත්සාහය ලත් තැනම ලොප් වනු ඇත. එබැවින් මෙබඳු ප්‍රායෝගික ප්‍රශ්න නිරාකරණය කර සලාක ක්‍රමය ඇරඹීම යහපත් බව පැවසිය යුතුය.

හිඟ භාණ්ඩ හා සේවා සලාක ක්‍රමයට සැපයීම අමුතු දෙයක් නොවේ. ලොව බොහෝ රටවල් ආර්ථික ව්‍යසනයන්හි දී සලාක ක්‍රමය ක්‍රියාවට නංවා ඇත. එහෙත් නිදහසේ තමන්ට අවශ්‍ය ඉන්ධන මිලට ගත් සමාජයට මෙය මහත් පීඩාවකි. යමෙකුට අත්‍යවශ්‍ය හේතුවක් මත වාහනයකින් දුර ගමනක් යාමට සිදු වුවහොත් ඒ අයට සලාක ක්‍රමයෙන් ලැබෙන විකල්ප විසඳුම කුමක්ද, යන්නත් මේ සම්බන්ධයෙන් උද්ගතවන ව්‍යාකූල ප්‍රශ්නයකි. ඒ නිසා සලාක ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පෙර මහජන පීඩාව අවම වන ලෙස එය සංවිධානය කළ යුතුය. එසේ නොවුණහොත් ජනතාව මීළඟට වීදි බසින්නේ සලාක ක්‍රමයට එරෙහිව බව ද සඳහන් කරනු වටී.

(***)



අදහස් (2)

තෙල් සලාකයට පෙර හැම පැත්තක්ම හිතන්න ඕනෑ

ජයේ Tuesday, 21 June 2022 11:30 AM

තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ එදා (1978) ට වඩා හොඳින් මෙය කළ හැකිය. නමුත් ගැටලුව වන්නේ මේ දේශපාලකයින් මේවා කියවන්නේ කිසිවක දිග, පළල දැන නොව කවුරුන් හෝ මතුකළ අදහසක් අනුව විය හැකියි. අවසානයේ වන්නේ ඉතා මැනවින් සොයා බලා, ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීමෙන් සාර්ථකව කළහැකි වැඩක්, මැද්දෙන් පැන අනා, සම්පූර්ණ ක්‍රියාවලියම "අල" කර ගැනීම පමණි. මේ දේශපාලකයින් ඊට මනා හපනුන්ය. සලාකයට එරෙහිව මිනිසුන් පාරට බහින්නේ එවිටයි. ඒසේ වූ විට, නැවත (හරියට වැඩේ දන්නා) කෙනෙකුටවත් ක්‍රියාත්මක නොකළ හැකි ලෙසට ජන විශ්වාසය බින්දුවට වැටේ. එය ද එක්තරා විදියක කුමන්ත්‍රණයක් ද විය හැකියි. පිහියෙන් වැඩ ගන්නට මෙවුන්දලාට නිනව්වක් නැත. කරන්නේම එයින් ඇනීම හෝ ඇන ගැනීම පමණි.

:       2       0

lakmal Tuesday, 21 June 2022 08:41 PM

රැකගත යුත්තේ අපනයන ව්‍යාපාරයි. ඒ වෙනුවන් කළහැකි එකම දේ ඉල්ලුම, සැපයුම අනුව තෙල්මිල වැඩි කිරීමයි. සියල්ලන් සතුටු කිරීමට යාමෙන් සියල්ලෝ විනාශ වෙනු ඇත...!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 25 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 89 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 34 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 46 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 213 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 402 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 381 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1127 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site