ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප්‍රමුඛතම ලියවිල්ල වූයේ අයවැයයි. විශේෂයෙන්ම ආණ්ඩුවල මංගල අයවැය යනු එම වැඩපිළිවෙළට මංපෙත හෙළිකරමින් දැමූ පදනම ය. මාලිමා ආණ්ඩුව පැමිණියේ ඊට පෙර පැවති සියලු ආණ්ඩු දැඩි ලෙස දෝශ දර්ශනයට ලක් කරමින් වන අතර ඊට අන් සියලු දෙනාට වඩා වෙනස් දර්ශනයක් හා වැඩ පිළිවෙළක් තිබෙන බව කියා සිටියේ ය.
එහෙත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ඉදිරිපත් කළ අයවැය ස්වකීය දැක්ම අතින් අතිශයින්ම දුර්වල ලියවිල්ලක් මතු නොව, අයවැයක දැක්විය යුතු මූලික ව්‍යුහාත්මක කරුණුවලින් ද තොර එකක් බව රටටම පෙන්වා සිටියේ ය.
පිටු 48ක් වූ අයවැය වාර්තාවේ 2025 වසර සඳහා ආදායම රුපියල් බිලියන 4990ක් වන අතර වියදම බිලියන 7190කි. ඒ අනුව අයවැය හිඟය රුපියල් බිලියන 2200කි. මෙම අයවැයේ විශේෂම දුබලතාව වූයේ වියදම් ගැන සඳහන් කළ එම වියදම් සඳහා මුදල් සොයා ගන්නා ආකාරය පැහැදිලිව දක්වා නොතිබීමයි. ආදායම් ගැන යම් සඳහනක් දක්වා තිබුණ ද එම ආදායම් නිශ්චිත ගණන් හිලව් ඇතිව ඉදිරිපත් කර නැත. ආදායම මතු නොව අයවැය හිගය පියවා ගන්නා ආකාරය ගැන ද සඳහනක් නැත. සාමාන්‍යයෙන් ඕනෑම අයවැයක ආදායම හා වියදම අතර පරතරය පියවා ගන්නා ආකාරය ගැන සඳහන් වන්නේ නිශ්චිත ඉලක්කම්වලිනි. ලංකාවේ අයවැය හිගය පියවා ගන්නා ප්‍රධාන මාර්ග වන්නේ ආදායම් බදු, රේගු බදු හා සුරාබදු වැනි දෙයිනි. එය ප්‍රමාණවත් නොවන තැන දේශීය ණය හරහා ඉතිරිය පියවා ගැනේ. මේ ගැන නිශ්චිත කරුණු ජනාධිපති අනුරගේ අයවැය තුළ සඳහන් වන්නේ නැත.
2024 වසරේ රජයේ ආදායම රුපියල් බිලියන 3650කි. 2025 වසර සඳහා ආදායම බිලියන 4990ක් නම්, මේ වසරේ අමතර වශයෙන් බිලියන 1340ක් සොයාගත යුතු වේ. මේ අතර, 2024 වසරේ වියදම ආසන්න වශයෙන් රුපියල් බිලියන 5000ක් පමණ විය. 2025 වසරේ වියදම ලෙස බිලියන 7190ක් පෙන්වා දෙන අතර, එය පසුගිය වසරට සාපෙක්ෂව බිලියන 2000 ඉක්ම වූ ගණනකි.
මේසා දැවැන්ත වියදමක් ද්‍ැරීම සඳහා ආණ්ඩුව සැලසුම් කරන්නේ නම්, එම මුදල සපයා ගන්නා ආකාරය පෙන්වා දිය යුතු වේ. එහෙත් ජනාධිපතිවරයා විසින් එසේ සිදුකොට නැත. ආණ්ඩුව ඉදිරියේ දී ජනතාව මත තවත් බදු පැටවීමට යනවා ද? නැතිනම් රාජ්‍ය ආයතනය පෞද්ගලීකරණය කොට ඉන් මුදල් ඉපැයීමට කටයුතු කරනවා ද? නැතිනම් තව තවත් ණය ලබා ගැනීම සඳහා කටයුතු කරනවා ද? මේ සියලු දේ ප්‍රශ්නාර්ථයක් පමණක් වන්නේ, අයවැය මගින් තම වියදම් සරිකර ගන්නා ආකාරය ගැන කරුණු ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා අසමත් වී තිබෙන බැවිනි.
ඇත්ත වශයෙන්ම අපට අපගේ නිවසේ ඉදිරි වියදම් ගැන පවා යම් සැලසුමක් තිබේ. එවන් සැලසුමක් නොමැතිව “මම මේ අවුරුද්දෙ මෙහෙම කරනව අරහෙම කරනවා” යනුවෙන් යමකු පම්පෝරි ගසන්නේ නම් ඒවා හිස් වචන පමණක් වේ. ජාතික අයවැයක සැලසුම ඉදිරිපත් කිරීමෙන් රටේ ආර්ථිකයට විවිධ මාර්ගවලින් හා විවිධ මට්ටම්වලින් දායකත්වය සපයන අයට ද තම ආර්ථික ක්‍රියාවලිය ගැන අදහසක් ගත හැකිවන අතර, ඒ ඔස්සේ ඉදිරි කටයුතු සැලසුම් කර ගැනීමට ද හැකියාව ලැබේ. එහෙත් වත්මන් අයවැය මගින් මේ කිසිදු සැලසුමක් නැතිව වියදම් ලැයිස්තුවක් පමණක් අයවැය ලෙස ඉදිරිපත් කර තිබේ.
අනිත් ප්‍රශ්නය නම් අයවැය තුළ ආණ්ඩුව මහ හඬින් කියා සිටි ඔවුන්ගේ පුනරුද සංකල්පයට ගැලපෙන කිසිවක් නොතිබීමයි. පුනරුද යුගය ලෙස ඔවුන් තම ආණ්ඩු අවදිය හඳුන්වන්නේ, තම ආණ්ඩුව මීට පෙර තිබූ ආණ්ඩුවලින් සපුරා වෙනස් යුගයක් නියෝජනය කරන බව කීමටයි. කොටින්ම කියතොත් ඔවුන් මැතිවරණ වේදිකාව තුළ සඳහන් කළ වසර “76ක ශාපය” ලෙස හැඳින් වූ යුගයෙන් වෙන් වූ කාලවකවානුවයි.
තමන් පොරොන්දු වූ දෙය ප්‍රායෝගිකව ඉටු කරන්නේ නම්, ඊට හොඳම අවස්ථාව වූයේ ඔවුන්ගේ මේ මංගල අයවැයයි. එහෙත් පුනරුදයක් තබා සාමාන්‍ය අයවැයක තිබෙන නව දැක්මක් හෝ ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අසමත් වී තිබේ. එක් අතකින් දිගු හෝ මධ්‍යකාලීන ආර්ථික හා සමාජීය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ආණ්ඩුව ඉදිරිපත් නොකරන අතර, අනෙත් අතින් කෙටිකාලීනව ජනතාව සහන සපයන යෝජනා ඉදිරිපත් වන්නේ ද නැත.
රාජ්‍ය සේවකයන් වත්මන් ආණ්ඩුවට සහාය දුන්නේ බුරුතු පිටින් ගොස් බලාපොරොත්තු ගොන්නක් සහිතවය. කෙසේ වෙතත් ආණ්ඩුව විසින් ඔවුන් හොඳ හැටි රවටා ඇත. රුපියල් 15000 ඉක්ම වූ මූලික වැටුප් වැඩිවීමක් ගැන උජාරුවෙන් කතා කළ ද, අයවැය දින සවස 5-6 වන විට රාජ්‍ය සේවකයන්ට වැටහී ගියේ තමන් ඉතිරි නොකරම රවටා ඇති බවයි. ලබාදෙන බව කී රුපියල් පහළොස් දහස ලබා ගැනීමට ඔවුන්ට වසර තුනක්වත් බලා සිටිය යුතු වේ.
ඇත්ත වශයෙන්ම ආණ්ඩුවට තිබුණේ 2026 හා 2027 අයවැයවල දී ගෙන එන යෝජනා 2025 අයවැය තුළ ඉදිරිපත් නොකර සිටීමයි. එහෙත් ලොකුවට රැවටීමට නම් ලොකු මුදලක් ප්‍රකාශ කළ යුතු බව දත් ආණ්ඩුව රුපියල් පහළොස් දහසක් ගැන කීවේය. කෙසේ වෙතත් එම වැඩිවීම ද ශුද්ධ වශයෙන් වැඩිවන එකක් නොව, තිබෙන දීමනා මූලික වැටුපට එකතු කිරීමක් පමණි. ඇතැම් රාජ්‍ය සේවකයන් චෝදනා කර සිටියේ තමන්ට මේ වසරේ ලැබෙන්නේ අමතර වශයෙන් රුපියල් 975ක් වැනි සොච්චමක් පමණක් බවය.
ආණ්ඩුවට වැටුප් වැඩි කළ නොහැකි නම් එය ඍජුව ප්‍රකාශ කළ යුතු ව තිබුණි. එසේ නොකොට අතට නොලැබෙන දෙයක් ගැන කියමින රාජ්‍ය සේවකයන් මුළාවට පත් කිරීම ඇත්ත වශයෙන්ම නරුමකමකි.
මේ අතර, දැනට යෝජනා කර ඇති පරිදි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් සහ සෙසු දීමනා විශාල වශයෙන් කපා දමා තිබෙන බවට චෝදනා එල්ල වේ. මූලික වැටුප් වැඩිකරන බව කියමින් ඔවුන්ට කර ඇත්තේ ලැබෙමින් තිබෙන දීමනා කපා දැමීමයි. තවද විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ අතිකාල දීමනා අනුපාත කපා දමා ඇත. ඒ අනුව, විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන අංශ දෙකේම වැටුප් අඩුවීමට නියමිතය. අධ්‍යයන කාර්යමණ්ඩල මාර්තු වැටුපට වඩා අප්‍රේල් වැටුප රුපියල් පහළොස් දහස සහ ලක්ෂය අතර ප්‍රමාණයකින් අඩුවීමට නියමිත බව වාර්තා වේ. වෛද්‍යවරුන්ගේ දීමනා අනුපාත ද කපා දමා ඇත.
පසුගිය කාලය පුරා මාලිමා ආණ්ඩුව වෙනුවෙන් ඉතා අනුරාගීව දේශපාලනයේ යෙදුනු යම් රාජ්‍ය සේවක කණ්ඩායමක් සිටිත් නම් ඒ පාසල් ගුරුවරු ය. ඔවුන් ආණ්ඩුව පත් කිරීම සඳහා ඉතා ප්‍රාථමික ගණයේ දේශපාලන ක්‍රියාකාරකම් ලෙස ගැනෙන ගෙන් ගෙට යෑම වැනි දෙයහිද නිරත වනු දක්නට ලබුණි. ඔවුන් එසේ කළේ මාලිමා දේශපාලකයන් විසින් වසර ගණනාවක් පුරා ගුරු වෘත්තීය සමිති නිර්මාණය කරමින් ගුරු වෘත්තීය තුළ ගොඩනැගූ ප්‍රබල මතයක් නිසා ය. එනම් තමන් බලයට පැමිණි විගස තමන් ගුරුවරුන්ට අන් සියල්ලටම වඩා සලකන බවට දුන් පොරොන්දුව නිසාය. එහෙත් එසේ කළ ගුරුවරුන් ද මෙවර ඉතිරි නොකරම රවටා ඇත.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ලබාදුන් සුබෝධීනී වාර්තාවේ එන නිර්දේශ ප්‍රකාශ, ඉතිරි තුනෙන් දෙකක හිඟය අනිවාර්‌යයෙන්ම ලබාදෙන බව මාලිමාව ශපථ කර තිබුණි. කෙසේ වෙතත්, ඔවුන්ට ද ලබා දී ඇත්තේ ඉහත කී තව වසර තුනකින් ලැබෙන රුපියල් පහළොස් දහසක හිස් පොරොන්දුව පමණි. ගෝඨාභය ආණ්ඩුව කෝවිඩ් වසංගතයට මුහුණ දෙමින් සිටිය දී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ගුරු වෘත්තීය සමිති විසින් ගුරුවරුන් රවටා රටපුරා උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර සංවිධානය කළ අයුරු අප කාටත් තාමත් අමතක විය නොහැකි ය. රටක් ඉතිහාසයේ දුෂ්කරම අවස්ථාවකට මුහුණ දෙමින් සිටි මොහොතක, වසර 24ක් පැරැණි වැටුප් විෂමතා ප්‍රශ්නයක් ඇදගෙන පාරට බට ගුරුවරුන් තමන්ගේ වෘත්තීය ගෞරවය පවා කෙළෙසා ගනිමින් හැසිරුණු ආකාරය ගැන දැන්වත් යථාර්ථයට අවදි විය යුතුය.
වත්මන් ආණ්ඩුවේ ප්‍රශ්නය අනෙකක් නොව, ඔවුන්ටම කියා දැක්මක් හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැතිවීමයි. කොතරම් පම්පෝරි ගැසුවද ඔවුන්ට නිදහසින් පසු තිබූ ආණ්ඩුවලට වෙනස් ආකාරයේ ‘අමුතු’ දෙයක් නැති බව දැන් හොඳටම ඔප්පු කර හමාර ය. එක් අතකින් රටක එදිනෙදා කටයුතු කර ගැනීමට අසමත්ව තිබෙන ආණ්ඩුව, අද ජාතික ආරක්ෂාව කොතරම් පහතට දමා ඇතිදැයි පෙනී යන්නේ අධිකරණ තුළට පිස්තෝල රැගෙන විත් මහ දවල් සැකකරුවන් ඝාතනය කර පලා යන පසුබිමක ය.
පාතාලය ගැන මොවුන් කීවේ, එය පෝය දෙකකින් අවසන් කරන බවත්, අවශ්‍ය නම් බංකුවක් හා පුටුවක් රැගෙන ඒ ගැන ටියුෂන් ගැනීමට තමන් වෙත පැමිණෙන ලෙසත්ය. එම පම්පෝරිය කොතරම් හිස් ද යන්න මේ වන විට දිනපතා සිදුවන පාතාල ඝාතනවලින් තහවුරු වන අතර අනෙක් ආර්ථික හා සාමාජීය පම්පෝරිවල හිස් බව ජනාධිපති අනුර කුමාරගේ අයවැයෙන් තහවුරු වේ. අවසන් වශයෙන් කිව යුත්තේ වත්මන් ආණ්ඩුව තරම්, මේ තරම් ක්ෂණිකව සිය ආර්ථික, දේශපාලන හා සංස්කෘතික තාර්කික බව අහිමි කරගත් වෙනත් ආණ්ඩුවක් මෙරට ඉතිහාසයේ තිබුණේ නම් ඒ පැරණි රජ සමයේ චේතීය නම් මුසාවාද රජුගේ ආණ්ඩුව පමණි.
(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ
ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප
ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න
සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම
2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්
ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය
ජාතික ජන බලවේග ආණ්ඩුවේ මංගල අයවැය පාර්ලිමේන්තුවේදී ඊයේ ඉදිරිපත් කරනු ලැබීය. ඒ 2025 වර්ෂය වෙනුවෙනි. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනය නිරීක්ෂණය කිරීම
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
dileepa1986 Friday, 21 February 2025 11:50 AM
මෙහෙමනේ ආචාර්යතුමා. ඔබතුමාට 2048 වෙනකම් ඉන්න පුලුවන්. 2026 වෙනකම් ඉන්න බැරි ඇයි.
චන්දිම Friday, 21 February 2025 11:57 AM
බයි භාවයට පත් වූ පුද්ගලයා කිසිවිටෙකත් ඉන් මුදවා ගත නොහැකිය. ඔහු සමඟ වාද කිරීම ද නිෂ්පල ක්‍රියාවකි. ඔහු ආගමක් සේ අදහන්නේ යම් දිනක හාමු බේබිලාගේ රජයක් බිහිවිය යුතුය කියාය.
Judi Friday, 21 February 2025 12:04 PM
දිලීප 1986, ඔය නිකන්ම නිකන් ජෙබයියෙක් නෙවෙයි... බූරු ජෙබයියෙක්. අන්න වළගල හොයනවා.
බද්රානි Friday, 21 February 2025 02:50 PM
"ලැජ්ජා නැතිකම ආචාරී කමටත් වඩා ලොකුයි කිව්වාලු" පහුගිය ආණ්ඩුවල සීනි ව්‍යාපාරිකයින්ට ලබාදුන් බදු සහන අය වැයවල් ගැන පම්පෝරි ගහන්නේ ඇඳුම් ඇඳගෙනද..? ඒ අයවැය වලින් මේ රටට කරපු හරිය අපිට නම් අමතක නැහැ... කලින් ලබාගත් ණය හා පොලිය ආපසු ගෙවීමත් රාජ්‍ය වියදමේම කොටසක් බව දන්නවාද.? ලෝකයේ පවතින ආර්ථික මොඩලයන් ක්‍රියාත්මක කරනවා විනා, රජකාලයේ ආර්ථික මොඩල් ක්‍රියාත්මක කරන්න කියලාද මේ කෙඳිරි ගාන්නේ...? ඇත්තෙන්ම කියනවා නම්, ලංකාවේ උගත්තු නැහැ... ඉන්නේ දෙපිලකට බෙදී, දේශපාලකයින්ට ආවඩන අඥාන වන්දිභට්ටයින් රැළක් තමයි.
Deepthi de Silva Friday, 21 February 2025 06:16 PM
මේ අයවැය ඉදිරිපත් කලේ රනිල් නම්, මොහුගේ ලියමන වෙනස් එකක් වනු ඇත. මෙය ඉදිරිපත් කලේ බැසිල් නම්, ඒ ගැන කියනු ඇත්තේ ඊටත් වෙනස් ආකාරයටයි.