IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


දැන් කතා කරන්නේ නැති වුණාට මම කතා කරන දිනය ළඟදී උදාවේවි

    12_PAGE_18_M

 

ඔහු එකල එකක් පසු පස එකක් වශයෙන් ප‍්‍රවෘත්ති මැව්වේය. ඔහු මාධ්‍ය සමඟ ගැටුම් නිර්මාණය කර ගත්ත ද මාධ්‍යයට ඔහු හොඳ අතුරුපසක් විය. එහෙත් ඔහු වෙනසෙන් පසුව නිහඬය. ඒ වෙනසට හේතුව කුමක්ද? මේ ඒ ගැනය. ඒ ඔහු හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාය.

 

  •  ප‍්‍රශ්නය:- මොකද මේ දවස්වල නිහඬ?

පිළිතුර:- වලාකුළු ඝන වෙන්න  ඕනෑ වර්ෂාවක් ඇතිවෙන්න. වලාකුළු තුනී වෙලා යනවානම් වර්ෂාවක් නැහැ. ඒ සොබා දහම පැත්තෙන්. අනික් පැත්තෙන් අපි නිතර නිතර කතා කරන්න ගියොත් ඒකත් මහජනතාවට අප පි‍්‍රයකරන උදවියට කරදරයක් වෙන්න පුළුවන්.

 

 

  •  ප‍්‍රශ්නය:- ඒ කියන්නේ අතීතයෙන් ඉගෙනගෙන?

පිළිතුර:- මෙහෙමයි, දැන් කතා කරන්න බොහෝ දෙනෙක් ඉන්නවා. කි‍්‍රයා කරන්නයි නැත්තේ. කථිකයෝ වැහි වැහැලා ඉන්නවා. කි‍්‍රයාවට නැහැ. ඒ කාලයෙ මම කතා කළා වගේම කි‍්‍රයා කළා. කතා කරන්න  ඕනෑ තැන කතා කළා. කි‍්‍රයා කළ යුතු තැන කි‍්‍රයා කළා. එතැනදි නරක නාමය මට ආවා. හොඳත් ආවා.

 

8

  •  ප‍්‍රශ්නය:- මේ දවස්වල මොකද කරන්නේ?

පිළිතුර:- මේ දවස්වල මම මේ පොත බලනවා. දුෂ්ට ගාමිණි අභය මහ රජ. මේ බලන්න මේසය උඩ ලෝවැඩ සඟරාව තියෙනවා. මැණ්ඩෙලාගේ ජීවිත කතාව තියෙනවා. මේ වගේ පොත්. බෞද්ධ පොත්පත් බලනවා. ඉතිහාසය ගත්තොත් හැම දේටම හැම දෙනාටම පි‍්‍රය භාවයෙන් කතා කළෙත් නැහැ. ශාස්තෘවරුන්ටත්, දාර්ශනිකයන්ටත් දොස් කියන්න කට්ටිය හිටියා. ඒ දොස් කියන කොටස් හැමදාම අලූත් වෙවී පරම්පරාවෙන් පරම්පරාවට එනවා. ඒ අය සතුටු කරන්න කිසි ආගම දහමකට බැහැ. නමුත් ඒ අය අසන්තෝසෙන් ඉන්න දොස් කියන කොටස ගැන හිතලා මම ගන්න කි‍්‍රයාමාර්ග මම කරන කතා නැවැත්තුවේ නැහැ.

 

 

  •  ප‍්‍රශ්නය:- නමුත් දැන් කතා කරන්නේ නැහැ?

පිළිතුර:- දැන් කතා කරන්නේ නැති වුණාට මම කතා කරන දිනය තව දින කිහිපයකින් උදාවේවි කියලා මම හිතනවා. ඒක නිසා තමයි මම බොහොම මධ්‍යස්ථව පටන් ගත්තේ. එකක් ධර්මපාලතුමාගේ වැඩපිළිවෙළ. ඒකට මට ඉරිදා ලංකාදීපය උදව් කරන්න. ඒක පිනක්. මොකද ධර්මපාලතුමා කිසිම ජාතියකට, කිසිම ආගමකට, කිසිම කුලයකට, කිසිම පංතියකට දොස් කියපු කෙනෙක් නොවෙයි.

 

 

  •  ප‍්‍රශ්නය:- ඔබ දැන් දුටුගැමුණුගෙන් ධර්මපාලතුමාට මාරු වුණාද?

පිළිතුර:- දුටුගැමුණු මහ රජතුමා කිව්වෙත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මම මෙහෙවරක් කරන්න  ඕනෑ කියලයි. ඒක කිව යුතුයි. දැන් මේ සම්බුද්ධ ශාසනය කියන වචනය පොඞ්ඩක් අමතක වෙලා තියෙන්නේ හැමෝටම. දැන් බලන්න තායිලන්තයේ සියයට 95ක් බෞද්ධයෝ. හමුදා රජයක් තියෙන්නේ. දැන් ඒ හමුදා රජය ලෑස්තියි බුද්ධාගම රාජ්‍ය ආගම කරන්න. ඒක වැදගත් පියවරක්. ඒත් මේ නිර්මල බුදු දහම පවතින්නේ යැයි කියන අපේ රටේ මහා ශක‍්‍රයාට බුදුන් වහන්සේ බාර දුන්න රට විෂ්ණු දෙවියන්ට බාර දුන්න රට... කිසි කෙනෙක් කට අරින්නේ නෑ. සම්බුද්ධ ශාසනය නැහැ.

 

1

 

 

 

  •  ප‍්‍රශ්නය:- ඔබත් දායක වුණු යහපාලන ආණ්ඩුවට ඔබට කියන්න පුළුවන්නේ මේ ගැන?

පිළිතුර:- පොඞ්ඩක් ඉන්නකෝ. එහෙම කට අරින්නේ නැත්තේ ඡුන්ද අඩුවෙයි කියලයි. නමුත් මම කතා කළා. මම කැලණියෙ හරක් මරණ එක නතර කළේ ඇයි? ඒකට මට කවුරුවත් වෛර කළේ නැහැ. ඒ එක්කම මම බේරුවලට ගිහිල්ලා අර එක්තරා කණ්ඩායමක් මුස්ලිම්වරුන්ට හිරිහැර කරපු වෙලාවේ මුස්ලිම්වරුන් වෙනුවෙන් පෙනී හිටියේ. මේ ධර්මපාලතුමාගේ වැඩ පිළිවෙළ තුළ කිසිම ජාතියකට අගෞරවයක් නැහැ. මේ රටේ වැඩියෙන්ම ඉන්නේ බෞද්ධයන් නම් ලෝකයේ බෞද්ධ ජනගහණය වැඩිවෙනවා නම් මේ රටේ බෞද්ධාගම රාජ්‍ය ආගම කිරීමේ කිසිම වරදක් නැහැ. ඒ අතර අනෙකුත් ආගම්වලට සුරක්‍ෂිත බව තියෙන්න  ඕනෑ. සිදුහත් කුමාරයා බුදු වෙන්නත් කලින් ඉන්දියාවේ හුඟාක් ආගම් තිබුණා. අවුරුදු හය දාහකට එපිට... මේ පොතේ තියෙනවා... මම ඒ පොත තමයි දැන් කියවාගෙන යන්නේ... ආයුර්වේදය සොයා ගත්තේ මහා ශක‍්‍ර දිව්‍ය රාජයා. මහා ශක‍්‍ර දිව්‍ය රාජයා ළඟට සෘෂිවරු ගියා. ආයුර්වේදය පිළිබඳව සම්මන්ත‍්‍රණයකට ගියාම තමයි ශක‍්‍ර දේවේන්ද්‍රයා කිව්වේ මේ විදිහටයි මේ බෙහෙත් පාවිච්චි කරන්න  ඕනෑ කියලා. එහෙම ඉතිහාසයක් මේ රටේ තියෙන්නේ. ඒක නිසා මම කියන්නේ ධර්මපාලතුමාගේ වැඩපිළිවෙළ යහ පාලනය තුළ කළ යුතු දෙයක්.

 

 

  •  ප‍්‍රශ්නය:- ගව ඝාතනයට එරෙහිව ඔබ ඊයේ පෙරේදා පොඩි වැඩක් කළා?

පිළිතුර:- ඒවා මතක තිබීම ගැන මම ගොඩාක් සන්තෝෂ වෙනවා. ගව ඝාතනය නතර කළාම ප‍්‍රශ්නයක් වෙයි කියලා සමහරු කියනවා. චීනයේ ජනගහණය වැඩි වුණාට මිනිස්සු මරලා වළදානවායැ. හරකා මැරුණොත් පොළොවට පස් වෙන්න දෙන්න. ඒක හොඳ පොහොරක්. පිටරටින් එළු මස් ගේන්න හොඳනම්, බැටලූ මස් ගේන්න හොඳනම් හරක් මස් කඩ කාරයාට හරක් මස් ගන්න දෙන්න  ඕනෑ. කන කෙනාට සපයන්න දෙන්න  ඕනෑ. මම දන්න හුඟාක් මුස්ලිම් මහත්වරුන් දැන් හරක් මස් කෑමෙන් වැළකී ඉන්නවා. නේපාලයේ මහා ඛේදවාචකය සතුන් මරලනේ ඇතිවුණේ. ඉතින් මේක හේතු හොය හොයා ඉන්න  ඕනෑ වෙලාවක් නොවෙයි. අපට විල් පවර් එකක් නැහැනේ. නායකයන්ටත් විල් පවර් එකක් තියන්න  ඕනෑ.

 

2

 

 

  •  ප‍්‍රශ්නය:- ඔබට විල් පවර් එක තියෙනවද?

පිළිතුර:- මට නම් තියෙනවා. මම අඟහරුවාදා, බදාදා මස් මාලූ කන්නේ නැහැ. එළවළුයි බතුයි විතරයි කන්නේ. අඟහරුවාදාට මම උදේ ආහාරය ගන්නෙත් නැහැ. ඇල්වතුර උගුරක්වත් බොන්නේ නැහැ. ඉතින් මම කියන්නේ බුදු හාමුදුරුවන්ගේ දේශනාවම තමයි ධර්මපාලතුමාගේ චින්තනයත්.

 

 

  •  ප‍්‍රශ්නය:- ඇයි මේ එක පාරටම ධර්මපාලතුමා මතක් වුණේ?

පිළිතුර:- එදා ඉඳලා ඒ අදහස මට තිබුණා. අපි ඉතිහාසය කියවන්නේ නැහැනේ. සුද්දාට මේ රට විනාශ කළාට දොස් කිව යුතුමයි. පුරන් අප්පුලා... ගොන්ගාලේගොඩ බණ්ඩලා අල්ලලා දුන්නෙ අපේම අවජාතක සිංහලයො. ඔත්තුව දුන්නේ අවජාතක සිංහලයෝ. අවජාතක සිංහලයෝ නිසා මේ රට විපතට පත් වුණා. 1818 ඒ මහා ඛේදවාචකය ඇතිවෙලා මොකද්ද වුණේ. කැප්පෙටිපොළ නිළමේතුමා පාවා දුන්නේ සිංහලයෝ. ඊට පස්සෙ සුද්දො ගම් බිම් පවා විනාශ කළා. ළමා ළපටීන්ගේ ඉඳලා විනාශ කළා. කාන්තාවන් දූෂණය කළා. ඒ එක පැත්තක්. අනික් පැත්ත බලන්න. සුද්ද ඇවිත් මේ රටේ රිසර්ච් එකක් කළා. ඒ අයගේ පාලනය පිහිටෙව්වට පස්සේ. ඒ රිසර්ච් එක මොකද්ද? හොඳම වරාය දකුණු ආසියාතික කලාපයේ තියෙන්නේ ලංකාවේ. හොඳම ගුවන් තොටුපොළ තියෙන්නේ ලංකාවේ. අපි මේවා දියුණු කරන්න  ඕනෑ කියලා ඒ අය කිව්වා. ටොරින්ටන් ආණ්ඩුකාරයා මේ රට විනාශ කරලා තාමත් අපට බැරි වුණා ටොරින්ටන් එකේ නම වෙනස් කරන්න. ඇයි යුරෝපයට අපි තාම ඉන්නේ දණ ගහලා. ටොරින්ටන් එකේ නම වෙනස් කළ යුතුමයි.

 

 

  •  ප‍්‍රශ්නය:- ඒවා කරන්න ගියොත් ජාත්‍යන්තරය තරහ වෙයි?

පිළිතුර:- මේ... මහත්තයො... අපේ රටේ අනන්‍යතාවය වෙනුවෙන් කතා කිරීම විදේශිකයන් මෝඩ නැහැ. එහෙමනම් ඉතින් අපි කිව්වානම් ඞී.එස්. සේනානායකලා, සර් ඞී.බී. ජයතිලක වගේ නායකයන් කිව්වා නම් අනේ අනේ සුද්දා තරහා කරගන්න බෑ, අපට නිදහස එපා, අපි මෙහෙම යමු කියලා. එහෙනම් නිදහස ලැබෙනවද? ජාතික ගීයක් තියෙනවද? බෞද්ධ කොඩිය තියෙනවද? සුද්දට ආවතේවකම් කරපු ආණ්ඩුකාරයෙක් හැටියට ඒ නම දැම්ම එක ඇත්ත. නමුත් නමක් දාන්න තවත් වටින මිනිස්සු මේ රටේ නැද්ද? වැදගත් මිනිස්සු මේ රටේ ඉන්නවනේ. ඒ අයගේ නමක් දාන්න පුළුවන්නේ. මේක මේ ජාතිකවාදයක් නෙවෙයි. මේක ජාතිකත්වය. ඉතින් ධර්මපාලතුමාගේ වැඩපිළිවෙල තුළ තමයි යහපාලනය හරි විදියට අර්ථවත් වෙන්නේ.

 

3

 

 

  •  ප‍්‍රශ්නය:- මේවා ඔක්කොම කරන්න යන්නේ යහ පාලනයෙන් මොකුත් ලැබුණේ නැති නිසා නේද?

පිළිතුර: ධර්මපාලතුමාට මොකද වුණේ? සල්ලි පොට්ටනි ගහගත්ත අය එතුමාව එලෙව්වා. ඒවගේ සමහර අය හිතනවා මර්වින් සිල්වගේ කට වහන්න. නමුත් සමහර පිරිස්වලට පුළුවන් වුණා... මට නාම යෝජනා නොදී මගේ දේශපාලන ගමන නවත්වන්න.

 

 

  •  ප‍්‍රශ්නය:- ඒ කියන්නේ ඔබේ දේශපාලන ගමන නතර වෙලා?

පිළිතුර:- මගේ දේශපාලන ගමන නතර කරන්න බෑ. මම මේ පාර පැරදිච්ච කෙනෙක් නොවෙයි. මම ඒ ගැන කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ.

 

 

  •  ප‍්‍රශ්නය:- කොහොම නමුත් ඔබ දැන් දේශපාලනිකව අතරමං වෙලා?

පිළිතුර:- නෑනේ. කොහොමද මං අතරමං වෙන්නේ. එහෙමනම් වළගම්බා රජතුමත් අතරමං වෙච්ච කෙනෙක්නේ. ඒ කාලේ ඔබතුමා හිිටියානම් වළගම්බා රජතුමා හමුවෙන්න ගිහින් ඔබතුමා අතරමං වෙලා නේද කියලා අහයි. හත් පාරක්නේ. ඒ වළගම්බා රජතුමා රට ගොඩගත්තනේ. එතකොට එක්සත් ජාතික පක්‍ෂය අවුරුදු 20ක් පරදින කොට ඔබ ගිහින් ඇහුවද ඒ නායකයන්ගෙන් අතරමං වෙලාද කියලා. මම පරාද නැහැ මේ පාර. මට ඡන්දෙ ඉල්ලන්න දුන්නේ නැහැනේ. ඒ නිසා කොයි වෙලාවේ හරි මං නැගිටියි.

 

 

  •  ප‍්‍රශ්නය:- ඔබ මහින්දගෙන් මෛත‍්‍රි ළඟට කරණමක් ගහන්නේ යමක් බලාපොරොත්තුවෙන්. නමුත් ලැබුණේ නැහැ?

පිළිතුර:- මම කරණමක් ගැහුවා කියලා ඔබට කොහෙන්ද ආරංචි වුණේ. මම ඔය කයිවාරුකාරයෝ වගේ නෙවෙයි. කෙලින්ම පළමුවෙන්ම බැසිල්ට ගෝඨාභයට විරුද්ධව කතා කළේ මේ මර්වින් සිල්වා. මම කාවත් පාවා දෙන්නේ නැහැ. මම අදත් හිටපු ජනාධිපතිතුමා ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. මම පාවලා දෙන්නේ නැහැ. දැන් බැසිල් කියලා තිබුණ දේශපාලනයෙන් විශ‍්‍රාම යනවා කියලා. මුලින්ම ගියානම් තමයි හොඳ. දැන් ගිහිල්ලා වැඩක් නැහැ. අන්තිමට හරි ගිය එක හොඳයි. මම කරණම් ගහන මිනිහෙක් නෙවෙයි.

 

 

  •  ප‍්‍රශ්නය:- ඔබ පක්‍ෂයෙන් පක්‍ෂයට කරණම් ගැහුවා.

පිළිතුර:- මාව එක්සත් ජාතික පක්‍ෂයට එක්කරගෙන ගියෙ ඩොක්ටර් ජයලත් ජයවර්ධන මැතිතුමා. සිරිමාවෝ මැතිණිය මාව එලෙව්වා, අනුර බණ්ඩාරනායක මැතිතුමා එක්කම. ඒත් මම කළගුණ දන්න මිනිහෙක් හැටියට ආයිත් ආවා. චන්ද්‍රිකා මැතිණිය මට ආරාධනා කළා කොළඹට. ඒක තමයි මම කරපු ලොකුම වැරැුද්ද! ඊට පස්සේ මම කරපු ලොකුම වැරැද්ද එක්සත් ජාතික පක්‍ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පැමිණීම. ඒ අර අනුර බණ්ඩාරනායක මැතිතුමාට මගේ ගෞරවයක් තිබුණ නිසා. චන්ද්‍රිකා මැතිණියටත් මගේ ගෞරවයක් තිබුණා. අපිට නැති බැරි වෙලාවේ උදව් කළා. මම හිරේ ගිය වෙලාවේ මගේ නෝනයි දරුවයි එහෙ හිටියේ. ඒ නිසා මම ආපහු ශ්‍රී ලංකා එකට ආවා. හැබැයි මම රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාට කියලා අවසර අරගෙනයි ආවේ. එතුමා කියපු දේ ඇහුවානම් මට මෙහෙම වෙන්නේ නැහැ.

 

 

  •  ප‍්‍රශ්නය:- රනිල් යන්න එපා කිව්වද?

පිළිතුර:- ඔව්! ඒත් මම ආවා. ඒ චන්ද්‍රිකා මැතිණියට තියෙන ගෞරවය නිසා.

 

 

  •  ප‍්‍රශ්නය:- නමුත් ඔබ වේදිකාවෙදි චන්ද්‍රිකාගේ පතුරු ඇරියා?

පිළිතුර: මම කථිකයෙක් නම් විරුද්ධවාදියාට පහරපිට පහර ගහන්න මම ලෑස්තියි. මම එහෙම කළේ යූඑන්පී එකේ ඉන්න කාලේ. ඔබතුමා මේක අහගන්නකෝ. මහා මිනිස් ඝාතන යද්දී... ප‍්‍රභාකරන්ට විරුද්ධව හඬ නගලා හමුදාවේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙළපාළි ගිහින් කවුද කෙළින් කතා කළේ? මේ මර්වින් සිල්වා. මරණ වරෙන්තුව අතේ තියාගෙන මම කතා කළේ... චන්ද්‍රිකා මැතිනිය මාව පොලොන්නරුවට ඇරියා. ඔබ ගිහින් අහන්න... අදත් ඒ මිනිස්සු මට ගෞරව කරනවා.

 

 

  •  ප‍්‍රශ්නය:- මහින්ද රාජපක්‍ෂ නැති කරපු අය අතර ඔබේ නමත් ඉදිරියනේම තියෙනවා?

පිළිතුර:- ඔයා මට මේකට උත්තරයක් දෙන්නම  ඕනෑ. එතුමා නැති කරන්න මම කරපු වැරැුද්ද මොකද්ද කියන්න. එකක් කියන්න. මම කොමිස් ගැහුවද? මම ටෙන්ඩර්වලට ඇඟිලි ගැහුවද? කරුණාකරලා කියන්න.

 

 

  •  ප‍්‍රශ්නය:- ඔබට ගොඩාක් චෝදනා එල්ල වුණා. නමුත් මහින්ද ඔබව ආරක්‍ෂා කළා?

පිළිතුර:- හරි! මම කරපු එක වැරැුද්දක් කියන්න. ඔයා එකක් කිව්වොත් මම දෙනවා රිප්ලයි එක?

 

 

  •  ප‍්‍රශ්නය:- ඔබට පාතාලයත් එක්ක සම්බන්ධතා තිබුණා? ඔබ පාතාලයන්ගෙන් වැඩ ගත්තා?

පිළිතුර:- මේ අහන්නකෝ. කට කතාවලට තැන දෙන්න එපා. කට කතා නිසයි ඉතිහාසයෙ ඉඳලා මේ රට විනාශ වුණේ.  ඕවා කට කතානේ.

 

 

  •  ප‍්‍රශ්නය:- ඔබ රූපවාහිනියට කඩා පනිනකොට ඔබත් සමග කුඩු නුවන් හිටියා?

පිළිතුර:- කුඩු නුවන් වේවා... නුවන් වේවා... මම යනකොට මට ආදරය කරන මිනිස්සු එනවානම්... මට බැහැ කොළඹ සංවිධායකවරයා හැටියට මට මිනිසුන්ගේ උප්පැන්න සහතිකය බලන්න බෑ. මට කියන්න පුළුවන්ද මිනිස්සුන්ට කරුණාකරලා ග‍්‍රාමසේවක මහත්තයාගෙන් චරිත සහතිකයක් අරගෙන එන්න කියලා. මට කියන්න පුළුවන්ද පොලිස් සහතිකය අරගෙන එන්න කියලා. මගේ චරිතයට කවුරුත් ආදරෙයිනේ. ඔය කවුරුවත් කියන්නේ නැහැනේ මගේ මන්ත‍්‍රීකම නැතිවෙච්ච වෙලාවේ මහා සංඝරත්නය පන්සිය නමක් වැඩම කළානේ බෞද්ධ මන්දිරයට. ඇයි ඔයා ඒක ගැන කතා කරන්නේ නැත්තේ? ඇයි නුවන් ගැනම කතා කරන්නේ?

 

 

  •  ප‍්‍රශ්නය:- ඔබ රූපවාහිනියට යනකොට කුඩු නුවන් ඔබත් සමග ගිය එක අහම්බයක් නොවෙයිනේ?

පිළිතුර:- ඒක මට  ඕනෑවට ගිය ගමනක් නොවෙයිනේ.

 

 

  •  ප‍්‍රශ්නය:- එහෙමනම් කාගේ  ඕනෑකමටද ගියේ?

පිළිතුර:- මම මැරුවත් කියන්නේ නැහැ. කීයටවත් කියන්නේ නැහැ. මම යනවා කියන ආරංචියට මගේ පස්සෙන් කණ්ඩායමක් ඇවිත්. මම ඒ අයව නැවැත්තුවා එළියේ. ‘ඔය ගොල්ලෝ එන්න එපා... මම තනියෙන් යන්නේ’ කියලත් කිව්වා. මම ටික දුරක් ගිහින් බලනකොට මේ ළමයත් මගේ පස්සෙන් ඇවිත්. මම ගහලා එළවන්නද? මට කවුරුවත්  ඕන් නැහැ. මට බොඩිගාඞ්ලා  ඕන් නැහැ. මම වැරදි කරලා නෑනේ. දේශපාලනඥයෝ මේ රටේ ඉතිහාසයේ ඉඳලා හැමෝම දේශපාලනය ගැන කතා කරනවා. ජනාධිපතිවරුන්ගේ ඉඳලා අගමැතිවරුන්ගේ ඉඳලා ආශ‍්‍රය කරන මිනිසුන්ගේ ලිස්ට් එකක් ගත්තොත් හිත හොඳ මිනිස්සු නැද්ද කියන්න.

 

 

  •  ප‍්‍රශ්නය:- ඒ කියන්නේ පාතාලයේ ඉන්නේ හිත හොඳ මිනිස්සුද?

පිළිතුර:- ඔය පාතාලය කියන වචනය ගන්න! ඒකත් සිංහල භාෂාවට ඈඳාගත්ත නමක්. එහෙම බෑනේ. අර අංගුලිමාල හාමුදුරුවන්ට මිනීමරුවා කියලා හංවඩු ගැහුවානම් අද බබාලා හම්බවෙන්න ඉන්න අම්මලාට පිරිතක් නැහැනේ. ඉතින් ඔබ මට කියන්න මම නිසා මහින්ද රාජපක්‍ෂට නැති වුණේ මොනවද කියලා!

 

 

  •  ප‍්‍රශ්නය:- එකක් පසුපස එකක් වශයෙන් චෝදනා තියෙන මර්වින් සිල්වා රැුක්කා කියන මතය සමාජයට ආවා.

පිළිතුර:- මතක තියාගන්න. මම මහින්ද රාජපක්‍ෂව රැුක්කා. එතුමාත් මාව රැක්කා. මම බෙලිඅත්තේ මිනිහා. මට විනය පරීක්‍ෂණ තිබ්බා. නඩුවක් තිබ්බා කියලා රිමාන්ඞ් කළා කියලා ඒ මිනිහා සමාජයෙන් ඉවත් කරන්නද? විනය පරීක්‍ෂණවලින් මාව නිදොස් කරලා නිදහස් කළානේ. මම පගා අරගෙන අහුවුණායැ. මම ස්ත‍්‍රී දූෂණ කළාද? මම කෙළින් කතා කළා. අයුක්තිය අසාධාරණය ඉදිරියේ මම නැගීසිටියා.

 

 

  • ප‍්‍රශ්නය:- පුතාට පහරදීමේ සිද්ධියේ අලූත්ම තත්ත්වය කොහොමද?

පිළිතුර:- සීසීටීවී කැමරා වගයක් තිබුණනේ. ඒවා විනාශ කරලා. මම අදත් කියනවා මේකට සම්බන්ධ උදවිය දැන් රහස් පොලිසියත් කුරුඳුවත්ත පොලිසියත් දන්නවා. 

 

 

  •  ප‍්‍රශ්නය:- කාගේ  ඕනෑකමටද?

පිළිතුර:- මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දන්නේ නැහැ. එතුමා කම්පා වුණා. 

 

 

  •  ප‍්‍රශ්නය:- රාජපක්‍ෂලාගෙන් ගැලවෙන්න ඔබට බලපෑ ප‍්‍රධාන ප‍්‍රශ්නයත්  ඕකයි!

පිළිතුර:-  මම රහසක් මුල්වරට කියනවා හොඳට අහගන්න. ඉදිරියේදී මම නම් ගම් සහිතව කියන්නම්. දකුණේ මිනීමරුවෙක් හිටියා. ඒ මිනී මරුවෝ ටික එක්තරා ප‍්‍රසිද්ධ නීතිඥ මහත්තයෙක් ළඟට ගියා. අධිකරණයට බාර වෙන්න. ඒ නීතිඥතුමා ළඟට ගිහින් ඒ විත්තිකාරයෝ කියනවා ‘සර් අද බාර වෙන්න බෑ. අපිට තව තියෙනවා ඉහළින් ආපු තව වැඩක්. ඒකත් කරලම ඇවිත් බාරවෙන්නම් කියලා. නීතිඥතුමා ඇහුවා මොකද්ද කියලා. මර්වින් සිල්වා ඇමතිතුමාටත් වැඩක් දෙන්න කියලා අපට කියලා තියෙනවා. ඒ නිසා අපි ඒක කරලම එන්නම් කියලා’ මේ අය කියලා. ඒ වැදගත් නීතිඥතුමා කිව්වා ‘ඒ වැඬේ කරන්න එපා. ඒ මිනිහා රුහුණේ මිනිහා. ඒ මිනිහාගෙන් රටට යම්කිසි සේවයක් වෙනවා. ඒ මිනිහා හොඳ වැඩ ගොඩාක් කරලා තියෙනවා. නරක වැඩනම් මම දැනුවත්ව කරලා නැහැ. කෙළින් කතා කරන එක ඒ මිනිහගේ හැටි. ඒ නිසා ඔය වැඬේ කරන්න එපා’ කියලා. මම අද ඒ බෝනස් එකෙන් ජීවත් වෙන්නේ.

 

 

  •  ප‍්‍රශ්නය:- කවුද ඒ කොන්ත‍්‍රාත්තුව බාර දීලා තියෙන්නේ?

පිළිතුර:- ඒ සම්පූර්ණ විස්තරය ඉදිරියේදි කියනවා. ඒ නීතිඥ මහත්තයාගේ නමත් එක්කම කියනවා.

 

 

  •  ප‍්‍රශ්නය:- ඔයවගේ තව මොනවද තියෙන අත්දැකීම්?

පිළිතුර:- ඒ විතරක් නොවෙයි, තවත් තියෙනවා.

 

 

  •  ප‍්‍රශ්නය:- ඇයි එහෙම අහලා තියෙන්නේ?

පිළිතුර:- එක්නැලිගොඩට කරපු දේ මට කරන්න. සුදු වෑන්වලින් අරගෙන ගිය අයට කරපු දේ මට කරන්න. එදා මගේ පුතා ඔඩෙල් එකෙන් උස්සන් ගියානම් අද මොකද වෙන්නේ? 

 

 

  • x ප‍්‍රශ්නය:x ඔය තරම් ගැටුම් හැදුනේ කොහොමද?

පිළිතුර:- ඊර්ෂ්‍යාවට, වෙන මොකකටවත් නොවෙයි. බැසිල් රාජපක්‍ෂ අපේ හොඳ මිත‍්‍රයෝ. අපේ ගෙවල්වල ඉඳලා තමයි  ඒ ගොල්ලෝ දේශපාලනය කළේ. අපි රාජපක්‍ෂවරුන්ට සැලකුවේ දෙවිවරුන් හැටියට. අපි කටපුරා ‘හාමු’ කියලා කියන්නේ. ඒ ගෞරවය තාමත් චමල් රාජපක්‍ෂ මැතිතුමාට තියෙනවා. එතුමා එතුමාගේ පියා වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගෙනුත් මට වරදක් වුණේ නැහැ. බැසිල් කැලණියේ ප‍්‍රශ්න හැදුවා. ගෝඨාභයත් මට ඊර්ෂ්‍යා වුණා.

 

 

  •  ප‍්‍රශ්නය:- ඇයි ඒ?

පිළිතුර:- එක එක්කෙනාගේ කේළාම් අහලා. ඒ ගැන මම දුක්වෙන්නේ නැහැ.

 

 

  •  ප‍්‍රශ්නය:- මෛත‍්‍රි ළඟට ආවට... වෙනසට මුල පිරුවට කෝ වාසියක් පේන්න නැහැනේ?

පිළිතුර:- මෛත‍්‍රි පාර්ශ්වයට ආවයි කියන්නේ මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා... රාජිත සේනාරත්න මැතිතුමා සාක්‍ෂි දෙන්න  ඕනැ. ජනක තෙන්නකෝන් මැතිතුමා සාක්‍ෂි දෙන්න  ඕනැ. ඔය නාවින්නලා එහෙම සාක්‍ෂි දෙන්න  ඕනැ. මුලින්ම මේ පිළිබඳව කතිකාව ඇති කළේ මම, රාජිත හා ජනක තෙන්නකෝන් සමග. නමුත් මට ප‍්‍රශ්නයක් තිබුණා. රවී කරුණානායක මන්ත‍්‍රීතුමා මේකට සාක්‍ෂි දරන්න  ඕනැ. මට ප‍්‍රශ්නයක් තිබුණා. මගේ පුතා සිරභාරයේ. සිදුහත් ගිහිගෙය අත්හැරලා ගියා කිව්වම සුද්ධෝදන රජතුමා මහ පොළොව බදාගෙන ඇඬුවනේ. හැම පියෙකුටම ඒක තියෙනවා.

 

 

  •  ප‍්‍රශ්නය:- යටින් උදව් කළත් ඔබට සැලකිල්ලක් නෑ නේද?

පිළිතුර:- මම වේදිකාවට නැග්ගේ නැහැ. නමුත් මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා මේ තැනට ගන්න නොයෙක් සාකච්ඡුාවලට මම හිටියා. නමුත් පුතා වෙනුවෙන් මම අඩියක් පස්සට තියාගෙන හිටියේ. දැන් ඔබ අහනවනේ... සැලකිල්ලක් ගැන. සැලකිල්ලක් බලාපොරොත්තුවෙන් මම කිසිම දෙයක් කරන්නේ නැහැ. නමුත් අපේ වැඩවලට කාමර ඇතුළේ ඒ.සී. එක මැද්දේ ජීවත් වෙන මහා බුද්ධිමතුන් කියලා කියන පිරිසක් ඉන්නවා. ඒ අයට මිනිස් ආශ‍්‍රයක් නැහැ. දාඩිය සුවඳක් දැනෙන්නේ නැහැ. ආවේ ගොඬේ ඉඳලා වුණාට විභාග පාස් වුණාම ගොඬේකම අමතක වෙනවා. ඒ වගේ උදවිය මර්වින් සිල්වා කියන චරිතයට ඊර්ෂ්‍යා කළා. ඒවත් මට බලපාන්න ඇති. නමුත් කවදාහරි දවසක ඒ අයටත් තේරේවි.

 

 

  •  ප‍්‍රශ්නය:- කොහොම වුණත් දැන් ඔබ වඩාත් සමීප වෙමින් සිටින්නේ එජාපයට?

පිළිතුර:- නෑ තාම නැහැ. ධර්මපාලතුමාගේ වැඩසටහන ඉදිරියට ගෙන යාම තමයි බලාපොරොත්තුව. ඇත්තටම මම විශ්වාස කරනවා මම මේ අමාරුවේ වැටුණේ එක එක්කෙනා එක එක කතා කියනවා මට මේ පාර නොමිනේෂන් නොදෙන්න චන්ද්‍රිකා මැතිනියගෙන් බලපෑමක් තිබුණා කියලා. මම ඒක දන්නේ නැහැ. කොහොම වුණත් මට වෙච්ච හැම අසාධාරණයක්ම වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන්. ලෙහලා බලපු මල්ල මට යළිත් ඔබලා බලන්න දෙයක් නැහැ. ඒ නිසා මම තව ටික කාලයක් ගන්නවා ඔබේ ප‍්‍රශ්නයට උත්තරයක් දෙන්න.

m



අදහස් (0)

දැන් කතා කරන්නේ නැති වුණාට මම කතා කරන දිනය ළඟදී උදාවේවි

සල්ගාදු පැරිස් Tuesday, 15 December 2015 11:32 AM

මෙවෙනි අයව ජනතාවට අමතක වෙලා යන්න දෙන්න , (ම)

:       0       0

සජිත් Thursday, 17 December 2015 02:56 AM

මෙයාලගේ කෙරුවාවල් නිසා තමා මහින්ද මහතාට ගෙදර යන්න වුණේ. (නි)

:       0       0

අමල් Tuesday, 15 December 2015 12:04 PM

ඔබට ජය. (ර)

:       0       0

ඔෂානි Saturday, 19 December 2015 02:15 PM

ඔහොම ඉන්න එකට තමයි අපි නම් කැමති (නි)

:       0       0

විජිත් Monday, 14 December 2015 08:40 PM

බලාගෙන. ප්‍රවේශමෙන්! (නි)

:       0       0

සාමා Tuesday, 15 December 2015 01:36 AM

අනේ බලාගෙන! අර ධර්මපාල චරිතය විනාශ කරන්න දෙන්න එපා (නි)

:       0       0

මැණික් Friday, 18 December 2015 11:46 AM

ඔබට මාගේ ප්‍රණාමය. (ර)

:       0       0

නිලන්ත Tuesday, 15 December 2015 01:57 AM

ටොරින්ටන් වෙනස් කරන්න කලින් තමන් වෙනස් වුණොත් නරකද? නම වෙනස්කළාට දියුණුවක් වෙන්නේ නැහැනේ (නි)

:       0       0

එරන්ද හේරත් Wednesday, 16 December 2015 03:54 PM

ඔබ තුමා දැන් කතා කළාට අහන්න ඉන්නේ ලවුස්පීකර් සෙට් එක කුලියට දීපු කොලුවා විතරයි (බ)

:       0       0

ඉන්දික Sunday, 20 December 2015 07:31 AM

මෙයා වාසි අතට හෝයියා කියන එහෙයියෙක්. හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස්. තමන්ට දැක්මක් නැති නිසා දැන් ඵෛතිහාසික චරිත අරගෙන තමන්ගේ කළු චරිතේ සුද්ද කරගන්න. පුතා නයිට් ක්ලබ් ගිහින් කරන්න තියන නසරාණි වැඩ ඔක්කොම කරලා, දැන් තමන්ව සම කරගන්නවා සිදුහත් කුමරුටයි සුද්දෝදනටයි. (බ)

:       0       0

ජනක Tuesday, 15 December 2015 03:57 AM

බලය නැති නිසා තමා ඔය කතා. බලය තියෙන කාලේ හරිම කතා විදියට හැසිරුනේ. මට මතකයි රනිල් මහත්තයට කොච්චර අපහාස කලාද විශ්වාස කරන්න එපා (ම)

:       0       0

ජනක Wednesday, 16 December 2015 12:33 AM

කොහොම නමුත් මර්වින් මහත්තයා කළ හොඳ වැඩත් තියනවා. නමුත් ඒවා කළ විදිහයි වැරදි. මමත් ආසයි මහනුවරට පරණ විදියට සෙන්කඩගල පුරය කියනවා නම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3211 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 366 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1009 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site