IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


දැන් කරන්නෙ දඩයමට මුහුණ දෙන එකයි

 17_SLMA_P16_Back

 

රාජපක්ෂවරුන්ගේ අනාගත දේශපාලන අරමුණු මොනවාද? මේ ඒ ගැන හිටපු අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 


ප්‍රශ්නය : මේ දවස්වල මොකද කරන්නෙ?
පිළිතුර :
මේ දවස්වල දෙකක් කරනවා. එකක් තමයි මේ ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම්වලට මුහුණ දෙමින් විවිධ මඩගැහීම් වලට නීතිමය පැත්තෙන් කටයුතු කරන එක. අනික් කාරණය තමයි මේවා වෙන්නෙ මට විතරක් නොවෙයි. පොදුවේ තෝරාගත් විශාල පිරිසක් දඩයම් කරමින් ඉන්නවා. කලාකරුවන්ට, ක්‍රීඩකයන්ට, ව්‍යාපාරිකයන්ට, වෘත්තීය වේදීන්ට මේ ඉරණම අත්වෙලා තියෙනවා. ආයතනවල වැඩ කරන සේවකයන් පවා දඩයම් කරනවා. මේ වෙනුවෙන් කිසියම් කාර්ය භාරයක් කළ යුතුයි. ඒ වගේම රට යන අත පිළිබඳව දේශපාලන මතවාදයක් ගොඩ නැගිය යුතුයි. ඒ වෙනුවෙන් තමයි කාලය වෙන් කරලා තියෙන්නේ.

 


ප්‍රශ්නය : ඔබ කියනවා මතවාදයක් ගොඩ නගනවා කියලා. කොහොමද ඒක කරන්නෙ.
පිළිතුර :
මතවාදයක් ගොඩ නගන්න දෙයකුත් නෑ. මතවාදය ගොඩ නැගිලා තියෙන්නෙ. ඒ ගොඩනැගිලා තියෙන මතවාදය රටේ තියෙන දේශපාලන පරිසරයට හා මැතිවරණ ව්‍යුහය තුළට ක්‍රමානුකූලව යොමුකළ යුතුයි. ඉදිරි කාලයේදි අනිවාර්යෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි. පළාත් පාලන ආයතන ව්‍යුහය තමයි මේ රටට උරුම දේ. මේක බටහිරෙන් ආපු දෙයක් නොවෙයි. පාර්ලිමේන්තුව හෝ පළාත් සභා වගේ නොවෙයි. මේ ක්‍රමය පණ්ඩුකාභය උදය රජතුමාගෙ පළමු ශිලා ලේඛනයෙන් රට පාලනය විය යුතු ආකාරය කියලා තියෙනව.ා එදා ඉඳලා ඒ ක්‍රමය තිබුණා. ඌව කැරැල්ලෙන් පස්සෙ ඒ ක්‍රමය නැති කළාට මේක ගලාගෙන ආවා. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව කාලේ ප්‍රේමදාස මහත්තයා දිස්ත්‍රික් සභා ක්‍රමය හඳුන්වලා දීලා සුළු නගර සභා ගම් සභා සියල්ල විසුරුවා හැරියා. නමුත් ඒක වැඩිකල් තිබුණේ නැහැ. ඒ නිසා ප්‍රාදේශීය සභා ඇති කළා. ඒ ප්‍රාදේශීය සභා විසිරෙව්වා. තව අවුරුද්දක් ඒවා පවත්වාගෙන යාමේ බලය රජයට තිබුණා. දැන් ඔය කියන විවිධ හේතු දැනගෙන හිටියා නම් ඒ සිතියම අනුව විසුරුවන්නේ නැතිව තියාගන්න තිබුණා. ජනතාවගෙන් පත්වෙච්ච නියෝජිතයෝ තමයි මේකෙ ඉන්නෙ. නමුත් මේ අය ඒවා විසුරුවා හැරියා.

 

1
ප්‍රශ්නය : පුංචි ඡන්දය නොතියා ඉන්නෙ සීමා නිර්ණය හා පනතේ තියෙන අඩුපාඩු නිසයි. 
පිළිතුර :
එහෙම නම් ඒවා දැනගෙන  මේවා විසුරෙව්වේ. ඒ අයට හොඳටම තිබුණා. කොළඹ නගර සභාවේ කාලය දික් කළා වගේ ඒ දේම කරන්න. නමුත් කළේ නෑ. 

 


ප්‍රශ්නය : ඔබ හිතන විදිහට ඇයි එහෙම කළේ.
පිළිතුර :
ගමේ නායකත්වය තියෙන වැඩ කරලා පෙන්වපු මන්ත්‍රීවරුන් අමතක වෙලා යනකම් තමයි ඔය ඉන්නේ. මේ මහජන නියෝජිතයන් පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ගම නැගුම, එක ගමකට එක වැඩක්, පුර නැගුම, මාතෘ සායන, ළමා සායන වගේ දේවල් හදලා ගමේ නායකත්වයක් ගොඩ නගාගෙන තිබුණා. ඒක හිමින්ම අමතක වෙලා යනකම් තමයි මේ ඉන්නේ කියලා මට හිතෙනවා. නමුත් ඒ අසාධාරණය කරන්නේ ඒ මන්ත්‍රීවරුන්ට විතරක් නොවෙයි. ගමේ ජනතාවට මොන තරම් අසාධාරණයක් ද. ගමේ මිනිසුන්ට කොච්චර වැඩ තියෙනවද කර ගන්න. ඒ නිසා ඒ මැතිවරණය ගෙන්වා ගත යුතුයි. එහෙම වුණාම තමයි යම් කිසි දේශපාලන ක්‍රියාදාමයකට අවතීර්ණ වෙන්න පුළුවන් වෙන්නේ. රටේ අනාගතයටත් ඒක වැදගත්.

 


ප්‍රශ්නය : ඒ මැතිවරණය වෙනුවෙන් නව පෙරමුණක් නව පක්ෂයක් ගැන කතා වෙනවා. මේ සාකච්ඡාවල ඔබ ඉන්නවාද?
පිළිතුර :
නව පක්ෂයක නිල තල දැරීමක් නැහැ. නමුත් රට තුළ ඇති වෙලා තියෙන මේ දේශපාලන ප්‍රවණතාවයට යම් කිසි දායකත්වයක් මගෙන් ලැබෙන්න තියෙනවා නම් ඒ තුළ මම ඉන්නවා.

 


ප්‍රශ්නය : ඒ කියන්නේ ඔබ දේශපාලනයෙන් විශ්‍රාම අරගෙන නෑ,
පිළිතුර :
මෙහෙමයි.. 2005 ඉඳලා මම මැතිවරණ රාමුව තුළ හිටපු නිසා ඒ මැතිවරණ අපි ජයග්‍රහණය කරපු නිසා, ඒ ජයග්‍රහණයට වැඩිම දායකත්වයක් දුන්නේ මේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් නිසා හා ඔවුන් සමඟ රටේ ජනතාවට සේවය කරන්න. ගමේ පාර හදලා දෙන්න විදුලිය ලබා දෙන්න ගම නැගුම තුළින් එක් ගමකට එක් වැඩක් වැනි ව්‍යාපෘති හරහා මම ඔවුන් ළඟින් ආශ්‍රය කරලා තියෙනවා. ඔවුන්ගේ ගැටලු විසඳන්න මම මැදිහත් වෙලා තියෙනවා. ඔවුන්ට ඉතාම අඩු වැටුපක් ලැබුණේ. රුපියල් පන් දහසක් වගේ තමයි ලැබුණේ. ඒක තුන් ගුණයකින් වැඩි කළා. ඔවුන්ට ප්‍රවාහන පහසුකම් තිබුණේ නැහැ. රජයේ සේවකයන්ට යතුරු පැදි දෙනකොට ඔවුන්ටත් ලබා දුන්නා. මේ විදිහට නොයෙක් පහසුකම් ලබාදුන්නා. ජනතා සේවය කාර්යක්ෂමව කරන්න තමයි මේ පහසුකම් දුන්නේ. ඒ හරහා ඔවුන් හා මා අතර සමීප සම්බන්ධතාවයක් ඇති වුණා.

 


ප්‍රශ්නය : ඒ කියන්නේ නව පෙරමුණට ඔබට විශාල දායකත්වයක් දෙන්න පුළුවන් කියන එකයි.
පිළිතුර :
ඡන්ද සටන ගෙනියන්නේ. ගමට නායකත්වය දෙන්නේ ඔවුන් නිසා අනිවාර්යයෙන්ම මම ඉන්නවා. 

 


ප්‍රශ්නය : ඒ සඳහා ආරාධනාවක් ලැබිලා තියෙනවද?
පිළිතුර :
ඒ අයගෙ ආරාධනාව සාකච්ඡා වලට එන්න ඔවුන්ට මුහුණ පාන්න වෙලා තියෙන දඩයම් මර්දනය තියෙනවනේ. ඡන්දෙ තියන්නෙත් නෑ. මෙන්න මේ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනුත් මගෙනුත්. අපේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අයගෙනුත් උදව් ඉල්ලුවා. අපි එතැන දී උදව් කරනවා. ඒ වගේම මහජන මතයක් ගොඩනැගීමක් අවශ්‍යයි. ඒකේ, ප්‍රතිඵල තියෙනවා. දහමටත් මැතිවරණය තියන කාලවකවානු ප්‍රකාශ කෙරෙමින් තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. අන්න එවැනි ආරාධනා මට ලැබිලා තියෙනවා. 

 


ප්‍රශ්නය : ඒ මැතිවරණයට එන්නේ නව පක්ෂයකින්ද නව පෙරමුණකින්ද?
පිළිතුර :
ඒක ගැන මට පැහැදිලි පිළිතුරක් දෙන්න බැහැ. ජනතාව තමයි ඒ තීන්දුව ගන්න ඕනෑ. ජනතාව වගේම මන්ත්‍රීවරුත්, ඒ සඳහා කටයුතු කරන පිරිස් පැහැදිලි තීන්දුවක් අරගෙන තියෙනවා නව දේශපාලන පක්ෂයකුත් ඒ පක්ෂ එකතුවන නව සංධානයකිනුත් ඉදිරිපත් වෙන්න.

 


ප්‍රශ්නය : ඒ අලුත් පක්ෂයට මහින්ද රාජපක්ෂ එකතු වෙනවා?
පිළිතුර :
මහින්ද රාජපක්ෂ ඉදිරිපත්වීම නොවීමට වඩා මෙතැන වැදගත් වන්නේ ජනතාවගේ මතය ප්‍රකාශ කිරීමට මේක අවස්ථාවක් කරගන්නවාද නැද්ද කියන එකයි. මේ ආණ්ඩුවට අවුරුද්දයි. මේ ආණ්ඩුව ගැන ජන මතය ප්‍රකාශ කරගන්න ලැබෙන අවස්ථාවයි මේ. එක අතකින් තමන්ගේ නියෝජිතයා පත් කර ගන්නවා. තව අතකින් ජන මතය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් බවට පත් කර ගන්නවා.

 


ප්‍රශ්නය : ඔබ හිතනවද මේ කෙටි කාලයට ජනතාවට ආණ්ඩුව එපා වෙලා කියලා?
පිළිතුර :
දැන් බලන්න ගොවියාට කන්නය පුරා එක දිගට ලැබිච්ච පොහොර සහනාධාරය දැන් ලැබෙන්නේ නැහැ. ගොවියාට තිබුණු සහතික මිල කොයි රටේද කොයි ආණ්ඩුවටද නිෂ්පාදන වියදම වැඩි වෙන කොට ගොවියාට ලැබෙන සහතික මිල අඩු කරලා තියෙන්නේ? මේ අයවැයෙන් තමයි ඒක කළේ. පොහොර සහනාධාරයත් එක්ක හැම කුඹුරක්ම අනිවාර්යයෙන්ම රක්ෂණය වුණා. පොහොර මිටියක් ගන්න කොට ඒ මිලෙන් තමන්ගේ කුඹුරු රක්ෂණය වීමක් සිදු වුණා. ඒක අද ඉබේම අහෝසි වුණා. මට කණගාටුව මේ රක්ෂණයෙන් වැඩිම ප්‍රතිලාභ ගත්තේ අපේ ආණ්ඩු කාලයේ අවසන් භාගයේදි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවින්. ඔවුන් ගංවතුර හානි ගත්තා. නියඟ හානියත් ගත්තා. අලින්ගෙන් වන හානියටත් ගත්තා. බිත්තර වී සියල්ල නොමිලේ ලැබුණා. ඒ රක්ෂණය මෙතැනින් ඉවරයි. ඔය ගොවියාට වෙච්ච එක දෙයක් විතරයි. පාසල් දරුවන්ට වෙච්ච දේ බලන්න. පාසල් දරුවන්ට නොමිලේ නිල ඇඳුම් ලැබුණා විතරක් නෙවෙයි. සමානාත්මතාවය පිළිබඳ අදහසකුත් ඔවුන් තුළ ඇති කළා. දශක තුනක් එක දිගට දීපූ මේ නිල ඇඳුම නැති කළානේ.

 


ප්‍රශ්නය : ඒ වෙනුවට මුදලක් දෙනවා
පිළිතුර :
ඒ වෙනුවට මුදලක් දෙනවා තමයි. නමුත් සමානාත්මතාවයකින් නොවෙයි දෙන්නේ. මුදල දෙන්නෙත් අසමාන විදිහට. ජාතිවාදය ඇති කරලා තියෙන්නෙ එතැනින්. පිරිමි ළමයා සිංහල දෙමළ මුස්ලිම් කියලා වෙනසක් නැහැනේ. හැමෝම අඳින්නේ එක ඇඳුමනේ. ඒත් ඇයි මිල ගණන් තුනක් දෙන්නෙ.

 


ප්‍රශ්නය : මුස්ලිම් බාලිකාවන්
පිළිතුර :
මුස්ලිම් බාලිකාවන් පැත්තකින් තියන්න. නමුත් මේවායින් වෙන්නෙ මනසට ජාතිවාදී සිතිවිල්ලක් ඇතුළු කරනවා. මේවා මේ වෛරයක් ඇති කරන වැඩක්. විධායක නිලධාරියාට තිබුණු සියයට 65ක් බදු ගෙවලා ගන්න තිබුණ වාහන පර්මිට් එක නැති කළාණේ. තිබිච්ච දෙයක්නෙ මේ නැති කළේ. විධායක නිලධාරින්ට ඒකට කැමතිද නැද්ද කියලා ප්‍රකාශ කරන්න මෙන්න තියෙන අවස්ථාව.

 


ප්‍රශ්නය : ඒකට රාජපක්ෂවරුන්ගේ දායකත්වය ලැබෙන්නේ කොහොමද?
පිළිතුර :
රාජපක්ෂවරුන්ගේ දායකත්වය ඉහළින්ම ලැබෙනවා. ඒක ආයිත් අඩුවක් වෙන්නේ නැහැ. මේක අපි පැහැදිලිව කියනවා. කාවවත් පරද්දන්න නෙවෙයි. එහෙම නොවෙයි. ආණ්ඩුවට අවුරුද්දෙයි මේ ආණ්ඩුවට තියෙන ජනතා මතය මොකක්ද කියලා බලන්න. අපි මේක යොදා ගත යුතුයි.

 


ප්‍රශ්නය : අලුත් පක්ෂයක් හැදුනොත් ඒක යූ.එන්.පී. යට වාසියක්.
පිළිතුර :
නෑ, දැන් බලන්න. මේ අයවැය හොඳ අයවැයක්ද? නැහැනේ. ඇතුළෙත් විරුද්ධයිනෙ. ඒත් ඡන්දය පකාශ කිරීමේදී මොකද වුණේ පළමු වරට විරුද්ධ පක්ෂයෙ නායකයන් පක්ෂව ඡන්දය දුන්නේ. එතකොට ඒකද ජන මතය? ජනතාව මේ අයවැය අනුමත කරනවද? නැහැ. එහෙම නම් ජන මතය කොහෙන්ද ප්‍රකාශ කරන්නේ. ඒ ජන මතය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් තමයි මේ ලැබෙන්නේ. ඒක කොහොමද යූ.එන්.පියට. වාසියක් වෙන්නේ?

 


ප්‍රශ්නය : මේ අලුත් දේශපාලන තත්ත්වය ගැන රාජපක්ෂවරුන් අතර සාකච්ඡා කෙරෙනවද?
පිළිතුර :
රාජපක්ෂ සහෝදරවරුන් ගැන සමහරුන්ට අඳුරගන්න බැරි වෙලත් තියෙනවා. සමහරු අඳුනගෙන වැඩි වෙලක් තියනෙවා. අපි දේශපාලන පවුලක්නේ. ඉතින් දේශපාලනය ගැන තමයි කතා කරන්න වෙන්නේ. 2005 ඉඳලා ගත්තත් අපේ පෞද්ගලික ජීවිතයේ බොහෝ දේවල් අතහැරලා පැය 24න් පැය 16ක් වත් රට වෙනුවෙන් කැප කළා. ජයග්‍රහණය ලැබෙන කොට මේ රාජපක්ෂ සහෝදරවරුන් ඉතාම හොඳියි. ජනතාවත් හොඳ කිව්වා.

දේශපාලනය කිව්වම ජය පරාජය දෙකම තියෙනවා. එක දිගට ජයග්‍රහණ ලැබිලා එකපාරටම එක පරාජයක් ලැබුණාම ඒ පරාජය තුළ අපට චෝදනා එනවා ඒකත් අපි ඉතාම නිහතමානීව දරා ගන්නවා. ඡන්දෙ ඉවර වුණාම දේශපාලන වශයෙන් පරාජයේ වගකීම මම බාර ගත්තා. 2005 ඉඳලා ඡන්ද ජයග්‍රහණය කරන වෙලාවේ ඒ ජයග්‍රහණය වගකීම මම බාරගෙන තිබුණේ නැහැ. ජනවාරි 8 වැනිදා ජයග්‍රහණයට හුඟාක් අය පොත් ලියනවා. ලිපි ලියනවා. අයිතිය කියනවා. අපේ පක්ෂයේ ජයග්‍රහණයන්ට පියවරු දහසක් හිටියා. හැබැයි පරාජය අවජාතකයි කියලා කතාවක් තියෙනවනේ. නමුත් ඒ පරාජයේ වගකීම මම බාර ගත්තා. ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට තමයි එහෙම පරාජයක් වගකීමක් ගන්නේ. එහෙම බාර ගත්තට ඒකෙන් කිය වෙන්නේ නැහැ පරාජයට හේතුව මමයි කියලා. සමහර රටවල දුම්රිය අනතුරක් වුණාම ඉල්ලා අස්වෙන්නේ දුම්රිය භාර අමාත්‍යවරයා. ඒකෙන් කියැවෙන්නේ නැහැ දුම්රිය අනතුර කළේ ඇමතිවරයා කියලා. නමුත් එහෙම බාරගැනීමේ ශිලාචාරකමක් තියෙනවා. අන්න ඒ ශිලාචාරකම තමයි මම කළේ.

 


ප්‍රශ්නය : ඒ ආණ්ඩුව කාලේ ඔබේ භූමිකාව ගැන ඔබ සතුටු වෙනවාද?
පිළිතුර :
ඒ කාලේ විශාල ආර්ථික ජයග්‍රහණ ගෙනාවා කියලා පේනවනේ දැන්. අද මේ ආණ්ඩුවට ඒක දරාගන්න බැරි වුණානේ. ඊයෙ මගෙන් අහනවා මහාචාර්යවරයෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් “කොහොමද ඔබතුමාලා ඒ කාලේ ඔය තරම් හොඳට ආර්ථිකය ඇදගෙන ගියේ” කියලා. ප්‍රධානම හේතුව ඒ වෙනුවෙන්ම කැපවීම, හැකියාව ඇති දක්ෂයන්ගෙන් උපදෙස් අරගෙන ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන කටයුතු කිරීමයි. අද ආර්ථික ක්ෂේත්‍රයේ ඒක වෙන්නෙම නැහැ. අද රුපියලේ අගය අඩුවීම පිළිබඳව අවබෝධයක් නැහැ. පොලී අනුපාතය සීග්‍රයෙන් වැඩිවීම නිසා රජයට සිදුවන හානිය පිළිබඳව අවබෝධයක් නැහැ. වෙළෙඳපොළ ශේෂය එන්න එන්නම පුළුල් වීම පිළිබඳව අවබෝධයක් නැහැ. තෙල් මිල අඩුවීම නිසා ඇතිවන වාසියෙන් ප්‍රයෝජනයක් ගන්න හිතන්නේ නැහැ. තෙල් මිල අඩු වුණාම ඉදිරියේදී ඇතිවන තර්ජන ගැන හැඟීමක් නැහැ. තෙල් මිල අඩුවෙන කොට මැද පෙරදිග රටවල ආර්ථිකය කඩා වැටෙනවා. එහෙම වුණාම ඔවුන්ගේ ඉදිකිරීම් කර්මාන්තය ඇණ හිටිනවා. දැනටම හුඟාක් රටවල් අලුත් ගොඩනැගිලි ඉදිකිරීම් නතර වෙලා. මේ ගොඩනැගිලි ඉදි කිරීමේ ක්ෂේත්‍රයේ තමයි පුහුණු ශ්‍රමිකයන් වගේම වැඩි වැටුප් ගන්න ශ්‍රමිකයෝ ඉන්නෙ. දැන් ඒ අයගෙ රැකියා අහිමි වෙනවා. ඔවුන් ලංකාවට එන්න පටන් ගන්නවා. ඔවුන් මෙතෙක් කල් ලංකාවට එවපු මුදල් ඇණ හිටිනවා. ගෘහ සේවිකාවන් කිහිප දෙනා හැරෙන්න. ඔවුන් ඉතාම සුළු මුදලක් තමයි ලංකාවට එවන්නේ. අපේ කාලයේ වැඩපිළිවෙළක් ගියා පුහුණු ඉහළ වැටුප් ලබන ශ්‍රේණිවලට යවලා ගෘහ සේවිකාවන්ගේ ප්‍රතිශතය අඩු කරන්න. එදා අපි ඒක අඩුකරගෙන ආවේ. 2017 වෙන කොට ගෘහ සේවිකාවන් යන එක නතර කරන්න. ඒ විදිහට මේ ආර්ථිකය ගැන දැන් ඉන්න කිසිම කෙනෙක් උනන්දු වෙන්නෙ නැහැ.

 


ප්‍රශ්නය : නමුත් ඔබේ කාලයේදී අපි විදේශයට බිලියන 3.9ක් ණය වුණා.
පිළිතුර :
හරි! ඒ ණය ගෙවන්න අපේ වාරිකයට ඩොලර් 100ක් ගෙවන්න තියෙනවා නම් අපි කරන්නේ භාණ්ඩාගාරයෙ මහ බැංකුවට රුපියල් වලින් ගෙවනවා. එතකොට ඩොලර් 1ට එදා ගෙව්වෙ 130යි. එතකොට 130 ඒවා 100න් ගෙවනවා. එතකොට මහ බැංකුව ඒක ඩොලර් වලින් ගෙවනවා. දැන් අද තව රුපියල් 20ක් වැඩියෙන් එක ඩොලර් 1ට 150 ගානේ මහා භාණ්ඩාගාරය දෙනවා. එතකොට කල්පනා කරලා බලන්න රුපියල් 20 ඒවා බිලියන 3.9ක් අතිරේක බරක් රජයට ඇවිත් තියෙනවා. බලන්න අවුරුද්දක් තුළ ඇතිවෙලා තියෙන වෙනස.

 


ප්‍රශ්නය : මගේ ප්‍රශ්නය වුණේ රට ලෝකයට ණය කාරයකු කිරීම පිළිබඳවයි.
පිළිතුර :
මම මේ කියාගෙන එන්නේ ඒක තමයි. රජය හැම තිස්සෙම දේශීය වෙළෙඳපොළෙන් ණය අරගෙන තියෙනවා. බිලියන හැත්තෑ නව දහසක් විතර වෙනවා. ඒකෙන් සියයට 47යි 59යි අතර ප්‍රමාණයක් විදේශ ණය හා දේශීය ණය අතර පරතරය වෙනස් වෙනවා. මාසේ අන්තිමට රජය ගෙවන්න ඕනෑ අපි ගන්න අයිරාව සඳහා පොළියක්. එදා රජය අපි ගන්න කොට සියයට 21ක් වගේ තිබුණේ. අපි අන්තිමට ඒක සියයට 6 දක්වා විතර අඩු කරගත්තා. දැන් අර ළඟදි වෙච්ච බැඳුම්කර සිද්ධියත් එක්ක මේක දැන් සියයට 12 - 15ත් පන්නලා. එතකොට එදා සියයට 6 ගානේ ගෙවපු පොලිය අද සියයට 12ක් 15ක් වෙනකොට ඒ වගේ දෙගුණයක් ගෙවන්න වෙනවා. මේකෙන් සේවකයන්ගේ පඩි වැඩි කරලවත් ගමකට පාරක් හදලවත්, ලයිට් දීලවාත්, වැව ප්‍රතිසංස්කරණය කිරීමටවත් නොවෙයි සිද්ධවෙන්නෙ. එදා අපි 21 ඉඳලා 6ට අඩුවෙන කොට සිට ඉතිරි වුණ විශාල මුදලක් අන්න ඒ මුදල් තමයි අපි මේ ජනතා සේවයට යෙදෙව්වේ. දැන් ඒ මුකුත් වෙන්නේ නැහැ. ආර්ථිකය ගැන නොදැන කරන දේවල් නිසා මේ රටේ ජනතාවට වෙන හානිය ඉදිරියේදී බලාගන්න පුළුවන්.

 


ප්‍රශ්නය : මෙතැනින් එහාට මොකද වෙන්නේ?
පිළිතුර :
බොරු හා අභූත චෝදනා එල්ල කරලා තියෙනවනේ. අපි ඒවා නීතිය ඉදිරිපිටම විසඳ ගන්නවා. ඒ වගේම ජනතාවට සිද්ධ වෙන අර මම මුලින් කියපු හානිය තුරන් කරන්න ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා.

 

m



අදහස් (0)

දැන් කරන්නෙ දඩයමට මුහුණ දෙන එකයි

සෙබස්තියන් Monday, 25 January 2016 01:55 PM

අනේ මේ අපේ යුව රජතුමා නේද?? මහරජ්ජුරුවන්ගේ කාලේ කළ කී දේවල් මහජනතාවට අමතක වෙනකම් ද මෙච්චර කල් ෂොප් එකේ හිටියේ...ඒවා මේ රටේ ජනතාවට අමතක වෙන එකක් නැහැ.එම් ආර් වත් නැතිකලේ ඔබතුමා තමයි ..දවසේ පැය 24 න් 16 ක් රටේ ජනතාවට කොහොම වෙතත් ඔයාලගේ සාක්කු පුරෝගත්ත එක අපිට අමතක නැහැ . (අ)

:       0       0

අරුණ Wednesday, 27 January 2016 05:05 AM

අද වෙනතුරු මෙතුමාට විරුද්ධව චෝදනා කරන්න වැරද්දක් ආණ්ඩුවට හොයා ගන්න බැහැ මෙතරම් සේවයක් කරපු රාජපක්ෂ ආණ්ඩුවට මඩ් ගහන එක විතරයි කරන්නේ (කෞ)

:       0       0

දිසානායක Wednesday, 27 January 2016 10:02 AM

මහින්ද මහත්තයා රැවටුන එකේ එලවිපාක දැන් විඳවනවා මුළු රටම (බ)

:       0       0

නිමල් Wednesday, 27 January 2016 05:39 AM

මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදුනේ අපි වැඩි දෙනෙක් බොරුවට රැවටුන නිසා. අද වෙනකොට ඒ බව පැහැදිලිවෙනවා. රාජපක්ෂවරුන්ට තිබෙන බය දේශපාලනය තුළ පැහැදිලි වෙනවා. ඒ තමා ඒ අය රටට කළ සේවය. කාලයකට අමතක නොවන සේවයක්. ඒ අයට ගරහන්ට එපා බොරු දේශපාලනය නිසා. (නි)

:       0       0

චාමර Sunday, 31 January 2016 12:13 PM

දැන් ආණ්ඩුවේ ප්‍රායෝගිකව වැඩකරන දක්ෂයින් පෙනෙන්න නැහැ. දේශපාලන පළිගැනීම් හා පරිහානියට පත්වෙන දේවල් පමණයි පෙනෙන්න තියෙන්නේ. බැරිකම හංගන්න නොයෙකුත් උප්පරවැට්ටි දමනවා මිසක් රටට වැඩදායක කිසිම දෙයක් අද වෙනතුරු වුණේ නැහැ. (නි)

:       0       0

චාමර Sunday, 31 January 2016 12:23 PM

විද්‍යා, ඔබ රැකියාවිරහිත උපාධිධාරී සංගමේ කෙනෙක් වගේනේ කතා කරන්නේ. (නි)

:       0       0

විද්‍යා Thursday, 28 January 2016 10:45 PM

මෙතුමාගේ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා අපි දැනගන්න කැමතියි (නි)

:       0       0

අසේල Thursday, 28 January 2016 01:33 PM

ඒක තමයි කරන්න වෙන්නේ.(හේ)

:       0       0

සෑම් Tuesday, 26 January 2016 05:34 AM

මම නම් මෙතුමාට විරුද්ධව කියන අවලාද පිළිගන්නේ නැහැ .මොකද අද වෙනතුරු මෙතුමාට විරුද්ධව චෝදනා කරන්න වැරද්දක් ආණ්ඩුවට හොයා ගන්න බැහැ.පොලු වදින්නේ පල දරන ගහටනේ කියල කතාවක් තිබෙනවානේ .මෙදා පාර පොලු ගැහැවේ යූඇන්පී ප්‍රමුඛ මෛත්‍රි ආණ්ඩුවේ කට්ටිය .උන් අද රජ සැප විදිනවා .පොලු පාරවල් කෑවේ මෙතරම් සේවයක් කරපු රාජපක්ෂ ආණ්ඩුව .අන්තිමට මුකුත්ම නැතිව බකන්නිලාගෙන ඉන්න උනේ අහිංසක මහජනතාවට .(බ)

:       0       0

තෙෂාන් Wednesday, 27 January 2016 12:06 PM

මෙයා හොඳයි නම් ඇයි මහින්ද රාජපක්ෂ පැරදුන ගමන් රටින් පැන්නේ, එකෙන්ම තේරෙනව මෙයාග තරම, දැන් කියයි ජීවිත් ආරක්ෂාවට කියලා. ඔහොම ඉන්නකෝ නියම වෙලාවට මේ ගොල්ලන්ට වෙන් තයන දේ වෙයි.(කෞ)

:       0       0

තේෂාන් Monday, 25 January 2016 11:42 AM

ලජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි නේ (ම)

:       0       0

අජිත් Tuesday, 26 January 2016 02:45 PM

සෑම්, මම ඔබ සමග එකඟයි (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 555 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 69 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 93 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 320 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 213 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 109 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 671 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site