IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


දනන් දෑස පාදා නික්මගිය ඉසිවර පවුලේ නියමුවා

(විනීතා එම් ගමගේ)


ඔහු වේලාසනම නික්ම ගියේය. කරන්නට තවත් බොහෝදේ තිබුණත්, ඉන්නට කල් ඔහුට තිබුණත් මාරාන්තික පිළිකා රෝගයක් ඔහු ගොදුරු කර ගත්තේය. තම පවුල පමණක් නොව රට දැය සමය වෙනුවෙන්ද කළ හැකි, කළ යුතු යුතුකම් සියල්ල ඔහු වහ වහා ඉටු කළේ කලින්ම නික්ම යන්නට සිදුවෙතැයි දන්නා අයෙකු පරිදිය. 

”ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” පිරුළ ඔහු හා සසදද්දි බොරුවෙයි. 

ප‍්‍රජා විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ නම් වූ ඔහු වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකි.  එහෙත් නිර්මාණකරුවෙක්, ලේඛකයෙක්, චිත‍්‍ර ශිල්පියෙක් මෙන්ම නිදහස් මතධාරියෙක්ද ඔහු තුළ සිටියේය. 

මාපලගම යනු ගාල්ල ගඟබඩ පත්තුවේ, ගිං ගඟ නිම්නයේ පිහිටි ගමකි. ඒ ආරියසේන යූ ගමගේ මහතා උපන් ගමයි. ගම් සභාපතිවරයෙකු වූ පියා මව සමග වැඩිමහල් සොහොයුරෙකු ඔහුගේ පවුලේ සාමාජිකයෝ වූහ. 

මලාමුරේ කණිෂ්ඨ විද්‍යාලයෙන් තුන්වන පන්තිය තෙක් උගත් ආරියසේන, අනතුරුව බද්දේගම ක‍්‍රිස්තුදේව විද්‍යාලයටත් එතැනින් රිච්මන්ඞ් විද්‍යාලයටත් ඇතුළු විය. එහිදී උසස් පෙළට පෙනී සිටි ඔහු කොළඹ වෛද්‍ය පීඨයට ඇතුල් විය. 

වෛද්‍ය ආරියසේන පසු කළෙක පැවසූ පරිදි ඔහුට වෛද්‍ය අධ්‍යාපනය ලැබුණේ රටට ගැලපෙන වෛද්‍යවරුන් තැනීමේ උවමනාව තිබු වෛද්‍ය පිරිසක් අතිනි. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කොල්වින් ගුණරත්න සහ මහාචාර්ය කාලෝ ෆොනසේකා වැනි බහුශ‍්‍රතයෝ වෛද්‍ය ආරියසේනගේ ආචාර්යවරු වූහ. 

හෙතෙම ප‍්‍රජා වෛද්‍ය විද්‍යාව තෝරා ගත්තේය. එය පශ්චාත් උපාධියට හැදෑරූ ඔහුගේ පළමු පත්වීම කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ලැබිණ. ඒ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙසද සේවය කලේය. ඔහුගේ ප‍්‍රජා සෞඛ්‍ය සේවාවේ ඇති ජනතා හිතකාමි බව හා සේවා ප‍්‍රදේශයන්හි ඇති වූ සෞඛ්‍ය සේවාවේ දියුණුව කැපී පෙනෙන සුළු විය. පසුකලෙක දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස උසස් වීම් ලැබුවත් වෛද්‍ය ආරියසේන රජයේ රැකියාවේ තව දුරටත් සිටියේ නැත. 

ඔහු රජයේ සේවය අතහැරියේය. මාවනැල්ල ගමගේ ආරෝග්‍ය ශාලාව ආරම්භ කරමින් ඔහු ඊට කැපවුණේය. එහෙත් තම අසීමිත කැමැත්ත වූ සංචාරයත් ලිවීමත් අතහැරියේද නැත.  

වෛද්‍ය විද්‍යාලයේ දී දැන හ`දුනාගත් මානෙල් දිසානායක ඔහුගේ ආදරණීය බිරිඳ විය. ඔවුන්ට දියණියෝ දෙදෙනෙකි. ඔව්හුද වෛද්‍යවරියෝය. වෛද්‍ය දියණියන් දෙදෙනාගේ ස්වාමිපුරුෂයෝ ද වෛද්‍යවරුම වෙති. 
ආරියසේන යූ. ගමගේ වෛද්‍යතුමන්ට සුවිසල් දේශපාලන පසුබිමක් තිබිණි. ඒ තම බිරිඳ මානෙල් දේශපාලන පවුලකින් පැවැත එන බැවිනි. 

ඇයගේ වැඩිමහල් සොහොයුරා ඇමති එස් බී ය. තවත් සොහොයුරෙක් මධ්‍යම පලාත් සභාවේ මන්ත‍්‍රී වරයකු වන ජයලත් දිසානායකයි. එතරම් දේශපාලන සබඳතා තිබුණත් කිසිදු තැනක ඔහු ඒ ගැන කතා නොකළේය. ඒ සබඳතා ශක්තියක් කරගෙන කටයුතු නොකළේය. 

රාජ්‍ය සේවයේ සිටියදී ම පුවත්පත් ලිපි ලියමින් ජනතාව දැනුවත් කළ ඔහු ඒ ලිපි තවත් විටෙක පොත් බවට පරිවර්තනය කළේය. රජෙක් වුණත් ලෙඩෙක් වුනොත්, දියවැඩියාව දැන් සුවයි, ඇදුම දැන් සුවයි, පුද්ගලිකයි රහසිගතයි වැනි ලිපි සමාජයේ බොහෝ සාකච්ඡාවට බඳුන් වූ ඒවා විය.

”ඔහු දේශීය වෛද්‍ය ක‍්‍රම ප‍්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය සඳහා යොදගන්නේ කෙසේදැයි පර්යේෂණයක යෙදුණේ  පශ්චාත් උපාධිය සඳහාය. ඒ වෙනුවෙන් ඉන්දියාව නේපාලය, බුරුමය, තායිලන්තය, ඉන්දුනීසියාව සහ චීනය වැනි රටවලත් ලංකාවේත් දේශීය වෛද්‍යක‍්‍රම පිළිබඳව පර්යේෂණ කළේය. ඒ පර්යේෂණවල ප‍්‍රථිපල ජනතාව අතරට ගෙනයාම ඔහුට සතුට ගෙන දෙන කටයුත්තකි. 

සූර සරදියෙල් ගේ විජිතය වූ උතුවන්කන්දේ සරදියෙල් ගම්මානය ඉදිකිරීම ඔහුගේ එක් සිහිනයක් වූයේය. ඒ සිහිනය ඔහු ඉටු කරගත්තේය. අද උතුවන්කන්දට ගොස් නිදහසේ දවස ගෙවන්නට  ඕනැම කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ ඔහුට පින්සිදුවන්නටය. 

මුහුණු පොත ඔහු ප‍්‍රිය කළ තැනකි. නිරන්තර ඔහු එහි සටහන් තැබුවේය. ඒවා ජනතා හිතවාදී සටහන්ය. නිරන්තර දැනුවත් කිරීම් එහි විය. දකුණු අතේ කිහිල්ල පෙදෙසෙහි මතුවූ පිළිකාව ලියුෆෝමා නම් එකක් බවත් එය වැළඳුණු විට සිදුකරන ප‍්‍රතිකාර මොනවා ද යන්නත් වෛද්‍ය ගමගේ නිරන්තර මුහුණු පොතට ලිව්වේ ඔහුට ප‍්‍රතිකාර කරද්දී ගත් ඡායාරූප සමගිනි. 

අවසන් කාලයේ පවා ඔහු තම සටන අතහැරියේ නැත. පිළිකාව සමඟ සටන් කරමින් ඒ පිළිබ`ද ජනතාව දැනුම්වත් කරන්නට කටයුතු කළේය. පිළිකාවක් වැළඳුණු අයෙක් විකිරණ ප‍්‍රතිකාර වලදී හිසකෙස් යාම ගැන බොහෝ බිය වෙයි. වෛද්‍ය ගමගේ තමන්ගේ හිස කෙස් යද්දී ඒ ඡායාරූප යොදාගනිමින් මුහුණු පොතේ සටහන් තබා තිබුණේ විකිරණ ප‍්‍රතිකාර නිසිපරිදි සිරුර තුළ කි‍්‍රයාත්මක වේනම් හිස කෙස් යන බවත් එය බිය විය යුතුකරුණක් නොව සතුටු විය යුතු කරුණක් බවත් පෙන්වා දෙමිනි. 

මේ වෛද්‍යවරයා ජනතාව හඳුනන්නේ විශේෂඥ චෛද්‍යවරයෙකු නිසාම නොවේ. ඔහු ජාතික ව්‍යසනයක් වූ හැම තැනම සිටියේය. අරණායක නාය යෑම සිදුවන විට ඔහු රෝගී වි සිටියත් ඔහු එහි ගියේ අසනීප අමතක කරමිනි. 
”අපි වෛද්‍යවරු. අපි ජනතාවට ආදර්ශයක් ගේන්න  ඕන. ඒ නිසයි මම උසට ගැලපෙන බර වගේ දේවල් ගැන උනන්දු” ඔහු පැවැසුවේය. 

තම මවට ඉතා ආදරය කළ ඔහු වරක් මුහුණු පොතේ සටහනක් තැබුවේ තම පිළිකා රෝගය පිළිබඳ අවධානය යොමු කළ අම්මා තමන්ට පිණි බාන්නට හොඳ නැතැයි කී බවකි. 

”මම වෛද්‍යවරයෙක් කියලා අම්මට අමතක වෙලා. කමක් නැහැ. මම පිනි බාන්න නොගිහින් හිටියා” ඔහු එසේ සටහන් කළේය.

දැන් මට හැට පහයි. ඒත් මම අවුරුදු සියයක වැඩ කරල තියෙනවා.  මට මම ගැන සතුටුයි ඔහු කීවේය. ඔහු මරණයට මුහුණ දුන්නේ නොබියවය. 

සියල්ලෙහි අනියත බව පෙන්වා දෙමින් ඔහු සමු ගත්තේය. දනන් දෑස පෑදු  ඉසිවරයාණෙනි, ඔබට නිවන්සුව! 

 



අදහස් (11)

දනන් දෑස පාදා නික්මගිය ඉසිවර පවුලේ නියමුවා

Dr Dushar Sunday, 01 April 2018 12:34 PM

ඔබ ශ්‍රේෂ්ඨ සේවයක් මව්බිම වෙනුවෙන් ඉටුකර තිබෙනවා..

:       0       607

සෙනෙවි ගාල්ල Sunday, 01 April 2018 11:58 PM

රටේ වෙද්දුන්ගෙන් ජනතාව ගලවා ගැනිමත් ජාතින් අතර සමගිය සම්බන්දව ඔබ කල මෙහෙය විශිෂ්ටයි. ඔබ ලියු "රජෙක් වුවත් ලෙඩෙක් වුනොත්" පොත අගනා ග්‍රන්තයකි

:       0       94

Cisco Monday, 02 April 2018 05:04 AM

මෙතුමාගේ ලිපි ගොඩක් මම පත්තරෙන් කියෙව්වා. පාසල් යන කලේ අපි ගොඩක් දැනුම ලබාගත්තා.

:       0       60

දිලුම් Monday, 02 April 2018 06:31 AM

ඉතාමත් නිරවුල් ලෙස ජනතාවට ඔබ ලබාදුන් දැනුම බොහෝ ප්‍රයෝජනවත් වුණා. ඒ පිනම ඇති ඔබට මෙවන් අකල් මරණයකට නැවත නොයන්නට... ඔබට නිවන් සුව ඇදුරුතුමනි,..

:       1       70

anura Monday, 02 April 2018 07:09 AM

ඉතා වටින උසස් ගති වලින් යුත් වෛද්‍යවරයෙක් .ඔබ තුමාට නිවන් සැප ලැබේවා.!

:       2       47

Rohan.B.Perera. Monday, 02 April 2018 12:27 PM

හොඳ දොස්තර කෙනෙක්....

:       0       25

කුමාර් (ගල්ෆ්) Monday, 02 April 2018 08:13 PM

වටිනා රිච්මන්ඩ් පුත් රුවනක්, පාසල් කාලයේදීත් පෙරමුණ ගෙන විදුහලේ සෑම දෙයකටම අත හිත දුන් ඉතා නිහතමානී සිනා මුසු මුහුණින් හැමදේම දරාගන්නා සැමදෙනාගේම ආදරයට පාත්‍රවූ කෙනෙක්.

:       0       57

Ranjith Tuesday, 03 April 2018 05:40 AM

ඔබට නිවන් සුව පතමි!

:       0       14

Sira Tuesday, 03 April 2018 09:13 AM

ජාතිය ණයගැති පුතෙක් , ඔබට නිවන් සුව.!

:       0       16

janahitha Tuesday, 03 April 2018 12:37 PM

උපන් බිමට ණය නැති . මරණයට අභියෝග කල විරුවාණෙනි. දෙවුලොව යාමට පෙර , ඔබ නැවත ලංකා ධරනිතලයේම වෙදැදුරකුවීම ඉපදේවා !!!

:       0       9

Nandaka Wednesday, 04 April 2018 10:37 AM

යමෙක් රෝගී උපස්ථාන කෙරේද හේ මට උපස්ථාන කළා වැනිය - බුදුරජානන් වහන්සේ - ඔබ බුදුන් දවස සිටි ජීවක වෙදදුරාමය. ඔබට අජරාමර නිවන්සුව ලබන්නට මේ කල පින් හේතුවේවා ... !

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 192 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 126 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 425 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1063 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1545 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 250 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 753 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2117 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site