IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දුමින්ද - බැසිල් සාකච්ඡාවේ වාසි - අවාසි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධානයක සහ හිටපු මහ ලේකම් දුමින්ද දිසානායක මහතා වාරිමාර්ග, ජල සම්පත් හා අපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය. මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස පත් කරන අවස්ථාව වන විට ද දුමින්ද දිසානායක මහතා දරමින් සිටියේ ද මෙම අමාත්‍යංශයයි.

රාජපක්ෂ මහතා දිවුරුම් දෙන අවස්ථාවට පැමිණ සිටි දුමින්ද දිසානායක මහතා ඉන් පසු පැවැති රැස්වීම්වලට සහභාගී නොවීම ගැන විවිධ මත පළ විය. 

2015 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධානයෙන් එළියට එද්දී ඔහු සමඟ පැමිණි කිහිප දෙනාගෙන් දුමින්ද දිසානායක ද කෙනෙකි.   2015 ජනාධිපතිවරණය සමඟ ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

2015 ජනාධිපතිවරණයෙන් පසු දුමින්ද දිසානායක මහතා ශ්‍රීලනිපයේ මහ ලේකම් ලෙස පත් කළ අතර ඉන් පසු මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ ආසන සංවිධායක කම් ද ඉවත් කිරීමට පියවර ගැණිනි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙසින් නම් කරනු ලැබීමෙන් පසුව දුමින්ද දිසානායක මහතා මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ නොකර ස්වාධීන කටයුතු කිරීමට යන බවටද පසුගිය දිනවල ප්‍රචාරයක් ගියේය. හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ දුමින්ද දිසානායක මහතා අතර ඊයේ  (31 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ එවන් තත්ත්වයක් තිබියදීය.

දුමින්ද දිසානායක මහතාගේ කොළඹ නිවසේදී පැය දෙකකට ආසන්න කාලයක්   පැවැති සාකච්ඡාව ගැන පළ වූ ප්‍රවෘත්තියට ‘ලංකාදීප‘ පාඨකයකුගෙන් මෙවැනි ප්‍රතිචාරයක් ද ලැබී තිබිණි.

‘‘ජනාධිපතිගේ කැඳවීම අනුව අද පැවැති එජනිස කණ්ඩායමේ රැස්වීමට දුමින්ද දිසානායක ඇතුළු මන්ත්‍රීවරු 11 දෙනෙකු සහභාගී වී සිටියේ නැති බවයි කියන්නේ. බැසිල් රාජපක්ෂ මහතා දුමින්දගේ ගෙදරට දුවගෙන යන්න තරම් වැඩේ දරුණුවී ඇති බවයි ඉන් ගම්‍ය වන්නේ.‘‘

“ 113 දැනටමත් තිබෙනවා නම් තවදුරටත් ප්‍රමාද කරන්නේ මොකද කියන එකයි ප්‍රශ්නය... දැනට එජාපයෙන් මන්ත්‍රීවරු 5 දෙනෙකු මහින්දට සහය පළකර ඇත. ඔවුන් නම් විජේදාස රාජපක්ෂ, ආනන්ද අලුත්ගමගේ, වසන්ත සේනානායක, සුරේෂ් වඩිවේල් සහ දුනේෂ් ගන්කන්දය. එක්සත් ජාතික පක්ෂයේ ලකී ජයවර්ධන සහ රංගේ බණ්ඩාර මහින්ද පාර්ශවයට එකතු වෙන බවට දුෂමාන ආරංචියක් පැතිරී ඇත. යම්හෙයකින් "රනිල් යළි අගමැති වුනොත් පැය දෙකක් වත් ජනාධිපතිධූරයේ නොසිට ඉල්ලා අස්වෙනවා" යයි ජනාධිපති වරයා පැවසු බවද දැනගන්නට ඇත. "

“තමාට 113 හදා ගන්නට බැරි නම් අගමැතිධූරයෙන් බැස යන්න සූදානම්" යැයි මහින්ද රාජපක්ෂ මහතාද විපක්ෂ නායකතුමාට පවසා තිබිණ. හෙමිහිට මේ ගෙවෙමින් තියෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන තීරණාත්මක ගනඳුරුම කාල පරිච්චේදයයි.‘‘    යනුවෙන් ලංකාදීප පාඨකයා සිය අදහස් දැක්වීම අවසන් කර තිබිණ.

කෙසේ වෙතත් දුමින්ද දිසානායක මහතා බැසිල් රාජපක්ෂ මහතා සමග පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලය තමන් කලින් දැරූ ඇමති ධූරයම බාරගැනීමට කැමැත්ත පළකිරීමද ? රාජපක්ෂවරුන් හා පැවැති මතභේද අමතක කර දැමීමට දුමින්ද දිසානායක ඇමතිවරයා සූදානම් වීමද ?

ඇරත් වාරිමාර්ග, ජල සම්පත් හා අපදා කළමනාකරණ යන විෂය පථ තුනම කොළඹින් දුර බැහැර වෙසෙන, ශ්‍රී ලාංකිකයන්ගේ නියම හදගැස්ම ඇති ගැමි ජනතාවට විශාල මෙහෙවරක් කළ හැකි මෙන්ම ඔවුන්ගේ සිත් දිනාගත හැකි විෂය පථ තුනකි.

දේශපාලන එදිරිවාදිකම් හෝ හිත් අමනාපකම් කලින් කලට වෙනස් වීම සාමාන්‍ය තත්ත්වයකි. වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ට ඒ ගැන කොතෙකුත් අත්දැකීම් තිබේ.

එහෙත් සංහිඳියාව තුළින් කළ හැකි දේ බොහෝය. දිසානායක - රාජපක්ෂ එකමතුව ඒ ගන තවත් බොහෝ දේ කියා දෙනු ඇත.

 



අදහස් (3)

දුමින්ද - බැසිල් සාකච්ඡාවේ වාසි - අවාසි

gunarathna Friday, 02 November 2018 12:24 AM

දුමින්ද ඇමතිකමේ දිවුරුම් දීම මහින්ද ලබපු ලොකුම ජයග්‍රහණයක්.දෙන් UNP එකේ බලාපොරොත්තු සේරම වතුරේ.UNP එක බලාගෙන හිටියේ දුමින්ද එක්ක තව කට්ටියක් අරගෙන ආණ්ඩුවක් හදන්ට.දුමින්දට මෛත්ත්රීව දාල යන්ට බැහැ කියල මෛත්‍රී දන්නවා.තව එක බලාපොරොත්තුවක් තියෙන්නේ රාජිත ගැන.රාජිත ආවොත් මහින්ද එක දිගට අවුරුදු විස්සක් රට පාලනය කරනවා.

:       373       230

thushara Saturday, 03 November 2018 10:12 AM

එක දිගට අවුරුදු 20 ක් රට පාලනය කරන්න එයා අමරනීයද ? තියෙන වහල්කම සහ තියෙන බල තන්හාව.

:       57       139

dasun Friday, 02 November 2018 08:36 AM

රාජිතව ගත්තොත් ගොඩක් පොහොට්ටු කාරයින් අනික් පැත්ත ගහනවා.

:       11       343

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site