IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


දුමින්ද වාහනෙන් බැස්ස ගමන් භාරත එක්ක ආ කෙනෙක් දුමින්දගේ නළලට වෙඩි තිබ්බා කියන යෝජනාව මා පිළිගන්නේ නෑ

(මනෝප‍්‍රිය ගුණසේකර)

 

lankadeepa-20151021
lankadeepa-01--20151021

දුමින්ද සිල්වා මහතා ඔහු පැමිණි වාහනෙන් බිමට බැහැපු ගමන් භාරත මහතා සමග පැමිණි කෙනෙක් දුමින්ද සිල්වා මහතාගේ නළලට වෙඩි තිබ්බා කියන චෝදනාව මා පිළිගන්නේ නැතැයි භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ විත්තිකාර දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇසූ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් භාරත මහතාගේ ආරක්ෂාවට ගිය සංජීව ප‍්‍රසන්න නමැත්තා කීය.


මෙම වෙඩි තැබීමෙන් පසුව ඔබලාගේ වීරයා බයේ දුවනකොට ඔහුගේ පිටුපස පැත්තට වෙඩි වැදිලා ඔහු මුනින් අතට බිම වැටිලා සිටියා කියා නීතිඥ මහතා කරන යෝජනාව මා පිළිගන්නේ නැහැ යැයි කියූ සංජීව ප‍්‍රසන්න මහතා දුමින්ද සිල්වා මහතා මෙම සිද්ධියට පටලැවීමට හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය කියා දුන් ආකාරයට මේ අධිකරණය හමුවේ මා බොරු සාක්කි දෙන බවට නීතිඥ මහතා කරන යෝජනාව ද මා ප‍්‍රතික්‍ෂේප කරනවා.


මෙම නඩුව විශේෂ මහාධිකරණ කටයුත්තක් ලෙස සලකමින් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව නඩුව විභාග කිරීමට පත් කළ මහාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණී රණවක ගුණතිලක සහ එම්.සී.බී.එස්. මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විභාග කෙරේ.


2011 ඔක්තෝබර් මස 8 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බස්නාහිර පළාත් සභා ඡුන්දය පැවැති දින අංගොඩදී නීති විරෝධී රැුස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීමෙන් හිටපු ඇමැතිවරයකු වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර, ජලාබ්දීන් මොහොමඞ් අසීම්, මනිවෙල් කුමාරස්සාමි, දමිත දර්ශන ජයතිලක නමැත්තන්ගේ මරණ සිදුකළ බවද රාජපුරගේ ගාමිණී නමැත්තාට වෙඩි තබා මරා දැමීමට තැත්කළ බවට නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.


2011 ඔක්තෝබර් 08 වැනිදා පවත්වන ලද බස්නාහිර පළාත් සභා මැතිවරණ දිනයේදී ඡුන්ද දායකයන් හට ගිනි අවි පෙන්වා සාපරාධී ලෙස බිය ගැන්වීම, පොදු අරමුණ කරගත් නීති විරෝධී රැුස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් අංගොඩ රාහුල විදුහලේ ඡුන්ද මධ්‍යස්ථානයේ සිටි පිරිසට බලහත්කාරය හා ප‍්‍රචණ්ඩත්වය යොදා කැරලි ගැසූ බවට ද එහි රාජකාරියේ යෙදී සිටි දමිත් සුරංග කුමාර නමැති පොලිස් නිලධාරියාගේ පපුවට පිස්තෝලයක් තබා තර්ජනය කළ බවට ද නීතිපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නගා ඇත.


මෙම අපරාධයට විත්තිකරුවන් සම්බන්ධ බව සනාථ කිරීම සඳහා පැමිණිල්ල විසින් ලේඛන 45 ක් සහ සාක්කිකරුවන් 118 දෙනෙකු ඉදිරිපත් කරන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.


දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදු කොට ඇතැයි කියමින් නීතිපතිවරයා විසින් මෙලෙස චෝදනා එල්ල කොට ඇත්තේ අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, චමින්ද රවිජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, ලංකා රසාංජන, ඩබ්ලිව්.ඒ. මාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්ඩාර, සුරංග පේ‍්‍රමලාල්, චමින්ද සමන් කුමාර අබේවික‍්‍රම, ජනක බණ්ඩාර ගලගොඩ, අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනාරච්චි ශමින්ද නමැත්තන්ටය.

 

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා ඇසූ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් තුන්වැනි දිනයටත් සාක්කි දුන් භාරත ලක්‍ෂ්මන් මහතාගේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ මුල්ලේරියාවේ පදිංචි සංජීව ප‍්‍රසාද් මහතා මෙසේද කීය.

 

භාරත මහතාට වෙඩි වදින විට මා හිටියේ ඔහු ළඟ. වෙඩි වැදුණු භාරත මහතා ජීප් රථයට නැගීමට උත්සාහ කළත් ජීප් රථයේ දොර හැරීමට නොහැකිවීම නිසා ඔහුට ජීප් රථයට ගොඩ වීමට නොහැකි වුණා.

මේ සිදුවීම වන විට මාත් එම ස්ථානයේම හිටියා. එම ස්ථානයේ නතර කර තිබූ ත‍්‍රීරෝද රථයකට කෙනෙක් මාව තල්ලූ කළා. ඒ පාරට මාව ත‍්‍රීවිල් රථයේ පිටුපසට වැටුණා. ඒ බව මා රහස් පොලිසියටද කීවා.

 


ප‍්‍ර - තමාව තල්ලූ කළේ ඉන්ද්‍රපාල පීරිස් නමැත්තාද?
පි -
 ඒ බව මා දැනගත්තේ මේ උසාවියේ සාක්කි දීමට පැමිණි පසුව.

 

ප‍්‍ර - රහස් පොලිසියට කටඋත්තර දෙන විට තමා ඒ බව දැනගෙන හිටියද?
පිළි -
 නැහැ

 

ප‍්‍ර - කිසිවකු ඔබ ත‍්‍රීරෝද රථය පිටුපසට තල්ලූ කළ බව ඔබ රහස් පොලිසියට කීවේ නැති බවත් ඒ ගැන වචනයක්වත් ඔබගේ කටඋත්තරයේ සඳහන් නැති බවත් මා යෝජනා කරනවා.
පිළි -
 මා කිව්වා

 

ප‍්‍ර - දුමින්ද සිල්වා මහතා ජීප් එකට ත‍්‍රීවිල් එකට දාගන්නවත් ඔබ ත‍්‍රීවිල් එක ඇතුළේ ඉඳිද්දී දැක්කද?
පිළි -
 දැක්කා

 

ප‍්‍ර - නමුත් දුමින්ද සිල්වාට වෙඩි වදින අයුරු ඔබ දැක්කේ නැහැ නේද?
පිළි -
 නැහැ

 

ප‍්‍ර - ඔබ ගියේ භාරත මහතා ගිය ජීප් එකේද?
පිළි -
 නැහැ. ඩිෆෙන්ඩර් එකේ

 

ප‍්‍ර - ඔබ ගිය ඩිෆෙන්ඩර් එකේ ගිනි අවි තිබුණේ නැද්ද?
පිළි -
 නැහැ

 

ප‍්‍ර - භාරත මහතා ගිය ජීප් එකේ හිටපු අය ළඟ ගිනි අවි තිබුණද?
පිළි -
 පොලිස් නිලධාරීන්ගේ අතේ ගිනි අවි තිබුණා.

 

ප‍්‍ර - දුමින්ද සිල්වා මහතා ජීප් එකේ දාගෙන ගිය පසුවද ඔබට වෙඩි හඬවල් ඇසුණේ? 
පිළි -
 ඔව්. වෙඩි හඬවල් හතක් අටක් ඇසුණා.

 

ප‍්‍ර - ඔබ ඒ බව රහස් පොලිසියට කටඋත්තර දෙමින් කීවද?
පිළි  - 
ඔව්

 

ප‍්‍ර - නමුත් ඒ ගැන වචනයක්වත් ඔබ දුන් කටඋත්තරයේ සඳහන් වෙලා නැහැ.
පිළි -
 මම කිව්වා

 

18 වැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ අසේල රැකව මහතා විසින් අසන ලද හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්කිකරු මෙසේද කීය.

 

මා වසර 16ක පමණ කාලයක් තිස්සේ භාරත ලක්ෂ්මන් මහතා ළඟට වී ඔහු සමඟ එක්ව වැඩ කරගෙන යනවා.


ප‍්‍ර - භාරත මහතා කොළොන්නාවේ සංවිධායකවරයා ලෙසද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලෙසද කටයුතු කළේ?
පිළි -
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලෙස භාරත මහතා කටයුතු කරන විට ඒ මහතා බොරැුල්ලේ සංවිධායකවරයා ලෙස කටයුතු කළා.

ඡන්දෙ දවස්වලට දේශපාලන අපේක්‍ෂකයන් හා සංවිධායකයින් ඡුන්ද දායකයින්ගේ හා ඡුන්ද පොළ නියෝජිතයින්ගේ අවශ්‍යතාවයන් සොයා බලමින් දවසම ගමන් කරනවා. ආසන සංවිධායකවරයකු හෝ දේශපාලන අපේක්‍ෂකයකු නොවූ රජයේ නිලධාරීවරයකු වූ භාරත මහතාත් මේ වගේම ප‍්‍රදේශය පුරා ඇවිද්දා. 
කාය වර්ධන උපදේශකවරයෙකු වූ මා වැනි අයත් ඔවුන් පිටුපස ගියා. 

සිද්ධිය වූ දවසේ පින්තාලියේ සිට අභිනවාරාමය පන්සල ළඟට යෑමට සිතාගෙන සිටියත් එකවරම ගමන් මාර්ගය වෙනස් කර අභිනවාරාම පන්සලට යන්නේ නැතුව කෙළින්ම ඉදිරියට ගියා.

 

ප‍්‍ර - එහෙම ගිහින් මිනිත්තු කිහිපයකින් දුමින්ද සිල්වාගේ රථ පෙළ හමුවුණා.
පිළි -
 ඔව්.

 

ප‍්‍ර - ඔබ රහස් පොලිසියට කටඋත්තර දෙමින් දුමින්ද සිල්වා මහතා කලබලයෙන් මෙන් සර්ගේ ළඟට පැමිණි බවත් ඒ වෙලාවේ සර් දුමින්ද සිල්වාට කතා කොට තමුසේ මොනවද මේ කරන්නේ කියලා ඇසූ බවත් ඒ වෙලාවේ මොනවද හු...... කියන්නේ කියමින් දුමින්ද සිල්වා මහතා භාරත මහතාගේ බෙල්ලට පහරක් ගැසූ බවත් කීවාද?
පිළි -
 ඔව්.

 

ප‍්‍ර - ඒක හරිද
පිළි -
 ඒක හරියටම හරි

 

ප‍්‍ර - එම ස්ථානයේදී සිදු වූ දේ හරියටම කියන්න.
පිළි -
 දුමින්ද සිල්වා මහතා මොනවද කියාගෙන ඉදිරියට ආවා. සර් ඔහුට කතා කර ‘‘මොනවද මේ කරන්නේ’’ කියා ඔහු ඇසුවා. එතකොටම දුමින්ද සිල්වා මහතා සර්ගේ උරහිසට පහරක් ගැසුවා.

11 වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇසූ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් සංජීව ප‍්‍රසන්න මහතා මෙසේද කීය.
භාරත මහතා 1994 දී කොළොන්නාව ආසනයේ මහජන පක්‍ෂයෙන් ඡුන්දේ ඉල්ලලා පාර්ලිමේන්තුවට ගියා.

භාරත මහතා 2005 මැතිවරණයේදී බොරැුල්ල ආසනය පරාජය වුණා. ඔහුට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරය අහිමි වුණා. ඒ වෙනුවට කොළොන්නාවේ ආසන සංවිධායකවරයා ලෙස දුමින්ද සිල්වා මහතා පත්කළා.

 

ප‍්‍ර - ඒ ඉන් පසු භාරත මහතාව ජනාධිපතිවරයාගේ වෘත්තිය කටයුතු පිළිබඳ සංවිධායකවරයා ලෙස පත් කළා.
පිළි - 
ඔව්

 

ප‍්‍ර - ඒ කාලයේ භාරත මහතා ළඟ ආයුධයක් තිබුණද
පිළි -
 මා දන්නේ නැහැ.

 

ප‍්‍ර - භාරත මහතාගේ ආරක්‍ෂකයකු ලෙස ගාමිණී නමැත්තා කටයුතු කළාද
පිළි -
 ඔව්

 

ප‍්‍ර - භාරත මහතාට වෙඩි වැදුණු තැනදීම දුමින්ද සිල්වා මහතාටත් වෙඩි වැදුණ බව ඔබ දන්නවද
පිළි -
 ඔව්

 

ප‍්‍ර - ඒ සම්බන්ධයෙන් භාරතගේ ආරක්ෂක නිලධාරියකු වන ගාමිණී නමැත්තාට එරෙහිව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් තිබුණද?
පිළි -
 ඔව්

 

ප‍්‍ර - භාරත මහතා ගමන් කළ වාහනයේ ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකුත් ගමන් කළාද?
පිළි -
 ඔව්

 

ප‍්‍ර - භාරත මහතා ගමන් යන විට ඔහු ළඟ තිබූ ආයුධය අරගෙන යන බව ඔබ දන්නවාද?
පිළි -
 නැහැ.

 

ප‍්‍ර - මේ නඩුව වෙනත් මාර්ගයකට යොමු කරන්න තමයි භාරත මහතා ආයුධයක් ගෙන යන කතාව ඔබ දන්නේ නැහැ කියලා කියන්නේ කියා මා යෝජනා කරනවා.
පිළි - 
පිළිගන්නේ නැහැ.

 

ප‍්‍ර - භාරත මහතාගේ වාහනයේ ගමන් කළ ගාමිණීට හා ප‍්‍රියන්තට ආයුධ නිකුත් කරලා තිබුණද?
පිළි -
 ඔව්

 

ප‍්‍ර - දමිත වැඩ කළේ කොහේද
පිළි -
 දන්නා තරමට පොලිසියේ

 

ප‍්‍ර - භාරත මහතා සමග ගමන් කළ අය ආයුධ පරිහරණය කිරීමට පුරුදු වූ අය
පිළි -
 ඔව්

 

ප‍්‍ර - ඒ වාහනේ ගමන් කළ ශෂිරංග හා සුනිල් නමැත්තන් කවුද?
පිළි -
 අපි වගේ භාරත මහතාට සේවය කළ අය

 

ප‍්‍ර - මේ ගමන යන විට සාලිය වික‍්‍රමසිංහ නමැත්තකු හමු වුණාද?
පිළි - 
ඔව්. කොළොන්නාවේදී හමුවෙලා ටික වේලාවක් කතා කරමින් සිටියා.

 

ප‍්‍ර - මේ හමුවට අදාළ සිද්ධිය වන විට වේලාව සවස 3.00ට විතර ඇති.
පිළි -
 ඔව්

 

ප‍්‍ර - ප‍්‍රසන්න සෝලංගආරච්චිගේ ගෙවල් තිබුණේ කොහේද?
පිළි -
 අභිනවාරාම පන්සල අසලම වගේ

 

ප‍්‍ර - මේ ගමන අතරතුරදී සෝලංගආරච්චිගේ ගෙදරට යෑමට කටයුතු යොදාගෙන තිබුණ
පිළි - 
මා දන්නා තරමින් නැහැ. අභිනවාරාම පන්සලට යෑමට යොදාගෙන තිබුණ නමුත් යම් හේතුවක් නිසා එහි ගියේ නැහැ.

 

ප‍්‍ර - ඔබලා එසේ යන විට දුමින්ද සිල්වා මහතාගේ වාහනය ආවේ කොයි පැත්තෙන්ද?
පිළි -
 අපි ගිය වාහනයට දකුණු පැත්තට වෙන්න. ඒත් ඒ වාහනය එක පාරටම මහත්තයා ගියපු වාහනයට ඉදිරියෙන් නතර කළා.

 

ප‍්‍ර - තමන්ලාට වම් පැත්තෙන් යන්න ඉඩ තිබුණ නේද?
පිළි - 
අපේ වාහනවලට ඉඩ නැති වෙන්න හරස් කර නතර කරලා තිබුණ. ඒ නිසා භාරත මහතාගේ වාහනයට යන්න ඉඩ තිබුණේ නැහැ.

 

ප‍්‍ර - භාරත මහතාගේ වාහනය ගිහිං දුමින්ද සිල්වා මහතා පැමිණි වාහනයට යන්න බැරි වෙන්න හරස් කර නැවැත්තුවා නේද?
පිළි - 
නැහැ. දුමින්ද මහතාගේ ජීප් එක තමයි භාරත මහතාගේ ජීප් එකට යන්න බැරි වෙන්න හරස් කර නැවැත්තුවේ.

 

ප‍්‍ර - භාරත මහතා වාහනය නතර කළ පසු භාරත මහතා වාහනයෙන් බැහැලා දුමින්ද මහතා සිටි වාහනය දෙසට ගියා නේද?
පිළි -
 නැහැ. දුමින්ද මහතා තමයි භාරත මහතා සිටි ජීප් එක දෙසට ආවේ

 

ප‍්‍ර - මේ සිද්ධිය වුණාට පසුව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඇතුළු පවුලේ අය සමග මේ සිද්ධිය වුණේ කොහොමද කියලා සාකඡ්ච්ඡුා කළාද?
පිළි -
 ඔව්

 

ප‍්‍ර - මෙම සිද්ධියට අදාළව මහේස්ත‍්‍රාත් උසාවියේ පැවැත්වූ මරණ පරීක්‍ෂණයේදී ඔබ සාක්කි දුන්නාද?
පිළි -
 නැහැ.

 

ප‍්‍ර - ඉන් පසු ඔබ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය සමග එක්වෙලා දුමින්ද සිල්වා මේ නඩුවට පටලවන්න කටයුතු කළා කියා මා යෝජනා කරනවා.
පිළි -
 ප‍්‍රතික්ෂේප කරනවා

 

ප‍්‍ර - ඔබ භාරත මහතාගේ පවුලට ඇති සම්බන්ධතාවය නිසා ඔබ යොදාගෙන දුමින්ද මහතා අමාරුවේ දැමීමට මේ සාක්කි හැදුවා කියා යෝජනා කරනවා.
පිළි -
 මා මේ උසාවිය හමුවේ සාක්කි දෙමින් කීවේ මා දැකපු දේවල් විතරයි.

 

ප‍්‍ර - ඔබ සිද්ධිය වූ ස්ථානයේදී දුමින්ද සිල්වා මහතාගේ ඔළුවෙන් ලේ ගලන තුවාල දැක්කාද?
පිළි -
 මං තුවාලයක් දැක්කේ නැහැ. ලේ ගලනවා දැක්කා.

 

ප‍්‍ර - මිනිසුන්ගේ ලේ එන්නේ තුවාලයකින් නේද?
පිළි -
 තුවාලයකින් තමයි. ඒත් මම තුවාලය දැක්කේ නැහැ.

 

ප‍්‍ර - ලේ එනවා දැක්කා කියලා ඔබ මේ උසාවිය හමුවේ කීවේ නැහැ කියා මා යෝජනා කරනවා
පිළි -
 මං කිව්වා

 

ප‍්‍ර - ඔබට  ඕනෑ වුණේ දුමින්ද සිල්වා මහතා ඔහේ බිම වැටිලා හිටියා කියලා පෙන්වන්න
පිළි -
 මට එහෙම උවමනාවක් නැහැ.

 

ප‍්‍ර - මේ වෙඩි තැබීම පටන්ගත්ත ගමන්ම දුමින්ද සිල්වා බිම වැටුණා.
පිළි - 
ඔහු බිම වැටිලා ඉන්නවා දැක්කා

 

ප‍්‍ර - භාරත මහතා කොර ගහ ගහ යනවා දැක්කා කියලා ඔබ රහස් පොලිසියට කීවේ නැහැ නේද?
පිළි -
 මං කීවා

 

ප‍්‍ර  - ඔබ ඒ ස්ථානයේ සිදු නොවූ දේවල් එකතු කරමින් මේ උසාවියේ සාක්කි දෙනවා කියා මා යෝජනා කරනවා.
පිළි -
 මා පිළිගන්නේ නැහැ.

 

ප‍්‍ර - දුමින්ද සිල්වා මහතා ඔහුගේ වාහනෙන් බිමට බැහැපු ගමන් භාරත මහතාගේ පිරිසේ සිටි අයෙක් ඔහුගේ නළලට වෙඩි තිබ්බා කියා මා යෝජනා කරනවා.
පිළි -
 මා ප‍්‍රතික්‍ෂේප කරනවා

 

ප‍්‍ර - ඔබ කියන විදියට ඔබලාගේ වීරයා මෙම වෙඩි තැබීමෙන් පස්සේ දුවලා ගිහින් හැංගුණා කියා මා යෝජනා කරනවා.
පිළි - 
නැහැ. එහෙම වුණේ නැහැ. 

 

ප‍්‍ර - දුමින්ද සිල්වා මහතා පැමිණ භාරත ලක්‍ෂ්මන් මහතාට පහරක් ගැසුවද?
පිළි -
 ඔව්

 

ප‍්‍ර - එතකොටම ඔහුට යමෙකු වෙඩි තිබ්බා කියා මා යෝජනා කරනවා.
පිළි -
 එහෙම වුණේ නැහැ

 

ප‍්‍ර - ඔබ දුමින්ද මහතාට වෙඩි වැදිලා වැටිලා ඉන්නවා දැක්කේ කොයි වෙලාවේද?
පිළි - 
භාරත මහතාගේ කකුළට වෙඩි වැදිලා කොර ගහ ගහා ජීප් එක පිටුපසට ඇවිත් බිම වැටුණාට පසුයි දුමින්ද සිල්වා මහතා බිම වැටිලා ඉන්නවා මා දැක්කේ.

 

ප‍්‍ර - භාරත මහතාට වෙඩි වැදිලා තිබුණේ කොහොමද?
පිළි - 
මා දන්නේ නැහැ

 

ප‍්‍ර - ඔහු දුවනකොට ඔහුගේ පිටුපස පැත්තට තමයි වෙඩි වැදුණේ කියා මා යෝජනා කරනවා
පිළි -
 ඒ ගැන මා දන්නේ නැහැ

 

ප‍්‍ර - බයේ දුවන පුද්ගලයා වන භාරත මහතා දුවනකොට ඔහුට වෙඩි වැදිලා ඔහු මුනින් අතට බිම වැටිලා හිටියා කියා මා යෝජනා කරනවා. 
පිළි - 
ඒ ගැන මා දන්නේ නැහැ.

 

ප‍්‍ර - හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ අනිසි ඇඟිලි ගැසීම නිසා මෙම අපරාධය කළේ දුමින්ද සිල්වා කියලා කතාවක් හැදුවා කියා මා යෝජනා කරනවා.
පිළි -
 මං රහස් පොලිසියට කටඋත්තර දෙන්න යනවා කියලා හිරුණිකා මහත්මිය දැනගෙන හිටියේ නැහැ.

 

ප‍්‍ර -සිද්ධිය වූ ස්ථානයේදී භාරත මහතා බහිනකොටම යම් සිද්ධියක් වෙලා දුමින්ද සිල්වාට වෙඩි වැදුණු පසුව භාරත මහතා දුවගෙන ගියා කියා යෝජනා කරනවා.
පිළි -
 එහෙම නොවේ වුණේ 

 

ප‍්‍ර - එහෙනම් කොහොමද වුණේ 
පිළි -
 භාරත මහතාගේ කකුලට වෙඩි වැදුණාට පසුව දුමින්ද මහතාට වෙඩි වැදුණා.

 

ප‍්‍ර - දුමින්ද මහතාට වෙඩි වැදුණු පසුව භාරත මහතා දුවනකොට ඔහුගේ කකුළේ පිටුපස පැත්තට තමයි වෙඩි වැදුණේ
පිළි -
 එහෙම වුණේ නැහැ

 

ප‍්‍ර - හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ ඇඟිලිගැසීම් නිසා මේ අපරාධය ගැන සාධාරණ පරීක්‍ෂණයක් වුණේ නැහැ කියා මා යෝජනා කරනවා.
පිළි -
 ඒ ගැන මා දන්නේ නැහැ

 

ප‍්‍ර - ඔබ තදින් පහර දීමේ කරාටේ ශිල්පියෙක් උනාට මේ වෙඩි තැබීමේ සිද්ධිය වළක්වන්න කටයුතු කළේ නැහැ කියා මා යෝජනා කරනවා. 
පිළි -
 තදින් පහර දීමේ කරාටේ ශිල්පය මා හදාරා තිබුණාට වෙඩි තියන එකක් වළක්වන්න ලෝකයේ ඉන්න කිසිම කරාටේ ශිල්පියකුට උගන්වලා නැහැ.

 

ප‍්‍ර - මේ සිද්ධිය වෙන වලාවේ හැංගිලා හිටපු ඔබ දුමින්ද මහතා ගෙන ගිය පසු හංගිලා හිටපු තැනින් එළියට ආවාද
පිළි -
 ඔව්

 

ප‍්‍ර - 1982 වසරේදී නැක්සලයිට් කුමන්ත‍්‍රණයට හසුවීම නිසා භාරත ලක්‍ෂ්මන් මහතා වසර තුනක් රිමාන්ඞ් බාරයේ හිටපු බව ඔබ දන්නවා
පිළි -
 ඒ ගැන මං අහලා තියෙනවා. නමුත් හරියට දෙයක් කියන්න මට මතක නැහැ.

 

ප‍්‍ර - මේ සිද්ධියට ගොදුරු වූ දුමින්ද සිල්වා මහතා රෝගීව මාස ගණනාවක්ම පිටරට රෝහල්වලත් ප‍්‍රතිකාර ගත් බව ඔබ දන්නවාද
පිළි -
 නැහැ.

 

ප‍්‍ර - මේ සම්පූර්ණ සිද්ධිය වීමට හේතුව ඔබගේ සර් වන භාරත ලක්ෂ්මන් මහතාගේ දඩබ්බර ක‍්‍රියා කලාපය කියා මා යෝජනා කරනවා.
පිළි -
 මා ප‍්‍රතික්ෂේප කරනවා

 

වැඩිදුර විභාගය (21) කල් තබන ලදී...

line-20151022

 

news

භාරත මහත්තයාට වෙඩි තිබ්බේ පළමු විත්තිකරුයි ඔහු මට නිශ්චිතවම හඳුනාගන්න පුළුවන් -

2015.10.21 (ලංකාදීප)



අදහස් (0)

දුමින්ද වාහනෙන් බැස්ස ගමන් භාරත එක්ක ආ කෙනෙක් දුමින්දගේ නළලට වෙඩි තිබ්බා කියන යෝජනාව මා පිළිගන්නේ නෑ

සන්තුස් Tuesday, 27 October 2015 05:48 AM

අවි ගත්තෝ අවියෙන්ම නසිති. කණගාටුවට කරුණ මේ බෞද්ධ රටේ පාලනයට සම්බන්ධ බොහෝ දෙනා මේ අවිගත් අය වීමයි. විපරීත කාලය තුළ ඔවුනොවුන්ම ඇනකොටාගෙන ඔවුනොවුන් විනාශ වනවා ඇත.....(රේ)

:       0       0

මෝහමෙඩ් ෆාරුක් Tuesday, 27 October 2015 04:59 PM

එදා මෙම සිද්ධිය වන අවස්ථාවේ එතන සිටි කෙනෙකු මට කිවේ භාරතගේ ලඟ සිටි දමිත් කියනා කෙනා පොලිස් නිලධාරියගේ පිස්තෝලය ගෙන පළමුව දුමින්දට වෙඩි තැබූ බවය ......(රේ),

:       0       0

පිවිතුරු යහපාල Monday, 26 October 2015 04:43 PM

යකඩෝ සත්‍ය මහත්තයාගේ මාර නීති තර්කයක්නේ..එතකොට දුමින්දට වෙඩි වැදුනේ දුමින්දම වෙඩි තියාගෙනද? දැන් එහෙනම් අපි මෙහෙම හදමු.දුමින්ද භාරතට වෙඩි තියල තමනුත් වෙඩි තියා ගත්ත කියල..මේක කළු කළු ප්‍රශ්නයක් සත්‍ය මහත්තයෝ..කළු කළු හැපුනම සුදු ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ..ටිකක් ඉවසල ඉන්න ..සත්‍යය හෙළි වේවි..ඔය සුදු පිරුවට අස්සේ හංගන්න හදන කැත කුණු ලෝකෙට පෙන්න ගෙන......(රේ)

:       0       0

සත්‍යයා Sunday, 25 October 2015 01:01 AM

නීතිඥයෙකුගේ වෘත්තීය වෙන්න ඕනෑ ලැබෙන මුදලේ හැටියට අපරාධකාරයින් අහිංසකයින් ලෙස නීතිය ඉදිරියේ කෙසේවෙතත් තර්කය ඉදිරියේ ප්‍රදර්ශනය කරන එක නොවෙයි. එසේ සිදුවූ විට සිද්ධවෙන්නේ අපරාධය නිසා සමාජය ඉදිරියේ නිරුවත්වන අපරාධකාරයාට විලි වසාගන්න යොදාගන්න වෙන්නේ බොරුවෙන් නඩු ජයගන්න හදන නීතිඥයාගේ ඇඳිවත වීමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3304 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 375 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1018 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 179 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site