IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


දරු දෙදෙනකු මරාදැමූ වයික්කාලේ ඛේදවාචකය

අනේ, දෙවියනේ මගේ දරුවෝ දෙන්න මට නැතිවුණා. ඒ අහිංසක දරුවො මොන වරදක් කළාට ද මෙහෙම අපරාධයක් කළේ. එයාලගෙන් කාටවත් කරදරයක් නැහැ. තමන්ගේ පාඩුවෙ ඉගෙන ගත්තා” යැයි පාපතරයකුගේ කඩු පහරට ලක්ව මියගිය දරුවන් දෙදෙනාගේ මව වූ නිල්මිණි ප්‍රනාන්දු මහත්මිය හඬා වැලපෙමින් පැවැසුවාය.

තම දරුවන් දෙදෙනා සදහටම වෙන්වීමෙන් ඇතිවූ කම්පනයෙන් මවගේ මුවින් පිටවන අඳෝනාව කිසිවකුටත් අසාගෙන සිටිය නොහැකිය.

මෙම ඛේදජනක සිදුවීම අපට වාර්තා වූයේ වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයෙනි.

නිවසේ සෙල්ලම් කරමින් සිටි මල්ලී සහ අක්කා පාපතර මිනිසකුගේ තියුණු කඩුපහරකට ගොදුරු වූයේ මුඵ ප්‍රදේශයම එකම ශෝඛාන්තයකට ඇද දමමිනි. මොවුන් පදිංචි වී සිටින නිවෙස අසල පිහිටි වෙළඳසලකින් ගලා එන ජල පහරක් සම්බන්ධයෙන් කාලයක සිට ඇතිවූ ගැටලුවක් මෙම ඝාතන සිද්ධියට මුල්වී ඇතැයි පොලිසිය සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කීය.

මෙලෙස අකාලයේ මිලින වූයේ දංකොටුව බාලිකා මහා විද්‍යාලයේ ගණිත අංශයෙන් මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි  ජී.පී. ගිම්හාරි නිෂෙලි රූපසිංහ (19) සහ ඇගේ එකම සොහොයුරා වූ නයිනමඩම ශාන්ත මරියා ප්‍රාථමික විදුහලෙහි දෙවන වසරෙහි ඉගෙනුම ලබන සහන් මෙත්සර රූපසිංහ (8) නම් දරුවන් දෙදෙනෙකි.

2016 වසරේ අ.පො.ස. සා. පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ 08ක් හා බී  සාමාර්ථයක් ලබාගත් නිෂෙලි විද්‍යාලයේ කැපීපෙනෙන දක්ෂ සිසුවියක් වූවාය. ඇය 2017-18 වසරවල විද්‍යාලයේ ශිෂ්‍ය නායිකා කණ්ඩායමේ සාමාජිකාවක ලෙස ද කටයුතු කළාය.

මියගිය සහන් මෙත්සර දරුවා ද හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරතවෙන දක්ෂ දරුවෙකි. ඔවුන් දෙදෙනාට තවත් එක් සොයුරියක් සිටියි. ඇය ද දංකොටුව බාලිකා මහා විද්‍යාලයේ 10 වන වසරේ ඉගෙනුම ලබයි.
මෙම සිද්ධිය නිසා දැඩි ලෙස කම්පාවට පත්වී සිටින මියගිය දරුවන් දෙදෙනාගේ මව වන නිල්මිණි ප්‍රනාන්දු මහත්මිය හඬා වැළපෙමින් මෙසේ ද පැවසුවාය.

මගේ පුතා ගේ ඇතුළේ පොඩි කාර් එකක් බිම යව යව හිටියේ. මම රෙදි වනන්න උඩට ගියා. පොඩි දුව කෑගහගෙන උඩට දිව්වා මල්ලිට කඩුවෙන් කෙටුවා කියාගෙන. මම ඇවිත් බලන කොට පුතා ලේ පෙරාගෙන වැටී සිටියා.  අත්දෙකට අරගෙන කෑගහගෙන පාරට අරගෙන දිව්වා. විනාඩි 10ක් විතර වාහනයක් නතර කරගන්න කෑ ගැහුවා. විනාඩි 10කින් පසුව වාහනයක දාගෙන මීගමුව රෝහලට රැගෙන ගියා. කොච්චිකඬේ හරියෙදි පුතාගෙ බෙල්ල පාත් වුණා ඒත් මම පුතා ඉස්පිරිතාලෙට අරගෙන ගියා. එයාව ඇඳට දාලා දොස්තර මහත්වරු ඊ.සී.ජී හෙම ගහලා බැලුවා වැඩක් වුණේ නැහැ.

එයා මැරිලා කියලා කිව්වා. මම විලාප තියලා ඇඬුවා. එතකොටමයි ලොකු දුවවත් අරගෙන ගියේ. මම දැනගෙන හිටියේ නැහැ. අර නරුමයා දුවටත් කඩුවෙන් කොටලා කියලා. පොඩි දුවට අක්කයි මල්ලියි නැති වුණා යැයි ඇය විලාප නගමින් පැවසුවාය.                                                                                                                            
මෙම ඛේදජනක සිදුවීම පිළිබඳ තොරතුරු සෙවීමට අප එම නිවසට ගිය අවස්ථාවේ අපට මුණගැසුණේ මියගිය නිෂෙලිගේ පියා වූ හේමන්ත රූපසිංහ මහතායි. වෘත්තියෙන් විදුලිකාර්මිකයකු වන හේමන්ත මහතා තම දරුවන්ගේ අභාවය හේතුවෙන් දැඩි කම්පනයකින් යුතුව හඬමින් අප සමග මෙසේ පැවසීය.

මට දියණියන් දෙදෙනෙක් සහ පුතෙක් ඉන්නවා. මිය ගිහින් ඉන්නේ මගේ ලොකු දුවයි,  පුතයි.  අනූනවයෙන් තමයි අනෙක් දුව බේරිලා තියෙන්නේ. නැත්නම් තව ටිකෙන් මට දරුවෝ තුන්දෙනාම නැතිවෙනවා. දරුවෝ දෙන්නව මට අහිමි කරපු ඔය තිරිසනා මහ හිතක් පපුවක් නැති මිනිහෙක්. ඌටත් දරුවෙක් ඉන්නවා. මොන හිතකින් ද ගේ ඇතුළෙ සෙල්ලම් කර කර හිටපු මගෙ පුතාට කඩුවෙන් කෙටුවේ. මට වාවන්නෙ නැහැ.

පුතාට කඩුවෙන් කොටලා අනෙක් අයව හොයලා. අපේ අම්මා කෑම කාලා සිංක් එක ළඟ අත සෝද සෝද ඉඳලා. ලොකු දුව නිවස පිටුපස දත් මැද මැද ඉඳලා තියෙන්නේ. එයා තල්ලු කරලා දුවටත් කඩුවෙන් කොටලා. අනෙක් දුව දැකලා කෑගහගෙන දුවලා. මගේ බිරිඳ නිවසේ උඩ කොටසේ රෙදි වනන්න ගිහිල්ලා. ඔය සිදුවීම වෙනකොට උදේ 9.40ට විතර ඇති. මම ගෙදර හිටියේ  නැහැ. මේ ළඟම වතුර මෝටරයක් හදන්න ගිහින් හිටියේ. අපේ නිවස අසල එක්කෙනෙක් ඇවිත් කිව්වා දුවටයි පුතාටයි කඩුවෙන් කොටලා කියලා. මම දුවගෙන ආවා. බිරිය පුතා උස්සගෙන වාහනයක් හොය හොය පාරෙ ඉන්නවා.  එයා කිව්වා අම්මා වැටිලා ඉන්නවා දුවලා ගිහින් බලන්න කියලා. ගෙදරට ඇවිත් බලනකොට අම්මා වැටිලා හිටියා. අනෙක් දරුවෝ දෙන්නා හොයනකොට ලොකු දුව පිටුපස වැටී සිටියා. මම එයාව අරගෙන මීගමුව රෝහලට ගෙනිච්චා.  ගෙනියන කොටත් දුව නැතිවෙලා. කොහොමද මම මේ දුක උහුලන්නේ. ඔය කඬේ දානකොට එය එතැනින් ඉවත් කරන්න කියලා ප්‍රාදේශීය සභාවෙනුත් කිව්වා. ඒත් මම කිව්වා හම්බකරගෙන කන දේනේ අයින් කරන්න එපා වතුර එන එක නවත්වන්න කියලා. පොලීසියෙත් පැමිණිල්ලක් තිබුණා.

මම කියන්නේ සභාවෙනුයි පොලීසියෙනුයි හරියට නීතිය කළා නම් මගේ දරුවෝ දෙන්නා මට ඉන්නවා. අද කවුරු මොනවා කළත් වැඩක් නැහැ. දැන් වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මට දරුවෝ දෙන්නා නැති වුණා. අපි මේ ලෝකේ තනි වුණා.

මියගිය නිෂෙලිගේ සහ සහන් මෙත්සර යන දරු දෙදෙනාගේ සමකාලීන පාසල් මිතුරියන් සහ මිතුරන් පංතිභාර ගුරුතුමිය, කන්‍යා සොහොයුරියන් ඇතුඵ ආචාර්ය මණ්ඩලය මෙම පුවත සැලවීමත් සමග ඇයගේ නිවෙසට පැමිණියේ මහත් කම්පාවෙන් යුතුවයි. අසල්වාසීන් සහ නන්දෙසින් පැමිණි නෑ සිය මිතුරන් ඔවුන්ගේ නිසල සිරුරු දෙස බලමින් හඬන්නට වූවේ දුටුවන්ගේ නෙත්වලට ද කඳුළක් එක්කරමිනි.

මේවන විට දරුවන් දෙදෙනාගේ දේහයන් නො 61 - බී හලාවත පාර වයික්කාල ලිපිනයෙහි පිහිටි නිවසේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු වයික්කාල නූරානි පොදු සුසාන භූමියේ දී අද (29) 4.00ට සිදුකෙරේ.


(සඳලංකාව - හේමලතා ඩී. හේවගේ)

 



අදහස් (24)

දරු දෙදෙනකු මරාදැමූ වයික්කාලේ ඛේදවාචකය

shamli Thursday, 29 August 2019 07:37 AM

මෙම පාපතරයින්ට ඉක්මණින්ම දඬුවම් දෙන්න. නැත්නම් තව දහස් ගාණක් කඩුවලින් කපලාදාවි... දරුවනේ ගොඩක් දුකයි. හරිම දුකයි ගෙදර නිදහසේ හැදුනු දරුවෝ..

:       0       231

TGL Thursday, 29 August 2019 08:21 AM

එල්ලුම් ගහ අනිවාර්යයෙන් ඕනේ...

:       0       533

ddSunday, 01 September 2019 09:51 PM

එල්ලුම් ගහ ඕන මේ වගේ බබේරියනස්ලටයි

:       2       52

nimal Thursday, 29 August 2019 08:25 AM

අම්මෝ මේ වගේ හිතක් පපුවක් නැති මිනිසුන් ඉන්නවද? ඔය මිනිහව ජීවිත කාලෙටම හිරේ යවන්න.

:       0       222

max Thursday, 29 August 2019 08:47 AM

රත්තරන් දුවේ පුතේ, ඔබ දෙදෙනාටම අජරාමර නිවන් සුවයම ලැබේවා! මේ තිරශ්චීන අපරාධය කල පාපතරයාට උපරිම දඬුවම් ලැබේවා..! මේ දරු පැටව් දෙදෙනාගේ දෙමාපියන් කෙසේ මේ දුක දරාගන්නවා දැයි පියෙකු වශයෙන් මට නම් නොතේරේ...

:       1       182

janahitha Thursday, 29 August 2019 08:50 AM

මරණ දඬුවම දෙනවට විරුද්ද 62 දෙලක්ෂය කෝ දැන් ? ඔහුට ඇප ලැබේවි දරුවන් රටට නැති උනා .

:       59       605

රෝහිත Friday, 30 August 2019 02:03 AM

ජනහිත ඔයා අර වැලිවේරියේ වතුර ඉල්ලපු මිනිස්සුන්ට මරණ දඬුවම දීපු අයව ආයේ ගේන්න හදන අයගෙන් එක්කෙනෙක් නේද?

:       398       191

Raveendra Thursday, 29 August 2019 11:08 AM

අනේ මේ ඔබේ අපේ අනාගත දරු පරපුරේ තවත් දරුවන් දෙදෙනෙක් අපට අහිමි උනා නේද ?? රත්තරන් දුවේ පුතේ ඔබ දෙදෙනාට නිවන්සුව අත්වේවා!!! ලබන්නාවූ කිසිදු ආත්මයක මෙවන් කරදරයක් නොවේවා!!!

:       0       47

ABARAN Thursday, 29 August 2019 11:30 AM

ප්‍රාදේශීය සභාවල සහ පොලිසියේ ඉන්නේ ජරාව කන ජාතියක්. ප්‍රාදේශීය සභාවල ඉන්න අය හිතන් ඉන්නේ ජනාධිපති කියලා. මුලින්ම මේ ප්‍රශ්නය විසඳුවා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැනේ.

:       9       626

KasunThursday, 29 August 2019 03:28 PM

මමත් ඔබ සමග 100% එකග වෙමි. මොවුන් තනතුරු දරන්නේ අපට සේවය කිරීමට නොව ප්‍රශ්න තව අවුල් කිරීමටයි !!

:       0       95

DILRUKSHI PERERA Friday, 30 August 2019 10:41 AM

නගර සභාවල ඉන්නේ පගාමරුවන්... දේශපාලනය කරන්නේ මහජන සේවය නොවේ. මමත් දැනට කාණු ප්‍රශ්නයකට මැදිවෙලා තනියෙන් සටන් කරනවා. පළාත් පාලන අධ්‍යක්ෂ මගින් කෝමසාරිස්ටත් දැන්වූවා. තාක්ෂණ නිලධාරීන්ගේ ගෑස්, අසාධාරණ චෝදනා, එ්ක පාර්ශ්වික තීරණ නිසා මම 1998 ඉඳන් දුක්විඳිනවා. අපේ බදු මුදලින් එයාලා ජොලි කරනවා. අසල්වාසීන් මරාගන්නවා. අද, හෙටම මටත් වලට යන්න වෙයිද මන්දා... කාන්තා හිංසනය මහලොකුවට කතාකළාට දෙබිඩි ක්‍රියාකාරකම්... ඇත්තට එකවෙලාවකට හිතෙනවා "ගෝඨා" අාවා නම් ඔය ජරාපාලන නවතාවත්ද කියලා... සිංහලයා විවිධ ආගම් බදාගෙන කරන්නේ අමානුෂික වැඩ... ආගමටත් නින්දාවක්. ලැජ්ජයි අපේ ජාතිය ගැන...

:       0       40

Uditha - London Thursday, 29 August 2019 11:39 AM

මට හුගක් කලකිරෙනවා සමස්ත ලක්වාසින් ගැන. දාන මාන දෙන රටේ පින් කරන රටේ මේ වගේ මිලේච්ඡ සාහසික විදිහට වතුර ප්‍රශ්නෙකට දරුවන්ගේ ජීවිත වලින් තමන්ගේ වෛර පිරිමහන්න තරම් මිනිස්සු පෙලඹෙනවා කියන්නේ.තව ටික කාලෙකින් මිනි මස් කන රටක් බවට පත් වේවි. මට මේ අම්මගේ අදෝනාව ඇහෙනව වගේ. අම්ම කෙනෙක් දස මාසයක් බඩේ තියන් දරුවෙක් හදලා අාපහු ඒ දරුවා ගොඩ නගන්න තාත්ත එක්ක එකතු වෙලා කරන දහිරිය කොච්චරද? එහෙව් එකේ තවත් කෙනෙක්ට එක මොහොතින් දරුවෙකුගේ ජීවිතයක් විනාස කරන්න පුළුවන් කියන්නේ.ලංකාවේ මිනිස්සු කොතනද ඉන්නේ අද? කොටසක් බලේ අල්ල ගන්න පොර කනවා.. කොටසක් කුඩු විකුණලා රට විනාස කරනවා.. කොටසක් මිනී මරනවා.. ලංකාවේ මොකක්ද හරි විදිහට වෙන්නේ.. ගරු ජනාධිපතිතුමනි කරුණාකරලා ප්‍රසිද්ධියේ එල්ලා මරණ නීතිය අරන් එන්න.

:       72       218

gunarathna Thursday, 29 August 2019 11:57 AM

ඇතුලේ ඉන්න අය මෙයාට හොදට සලකන්න .

:       0       320

තුශාර විජේතු0ග Thursday, 29 August 2019 03:30 PM

පුතේ,දුවේ, මේ වගේ පාපතරයින් ඉන්න රටක කවදාවත් ඉපදෙන්න ප්‍රාර්තනා කරන්න එපා. මරන දන්ඩනය තිබ්බ් නන් අදටත් මේ රත්තරන් පෑටව් දෙන්න අපි අතරෙ ඉන්නව. ඔයාල දෙන්නට නිවන්සුව පතමි.

:       2       67

Chathuri Thursday, 29 August 2019 03:59 PM

දැන් රටේ සිදුවන මෙවැනි දේවල් වලට වග කියන්න ඕන 225 නඩෙයි, පොලිසියයි.

:       11       48

Pali Thursday, 29 August 2019 04:22 PM

තව ලැඡ්ඡ නැතිව ප්‍රධාන පක්ෂ දෙක කිනවා මරණිය දන්ඩනය එපා කියල. ඒ අය ඡිවත්වෙන්නේ ලංකාවෙි නොවෙි. ආණ්ඩුව තව අණ පනත් ගේන්න උත්සාහ කලා මරණ දඞුවම තහනමි කරන්න. ගරැ අධිකරණය නිසා එය වැලක් වින.

:       0       87

Pradeep Thursday, 29 August 2019 05:05 PM

මොකක්ද මේ රටට, මිනිස්සුන්ට වෙලා තියෙන්නේ... දරුවෙකුට තියා තිරිසන් සතෙකුට වත් ඔය විදියට කොටන්න පුලුවන්ද.. නීතිය ක්‍රියාත්මක කරලා විතරක් මදි. මෙවන් දේවල් නැවත නොවෙන්න වග බල ගන්නත් ඕන. කෝ අපේ මිනිස්සු ලග තිබුන දයාව, කරුණාව සමාජයේ දියුණුවත් එක්ක, මිනිසාගේ දියුණුවත් එක්ක ඒ දේවල් අභාවයට ගිහිල්ලද.. එතකොට මොකක්ද අපි ලබා ගත්තයි කියන දියුණුව...

:       0       32

වයිමා Friday, 30 August 2019 03:24 AM

ඒ දරුවෝ දෙන්න කඩුවෙන් කොටගෙන මෙරුන කියල මේ නඩුවේ තීරණේ දුන්නොත් පුදුම වෙන්න දෙයක් නෑ ඉතින්.

:       1       147

anura Friday, 30 August 2019 06:59 AM

මාගේ දැඩි ශෝකය හා සංවේගය පිරිනමමි. මෙම සාපරාදි පුවත අසා අතිශයින්ම වේදනාවට පත්වුයෙමි.

:       0       39

සෙනෙවිරත්න Saturday, 31 August 2019 05:01 PM

මොහුට ලැබෙන දෙයක් නැතිබව තේරුම් ගත්තා නම් මෙවැන්නක් සිදු නොවනු ඇත

:       0       3

Rajiv Sunday, 01 September 2019 08:28 AM

මේ දරු දෙදෙනාට නිවන් සුව ලැබේවා...!!! මේ අපරාධකාරයාට ප්‍රසිද්ධියේ ගල්ගහලා මරන්න ඕනෑ...

:       0       19

Sumith Sunday, 01 September 2019 03:09 PM

මේ අපරාදය කළ කෙනා එල්ලුම්ගසට මුලින්ම යවන්න.

:       0       20

Oscar Monday, 02 September 2019 06:53 AM

කපපු කඩුව හංගපු තෙන පෙන්වන්න එක්කර ගියානම් පොලිසියට සාදාරනයක් ඉස්ට කරන්න පුළුවන් නේද

:       0       27

ලුම්බිණි Wednesday, 04 September 2019 02:44 AM

එල්ලුම් ගහට මේ මිනිහ යැව්වා කියල මෙවැනි දේවල් කරන මිනිසුන් හැදෙන්නේ නැහැ. නීතියෙන් උපරිම දඬුවම් දියයුතුයි. මෙවැනි දේවල් කරන මිනිසුන්ගෙන් සහ මේකට දඬුවම් එල්ලුම් ගහ කියන මිනිසුන්ගෙන් පෙනෙන්නේ අපේ සමාජයේ තිබෙන පිරිහීමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 48 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 70 0

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 106 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 60 0

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1563 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 714 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site