IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


දේශපාලක පුරවැසි වගකීම කෙසේද?

ශ්‍රී ලාංකික පුරවැසියා තම රටේ අනාගතය තීරණය කරන මහ මැතිවරණයකට මුහුණදීමට සූදානමින් සිටී. මැතිවරණයක් යනු ජනතා කැමැත්ත විමසා බැලීමයි. රටක පරමාධිපත්‍ය බලය රඳා පවතින්නේ ජනතාව මතයි. තම රටට සුදුසු පාලකයන් පත් කරගැනීමේ පූර්ණ බලය සහ අයිතිය ඇත්තේ එරට පුරවැසියන්ටය. පස් වසරකට වරක් හෝ වසර කිහිපයකට වරක් ජනතාවට තම පරම අයිතිය වන ඡන්ද බලයෙන් සුදුසු පාලකයන් පිරිසක් තෝරා පත් කරගැනීමේ අවස්ථාවක් උදා වෙයි. එය නිසි ලෙසින් ප්‍රයෝජනයට ගැනීම ජනතාවගේ වගකීමයි.

ජනතාව විසින් තෝරා ගනු ලබන පාලකයන් එම ජනතාවගේ අභිමතාර්ථ ඉෂ්ට කිරීමට කැපවී හෙවත් වග වී සිටිය යුතුය. එසේ ම පාලකයන් තෝරාගත් ජනතාවට වගකීමෙන් බැහැර විය නොහැකිය. තමන් තෝරාගත් පාලකයන් තම අභිමතාර්ථ ඉෂ්ට කරන්නේ නැති නම් ඒ පාලකයන් තෝරාගත් ජනතාව ද රටට වග කිව යුතුය. එසේ ම වග විය යුතුය. එම වගකීමෙන් මිදෙන්නට පාලකයන්ට හෝ ඔවුන් තෝරා පත් කරගත් ජනතාවට ද හැකියාවක් නැත.

රට පාලනය කිරීමට වරමක් ඉල්ලන ඡන්ද අපේක්ෂකයා ද බලය ගැනීම පිණිස තමන්ට ඉටු කළ නොහැකි පොරොන්දු කිසි විටෙකත් නොදිය යුතුය. තමන්ගේ දේශපාලන දැක්ම, වැඩපිළිවෙළ සුපිළිපන් රටක්, සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් සඳහා වන එකක් විය යුතුය. සෑම ආගමික ජන කොට්ඨාසයක් ම එක සේ පිළිගන්නා පඤ්චශීල ප්‍රතිපදාවට අනුගත වූ දැක්මක් රට කරවන්නට සිතන සෑම දේශපාලකයකුට ම තිබිය යුතුය. බොහෝ දේශපාලකයෝ සිය ඡන්ද ගොඩ වැඩි කරගැනීම පිණිස තමන්ට කිසිසේත් ම ඉටුකළ නොහැකි තරමේ පොරොන්දු ජනතාවට ලබා දෙති. සැබැවින්ම ඒවා බොරු පොරොන්දු ය. බොරු කීමෙන් වැළැකීමේ සිල් පදය පන්සිල් පද පහ අතරින් සරළ සිල් පදය යැයි බොහෝ දෙනා කල්පනා කළත් සැබැවින් ම එය කඩ කිරීම බරපතළ ම සිල් පද ඛණ්ඩනයකි. බොරු කියන්නාට කළ නොහැකි අපරාධයක් නොමැති බව බුදුපියාණන් වහන්සේ මජ්ඣිම නිකායේ අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍ර දේශනාවේ දී රාහුල පොඩි හාමුදුරුවන්ට අවධාරණය කොට දේශනා කළහ. ඒ අනුව බොරුවට බිය නැති දේශපාලකයාට කැඩිය නොහැකි සිල් පදයක් පන්සිල් අතර නැති බව අපට වටහා ගැනීම අපහසු නොවේ. පංච දුෂ්චරිතය ම රජයන සමාජයක සුපිළිපන් රටක් බිහි කිරීම කළ හැක්කක් නොවේ. එබැවින් සෑම දේශපාලකයකු ම පන්සිල් මුල් කරගත් දේශපාලන ප්‍රතිපත්ති මාලාවක් තම ප්‍රතිපත්ති මාලාව කරගත යුතුය. පන්සිල් රකින තැන දුරාචාරය ක්‍රියාත්මක වන්නේ නැත. එවන් සමාජයක ප්‍රචණ්ඩත්වය, දූෂණය හා වංචාව සිදුවන්නේ නැත. ප්‍රචණ්ඩත්වයෙන්, දූෂණයෙන් තොර සාධාරණ සාමකාමී මැතිවරණයකට මග සැලැසීම දේශපාලකයා සහ රට වැසියාගේ පරම වගකීම වන අතර ඒ සඳහා පංච සීල ප්‍රතිපදාව මුල් කරගත් පැවැත්මක් මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළවත් ඇති කරගත යුතුය.

මැතිවරණයට ආසන්න දින දෙක තුනක් සෑම රජයක් විසින් ම මත්පැන් ශාලා වසා දැමීම සිරිතයි. එය පූර්ව මැතිවරණ සහ පශ්චාත් මැතිවරණ අක්‍රමිකතා, අපරාධවලට බෙහෙවින්ම හේතු වන බව ඔවුන් වටහාගෙන ඇති හේතුවෙනි. මොනවාවත් නොකර සිටිනවාට වඩා එය ද හොඳ ක්‍රියාවෙකි. එහෙත් පෝස්ටර් කටවුට්ස්වලට ඇති මැතිවරණ ප්‍රචාරණ තහංචි නීති රීති මද්‍යසාර භාවිත කරමින් කරනු ලබන ප්‍රචාරණ කටයුතුවලට ද යොදවන්නේ නම් වඩාත් අගනේය.

මද්‍යසාර භාවිතය මහත් ධන විනාශයට හේතු වන්නේය. කළහා ඇති කරන්නේය. විවිධ රෝගාබාධවලට ගොදුරු කරවන්නේය. ලජ්ජා බිය දුරු කොට සැඟවිය යුතු තැන් විවෘත කොට පෙන්වන්නේය. විළිබිය නැති කරවන්නේය. ප්‍රඥාව මොට කරන්නේය.

ඡන්දදායකයාට මද්‍යසාර පොවා ලැබෙන ඡන්දවලින් හැබෑ ජනමතය නියෝජනය වන්නේ නැත. එහෙත් මෙකල බොහෝ ඡන්ද අපේක්ෂකයන් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී මද්‍යසාර බෙදාදීම, බීමත් පුද්ගලයන් ඒ සඳහා යොදා ගැනීම සිදු කරන්නක් බව බොහෝ ප්‍රකට කරුණකි. ඒ සඳහා ඔවුනට බොහෝ ධනස්කන්ධයක් වැය කරන්නට සිදුවන අතර වැය කළ මුදල් බලයට පත් වූ විටෙක කිනම් අයථා ක්‍රමයකින් හෝ උපයා ගැනීම ඔවුනගේ බලාපොරොත්තුවයි. බොහෝ දේශපාලකයන් විවිධ වංචා දූෂණ මූල්‍ය අක්‍රමිකතාවලට පෙළැඹෙන්නේ ඉහත දක්වන ලද පසුබිම යටතේ ය. මත්වතුර සහ දුම්වැටි ද වෙනත් මත්ද්‍රව්‍ය ද භාවිත කිරීම නිසා විවිධ රෝගාබාධවලට ගොදුරු වෙන්නට සිදුවන අතර ම විළි ලජ්ජාව ද දුරුව යන්නේය. විවිධ රණ්ඩු සරුවල්, ඇනකොටා ගැනීම් ආදියට පෙළැඹෙන්නේ ද මේ කියන ලද පසුබිම යටතේ ය. විවිධ කළකෝලාහල බොහෝ විට අවසන් වන්නේ මිනීමැරුම්වලිනි. එය තමාත් තමා වටා ඇති සමාජයත් සහමුලින් ම විනාශ කරගැනීමකි. අප රටෙහි සෑම මැතිවරණයක් ම පාහේ නිමා වන්නේ දිවයිනේ කොතැනක හෝ මවට පියාට දරුවන් අහිමිවීමකිනි. දරුවන්ට මව හෝ පියා අහිමිවීමකිනි. නැතහොත් බිරිඳට සැමියා අහිමිවීමකිනි. ඒ මැතිවරණ ප්‍රචණ්ඩත්වය නිසාය. එයට ප්‍රධාන ම හේතුව මද්‍යසාර භාවිතයයි. එබැවින් මෙම කාලසීමාව තුළ ඡන්ද අපේක්ෂකයා මතින් තොර ඡන්ද ව්‍යාපාරයක් ගෙන යා යුතු අතර ඡන්දදායකයා ද මතින් තොරව ම සිහි නුවණ ඇතිව ම තමන්ගේ පාර්ලිමේන්තු නියෝජිතතයා තෝරා පත් කරගත යුතුය. ඒ සඳහා මද්‍යසාර භාවිතයෙන් අවම වශයෙන් මැතිවරණ සමයේදීවත් ඈත්ව කටයුතු කළ යුතුය. මද්‍යසාර භාවිත කොට සිහි නුවණින් තොරව මැතිවරණ රැස්වීම්වලට සහභාගී වන ඡන්දදායකයෝ දේශපාලකයන්ගේ අමූලික බොරුවලට රැවැටී වැරැදි තීරණ ගන්නට පෙළැඹෙති.

සුපිරිසුදු සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමේදී වැඩි අයිතියක් හා බලයක් ඇත්තේ ඡන්දදායකයාටය. එහෙත් ඡන්ද අපේක්ෂකයන්ගේ නාම ලේඛනය සකස් කරන විටදී ම දූෂිතයන්, බොරුකාරයන් වැනි අයගේ නම් ඇතුළු නොකර සිටීමට අදාළ පක්ෂ නායකයන් වග බලා ගත යුතුය. ඡන්දදායකයා බුද්ධිමත් යැයි පවසා ඒ බුද්ධිමත් ඡන්දදායකයාට ම සුරාව පොවා සිහි මුළා කරවා, වෙනත් වරදාන වරප්‍රසාද දී රූකඩයක් බවට පත්කරවා සුදුස්සන් තේරීමේ බුද්ධිමත් තීරණයක් බලාපොරොත්තු විය හැකි ද? සැබැවින් ම එය විය නොහැක්කකි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට බුද්ධිමතුන් තෝරා පත් කර යැවිය යුතුය යන හඬ කලක සිටි අසන්නට ලැබෙන්නකි. එහෙත් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුත්තේ බුද්ධිය පමණක් තිබෙන අය නොවේ. ඇතැමුන් බුද්ධිමත් බව සැබෑවකි. එහෙත් වංචනිකයෝ ය. දූෂිතයෝ ය. ඉතිහාසය බලනවිට පාර්ලිමේන්තුව නියෝජනය කළ බුද්ධිමතුන් යැයි, වෘත්තිකයන් යැයි කියා ගන්නා කී දෙනෙක් නම් විවිධ අක්‍රමිකතා චෝදනා, දූෂණ වංචා, නොමනා ක්‍රියාකාරකම්වලට වගකිව යුත්තෝ වූවාහු ද? සැබැවින් ම පාර්ලිමේන්තුව නියෝජනය කළ යුත්තේ රටට ආදරය කරන, ජාතියට ආදරය කරන සැබෑ මානව හිතවාදීන් ය. මුදලට හිස නොනමන අවංක පුද්ගලයෝ ය.

ප්‍රජාතන්ත්‍රවාදය රජයන රටක පාර්ලිමේන්තුව තුළ ජනමතය ක්‍රියාත්මක විය යුතුය. රටේ ජනතාව තම මතය නියෝජනය කරන පුද්ගලයන් පාර්ලිමේන්තුවට යවති. දේශපාලකයෝ සිය මතය නියෝජනය කිරීමට පක්ෂ නිර්මාණය කරගෙන සිටිති. රටේ ජනතාව එම පක්ෂ ප්‍රතිපත්තිවලට ඇති කැමැත්ත පරිදි සිය නියෝජිතයා පාර්ලිමේන්තුවට යවනු ඇත. දේශපාලකයා තමන් පාර්ලිමේන්තුවට එවූ ජනතාවගේ මතය සභා ගත කොට සංවාද කළ යුතුය. එකඟතාවලට පැමිණ රටේත්, ජාතියේත්, සමස්ත ජන සමාජයේත් උන්නතිය වෙනුවෙන් කටයුතු කළ යුතුය. මතවාදී අරගල කළ යුතුය. එහෙත් මේ සියල්ල කළ යුත්තේ පාර්ලිමේන්තු නියෝජිතයකු ලෙස තමන් පිළිගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුගතව ය. ප්‍රජාතන්ත්‍රවාදීව ය. එහෙත් නූගත්කමින් ද පොහොසත් අඳ බාල දූෂිතයන් පාර්ලිමේන්තුවට යැවීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ ද නැත. ජනතාවට සෙතක් වන්නේ ද නැත. එබැවින් ඡන්දදායකයා මෙවර සිය ජනතා නියෝජිතයා තේරීමේ දී බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය විසින් මහජනතාව වෙත සහ සියලු‍ ම දේශපාලකයන් වෙත ඉදිරිපත් කර ඇති නිර්දේශාවලියේ සඳහන් ලක්ෂණ ගැන අවධානය යොමු කළ යුතුය. එහිදී උගත්කම සේ ම, ගුණවත්කම ද, සුපිළිපන් බව, මහජන සේවය සඳහා ජීවිතය සම්පූර්ණයෙන් ම කැප කර සිටීම, අගති විරහිතභාවය, වගකීම හා වගවීම, අවංකභාවය, ජනතා නායකත්වය, විනිවිදභාවය, ජනතාව වෙනුවෙන් ප්‍රායෝගික ලෙස සිතා සාධාරණ තීරණ ගැනීම යන කාරණා ද, මනා ශික්ෂණයකින් යුක්ත බව ද, අව්‍යාජ බව ද, සරළ පැවැත්මකින් කටයුතු කළ හැකි බව ද, රට, දැය, සමයට ඇති හිතෛෂී භාවය ද සැලැකිල්ලට ගත යුතුය.

ඡන්ද අයිතිය ජනතා පරමාධිපත්‍යයේ ප්‍රධාන අවියයි. ජනතාව එය පාවිච්චි කළ යුතුය. නියම නියෝජිතයා තෝරා ගැනීමට නොපසුබට විය යුතුය. තමන්ට හිමි ඡන්දය ඉහත කියන ලද සුදුසුකම්වලින් යුත් කෙනකුට ලබා දී ඔහු හෝ ඇය පාර්ලිමේන්තුව වෙත එවීම ජනතාව රටට ද කරන සේවයක් සේ සැලැකිය යුතුය. එබැවින් කාට දුන්නත් වැඩක් නැතැයි සිතා ඡන්දය භාවිත නොකර සිටීම කළ යුත්තක් නොවේ.

ජනතාව විසින් තම ජනතා නියෝජිතයා බුද්ධිමත් ව සිතා පත් කරගැනීමෙන් අනතුරුව කිසිදු වාද භේදයකට හෝ ප්‍රචණ්ඩත්වයකට නොගොස් ජය පරාජය උපේක්ෂා සහගත ව විඳ දරා ගත යුතුය. විවිධ පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන අය පාර්ලිමේන්තුවේදී විවිධ මතවාදවල පැටලී ගැටුණත් එය තාවකාලික ය. පසමිතුරන් සේ වාද විවාද කරගන්නා ඔවුන් පසුව සුමිතුරන් සේ කටයුතු කරනා ආකාරය අපි කොතෙකුත් දැක ඇත්තෙමු. එබැවින් පොදු මහජනතාව භේද භින්න වී කටයුතු කිරීම කිසිසේත් ම අනුමත කළ නොහැකිය. අසල්වැසියන් සමගින් අමනාපකම් ඇති කර නොගත යුතුය. සමගියෙන් කටයුතු කළ යුතුය. එසේ ම කෙදිනක හෝ තමන් පත් කර යවන ජනතා නියෝජිතයා තම ජනමතය නියෝජන නොකර විවිධ වරප්‍රසාදවලට ගිජු වී කටයුතු කරන්නේ නම් ජනතා කැමැත්තෙන් තොරව පක්ෂ මාරු කොට සිය අභිමතය පරිදි කටයුතු කරන්නේ නම් ඊළඟ වතාවේදී හෝ ඔහුට පාඩමක් ඉගැන්වීමට ජනතාව වගකීමෙන් බැඳී සිටින බව ද අවධාරණය කළ යුතු වේ.

විවිධ ජන කොට්ඨාස සහ ජන මතය නියෝජන කරමින් පාර්ලිමේන්තුවට යන ජනතා නියෝජිතයන් සිය ජනතා සාධාරණ අවශ්‍යතා ප්‍රජාතාන්ත්‍රවාදී ව සහ රටේ බහුතර මතයට අවනත ව ඉටු කරදීමට කැප විය යුතු අතර ම ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් රට දියුණු කරන්නටත් සිය දායකත්වය ලබා දිය යුතු වේ. එහිදී විශේෂයෙන් ම මෙරටට දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍යව පවතින ජාතික ප්‍රතිපත්ති සැකැසීමට සෑම දේශපාලන නියෝජිතයකු ම සිය සහයෝගය ලබාදිය යුතුය. මෙරටට අවශ්‍ය කරන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්, ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක්, ජාතික විදේශ ප්‍රතිපත්තියක්, ආදී ප්‍රතිපත්ති මාලාවක් සකස් විය යුතු අතර ඒ සඳහා සැවොම එක් ව කටයුතු කළ යුතුය.

කවුරුන් කෙසේ සිතුවත් පැවැසුවත් මේ රට සිංහල බෞද්ධයන්ගේ රටයි. එනමුදු මේ රට තුළ ඉතා දීර්ඝ කාලයක සිට අන්‍ය ජාතිකයන්, අන්‍ය ආගමිකයන් විටෙක සමගියෙනුත් විටෙක අසමගියෙනුත් ජීවත් වෙමින් සිටින බව යථාර්ථයයි. මහ ජාතිය ලෙසින් සිංහල ජාතිය අන්‍ය ජාතීන්ට මහා වෘක්ෂයක් සේ සිය සෙනෙහස් සෙවණ ලබාදිය යුතු අතර අන්‍ය ජාතිකයන් ද තමන්ට දිගු කලක් තිස්සේ සෙවණ දුන් මහ ජාතියට සෙනෙහසින් සැලැකිය යුතුය. මෙලෙස ගොඩනැගෙන ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදභාවයෙන් මේ රට සුපිළිපන් රටක් කරා යන ගමන වේගවත් කළ හැකිය. මෙවර මහ මැතිවරණය ඒ සඳහා යොදා ගැනීම ඡන්දය දීමට සිටින ඡන්දදායකයාගේත් ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට යාමට සිටින අපේක්ෂකයන්ගේත් ඒකායන බලාපොරොත්තුව විය යුතුය.

(***)



අදහස් (3)

දේශපාලක පුරවැසි වගකීම කෙසේද?

Raveendra Tuesday, 04 August 2020 06:35 AM

අවසරයි අපේ හාමුදුරුවනේ..ඔබ වහන්සේගේ වටිනා අදහස් , උවදන් අප හදවතින්ම අගය කරන්නෙමු.

:       0       2

mihira01 Tuesday, 04 August 2020 11:26 AM

චීවරයක් දරාගෙන සාමණේරයන් වහන්සේලාට හිරිහැර කිරීම මොනවගේ වගකීම් පැහැර හැරීමක්ද?

:       3       5

nimal Tuesday, 04 August 2020 04:13 PM

රාජපක්ෂ පවුලේ සියලුදෙනාම කතිරයෙන් මනාපයෙන් පාර්ලිමේන්තුවට යවා රාජපක්ෂ පවුල්වලට සුබ අනාගතයක් ලබා දෙනවද ?

:       2       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 64 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1383 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 641 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 200 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4628 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12964 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site