IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දේශපාලකයන් නටවන සල්ලි බලය

පෙර කිසිදාක නොදටු විරූ අයුරින් අද ශ්‍රී ලංකාවේ දේශපාලනය මහා ධනස්කන්ධයක් විසින් පාලනය කරනු ලබයි. රැකියාවේ සුරක්‍ෂිත බව වේවා, අධ්‍යාපන හෝ සෞඛ්‍ය මට්ටම වේවා, සමාජ ආරක්‍ෂණය වේවා දේශගුණ විපර්යාස හෝ සාමාන්‍ය දිවි පෙවෙත වේවා එකී සෑම කාරණයක්ම දේශපාලනය හා බැඳුනකි. අපගේ රට ප්‍රගතියක් අත්කර නොගන්නට එක් හේතුවක් ඇත. එනම් දූෂණයයි. අපගේ දේශපාලන ක්‍රමයේ සෑම අංශයකින්ම මුදල් හොර රහසේ පිටතට කාන්දු වෙමින් හා ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසා දමමින් ජනතාවගෙන් බලය ඉවත උදුරා ගැනේ. 

මහා කොම්පැනි සහ ධනවත් උදවිය තමන්ට වඩාත් වාසිදායක පැත්තට ප්‍රතිපත්ති හරවා ගන්නට ව්‍යවස්ථාදායකයන්ගේ අතමිට සරු කරන්නට මිලියන ගණන් වියදම් කරති. එහෙත් ඒ සියල්ලටම පෙර, ව්‍යවස්ථාදායකයේ ක්‍රියා පිළිවෙළ ආරම්භ වීමටත් පෙර – ධනවත්හු සහ පොහොසත් ව්‍යාපාරිකයෝ මැතිවරණ සමයේම දේශපාලකයන් මිලදී ගන්නට උත්සාහ කරති. මැතිවරණ ව්‍යාපාරවල වැය පාලනය කරන මූල්‍ය නියාමන නොමැතිකම නිසා මැතිවරණ ව්‍යාපාරවලට අසීමිත ලෙස මුදල් යෙදවීමේ අවස්ථාව ධනවතුන්ට ලැබේ. සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ගේ හඬ යටපත් කොට ගිල්වා දමන්නේ ඒ ආකාරයටයි. අප වැනි හුදී ජනයාට වඩා ධනවතුන් සතුව මහා බලසම්පන්න බවක් ඇතැයි බොහෝ ජනයා විශ්වාස කිරීම විමතියට කරුණක් නොවේ. 

රාජපක්‍ෂ ආණ්ඩුව මෑත කාලයේ ක්‍රියාත්මක කළ බදු කපා හැරීම උදාහරණයකට ගනිමු. තම ධනවත් මිතුරන්ට සහ ව්‍යාපාරිකයන්ට දැවැන්ත බදු සහන දෙමින් රජය, රාජ්‍ය ආදායම රුපියල් බිලියන 500 කට වඩා වැඩි ගණනින් අඩුකර ගත්තේය. එසේ කරන ලද්දේ රට දරුණු ආර්ථික විනාශයක් අභිමුව ඉන්නා තීරණාත්මක අවස්ථාවකයි. සීනි වංචාවේ ප්‍රතිඵලයක් ලෙස රුපියල් බිලියන 20 ක් රටට අහිමි විය. මෙම වැදගත් ආදායම්, අයවැය හිඟය පියවීමටත් කොවිඩ් වසංගත මර්දනයටත්, ජනතාවට සහන සැලසීමට හා ව්‍යාපාරවලටත් එසේ නැතහොත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා අධ්‍යාපන මට්ටම ඉහළ නංවා ගන්නටත් වෙන් කළ හැකිව තිබිණි.

එහෙත් අපට පෙනී ගියේ ඊට හාත්පසින් වෙනස්ව යන ආකාරයෙන්, දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 101 තරම් වන මහා ණය කන්දරාවක් ගොඩ ගසාගෙන අමාරුවේ වැටීමයි. ඉහළට මතුවෙන වෙළෙඳපොළ ආර්ථීකයක සාමාන්‍යයෙන් තිබිය යුතු, දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 65 ක ණය ප්‍රතිශතය හා සසඳා බැලූවිට මෙය ඔරොත්තු නොදෙන තරම් ණය ප්‍රමාණයකි. මේ මහා ණය භාරය ඉසිලිය යුත්තෝ කවරහුද? ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවය. 

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සිය ගණනක් සහ සේවකයන් ඉවත ඇද දැමීමට හේතු වූ ආනයන තහනම වැනි ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලින් සෑහෙන තරම් වාසි ලැබූවෝ ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයෝය. මහා පරිමාණ ව්‍යාපාරවලින් ඔවුහු වාර්තාගත ලාභ ලැබූහ. තවදුරටත් ආනයන තහනම්, පොහොර තහනම සහ අනෙකුත් ප්‍රතිපත්ති නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ කිරිපිටි, ගෑස්, ඉන්ධන, සහල්, සීනි, භූමිතෙල් ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය හිඟයක් ඇති වූයේය. 

ධනවතුන්ගේ මහා ව්‍යාපාර වාර්තාගත ලාභ ලබන අතර පසුගිය මාස කිහිපයේ වැඩවර්ජන හා විරෝධතා රැල්ලක් කම්කරු පන්තියේ ප්‍රධාන අංශවලත්, රාජ්‍ය අංශයේත්, වතු අංශයේත්, ඇඟලුම් අංශයේත්, දුම්රිය හා වරාය සේවකයන් අතරත් හට ගත්තේය. 

2022 අයවැය යෝජනා දෙස අප හැරී බැලුවහොත් අධ්‍යාපනයට හා සෞඛ්‍ය සංරක්‍ෂණය සඳහා වෙන්කොට ඇත්තේ පිළිවෙළින් රුපියල් බිලියන 170 ක් හා රුපියල් බිලියන 235 ක් පමණි. ඒ අතර මහා මාර්ග හා ආරක්‍ෂක කටයුතුවලට පිළිවෙළින් රුපියල් බිලියන 280 ක් හා රු. බිලියන 421 ක් වෙන් කොට ඇත. එක් පුද්ගලයකුට සාපේක්‍ෂව වැඩිම හමුදා නිලධාරීන් සංඛ්‍යාවක් ඇති රටක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාව ඒ ඔස්සේ තවදුරටත් මිලිටරීකරණයට භාජන වී ඇත. මේ සියල්ල සිදුව ඇත්තේ රටේ යුද්ධයක් නැති තත්ත්වයක් යටතේය.

මහාමාර්ග ඉදිකිරීමට දිගින් දිගටම දැවැන්ත මුදල් කන්දරාවක් වෙන් වෙන්නේ ඉදිකිරීම් අංශයේ ඒකාධිකාරයට වාසිසහගත වන අයුරිනි. ඒ හරහා දූෂිත දේශපාලකයන්ගේ දෑත් ධනයෙන් දෝවනය වෙයි. මෙම අයවැයෙන් වැඩි කරන මුදල් වෙන් විය යුතුව තිබුණේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සංරක්‍ෂණයටයි. ඒ හේතුවෙන් අපට අහිමි වන්නේ මීළඟ සංවර්ධන අවධියට අවශ්‍ය වන මානව ප්‍රාග්ධන හා වසංගත මර්දනයට අවශ්‍ය සම්පත් ප්‍රමාණයයි. 

ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යාපන ආයතනයෙන් (IPS) 2020 වසරේදී කරන ලද අධ්‍යයනයකින් හෙළිදරව් වූයේ කුඩාම පාසල්වල ශිෂ්‍යයන්ගෙන්, මාර්ග ගත හෝ රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් නැරඹිය හැක්කේ සියයට 30 ක සිසුන් ප්‍රතිශතයකට පමණක් බවයි. ජනප්‍රිය පාසල්වල සිසුන්ගෙන් සියයට 80 කට මෙම පහසුකම් තිබීම හා සැසඳූවිට මෙය ඉතා අඩු ප්‍රතිශතයකි.

අපගේ පාසල් පද්ධතිය තුළ දැවැන්ත අසමානතාවක් පවතී. ඉහත කී ධන සම්පත් භාවිතකොට නාගරික හා ග්‍රාමීය පාසල් අතර පවතින මෙම පරතරය පියවා ග්‍රාමීය පාසල්වල සිසුනට වඩ වඩාත් තාක්‍ෂණය පදනම් කරගත් අධ්‍යාපනයක් දිය යුතුවේ. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට වෙන් කරන මුදලද සියයට 25 කින් පහත වැටී තිබේ. අපගේ ජනගහනයේ සියයට 52 ක් කාන්තාවන් වූ කළ මෙම මුදල් වෙන් කිරීම කොහෙත්ම ප්‍රමාණවත් නොවේ. 

ශ්‍රී ලංකාව සිය ඉතිහාසය තුළ මුහුණ දෙන්නට සිදුවූ දැවැන්තම ආර්ථික අභියෝගවලට 2022 දී මුහුණ දෙමින් සිටී. ඒ අතර නවීන මූල්‍ය න්‍යාය ගුරුකොට ගෙන මහ බැංකුව හෙට දිනයක් නැත්තා සේ අතොරක් නැතිව මුදල් අච්චු ගසයි. ආනයන ආදේශනය, උද්ධමනය සහ අනෙකුත් හිඟ මැද හුදී ජනයා පීඩාවෙන් මිරිකෙති. මෙම ප්‍රතිපත්ති අසාර්ථක වීමට රජය පෑ ප්‍රතිචාර හේතුවෙන් මෙම අර්බුදයේ බර වැඩකරන පන්තියේ හා දුප්පත් ජනයාගේ හිස මත පාත් වී ඇත්තේ, වැඩි කළ බදු වලින් සහනාධාර කපා හැරීම්වලින් හා අහස උසට නගින අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් හේතුවෙනි. 

මෙම ගැටලුවලට මුල මූල්‍ය නියාමනය නිසි ලෙස නොහැසිරවීම බව අපි විශ්වාස කරමු. ඒ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ද පිරිහී ගොසිනි. ඒ නිසා ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය සුළු පිරිසක් විසින් පාලනය කරන රාජ්‍යයක් බවට පරිවර්තනය වී තිබේ. බහුතරයකගේ දුක්ගැනවිලි නොසලකා හරින අතර තුර එමගින් ශ්‍රී ලංකාව පාලනය කරනු ලබන ධනවත් දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් අතොලොස්සකගේ කතිපයාදිකාරයක් ගොඩ නැගී ඇත. 

පක්‍ෂ භේදවලින් තොරව එක්වී මෙම නියාමයන් පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු බවට, මෑතකදී අලි සබ්රි, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යන අය නැවුම් හඬක් නගනවා අසන්නට ලැබිණි. 

2022 දී නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් වෙතයි අලිසබ්රි කළ සඳහන වැදගත්කොට සැලකිය යුත්තැකි. මෙම කෙටුම්පතේ අන්තර්ගතය මහජනයාගේ අදහස් විමසීමට හෙළිදරව් කිරීමද වැදගත්ය. 

මේ වසරේ ජූලි මාසයේ මැතිවරණ ප්‍රතිසංස්කරණවලට අදාළ නිර්දේශ හා යෝජනා කැඳවීමට බලාපොරොත්තු වන බව කියා සිටි අලි සබ්රි මන්ත්‍රීවරයා ඊට අදාළ සාකච්ඡා උදෙසා මෑතකදී පක්‍ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සමාජ ක්‍රියාධාරීන් කැඳවූ බව කියා සිටියේය. මීළඟ මැතිවරණයට පෙරාතුව සැමට පිළිගත හැකි මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම එහි අරමුණ විය. 

2019 ජනාධිපතිවරණයේ සිට 2020 පාර්ලිමේන්තු මැතිවරණය දක්වා මැතිවරණ ව්‍යාපාරයට වියදම් කර ඇති වැය හුවා දක්වමින් කතා කළ මංජුල ගජනායක, ශ්‍රී ලංකාවේ මැතිවරණ වියදම් සම්බන්ධයෙන් මූල්‍ය රෙගුලාසි පැනවීම උදෙසා සිවිල් සමාජ සංවිධාන හඬ නැගිය යුතු බව කියා සිටියේය.

2022.2.15 Daily FT හි පළවූ Centre for Progressive Network විසින් රචිත Big Money in Politics ලිපියේ  පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ



අදහස් (0)

දේශපාලකයන් නටවන සල්ලි බලය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2991 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12181 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 562 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 937 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1012 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 495 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site