IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දේශපාලන බල පරාක්‍රමය පෙන්වීම

 

ග්‍රාමසේවක වසම් 52ක් අයත් වන සමස්ත පිළියන්දල පොලිස් බල ප්‍රදේශයම පසුගිය ඉරිදා හුදෙකලා කැරෙන බව නිවේදනය කෙරිණ. එසේ කෙරුණේ, කැස්බෑව සෞඛ්‍ය සේවා නිලධාරිනී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මියගේ නියමයකට අනුවය. 

එසේ කිරීමට ඇයට නෛතික වශයෙන්ම බලතල හිමිව තිබෙන අතර, සෞඛ්‍ය සේවා නිලධාරිනිය එවන් තීන්දුවක් ගෙන තිබුණේ මාරාන්තික වෛරසයේ ව්‍යාප්තිය සැළකිල්ලට ගෙනය. ඊට පෙර ගෙවුණු දින තුන ඇතුළත පමණක් කෝවිඩ්-19 ආසාදිතයන් 147 දෙනෙක් එම ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබූ අතර, ඔවුන් වාසය කළ නිවෙස්වල නිවැසියන් සහ ඔවුන් හා ගැවසුණු තවත් සිය ගණන්දෙනා, ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනයට යොමුකිරීමට අවශ්‍ය වුනි. 


ඉරිදා සිට බදාදා වන විට පමණක් එම ප්‍රදේශයෙන් ආසාදිතයන් 219 දෙනෙක් වාර්තාවී තිබිණ.

සමස්ත පිළියන්දල පොලිස් බල ප්‍රදේශයම හුදෙකලා කෙරෙන බව ඉරිදා සවස 6.00 ට පමණ යුද හමුදාපතිවරයා නිවේදනය කළේ ය. එය වහාම ක්‍රියාත්මක කැරෙන බවත්, ඔහු පැවසුවේ ය. මේ හමුවේ ඇතැම් ප්‍රාදේශීය දේශපාලඥයින් සහ වෙළඳුන් කෝපයට පත්වූ අතර, ඔවුහු කැස්බෑව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවටත්, අමාත්‍යධූරයකටත් පත්ව සිටින ගාමිණී ලොකුගේ මහතාට පැමිණිලි කළහ. 

එයින් පසුව පොලිසිය තවදුරටත් පිළියන්දල යනු හුදෙකලා කර ඇති ප්‍රදේශයක් ලෙස සැළකූයේ නැත. වෙළදසැල් විවෘත කර පැවැති අතර නගරයේ ජනතාව ගැවසෙණු ද දක්නට හැකිවිය. ප්‍රවාහන සේවා ද සාමාන්‍ය අයුරින් ක්‍රියාත්මක විය. පිළියන්දල මෙම තත්ත්වය, එතෙක් අගුලුලා තිබූ වෙනත් ප්‍රදේශ හා සැසදීමේ දී අහසට පොළව මෙන් වුනි.

කෙසේවුවත්, ඉරිදා රාත්‍රිය වන විට තවත් නිවේදනයක් නිකුත් විය. ග්‍රාම නිලධාරී වසම් 10 ක් හැරෙන්නට පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ සෙසු ප්‍රදේශයන් ලොක්ඩවුන් කැරෙන බව එහි සදහන් විය. එම ප්‍රදේශ ද සදුදා අලුයම 5.00 සිට විවෘත කරන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්විණ.

පොලිසියේ සහ තෝරාගත් රජයේ නිලධාරීන් පිරිසක් සමග අමාත්‍ය ලොකුගේ මහතා ගෙවුණු ඉරිදා කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී රැස්වීමක් පවත්වා ඇතැයි පසුව අනාවරණය විය. කෙසේවුවත් සදුදා දින කැස්බෑව සෞඛ්‍ය නිලධාරිනී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවේ කැස්බෑව ද ඇතුළත් පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ලොක්ඩවුන් තත්ත්වය ලිහිල් කිරීමට තමා කිසිදු අයුරකින්වත් නිර්දේශ නොකළ බවය.

“එම ප්‍රදේශයෙන් සිය ගණනක් කෝවිඩ් ආසාදිතයන් වාර්තා වනවා. එනිසාම එහි පුද්ගලයින්ගේ සංචරණය සීමා කිරීම අත්‍යාවශ්‍යයි” යයි ඇය මාධ්‍ය හමුවේ කීවා ය.

තමා ඇතැම් ප්‍රදේශවල ලොක්ඩවුන් තත්ත්වය ඉවත් කිරීමට කටයුතු කළේ අදාළ නිලධාරීන්ගේ අදහස් විමසීමෙන් පසුව බව අමාත්‍ය ලොකුගේ මහතා පැවසුවේ ය.

නිදහසේ සැරිසැරීම

“සියලුම ප්‍රදේශ ලොක්ඩවුන් කිරීම අනවශ්‍ය බව අපගේ බුද්ධි අංශ සහ වෙනත් ආරංචි මාර්ග කියා සිටියා” යයි ඇමතිවරයා කීවේය. 
එසේවුවත්, සිය කාර්යමණ්ඩලයේ ඇතැම් සාමාජිකයන්ට කෝවිඩ්-19 වෛරසය ආසාදනයව තිබෙන බවත්, තමා නිරෝධායන නොවන බවත්, අමාත්‍යවරයා පිළිගත්තේ ය.

කාර්යමණ්ඩල සාමාජිකයන්ට කෝවිඩ්-19 වෛරසය ආසාදනයව තිබිය දී, නිදහසේ සරමින් සිටින්නේ කෙසේදැයි මාධ්‍ය විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ... “මම දැනටමත් එන්නතෙන් එක් මාත්‍රාවක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම පීසීආර් පරීක්ෂණයකුත් සිදුකළා” යන්නයි. 

සදුදා රාත්‍රියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා රූපවාහිනී සංවාද වැඩසටහනකට සහභාගීව සිටිනු නැරඹීමට හැකිවිය. පැය 24ක් ගතවීමටත් මත්තෙන් පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට පැනැවුණු ඇඳිරි නීතිය ලිහිල් කිරීම සම්බන්ධව ඔහුගේ අදහස් විමසීමක් සිදුවුණේදැයි ප්‍රශ්න කැරුණු විට, ඒ සම්බන්ධයෙන් තමාගේ අදහස් විමසීමක් සිදුනොවුණු බවත්, විමර්ශනයක් සිදුකරන බවත්, වෛද්‍ය ගුණවර්ධන මහතා පැවසුවේ ය.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. එම්. ආර්නෝල්ඩ් මහතා ප්‍රමුඛ සිව් පුද්ගල කමිටුවක් මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරිණ. ඔවුහු පිළියන්දල සහ කැස්බෑව සෞඛ්‍ය අමාත්‍යංශ කාර්යාල වෙත ගොස් කරුණු විමසා බැලූහ. 

පිළියන්දලට පනවා තිබූ ලොක්ඩවුන් තත්ත්වය වහා ඉවත් කිරීමට කටයුතු කැරුණු ආකාරය විවිධ ස්ථානවල සාකච්ඡාවට බදුන් වූ අතර, රටේ කෝවිඩ්-19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පැවැති විවාදයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වමින් “සෞඛ්‍ය විෂයට අදාළ තීරණ ගතයුතුව තිබෙන්නේ එම විෂයට අදාළ නිලධාරීන් මිස දේශපාලඥයින් නොවේ” යයි පැවසුවේ ය.

ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට අගමැති මහින්ද රාජපක්ෂට ද, ප්‍රසිද්ධ ප්‍රතිචාරයක් දැක්වීමට සිදුවිය. කුමන තනතුර දැරුවත්, සියලුම දෙනා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට ගරු කළ යුතුව තිබෙන්නේයැයි ඔහු අවධාරණය කළේ ය.

අමාත්‍ය ලොකුගේ මහතාගේ මැදිහත්වීම විවේචනය කළෝ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ප්‍රධාන විය. එහි සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මෙසේ කීවේ ය.

“කලාපය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරියක් ගත් තීරණයක් අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීමකින් අනිත් පැත්ත හරවපු හැටි අපි පිළියන්දල දී දුටුවා. මේක හරිම නින්දා සහගත ක්‍රියාවක් වගේම අපි රටක් හැටියට ලැජ්ජා විය යුතු දෙයක්. අපි මේ ගැන අපේ දැඩි විරෝධය දැක්වූවා. නිරෝධායන ප්‍රඥප්තිය යටතේ බලයලත් නිලධාරියා ලෙස පත්කර තිබෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පුද්ගලයාට එරෙහිව පියවර ගත යුතුව තිබෙනවාය කියා අපි විශ්වාස කරනවා” යයි වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය. 


ලොක්ඩවුන් එසේත් නැතිනම් ප්‍රදේශයන් අගුලු දැමෙන්නේ එසේත් නැතිනම් හුදෙකලා කෙරෙන්නේ ජීවිත බේරා ගැනීම සදහාමය. එවැනි තත්ත්වයකදී අමාත්‍යවරයෙක් එම අරමුණින් ගන්නා තීරණයක් වෙනස් කිරීම, අවධානය යොමු කළ යුතුව තිබෙන කාරණයකි. 


සියලුම අමාත්‍යවරුන් සිය බල පරාක්‍රමය මෙසේ පෙන්වීමට කටයුතු කළේ යැයි අපි නිකමට සිතමු?, එසේවී නම් යුද හමුදාපතිවරයා සහ සෞඛ්‍ය බලධාරීන් මෙරට කොරෝනා වසංගත තත්ත්වය මර්දනය කිරීමට ගන්නා සියලුම පියවර ගඟට කැපූ ඉණි මෙන් වනු ඇත. මුව ආවරණ වැරදියට පැළඳගෙන සිටියේ යැයි පුද්ගලයින් බලහත්කාරයෙන් බස් රථවලට පටවා ගැනෙන තත්ත්වයක නිරෝධායන රෙගුලාසි වෙනස් කළ ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන්නේ නිහඬ පිළිවෙතක් බව පෙනෙන්නට තිබේ.


ඇඳක් සොයාගැනීමේ අභියෝගය

ඇඳන් හිගය නිසා රෝහල්වල මතුව තිබෙන බරපතල තත්ත්වය අගහරුවාදා පැවැති රජයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමේ දී, අවධානයට ලක්විය. එහි මුලසුන හෙබවූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාය. 


මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා අදහස් දක්වමින්, ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ අතර සම්බන්ධීකරණයේ ගැටලුවක් සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළකළේ ය.


“අපි සෞඛ්‍ය අමාත්‍යංශය ඇමතුවහම, මිලටරිය සමග සම්බන්ධ වෙන්නය කියා ඔවුන් කියනවා,” යයි මන්ත්‍රීවරයා කීවේ ය. ඔහු එසේ මතුකළේ, කෝවිඩ්-19 ආසාදිතයකු සමග ඇසුරු කළ, එනිසාම කෝවිඩ්-19 ආසාදිතයන් යැයි සැක කෙරෙන, එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ට හෝ ඥාතීන්ට හෝ රෝහලක ඇඳක් ලබාගැනීමේ ගැළුවක් පවතින්නේ යැයි සිය ඡන්ද දායකයින් මතුකර තිබූ ප්‍රශ්නයකි.


මේ ප්‍රශ්නවලට පිළිතුරු දීම සදහා ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාද, මෙම රැස්වීමට සහභාගීව සිටියේ ය. මෙම වසරේ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසය වන විට ශ්‍රී ලංකාවට එන්නත් ලැබෙනු ඇතැයි විශ්වාසය පළකළ ඔහු, රටේ සියලුදෙනාවම එන්නත්කරණය කිරීමට හැකිවනු ඇතැයි පැවසුවේ ය.


එන්නත් ආනයනය කිරීමට සහ ජනතාවට එන්නත් ලබාදීමට පෞද්ගලික අංශයට අවසර නොදෙන්නේ මන්දැයි ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විමසා සිටියෝ ය. එයට පිළිතුරු දුන් වීරතුංග මහතා පවසා සිටියේ ලොව වටා රජයන්ගෙන් ඉදිරිපත්ව තිබෙන ඉහළ ඇනවුම් නිසා, එම එන්නත් පෞද්ගලික ආනයනකරුවන් හරහා ආනයනය කිරීමට ඒවායේ නිශ්පාදකයන් අවසර නොදෙන බවය. එන්නත් තොග ලබාගත හැක්කේ එක් එක් රජයන් ලබා දී තිබෙන ඇනවුම් සම්පූර්ණ කිරීමෙන් පසුව බවත්, ජනපති ජේ්‍යෂ්ඨ උපදේශකවරයා වැඩිදුරටත් කීවේ ය.


රැස්වීම අවසන් වූ පසුව පැමිණ සිටි ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෝවිඩ්-19 වසංගතයේ මර්දන කටයුතුවල අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩිමනත් පෙනෙන්නට නොසිටීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළෝ ය. සිය ගැටලු අගමැතිවරයා හරහා ඉදිරිපත් කළ හැකි නොවේදැයි ඇතැමුන් විමසා සිටීම එවැනි ප්‍රශ්නයක් ඉදිරිපත් වීමට තුඩු දුනි. 


ඒ අතර, තවත් අයෙක් පෙන්වා දුන්නේ ආර්ථිකය නගා සිටුවීම පිළිබද ජනපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ද, කෝවිඩ්-19 මර්දන කටයුතුවල එතරම් දකින්නට නොසිටින බවය. කෙසේවුවත් තවත් මන්ත්‍රීවරු අදහස් දක්වන්නට පටන් ගැනීම නිසා එම සාකච්ඡාව දුරදිග නොගියේ ය.


පොහොට්ටුව අභ්‍යන්තරයේ ගැටළු

රට පාලනය කරන ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ කටයුතු සිතා සිටින ආකාරයට සුමටව සහ සාමකාමීව සිදුනොවන බව පසුගිය අගහරුවාදා නැවත වරක් පෙනී ගියේ ය. සන්ධානයේ හවුල්කාර දේශපාලන පක්ෂවල නායකයන් සමග රැස්වීමක් පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සූදානමින් සිටියත්, එක් කණ්ඩායමක් එම රැස්වීමට සහභාගීවූයේ නැත. ඔවුන් අතරට, අමාත්‍ය විමල් වීරවංශ (ජාතික නිදහස් පෙරමුණ), අමාත්‍ය උදය ගම්මන්පිල (පිවිතුරු හෙළ උරුමය) යන මහත්වරද අයත් වූහ. 

සන්ධානයේ හවුල්කාර දේශපාලන පක්ෂවල නායකයින් නොවන පුද්ගලයින් ද, රැස්වීමට සහභාගීව සිටියේ යැයි ඔවුහු පැමිණිලි කළහ. ඒ අනුව ගත් කළ, සන්ධානය අභ්‍යන්තරයේ වන ගැටුම තවමත් එළෙසමය. මෙළෙසම තවත් අවස්ථාවක දී, ඔවුහු අගමැතිවරයා මගහැර සිටියේ ඔවුන්ගේ අරමුණ සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථ මතු කරවමිනි. එහෙත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලවත් පාර්ශවයන් මෙය දකින්නේ දේශපාලනමය බලයක් පෙන්වීමක් ලෙස පමණි. ඒ හැරෙන්නට, සන්ධානය හැර යෑමට මෙම පක්ෂ කටයුතු කරනු ඇතැයි සිතීම අපහසු බව ඔවුන්ගේ අදහස වේ. ඒ කෙසේවුවත්, සන්ධානයේ කටයුතු පෙර සදහන් කළ ලෙස සුමටව හා සාමකාමීව සිදුනොවන බවටත් එහි අභ්‍යන්තරයේ යම් යම් ගැටලු පවතින බවටත් ඉහත සිදුවීම්වලින් යම් සංඥාවක් ලබා දේ.

මෙවැනි තත්ත්වයක් රට පාලක සන්ධානයේ පවතින්නේ, කෝවිඩ්-19 වසංගත තත්ත්වය ඉතා බරපතල ලෙසම රට වෙළාගනිමින් සිටින මෙන්ම අනෙක් පසින් ඒ හා සමාන බරපතල මට්ටමින් රටේ ආර්ථිකය කඩා වැටෙමින් පවතින වාතාවරණයකය. 

දිනෙන් දිනම ඉහළ යන ආසාදිතයන්ට උවටැන් කිරීම සදහා පහසුකම් සැපයීමට යුද හමුදාවට හැකිව ඇතත් එය පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. වෛද්‍යවරු, හෙදියන් සහ උපකරණ ද දැන් අවශ්‍යය. මේ මොහොත, ශ්‍රී ලංකාවට අතිශයින් තීරණාත්මකය.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර
--------------------------------------------------------



අදහස් (15)

දේශපාලන බල පරාක්‍රමය පෙන්වීම

Rohana Thursday, 13 May 2021 04:34 PM

ජනාධිපතිතුමා මේ රටට ආදරය කරන අවංක හා අවංක පුද්ගලයෙක් නම්, ඔවුන් ලොකුගේ ඉවත් කර තරුණ හා උගත් පුද්ගලයෙකු ඇමතිවරයෙකු ලෙස පත් කරයි. එවිට ජනතාව මෙම රජයට සහාය දෙනු ඇත. එසේ නොමැති නම් මෙය යහපාලන රජයේ 2 වන ප්‍රභේදයයි.

:       0       0

ranjith Thursday, 13 May 2021 06:16 PM

වැඩක් නැති මිනිස්සු මොකට තවම පාර්ලිමේන්තුවට ගන්නවද? සිහිකල්පනාවක් තියෙන මනුස්සයෙකුට තැනක් දෙන්න බැරිද?

:       0       0

Lelwala Friday, 14 May 2021 01:42 AM

සමහර අයට රට අගුලු දැමීමට අවශ්‍යයි. ඔවුන් රටේ පෝසත් අයයි. ඔවුන්ට සෑම දෙයක්ම තිබේ. ඔවුන් දුප්පත් ජනතාවගේ ජීවන තත්වයන් දෙස නොබලයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාව සමඟ සමීපව කටයුතු කරයි. රට මුළුමනින්ම වසා දැමීමට ඔවුන්ට අවශ්‍ය නැති හේතුව එයයි.

:       0       0

මලී Friday, 14 May 2021 02:57 AM

රජයේ සේවකයෙක් වන දොස්තර මහත්මියගේ රාජකාරියට බාධා කිරීම වෙනුවෙන් හා සෞඛ්‍ය නීතී උල්ලංඝනය යනුවෙන් කෝ ලොකුගේට නීතිය ක්‍රියාත්මක කිරීමක්. සැමට එක නීතියක්ලු.

:       1       30

mp Friday, 14 May 2021 05:50 AM

බලපරාක්‍රමය හොඳින් පෙනෙනවා... කෝවිඩ් පැටව් ගහලා තියෙන තරමින්....

:       0       34

GalaparaSaturday, 15 May 2021 04:55 AM

කොරෝනා නීතියට අනුව... මෙයා දැන් ඉන්න ඕනේ හිරේ. මුලු පිළියන්දලටම කොරෝනා පැතිරෙව්වා. රටට සත 05ක වැඩක් නැහැ.

:       0       24

ranjith Friday, 14 May 2021 11:46 PM

මොකද උණපුරුකේ දැම්මාත් වෙනස් වෙන්නේ නැ කියනවා නේ ඒ වගේ නරක පුරුදු වෙනස් කරන්න බැ

:       0       34

RaveendraSaturday, 15 May 2021 03:34 AM

සමස්ථයක් ලෙස පක්ෂ බේදයෙන් තොරව හැමෝම "දේශපාලුවන් " මනාලෙස මහජනතාවට ඔප්පු කර ඇත.

:       0       0

ලුම්බිණි Saturday, 15 May 2021 07:09 AM

මේක දේශපාලන බල පරාක්‍රමය පෙන්වීමක් නොවෙයි. තමන්ගේ ලජ්ජා නැති කම පෙන්වීමක්.

:       0       27

විජිත් Saturday, 15 May 2021 11:59 AM

පිළියන්දල කැස්බෑව පැත්තේ චන්ද දායකයින් විසින් මේවගේ " පට්ට බුරුවෙක් " ව තමන්ගේ නියෝජිතයා ලෙස දියවන්නාවේ අසුචි මන්දිරයට පත්කර යැවීම පුදුම වෙන්න දෙයක් නොවෙයි. දියවන්නාවේ සිටින්නේ මෝඩ බුරුවන් බව දන්නා ඡද්දදායකයින් බුරුවාව ' තමන්ගේ නියෝජිතයා ' ලෙස නම් කිරීමෙන් ගම්‍ය වන්නේ චන්ද දායකයිනුත් දන හෝ නොදැන බුරුවාගේ මට්ටමටම වැටී ඇතිබවයි. මේ වලපයයි ගොඩපයයි තියාගෙන ඉන්න බුරු වහන්සේ මීළඟ මැතිවරණයටත් ඉදිරිපත් වුනොත් පුදුම වෙන්න එපා. ඒ තමයි එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ දේශපාලන පොතේ කියවෙන අතිශය ශෝකනිය කතාන්දරය. පිළියන්දල කැස්බෑව ...පැත්තේ චන්ද දායකයිනි, දැන්වත් ඔබට නිදහසේ සිතීමට, තීරණ ගැනීමට සිතක් පහළවේවා.

:       0       33

Puppa Saturday, 15 May 2021 11:59 PM

රට කෑවා. කරුණාකර වෙන ලෝකෙකට ගෙනියන්න.

:       0       0

nimal Sunday, 16 May 2021 09:07 PM

ඉදිරි මැතිවරණයේදී වෙනසක් කිරීමට බුද්ධිය පහළවේවා.

:       0       0

පොඩි මල්ලි Monday, 17 May 2021 03:20 PM

මෙයාට නොමිනේශන් දුන්නු එකා බූරුවෙක්... ඡන්දෙ දුන්න අය පුත්තලම් බූරුවන් තමයි ..

:       0       1

nihal Monday, 17 May 2021 07:33 PM

ලුම්බිණි, මෙයා මේ මිනිහගේ නූගත්කම පෙන්වන අවස්ථාවකි. ලැජ්ජා නැතිකමම නොවේ. මීට පෙර නළු විජයගේ මරණය සම්බන්ධව මේ මනුස්සයගේ මෝඩකම එළියට පෙණුනි. උගත්, කපටි කමින් රටක් ගොඩනැගිය හැකි අතර නූගත් කපටිකම නිසා රටක් වලපල්ලට යාම වැළකිය නොහැක.

:       0       1

parakkrama Tuesday, 18 May 2021 01:23 PM

මෝඩයින් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් සිදුවෙන්නේ නම් මොහුට පළමු ස්ථානය හිමිවනු නියතයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 827 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 399 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 132 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4296 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12709 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 696 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site