IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


දහසයේ කණ්ඩායමේ ඉලක්කය

යහපාලන ආණ්ඩුවේ සිව්වැනි කැබිනට් මණ්ඩල සංශෝධනය ද මේ වනවිට නිමාවට පත්වී තිබේ. දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත්තේ මෙවර  කිසියම් ක්‍රමවේදයකට හෙවත් විද්‍යාත්මක පදනමකට අනුව කැබිනට් මණ්ඩලය පත්කර තිබෙන බවය. ඉකුත් කැබිනට් මණ්ඩල සංශෝධන සියල්ලම අච්චාරුවක ස්වරූපයක් ගෙන තිබිණ. අමාත්‍යාංශවලට අයත් විෂයන් මෙන්ම ආයතන බෙදා වෙන් කිරීමේදීද හැම වාරයකම නොගැළපෙන සෙයක් පෙනෙන්නට තිබිණ. එහෙත් මෙවර එම තත්ත්වය බොහෝ දුරට ඉවත්ව ගොස් තිබෙන බව ද දේශපාලන විචාරකයන්ගේ අදහස්ය. 

කෙසේ වෙතත් ආණ්ඩුවට තවත් ඇත්තේ මාස දහඅටක පමණ කෙටි කාලයකි. එම කාලය තුළ නව කැබිනට් මණ්ඩලයට බොහෝ වේගයෙන් ගමන් කිරීමට සිදුවනු ඇතැයි බොහෝ දෙනාගේ අදහසය. එහෙත් ආණ්ඩුවේ ඉදිරි කාලසීමාව පිළිබඳව පක්‍ෂ විපක්‍ෂ කිහිප දෙනෙකුම අදහස් දක්වා තිබිණ. 

“ආණ්ඩුවේ ඔය අවුරුද්දත් නිකම්ම ගෙවිලා යාවි. කරන දෙයක් නැහැ. අවුරුදු තුනකදී කර ගන්න බැරි දේවල් කොහොමද මේ අය එක අවුරුද්දකින් කරගන්නේ” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසා තිබිණ. එහෙත් ඊට ප්‍රතිවිරෝධී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණේ “දැන් කකුලෙන් අදින අය නැහැ. අපට හොඳ ගමනක් යන්න පුළුවන් මේ අවුරුද්ද ඇතුළත සෑහෙන්න වැඩ කොටසක් අපට කරන්න තියෙනවා.  අපට දැන් හොඳ ගමනක් යන්න පුළුවන්” යැයි අගමැතිවරයා ප්‍රකාශ කර තිබිණ. 


කෙසේ වෙතත් නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීම පිළිබඳවම යම් යම් කසු කුසු තැන් තැන්වලින් ඇසෙන්නට පටන්ගෙන තිබේ. ඇතැම් නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරුන් සතුටට පත්ව නැත. කිහිප දෙනෙකුට විෂයන් වැඩිපුර එක්වී තිබේ. රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයාට අලුතින් කෑල්ලක් එක්වී නැත. ඔහු දින කිහිපයකට ඉහතදී අලුත් අලුත් දේශපාලන කතා කීවේය. “රන්ජන් දූෂණයට අල්ලසට එරෙහිව කෑකෝ ගැසුවේය. එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රති සංවිධාන ගැන උනන්දු වුණා. ඔහු එකවරක් නීතිය හා සාමය අමාත්‍යාංශය ඉල්ලා සිටියා. ඒ විතරක් නෙමෙයි ඊයේ පෙරේදා පක්‍ෂ නායකයාටත් පරණ වැඩියි කිව්වා. අලුත් නායකයන් පක්‍ෂයට අවශ්‍ය බව කිව්වා. ඒත් අන්තිමට මුකුත් නැහැ” යැයි ශ්‍රීලනිප ඇමැතිවරයෙක් හිතවතුන් පිරිසක් සමඟ ප්‍රකාශ කර තිබිණ. මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙවර කැබිනට් මණ්ඩලය පත්කිරීම සඳහා විශේෂ වැඩ කොටසක් සිදුකළ බවය. විශේෂයෙන් 

ජනාධිපතිවරයා මැදිහත්වී විෂයන් හා අමාත්‍යාංශත් ආයතනත් වෙනස් කිරීමට කටයුතු කළ බව ද ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයට අයත් කැබිනට් අමාත්‍යාංශ හා අනෙකුත් අමාත්‍යාංශවලට අයත් විෂයන් හා ආයතන ගණනාවක් සංශෝධනය කරවීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් වූ බව ද ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ රන්ජන් රාමනායක, පාලිත රංගේ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම සහ දිලිප් වෙදආරච්චි කැබිනට් ඇමැති ධුර අපේක්‍ෂා කළ ද ඒවා නොලැබුණ හෙයින් ඔවුන් කලකිරීමකට පත්ව සිටින බවය. කෙසේ වෙතත් ඇමතිධුර නොලැබීම පිළිබඳව දැඩි විරෝධතා දැක්වීමට ඔවුන්ට ඉඩකඩක් මෙවර නොලැබෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ආණ්ඩුවෙන් ඉවත්ව සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරු දහසය දෙනා ටික කාලයක් යනතුරු තනිව ගමනක් යෑමේ සූදානමක් පවතින බවට වාර්තාවේ. එම මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත්තේ “අපි ආණ්ඩුවෙන් ඉවත් වුණා. විපක්‍ෂයේ වාඩි වෙනවා.  ජනාධිපතිවරයාවත් පක්‍ෂයවත් හැර යන්නේ  නැහැ” කියාය. ඒ අනුව ඔවුන් එකවරම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ ඒකාබද්ධ විපක්‍ෂයට හෝ යෑමට මැලිකමක් දක්වන බවක් පෙනේ.” මේ අය ආණ්ඩුවෙන් ඉවත් වුණාට එක පාරටම ඒකාබද්ධ විපක්‍ෂයට යන්න අමාරුයි. එහෙම ගියොත් හෑල්ලුවට පත්වෙනවා. එක්කො හිටපු ජනාධිපතිවරයා විවෘත ආරාධනාවක් කරන්න ඕනේ. ඇතැම් ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරු මේ අය නැවත එනවට කැමති නැහැ.  ඒ නිසා මේ අය ටික කලක් යනතුරු වෙනම බලවේගයක් ලෙස ඉන්න තමයි කල්පනා කරන්නේ”යැයිද ප්‍රබල දේශපාලනඥයෙක් සඳහන් කර තිබිණ. මේ අතර එම මන්ත්‍රීවරුන් දහසය දෙනාගේ කණ්ඩායම දැනටමත් වෙනම පක්‍ෂ කාර්යාලයක් පවත්වාගෙන යාමට ද  තීන්දු කර ඇත. ආරංචි මාර්ග සඳහන් කළේ එම මන්ත්‍රීවරුන් දහසය දෙනා අතර සිටින නීතිඥයන්ද එක්ව නීතිඥ කණ්ඩායමක් ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට තීන්දු කර ඇති බවය. සුසිල් ප්‍රේමජයන්ත සහ  ඩිලාන් පෙරේරා නීතිඥයන් වන අතර ඔවුන්  එම කණ්ඩායමේ පෙරමුණ ගැනීමට නියමිතය.


එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංස්කරණ කටයුතු අනුව ඉකුත්දා නිලධාරීන් ගණනාවකට නව පත්වීම් පිරිනමා තිබිණ. එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත්තේ පක්‍ෂ සංවිධානය ශක්තිමත් කරලීමේ කාර්ය භාරය වඩාත් සාර්ථකව කිරීම සඳහා සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙතම නිශ්චිත වගකීම්  පැවරීමටය. ඒ අනුව නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත්තේ ඉදිරි මැතිවරණවලට මුහුණදීම සහ පක්‍ෂය ගොඩනැගීම ආදී කටයුතුවල වගකීම මන්ත්‍රීවරුන් වෙත පැවරීමටය.

කැබිනට් මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා අදහස් දක්වා තිබිණ.

“සරල ජනාධිපතිවරයාට විද්‍යාත්මක පදනමකින් යුත් කැබිනට් මණ්ඩලය පත් කරන්න අවුරුදු තුනක්ම ගියා. හැබැයි මේ විද්‍යාත්මක පදනම සහිත කැබිනට් මණ්ඩලයක් එක්ක එතුමාට ජනාධිපති පුටුවෙ ඉන්න තියෙන්නේ තව මාස 15ක් පමණයි. හැමදාම ඇමැති කුට්ටම අන අනා  ඉන්නේ නැතිව  දැන්වත් මේ රටට වැඩක් කරන්න යැයි මම ආණ්ඩුවට කියනවා. 

අද රට අර්බුද ගණනාවකට මුහුණදීලා ඒවා වසන් කරන්න දවසින් දවස එක එක නාඩගම් රඟ දක්වනවා. අලුත්ම නාඩගම තමයි ඇමැති මණ්ඩල නාඩගම. ඒකත් ඔන්න දැන් රඟදක්වලා ඉවරයි. මම නම් කියන්නේ ඇමැති මණ්ඩලය පමණක් නෙවෙයි මුළු ආණ්ඩුවම වෙනස් වෙන්න ඕනේ.” යැයිද ප්‍රසන්න රණතුංග කීවේය.

 ඒකාබද්ධ විපක්‍ෂය තුළ ද දැන් දැන් අර්බුද හටගෙන තිබේ. විශේෂයෙන් ඒකාබද්ධ විපක්‍ෂය විමල් වීරවංශගේ පිළ සහ බැසිල් රාජපක්‍ෂගේ පිල යනුවෙන් පිල් දෙකකට බෙදී එම අර්බුදයට මුල පුරා ඇතැයිද

 අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන් බැසිල් රාජපක්‍ෂ ගන්නා තීන්දු තීරණවලට විමල්ගේ පාර්ශවය යම් යම් විරෝධතා දක්වන බව ද පැවසේ. විමල් වීරවංශට හිතවත් පිරිස් ලකුණු දමා ගැනීමේ චේතනාවෙන් විරෝධතා දක්වන අතර අනෙක් පිරිස ද බැසිල්ගෙන් ලකුණු දමා ගැනීමේ චේතනාවෙන් ඒවාට ප්‍රතිචාර දක්වන්නට පටන්ගෙන ඇතැයිද දැනගන්නට තිබේ. ඒකාබද්ධ විපක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කළේ එම ගැටුම දුරදිග යාමේ ප්‍රවණතාවයක් පවතින බවය. 

දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක් වීමේ අරමුණින් නව දේශපාලන පක්‍ෂයක් ගොඩනැගීමේ කටයුතු මහ ඇමැති විග්නේෂ්වරන් විසින් ආරම්භ කරමින් තිබේ. විශේෂයෙන් මහ ඇමැතිවරයාට සහාය දැක්වීමට තවත් උතුරේ දේශපාලන පක්‍ෂ කිහිපයක්ම සූදානමින් සිටින බව ද පැවසේ. මහ ඇමැති විග්නේෂ්වරන් සඳහන් කර ඇත්තේ ඉදිරි සියලු  මැතිවරණවලට තමන්ගේ පක්‍ෂය තරග කරන බවය.  ඒ අනුව දෙමළ ජාතික සන්ධානයට කෙරෙන අභියෝගය උතුරේ දේශපාලන බලය අල්ලා ගැනීමත් අපේක්‍ෂාව බවද විග්නේෂ්වරන් සඳහන් කර තිබේ. 

ඒකාබද්ධ විපක්‍ෂය තවත් අලුත් ගැටලුවකට මැදි වී තිබේ. ඒ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය බාර ගැනීම සම්බන්ධයෙනි. ඒකාබද්ධ විපක්‍ෂයේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි මන්ත්‍රීවරුන් පිරිසකගේ අදහස වී ඇත්තේ විපක්‍ෂ නායක ධුරය ලබා නොගැනීමටය. එහෙත් ඒකාබද්ධ මන්ත්‍රීවරුන් පිරිසක් දිගින් දිගටම විපක්‍ෂ නායක ධුරය ලබා ගැනීමේ සටනක නිරත වී තිබේ. පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ගැටලු ගොඩක පැටලී සිටින බවය. ඒකාබද්ධ විපක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කර ඇත්තේ දැනටමත් පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයා ලෙස කටයුතු කරන දිනේෂ් ගුණවර්ධනට විපක්‍ෂ නායක ධුරය ලබා දීමටය. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබලයකු ඊට තදින් විරුද්ධ වී තිබේ. “කොහේවත් ඉන්න කෙනෙක්. ශ්‍රීලනිපයේ නොවන කෙනෙක්. එතුමාට විපක්‍ෂ නායකකම දෙන්නද කියන්නේ” යැයි එම ප්‍රබල දේශපාලනඥයා සිය ඥාති දේශපාලනඥයාට බැන වැදී තිබේ. මේ අතර එම දේශපාලන කතාබහ සියල්ල මේ වන විට දිනේෂ් ගුණවර්ධන ද දැනගෙන ඇතැයි පැවසේ. කෙසේ නමුත් දිනේෂ් ගුණවර්ධනගේ අදහස හා වුවමනාව වී ඇත්තේ විපක්‍ෂ නායක ධුරය ලබා ගැනීමටය. මේ අතර දැනට විපක්‍ෂ නායක ධුරය දරන ආර්. සම්පන්දන්ට එම ධුරය අහිමි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. තවත් දේශපාලන ආරංචි මාර්ගයකින් කියැවුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ විපක්‍ෂ නායක ධුරයක කටයුතු කිරීමට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා දැඩි අකමැත්තක් ප්‍රකාශ කරන බවය. කෙසේ නමුත් විපක්‍ෂ නායක ධුරය ලබා ගැනීමේ තවත් තර්කයක් වී ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දහසය දෙනා ද ඒකාබද්ධ විපක්‍ෂයට එකතු වීම නිසා ඒකාබද්ධ විපක්‍ෂයේ ගොඩ වැඩි වී තිබීමය. එහෙත් තවත් පිරිසක් තර්ක කරනුයේ එම මන්ත්‍රීවරුන් දහසය දෙනා තවදුරටත් ශ්‍රීලනිපයේ සිටින හෙයින් හා ඒකාබද්ධ විපක්‍ෂයට එකතු වන බවත් ප්‍රකාශ කර නැති හෙයින් ඒකාබද්ධ විපක්‍ෂයේ ගොඩ වැඩි වී නැති බවය.

මෙවර ලෝක කම්කරු දින සැමරුම් පැවැත්වීම තරමක් දියාරු වී යන සෙයක් පෙන්නුම් කරන්නේ යැයි වෘත්තීය සමිති නායකයෝ පවසති. වෙසක් උත්සවය නිසා මැයි පළමුවැනිදා පෙළපාලි හා රැලි තහනම් වූ හෙයින් ඇතැම් පක්‍ෂ ඉතා සුළුවට පෙළපාලියක් දෙකක් කොළඹ දී සංවිධානය කර තිබිණ. ආණ්ඩුවේ තහනම හා කොළඹ මහ නගර සභාවෙන් ක්‍රීඩාපිටි ලබානොදීම නිසා පෙරටුගාමි සමාජවාදී පක්‍ෂය කොළඹ කොටුව දුම්රිය පොළ අසල දී රැලිය පැවැත්වීය. රැලියට පෙර ඔවුන් කොළඹදී පෙළපාලියක් ද පැවැත්විය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ මැයි පළමුවැනිදා යාපනයේදී මැයි දින සැමරුමක් පැවැත්විණ.

 ජවිපෙ නායකයන්ගේ සහභාගිත්වයෙන් යාපනය රක්කා පාරේ චුණ්ඩික්කුලි ක්‍රීඩාපිටියෙන් පෙළපාලිය ආරම්භ කළ අතර මැයි දින රැලිය යාපනය නගරසභා පිටියේදී පැවැත්විණි. පෙළපාලිය ආරම්භ කර සුළු මොහොතකින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ජවිපෙ මැයි පෙළපාලියට එක් විය. ඔහු දෙමළ ජාතික සන්ධානයේ මැයි දින සැමරුමට යමින් සිටි අතර ජවිපෙ පෙළපාලිය දැක සිය වාහනය නතර කොට ජවිපෙ නායක අනුර දිසානායක සමඟ පෙළපාලියේ ටික දුරක් ගමන් කොට මැයි දින සැමරුමට සුභපතා පිටත්ව ගියේය.

යාපනයේදී පැවැත් වූ ජවිපෙ මැයි දින සැමරුම සඳහා විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූයේ ඉන්දීය කොමියුනිස්ට් පක්‍ෂයේ (මාක්ස්වාදී) මධ්‍යම කාරක සභික සමස්ත ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනයේ තමිල්නාඩු ප්‍රාන්ත සභාපති ඒ. සවුන්දර් රාජන්ය. මීට අමතරව යාපනය හස්ත කර්මාන්ත සංගමයේ සභාපතිවරයා, සුළු ජාතික දෙමළ සංගමයේ ලේකම්, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සාමිනාදන් විමල් ඇතුළු ධීවර සමිති නායකයන්, වෘත්තීය සමිති නායකයන්, ගොවි සමිති නායකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. යාපනයේ පැවැති එකම මැයි දින පෙළපාලිය වූයේ ජවිපෙ සංවිධානය කළ මැයි දින පෙළපාලිය වීම විශේෂත්වයක් විය. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ඒ. සවුන්දර් රාජන් ජවිපෙ මැයි දින පෙළපාලිය හා රැලිය පිළිබඳව ඉතා ප්‍රශංසනාත්මකව කතා කළේය. ඔහු කියා සිටියේ ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කළ හැක්කේ ජවිපෙට පමණක් බවයි. මේ අතර ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ ජාතික භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් රූපවාහිනි සංවාදයකදී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාට ජවිපෙ යාපනය මැයි දින සැමරුමක් පැවැත්වීම පිළිබඳව ජවිපෙට ස්තුතිය පළ කළේය. “ජාතික සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ජවිපෙ ගත්ත එම ක්‍රියාමාර්ගය ගැන අපි සතුටු වෙනවා” ඇමැතිවරයා රූපවාහිනී සංවාදය තුළද ඒ පිළිබඳව මතක් කළේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ පසුගියදා වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ. මෙහිදී ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල සංශෝධනය සහ 20 වැනි සංශෝධනය පිළිබඳව විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කරනු ලබන චෝදනා පිළිබඳව අවධානයට ලක්විය. “රටේ ජනතාවට ජනාධිපතිවරයා එක එක වෙලාවේ එක එක දේවල් කියනවා. කැබිනට් එක විද්‍යාත්මකව හදනවා කියලත් ජනාධිපතිවරයාම කිවුවා. ඒත් දැන් වෙලා තියෙන්නේ ඔළුගෙඩි මාරුවක් විතරයි. දුමින්දගේ ඇමැතිකම මහින්ද අමරවීරට දීලා. අමරවීරගෙ ඇමැතිකම සොයිසට දීලා. සොයිසගෙ ඇමැතිකම දුමින්දට දීලා. මේක කොහොමද විද්‍යාත්මක වෙන්නේ” විජිත හේරත් කීවේය. “මොන විද්‍යාවක්ද? මෛත්‍රී කණ්ඩායමේ කට්ටිය ආණ්ඩුවෙන් ඉවත් වුණාට පස්සේ ඇමැතිකන් ටික කාට කාට හරි දෙන්න කැබිනට් සංශෝධනයක් ඕන වුණා. ඒකට විවිධ කතා කිවුවා. අන්තිමේදී කැබිනට් එකෙන් අයින් කරපු අයටත් ඇමැතිකම් දීලා. දෙන අයට ලැජ්ජත් නැහැ. ගන්න අයට ලැජ්ජත් නැහැ” සුනිල් හඳුන්නෙත්ති කීවේය. “විද්‍යාත්මකව ඇමැති ධුර බෙදනවනම් මේ තරම් ඇමැතිකම් දෙන්න ඕන නැහැ. කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් කියලා තිබුණ අමාත්‍යාංශය දැන් කීයකට කඩලද? අපි අමාත්‍යාංශය කරන කොට ඇමැතියි නියෝජ්‍ය ඇමැතියි විතරයි. දැන් ඒකට ඇමැතිලා 10ක් විතර ඉන්නවා. මේ ආණ්ඩුවට විද්‍යාත්මකව වැඩක් කරන්න පුළුවන්ද කියලා තේරුම් ගන්න පුළුවන් විද්‍යා හා තාක්ෂණ ඇමැතිකම දුන්න එකෙන්ම. ඒක දීලා තියෙන්නේ ලක්ෂ්මන් සෙනෙවිරත්නට. අන්තිමට ආණ්ඩුවේ අර්බුදය වහගන්න ගෙනාපු සංශෝධනයෙන් අර්බුදය තවත් වැඩිවෙනවා.” ලාල් කාන්ත කියා සිටියේය. “ගෑස් මිල වැඩිවෙලා. රුපියල බාල්දු වෙලා ආනයන භාණ්ඩ මිල වැඩිවෙනවා. උපාධිධාරීන් මහ පාරේ මේවට ආණ්ඩුවේ උත්තර නැහැ” ටිල්වින් කීවේය. 

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ තවත් මැයි රැලියක් කොළඹ දී පැවැත්වීමට තීරණය කර තිබේ. වෙනදා කොළඹ කැම්බල් පිටියේ මැයි රැලිය පවත්වන්නේ එජාපය වන නමුත් මෙවර එජාපය කැම්බල් පිටිය අතහැර සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයට යෑමට තීන්දු කර තිබේ. එමනිසා කැම්බල් පිටියෙන් පෙළපාලිය ආරම්භ කිරීමටත් එය බී.ආර්.සී. පිටියෙන් අවසන් කිරීමටත් ජනතා විමුක්ති පෙරමුණ පියවර ගෙන තිබේ. ඒ අනුව ජවිපෙ එකම වසරේ මැයි දින සැමරුම් දෙකක් පැවැත්වීම ද විශේෂත්වයකි.

 



අදහස් (1)

දහසයේ කණ්ඩායමේ ඉලක්කය

Thushara Wednesday, 23 May 2018 08:28 AM

ජනතාව බලාපොරෙත්තු වන්නේ ඔය කිසි දෙයක් නෙවෙයි මහත්තයෝ....නිදහසේ ජීවත් වෙලා කන බොන දේ අඩුවට අරගෙන ජීවිතේ ලස්සනට ගත කරන්න ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම මහජනයාගේ මුදල් වලින් යාහන වාහන ගන්නවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 150 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 16 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 146 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 185 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 134 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 187 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site