IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


දළදා කරඬුව වැඩමවා ආපසු පැමිණි ඇත් රජුට මග දිගට හරසර

27-Page-11-M--(1) 27-Page-11-M--(2) 27-Page-11-M--(3) 27-Page-11-M--(4) 27-Page-11-M--(5) 27-Page-11-M--(7)

 

අඛණ්ඩවම එකොළොස්වැනි වරටත් දළදා කරඬුව වැඩම කරවු නැඳුන්ගමුවේ රාජා පෙරහැර කටයුතු අවසන් කරමින් පසුගිය 23 වැනි දින යළි ගම රට බලා පැමිණි අතර අන් කවරදාටත් වඩා රාජාට මෙවර මහනුවර සිට ගම්පහට පැමිණෙන පා ගමනේදී ජනතා ප්‍රතිචාර ලැබුණි. ඒ අතර රාජාට උපහාර පිදෙන උත්සව ගණනාවක්ම සංවිධානය කර තිබිණි.


 මෙවර රාජාට ලැබුණු ජනතා පිළිගැනීම් නිසා මිට පෙර දින 05 කින් පැමිණෙන ගමනට දින හයක් ගතවී තිබේ. දළදා පෙරහැර දැක බලා ගන්නට මහනුවරට යාමට නොහැකි වූ ජනයා මගරැක සිට රාජාට ගරු බුහුමන් දැක්වූයේ රාජා ඉදිරියට ගොස් වැඳ නමස්කාර කරමිනි. ජනතාවගෙන් තමාට ලැබෙන ප්‍රතිචාර සත්කාර හා නමස්කාරය රාජා බැති සිතින් පිළිගත්තේය. කිසිදු කලබලයක් නොකර ඒ ප්‍රතිචාර ඉවසිලිවන්තව පිළිගත්තේය. දින පහක් තිස්සේ මහනුවරට පා ගමනින් ගොස් පෙරහැර මංගල්‍යයට සහභාගි වී අනතුරුව දින හයක් පා ගමනින් පැමිණ ඉතා වෙහෙසට පත්ව සිටින ජීවිතයේ සැදෑසමය ගත කරමින් සිටින රාජා හස්තියාට අඛණ්ඩව සිදුකෙරෙන ආශිර්වාද පිංකම සිදුකරනු ලබන්නේ යක්කල වික්‍රමාරච්චි වෛද්‍ය විදුහල අසලදීය. රාජාගේ හිමිකරුවා වන වෛද්‍ය හර්ෂ ධර්මවිජය රාළහාමිද සේවය කරනු ලබන්නේ මෙම රෝහලේය. එහි වෛද්‍යවරුන් හා සේවක මණ්ඩලය වාර්ෂිකව මෙම පිංකම සංවිධානය කරති.


හැවනිවල පුරාණ විහාරය ප්‍රමුඛ කරගත් අවට විහාරස්ථානවල මහා සංඝරත්නය මෙහිදී රාජාට ආශිර්වාද කර පිරිත් දේශනා කරති. මහා සංඝරත්නය ඉදිරියේදී රාජා සාවධානව පිරිත් ශ්‍රවණය කරයි. අනතුරුව රාජාගේ දළ, ගෙල හා ශරීරයෙහි මහා සංඝරත්නය විසින් පිරිත් නූල් ගැට ගසා ආශිර්වාද කරති.
පසුව රාජා හස්තියාට ආහාර සංග්‍රහයක් පැවැත්වෙයි. එදින රාජාට ලබා දීමට පළතුරු, එළවළු වර්ග රැසක් එම ස්ථානයට රැගෙනවිත් තිබුණද ඉතා පිළිවෙළකට අනුව රාජා ඉන් ස්වල්පයක් පමණක් ආහාරයට ගන්නා අයුරු දක්නට ලැබිණි. සංකේතාත්මකව පමණක් එහිදී ආහාරය ගන්නා රාජා පසුව කරන්නේ අපූර්ව ක්‍රියාවකි. ඇත්ගොව්වන්ගේ හෝ කිසිවකුගේ නියමයකින් හෝ දැනුම්දීමකින් තොරව තමන් ඉදිරිපස සිටින මහා සංඝරත්නයට පිටුපස නොහරවා පසුපසට ගමන් කිරීම රාජා ගේ සිරිතයි. රාජා මහා සංඝරත්නයට කරනු ලබන මේ ගෞරවණීය ක්‍රියාව දැක බලා ගන්නට එම ස්ථානයට විශාල පිරිසක් රැස්වෙති. රාජා පිටුපසට ගමන් කරන විට ඇත්ගොව්වන් ද සිටියේ එම ස්ථානයෙන් මඳක් ඈත්වය. පසුපසට ගමන් කර ප්‍රධාන මාර්ගයට පැමිණ එහි ගමන් කරන වාහනවලටද අවහිරයක් නොවන පරිදි පසෙකට වී තම ඇත්ගොව්වන් පැමිණෙන තුරු රාජා නැවතී සිටියි.


නැඳුන්ගමුවේ රාජාට  උපහාර උත්සවයක් නැඳුන්ගමුව ගම්වාසීන්ද සංවිධානය කර තිබිණි. ඒ ඉතිහාසයේ පළමු වරටය. මෙම උපහාර උත්සවය වාර්තා කරන්නට ගිය අපට එම ස්ථානයට යන්නට අපහසු වන පරිදි ජනතාව අතිවිශාල සංඛ්‍යාවක් රැස්ව සිටියහ. රතුපස්වල ජල සටන පැවැති සමයේදීවත් මෙතරම් සෙනඟක් මෙම ගම්වලින් එකතු වූවාදැයි සැක සිතෙන තරමට එම උපහාර උත්සවයට ජනතාව සහභාගීව සිටියහ.


එහිදී රාජාට මල්මාලා පලදා පිළිගත් ජනතාවත්, රාජාට පිරිත් දේශනා කළ මහා සංඝරත්නයත් රාජාට ආශිර්වාද කළහ. ඇත්ගොව්වන් වන වින්සන් කොඩිතුවක්කු සහ ඉන්දික ජයසිංහ යන මහත්වරුන්ට ත්‍යාග මෙන්ම උපහාර තිළිණද ප්‍රදානය කෙරිණි.


“ඉරිදා ලංකාදීපය” මගින් රාජා පිළිබඳව පළකළ රසවත් කතා පෙළ රටේ සියලු ජනතාවගේ ගෞරවාදරයට පත්ව තිබිණි. ජනතා ආදරය රාජාට ලැබුණා සේම රාජ්‍ය මැදිහත්වීමෙන් දැඩි ආරක්ෂාවක් ද රාජාට ලැබිණි. මුලදී රාජාට ලබා දුන් පොලිස් නිලධාරින් දෙදෙනෙක් සහ හමුදා නිලධාරින් දෙදෙනකුගේ ආරක්ෂාව තවත් වැඩිකර තිබේ. පොලිසියේ ආරක්ෂාවට අමතරව මේ වන විට රාජාට හමුදාවේ භටයින් දහදෙනෙකුගේ ආරක්ෂාව ලැබී තිබේ. ඒ හමුදා රථයක්ද සමගය. වේයන්ගොඩ හමුදා කඳවුරෙන් මුදාහළ යුද හමුදා විරුවන් දස දෙනෙකුගේ ආරක්ෂාව මේ මහා ජාතික වස්තුවට ලබාදීම සැබැවින්ම අප ලද මහා ජයග්‍රහණයකි.

m

 



අදහස් (0)

දළදා කරඬුව වැඩමවා ආපසු පැමිණි ඇත් රජුට මග දිගට හරසර

කුමාර Monday, 29 August 2016 05:19 PM

තෙරුවන් සරණයි! (නි)

:       0       0

නලින්ත Tuesday, 30 August 2016 06:39 AM

දළදා සමිඳුගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා! (ර)

:       0       0

ප්‍රීති Friday, 16 September 2016 02:08 PM

මේ වගේ පින්වත් සතෙක් දිහා බලාවත් අවාසනාවන්ත මිනිසුන් ලෙස අහිංසක සතුන්ට කරන හිංසාවන් නවතීවා. ඇත රජුනි, ඔබට දළදා සමිඳු පිහිට ලැබේවා! (නි)

:       0       0

දෙව්මිත් Thursday, 01 September 2016 05:42 AM

ඔබට දීර්ඝ කාලයක් මෙය කිරීමට වාසනාව ලැබේවා! ලංකාදීප පුවත්පතටත් බොභෝම පින්! (නි)

:       0       0

බුද්ධිකා රාජපක්ෂ Tuesday, 30 August 2016 08:07 AM

බුදුසරනි ඇත් රජුණි ඔබට !

:       0       0

පියල් Friday, 02 September 2016 10:16 PM

ඔබට දීර්ඝායුෂ! (නි)

:       0       0

තිලක් Wednesday, 14 September 2016 06:12 AM

ඇත් රජුනි ඔබට දළදා සමිදු පිහිටයි (බ)

:       0       0

වීරවර්ධන Monday, 05 December 2016 06:46 AM

ඇත් රජුනි ඔබට සියලු දෙවි රැකවරණය ලැබේවා (බ)

:       0       0

අභිෂේක් Friday, 02 September 2016 12:14 PM

ඇත් රජුනි, ඔබ මහනුවර දළදා පෙරහරේ කරඬුව වැඩමවනවා මම සියැසින් දුටුවා (නි)

:       0       0

සෙනරත් Tuesday, 10 January 2017 10:08 AM

ඔබට දීර්ඝායුෂ! (නි)

:       0       0

මහින්ද Tuesday, 06 September 2016 02:39 AM

ඇත් රජුනි, ඔබට සම්මා සම්බුදු සරණයි! (නි)

:       0       0

ලොසත් Wednesday, 31 August 2016 03:05 AM

මහා පින් ඇති අත් රජෙක්ය. මිනිසුන් වූ අපටවත් උතුම් දළදා වහන්සේ හිස මත තබා ගැනීමට වාසනාව නොමැත. ඇත් රජුනි ඔබට සම්මා සම්බුදු සරණි. (ම)

:       0       0

අනුරාධ Monday, 29 August 2016 11:11 AM

පින්වත් හස්ති රාජයාණන්ට ශ්‍රී දළදා සමිඳුගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා! (බ)

:       0       0

බණ්ඩාර Friday, 02 September 2016 05:28 AM

රටේ වාසනාවට උපන් පින්වන්ත හස්ති රජෙක්.(හේ)

:       0       0

සේරම් Monday, 02 January 2017 09:39 AM

රසික, ඔබ වැනි අයගේ අඩුව තමයි ලංකාවට එකම පාඩුව. ඔබ වැනි ගෝත්‍රිකභාවයෙන් මිදුණු නිදහස් මනසක් තිබීම පිනක්.

:       0       0

එරන්ද Tuesday, 13 September 2016 05:31 AM

රසික, ඒ කැළලක් නොවේ. අලි ඇතුන්ට වයසට යනවිට හැදෙන කබර විශේෂයක්. අවබෝධයෙන් ලෝකය දෙස බලන්න. එවිට සුන්දරව පෙනේවි. (නි)

:       0       0

මදුසංක Monday, 05 September 2016 07:29 AM

ඇත් රජුනි, ඔබට තුණුරුවන්ගේම පිහිටයි! (ර)

:       0       0

පේමසීලි Wednesday, 07 September 2016 01:54 AM

ඇත් රජුනි, තෙරුවන් සරණින් චිරාත් කාලයක් මෙම පුණ්‍යකර්මය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා.

:       0       0

ශාන් Monday, 29 August 2016 01:02 PM

පින්වත් හස්ති රාජයාණන්ට ශ්‍රී දළදා සමිඳුගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා! (හේ)

:       0       0

පියුමිකා Thursday, 01 September 2016 03:16 PM

තිරිසන් සත්ත්වයෙක් වුණත් මේ සතා මහා පින්වන්තයෙක්! (නි)

:       0       0

කමණි Saturday, 04 February 2017 07:36 AM

ඇත් රජුනි, ඔබට දළදා සමිඳුගේ පිහිට ලැබේවා! (නි)

:       0       0

ධම්ම Sunday, 04 September 2016 04:35 AM

රසික පළමුව ඔබේ මනසේ ඇති එන්ජීඕ කැළැල්, කුණුකන්දල් පිරිසිදු කරගන්න. දෙවැනිව ලෝකය දෙස බලන්න (බ)

:       0       0

නුවන් වීරරත්න Monday, 07 November 2016 10:16 AM

,,,,,,,,මහා පින් ඇති අැත් රජෙක්ය,,,,,,,,,. මිනිසුන් වූ අපටවත් උතුම් දළදා වහන්සේ හිස මත තබා ගැනීමට වාසනාව නොමැත,,,,,,,,,,,,. ඇත් රජුනි ඔබට සම්මා සම්බුදු සරණි.,,,,,,,,(ම)

:       0       0

ෂෙහාන් Friday, 02 September 2016 06:23 AM

අපේ ජාතක කතා වස්තුවල එන චරිත සහ එම කතා සියල්ල ඇත්තක් බව වැටහ ගැනීමට තවත් සාක්ෂි මොකටද? (හේ)

:       0       0

බණ්ඩාර Friday, 02 September 2016 06:40 AM

අපිට මෙය සම්පතක්.(හේ)

:       0       0

ප්‍රසන්න ඉඳුනිල් Saturday, 03 September 2016 09:05 AM

අපේ රටේ වර්තමානයේ ජාතික වස්තුවක් බදු හස්ති රාජයාණෙනි!......... නිදුක් නිරෝගී, දීර්ගෞෂ ලැබේවා . දළදා හිමි සරණ ලැබේවා............. (රේ)

:       0       0

ගුණවර්ධන Wednesday, 14 September 2016 02:22 AM

සතෙක් වුණත් හැසිරීම කොතරම් උතුම් ද රමනීයද මිනිස්සුන්ට හොඳ ආදර්ශයක්! අර විමල් උන්නැහෙත් මේවා බැලුවනම් දෙයක් ඉගෙන ගන්න තිබුණා (ම)

:       0       0

බාලසූරිය ජයලත් Wednesday, 31 August 2016 01:28 PM

පින්වත් ඇත් රජුනි . ඔබට සම්මා සම්බුදු සරණයි (බ)

:       0       0

රසික Thursday, 01 September 2016 04:16 AM

අන්තිම ඡායාරුපයේ ඇතාගේ පිටුපස කකුලෙහි කැළැල් ඔබ දුටුවාද? (බ)

:       0       0

මලකි Friday, 23 September 2016 01:54 PM

මේ ඇත් රාජයාණන්ට කරන සැළකීමක්, උපහාරයක් ලෙස අනෙකුත් අලින්ට කරන විනාශය නතර කරන්න (නි)

:       0       0

හර්ෂ Sunday, 04 September 2016 10:52 PM

රාජා ඇත් රජුනි, ඔබට තුණුරුවන්ගේම පිහිටයි! (නි)

:       0       0

වීරසේන Sunday, 04 September 2016 11:04 PM

තව වසර ගණනාවක් මෙම කටයුත්ත කිරීමට ශක්තිය ලැබේවා! දීර්ඝායුෂ ලැබේවා (නි)

:       0       0

ලීනා Wednesday, 19 October 2016 01:15 AM

රසික, ලොව දෙස විවෘතව බලන්න. වටිනා දෙය අගය කරන්න. අලියාගේ සම කබර සහිතවීම සාමාන්‍ය දෙයක්. (නි)

:       0       0

තරිදු Thursday, 01 September 2016 10:46 AM

ඇත් රජුනි ඔබට සම්මා සම්බුදු සරණයි (හේ)

:       0       0

අසේල Thursday, 01 September 2016 10:40 AM

කිසිම කරදරයක් නැති ඇත් රජෙකි.(හේ)

:       0       0

ආරියසේන Thursday, 01 September 2016 10:40 AM

හොඳ ලිපියක්.(හේ)

:       0       0

විජායි Sunday, 11 September 2016 11:02 AM

ඇත් රජුනි, ඔබට තුණුරුවන්ගේම පිහිටයි.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 489 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 89 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 997 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 127 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 170 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 432 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 713 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 354 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 502 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site