අඛණ්ඩවම එකොළොස්වැනි වරටත් දළදා කරඬුව වැඩම කරවු නැඳුන්ගමුවේ රාජා පෙරහැර කටයුතු අවසන් කරමින් පසුගිය 23 වැනි දින යළි ගම රට බලා පැමිණි අතර අන් කවරදාටත් වඩා රාජාට මෙවර මහනුවර සිට ගම්පහට පැමිණෙන පා ගමනේදී ජනතා ප්‍රතිචාර ලැබුණි. ඒ අතර රාජාට උපහාර පිදෙන උත්සව ගණනාවක්ම සංවිධානය කර තිබිණි.
මෙවර රාජාට ලැබුණු ජනතා පිළිගැනීම් නිසා මිට පෙර දින 05 කින් පැමිණෙන ගමනට දින හයක් ගතවී තිබේ. දළදා පෙරහැර දැක බලා ගන්නට මහනුවරට යාමට නොහැකි වූ ජනයා මගරැක සිට රාජාට ගරු බුහුමන් දැක්වූයේ රාජා ඉදිරියට ගොස් වැඳ නමස්කාර කරමිනි. ජනතාවගෙන් තමාට ලැබෙන ප්‍රතිචාර සත්කාර හා නමස්කාරය රාජා බැති සිතින් පිළිගත්තේය. කිසිදු කලබලයක් නොකර ඒ ප්‍රතිචාර ඉවසිලිවන්තව පිළිගත්තේය. දින පහක් තිස්සේ මහනුවරට පා ගමනින් ගොස් පෙරහැර මංගල්‍යයට සහභාගි වී අනතුරුව දින හයක් පා ගමනින් පැමිණ ඉතා වෙහෙසට පත්ව සිටින ජීවිතයේ සැදෑසමය ගත කරමින් සිටින රාජා හස්තියාට අඛණ්ඩව සිදුකෙරෙන ආශිර්වාද පිංකම සිදුකරනු ලබන්නේ යක්කල වික්‍රමාරච්චි වෛද්‍ය විදුහල අසලදීය. රාජාගේ හිමිකරුවා වන වෛද්‍ය හර්ෂ ධර්මවිජය රාළහාමිද සේවය කරනු ලබන්නේ මෙම රෝහලේය. එහි වෛද්‍යවරුන් හා සේවක මණ්ඩලය වාර්ෂිකව මෙම පිංකම සංවිධානය කරති.
හැවනිවල පුරාණ විහාරය ප්‍රමුඛ කරගත් අවට විහාරස්ථානවල මහා සංඝරත්නය මෙහිදී රාජාට ආශිර්වාද කර පිරිත් දේශනා කරති. මහා සංඝරත්නය ඉදිරියේදී රාජා සාවධානව පිරිත් ශ්‍රවණය කරයි. අනතුරුව රාජාගේ දළ, ගෙල හා ශරීරයෙහි මහා සංඝරත්නය විසින් පිරිත් නූල් ගැට ගසා ආශිර්වාද කරති.
පසුව රාජා හස්තියාට ආහාර සංග්‍රහයක් පැවැත්වෙයි. එදින රාජාට ලබා දීමට පළතුරු, එළවළු වර්ග රැසක් එම ස්ථානයට රැගෙනවිත් තිබුණද ඉතා පිළිවෙළකට අනුව රාජා ඉන් ස්වල්පයක් පමණක් ආහාරයට ගන්නා අයුරු දක්නට ලැබිණි. සංකේතාත්මකව පමණක් එහිදී ආහාරය ගන්නා රාජා පසුව කරන්නේ අපූර්ව ක්‍රියාවකි. ඇත්ගොව්වන්ගේ හෝ කිසිවකුගේ නියමයකින් හෝ දැනුම්දීමකින් තොරව තමන් ඉදිරිපස සිටින මහා සංඝරත්නයට පිටුපස නොහරවා පසුපසට ගමන් කිරීම රාජා ගේ සිරිතයි. රාජා මහා සංඝරත්නයට කරනු ලබන මේ ගෞරවණීය ක්‍රියාව දැක බලා ගන්නට එම ස්ථානයට විශාල පිරිසක් රැස්වෙති. රාජා පිටුපසට ගමන් කරන විට ඇත්ගොව්වන් ද සිටියේ එම ස්ථානයෙන් මඳක් ඈත්වය. පසුපසට ගමන් කර ප්‍රධාන මාර්ගයට පැමිණ එහි ගමන් කරන වාහනවලටද අවහිරයක් නොවන පරිදි පසෙකට වී තම ඇත්ගොව්වන් පැමිණෙන තුරු රාජා නැවතී සිටියි.
නැඳුන්ගමුවේ රාජාට උපහාර උත්සවයක් නැඳුන්ගමුව ගම්වාසීන්ද සංවිධානය කර තිබිණි. ඒ ඉතිහාසයේ පළමු වරටය. මෙම උපහාර උත්සවය වාර්තා කරන්නට ගිය අපට එම ස්ථානයට යන්නට අපහසු වන පරිදි ජනතාව අතිවිශාල සංඛ්‍යාවක් රැස්ව සිටියහ. රතුපස්වල ජල සටන පැවැති සමයේදීවත් මෙතරම් සෙනඟක් මෙම ගම්වලින් එකතු වූවාදැයි සැක සිතෙන තරමට එම උපහාර උත්සවයට ජනතාව සහභාගීව සිටියහ.
එහිදී රාජාට මල්මාලා පලදා පිළිගත් ජනතාවත්, රාජාට පිරිත් දේශනා කළ මහා සංඝරත්නයත් රාජාට ආශිර්වාද කළහ. ඇත්ගොව්වන් වන වින්සන් කොඩිතුවක්කු සහ ඉන්දික ජයසිංහ යන මහත්වරුන්ට ත්‍යාග මෙන්ම උපහාර තිළිණද ප්‍රදානය කෙරිණි.
“ඉරිදා ලංකාදීපය” මගින් රාජා පිළිබඳව පළකළ රසවත් කතා පෙළ රටේ සියලු ජනතාවගේ ගෞරවාදරයට පත්ව තිබිණි. ජනතා ආදරය රාජාට ලැබුණා සේම රාජ්‍ය මැදිහත්වීමෙන් දැඩි ආරක්ෂාවක් ද රාජාට ලැබිණි. මුලදී රාජාට ලබා දුන් පොලිස් නිලධාරින් දෙදෙනෙක් සහ හමුදා නිලධාරින් දෙදෙනකුගේ ආරක්ෂාව තවත් වැඩිකර තිබේ. පොලිසියේ ආරක්ෂාවට අමතරව මේ වන විට රාජාට හමුදාවේ භටයින් දහදෙනෙකුගේ ආරක්ෂාව ලැබී තිබේ. ඒ හමුදා රථයක්ද සමගය. වේයන්ගොඩ හමුදා කඳවුරෙන් මුදාහළ යුද හමුදා විරුවන් දස දෙනෙකුගේ ආරක්ෂාව මේ මහා ජාතික වස්තුවට ලබාදීම සැබැවින්ම අප ලද මහා ජයග්‍රහණයකි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත් රජුනි ඔබට දළදා සමිදු පිහිටයි (බ)
රසික පළමුව ඔබේ මනසේ ඇති එන්ජීඕ කැළැල්, කුණුකන්දල් පිරිසිදු කරගන්න. දෙවැනිව ලෝකය දෙස බලන්න (බ)
රාජා ඇත් රජුනි, ඔබට තුණුරුවන්ගේම පිහිටයි! (නි)
තව වසර ගණනාවක් මෙම කටයුත්ත කිරීමට ශක්තිය ලැබේවා! දීර්ඝායුෂ ලැබේවා (නි)
ඇත් රජුනි, ඔබට තුණුරුවන්ගේම පිහිටයි! (ර)
ඇත් රජුනි, ඔබට සම්මා සම්බුදු සරණයි! (නි)
ඇත් රජුනි, තෙරුවන් සරණින් චිරාත් කාලයක් මෙම පුණ්‍යකර්මය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා.
ඇත් රජුනි, ඔබට තුණුරුවන්ගේම පිහිටයි.! (ර)
රසික, ඒ කැළලක් නොවේ. අලි ඇතුන්ට වයසට යනවිට හැදෙන කබර විශේෂයක්. අවබෝධයෙන් ලෝකය දෙස බලන්න. එවිට සුන්දරව පෙනේවි. (නි)
සතෙක් වුණත් හැසිරීම කොතරම් උතුම් ද රමනීයද මිනිස්සුන්ට හොඳ ආදර්ශයක්! අර විමල් උන්නැහෙත් මේවා බැලුවනම් දෙයක් ඉගෙන ගන්න තිබුණා (ම)
අපේ රටේ වර්තමානයේ ජාතික වස්තුවක් බදු හස්ති රාජයාණෙනි!......... නිදුක් නිරෝගී, දීර්ගෞෂ ලැබේවා . දළදා හිමි සරණ ලැබේවා............. (රේ)
මේ වගේ පින්වත් සතෙක් දිහා බලාවත් අවාසනාවන්ත මිනිසුන් ලෙස අහිංසක සතුන්ට කරන හිංසාවන් නවතීවා. ඇත රජුනි, ඔබට දළදා සමිඳු පිහිට ලැබේවා! (නි)
මේ ඇත් රාජයාණන්ට කරන සැළකීමක්, උපහාරයක් ලෙස අනෙකුත් අලින්ට කරන විනාශය නතර කරන්න (නි)
රසික, ලොව දෙස විවෘතව බලන්න. වටිනා දෙය අගය කරන්න. අලියාගේ සම කබර සහිතවීම සාමාන්‍ය දෙයක්. (නි)
,,,,,,,,මහා පින් ඇති අැත් රජෙක්ය,,,,,,,,,. මිනිසුන් වූ අපටවත් උතුම් දළදා වහන්සේ හිස මත තබා ගැනීමට වාසනාව නොමැත,,,,,,,,,,,,. ඇත් රජුනි ඔබට සම්මා සම්බුදු සරණි.,,,,,,,,(ම)
ඇත් රජුනි ඔබට සියලු දෙවි රැකවරණය ලැබේවා (බ)
රසික, ඔබ වැනි අයගේ අඩුව තමයි ලංකාවට එකම පාඩුව. ඔබ වැනි ගෝත්‍රිකභාවයෙන් මිදුණු නිදහස් මනසක් තිබීම පිනක්.
ඔබට දීර්ඝායුෂ! (නි)
ඇත් රජුනි, ඔබට දළදා සමිඳුගේ පිහිට ලැබේවා! (නි)
ඇත් රජුනි ඔබට සම්මා සම්බුදු සරණයි (හේ)
පින්වත් හස්ති රාජයාණන්ට ශ්‍රී දළදා සමිඳුගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා! (හේ)
තෙරුවන් සරණයි! (නි)
දළදා සමිඳුගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා! (ර)
බුදුසරනි ඇත් රජුණි ඔබට !
මහා පින් ඇති අත් රජෙක්ය. මිනිසුන් වූ අපටවත් උතුම් දළදා වහන්සේ හිස මත තබා ගැනීමට වාසනාව නොමැත. ඇත් රජුනි ඔබට සම්මා සම්බුදු සරණි. (ම)
පින්වත් ඇත් රජුනි . ඔබට සම්මා සම්බුදු සරණයි (බ)
අන්තිම ඡායාරුපයේ ඇතාගේ පිටුපස කකුලෙහි කැළැල් ඔබ දුටුවාද? (බ)
ඔබට දීර්ඝ කාලයක් මෙය කිරීමට වාසනාව ලැබේවා! ලංකාදීප පුවත්පතටත් බොභෝම පින්! (නි)
පින්වත් හස්ති රාජයාණන්ට ශ්‍රී දළදා සමිඳුගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා! (බ)
කිසිම කරදරයක් නැති ඇත් රජෙකි.(හේ)
හොඳ ලිපියක්.(හේ)
තිරිසන් සත්ත්වයෙක් වුණත් මේ සතා මහා පින්වන්තයෙක්! (නි)
රටේ වාසනාවට උපන් පින්වන්ත හස්ති රජෙක්.(හේ)
අපේ ජාතක කතා වස්තුවල එන චරිත සහ එම කතා සියල්ල ඇත්තක් බව වැටහ ගැනීමට තවත් සාක්ෂි මොකටද? (හේ)
අපිට මෙය සම්පතක්.(හේ)
ඇත් රජුනි, ඔබ මහනුවර දළදා පෙරහරේ කරඬුව වැඩමවනවා මම සියැසින් දුටුවා (නි)
ඔබට දීර්ඝායුෂ! (නි)