අසිරිමත් නත්තල අදින් උදා වේ. ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත ජනතාව ඉමහත් බැතියෙන් මෙන්ම අපමණ ප්‍රීතියෙන් නත්තල සමරති. ඒ, තමන්ගේ මනුෂ්‍ය ආත්මභාවයේ ගැලවුම්කරුවා බෙත්ලෙහෙමේ ගවලෙනක ඉපදුණු සතුටය. නත්තල අප රටේ එක් විචිත්‍රවත් සංස්කෘතිකාංගයකි. එහෙයින්, කිතුනු ජනයා පමණක් නොව සෑම ආගමකටම අයත් ජනයා උත්සවශ්‍රීයෙන් නත්තල සමරති. ජේසුස් වහන්සේගේ උප්පත්තිය සම්බන්ධ ශුභාරංචියෙන් ඉපිලෙමින් නත්තල සමරන ඒ ජනී ජනයා සමග ලංකාදීපය ද මෙසේ සාදරයෙන් එක්වේ.
අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමෝ සුවිශේෂී ප්‍රකාශයක් ඉකුත්දා කළහ. එනම්, “මෙවර නත්තල දුගියා සමරන්න” යනුවෙනි. මෙය මෙම යුගයට අවැසි ඉල්ලීමකි. දුකෙන් පෙළෙන ජනයා වෙනුවෙන් කෙරුණු සානුකම්පිත හා මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ඉල්ලීමකි.
සත්‍ය වශයෙන්ම රටේ බහුතරයක් ජනයා බලවත් පීඩාවෙන් කල් ගෙවති. දෙතුන් වසරක් පුරා කැළැතෙමින් තිබූ ආර්ථික අර්බුද වගුර දැන් වාන් දමමින් තිබේ. මෙම පරිසරය තුළ ද බොහෝ යස ඉසුරින් පිරුණ දිවි ගෙවන රන් බඳුන්වල රජ බොජුන් වළඳන පිරිස් ද සිටිති. එමෙන්ම, වේලෙන් වේලට අලුත් වන බඩගින්න නිවා ගන්නේ කෙසේ දැයි හූල්ලමින් කල දවස ගෙවා දැමීමේ දුෂ්ට ඉරණමට යටත්වූ පිරිස අතිවිශාලය. ගිනි කෙළි!යක් බවට ජීවිත පත් වූ ජනයාට සැණකෙළි ඇවැසිම නැත.
කිතුනු දහමේ පදනම මානව ප්‍රේමය වේ. “අසල්වැසියාට ප්‍රේම කරන්න” යනුවෙන් ජේසු සමිඳානෝ ඉල්ලා සිටියහ. මානව සමාජයට ඇවැසි සහජීවනය නිර්මාණය වන්නේ ප්‍රේමය මතිනි. මුළු මහත් මානව සමාජයම එකට ඇද බැඳ තබන්නේ ප්‍රේමයේ රැහැන් පටිනි. එහෙයින්ම, මෙවර නත්තලේදී ප්‍රේමය එයට හිමි නිසි බරින් හා ගැඹුරින් නිර්මාණය කරගැනීමට සමත් වන්නේ නම්, ඔහු හොඳ කිතුනුවකු මෙන්ම විශිෂ්ට හා විචිත්‍ර මිනිසකු බවට පත්වේ.
මානව ආපදාවකට පත්ව සිටින මොහොතක තනි තනිව විසඳුම් සෙවීමට යාම නිරර්ථකය. එමෙන්ම, තිබෙන අර්බුද වගුර තව තවත් ගැඹුරු කරන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම අනුචිතය. විනාශය, විනෝදයක් බවට පත්කරගන්නේ නම්, අපට නෙළා ගැනීමට සිදු වන්නේ පරාජය හා විනාශය පමණි. මෙබඳු අවස්ථාවක අවුළුවාගත් මහා මිනිස් අනුරාගයකින් පණ පෙවී සාමූහිකව කටයුතු කළ යුතුය.
අපගේ ආගමික මෙන්ම සංස්කෘතික ජීවිතය ඔපවත් කළ නත්තල වාර්ෂික ලිත් සැමරුවකින් බැහැර විය යුතුය. එය වසරේ තවත් එක් දිනයක් පමණක් බවට පත් නොකළ යුතුය. කාබී නටා ගයා අවසන් කරන දිනයක් නොවිය යුතුය.
අප සමාජයට තවත් අත්දැකීම් ඇවැසි නැත. ජීවිතයේ තතු එයාකාරයෙන්ම හඳුනා ගැනීමට පහසු සෑම ආකාරයකම, සෑම පන්නයකම අත්දැකීම් අපි ලබා ඇත්තෙමු. ඒ සියල්ල අමතක කර දමා කල දවස ගෙවීමට අපට කිසිදු අයිතියක් නැත. එහෙයින්, පවතින තත්ත්වය මැනවින් වටහා ගනිමින්, එයට සරිලන ජීවන විලාසිතාවකට ජීවන විලාසයකට අප ගමන් කළ යුතුය.
අපට බොහෝ දේ කිරීමට අවශ්‍ය නැත. අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමා ඉල්ලූ පරිදි, පීඩාවට පත් ජනයා සමග අප නත්තල සමරන්නේ නම්, ඔවුන්ට දිරියක් බලයක් ලබා දෙන්නේ නම්, එය සැබෑ අසිරිමත්ම නත්තලක් වනු ඇත.
(***)
පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න
ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප
ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න
සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම
2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්
ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
නත්තලේ අසිරිය සැමට උදාවේවා!