IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නොදුටු පෙම්වතාගේ “වයිබර් ප්‍රේමයට” දිවිදුන් යෞවනිය

  06-pg17d--main-pgs

 

රූප රාජිනියක ලෙස අභිෂේක ලබා නැතත් කිරුළු පළඳා නැතත් ඇය සැබැවින්ම ලස්සන පියකරු යුවතියක වන්නීය. 


නෙත් සිත් වසඟ කරන නව යොවුන් වියේ පසුවන යුවතියක වන ඇයගේ හද මඬලේ ද සුන්දර ආදරයේ කුසුම් විකසිත වූවාය. 


සුදෝසුදුවන් පෙණ පිඬු නඟන වෙරළ තීරයේ පෙම්වතා සමග අතැඟිලි පටලවාගෙන පෙම්බස් තෙපළමින් පියමං කරන්න ලස්සන මල් ගොමු අතරින් පෙම්බස් දොඩවමින් පියමං කරන්න වාසනාවක් ඇයට නොලැබුණේ වෙන කිසිවක් නිසා නොව පෙම්වතා දුරු රටක සිටින නිසාය. 


ඇය සිය පෙම්වතා හැඳින ගත්තේ වයිබර් තාක්‍ෂණය ඔස්සේය. 

06-Page-17-M-1
ඒ නිසාම ඇය කිසිම දවසක සැබැවින්ම ඔහු හමුවී කතා බහ කර නැත. සැබැවින්ම දැක නොමැත. එහෙත් ඇය ඔහුට මුළු හදින්ම පෙම් කළාය. ඔහුගෙන් තොර ලෝකයක් ඇය සිහිනෙකින්වත් නොපැතුවාය. ඇයගේ ලෝකයේ සිහින කුමාරයා ඔහු විය. 


ගව් ගණනක් ඈත දුරු රටක පෙම්වතා සිටියත් ඇය ඔහු හා හදවතින්ම සමීප වූයේ වයිබර් තාක්‍ෂණය ඔස්සේය. මෙය නවීන තාක්‍ෂණය ඔස්සේ කරන ආදර අන්දරයකි.


නමුත් ආදර අන්දරය ඒ ආදර වසන්තය ගිනිගත්තේ ඇයගේ වයිබර් පෙම්වතා ඇය මගහරින්නට පටන් ගත් නිසාය. මාස තුනක් තිස්සේ පැවැති වයිබර් ආදර අන්දරය අවසන් වූයේ මහා ශෝකාන්තයකින්ය. 


මේ සොඳුරු යුවතිය සිය වටිනා ජීවිතය කිසිදා දැක කතාබහ කර නැති පෙම්වතා වෙනුවෙන් පූජා කරන්නට තීරණය කළාය. 


ආදරයේ පූජාසනය මත සිය යොවුන් දිවිය පූජා කිරීමට ඇය ගත්තේ හිතුවක්කාර තීරණයකි. 


එය කිසිසේත් නිවැරදි යැයි කිව නොහැකි බුද්ධිය යටපත්කර හැඟීම්වලට වහල් වී ගත් තීරණයක් වූවාය.


මේ හිතුවක්කාරී තීරණය නිසා වඩාත් අසරණ වූයේ වේදනාවට පත්වූයේ වෙන කිසිවෙක් නොව දස මසක් කුස හොවා ලෝකයේ තිබෙන ලොකුම වේදනාව විඳ ඇය මෙලොවට බිහිකළ මව වූවාය. 


ඇයගේ නැගණිය හා සහෝදරයාද සිය සහෝදරියගේ අකල් වියෝවෙන් කම්පාවට වේදනාවට පත්ව සිටියෝය. 


මරණයේ වේදනාව මියගිය අයට නොව ජීවත්වන්නවුන්ටය කියා කියන්නේ ඒ නිසාය. 


වයිබර් ප්‍රේමය වෙනුවෙන් නිස්කාරණයේ දිවි පිදුවේ හලාවත, මාදම්පේ, ජයරත්නගම පදිංචිව සිටි ඒකනායක මුදියන්සේලාගේ රුවිනි මේඛලා ඒකනායක (25) නම් වන්නීය. 


“මට අයියා කෙනෙක් ඉන්නවා. එයා පාසල් ගුරුවරයෙක්. සියදිවි නසා ගත්තේ මගේ අක්කා. ඇය හලාවත පෞද්ගලික රසායනාගාරයක රසායනාගාර සහායිකාවක් ලෙස රැකියාව කරනවා. තාත්තාගෙන් අපි තුන්දෙනා වෙන්වෙලා අවුරුදු අටක් විතර වෙනවා. තාත්තා මත්පැන් පානය කරනවා. අපට සලකන්නේ නැහැ. ඒ නිසයි අපි තාත්තාගෙන් වෙන් වුණේ. 


අක්කා මාස තුනක විතර ඉඳලා ඩිෂාන් ප්‍රනාන්දු කියා නොදුටු තරුණයෙක් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන ගියා. ඒ ඩිෂාන් කියන අයියා ජපානයේ රස්සාවක් කරන කෙනෙක් බව මට අක්කා කියා තිබුණා. අක්කා ඒ අයියා එක්ක සම්බන්ධය පවත්වාගෙන ගියේ ජංගම දුරකථනයෙන්. ඒ අයියයි අපේ අක්කයි දෙන්නා නිතරම කතාබහ කරනවා. මේ සම්බන්ධයට ඒ අයියාගේ අම්මා කැමති නැති බව මාත් එක්ක අක්කා කියා තිබෙනවා. මේ ප්‍රශ්නය ගැන නිතරම අක්කා ජපානයේ ඉන්න අයියත් එක්ක කතා කළා කියා මා දන්නවා. ජපානයේ ඉන්න අයියාට අක්කා පණිවිඩයක් යවා තිබුණා අක්කා මැරෙනවා කියා. ඒත් ජපානයේ ඉන්න අයියාගෙන් ඒ පණිවිඩයට නිසි පිළිතුරක් ලැබුණේ නැහැ. 


දැනට දවස් දෙක තුනකට විතර කලින් ඉඳලා අක්කා මේ ගැනම කිය කියා හිටියා. ඒ දවස් ටිකේ අක්කා වැඩට ගියේ නැහැ. මේ සිද්ධිය වෙච්ච දවසේ උදේ 10.00 ට විතර අක්කා ස්කූටරයේ නැගලා ගෙදරින් පිටව ගියා. එහෙම ගිය අක්කා ආයෙත් විනාඩි 10 කින් විතර ගෙදර ආවා.”


මියගිය මේඛලාගේ නැඟණිය එසේ පැවසුවේ මාදම්පේ කොට්ඨාසයේ හදිසි මරණ පරීක්‍ෂක ඒ.එම්.ටී. අබේකෝන් මහතා හමුවේ සාක්කි දෙමිනි. 


මේ හදිසි මරණ පරීක්‍ෂණය පවත්වනු ලැබුවේ හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ දී ය.


හදිසි මරණ පරීක්‍ෂක අබේකෝන් මහතා හමුවේ සාක්කි දුන් මේඛලාගේ නැගණිය මෙසේ ද කීවාය 


“අක්කා ස්කූටරයෙන් ගෙදර ආවාට පස්සේ එයාගේ කාමරයට ගියා. ටික වේලාවකින් අක්කා හිටිය කාමරයෙන් ශබ්දයක් ඇසුණා. මම ඒ ශබ්දය මොකක්ද කියා සෝදිසි කර බලන්න කාමරයට ගියා. එතකොට අක්කා අල්මාරිය උඩ නැගලා හිටියා මම දැක්කා. මා ඇයි කියා ඇසුවා. සර්පයෙක් දඟලන ශබ්දයක් වාගේ ඇසුණා. ඒක බලන්නයි අල්මාරියේ උඩට නැග්ගේ. ඒත් සර්පයෙක් පේන්න නැහැ. ඒ නිසා මම අල්මාරියෙන් බිමට බහින්නයි හදන්නේ කියා ඇය කිව්වා. මට යන්න කිව්ව නිසා මම කාමරයෙන් එළියට ආවා. පැයකට විතර පස්සේ මම ආයෙත් අක්කා ගැන සොයා බලන්න එයා හිටිය කාමරයට ගියා. එතකොට තමා මම දැක්කේ අක්කා ගෙල වැල දමාගෙන එල්ලී ඉන්නවා. මා කෑගැසුවා. පස්සේ මම අල්ලපු ගෙදරට දුවලා විස්තරේ කිව්වා. අක්කාගේ මරණය ගැන මට සැකයක් නැහැ. අක්කා සිය දිවි නසා ගත්තා.”

 

06-Page-17-M-2


මියගිය තරුණියගේ සහෝදරයා මරණ පරීක්‍ෂකවරයා හමුවේ සාක්කි දෙමින් කියා සිටියේ මෙවැනි කතාවකි. 


“මියගොස් සිටින්නේ මගේ ලොකු නංගී. නංගී ජපානයේ ඉන්න අපේ රටේ තරුණයෙක් එක්ක සම්බන්ධකමක් තිබෙන බව මම දැන සිටියා. ඒත් ඇය ඒ ළමයා දැකලා නැහැ. ජංගම දුරකථනයෙන් තමා නංගී මේ සම්බන්ධය පවත්වාගෙන ගියේ. ඇය පසුගිය කාලය පුරාම ගත කළේ ජංගම දුරකථනය එක්කමයි.


මේ සිද්ධිය වෙන්න දවස් තුනකට විතර කලින් ඒ කියන්නේ පසුගිය 29 වැනිදා සවස ලොකු නංගිත් එක්ක ඇයගේ මේ සම්බන්ධය ගැන මම කතා කළා. මට එදා එහෙම කතා කරන්න හේතුව වුණේ එයා දවස් ගණනාවක්ම ජංගම දුරකථනයෙන් හඬමින් කතා කළ නිසයි. නංගී කිව්වා අපේ සම්බන්ධයට එයාගේ අම්මා කැමති නැති බව. ඔහු මේ අවුරුද්දේ අන්තිමට ලංකාවට එන බවත් නංගී මාත් එක්ක කිව්වා. මම නංගිට කිව්වා ඔහු ජපානයේ සිට එනතෙක් ඉවසාගෙන ඉන්න කියා. ඔහු ලංකාවට ආවාට පස්සේ ඔහුගේ මව්පියන් එක්ක මේ ගැන කතා කරමු කියාත් මා නංගීට පැවසුවා. දෙමව්පියන් එක්ක මේ ගැන සාකච්ඡා කරලා තීරණයක් ගනිමු කියාත් නංගීත් එක්ක කිව්වා. “මට එහෙම ඉවසන්න බැහැ” කියා එතකොට නංගි මාත් එක්ක පැවසුවා. මා ඇයගෙන් ආයෙත් ඉල්ලා සිටියේ ඔයා එයා ජපානයේ ඉඳලා එනකම් ඉවසන්න කියලයි. නංගිගේ මරණය ගැන මට සැකයක් නැහැ. ඇය සිය දිවි නසා ගත්තා කියා මට විශ්වාසයි. 


හලාවත දිසා මහ රෝහලේ වැඩබලන අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය කේ.ජේ.එච්. සාරංග පෙරේරා මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබිණි. 


ඉදිරිපත්වූ සාක්කි සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්‍ෂකවරයා මෙය සිය දිවි නසා ගැනීමක් බවට තීන්දු කළේය. 
මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න ජයලත් මහතාගේ උපදෙස් මත මෙම මරණ පරීක්‍ෂණයේ සාක්කි මෙහෙයවනු ලැබුවේ පොලිස් කොස්තාපල් එන්.එම්.ඒ.කේ. නරසිංහ මහතා (35832) විසිනි. 


මේඛලා කාලයක් වෛද්‍යවරයකු ළඟ සේවය කර ඇති අතර ඇය සිය දිවි නසා ගැනීමට කලින් ඒ වෛද්‍යවරයා මුණ ගැසීමට ගොස් ඔහුගේ දුක සැප බලා පැමිණ ඇති බව ද කියති. 


සිය වැඩිමල් දියණියගේ වියෝ වේදනාව දරා ගැනීමට නොහැකිවීම නිසා ඇයගේ මව කම්පනයට පත්ව රෝහල් ගත කර සිටි නිසා හදිසි මරණ පරීක්‍ෂකවරයාට ඇයගේ ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි විය. 


“වයිබර් තාක්‍ෂණය ඔස්සේ කිසිදා නොදුටු තරුණයෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය තරුණියක් මෙසේ සිය දිවි නසා ගැනීම ඇත්තෙන්ම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. මේ දරුවන් තිදෙනාට පිය සෙනෙහස අහිමිවී ගොස් තිබෙනවා. බිරිඳ හා දරුවන් නොසලකා හැර තිබෙනවා. මේ දරුවාගේ පියා බීමට ඇබ්බැහිවූ අයෙක්. පියාගේ බීමත්කම නිසා ලස්සන පවුලක් විනාශවී ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රශ්නවලට විසඳුම සිය දිවි හානිකර ගැනීම නොවේ කියන එක අවධාරණය කළ යුතුයි. සෑම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා. විසඳුමක් නැති ප්‍රශ්නයක් නැහැ. ඉක්මන් හදිසි තීරණ ගන්න හොඳ නැහැ. ජීවිතයක ඇති වටිනාකම තේරුම් ගත යුතුයි. ඉවසීම කියන එක ප්‍රගුණ කළ යුතුයි. හැඟීම්වලට වහල් නොවී බුද්ධියට ඉඩ දිය යුතු වෙනවා” යැයි හදිසි මරණ පරීක්‍ෂක අබේකෝන් මහතා ඉරිඳා ලංකාදීපයට අදහස් දක්වමින් කීය. 


මළ හිරු බැස යන මොහොතේ මේඛලා මිහිකත සයනයේ සැතපුණේ ඇයගේ මවට, සහෝදරයාට, සහෝදරියට හා ඥාතීන්ට සදාකාලික කඳුළක් උරුමකර දෙමින්ය. 


ආදරය මෙතරම් බොළඳ ද? නැත, කිසිසේත්ම ආදරය බොළඳ නොවේ. බොළඳ, ආදරය කරන්නෝ ය. 

m



අදහස් (0)

නොදුටු පෙම්වතාගේ “වයිබර් ප්‍රේමයට” දිවිදුන් යෞවනිය

ඩිල්ෂාන් Thursday, 11 August 2016 04:04 PM

අවංක ප්‍රේමවන්තයෙක් අද කාලේ හොයාගන්න බැහැ (නි)

:       0       0

සුරංග Saturday, 13 August 2016 08:04 AM

ලස්සන කන්නද හිතන්න මොළයක් නැත්නම්. ඇත්තටම මට නම් දුකක් හිතෙන්නේම නැහැ. මේ වගේ බොළඳ මානසිකත්වයෙන් ඉන්න ගැහැණු ආදරේ නාමයෙන් බැන්ඳත් ඒ මිනිහත් අමාරුවේ. පොඩ්ඩ බැරිවුණ ගමන් මැරෙන්න හදාවි. (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 14 August 2016 10:32 AM

සුරංග දුකක් දැනෙන්න හදවතක් තියෙන්න ඕනේ. මේ ගැහැණු ළමයා අවංකවම ආදරේ කරලා තියෙනවා. ගොඩක් දුකයි මේ වගේ තීරණයක් ගත්ත එකට (බ)

:       0       0

රොහාන් Tuesday, 09 August 2016 07:15 PM

මොනතරම් ලස්සන යුවතියක්ද? ඇයි මෙහෙම අනුවණ තීරණයක් ගත්තේ? (නි)

:       0       0

රත්නායක වීරකැටිය Tuesday, 09 August 2016 07:10 PM

අනේ පවු! කොල්ලො කොපමණ සිටියත් අවංක කෙල්ලෙකුට අවංක කොල්ලෙක් සොයාගන්න නැහැ. නිවන් සුවයම අත්වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 374 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 982 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1472 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 238 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 451 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 622 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 543 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2078 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site