IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


නිදන්නටවත් නිදහසක් නැති සත්තු

(අකිල බද්දෙවිතාන)

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලබන සැප්තැම්බරයේ සිට රාත්‍රී 7ත් 10ත් අතර කාලයේ විවෘතව තැබීමට කටයුතු යොදා ඇත.

ආසියාවේ පැරණිම සත්වෝද්‍යානය වන දෙහිවල සත්වෝද්‍යානය දේශිය හා විදේශිය සතුන් රැසකින් සමන්විත ය. දෙහිවල සත්වෝද්‍යානය වඩාත් ප්‍රචලිත වන්නේ කොළඹ සත්වෝද්‍යානය ලෙසිනි.

දැනට සත්වෝද්‍යානය තුළ ඉදිකරමින් පවතින නව මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නිමකිරීමෙන් පසු රාත්‍රී සංචාර ආරම්භ කිරීමටත් ඒ සඳහා හඬ නොනැගෙන සංචාරක විදුලි රථ භාවිත කිරීමටත් සූදානම් වේ.

වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අදහසක් අනුව සංචාරකයින්ගේ විනෝදය පිණිස මෙම නව රාත්‍රී සංචාර ක්‍රමවේදය හඳුන්වාදී ඇත.

සාමාන්‍යයෙන් දිවා කාලයේ පෙරවරු 8.30 සිට සවස 6 දක්වා සත්වෝද්‍යානය විවෘතව තැබුණු අතර නව ක්‍රමවේදය අනුව තෝරාගත් සත්ත්ව ගාල් කිහිපයක් රාත්‍රී කාලයේ දී ආලෝකයෙන් තොර වීදි ඔස්සේ යමින් නැරඹීමේ අවස්ථාව සංචාරකයින්ට සලසා දී තිබේ.

රාත්‍රී කාලයේ සතුන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමට මෙමගින් සංචාරකයින්ට අවකාශ සැලසේ. විශේෂයෙන්ම බොහෝ සතුන් රාත්‍රී කාලයේ දී නින්දට හුරුවී සිටින හෙයින් රාත්‍රී කාලයේ විශාල විදුලි ආලෝක ධාරා එල්ලවීම ඔවුන්ට බාධා ඇති වීමට ඉඩ ඇති බැවින් අඳුරු වීදි ඔස්සේ හඬ නොනැගෙන රථ භාවිත කිරීමට සත්වෝද්‍යාන බලධාරින්ගේ අවධානය යොමු වී ඇත.

නමුත් සත්වෝද්‍යානය රාත්‍රී 10තෙක් විවෘතව තැබීම ප්‍රායෝගික නොවන බව පරිසරවේදීහු පෙන්වා දෙති. බොහෝ සතුන් සවස් කාලය වනවිට සිය කූඩු වෙත ඇතුළුවන බවත් රාත්‍රී කාලයේ සත්වෝද්‍යානය විවෘතව තැබීම මගින් සතුන්ට සිය නිදහස අහිමි වන බවත් ඔවුහු පෙන්වා දෙති. රජයේ මෙම ක්‍රියාමාර්ගය ලාභය අපේක්ෂාවෙන් පමණක් සිදුකරන්නක් බැවින් සත්ත්ව හිංසාව  නොකර මෙම ක්‍රියාමාර්ගය නවතා දමන ලෙසද පරිසර සංවිධාන ඉල්ලා සිටිති.

නමුත් සත්වෝද්‍යාන බලධාරීන් සඳහන් කරනුයේ මෙමගින් සතුන්ට බාධාවක් ඇති නොවන බවත් රාත්‍රී කාලයේ සත්වෝද්‍යානය විවෘතව තැබෙනුයේ තෝරාගත් සත්ත්ව කොට්ඨාස කිහිපයකගේ රාත්‍රී හැසිරීම් රටා නිරීක්ෂණය සඳහා පමණක් බවත් ය. විශේෂයෙන්ම අධික ආලෝක ධාරා එල්ල නොකර අඳුරේ ගමන් කළ හැකි පරිදි වීදි සකස් කරමින් පවතින බවද සත්වෝද්‍යාන බලධාරීහු කියති.

රාත්‍රී සවාරි සඳහා යොදා ගැනීමට නියමිතව ඇත්තේ ද හඬ නොනැගෙන රථ විශේෂයක් බැවින් එමගින් සතුන්ට බාධාවක් ඇති නොවන බව ඔවුහු ප්‍රකාශ කර සිටිති.

ක්ෂීරපායින් විශේෂ 72 ක්ද, කුරුළු විශේෂයන් 65 ක්ද, උරග විශේෂයන් 31 ක්ද, මත්ස්‍ය විශේෂයන් 89 ක්ද, සමනල විශේෂයන් 30 ක්ද, හා කුලයන් 3 කට අයත් උභය ජීවින් 2500-3000 අතර ප්‍රමාණයන් දෙහිවල සත්වෝද්‍යානය තුළ දී දැක ගත හැකිය. අභිජනනය සඳහා නිදහස් කුරුළු කොළනිය වෙත පැමිණෙන කුරුල්ලන්ගේ වෙනස් වීම මත දෙහිවල දී දැක ගත හැකි සතුන් ප්‍රමාණය වෙනස් වේ. එසේම හරිතමය පරිසරය සංචාරක ආකර්ෂනය කරවන අතර දුර්ලභ හා වඳවී යාමේ තර්ජනයට ලක් වු සතුන් අභිජනන මධ්‍යස්ථානයක් ලෙසද එය හඳුනාගත හැකිය.

වාර්ෂිකව මිලියන 1.5 වන සංචාරකයන් ප්‍රමාණයක් සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන බව එහි දත්ත වාර්තා පෙන්වා දෙයි. අධ්‍යපන අවශ්‍යතා වෙනුවෙන් 2000කට අධික තනි හා කණ්ඩායම් වශයෙන් පැමිණෙන පාසල් සිසුන් හා විශ්ව විද්‍යාල සිසුන් ද වෙති.

දැවැන්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති තුළින් අනාගත දෙහිවල සත්වෝද්‍යානය සංචාරකයින් හට අපුර්වතම අත්දැකීමක් ලබා දෙනු ඇතැයි එහි බලධාරීහු පෙන්වා දෙති.

 



අදහස් (27)

නිදන්නටවත් නිදහසක් නැති සත්තු

Tharu Thursday, 06 July 2017 07:45 AM

මට නම් මෙම සත්ව උද්‍යානය පිලිබඳ ඇත්තේ බලවත් කණගාටුවක් සහ විරොධයක්.. මොකද මේ සත්තු පව්... උන් දුක් විඳිනවා. කෑම හරියට ලැබෙන්නේ නෑ.. නිදහසක් නෑ. කොළඹට සත්තු වත්තක් අවශ්‍ය නෑ.

:       66       424

dinu Thursday, 06 July 2017 07:49 AM

ඒ අයගේ නැති වුණු නිදහස තව දුරටත් වින කරන එකයි වෙන්නේ. පව්,... ලාභ අපේක්ෂාව විතරක් හිතන්න එපා. අපි කාරුණික වෙන්න ඕනේ...

:       2       95

himal Thursday, 06 July 2017 08:49 AM

සතුන්ගේ නිදහස ගැන සිතනවා නම් මේ සත්තු කූඩුවල ඉන්න එකත් නතර කරන්න වෙනවා.

:       24       82

chandani Thursday, 06 July 2017 09:08 AM

ගෝත්‍රික දුපතක මිට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.

:       4070       714

shan saudi Thursday, 06 July 2017 10:22 AM

චාන්දනී ඔයා මොන වර්ගයේද? කට තිබුණු පලියට කියවන්න එපා...

:       706       3523

chandani Thursday, 06 July 2017 06:47 PM

ශාන සෞදි ඔයා ඔය ඉන්න රටේ උන්ටත් වඩා තිරිසනුන් තමයි මේ ධර්ම ද්වීපයේ කියන ගෝත්‍රික දුපතේ ඉන්නේ. මම ඉපදුනේ ශ්‍රී ලංකාවේ උගත් කමට හිමි රැකියාවක් ලැබුනේ නැති නිසා කැනඩාවේ රැකියාවක් ලැබී එහි ජීවත්වන්නේ ...මම තව සැරයක් කියනවා ලංකාව කියන්නේ ගෝත්‍රික රටක් කියලා. කුලය ජාතිය ආගම මුල් කරගෙන තමන්ගේ නායකයින් පත්කරගන්නේ ගෝත්‍රිකයින්...ඒ අය උගත්කම බුද්ධිය අනාගත දැක්ම රටේ එකමුතුකම වැනි දේවල් වැඩිපුර තකන්නේ නැහැ.දිනෙන් දිනම අභාවයට නොහොත් විනාශයටම යන ශාපලත් දුපතක් තමයි ලංකාව කියන්නේ.කියන්නත් ලැජ්ජයි නිදහස ලැබිලා අවුරුදු 70 ක්.සුද්දා හදලා දීපු තේ ටිකයි රබර් ටිකයි කොච්චියයි බස් එකයි ප්‍රධාන පාරවල් ටිකයි නැතිනම් අපේ උන් තවමත් ගස් උඩ...ඔබ ඔය දමාගෙන ඉන්න පාට කන්නාඩිය ගලවලා ලෝකය දිහා බලලා අපේ රට දිහා බලන්න.ඔබේ මොලය හිසේ තිබෙයි නම් වැටහේවි වෙනස එහෙත් ඔබගේ මොලය ශරීරයේ පශ්චාත් භාගයේ නම්.....කුමන කතාද..

:       4271       1553

Anton Austria Friday, 07 July 2017 08:30 AM

ශාන් සෞදි මල්ලි.., ඔයා කියන්නේ අපේ රටේ ඉන්න අය ගෝත්‍රිකයෝ නෙමේ කියලාද? මොලේ තිබ්බට වැඩක් නෑ.. අපේ රටේ ලස්සන සුන්දරකම තරම් වෙනකොහෙවත් නෑ. එත් ඒවා විනාස කරලාදානවා. තව දූෂණ, අපචාර හැමදාම අහනවා. ඉතින් ගෝත්‍රිකයෝ නොවේද ඕවා කරන්නේ? චාන්දනී කිව්වා වගේ ඉගෙන ගත්ත කෙනා දන්නවා. මොකද්ද අධ්‍යාපනය කියලා. ඔයා අඩුම ගානේ හිතුවද ඔයා ඔහේ ඉන්නේ පඩියක් හොදට හම්බවෙන නිසා නේද කියලා. ලංකාවේ වියදමට හරියන පඩියක් නෑ... තියෙන්නේ ඇමතිවරු, මන්ත්‍රීවරුන්ට විතරයි. ඔයා දියුණු රටකට ගිහින් බලන්න එක ඇමැතිකෙනෙකුටවත්, මන්ත්‍රී කෙනෙකුටවත් පාරක් විවෘත්ත කරන්නේ නෑ. පාර හදපු අයම ඇරලා යනවා.

:       1856       653

ChamudithaFriday, 07 July 2017 06:02 AM

චාන්දනී,.. මිනිස්සු ගං වතුරෙන් පීඩාවට පත් වෙලා ඉන්න කොට තවත් මිනිස්සු කොටසක් ඒ අය වෙනුවෙන් කැපවෙච්ච විදිහ දැක්කහම ඇසට කදුළු එනවා. සුනාමි වෙලාවේ මිනිස්සු පරිත්‍යාගශීලී වෙච්ච විදිහ හිතාගන්නවත් බැහැ. ගෝත්‍රිකයෙක් වුණත් මනුස්සයෙක්. ඒ හින්ද යහපත් ගතිගුණ පුරුදු වෙන්න. යහපත් දේ දකින්න. හැමෝටම කරුණාවන්ත වෙන්න. ඔයාට මුදල් යහමින් තියෙනවනම් නැති බැරි අයට පිහිටවෙන්න. අද සමාජය ගෝත්‍රිකයෙක් විදිහට පිළිගන්න ඔයාගේ තුල ඇති මිනිසත් බව එදාට සමාජයට පෙනේවි.!!!

:       54       4

channaSaturday, 08 July 2017 03:02 AM

චාන්දනීලා වගේ අයට රස්සාවක් හොයා ගන්න බැරි වුණා කියලා ලංකාවට ගෝත්‍රික රටක් කියන එක හරිද? අපිට හොඳ පිරිපුන් සංස්කෘතියක් තියනවා... එ්ක මතක තියාගන්න ....

:       152       1414

Anton austriaSaturday, 08 July 2017 05:16 AM

චන්න ... අපිට හොඳ පිරිපුන් සංස්කෘතියක් කිව්වේ මොන පැත්තෙන්ද? ඔය කියන පිරිපුන් බව තියෙන්නේ ඇහුවොත් තියෙන්නෙම ළමා දූෂණ සහ ඝාතන පමණි. වයසක අම්මා, තාත්තා මහමඟ දමා යයි. එ්කද? පිරිපුන් බවේ රහස. ළිඳේ ඉන්න ගෙම්බා දන්නැහැ එළියේ මොනවද වෙන්නේ කියලා. අපේ රට ලස්සන, පිරිසිදු වාතය, හොඳම දේශගුණය... පාරේ යන ගමන් කෑවොත්, බීවොත් එ්කත් පාරේම දාලා යන නිසාද?

:       531       290

niranjan silvaSaturday, 08 July 2017 05:46 AM

චන්න මහත්තයෝ, අපේ සංස්කෘතිය කියලා බුද්ධිමත් මිනිස්සුන්ව හිනස්සන්න එපා...

:       60       82

නාලකSunday, 09 July 2017 04:36 PM

සංස්කෘතිය නේද.. ගූගල් එකේ Sex හොයල ලෝකෙන් නොම්මර එකට ආපු එකද. ගිහිල්ල බලන්න youtube එකේ සිංහල සින්දු. සංස්කෘතියේ තරම හොඳට වැටහේවි.

:       61       141

ගෝත්‍රිකයාMonday, 10 July 2017 05:05 AM

කැන්ඩාවෙ චාන්දනී, අපේ ගෝත්‍රික රටේ සත්තුවත්ත ඇරල තියන එක වැරදි තමා. ඒත් ඔබතුමිය ඉන්න ඔය උත්තරීතර, මහා අනගිභවනීය, උත්තම, පාරිශුද්ධ, නිර්මල රටේ සීල් මත්‍යයන් 35000ක් මරන එක ඒ උත්තමයන්ගේ සංස්කෘතිය වෙන්ටැ. දන්නේ නැති නිසා අහන්නේ.

:       22       78

Perakum Thursday, 06 July 2017 11:17 AM

කෝ අපේ අවිහිංසාවාදීන්? මේ මොන අපරාධයක්ද?

:       2       153

chandaniThursday, 06 July 2017 06:33 PM

මොන අහින්සාවදින්ද පැරකුම් මේ තිරිසනුන් ගේ රටේ...මෙරට පාලනය කරන්නේ ගෝත්‍රිකයින් පිරිසක්...

:       192       238

prabashSunday, 09 July 2017 05:51 PM

අබියෝග වලට බය වෙලා රටින් ගියපු එවුන් ගේ මානසික තත්වය ගොඩක් නරකයි . උන් හිතන් ඉන්නේ උන් ලොකු වැඩක් කලා කියල. උන්ගේ ගොන් කතා ඒ තරම් ගණන් ගන්න ඕන නෑ

:       14       1600

K Perera Thursday, 06 July 2017 12:37 PM

ගොඩක් සත්තු රෑට නිදාගන්නේ නැහැනේ! ඔවුන්ට ඇස් හරියට පෙනෙන්නේ රාත්‍රියට පමණි.

:       255       2

Ugitha Thursday, 06 July 2017 01:45 PM

සත්තු මරන්න කියලා මොන ආගමේද තියෙන්නේ? මේවාට තමයි හිනා යන්නේ... සතුන්ට නිදහස දෙන්නලු.

:       88       6

Kalyana Jayawardena Thursday, 06 July 2017 11:23 PM

විශ්වයේ උපදින ඕනෑම සත්වයෙකුට ජීවිත කාලය පුරාම නිදහසේ ජිවත් වීමේ අයිතිය ලබල දීල තියෙන්නෙ සොබාදම් මාතාව. මේ මාතාවගෙ නීතිය කඩ කරන්න කාටවත් බෑ. ඒ අනුව සතුන් කූඩු වලට සිර කිරීම කොහොමත් වැරදියි. අඩු ගානේ දැනට කූඩු කල සතුන්ටවත් නිදහසේ ජීවත් වීමට අවකාශ සැලසිය යුතුයි. මුදල් ඉපයීම වෙනුවෙන් සතුන්ගේ නිදහස බිලි දීම වැරදියි. මේ ආණ්ඩු වලට සතුන් ගැන හැඟීමක් නෑ. නැත්නම් පහුගිය ආණ්ඩුව මුන්නේශ්වරම් කෝවිලේ අති අමානුෂික සත්ව ඝාතන වලට ඉඩ දෙයිද ? සත්ව හිංසා වැළක්වීමේ පනත ගෙනල්ල තියෙන්නෙත් 1907 දි ඉංග්‍රීසි ආණ්ඩුව විසින්. ඒ පනතවත් මේ ආණ්ඩු හරියට ක්‍රියාත්මක කරන්නේ නෑ. ලෝකයේ ප්‍රථම අභය භුමිය වන මිහින්තලෙත් දිනපතා සතුන් දඩයම් කරනවා. ඒවා වලක්වන්නට බලධාරීන් අසමත්. සතුන් පත්වෙලා තියන මේ ඛේදනීය තත්වය වෙනස් කරන්නට සත්ව හිංසන විරෝධී ශ්‍රී ලංකා ජනතාව ඉදිරියට එන්න ඕන. - කල්‍යාණ ජයවර්ධන { සම්බන්ධිකරණ නිලධාරි - සතුන් සහ ශාක සුරැකීමේ සංවිධානය }

:       2       433

dias Friday, 07 July 2017 10:37 AM

කැලේ ඉන්න සතුන්ට මීට වඩා නිදහසක් අවශ්‍යයි. යාලට ඉන්දියානු ජීප් වෙනුවට විදුලියෙන් යන වාහන යොදවමු. යාලට සහ විල්පත්තුවට ජීප් රථ සීමා කරමු. දිනකට 200 කට සීමා කරමු. ඇතුල්වීමේ ගාස්තුව හැමෝටම වැඩි කරමු.

:       1       22

DD Saturday, 08 July 2017 12:29 AM

සතුන්ට අපට වඩා සංවේදන හැකියාවන් තියෙනවා. සතුන්ගෙන් අපට ලබාගත හැකි ප්‍රෙයා්ජනද අපමණය. ඒ නිසා සතුන් වෙනුවෙන් සුදුසු ක්‍රමවේදයක් ගොඩනගන්න.

:       0       1

ruchi Saturday, 08 July 2017 09:27 AM

දෙයියනේ පුළුවන්නම් රාත්‍රියට පාර්ලිමේන්තුව පෙන්නන්න.

:       1       1

Thusha Saturday, 08 July 2017 09:23 PM

ගෝත්‍රික රටේ,ගෝත්‍රික මිනිසුන්ගේ බදු මුදලින් පින් අධ්‍යාපනය ලබා ,තමන් ඉපදුන රටට ශාප කරන " චාන්දනී". වැන්නියන් රටින් පිට වී සිටින තරමට හොඳා. දේශය පාලනය කරන අමන පාලකයන්ගේ වරදට රටේ ජීවත් වෙන ජනතාව පලි නැත .තමන්ගේ අවසන් හුස්ම පොද ,තමන් ඉපදුන ලක් මෑණියන්ගේ පැත්තට හිස යොමා වැතිරෙන්න සුදානමින් ,බටහිර රටවල ,ජීවත් වෙන සමහර පිරිසුත් ඉන්න බව පවසන්නේ මහත් අභිමානයෙන්..!

:       9       1460

chandra weerasinha Sunday, 09 July 2017 12:04 AM

ඔබ්රේ වයිමන් මහතා මෙම සත්ව උද්‍යානය ආසියාවේ උසස්ම තත්වයකට පත් කළා . මේ දේශපාලන අති පණ්ඩිතයෝ ඒකටත් කෙලින්න තමයි හදන්නේ.!! අනේ මගේ රට ? විදේශයක සිට අපි කම්පා වෙන්නෙමු. චන්ද්‍ර වීරසිංහ ඕක්ලන්ඩ්

:       60       0

sarath Sunday, 09 July 2017 11:12 AM

චාන්දනීට කියන්න තියෙන්නේ ගෝත්‍රිකයන්ගේ රටේ නිදහස් අධ්‍යාපනය ලබලා ඒ ගෝත්‍රික රටට පිටුපාලා ගියාට අපිට සතුටුයි. එතකොට ඔයාගේ අම්මා, තාත්තා, නෑයෝ, හැමෝම ඒ ගෝත්‍රයේ ඒ ගෝත්‍රික රටේ ඉන්නවා ඇති...

:       10       937

the world Monday, 10 July 2017 04:49 AM

සුබ උදෑසනක් කවුරුවත් මනුස්සයෝ නිකන්ම ගොත්ත්‍රික වෙන්නේ නැහැ, මනුස්සයෝ හදන්නේ පුලුවන්නම් තව කෙනෙක්ව කපල ඒ මනුස්සයා රජවෙන්න එකයි අපේ රට තවත් අගාදයටම යන්නේ කවුරුවත් වැටුණ කෙනෙක්ව නැගිට්ටවන්න ඉන්නවද පුලුවන්නම් තවත් වට්ටනවා එකයි අද සමාජයේ තත්වය. රටට අපිත් ආදරෙයි මොනම රටක් වුනත් අපේ රට වගේ වෙන්නේ නැහැ අපේ රට තරම් සුන්දර රටක් මේ විශ්වයේවත් නැහැ. අපේ රට අද වනකොට කොයිවගේ තැනකද තියෙන්නේ අපේ අද කාලේ සහෝදරියෙකුට හරි පාරේ ඇවිදන් යන්න පුළුවන් වාතාවරණයක් තියෙනවද ? අපේ මනුස්සකම් එතැනදී නැහැනේද ?

:       1       0

Tharaka Weerasinghe Saturday, 15 July 2017 04:15 PM

මේ කාගේත් කතාවල ඇත්තක් තියෙනවා. චාන්දනීගේ කතාවත් සම්පුර්ණ හරි. බෞද්ධ කියන මිනිස්සුත් ගොඩක් දෙනා නමට විතරයි. බුද්ධාගම මොකද්ද කියලවත් දන්නේ නෑ. අඩු ගානේ මනුස්සකම හඳුනන්නේත් නෑ. දියුණු මිනිස්සු කියන්නේ කවුද කියලා පිටරටවලට ගිහිල්ලම බලන්න ඕනේ.. අපේ රටේ පාලකයෝ නම් කතාකරන්න දෙයක් නැහැ. මේ තරම් නරක පාලකයෝ අප්‍රිකානු ගෝත්‍රික රටවලවත් මම නම් දැකලා නෑ... මුළු රටම විනාශ කරලයි තියෙන්නේ... මේ අයව පත් කරන අනුවණ මිනිස්සුන්ට ගෝත්‍රිකයෝ නොකියා වෙන මොනවා කියන්නද? මට හරිම දුකයි. ලස්සන රටකට වෙච්ච විනාසය.. අපොයි දෙයියනේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 915 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 120 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1065 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 133 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 228 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 449 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 728 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site