IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


නදීෂාගේ ලිප් කිස් එක නිසයි ‘සිල් බිඳගත්ත’ ගීතය ආන්දෝලනාත්මක වුණේ

 

5   

 

අපේ රටේ සංගීත ක්‍ෂේත්‍රය කලින් කලට විවිධ අයුරින් වෙනස් වෙනවා. එවැනි වෙනස් වීම් ඇතුළේ තදබල ලෙස විවේචනයට ලක් වූ මෑත කාලීන නිර්මාණ ශිල්පියා කවුද කියලා ඇහුවොත් නිතැතින්ම ඔබට මතක් වෙන්නෙ ඉරාජ් වීරරත්නගෙ නම බව අපට විශ්වාසයි.

 


ක්‍ෂේත්‍රයේ හෙට දවසට අලුත් නිර්මාණ බිහිවීම ඉතා වැදගත්. තර්ජන, ගර්ජන, විවේචනත් නිර්මාණ ශිල්පීන් ශක්තිමත් කිරීමට හේතුවක් වෙනවා. සිල් බිඳගත්තට පස්සෙ ගිනියම් රැයක කතාවක් ගෙන ආපු ඉරාජ් ඉදිරියට තව මොනව කරාවි ද? 
මෙවර “රැල්ලට” ඔහු එකතු කරගත්තෙ ඒ ගැන කතා කරන්නයි. 

 


● ඉරාජ් මුලින්ම පවුලෙ විස්තර ටිකක් කියමුද?
අපේ පවුලෙ අම්මා, තාත්තා, නංගි සහ මම තමයි ඉන්නෙ. තාත්තා චිත්‍රපටි නිෂ්පාදකවරයෙක්. ඔහු ප්‍රීතිරාජ් වීරරත්න.

 


● තාත්තා චිත්‍රපටි නිෂ්පාදකවරයෙක් නම් පොඩි කාලෙ ඉඳන්ම ඉරාජ් කලාවට සම්බන්ධ ඇති නේද?
අනිවාර්යයෙන්ම. තාත්තා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් නිසා ඒ කලාව කියන දේ මගේ ඇඟේ තිබුණා. ඒ වගේම පොඩි කාලෙ ඉඳන්ම ක්‍ෂේත්‍රයේ ඉන්න ගොඩක් අය මුණගැහුණා. විජය කුමාරතුංගයන්ගේ සිට ඒ හැමෝම මම පොඩි කාලෙ ඉඳන්ම දැකපු කට්ටිය. 

 


● ඒ කියන්නෙ පොඩි කාලෙ ඉඳන්ම කලාවට සම්බන්ධ වෙලා හිටිය ද?
ඔව් ඔව්. පොඩි කාලෙ ඉඳන්ම මට සින්දු කියන්න ලොකු ආසාවක් තිබුණා. ඒ නිසාම මම ඒ පැත්තට ගොඩක්ම යොමු වුණා.

 

PAGE_6_RASA


● කොහොම ද යොමු වුණේ?
පාසල් යන කාලෙ ඉඳන්ම තමයි යොමු වුණේ. ඒ කාලෙ සංගීතය ඉගෙන ගත්තා. මම පාසල් ගිය පළමුවැනි දවසෙම මට එහා පැත්තෙ වාඩි වුණේ රනිදු ලංකා. මට ඒ දවස හොඳට මතකයි. ඔහුත් එක්ක ඒ කාලෙ ඉඳන්ම සංගීත වැඩ කටයුතුවලට එක් වෙලා හිටියා. සංගීතය පිළිබඳ පොඩි පොඩි වැඩ කළා. 
ඒ ආරම්භ කරපු වැඩ කටයුතු දිගටම කරගෙන ගියා. නමුත් ධරැඛ කාලෙ වගේ තමයි සංගීත කණ්ඩායමක් විදියට හරියටම මේ වැඩ කටයුත්ත කරගෙන ගියේ. 

 


● ඒ කියන්නෙ ඒ කාලෙ පාසල් වේදිකාවෙත් කැපී පෙනෙන චරිතයක් ද?
ඔව්. පාසල් යන කාලෙත් පාසල ඇතුළෙ අපි ඒ දවස්වල ගොඩක් ජනප්‍රියයි. ඒ කාලෙදි ෘන්‍ කළා, විවිධ ප්‍රසංග කළා, ඒවගෙන් තමයි මේ ගමන ආරම්භ කළේ. හරිම සුන්දර කාල සීමාවක් තමයි ඉතින් ඒ ගෙවුණෙ.

 


● පාසල් කාලෙන් පසුවත් ඒ වැඩ කටයුතු කරගෙන ගියා ද?
පාසල් කාලෙන් පසුව නම් මට උසස් අධ්‍යාපනයට එංගලන්තයට යන්න සිද්ධ වෙනවා. මගෙ පන්තියෙ හිටපු රනිදුත් ඇමෙරිකාවට යනවා. එතනින් පසුව අපි මුණගැහෙන්නෙ අන්තර්ජාලය හරහා. නැවතත් ඉතින් අපි ඒ විදිහට හරි අපේ ගමන නතර නොකර දිගටම කරගෙන ගියා. 2004 වර්ෂයේ තමයි අපි කලා ක්ෂේත්‍රයට මුලින්ම අවතීර්ණ වෙන්නෙ. 

 


● සංගීතය ඉගෙන ගත්ත ද?
සංගීතය කියනදේට අනිවාර්යයෙන් දැනුමක් තියෙන්න ඕනෑ. නමුත් සමහර වෙලාවට හිපොප් කියන දේවල් එහෙම ඉගෙනගන්න තැනක් නෑ. ඒවා ඇඟ ඇතුළෙන්ම එන දෙයක්. නමුත් මම ඉස්සෙල්ලම ශ්‍යාමා පෙරේරා යටතේ ඔහුගෙ ඇකඩමියෙන් ඕගන් සහ කී බෝර්ඞ් ඉගෙන ගත්තා. මම අවුරුදු 2ක් ලංකාවෙ ඕගන් සහ කී බෝර්ඞ් වාදනයෙන් අංක එක බවට පත් වුණා.

 

6
● ඉරාජ්, රැප් සංගීතෙට ගොඩක්ම ඇලුම් කරනවා නේද?
ඔව්. ඒක මම පොඩි කාලෙ ඉඳන්ම කැමති කලාවක්. ඒ ගැන මම ගොඩක් ෆලෝ කළා. තවමත් එහෙමම තමයි. 

 


● ඔබ මේ ක්ෂේත්‍රයේ අනුකරණය කරන කෙනෙක් ඉන්නව ද? 
මම කාවවත් අනුකරණය කරන්නෙ නෑ. මම විසින්ම මගේම දෙයක් හදාගත්ත කෙනෙක් මම.

 


● ඉරාජ් කැමතිම ගායන ශිල්පියො කවුද?
ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ අතරින් මයිකල් ජැක්සන්ට ගොඩක් කැමැතියි. ඔහු ලෝකෙ වෙනස් කරපු සුපිරි චරිතයක්. ඒ වගේම බොබ් මාලේටත් කැමතියි. 

 


● එතකොට ලංකාවෙ? 
ලංකාවෙ අපිට ඉස්සර ඉඳන්ම ගොඩක් දේවල් උගන්වපු අපේ ගුරුවරයා විදියට ඉන්නෙ රංග දසනායක. ඔහුගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. රංග කියන්නෙ හොඳ වැඩකාරයෙක්.

 


● ඉරාජ්ගෙ මුල්ම ගීතය ගැන කතා කරමු ද?
මුලින්ම කළේ ඉංග්‍රීසි ගීතයක්. නමුත් අපිව ලංකාවම දැනගත්තෙ ‘අහංකාර නගරේ’ ගීතයෙන්. ඒ ගීතය එළිදැක්වුණේ 2005 වර්ෂයේ. ඒ වගේම යුද්ධ කාලෙදි යාපනේදි සිදුවුණු සිදුවීම් ගැන මියුසික් වීඩියෝවකුත් කළා. 

 


● මේ වෙද්දි ගීත කොයිතරම් සංඛ්‍යාවක් කරලා තියෙනව ද?
මම හිතන්නෙ 1000කට අධික සංඛ්‍යාවක් කරලා තියෙනවා.

 


● මෑතකදී කරපු “සිල් බිඳ ගත්ත” ගීතයට විවේචන ගොඩක් එල්ල වුණා නේද?
ඒවා ඉතින් ලංකාවෙ සාමාන්‍යයෙන් වෙන දේවල්නෙ. අපිව මේ රට ඇතුළෙ එක රාමුවකට දාලා තියෙනවා. බොරු සීමා පනවලා තියෙනවා. ඒ බොරු සීමාවල් තමයි මම මියුසික් වීඩියෝවලින් කඩලා පෙන්නුවෙ. 

 


● ඒ සඳහා චෝදනා ගොඩක් ලැබුණා නේද?
ඔව්. පසුගිය දවස්වල මම සංස්කෘතිය කඩනවා කියලා අන්තර්ජාලයේ ගොඩක් කතා වුණා. ගොඩක් අය ඒ ගැන කතා කළා. මට මොන තරම් චෝදනා ආවත් මම කළේ අපිව කොටු කරලා තියෙන රාමුවෙන් එළියට ආපු එක විතරයි.

 


● ලංකාව වගේ රටකට සිල් බිඳගන්න සින්දු හරියන්නෙ නෑ කියලා හිතෙන් නැද්ද? 
ලංකාව ලෝකෙන්ම අංක එක වෙලා තියෙනවා ගූගල් එකේ ීැං කියන වචනෙ සර්ච් කරලා. ඒ කියන්නෙ අපේ මේ බෞද්ධ රටේ තමයි ලෝකෙ වැඩිපුරම අසහනකාරයො ඉන්නෙ. ඒකට උත්තරයක් ලැබුණොත් මට මේ ගීත බිහිවීම පිළිබඳ උත්තර දෙන්න පුළුවන්.

 


● ඉරාජ්ගෙ ඒ ගීතයට වැඩිම ඛසනැ ප්‍රමාණයක් ලැබුණා නේද?
ඔව්. ඒ ගීතය ඒ තරමට ්‍යසඑ වෙන්න හේතු සාධක ගොඩක් තියෙනවා. එකක් සංගීතය. ඒ වගේම වසන්ත දුග්ගන්නාරාළගෙ ‘සිල් බිඳ ගත්ත’ කියන ඒ වචනත් ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වචන එක් අවස්ථාවකදී පාර්ලිමේන්තුව ඇතුළෙත් කතා කරනවා මට ඇහුණා. 

 


● ඒ ගීතය ඒ තරම් ආන්දෝලනාත්මක ගීතයක් වුණේ ඇයි කියලා ඉරාජ්ම කිව්වොත්?
ඒක ලොකු ආන්දෝලනාත්මක ගීතයක් වුණේ නදීශාගේ ලිප් කිස් එක. ඇත්තටම කිස් එකක් දෙනවා කියෙන්න ආදරේ ප්‍රකාශ කරන සාමාන්‍ය දෙයක්. නමුත් ඒක අපේ අයට ලොකු දෙයක් වුණා. අපේ රටේ ලිප් කිස් එකක් දෙනවා කියන්නෙ හරි අමුතු දෙයක් විදියට මිනිස්සු දකින්නෙ.

 


● ඒ කියන්නෙ ඉරාජ් ඒකෙ වැරැද්දක් දකින්නෙ නැද්ද?
මම කිසිම වැරැද්දක් දකින්නෙ නෑ. ඉස්සරහට කොහොමත් ළමයින්ට ටීවි එක ළඟට යද්දි ඇස් වහගෙන තමයි යන්න වෙන්නෙ. 

 


● මෑතකදීම ඔබ කළ “ගිනියම් රෑ” ගීතයත් වැඩි කතාබහකට ලක්වුණා. ඒ ගීතය “සමලිංගික” ඇසුරක් ගැන කියවෙන ගීතයක්. එවැනි ගීතයක් කළේ මොන අරමුණකින් ද?
මෙහෙමයි, ඒකෙ කාන්තාවන් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගේ පිටුපස පේනවා. එච්චරයි. එයාලා හොඳට ඇඳුම් ඇඳගෙන ඉන්නෙ. පිටුපස විතරයි පේන්නෙ. ඒක තමයි මිනිස්සු කතා කරන්න පටන් ගත්තෙ. අන්තර්ජාලයෙත් වැඩිම කතාබහකට ලක්වුණා. ඕවා සමාජයේ හොරෙන් කරන කතාවල්.

 


● ඉරාජ්ට ගීතයකින් වෙන කතා කරන්න දෙයක් තිබුණෙම නැද්ද?
අපේ සමාජයේ හොරෙන් හංගගෙන කතා කරන දේවල් තමයි මේ. ඇත්තටම හරි සාමාන්‍යයි. 
මම හැමවෙලේම කියන්නෙ සීමා රාමුවලට කොටුවෙන්න අවශ්‍ය නෑ කියන එක. ඒ සීමා රාමු කඩන්න ඕනෑ. නැත්නම් අපිට වහල්ලු විදියට හැමදාම ජීවත්වෙන්න වෙන්නෙ මේ රටේ. මොකද මේ රට ලෝකෙටම ණයයි. ඉදිරියට යන්නෙ නෑ. දුප්පත් රටක්. තියෙන ඔක්කොම ජරා වැඩ වෙන්නෙත් මෙහෙ. අපි ලෝකයට විවෘත වෙලා වෙනස් විදියට හිතන්න පටන් ගත්තෙ නැත්නම් හැමදාම වහල්ලු විදියට ජීවත් වෙන්න වෙන්නෙ. 

 


● මේ ගීතවලට ඉරාජ් කොච්චර වියදම් කරනවද?
වියදම් කරනවා කියන්නෙ, මේ දේවල් කරන්න මගෙම පිරිසක් ඉන්නවා මම හදාගෙන. ඒවාට පිට අයට විදයමක් ගියත් මට වියදම් යන්නෙ නෑ. මම ගත්තු උපකරණවලින්ම මගෙම කට්ටිය තමයි මේ හැමදේම කරන්නෙ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ.

 


● ඉරාජ්ගෙ ගීත ්‍යසඑ  කරගන්න වියදමක් දරන්නෙ නැද්ද?
නෑ. එහෙම ලොකු වියදමක් කරන්නෙ නෑ. මොකද මගෙ ත්‍ඊ එකේ ලක්‍ෂ 10කට අධික සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වගේම මගේ ශදම ඔමඉැ චැනල් එක දැන් මීඩියා චැනල් එකකට සමානයි. ඒ කියන්නෙ මිලියන 5ක් 6ක් බලනවා. ඉතින් ලංකාවෙ ජනගහනයෙන් ඒ තරම් කට්ටියක් බලනවා කියන්නෙ ඒ ඇති.

 


● ඉරාජ්ගෙ ගීතවලට වැඩිම ප්‍රතිචාර ලැබෙන්නෙ මොන වයස් සීමාවක අයගෙන් ද?
අවුරුදු 18 සිට අවුරුදු 25 දක්වා පිරිසේ අය තමයි වැඩිපුරම ප්‍රතිචාර දක්වන්නෙ.

 


● මාධ්‍යවලින් ලැබෙන ඉඩ කොහොම ද?
මාධ්‍යවලින් ලැබෙන ඉඩ ගොඩක් හොඳයි. සිරස ආයතනය පටන් ගත්තු දවසෙ ඉඳන් අද දක්වාම උදව් කරනවා. ඒ වගේම දෙරණ මාධ්‍ය ජාලයත් උදව් කරනවා. මම අනිත් මාධ්‍යවලට නම් ගොඩක් යන්නෙ නෑ. සමහර මාධ්‍ය ආයතන කලාකරුවන්ගෙන් පැකේජ් ක්‍රමයට සල්ලි ගන්නවා. සමහර අය කලාකරුවන් ඔළුව නමාගෙන එන එක බලාපොරොත්තු වෙනවා. ඒත් මම එහෙම කරන්නෙ නෑ. සමහර මාධ්‍ය ආයතන ළඟට මම යන්නෙත් නෑ. ගොඩක් අය මාත් එක්ක තරහයි.

 


● එතකොට ඉරාජ්ගෙ ගීත Hit කරගන්න වැඩිපුරම යොදාගන්න මාධ්‍යය මොකක් ද?
වැඩිපුරම ගීත Hit කරගන්න කියලා එකක් නෑ. මම මාධ්‍යවලට නෙමෙයි ඉස්සෙල්ලම ගීත දාන්නෙ ශදම ඔමඉැ එකෙන්. එතකොට මගෙ ප්‍රේක්‍ෂකයො එතනින් ඒවා බලනවා. මම මාධ්‍ය පස්සෙන් යන්නෙ නෑ. මගෙ ගීත Hit කරන්න කියලා දැන් තියෙන මල් සින්දු ඒ කියන්නෙ දැන් තියෙන රිගින් ටෝන් සින්දු කරනවා වගේ මුදල් ගෙවලා මම මගෙ ගීත බලෙන් මිනිසුන්ට අස්සවන්නෙ නෑ.

 


● ඉදිරියේදී මොනව ද ක්‍ෂේත්‍රයේ කරන්න ඉන්න වෙනස්කම්? අලුත් ආන්දෝලනාත්මක ගීත බිහිවෙනව ද?
මම හැමදාම ආන්දෝලනාත්මක අමුතු ගීත කළේ. දැන් ගොඩක් අය කතාවෙන්නෙ සිල් බිඳගත්ත ගීත ගැන විතරනෙ. නමුත් මම ජාතිවාදය ගැන ගීතයක් කළා “මනුසතා” කියලා. ඒත් ඒවා ගැන කවුරුත් කතා කරන්නෙ නෑ. මට තව ලොකු බලාපොරොත්තුවක් තියෙනවා 2017 දී මේ රටේ ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනෑ කියලා. ඒ සඳහා අපි පිරිසක් එකතු වෙලා ජනාධිපතිතුමා එක්කත් කතා කරන්න ඉන්නෙ. 

 


● පරණ ගීත රැප් කරන එකට ඉරාජ්ට ගොඩක් විවේචන ආවා නේද?
විවේචන කරනවා ඉතින්. ඒවා කරන අය මේ රට වෙනුවෙන් මොනව හරි කරලා තියෙන අය නම් ප්‍රශ්නයක් නෑ. මේ කිසිම වැඩකට නැති මෝඩ රැලක් අපි කරන හැමදේටම කෑ ගහනවා. මම නම් ඉතින් ඒ විවේචන දිහා බලන්නෙ නෑ. මම මගෙ වැඩ කරගනෙ යනවා. 

 


● ඉරාජ්ගෙ ගීත තනුවලට මොනවගේ ප්‍රතිචාරයක් ද තියෙන්නෙ?
මම කරන ගීත තනු මම හිතනවා හොඳ මට්ටමක ඇති කියලා. නැත්නම් මට දකුණු ඉන්දියානු චිත්‍රපටිවලට ආරාධනා ලැබෙන්නෙ නෑනෙ. මම හදපු ගීත ගොඩක් ජනප්‍රිය වුණා. විජයගෙ චිත්‍රපටයක පවා ගීත කරලා තියෙනවා. ඉතින් ලංකාවෙ ගීත ඉතිහාසය ගත්තම තවම මෙතනින් එළියට ගිහින් නෑ කවුරුත්.

 


● ඉරාජ්ට සුභාවිත ගීතයක් කරන්න අදහසක් නැද්ද?
ඒවා කරන පිරිස් ඉන්නවා. ඉතින් මම ඒක කරලා හරියන්නෙ නෑ. මට ඕනෑ ලෝකෙ ජයගන්න. සුභාවිත ගීත කරලා මට හරියන්නෙ නෑ. ඒවා ඉන්දියාවෙවත්, නේපාලෙවත්, බංගලාදේශයේවත් අහන්නෙ නෑ. ලංකාවට ආසන්න රටවල කවුරුත් ඒවා අහන්නෙ නෑ. ඒත් අපේ රටේ හින්දි, දමිළ, හොලිවුඞ් ඔක්කොම ගීත හෝ ගාලා අහනවා. නමුත් අපේ මේ හදන ගීත හොඳයි කියලා එළියෙ අහන්නෙ නෑ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඇයි ඒ ගීත අහන්නෙ නැත්තෙ කියලා තමයි මම ප්‍රශ්න කරන්නෙ.

 


● අද මේ වෙද්දි ඉරාජ් පැමිණ සිටින ගමන ගැන තෘප්තිමත් ද?
ඔව්, අනිවාර්යයෙන්ම. මම කරපු ගීත නේපාලයේ එහෙම ගොඩක් ජනප්‍රිය වුණා. මම නේපාල් භාෂාවෙන් කරපු “මනමාලි” ගීතය එහෙ You Tube හරහා මිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් බලලා තියෙනවා. ඒ රටේ ජනප්‍රියම ගීතය බවට ද පත්වුණා. ඒ වගේම මගෙ ගීත දකුණු ඉන්දියාවෙ චිත්‍රපටවල කරලා තියෙනවා. ඉදිරියට මම ලබන අවුරුද්දෙ එකෝන් එක්කත් වැඩ කරනවා. එකෝන් කියන්නෙ ලෝකෙම ජනප්‍රිය කලාකරුවෙක්. ඇමෙරිකාවෙ ගීත දර්ශකයෙ ඉදිරියෙන්ම හිටපු කෙනෙක්. ඉතින් මේ හැම දේ එක්කම මම හිතනවා මම දෙයක් කරලා තියෙනවා කියලා.

 


● ප්‍රසංග වේදිකාවෙ තියෙන ඉල්ලුම කොහොම ද?
ප්‍රසංග වේදිකාවට මම සහභාගි වෙන්නෙ නෑ. මොකද මම මේ රටේ ගොඩක් වෙලාවට නෑ. නමුත් ඉන්න වෙලාවෙ පුළුවන් තරම් දෙයක් මම කරනවා. මේ ටිකෙත් බොහොම අඩුවෙන් වැඩ භාරගත්තෙ. මම අවුට් ෂෝවලට සහභාගි වෙන්නෙ ඇත්තටම හරි අඩුවෙන්. 

 


● ඉරාජ්ට ආදරේ ගැන මොකද හිතෙන්නෙ?
ආදරේ ගැන හිතන්න මට වෙලාවක් නෑ. ඒ සම්බන්ධව හිතන්න බැරි මම ගොඩක් කාර්යබහුල නිසා. ඉතින් ඒක පොඞ්ඩක් පැත්තක තියලා තියෙන්නෙ.

 


● දැන් විවාහ වෙන්න සුදුසු කාලය නේද?
විවාහ වෙනවා කියන එක අවශ්‍යම දෙයක් නෙමෙයි. ඒක අපිට අපේ ඔළුවට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නෙ. අපි ජීවිතේ ඉපදුණු දවසෙ ඉඳලා ඉගෙනගන්න ඕනෑ, විවාහ වෙන්න ඕනෑ, ළමයි හදන්න ඕනෑ, ළමයිට ඔක්කොම හම්බකරලා දීලා අපි මැරිලා යනවා කියන එක. ඒත් අපි වෙනස් විදියට හිතන්න ඕනෑ. අපිට ඒක අවශ්‍යම දෙයක් නෙමෙයි. අවශ්‍ය වුණොත් විවාහ වෙනවා. නමුත් ඒක ජීවිතෙ අවශ්‍යම දෙයක් නෙමෙයි සාර්ථකත්වයට.

 


● ඉරාජ්ගෙ විනෝදාංශ මොනව ද? 
ගොඩක් වෙලාවට ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඒ වගේම බැඞ්මින්ටන් ගහන්නත් ගොඩක් ආසයි. තව ත්‍ඉ ඉන්නවා, අලුත් චිත්‍රපට බලනවා. You Tube හරහා අලුත් ගීත අහනවා එක එක රටවල ගීත. ඒවා තමයි.

 


● එතකොට කැමතිම ක්‍රීඩාව ක්‍රිකට් ද?
ඔව්. ක්‍රිකට්වලට ගොඩක්ම ආසයි.

 


● කැමතිම ක්‍රීඩකයා ගැන කිව්වොත්?
රොමේෂ් කළුවිතාරණ, උපුල් චන්දන, සනත් ජයසූරිය මේ හැමෝටම කැමතියි.

m



අදහස් (0)

නදීෂාගේ ලිප් කිස් එක නිසයි ‘සිල් බිඳගත්ත’ ගීතය ආන්දෝලනාත්මක වුණේ

නුවන් Wednesday, 04 January 2017 03:20 PM

හැම ජරා සින්දුවකටම බෞද්ධ දේවල් ගා ගන්නේ නැතුව බැරිද අනිත් ආගම් ගැනත් අර වගේ සින්දුවක් ලියන්න කියන්න?? (බ)

:       0       0

අකිල Thursday, 05 January 2017 09:07 AM

ඔව් සිල් බිදගත් කියලා ඒ වගේ දර්ශන තියෙන වීඩියෝවක් කරලා ජනප්‍රිය වෙන්න කාටත් පුළුවන්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 716 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 66 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 169 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 211 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 150 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 224 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site