IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


නවගත්තේගම දොඩම් වගාකරුවෝ අතරමං

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නිසි මිලක් නොමැතිකමින් නවගත්තේගම මහ අන්දරවැව දොඩම් වගාකරුවෝ අන්ත අසරණ වී සිටිති. 


නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් වසමට අයත් මහ අන්දරවැව ගම්මානයේ පවුල් 100කට ආසන්න ප්‍රමාණයක් තම ජීවිකාව සරිකර ගැනීමේ අරමුණින් දොඩම් වගාව අරඹා තිබුණද එය මේ වනවිට සිහිනයක් බව ඔවුහු පවසති.


මෙහිදී වගාකරුවන් අතරින් පළමුව අදහස් දැක් වූ මහ අන්දරවැව ඊ. එම්. ගුණරත්න බණ්ඩා පැවසූවේ මෙවැන්නකි.


‘අපේ දොඩම්වලට නියම මිලක් නොමැති නිසා අපි පුදුම විදියට අසරණ වී සිටිනවා. මහ අන්දරවැව දොඩම්වලට නියම ගැනුම්කරුවකු නොමැති නිසා මිලදී ගන්න එන ගැනුම්කරුවන් අපිට දෙන්නේ අඩුම මිලක්. හොඳ ගැනුම්කරුවකු ආවොත් ස්ථාවර සාධාරණ මිලක් ලබාදෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා’ යැයි ඔහු පවසයි.


දොඩම් වගාකිරීමේ යෙදී සිටින චම්පා දිල්හානි මහත්මිය මෙසේ පැවසුවාය.


‘අපි දොඩම් වගාව සඳහා විශාල වියදමක් දරනවා. මේ පළාතේ පවතින නියගයට ඔරොත්තු දෙන ආකාරයට දිවුල් ගසට දොඩම් ගස බද්ධ කරලායි වගා කරන්නේ. නමුත් රසයේ කිසි අඩුවක් නැහැ. ඵලදාවත් හොඳ මට්ටමක තියෙනවා. ඇතැම් කාලවලදී දොඩම් ගෙඩි ගස් යට කුණු වී යනවා. ඒ තරමට අපේ දොඩම් අස්වැන්නට නිසි මිලක් නැති වෙලා’ යැයි ද ඇය පවසයි.


දොඩම් වගාකරුවකු සහ දොඩම් වෙළදාම් කරන්නෙකු වන ආර්.එම්. ඩිංගිරි බණ්ඩා මහතා දොඩම් තොගයක් අලෙවි කිරීමට රැගෙන යන අතරතුරදී මෙසේ පැවසීය. 


‘නවගත්තේගම මහ අන්දරවැව කියන්නේ දොඩම් වගාවට හොඳ ගම්මානයක්. මේ ගම්මානයේ පවුල් 100ක් විතර දොඩම් වගාකරනවා.  අක්කරවලින් කිව්වොත් 100කට වැඩිය වගා කරනවා. ඒ තරමට සාර්ථක අන්දමින් දොඩම් වගා කරනවා. නමුත් ඒ සඳහා වෙළඳපොළක් නැහැ. මම දොඩම් වගා කරනවා වගේම අලෙවි කටයුතුත් සිදු කරනවා.  ඇතැම් කාලවලදී අපේ දොඩම් මිලදී ගන්න කිසිම පුද්ගලයෙකු එන්නේ නැහැ. නමුත් පිටරටින් එන දොඩම් වලට පුදුම ඉල්ලුමක් තියෙන්නේ. ඒ දොඩම්වල තියෙන රසායනික ද්‍රව්‍ය ගැන අපේ මිනිසුන්ට කිසි තැකීමක් නැහැ. පොත්තටයි රහටයි වහවැටිලා වහ කනවා’ යි ඔහු පැවසීය.

 



අදහස් (16)

නවගත්තේගම දොඩම් වගාකරුවෝ අතරමං

sarath Friday, 19 October 2018 08:19 AM

එකතුවෙලා කොළඹට ගෙනෙන්න මේ දොඩම් වීදුරුවක් 100 -250 යනකල් යනවා. ගෙඩියට සාධාරණ ගානක් දෙන්න බැරි මොකද?

:       0       73

casmir Friday, 19 October 2018 10:07 AM

මේ රටේ 15 % රාජ්‍ය නිලධාරීන් , දිසපති කාර්යලවලට අනුයුක්ත කරලා ඉන්න සංවර්ධන නිලධාරීන් මොනවද කරන්නේ . මේ රට දියුණු කරන්ඩ ඕනනම් කෘෂිකර්මාන්තය දියුණු කරන්ඩම ඕන . මේ මෝඩ දේශපාලකයන්ටයි සහ රාජ්‍ය නිලදරීන්ටයි මේක තේරුම්ගන්ඩ බැහැ. ලංකාවේ මිනිස්සු දේශපාලකයෝ 8000 නඩත්තු කරනවා එත් මුන්ගෙන් වැඩක් නැහැ .

:       0       271

Dayan Friday, 19 October 2018 01:13 PM

මේවා ගැන සොයලා බලලා කටයුතු කරන්න තමයි මන්ත්‍රීවරු සහ ආණ්ඩු පත්කරන්නේ... ඔවුන් මේවා බල්න්නේ නෑ. හම්බ කරගන්නේ කොහොමද කියලයි හැම වෙලාවේම බලන්නේ...

:       0       37

ධනුෂ්ක Friday, 19 October 2018 03:15 PM

මේ මගේ ගමට අල්ලපුගම. අපෙත් තියනවා අක්කර තුනක පැනි දොඩම් වගාවක්... ගෙඩියක මිල රුපියල් පහක් විතර වෙන්නේ කිලෝඑකක් රුපියල් පනහක්වත් නෑ. හැබැයි පෙරේදා කොළඹ සුපිරි වෙළඳසල්වල කිලෝ එක රුපියල් 350යි. ගොවියට වැඩකුත් නෑ පාරිභෝගිකයට සහනයකුත් නෑ. මේකට අනිවාර්යයෙන් අපේ මිනිස්සු එක්ක එකතුවෙලා පියවරක් ගන්නවා. අතරමැදියන් අතට පත්නොකර කෙලින්ම අදාල අායතන වෙතටම දොඩම ලබාදීමට... මා පිලිබඳ අායතන කිහිපයක් සමගම කතා කළා... යහපත් පිළිතුරු ලැබුණා... හැබැයි මෙය මගේ ලාභය උදෙසා නොව අපි සියලු දෙනාගේ ලාභය උදෙසා. වැඩේ පටන් ගන්නයි ටිකක් අමාරු..

:       3       119

tommySaturday, 20 October 2018 01:28 PM

ගොවීන් සංවිධානය කර, හැමදාමත් පරිබෝගිකයා සුර කෑ අතරමැදියා අභිබවා යන්නට ඔබ දරන තැත ප්‍රශංසනීයයි. නමුත් කිසි දිනක අපේම ඡන්දෙන් පත්වුණු දේශපාලකයින්ගෙන් නම් කිසිම උදව්වක් බලාපොරුත්තු වෙන්ට එපා. ඒ අය හැමදාමත් අතරමැදියාගේ අල්ලසට යටයි. දඹුල්ලට එළවලු ගෙනෙන ගොවියන් හට තවමත් සංවිධානය වීමට නොහැකි වීම කණගාටුවට කරුණක්.

:       0       7

tikiri Saturday, 20 October 2018 01:15 AM

මේකට හේතුව රට පාලනයෙන් තොර වීමයි. මහන්සි වෙන ගොවියාගෙන් කුණුකොල්ලයට අරගෙන පාරිභෝගිකයාට ගිණි ගානට දෙනවා. අන්තිමට මිනිස්සු ගන්නේ නැතිව පලතුරු කුණු වෙලා යනවා. රටේ කෘෂි කර්මාන්තයට සම්බන්ධ ආයතන කීයක් තියෙනවද ? රටේ හැමතැනම එක කාලෙට එකම දේ වගකරලා අස්වැන්න විසි කරන්නේ නැතිව ගොවියන් සමග සම්බන්ධීකරණයෙන් එක් එක් ප්‍රදේශ වල විවිධ දේ වගා කලා නම් මෙතරම් පාඩුවක් වෙන එකක් නැහැ. අපේ පැතිවල එළවලු, පලතුරු ගිනි ගණන්, දඹුල්ලේ ඒවා අලින්ට කන්න දමනවා. කිලෝ මීටර් කීයද තියෙන්නේ .

:       0       37

ajith Saturday, 20 October 2018 01:32 AM

දොඩම් යුෂ බෝතල් කරන්න දොඩම් වැඩි කාලෙට.

:       0       3

සෙනෙවි Saturday, 20 October 2018 01:55 AM

දොඩම් ආනයනය තහනම් කරන්න, දේශිය ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න හොඳ බෙදාහැරීමේ ජාලයක් සකසන්න

:       1       10

ලක්ෂ්මන් Saturday, 20 October 2018 02:26 AM

පිට රටින් දොඩම් ගෙනාවම රටට ගොවියන්ට මොනවා වුනත් තීරුබදු ලැබෙනවානේ. පාලකයො හිතන්නේ ඒක පමණයි. ලංකාවේ දොඩම් ඵලදාව ලැබෙන කාලෙටවත් විදේශ විනිමය වැයවෙන දොඩම් ගෙන්වීම නතර කරන්න බැරිද. ගමක් ගානෙ සිටින කෘෂිකර්මය ගැන පර්යේෂණ කරන කණ්ඩායම් මේවාට වගකිව යුතු නැද්ද.

:       0       11

Rohitha Saturday, 20 October 2018 07:02 PM

මහා ලොකුවට සතුන්ගෙන් වෙන හානි වලක්වන්ට සතුන් මරන්න හදනවා එත් තවම බැරිඋන ගොවියන්ගේ අස්වැන්න විකුණා ගන්න ක්‍රමයක් හදලා දෙන්න .

:       0       19

P.D.Fernando Saturday, 20 October 2018 10:46 PM

මේවා අපනයනය කල හැකිය අපනයන මණ්ඩලයට යන්න මටද උදව් කල හැක............

:       0       28

Rane Sunday, 21 October 2018 12:37 AM

ඔබ ගමම එකතු වෙන්න. වාර්ෂික අස්වැන්න ගණනය කරන්න. ෆූඩ් සිටි වගේ ප්‍රධාන ගැණුම් කරුවන්ට කතා කරන්න. ඔවුන් අකමැති වෙන එකක් නෑ.

:       0       2

dhammika Sunday, 21 October 2018 03:08 AM

රටට වැඩක් නොකරන හොර දේශපාලකයන් සහ වහල්කම් කරන මෝඩ මිනිස්සු ඉන්නකම් මේවා වෙනස් කරන්න බෑ.

:       0       13

de silva Sunday, 21 October 2018 04:23 AM

ඔච්චර මහන්සිවෙලා වගාකරන දොඩම් පොඩි බට්ට ලොරියක පටවාගෙන නගරයකට ගෙනවිත් ලොරියේම තියාගෙන විකුණගන්න බැරි මොකද ? සාධාරණ මිලක් දුන්නොත් පාරිභෝගිකයෝ ඕව ගන්නේ පොරකකා , විවෘත ආර්ථිකයක් ඇති රටක හැමදේකටම රජයට මැදිහත්විය නොහැක.

:       0       42

Perakum Sunday, 21 October 2018 08:34 AM

අපේ රටේ කෘෂිකර්මය සංවර්ධනය කරන්න කොයිතරම් දේශපාලකයින් රාජ්‍ය නිලධාරින් ඉන්නවද...? ඒ අයට පුරුදු සනීපෙට සීතල කාමර වලට වෙලා අපේ බදු මුදලින් යැපෙන්නයි පිටරට සංචාර යන්නයි විතරයි. ගොවියාගේ යහපතට මෙතෙක් මොනවද කරලා තියෙන්නෙ...? අඩු ගනනේ පිට රට ගිහින් බලල ඉගෙනගත්තු එක දෙයක් මෙහෙ ක්‍රියාත්මක කරලා තියනවද..?

:       0       50

Shobha Vidanapathirana Monday, 22 October 2018 05:37 AM

මම අපේ රටේ පැණි දොඩම් අලෙවි කිරීමට තිබෙන කාලයට ෆූඩ් සිටි සහ නාරාහේන්පිට ආර්ථිකයෙන් හැමදාම මිළදී ගන්නවා∙ ඇතැම් කාලවලදී දොඩම් මිලදී ගන්න කිසිම පුද්ගලයෙකු එන්නේ නැත්නම් ගමේම කට්ටිය එකතු වෙලා යම් වැඩපිළිවෙලක් ඇතිකර ගත යුතුයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කාශ්මීරයෙන් ඇවිලෙන ඉන්දු - පාකිස්තාන් ගිනිපුපුරු
2025 අප්‍රේල් මස 26 244 0

අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා


සෝද සෝදා එළියට අදින පාස්කු දා ප්‍රහාරය
2025 අප්‍රේල් මස 26 126 0

මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්‍


ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 497 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 693 4

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 691 1

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 13585 5

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 935 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 411 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 561 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site