IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


නවම් මස ග්‍රහ ගමන ඔබට කරන බලපෑම !

මේෂ ලග්නය


පොදු තත්ත්වය:
මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති හා යෝගකාරක ග්‍රහයන් මෙම නවම් මස තුළ ශුභ යෝග බලයෙන් ගමන් කිරීම නිසා වැඩකටයුතුවල සාර්ථකභාවයක් ගොඩනගා ගත හැකිවන්නේය. අවහිර බාධා මතුකළත් ඒවා මැඩගෙන සිය කාර්යය කටයුතු කරගෙන යා හැක. අතපසුවෙමින් පැවති කටයුතු බොහොමයක් සාර්ථකව අවසන් වන මාසය බවට පත් වේ.

 

RIVIMADALA_P2

 

අධ්‍යාපනය:
විද්‍යාස්ථානාධිපති පීඩාවකින් තොරව ගමන්කරන බැවින් ඉගෙනීම් කටයුතුවලට යහපත් වන්නේය. දැනුම, කුසලතාව වැඩිදියුණු වන විවිධ සම්මන්ත්‍රණාදියටත් සම්බන්ධවීමට අවස්ථාව උදාවේ. නව විද්‍යස්ථානවලට හා විෂය පාඨමාලාවන්ටත් සම්බන්ධවීමට අවස්ථාව සැකසේ. පොතපතට සිත ඇදෙන මාසයකි.

 


ආර්ථිකය - රැකියා හා ව්‍යාපාර:  
 මෙය බොහෝදුරට ඔබගේ මූල්‍ය අවශ්‍යතා පිරිමැසෙන මාසයකි. ගනුදෙනුවකින් වාසි කිහිපයක් ද අත්වේ. එසේම ඔබට මෙම මාසයේ දී අත්‍යාවශ්‍ය හා සැලසුම් කළ වැඩවලට අවශ්‍ය මිල මුදල් කෙසේ හෝ ලැබේ. අලෙවි කරගැනීමට අසීරු වූ නිශ්චල, චංචල දේපළක් ද අලෙවි කරගැනීමට පසුබිම සැකසේ. ආර්ථික හා දේපළයන් හි ප්‍රගතියක් ගෙනදේ. 


කර්මස්ථානාධිපති සිකුරු බලයෙන් හැසිරෙන මෙම මාසයේ රැකියා ව්‍යාපාරාදියේ ප්‍රගතියට කටයුතු සිදුවේ. රාජකාරියට බලපෑ බාධාකාරී පසුබිමක් පහව යයි. සැලැසුම් කළ දෙස් විදෙස් රැකියාවක් උදෙසා බලපෑ බාධාවන් ද පහව යයි. ස්වයං ව්‍යාපාරාදියේ වැඩිදියුණුවක් සැලැසේ. ආර්ථික හා  රැකියා කටයුතුවල ප්‍රගතියක් ගොඩනගයි.

 


යුග හා ප්‍රේමදිවිය:-
තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමග හටගෙන තිබූ අමනාප නොමනාප මගහැරේ. ඔබගේ ප්‍රේම සබඳතාවට හා යුගදිවියට අදාළව බලපෑ විරුද්ධවාදීකම්, විවිධ අභියෝග වැනි දෑ පහවී යයි. පැරැණි සබඳතා නැවතත් ඇරඹීම සිදුවේ. අවිවාහක ඔබට විවාහ යෝජනා ගෙනඑනු ලැබේ. විරුද්ධ ලිංගික සබඳතා වැඩිපුර පවත්වාගෙන යා හැකි මාසයකි. 

 


සෞඛ්‍ය:
මළබද්ධය, අර්ෂස්, මූල රෝග ඇති අයත් දණහිසෙහි හා සන්ධි වේදනා පවතින අයත් තම රෝගී ගති උත්සන්න වන බැවින් නිසිපරිදි වෛද්‍ය උපදෙස් ගන්න. 

 

 


වෘෂභ ලග්නය


පොදු තත්ත්වය:
ඔබගේ ලග්නාධිපති හා ලග්න නැකත් අධිපතීන් බලයෙන් යුක්තව හැසිරෙන මෙම මාසය තුළ ඔබගේ අරමුණු සැලසුම් බොහෝදුරට ඉටුකරගැනීමට අවස්ථාව සැලසෙන්නේය. එහෙත් කලබලයට නොසොයා, නොබලා දෛනික කටයුතුවල නිරත නොවන්න. සතුරු බාධක යෙදුණත් ඒවා මැඩගෙන කටයුතු කළ හැක.

 


අධ්‍යාපනය :-
විශේෂයෙන් ඔබ මෙම මාසය තුළ තම අධ්‍යාපනික කටයුතු කෙරෙහි දැඩි උනන්දුවක් කැපවීමක් කළයුතුය. විනෝදයට බරව කෙලි සෙල්ලමින් කටයුතු කිරීමට නොයන්න. වැඩි වශයෙන් පොතපතට යොමුවන්න. අවබෝධ ඥානය, ධාරණ ශක්තිය ගොඩනැගෙන මාසයකි. උදාසීන ගතිවලින් මිදෙන්න.

 


ආර්ථිකය - රැකියා හා ව්‍යාපාර:  
මෙම මාසය තුළ අඩපණව පැවති ඔබගේ ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගත හැකිවන්නේය. අමතර ආදායම් මාර්ගයක් ද සලසාගැනීමට අවස්ථාව උදාවේ. පොදුවේ අතට මිල මුදල් ලැබෙන වැඩපිළිවෙළක් සැකසෙන අතර බොහෝදුරට ප්‍රධාන මූල්‍ය අවශ්‍යතා රැසක් ඉටුකර ගැනීමට ද ඉඩප්‍රස්ථා සැලසේ. මුල් සති දෙකේ දී අනවශ්‍ය වියදම්වලින් මිදී කටයුතු කරන්න.


ඔබගේ රැකියා හා ව්‍යාපාරික කටයුතු කෙරෙහි වැඩි දියුණුවක් සැකසෙන අතර රාජකාරියට හා ව්‍යාපාරික ස්ථානවලට අදාළව පැවති ගැටලුකාරී ස්වභාවයක් හා අවිනිශ්චිතතාවක් පහවගොස් තෘප්තිමත්භාවයෙන් රාජකාරියේ නිරතවීමට පසුබිම සැකසේ. අලුත් රැකියා අපේක්ෂිත ඔබට උත්සාහ ගතහොත් නව රැකියා ලාභ හිමිකර ගත හැකිය. විදෙස් රැකියාවක් කෙරේ සිත ඇදී යන අතර ඒ සම්බන්ධ බලාපොරොත්තු ද ඉටුකර ගත හැක. ආයතනය තුළ තම හැකියා කුසලතාවන්ට නිසි තැන ලැබෙන මාසයකි. මුල් සති දෙකේ දී හවුල් ව්‍යාපාරවල ගැටලු ඇති නොකර ගන්න.

 


යුග හා ප්‍රේමදිවිය :-
මෙම මාසය තුළ ඔබගේ ආදර සබඳතා හා යුග දිවියේ කටයුතු කෙරෙන් සුබ - අසුබ මිශ්‍ර බවක් ගොඩනැගේ. කලක් අතහැර දමා තිබූ පෙම් සබඳතාවක් නැවත ගොඩනැගෙන යමක් සිදුවේ. ස්වාමියා මෙන්ම ප්‍රේමවන්තයා, ප්‍රේමවන්තිය අතර සම්බන්ධය බැඳීම ගතවූ මාසයට වඩා මෙම මාසයේ දී වැඩි වන්නේය. හුදු විනෝදාස්වාදයට පමණක් පෙම් සබඳතා පවත්වන්නට යන්නේ නම් මෙම මාසය ඒ සඳහා උචිත නොවේ. 

 


සෞඛ්‍යය :-
බඩවැල් ආශ්‍රිත අසනීප, අර්ශස් රෝග, ආමාශගත ආබාධ ඇති අය ඒ කෙරේ වඩාත් ආරක්ෂා වන්න.

 

 


මිථුන ලග්නය


පොදු තත්ත්වය -
ඔබගේ ලග්නාධිපති බුධ හා යෝගකාරක කිවි ශුභාශුභ මිශ්‍ර අයුරින් යුක්තව සිටීම නිසා ඔබට ද මෙම මාසය ශුභාශුභ මිශ්‍ර ඵල ගෙනදෙන්නේය. එබැවින් තම අරමුණු සැලැසුම් සාර්ථක කරගැනීමට වඩාත් කැපවන්න. පෙබරවාරි මුල් සති දෙක වැඩ කටයුතුවලට බාධා ඇති කළත් අවසන් සති දෙක ශූභ ඵල සහිතයි.  

 

 
අධ්‍යාපනය - 
ඔබගේ විද්‍යාස්ථානයේ කුජ ගමන් කරන බැවින් ඉගෙනීම් කටයුතුවලට අවහිර බාධාවන් ඇතිකරයි. පොතපතට ඇති උනන්දුව යොමුවීම අඩුවී විනෝදයට බරවන බැවින් එවැනි දෙයට නතු නොවී සිය අධ්‍යාපනික කටයුතුවලට ප්‍රමුඛත්වයක් දී ක්‍රියාකරන්න. මිතුරු මිතුරියන් ඇසුරු කිරීම්වලදී සැලකිලිමත් වන්න. අවසන් දින 10යේ දී අධ්‍යාපන කටයුතු කෙරෙන් සුබදායක දෑ සිදුවේ.

 


ආර්ථිකය - රැකියා හා ව්‍යාපාර:  
මෙම මාසය තුළ දී ඔබගේ ආදායම් තත්ත්වයේ ප්‍රගතියක් පෙන්නුම් නොකරයි. විකිණීම්, මිලයට ගැනීම් ආදියෙන් ලාභ ප්‍රයෝජන සැලසීමත් අඩු වේ. හදිසි වියදම් යෙදෙන මාසයක් බැවින් මුදල් පරිහරණයේ දී සැලකිලිමත් වන්න. ණය ගනුදෙනු අපේක්‍ෂාවන් කල්යන දෑ සිදුවේ. උරුම හිමිකම් ප්‍රශ්න, බදු ප්‍රශ්න යනාදියත් ඇතිවීමට පිළිවන් මාසයක් බැවින් අවධානයෙන් කටයුතු කරන්න.


තම රැකියා හා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතු සම්බන්ධයෙන් යහපත් වෙනසක් පෙන්නුම් කරයි. නිරත රැකියාවේ ඉදිරි ගමනක් ඇතිවේ. හවුල් ව්‍යාපාරවල නිරත ඔබට යම් යම් වාසි සැලැසේ. තරග විභාග සම්මුඛ පරීක්‍ෂණයන්ට පෙනී සිටීමටත් අවස්ථාව ලැබේ. කෙසේ නමුත් මේවා වෙනුවෙන් වෙහෙසකර ගමන් බිමන් යෙදේ.

 


යුග හා ප්‍රේමදිවිය :-
ඔබට මෙම මස තුළ දී ආදර කටයුතු හා යුගදිවියේ කටයුතු කෙරෙන් සතුටුදායක සිදුවීමක් ද ඇතිවන්නේ නමුදු මේවා වෙනුවෙන් වැඩි වශයෙන් මිල මුදල් වියදම්වීමක් සිදුවේ. බිරිඳ ස්වාමියා අතර හොඳ හිත වැඩිදියුණු වන දෑ ගොඩනගාගන්න. ප්‍රේමාන්විත හැඟීම් ඔබ තුළ වැඩි වශයෙන් උද්දීපනය වෙයි. හදිසියේම නොසොයා, නොබලා දැනහැඳිනුම් ඇති නොකර ගන්න. මෙය ගෙදරදොර පවුලේ අය සමග සාමය සහජීවනය නිබඳව ගොඩනගා ගතයුතු මාසයක් ද වේ.

 


සෞඛ්‍යය
සන්ධිගත පීඩා සුළු වශයෙන් ඇතිකළත් වැඩිපුර නිරෝගිභාවයක් ඇති වේ.

 


කටක ලග්නය


පොදු තත්ත්වය:-
ඔබගේ ලග්නයට අනුව ග්‍රහ ගමන ශුභාශුභ මිශ්‍ර බලයෙන් ගමන් කිරීම සිදුවන මෙම මාසය තුළ ඔබගේ අත්‍යාවශ්‍ය කටයුතු කෙරෙන්ද ශුභාශුභ මිශ්‍ර බවක් ගොඩනැගේ. 

 


අධ්‍යාපනය :-
ඔබගේ සියලු අධ්‍යාපනික කටයුතු අවහිර බාධාවකින් තොරව කෙරෙනු ඇත. විශේෂයෙන් තම අධ්‍යාපන කටයුතු නව මගකට යොමුවෙන මාසයකි. පොතපත කියවීමට පෙරට වඩා කාලය යොදවයි. බලපෑ උදාසීන ගති පහව යනු ඇත. මෙය ඔබේ දැනුමට අලුත් යමක් එකතුවන මාසයකි.

 


ආර්ථිකය - රැකියා හා ව්‍යාපාර:  
මූල්‍ය ක්ෂේත්‍රයේ බලපෑ ප්‍රශ්න ගැටලු රැසක් නිරාකරණය වනු ඇත. ක්‍රමානුකූලව වැඩි මහන්සියක් නැතිව ආදායම් ලැබෙන විදියට කටයුතු පිළියෙළ වේ. ආදායම අඩු, වැඩි වූවාට හිත ස්ථිරව තබාගෙන දෛනික කටයුතුවල නිරතවීමටත් පිළිවන. බොහෝවිට උරුම හිමිකම් අයිතිවාසිකම් වැනි දෑ ඔබට මෙම මාසය තුළ හිමි වේ. ඒ එසේ නමුදු මුල මුදල් ඉතිරියක් නොවන අයුරින් වියදම් ද යෙදේ.


කර්මස්ථානාධිපති බලවත් බැවින් මෙම මාසය තුළ ඔබගේ රැකියා ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව කෙරෙනු ඇත. අලුත් රැකියා අපේක්ෂිත ඔබට ඊට අදාළ බලාපොරොත්තු ඉටුකර ගතහැකි වන්නේය. රැකියා ආයතනය තුළ තමා අගයකරන යමක් සිදුවන අතර අමතර වගකීම් ද පිරිනැමේ. තනතුරු නිලතල උසස්වීම් බලාපොරොත්තු අයගේ අදහස් සඵල වේ. වෙළෙඳ ප්‍රචාරක හෝ ප්‍රවාහන, සංචාරක වැනි ව්‍යාපාරයන්හි නිරත වන්නන්ට වැඩි දියුණුව සැලසෙන්නේය. 

 


යුග හා ප්‍රේමදිවිය :-
ඔබට මෙම මාසයේ මුල් සති දෙකේ දී අදහස් කළ අන්දමට හෝ සැලසුම් කළ පරිදි හෝ ආදර සබඳතා හෝ විවාහ කටයුතු සිදුවීම නිසා හිතට සහනය සතුට ඇතිවන්නේය. කල්යල් ඇද ඇද පැවති විවාහ යෝජනාවක් හෝ පෙම් සබඳතාවයකට අදාළ කටයුත්තක් එහිදී ස්ථිරව තහවුරු වන අන්දමේ යමක් සිදුවේ. අවසන් සති දෙකේ දී ගමන් බිමන් හේතුවෙන් ඇතිවන දැනහැඳුනුම් මුල්කොට කරදර ඇතිවීමේ ඉඩක් ඇත. මීට අදාළ කටයුතු හේතුවෙන් නිශ්ප්‍රයෝජන ගමන් පවා එහිදී යෙදේ. 

 


සෞඛ්‍ය:-
ඇස්වල පීඩාකාරී ස්වභාවයක් මතුවන දෑ සිදුවේ. පපුවේ වියළි කැස්ස, පීනස් ආසාදන ද හටගන්නා මාසයක් ද වේ.

 

 


සිංහ ලග්නය


පොදු තත්ත්වය:
සිංහ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති රවි හා යෝගකාරක කුජ ශුභාශුභ මිශ්‍ර බලයෙන් හැසිරෙන මෙම මාසය ඔබගේ කාර්යය කටයුතු කෙරෙන් ද ශුභාශුභ මිශ්‍ර බවක් ගෙනදේ. පෙබරවාරි මුල් සති දෙක වැඩි වශයෙන් ශුභ ඵල උදාවී යහපතට කටයුතු පිළියෙළ වීම සිදුවන්නේය. අවසන් සති දෙක බාධක සහිතයි.

 


අධ්‍යාපනය:
විද්‍යස්ථානාධිපති තරමක් දුර්වල බැවින් උනන්දුවෙන්, කැපවීමෙන් අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතුයි. දක්‍ෂතා පෙන්වූ විෂයයන් කෙරේ උදාසීන ගති මතුකරයි. අධ්‍යාපනික කටයුතු, පාඨමාලා වැනි කටයුතු සඳහා විදේශගතවීමට හෝ දුරබැහැර පෙදෙසක යාමට සිත යොමුවෙයි. සියලු අධ්‍යාපන කටයුතුවලට උනන්දු වන්න.

 


ආර්ථිකය - රැකියා හා ව්‍යාපාර:  
මෙම මස තුළ ඔබගේ අපේක්‍ෂිත මූල්‍ය සැලසුම් ඉටුවන්නේ නමුදු අනවශ්‍ය වියදම්වල යෙදේ. ලාභ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයින් ලාභ ලැබේ. බලාපොරොත්තු වන ආර්ථික සහන ඔබට හිමිවනු ඇත. ගනුදෙනුවල දී කල්පනාකාරී වන්න.


අධිෂ්ඨානශීලීව රැකීරක්‍ෂා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවල නිරත වුවහොත් දැඩි ගැටලු ඇති නොවී දියුණුවට කටයුතු පිළියෙළ කරගත හැක. පෙබරවාරි මැද භාගයෙන් පසු තරග විභාග, සම්මුඛ පරීක්‍ෂණාදියට කැඳවීම් ලිපි ලැබේ. තම දක්‍ෂතාවන්ට ගැළපෙන තාවකාලික රැකියාවක් හෝ ලැබේ. රාජකාරියට හා ව්‍යාපාරික කටයුතුවලට පැනනගින සතුරු කුමන්ත්‍රණ, විරුද්ධවාදීකම් කෙරේ මුල් සති දෙකේ දී අවධානයෙන් පසුවන්න.

 


යුග හා ප්‍රේමදිවිය :-
මෙම මස අග සති තුන තුළ ආදර සබඳතා හා දැනහැඳිනුම් වැනි දෑ කෙරෙන් යහපත් වන අතර මුල් සති දෙක මේවා කෙරෙන් අසහන, සිත් තැවුල් මතුවන පසුබිමක් ගොඩනැගේ. විශේෂයෙන් මෙම මාසයේ දී ඔබට නුසුදුසු හා නොගැළපෙන සබඳතා ගොඩනැගීමට ඉඩ ඇති බැවින් එවැනි දේට නතු නොවන්න. දෙදෙනා තුළ සැක කටයුතු උපදවන දෑ සිදුනොවන ලෙස අන්‍යොන්‍ය අවබෝධයෙන් කටයුතු කරන්න. ශුභාශුභ මිශ්‍රයි.

 


සෞඛ්‍ය:
ඔබ වැටීම් තැලීම්, හදිසි පීඩා, අනතුරු අබාධවලින් ආරක්‍ෂා විය යුතු මාසයකි. ශරීර සනීපය ද විටින් විට දුර්වල කරයි.

 


කන්‍යා ලග්නය


පොදු තත්ත්වය:
කන්‍යා ලග්න හිමි ඔබගේ ලග්නාධිපති හා ලග්න නැකත් අධිපතින් ශුභාශුභ මිශ්‍ර බලයෙන් හැසිරෙන නිසා ඔබගේ වැඩ කටයුතුවලට ද මෙම මාසය ශුභාශුභ මිශ්‍ර බවක් ගොඩනැගේ. මුල් දින 15 තුළ අවහිර බාධා අභියෝග මැඩගෙන කටයුතු කළ හැකිවුවත් අවසන් දින 15 තුළ වැඩකටයුතුවලට බාධා මතුවේ.

 


අධ්‍යාපනය :-
පෙබරවාරි මුල් සති දෙකේ දී තම සියලුම අධ්‍යාපනික කටයුතු සිතැඟි පරිදි උද්යෝගිමත්ව කරගෙන යාමට හැකිවුවත් අවසන් සති දෙකේ දී මතුවන බාහිර ප්‍රශ්න හා උදාසීන ගති මුල්කොට ඉගෙනුම් කටයුතු අඩපණවීමට ඉඩ ඇත. එබැවින් ඒවා කෙරේ නිසි අවබෝධයෙන් හා අවධානයෙන් කටයුතු කරන්න.

 


 ආර්ථිකය - රැකියා හා ව්‍යාපාර:  
විශේෂයෙන් ඔබට මෙම මාසය තුළ ප්‍රසිද්ධ වශයෙන් මිල මුදල් ලැබීමට හා හානිවීමට අවකාශ පවතින බැවින් මුදල් කළමනාකරණය ක්‍රමවත්ව කරන්න. විනෝදාස්වාදය වෙනුවෙන් අනවශ්‍ය ලෙස වියදම් නොකරන්න. මුල් දින 15 තුළ බලපෑ මූල්‍ය අවහිරතාවක් ද පහව යයි. ණය ගනුදෙනුවකින් නිදහස්වීමටත් ඉඩ ලැබේ. අවසන් සති දෙකේ දී අනපේක්ෂිත අයුරින් යම් යම් වියදම් ගෙනදෙන කරුණු යෙදේ.


ඔබට මෙම මස මුල් සති දෙකේ දී රැකියා හා වෙළෙඳ ව්‍යාපාර ආදී කටයුතුවල නව ප්‍රගතියක් අත්වන ලෙසට කටයුතු සිදුවන්නේය. හිතවතකු මාර්ගයෙන් රැකියා ලාභයක් සැලසේ. එමෙන්ම තම රැකියා හා ව්‍යාපාරික කටයුතුවලට සහාය ලැබිය යුත්තන්ගේ සහාය ද මැනවින් ලැබේ. පෙබරවාරි අවසන් සති දෙකේ දී රැකියා හා ව්‍යාපාරික කටයුතුවල ගැටලු ප්‍රශ්න ඇති නොවන ලෙසට කටයුතු කරන්න. හවුල්කරුවකු හෝ එකට වැඩකරන හිතවතකු අමනාපවීමේ ඉඩක් පවතින නිසා අවධානයෙන් පසුවන්න. විදෙස් රැකියාවලට අන්‍යයන්ට මුදල් දීමෙන් වළකින්න.

 


යුග හා ප්‍රේමදිවිය :-
විශේෂයෙන් ඔබට මෙම පෙබරවාරි මාසය තුළ ආදර සබඳතා හා විරුද්ධ ලිංගිකයන් සමග ඇසුර පහසුවෙන් ගොඩනැගුණත් ඒවා මුල්කොට යම් යම් ප්‍රශ්නකාරී දෑ සිදුවීමේ ඉඩක් ද ඇත. කලබලයට තීන්දු තීරණ නොගන්න. බොහෝදුරට මෙම මාසය තුළ තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමග හෝ බිරිඳ, ස්වාමියා සමග සංචාරක විනෝද ගමන් යෑමටත් අවස්ථාව උදාවේ.

 


සෞඛ්‍යය :-
ලේ හා සෙම් දූෂ්‍ය ආසාධන මළබද්ධය, මුත්‍රා රෝග ඇති අය

 


තුලා ලග්නය


පොදු තත්ත්වය:
ඔබගේ ලග්නාධිපති කිවි හා යෝගකාරක ශනි මෙම මස මුල් දින 15 තුළ ශුභව ගමන් කරන නිසා එම දින 15 තුළ ඔබට අවහිර බාධා මැඩගෙන තම කාර්යය කටයුතු කරගෙන යාමට හැකිවේ. එමෙන්ම සමාජයේ කැපීපෙනෙන අයුරින් කටයුතු කිරීමටත් පුළුවන්කම ලැබේ. අවසන් දින 15 අවහිර බාධා ඇතිකෙරේ. ගමන්බිමන්වලින් වාසි ප්‍රයෝජන අත්වන දේවල් සිදුවේ. 

 


අධ්‍යාපනය -
ඔබ එක අරමුණක තබා උදාසීන ගතිවලින් මිදී තම ඉගෙනීම් කටයුතුවලට ප්‍රමුඛත්වයක් දී ක්‍රියාකරන්න. ඉගෙනීමේ කටයුතු පසෙක දමා යහළු යෙහෙළියන් සමග විනෝද ක්‍රියාවල නිරතවීමට නොයන්න. ඉගෙනීමේ කටයුතුවලට යම් යම් බාධාවන් මතුවන මාසයකි. 

 


ආර්ථිකය - රැකියා හා ව්‍යාපාර:  
ඔබට මෙම මස තුළ ආර්ථික හා දේපළමය ලාභ හිමිවුවත් ලැබෙන මුදල් වියදම් වන කරුණු ද යෙදේ. විකිණීම් මිලයට ගැනීම්වලදීත්, යම් යම් අය සමග කරන ගනුදෙනුවලදීත් අලාභ පාඩුවීමටත්, ප්‍රශ්නකාරී දෙයට නතුවීමටත් ඉඩ තිබෙන නිසා අවිශ්වාස අය සමග කටයුතු නොකරන්න. 
මෙම මාසයේ තම රැකියා හා ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතියට කටයුතු පිළියෙළ වුවත් හදිසියේ හමුවන අය සමග සහයෝගයෙන් කටයුතු කරන්නට යෑමක් මුල්කොට ප්‍රශ්නකාරී දෑ හටගනී. නව ආයෝජනයකට කටයුතු පිළියෙළ කරගැනීමට පසුබිම සැකසේ. ආයතනය තුළ අපේක්‍ෂිත විශේෂිත දෑ සාර්ථක කරගැනීමට උත්සාහ කළත් විරුද්ධකාරයන් නිසා ඒවායේ කටයුතු නියමාකාරයෙන් කරගැනීමට අසීරු වේ. 

 


යුග හා ප්‍රේමදිවිය :-
මෙම මාසය ඔබට ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ශුභදායී වෙනස්කම් ඇතිකළත් ඔබගේ හැසිරීම් රටාව අවංක නොවීමෙන් ප්‍රේම දිවියේත්, යුග දිවියේත් අනවශ්‍ය ප්‍රශ්නයක් ද මතුවීමේ ඉඩක් පවතින නිසා ඉවසීමෙන් බුද්ධිමත්ව සිතා මීට අදාළ කටයුතු ක්‍රියවන්හි නිරතවන්න. ප්‍රේම සබඳතා ඇතිවුවත් ඒවා ස්ථිරව තහවුරු නොවේ.

 


සෞඛ්‍ය -
ආහාර දිරවීමේ දුර්වලතා, මළ බද්ධය වැනි අසනීප වැඩිපුර සාදයි. ඇස්වලට ඇතවිය හැකි හදිසි පීඩාවලින් අරක්‍ෂාකාරී වන්න.

 


වෘශ්චික ලග්නය


පොදු තත්ත්වය:
වෘශ්චික ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති කුජ හා යෝගකාරක රවි ශුභාශුභ මිශ්‍ර බලයෙන් හැසිරෙන මෙම මාසය ඔබගේ අත්‍යාවශ්‍ය වැඩකටයුතු කෙරෙන්ද ශුභාශුභ මිශ්‍ර බවක් ඇතිකරයි. එබැවින් ආත්ම විශ්වාසය අත්නොහැර උනන්දුවෙන්, උත්සාහයෙන් දෛනික කාර්යය කටයුතුවල යෙදෙන්න.

 


අධ්‍යාපනය:
විද්‍යස්ථානාධිපතිගේ පිහිටීම මත සසඳා බලනවිට මෙම මස මුල් සති දෙකේ දී ඉගෙනීම් කටයුතුවලට අයහපත් නොවුණත්, අග සති දෙකේ දී සිය අධ්‍යාපනික කටයුතු කරගෙන යාමට සිදුවන්නේ නොයෙකුත් අවහිරයන් හා බාධාවන් මධ්‍යයේය. පොතපතට වැඩි වශයෙන් සිත යොමා කටයුතු කරන්න.

 


ආර්ථිකය - රැකියා හා ව්‍යාපාර:
මෙම මස තුළ ඔබගේ ආර්ථිකමය හා දේපළමය කටයුතු කෙරෙන් එතරම් සෑහීමකට පත්විය හැකි යමක් සිදු නොවුණත්, හිඟ මුදල් දිරි දීමනා වැනි මූල්‍ය ලාභයන් ද ලැබෙනු ඇත. විකිණීම් මිලයට ගැනීම් ආදියෙන් සුළු වශයෙන් ලාභ ප්‍රයෝජන සැලසෙන්නේය.
ඔබ මෙම මස තුළ කැපවීමෙන් රැකීරක්‍ෂා ව්‍යාපාරයන්හි නිරත වන අතර එමෙන්ම රැකියා ව්‍යාපාරයන් හි කිසියම් ප්‍රගතියක් ද අත්පත් කරගැනීමටත් හැකිවන්නේය. 

 


යුග හා ප්‍රේමදිවිය :-
ඔබට සංචාරක ගමන්බිමන්, විනෝද සවාරි හෝ උත්සව ආදියට සම්බන්ධවීමක් හේතුකොටගෙන ආදර සබඳතා, විරුද්ධ ලිංගික දැනහැඳිනුම් ගොඩනැගෙන්නේය. ඔබ නොසොයා නොබලා හදිසියේ ගන්නා තීන්දු තීරණ නිසා විවාහ දිවියේ හා ප්‍රේමදිවියේ ගැටලු, ප්‍රශ්න මතුවීමටත් ඉඩ තිබෙන නිසා හැඟීම්වලට වහල් නොවී කටයුතු කරන්න. 

 


සෞඛ්‍ය:
ඔබට උදරාබාධ, ලේ දූෂ්‍ය රෝග වැනි දෑ මතුකළත් රෝගයන්ට ඔරොත්තු දෙන ශක්තිය ද ඇතිකරයි.

 

 


ධනු ලග්නය


පොදු තත්ත්වය:
ඔබගේ අත්‍යාවශ්‍ය වැඩ කටයුතු උනන්දුවේ ප්‍රමාණයට සාර්ථක කරගත හැකි වන්නේය. බාධක, කරදර මැඩගෙන අරමුණු ඉටුකර ගැනීමටත් හැකිවන්නේය. බොහෝවිට මෙය යම් යම් අයගේ සහයෝගය තම වැඩ කටයුතුවලට වැඩිපුර ලැබෙන මාසයකි.

 


අධ්‍යාපනය 
පසුගිය කාලය තුළ අඩපණව පැවති අධ්‍යාපන කටයුතුවල නව පිබිදීමක් මෙම මස තුළ ගොඩනැගේ. තරග විභාගවලට ඉදිරිපත්වීමටත්, ඉන් ඵල ප්‍රයෝජන ලැබීමටත් හැකිවන්නේය. අලුත් අලුත් දේ ඉගෙනීමටත් අවස්ථාව සැලසේ. අධ්‍යාපනික අභියෝග ජයගත හැකි මාසයකි. 

 


 ආර්ථිකය - රැකියා හා ව්‍යාපාර:  
අයස්ථානාධිපති බලයෙන් යුක්ත බැවින් ඔබගේ ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගැනීමට අවශ්‍ය සහය නිසි ලෙස ලැබේ. එසේම ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගැනීමට ඔබ යම් යම් ක්‍රියාදාමයන්හි නිරත වන සැටියක් ද ගොඩනැගේ. ආයෝජනයකට අවශ්‍ය වූ මූල්‍ය සම්පතක් කෙසේ හෝ උපයා සපයා ගැනේ. ණය මුදලකින් නිදහස්වීමටත් අවස්ථාව ඔබට මෙම මස තුළ සැලසේ. 
කර්මස්ථානයේ බලවත් ග්‍රහ යෝගයක් යෙදී තිබෙන බැවින් මෙම මාසයේ ඔබගේ රැකියා, ව්‍යාපාරික කටයුතුවලට අදාළ කාර්යයන්හි කැපීපෙනෙන වෙනස්කම් රාශියක් අනාගත ශුභ සිද්ධිය උදෙසා සැකසෙනු ඇත. 

 


යුග හා ප්‍රේමදිවිය :-
මංගල භාවාධිපති හා විවාහකාරක සිකුරු ශුභාශුභ බලයෙනි. මෙය ඔබේ ප්‍රේම දිවියේ හා යුග දිවියේ කටයුතු කෙරෙන් ද ශුභාශුභ මිශ්‍ර බවක් ගොඩනැගීමට ද හේතුවේ. මුල් දින 15 තුළ නොසොයා නොබලා කටයුතු කරන්නට යෑම නිසා විරුද්ධ ලිංගිකයා සමග මතභේද ප්‍රශ්න ඇතිවීමට හේතුවේ. හැඟීම්වලට වහල් නොවන්න. අවසන් දින 15 ප්‍රශ්න ගැටලු පහව යයි. 

 


සෞඛ්‍ය -
උදරගත රෝග, මුත්‍රා ආසාදන ඇති අය ඒ කෙරේ වඩාත් ආරක්‍ෂාවන්න. පපුවේ සෙම් පීඩා ද පහසුවෙන් ඇතිකරන මාසයකි. 

 


මකර ලග්නය


පොදු තත්ත්වය:
මෙම මාසය තුළ ඔබගේ අත්‍යාවශ්‍ය කටයුතු කෙරෙන් ශුභාශුභ මිශ්‍ර බවක් ගොඩනැගේ. මෙම මස මුල් දින පහළොවට  වඩා අවසන් දින 15 තුළ වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙළ වේ.

 


අධ්‍යාපනය :-
මෙම මාසය ඔබගේ ඉගෙනුම් කටයුතුවලට අයහපත් නොවේ. මුල් දින 15 තුළ වරින් වර සුළු සුළු බාධා ඇතිවුවත් ප්‍රමාණවත් මෙන්ම සෑහීමකට පත්විය හැකි තරමේ අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව උදාවේ. එමෙන්ම ඉගෙනගත් දෙය ක්‍රියාවට පමුණුවා බැලීමට හැකිවන මාසයකි.

 


ආර්ථිකය - රැකියා හා ව්‍යාපාර:  
ඔබ මෙම පෙබරවාරි මස මුල් දින 15 තුළ ගනුදෙනු කටයුතු හා ඉපැයීම් මාර්ගයන්හි ගැටලු ඇතිනොවන අයුරින් කටයුතු කරන්න. ඔබට එතරම් මුදල් ලාභ නොලැබෙන බවක් අන්‍යයන්ට පෙනුනත් අන්‍යයන්ට පැහැදිලිව නොපෙනෙන මාර්ගවලින් යම් යම් මුදල් ලාභ හිමිවේ. අවසන් දින 15 තුළ ධනය, දේපල කෙරෙන් සැලකිය යුතු වර්ධනයක් ගොඩනැගේ.


ඔබගේ රැකියා, ව්‍යාපාර කටයුතු දැඩි පීඩාවකින් තොරව සාමාන්‍ය තත්ත්වයකින් කෙරෙනු ඇත. අන්‍යයන් යටතේ රැකියා ව්‍යාපාරවල නිරත වන මකර ලග්න හිමියන්ට තරමක සිත්තැවුල් මතුකළත් ස්වයං ව්‍යාපාර ආදියේ නිරතවන්නන්ට ඒවායේ වැඩිදියුණුවක් සැලසේ. පොදුවේ බලන කල පෙබරවාරි මැද භාගයෙන් පසු තම රැකියා ව්‍යාපාරවල සැලකිය යුතු දියුණුවක් ඇතිවන්නේය.

 


යුග හා ප්‍රේමදිවිය :-
විශේෂයෙන් ඔබ මෙම මාසය තුළ ආදර සබඳතා හා විවාහ කටයුතුවල දී සැලකිල්ලෙන්, විමසිල්ලෙන් කටයුතු කරන්න. ඔබගේ ප්‍රේමවන්තයා, ප්‍රේමවන්තිය මෙන්ම සැමියා බිරිඳ අතර සැකයේ බීජය හටගැනීම නිසා දෙදෙනා අතර අමනාපකම් ඇතිවීමේ ප්‍රවණතාවක් ද ඇත. 

 


සෞඛ්‍යය :-
ලේ දූෂ්‍යවීම් මෙන්ම ඇසේ, හිසේ ආසාදනවලට පහසුවෙන් ලක්විය හැකි බැවින් ආහාර කෙරේ සැළකිලිමත් වන්න.

 

 


කුම්භ ලග්නය


පොදු තත්ත්වය -
කුම්භ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ශනි හා යෝගකාරක සිකුරු දැඩි පීඩාවකින් තොර නිසා මෙය ඔබට ශුභාශුභ මිශ්‍ර ඵල  උදාකරන මාසයකි. පොදුවේ ගත්කල දින කිහිපයක් තිස්සේ බලාපොරොත්තු වූ වැදගත් කාර්යයක් සාර්ථක ලෙස ඉටුකරගත හැකිවෙයි. කෙසේ නමුත් හදිසියට, කලබලයට කටයුතු නොකරන්න. අනතුරු පීඩාවලින් ආරක්‍ෂා වන්න.

 


අධ්‍යාපනය-
මෙම මාසය ඉගෙනීම් කටයුතුවල ප්‍රගතියක් ගොඩනැගෙනු ඇත. වෘත්තීය හා පාසල් මෙන්ම උසස් අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක් බලා සතුටුවිය හැකිවන අතර උසස් අධ්‍යාපන කාර්යයකට ද සිත යොමුවේ. විශේෂයෙන් අධ්‍යාපනික විශේෂ ජයග්‍රහණ ගෙනදෙන මාසයකි.

 


ආර්ථිකය - රැකියා හා ව්‍යාපාර:  
ධනකාරක ගුරු හා විශේෂ ධන භාවාධිපති සිකුරු ධන අය භාවයන්හි හැසිරෙන මෙම මාසය තුළදී ඔබගේ ආදායම් තත්ත්වයේ ප්‍රගතියක් පෙන්නුම් කරයි. විකිණීම්, මිලයට ගැනීම් ආදියෙන් ලාභ ප්‍රයෝජන සැලසේ. හදිසි ධනලාභාදීය වුවත් ලැබීමට ද ඉඩ ඇත. ණය ගනුදෙනු අපේක්‍ෂාවන් ඉෂ්ඨසිද්ධවීම සිදුවේ. උරුම හිමිකම් ප්‍රශ්න, බදු ප්‍රශ්න යනාදිය විසඳේ. 


කර්මස්ථානය ශුභ ග්‍රහ දෘෂ්ටියට ලක්වන නිසා තම රැකියා හා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතු සම්බන්ධයෙන් ගතවූ මාසයට වඩා මෙම මාසය තුළ යහපත් වෙනසක් පෙන්නුම් කරයි. නිරත රැකියාවේ ඉදිරි ගමනක් ඇති වේ. හවුල් ව්‍යාපාරවල නිරත ඔබට යම් යම් වාසි සැලසේ. තරග විභාග සම්මුඛ පරීක්‍ෂණයන්ට පෙනීසිටීමටත්, ඉන් ජයග්‍රහණ හිමිකර ගැනීමටත් අස්ථාව උදාවේ. 

 


යුග හා ප්‍රේමදිවිය :-
මෙම මස තුළ පොදු වශයෙන් ඔබ විවාහ දිවියේ කටයුතු හා ප්‍රේමදිවියේ කටයුතුවල දී වඩාත් ඥාණාන්විත වන්න. පොදුවේ ආදර දිවියේ හා යුග දිවියේ තෘප්තිමත් බවක් මෙම මස තුළ ඔබට ගෙන නොදේ. නුසුදුසු ප්‍රේම සබඳතා හා රහස් සබඳතාවන් ද ගොඩනැගීම තුළින් විවිධ ප්‍රශ්නයන්ට, අපවාද චෝදනාවන්ටත් ලක්වීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් දූරදර්ශීව ක්‍රියා කරන්න. විවාහ යෝජනාවලට අයත් පොරොන්දු ගිවිසුම්වල ස්ථිර තහවුරුභාවයක් ඇති නොවේ. 

 


සෞඛ්‍යය-
ඇස්, කන් ආශ්‍රිත සෙම් පීඩා, සිරුරේ සන්ධිස්ථානගත වේදනා කැක්කුම් වැනි අසනීප ගති ඇතිකරයි.

 

 


මීන ලග්නය


පොදු තත්ත්වය -
මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු හා යෝගකාරක කුජ බලයෙන් යුක්තව මෙන්ම ප්‍රබල යෝගයන් ද උදාකරමින් හැසිරෙන මෙම මාසය ඔබට වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙළ වන්නේය. ගතට සිතට සැපත සතුට ගෙනදෙන මාසයකි. ලලිත කලා කෙරෙහි ලැදියාවක් ද සිතෙහි ඇතිවේ. උත්සාහයන්හි ඵල ලැබේ. 

 


අධ්‍යාපනය-
ඔබ ඉගෙනීම් කටයුතුවලට වැඩි වශයෙන් යොමුවීමට හේතුවේ. එසේම මෙම මාසයේ දී ඔබ ඉගෙන ගන්නා ප්‍රමාණයට වැඩියෙන් ඔබේ ඥානය ද වර්ධනය වෙයි. උද්යෝගය උනන්දුව කැපීපෙනෙන මාසයකි. අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කෙරෙනු ඇත.

 


ආර්ථිකය - රැකියා හා ව්‍යාපාර:  
ධන අය භාවාධිපතින් ශුභ භාවගතව ගමන්කරන නිසා  ඔබට ගතවූ මාසයට වඩා මෙම මාසය තුළදී ආර්ථිකමය සහ දේපළමය වශයෙන් යම් යම් ලාභ ප්‍රයෝජන සැලසෙනු ඇත.  ඔබගේ රැකීරක්‍ෂා, වෙළෙඳ ව්‍යාපාරාදීයේ දියුණුවක් ඇතිවන්නේ නමුදු ඒවාට යම් යම් විරුද්ධවාදීකම් ඇති කෙරේ. කල්ගතවූ තරග විභාග සම්මුඛ පරීක්‍ෂණාදීයකට නැවත කැඳවීමක් ලැබේ. 

 


යුග හා ප්‍රේමදිවිය :-
මෙම මාසය තුළ ඔබගේ ආදර සබඳතා හා විවාහ කටයුතුවලට මතුව තිබූ ප්‍රශ්නකාරී ගති හා බාධාවන් පහවගොස් සාමය සතුට ඇතිවේ. සාර්ථක විවාහ යෝජනා හා ප්‍රේම සම්බන්ධතා දැනහැඳිනුම් වැනි දෑ ගොඩනැගේ. ඔබට වැඩි වශයෙන්  විරුද්ධ ලිංගික ඇසුර ලැබෙන මාසයකි. එසේම දැනහැඳිනුම් ප්‍රේම සබඳතා පහසුවෙන් ඇතිවන මාසයක් ද වේ. 

 


සෞඛ්‍යය -
හිසෙහි හා බඩවැල්වල අසනීප සුළු වශයෙන් මතුවෙයි. එසේම මුත්‍රා අසනීප උදරගත පීඩා ද සුළු වශයෙන් හෝ මතුකරයි. එවැනි රෝග කෙරේ වැඩි වශයෙන් සැලකිලිමත් වන්න.

 



අදහස් (0)

නවම් මස ග්‍රහ ගමන ඔබට කරන බලපෑම !

චතුර Thursday, 10 March 2016 11:57 AM

අප රටේ පාලකයන්ගේ සිට සේවකයන් දක්වාම පුදුමාකාරය. රටේ සියල්ල සිදුවන්නේ කාලකන්නි සහ ව්‍යාජ ජෝතිෂ්‍යය මතය. මිනිසුන් දහස් ගණනින් වියදම් කර නැකත් බලති, පොරොන්දම් බලති, ගස් ගල් වලට පුද පූජා කරති. මෙය කෙතෙක් දුරට ජනප්‍රියද යත්, අපරටේ අධ්‍යාපන විභාග පවත්වන වෙලාව පවා තීරණය කරන්නේ මෙම මිත්‍යා ජෝතිශ්‍යයි. මෝඩ මිනිසුනේ තොපි යන ගමන කොයිබද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 556 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 69 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 93 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 320 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 213 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 109 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 671 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site