IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


නිවස ගිනි ගැනීම මිනිස් ක්‍රියාකාරකමක්

21_SLMA-P-26    

 

සැන්දෑ සමයේ පවතින අධික ශීතල නිසා ගොඩකවෙල  ගමට සැදෑ අඳුර වෙනදාට වඩා කලින් උදාවිය. ඒ අන්ධකාරයේ කුමක්දෝ ගුප්ත බවක් ලියැවී තිබිණි. අදුෂ්‍යමාන බලවේගයක් ගමට ඇවිත් යැයි ගම්මුන් ද තැතිගෙන සිටියෝය. -මෙන්න ගිනි ගන්නවා, ඔන්න ගිනි ගන්නවා, බලන්න පොළව යටින් තමයි මේ ගින්න එන්නේ, පොළවත් රස්නෙයි” යැයි කියමින් මේ නිවසේ පිරිස කෑ කෝ ගසන්නට වූහ. මේ නිසා අසල් වැසියෝ ද වහ වහා දිව ආවෝය. පුදුමයකි. විස්මය ගෙන දෙන්නකි. හිටි හැටියේ සමරලතාලාගේ ගෙදර තැන් තැන්වල තැනින් තැන ගිනි ගන්නවා. මේක නම් යක්ෂයෙක් හෝ භූතයෙක් හෝ මහා සාපයකින් සිදුවනවා යැයි යන කට කතාන්දර ගොඩකවෙල, ප්‍රදේශයම සත්තකින්ම පැතිර ගියේ හදිසි ලැව් ගින්නක් මෙන්ය. 


‘මේක නම් යකෙකුගේ වැඩක්. මේක හොල්මනක් හෝ භූතයෙක් හෝ අවතාරයක් හෝ සිදුකරන දෙයක් යැයි’ ගමේ කතාව පැතිර ගියේ දෙබරයට ගල් ගැසුවාක් මෙනි. පුදුමයකි. ගමේම මුළු පිරිස, ගම්වාසීහුද බියට පත්වූහ. රාත්‍රියට මෙන්ම දහවලට ද ගසක අත්තක් ඉත්තක් කඩා වැටුණත් නිසාචර සතෙක් යම් ශබ්දයක් නාද කළ ද මේ යක්ෂයෝ හෝ භූතයෝ හෝ හොල්මන් විසින් සිදුකරන කටයුත්තක් බවට මෙම ගමේ වැඩි පිරිසක් සැක කළහ.


මේ අපේ ගෙදරට කවුරු හරි කොඩිවිනයක් කරලා අනේ. අපිට පිහිටක් ආරක්ෂාවක් වෙන්න. අපිට මේ කරදරයක් කරනවා කියමින් ගොඩකවෙල විල්ලේබැද්ද, පොල් වගාව ප්‍රදේශයේ හදිසියේ නිවසක ඇතිවූ ගින්නක් නිසා එම නිවසේ හිමිකරු වූ එස්.ඒ. සෝමසිරි මහතා මෙන්ම පවුලේ ඥාතිහු පිරිස හා පොල්වත්ත ගම්වාසිහු ද මහත් බියට පත්ව සිටිති.


ඒ පසුගිය ජනවාරි 14 වැනි දින සිට හට ගත් මෙම බිය 17 වැනි දා  මධ්‍යම රාත්‍රිය දක්වා පැවැතිණි. පොල්වත්ත ගමේ  ප්‍රථමයෙන් මෙම නිවසේ කාමරයක අල්මාරියක ගින්න හටගෙන අති අතර, පසුව නිවසේ තවත් ගෘහ භාණ්ඩ කිහිපයක්ම හදිසියේ ගිනිගත් බව නිවැසියෝ අප සමග පැවසූහ. අප මෙම ස්ථානයට යන විටත් ගමේ විශාල පිරිසක් මෙම නිවසට පැමිණ සිටියෝය.

21-page-26-M-1


නිවසේ හිමිකරු වූ සෝමසිරි මහතා පවසන්නේ එක්වරම ගෙදර කාමරයෙන් දුමක් ආවා. මම ගිහින් බලන කොට මහා ගින්නක් හටගෙන අල්මාරියේ බඩු පිච්චෙනවා. ඔන්න ඊට පස්සේ අපේ දුවගේ කාමරයේ ගිනි ගන්නවා. පොටෝ එහෙම තමයි ගිනි ගත්තේ. 


අල්මාරිය ඇතුළෙන්ම තමයි ගිනි ගෙන තිබුණේ. පොළොව රත්වෙලා තමයි තිබුණේ. පොළව තැන් තැන්වල රස්නෙයි. පය තියන්න බැරි ආකාරයටම රස්නෙයි. මේ එක්කම මෙයට දින කිහිපයකට පසුවත් හදිස්සියේ මේස ලාච්චුවේ තිබු බැංකු පොත් හා ඔප්පු ආදි වැදගත් ලිපි කිහිපයක් ද මේ ආකාරයට ගිනි ගෙන තිබුණේ කිසිවෙකුත් නොදන්නා වූ යම් අභිරහස් ආකාරයට බවයි නිවැසියන් අප සමග පැවැසුවේය.


මේ හදිස් ගිනි ගැනීම සිදුවන්නේ නොපෙනෙන යම්කිසි හොල්මන් භූත බලවේගයක් හෝ යම් යක්ෂ හෝ යමෙක් කොඩිවිනයක් කළ නිසා හෝ මිය ගිය ඥාතියෙක් හෝ මෙම දේපල හා නිවසේ වස්තුවට ඇති ආසාවෙන් මෙම හිරිහැර සිදුකරන බව නිවැසියන් විශ්වාස කළහ. 


නමුත් සත්තකින්ම සිදුවන්නේ කුමක්ද? මෙය අභිරහසකි. මේ අභිරහස සොයන්ට අප එහි ගියෙමු. 


මෙම නිවසේ හිමිකරු  සෝමසිරි වයස  අවුරදු 58 වන පුද්ගලයෙකි. හෙතෙම දරුවන් තිදෙනෙකුගේ පියාවූ අතර හෙතෙම කෘෂිකර්මාන්තය ජීවිකාව කර ගත් අයෙකි. ඔහු ගමේ අහිංසක මිනිසෙකු විය. වැඩිමහල් දරුවන් රැකියාවල නිරතු වූ අතර, බාල දියණිය පාසල් සිසුවියක වූවාය. සෝමසිරිගේ පවුල් ජීවිතය දුක් කම්කටොළු වලින් ගහන ජීවිතයක් නොවුව ද, මොවුනගේ ජීවිතයේ බාධක කම්කටළු නැතිවාම නොවේ. 


මේ මස 14 වැනි දිනයේ සිට තම නිවසේ සිදු වූයේ සිතාගත නොහැකි කතාන්දරයකි. සිද්ධි සමුදායකි. එක්වරම නිවසේ රෙදි අල්මාරියක් තුළ ඇති වූ හදිසි ගින්නකින්, බිරිඳගේ ඇඳුම් මෙන්ම, වෙනත් බඩු බාහිරාදිය ද, විනාශවන්නට විය. ගින්නට හේතු වූයේ කුමක්ද යන්න ඔවුනට වැටහීමක් නොවීය. එය සාමාන්‍ය සිදුවීමක් ලෙස සලකා, සුපුරුදු ලෙස ඔවුහු දෛනික ජීවිකාව ගත කළහ.


දිනකට පසු, පෙර දිනයේ ගිනිගත් කාමරයට යාබද කාමරයේ වු ප්ලාස්ටික් පුටු කිහිපයක්ද ගිනි ගත්තේය. මෙම ගින්නෙන් බාල දියණියගේ පොත් පත්වලට ද, ගිනි ඇවිළී ගිය බව ද නිවැසියන් අප සමඟ පැවසූහ. මේ ආකාරයට අඛණ්ඩව නිවස තුළ සිදුවන, මෙම හදිසි ගිනි ගැනීම් සාමාන්‍ය සිදුවීමක් ලෙස සලකා, බලා අතහැර දමීමට මේ නිසා හැකියාවක් නොමැතිවිය. නිවස තුළ  තිබෙන ගිනිගන්නා වූ සියලු ද්‍රව්‍ය නිවසින් බැහැරට දෑමීමට නිවැසියෝ කටයුතු කළහ. 
පුදුමයකි. අදහාගත නොහැකිය. සිදුවන්නේ අමුතුම සිද්ධියකි. අදහාගත නොහැකි සිද්ධියකි. ගිනි ගන්නාවූ සුළු ද්‍රව්‍ය නිවස තුළ නොමැති නිසා දෝ මෙවර ගිනි ඇවිලුනේ ඔවුන් ස්වයං රැකියාව කර ගෙන යන්නා වූ කොප්පරා මඩුවටය. කොප්පරා මඩුවට මෙන්ම, කොප්පරා කැබලි ද ගිනි ගන්නට විය. මෙය සිදුවන්නේ ක්ෂණිකවය. හදිසියේය. මෙම දින කිහිපය පුරා සිදුවූ හදිසි ගිනි ගැනීම් හේතුවෙන්. නිවැසියන්, මහත් බියට පත්ව සිටි අතර සිදු වූ අලාභය ද දැඩිය. කිසිදු හේතුවක් නොමැතිව මෙම නිවස හා ඒ අවට ඉඩමේ සිදුවූ හදිසි ගිනි ගැනීම්, ගම්මුන් කෙරෙහි ද භීතියක් ඇතිවන්නට සමත් විය.


බොහෝ දෙනාගේ අදහස වුයේ මෙම ගිනි ගැනීම යම් අදෘෂ්‍යමාන හස්තයකින් හෝ භූතයෙක් හෝ සිදුකරන බවයි. ගමේ භාෂාවෙන් කියන්නේ මේවා භූත ක්‍රියා යැයි, ගමේ වැඩිහිටියෝ කියන්නට වූහ.


මේ ආකාරයට සිදුවන, එකිනෙකට හාස්පස වෙනස් සිද්ධි දාමයන්ගෙන්, සෝමසිරිගේ නිවස මෙන්ම කැදැල්ල ද කඩා බිඳ වැටිණි. නිවැසියන්ගේ තොරතුරු නිතර සොයා බලා අවශ්‍ය කටයුතු සූදානම් කරලන්නට ගම්මුන්ගේ මැදිහත් වීම සෝමසිරිට මහත් අස්වැසිල්ලක් විය. මේ ආකාරයට එසේ සිදුවෙද්දී, අනෙක් පසකින් මෙම ක්‍රියාවලිය, ගම්මුන් කෙරෙහි ද ඇතිකරවූයේ මහත් භීතියකි.


ගමේ ස්ත්‍රීන් මෙන්ම ගැහැණු දරුවන් ද, කුඩා දරුවන් ද  අඳුර වැටීමත් සමගින් නිවසින් බැහැරට නොගියහ. ඊළඟ දිනයේ ද සිදුවූයේ තවත් අද්භූත සිද්ධියකි. මෙය නිවැසියන්ගේ මෙන්ම ගම්මුන්ගේ ද භීතිය දෙගුණ තෙගුණ කර වන්නට හේතු විය. නිවසේ සාලයේ යම් ස්ථාන කිහිපයක් ද, ඉඩමේ ස්ථාන කිහිපයක් ද, හදිසියේ රත්වීමට නිසා ඔවුහු තව තවත් බියට පත් වූහ. රත්වෙන පොළවට ජලය දමන්නට ද නිවැසියෝ කටයුතු කළහ. මෙම රස්නය එක්තරා ප්‍රදේශ කිහිපයකට, පමණක් සීමා විය.


මේ පිළිබඳව ගවේශනය කිරීම සඳහා පසුව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයේ නිලධාරින් පිරිසක් ද නිවසට පැමිණියෝය. අසල ප්‍රදේශය ආශ්‍රිතව, ගිනි ගන්නා ලක්ෂණ මතු වේ දෝ යන සැකය සහිතව පරීක්ෂණ ආරම්භකර අවසානයේ ගන්නා ලද නිගමන පිළිබඳව, පැහැදිලි නොවිණි.


මේ අතර මෙම ක්‍රියාකාරකම් යම් මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන්නක් දැයි යන්න සැකය සහිතව ගොඩකවෙල පොලිසිය මෙම නිවස තුළ පරීක්ෂණ ආරම්භ කළහ. ඔවුන්ට හොරකු හෝ සැකයක් හෝ සැක කටයුතු සිද්ධියක් අනාවරණය කර ගන්නට හැකි වූයේ නැත.


නිවෙස හිමිකරුගේ ඥාතිහු මේ පිළිබඳව සාත්තර බලන්නට ගියෝය. ඇතැමෙක් අංජනම් බලන්නට ද ගියෝය. ශාන්තිකර්ම කරන්නට ද පියවර ගත් අතර දේවාල කරා ද ගියෝය. යක් ඇදුරන් ගෙන්වා පන්දම් විලක්කු මල් පහන් සහිතව ප්‍රේත තටු සකස් කර නිවස ආරක්ෂා කරන්නට මහා තොවිලයක් ද සිදු කළහ. නමුත් ඒ කිසිවක් තුළින් සතුටුදායක සෙතක් ගුණයක් හෝ මෙය සිදු කරන්නේ ගිනි තියන්නේ කවුද යන්නම නිසි ආරංචියක් නොලැබිණි.


සෝමසිරිගේ බිරිඳ සිදු කරන්නේ ද අමුතුම කටයුත්තකි. ඒ සෝමසිරිගේ බිරිඳ තම නිවසේ ඔප්පු සහ අනෙකුත් අත්‍යවශ්‍ය වැදගත් ලිපි ලේඛන හා ලිපි ද්‍රව්‍ය යාබද ඥාතියකුගේ නිවසක තැන්පත් කරන්ට පියවර ගත්තාය. එහිදී ද සිදු වූයේ කිසිවෙකු බලාපොරොත්තු නොවු සිදුවීමකි. ලිපි ගොනු නිවස තුළ තබා නිවසින් පිට වී යාමට මත්තෙන් ලිපි ලේඛන සහිත ලිපි ගොනු හදිස්සියේ ගිනි ගන්නට වූයේ පුදුම සහගතවය. මෙම සිදුවීම මේවන විට නිවසින් පිටත ද ගමේ විවිධ ස්ථානවල ද සිදුවන බවට පසක් වූයේ මේ නිසාය. ගිනි හොල්මන, ගිනි බූතයා, ගිනි යක්ෂයා ගමම ගිනි තියන සෙයක් මේවන විට දැකිය හැකි විය. මෙහි දී ඇති වූ ගින්නෙන් ඉතා වැදගත් ලිපි, සහතික රාශියක් ද, අර්ධව හා සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශයට පත්විය. 


මේ අතර තුර මෙම සිදුවීම පිළිබඳව, ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වෛද්‍ය කණ්ඩායමක් හා විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනෙක් මෙන්ම මාධ්‍යවේදීන් ද එක්ව මෙම සිදුවීම සොයා ගොඩකවෙළ ගමට ගියහ. ගොඩකවෙල පොලිසිය ද අපට සහායට එක්වූහ.

21-page-26-M-2

 


ස්වාපන විද්‍යවේදීන්ගේ සංගමයේ වර්තමාන සභාපති, වෛද්‍ය පී.එන් විද්‍යා කුලපති මහතා, මනෝ චිකිත්සක ඩබ්ලිව්.වී.ටී.එන්. නයනරංග ආදි පිරිස ද අප සමග මෙම ගමනට එක්වූහ. පැය කිහිපයක නිරීක්ෂණයකින් අනතුරුව මෙම පිරිස මෙම ගැටලුව මනාව සොයා ගෙන විසඳුමකට ළඟා වූහ.


මුල සිටම මෙම ක්‍රියාව අද්භූත සිදුවීමක් ලෙස මෙහෙයවන කටයුත්තක් නොවන බව තරයේ විශ්වාස කළ මොවුන් ඒ අනුව තම නිගමනයට එළැඹියේය. 
සිද්ධියට පාදක වූ නිවස හා ඒ අවට  ප්‍රදේශ මෙන්ම සිද්ධියෙන් විනාශයට පත් වූ අල්මාරියත් පුටු හා මෙට්ටයක් ද ලිපි ද්‍රව්‍ය කිහිපයක් ද මෙම පිරිසගේ පරීක්ෂණයට භාජනය කෙරිණි.


මෙම ක්‍රියාකාරකම්වල දී දැකිය හැකි වූයේ, එක්තරා පොදු කාරණා කිහිපයකි. සියලු ගිනි ගැනීම් ආරම්භ වී තිබුණේ එම වස්තූන් ආශ්‍රයෙන් වන අතර, ලිපි ගොනු කවරයේ අග කොටස, මෙට්ටයේ අග කෙළවර ගිනි ගන්නා සුළු පුටු, කොට්ට වැනි ඉතා පහසුවෙන් ගිනි ඇවිලෙන  ආකාරයෙන් මෙම ගින්න ඇති කරන, මෙම සිද්ධිය හෝ පුද්ගලයා නැතිනම් යම් භූත බලවේගය හෝ ගිනි යක්ෂයන් හෝ සමත් වී තිබෙන බවයි.


මෙම සියලු ගිනි ගැනීම් පළමුව දැක ඇත්තේ එකම පිරිසකි. අනෙක් අතට, මෙම සිද්ධීන් සිදුවන සෑම අවස්ථාවකදීම නිවසේ සිට ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකි. මෙම දෙදෙනාට ගිනිගත් වේලාව, ගිනි හට ගත් කාලය, ගිනි ඇති වූ ආකාරය හා මැඩ පැවැත් වූ ආකාරය මෙන්ම, ගින්න ඇති වූ ස්ථාන පිළිබඳව ද මනාවූ මතකයක් තිබිණි.


උෂ්ණත්වය වැඩි වූ සාලයේ ප්‍රදේශයෙන් හා ගෙවත්තේ අනෙක් ගිනි ගත් ප්‍රදේශ පිළිබඳව අන් සියල්ලටම වඩා මුලින් කී පිරිසට මනාව මතකයක් තිබිණි. සිදු වූ කරුණු සියල්ලම සලකා බැලු පරීක්ෂක කණ්ඩායම අවසාන නිගමනයකට එළඹියහ.

21-page-26-M-3


මෙය අද්භූත බලවේගයකින් සිදුවීමක් නොවේ. ගිනි භූතයෙක් හෝ ගිනි හොල්මනක් හෝ මගින් එය සිදුවුවක් ද නොවේ. මෙය සිදුකර ඇත්තේ මේ නිවසේම සිටින පිරිස අතරේ කිහිප දෙනෙක් විසින් බවයි. මෙය ඔවුන් සිතා මතා කළ කටයුත්තක් නොවන බවත් මෙහි දී අනාවරණය විය. 


දෛනික ජීවිතයේ දී සිදුවන අග හිඟ කම්, බාධක හා ප්‍රශ්න හමුවේ නිසි පරිදි මෙම පිරිසට මුහුණු දීමට නොහැකි නිසා දුර්වල මානසිකත්වයක් සහිත පුද්ගලයන්ට වැළඳෙ න මාස් හිස්ටීරියා නම් සුළු මානසික ව්‍යාකූල තත්ත්වයක් හේතුවෙන් මෙය සිදුවන බව වෛද්‍ය පී. එන්. විද්‍යාකුලපති මහතා පවසයි.
මෙහි විශේෂත්වය වන්නේ මෙවැනි මානසික තත්ත්වය, සහිත පුද්ගලයන්ට මෙය වැළදිය හැකිවීමයි. මේ අනුව මෙම සිදුවීම මේ අය සිතා මතා සිදු නොකළ දෙයකි. මෙය සුඵ මානසික ව්‍යාකූල තත්ත්වයක් බව පෙන්වා දිය හැකියි.


නිවස තුළ හා ඉඩම අවට ප්‍රදේශවල සිදුවූ රත්වීම මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැත. එයට හේතුව වන්නේ, වර්තමානයේ ඇතිවී ඇති කාලගුණික හා දේශගුණික තත්ත්වයන් හේතුවෙන් මෙම අසාමාන්‍ය උෂ්ණත්වය ඇතිවූ බවයි.  අවසානයේ දී ගමේ සියල්ලෝම ඉදිරියේ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා කියා සිටියේය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපට උපකාර කළ මනෝ චිකිත්සක නිශාන් නයනරංග හා අප සමඟ එක්වූ වෛද්‍ය කණ්ඩායමට ද, ගොඩකවෙල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තූතිය පුද කරමු. 

m



අදහස් (0)

නිවස ගිනි ගැනීම මිනිස් ක්‍රියාකාරකමක්

පිටිගල මිලානෝ Saturday, 28 January 2017 08:44 PM

අපරාදේ රුපියල් ලක්ෂයක් විතර වියදම් කරලා අංජනමක් බලලා ගිනියකා එළවන්න ලොකු අඩව්වක් අල්ලන්න තිබුන අවස්ථාව නැතිවුණා! (නි)

:       0       0

සමුරායි Sunday, 12 February 2017 05:16 AM

තර්මල් ඉමේජ් කියන යන්ත්‍රය පාවිච්චි කළොත් හරිම ඇත්ත දැනගන්න පුළුවන් (නි)

:       0       0

තුසිත Tuesday, 14 February 2017 09:58 AM

තවමත් ඒවගේ ඒවා වෙන්නේ නැතිද . මේ පරීක්ෂණයෙන් පස්සේ ඒවගේ අද්බුත ක්‍රියා ඉවරද ? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 700 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 65 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 169 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 211 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 150 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 224 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38835 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25491 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site