IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


නිහඬ රෑට රුවන්වැලි මහා සෑයෙන් ඇසෙන ශබ්ද පූජාව

 19_RASA_P3  

 

“ප්‍රාතිහාර්ය” යන්න බෞද්ධ ජනයාට නුපුරුදු නැත. ඈත ඉතිහාසය ගත්තත්, මෑත යුගය ගත්තත් නොයෙක් දෙනා දුටු ප්‍රාතිහාර්යයන්, විස්මිත දේ, අද්භූත සිදුවීම් ගැන අසන්නට ලැබේ. ඇතැම් අය මෙවැනි දේ දැක මහත් සතුටට පත්වෙති. සමහරු බයට පත් වෙති. තවත් අය පුදුම ඵළවති. කෙසේ හෝ වේවා ඉඳහිට ඇසට හසුවන මෙවැනි දේ ලෝකයේ නැතැයි කිව නොහැක.


බුදුරජාණන් වහන්සේ අවස්ථා කිීපයක් යමාමහ පෙළහර පෑහ. ඒ දුටු පෘථග්ජනයෝ විස්මය එළැවූහ.


ශරීරයෙන් මහත් වූ ගිනි ජාලා පිටකරමින්, මහා දිය කඳන් පිටකරමින් ප්‍රාතිහාර්ය දක්වන මේ මනුෂ්‍යයා කවුද?

fgj
ඇතැම්හු සිතූහ. බුදුරජාණන් වහන්සේ මහියංගනයේදී පෙළහර පෑ අවස්ථාවේදී යක්ෂයන් ඒ දැක හිස් ලූ ලූ අත දිවූ බව කියැවේ. මේ තුළින් අපට දැනෙන විශේෂම දෙය නම් ඒ වනවිට කිසිවෙක් මෙවැනි අපූරුවූත් බිය ඉපදෙන ප්‍රාතිහාර්යයක් දැක නොතිබීමය.


යක්ෂ ගෝත්‍රිකයන් පෙළහර දැකීමෙන්ම දමනය වූ බව මහියංගනය පූරාණය බැලීමේදී අපට පෙනේ. බුදුරජාණන් වහන්සේ එවැනි මහත් වූ ප්‍රාතිහාර්යන් පෑමේ හැකියාව තිබුණත් උන්වහන්සේ ඒ ප්‍රාතිහාර්යය පෑම කළේ අවස්ථා කිීපයකදී පමණක් බව බෞද්ධ ඉතිහාසය හදාරද්දී පෙනේ. එවැනි ප්‍රාතිහාර්යයන් පෑමේ ශක්තිය බුදුරජාණන් වහන්සේට ලැබුණේ උන්වහන්සේ විසින් දියුණු කර ගත් ඤාණ සමුදායේ ප්‍රතිඵලයක් වශයෙනි.


ධ්‍යාන ආදී විවිධ ඥාන අංග දියුණු කර ගත් ඇතැම් රහතන් වහන්සේලා ද තමන්ට හැකි පමණින් ප්‍රාතිහාර්ය ශක්තීන් දියුණු කර ගත්හ. නමුත් ප්‍රාතිහාර්යය පෑම අත්‍යාවශ්‍යම මොහොතක හැර නොකරන ලෙස බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයාට අනුදැන වදාළහ. එයට හේතුව මේ ප්‍රාතිහාර්යන් දකින පෘථග්ජනයා එය මිම්මක් කොට ගෙන විවිධ වූ ස්ථාවරයන්හි පැළපදියම් වන නිසාවෙනි. ඇතැම් පෘථග්ජනයන්ට ධර්මාවබෝධය නොලබා ප්‍රාතිහාර්යය පමණක් ලැබීමේ වුවමනාව ඇතිවේ.


සමහරුන්ට එයින්ම වෙනත් ලාභ ප්‍රයෝජන ලබාගත හැක. දේවදත්ත ස්ථවිරයන් රහත් නොවී පංච අභිඥා ලැබූ නිසා උන්වහන්සේ පෘථග්ජනයන්ගේ ලාභ ප්‍රසාද ලැබූ ආකාරය ධර්මයේ විස්තර වේ.


මෙවැනි වූ හේතුන් නිසා ප්‍රාතිහාර්යය පෑම බුදුරජාණන් වහන්සේ විසින්ම බුද්ධාවවාදයක් ලෙස “අත්‍යවශ්‍ය මොහොතක” හැර ප්‍රාතිහාර්ය නොපාන ලෙස දේශනා කොට වදාරා ඇත. ඒ අනුව බුදුන් වහන්සේත්, රහතන් වහන්සේලාත් පිරිණිවන් පා වදාළත් උන්වහන්සේගේ ධාතූන් ඒකරාශී වූ තැනෙක යම් යම් ප්‍රාතිහාර්යයන් ඉඳහිට නමුත් සිදු නොවෙතැයි කිව නොහැක.

3
මේ සම්බුදු සසුන පන්දහසක් කල් පවතින බව බුද්ධ දේශනාවයි. ඒ පන්දහසින් තවමත් ගෙවී ඇත්තේ හරි අඩෙකි. මේ අවුරුදු පන්දහස මුළුල්ලේම බුද්ධ දේශනාව, බුද්ධ අණ ලොව පවතී. එයින් ද ලංකාද්වීපයේ බුද්ධ ශාසනය පිහිටන බවත් සිංහල දේශය රැකගන්නා ලෙසත් බුදුරජාණන් වහන්සේ පිරිණිවන් මංචකයේ දී සක්‍ර දෙවියන්ට අනුදැන වදාළහ. සක්‍ර දෙවියෝ ලංකාදීපය රැක ගැනීමේ වගකීම තම දේව සභාවේ සිටි විෂ්ණු දේවරාජයන්ට පැවරූ බව කියැවේ. බුදුන් වහන්සේ දෙවුරම් වෙහෙර වැඩ වසද්දීත්, වෙනත් වෙහෙර විහාරවල වැඩ වසද්දීත් උන්වහන්සේ වැඩ වසනා තැනට මහත් වූ ආලෝක ධාරා විහිදුවාගෙන මැදියම් රැයේ දෙවියන් වැඩම කළ බව විස්තර වේ. විශේෂයෙන් දෙවියන් පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න විචාල ආකාරයත්, දෙවියන් පැහැදීමට පත්වූ ආකාරයත්, දෙවියන්ට කළ සූත්‍ර දේශනාවක් ධර්මයෙහි විස්තර වේ. ඒ අනුව දේව සභාව නිරතුරුව බුදුරජාණන් වහන්සේ වැඩසිටි තැනට වැඩම කළ ආකාරය ගැන බෞද්ධ සාහිත්‍යයේ සෑම තැන්හිම විස්තර වේ.


බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව ධාතුන් වහල්සේලා බුද්ධාවවාදය අනුව බෙදී ගියේය.


එසේ බෙදී ගිය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් වැඩිම කොටසක් දැන් වැඩ සිටින්නේ ලංකාද්වීපයේය. ඒ වැඩ සිටින ධාතූන් වහන්සේලාට නියම පුද සත්කාර කෙරෙන පූජනීයම දේශය ලංකාව බව පැහැදිලිව කිව හැකිය.


එයට එක උදාහරණයක් මෙහි තබමු. පසුගියදා මගේ මිතුරෙක් ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේ කපිලවස්තු ධාතූන් බැලීමට ඉන්දියාවේ කෞතුකාගාරයක් වෙත ගොස් ඇත. එහි කොටසක කපිලවස්තු ධාතු තියෙන ආකාරය දැක මිතුරා පුදුම වී ඇත. එම කපිලවස්තු ධාතුව ලංකාවට වැඩම කළ අවස්ථාවේ දැක බලා ගැනීමට නොහැකි විශාල පෝලිමක් තිබුණු හැටි අපට මතකය.


මේ නිසා ලෝකයේ සැබෑම ධර්මද්වීපය ලංකාව බවට ඊට වඩා සාධක උවමනා නැත.


එබැවින් පන්දහසක් කල් ශ්‍රී සර්වඥධාතු රකින ලංකාද්වීපයේ ඒ ධාතුන් පිහිටි තැන්වල විශ්මිත දේ සිදුවීම අරුමයක් නැත. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් මංචකයේ දී ලංකාද්වීපය රකින්නට දේව සභාවට භාරදීම තුළම දෙවියන් ශ්‍රී සර්වඥ ධාතුන් වැඩ සිටින තැනට වැඩම වීමද අරුමයක් නැත. ජීවමාන බුදු හිමියන් නැති කල දැන් අපට ජීවමාන බුද්ධ රත්නය වන්නේ ශ්‍රී සර්වඥ ධතුන් වහන්සේලාය. ඒ සර්වඥ ධාතුන් වසන තැන විවිධ වූ ප්‍රාතිහාර්යයන් පැවතීම, දෙවියන් මහත් වූ ආලෝක දහරා විහිදුවා ගෙන වැඩම වීම, ආදී දහස් ගණනක් ඇසට හසුවන හසු නොවන පුදුම සහගත දේ සිද්ධ විය හැක.


බෞද්ධ ඉතිහාසය සමග ක්‍රමිකව ආපස්සට එද්දී එය අප විසින් ගැඹුරින් තේරුම් ගත යුතු කාරණයක් වන්නේය.


ශ්‍රී සර්වඥ ධාතු අහසට පැන නැග බුදුරුව මැවුණු අවස්ථා කීපයක් ඉතිහාස කතාවන්හි විස්තර වේ.


එයින් එක අවස්ථාවක් වන්නේ අනුරාධපුර ථූපාරාමයේ දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට සුමන සාමනේරයන් විසින් ගෙනැවිත් දේවානම්පියතිස්ස රජුට බාර දුන් අවස්ථාවේ දකුණු අකු ධාතුව අහසට පැන නැග බුද්ධ රූපය මැවී ප්‍රාතිහාර්යය පෑමයි. එයින්ම රජු සිත සැක දුරුවී ධාර්මික ප්‍රීතියෙන් පිනා ගිය බවත්, සියල්ලෝ බුදුන් සරණ ගිය බවත් විස්තර වේ. මේ දකුණු අකු ධාතුව එදා මහත් පූජෝපහාර මධ්‍යයේ ථූපාරාම චෛත්‍යයේ තැන්පත් කෙරිණ.


දැනට මුළු ලෝකයේම බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතු ප්‍රමාණයක් ඒකරාශී වී ඇති එකම තැන ස්වර්ණමාලී චෛත්‍යයි. රුවන්වැලි මහා සෑයයි. ද්‍රෝණයක් පමණ ධාතුන් රුවන්වැලි සෑ ගර්භයේ නිදන් කොට ඇති බව විස්තර වේ. එබැවින් බුද්ධ ශරීරයේ විශාල කොටසක් රැඳී ඇති ඓතිහාසික පින්බිම රුවන්වැලි මහ සෑයයි. එතැන ජීවමාන බුදුන් වහන්සේ වැඩ සිටිනවා වන් හැඟීමක් අදත් ලෝකවාසී සියළු බෞද්ධයන්ට පවතී.


තථාගතයන් වහන්සේ ජීවමානව දඹදිව වැඩ සිටිද්දී උන්වහන්සේ වැඩිම කාලයක් දිවා රාත්‍රී විහරණය කෙළේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේය. නමුත් බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ඒ ලොවුතුරා බුදුන් වහන්සේ ජීවමාන වන්ව වැඩවසන අසහාය පින්බිම ලක්දිව ස්වර්ණමාලී මහා චෛත්‍යයයි. ඒ බව මතු ලොව දකින නුවණින් හැඳින බුදුහිමියෝ දේව සභාවට දැනුම් දුන්හ. එපමණක් නොව ගෞතම සම්බුදු ශාසනය පන්දහසක් ගෙවීමෙන් නිමාවන්නේ යම් දිනෙකද එදාට ස්වර්ණමාලී බිමට සියළු සර්වඥධාතු ඒකරාශීවී අහසේ බුදු රූපයක් මැවී ප්‍රාතිහාර්ය සිදුවන බව බුද්ධ අධිෂ්ඨානයක් හැටියට බෞද්ධ පොතපතේ විස්තර වේ. එවැනි අසිරිමත් පුණ්‍ය භූමියක් ලෙස බෞද්ධ පොතපත පුරාම මේ රුවන්වැලි මහ සෑ පින් බිම විස්තර වේ.


එවැනි ඓතිහාසික පුණ්‍ය භූමියක ලෝකවාසී බෞද්ධයෝ වන්දනාමාන කරන තැනක, එදා දෙවුරම් වෙහෙර වන්ව අද බුදු හිමියන් වැඩ වසන රුවන්වැලි මහ සෑයේ කොතරම් විස්මිත දේ ප්‍රාතිහාර්ය ශක්තීන් සිදුවේද? ඇසට පෙනෙන ඇසට නොපෙනෙන දේ බොහොමයකි.


අපට හැඟෙන හැටියට, ද්‍රෝණයක් සර්වඥ ධාතු ඇති මේ පින්බිමේ යම් යම් බුද්ධ ප්‍රාතිහාර්යන් තියෙන්නට පුළුවන. රහත් ධාතු මේ ස්ථානයට වඩින්නට පුළුවන. එදා දෙවුරම් වෙහෙරට බුදුහිමියන් දකින්නට දඹදිව සතර දිග්භාගයෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ පැමිණියහ. රහත් භික්ෂු භික්ෂුණියන් වැඩම කළහ. උන්වහන්සේලා පිරිනිවන් පා ඇතත් ඒ ධාතුන් වහන්සේලා අද ස්වර්ණමාලී පුණ්‍ය භූමියට නොවටිනවා යැයි අපට කිව නොහැක.

ථූපාරාමයේ දකුණු අකු ධාතු නිදන් කළ ද අකු ධාතුව අහසට පැන නැගී බුදු රුව මැවුනාක් මෙන්, ස්වර්ණමාලී භූමියට එදා සැරියුත් මුගලන් මහා කාශ්‍යප, ආනන්ද, අනුරුද්ධ, රට්ඨපාල, අංගුලිමාල. සීවලී, චුල්ලපන්ථක ආදී මහරහත් ධාතුන් අහසින් වැඩම කිරීම එම මහරහත් රූප මැවී ජීවමාන බුදුහිමියන් මෙන් වැඩ සිටින ස්ථානය වන්දනා කිරීම වැනි කාරණා සම්පූර්ණයෙන් බැහැර කළ නොහැක.


ඊළඟට මනුෂ්‍ය ලෝකයට අවුරුදු දහස් ගණනක් යනු දිව්‍ය ලෝකයට ඇතැම්විට දවසකි. පැය කීපයකි. දිව්‍ය ලෝකයේ දවසක කාලය ඒ සා දීර්ඝය. ඒ අනුව එදා බුදුරාජණන් වහන්සේගෙන්ම බණ ඇසූ දෙවියන්ට අද දක්වාවූ කාලය එක දවසක් මෙනි. ඉතාම සුළු කලෙකි. ලක්දිව ආරක්ෂා කරන්නැයි සක්‍ර දෙවියන්ගෙන් බුදුහිමියන් කළ ඉල්ලීම ඔහුට ඉතාම සුළු කලෙකි. මේ නිසා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ දෙවියෝ උන්වහන්සේ වැඩ සිටින තැනට එදා මෙන් එළි විහිදුවාගෙන ඒමද ඉතාම සාමාන්‍ය කාරණයකි.


මෙවැනි වූ ආශ්චර්යමත් බොහෝ දේ අනුරාධපුරයේ රුවන්වැලි, ථූපාරාමය, ජයශ්‍රීමහා බෝධිය අවට නිතර සිදුවිය හැකිය. එබැවින් පූජනීය අනුරාධපුර ආශ්චර්යමත් සිදුවීම් ගැන ලියන්නට අපි කල්පනා කළෙමු. ඒ බොහෝ තැන්වල ඉතිහාසය සමග වර්තමානය ගලපා තොරතුරු ලබා දෙන්නට අපි උත්සාහ කරමු.


අනුරාධපුරේ ජීවත් වන විශ්‍රාමික මහවැලි සංවර්ධන නිලධාරී මාමිණියාවේ ඉලංගසිංහ (71) මහතා අපට මේ සම්බන්ධව බොහෝ කතා කීවේය. ඔහු සම්බන්ධ කර ගැනීමට ඍජුව අපට උපකාර කළේ රුවන්වැලි මහා සෑය චෛත්‍යාරාමාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියෝය.


මම පුංචි ඉතිහාස කතාවකින් පටන් ගන්නම්. අග්බෝ රජතුමා රුවන්වැලි මහා සෑයට විශාල පුද පූජාවක්. පින්කමක් කරල තියෙනවා. එතුමා පුද පෙරහරින් චෛත්‍ය වටා ගිහින් තියෙන්නෙ ශබ්ද පූජා නැතිවයි. එහෙම පෙරහරේ යන අයට හේවිසි හොරණෑ සහිතව විශාල ශබ්ද පූජාවක් චෛත්‍ය මළුවෙන් ඇහෙන්න පටන් අරන්. පෙරහැරට යන අතරෙ රජතුමා ඇවිත් මළුවේ ඇවිද ගිහින් තියෙනවා. රජතුමා ශබ්ද පූජාව ඇහෙන දෙසටම ගියා. එහාට යන්න යන්න හේවිසි, හොරණෑ ශබ්දය වැඩියි. මේ ශබ්දය ඇහෙන්නෙ රුවන්වැලි සෑය ඇතුළෙන්. රජතුමා එක තැනකට යද්දී චෛත්‍යයේ ඇතුළට යාහැකි පරිදි දොරටුවක් විවෘත වෙලා තිබිලා තියෙනවා. රජතුමා රාජකීයයන් කිහිප දෙනෙකු සමග චෛත්‍යය ඇතුළට ගිහින්. එහිදී දැකපු දෙයින් රජතුමා විශ්මයට පත්වෙලා.


චෛත්‍යය ඇතුළ දිව්‍ය විමානයක් වගේ ලස්සනයි. ඒ වගේම හරි සුවඳයි. සුවඳ කුටියක් වගේ. රන්වන් පාට ආලෝක ධාරා එළියෙන් බැබළෙනවා. මොකක්ද මේ. ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතුන්ට පූජාවක්. රජතුමා මේ ධාතුන් වහන්සේලා දැකලා තියෙනවා. ඒ වගේම රජතුමා හේවිසි හොරණෑ කණ්ඩායම වගේම රහත් හාමුදුරුවරු සාදුකාර දෙන වන්දනාමාන කරන මිනිස්සු දර්ශනය වෙලා තියෙනවා. ඇත්තටම මේ දේ අග්බෝ රජතුමාටත් පෙර ඉතිහාසයේ සිදු වෙන්න ඇති. ඒ දේ එතුමාට තමන් කරන ලද මහා පින්කම ආශිර්වාදයක් කොට ගෙන දර්ශනය වුණා. මේ කතාව ඉතිහාස පොත්වල තියෙනවා.


ඒ වගේම අපේ අත්තප්පා මට පුංචි කාලෙදී මීට සමාන තව කතාවක් කිව්වා.


රුවන්වැලි සෑය එක යුගයක හරියට කැලෑ වැවිලා ගරාවැටිලා තිබුණනෙ. පසුගිය කාලෙ චෛත්‍ය වර්තමාන තත්ත්වයට ප්‍රතිසංස්කරණයට මූලික වුණේ නාරංවිට හාමුදුරුවෝ. පොතපතේ තියෙන හැටියට ඉතාම ධෛර්ය සම්පන්න වනවාස භික්ෂුවක්. අත්තප්පා කිව්ව හැටියට මේ නාරංවිට හාමුදුරුවෝ වේල් දෙක තුන ආහාර නොවළඳා ඉතාම දුෂ්කර විදිහටයි රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණයට දායක වෙලා තියෙන්නේ. ඒ කාලේ චෛත්‍ය ගොඩනගන්න, අවට පිරිසිදු කරන්න කැති, උදළුමිටි ගෙනත් තියෙන්නෙ නුවර කලාවියෙ ගම්වලින්. ගඩොලුත් එහෙමයි. මිනිස්සු බොහෝම උදවු කළාය කියනවනෙ.


ඒ කාලෙ රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කරද්දි මේ ශබ්ද පූජාව නිතර ඇසුණු බව අත්තප්පා කියනවා. හැබැයි ශබ්දය ඇහෙනවා විතරයි. මහා හඬින් බෙර ගහනවා. හොරණෑ පිඹිනවා. මොකක්ද මේ... ධාතුන් වහන්සේලාට තේවාව සිද්ධ කෙරෙනවා.


මේ දේවල් අවුරුදු දහස් ගාණක් එක දිගට රුවන්වැලි සෑයෙ සිද්ධ වුණු දේවල්. මේ අලුත් ප්‍රතිසංස්කරණයෙන් පස්සෙ චෛත්‍යය ඇතුළට යන්න බැරි වුණාට එදා රුවන්වැලි සෑය තුළට මිනිස්සු ගියා කියනවනෙ. ඇතුළෙදි ද්‍රෝණයක් ධාතු දැක්කා කියනවනෙ. මේ ස්ථානවල කා වැදුණු දේවල් තවමත් දෝංකාර දෙනවා. දැන් ඔය වහල දාපු පාළු ගෙදරකට යන්න. ඒ ගෙදර මිනිස්සු කලින් හිටපු තැනක් නම් ඒ ගේ ඇතුළෙ කතාකරනවා ජනෙල් වහනවා, අතුගානවා මේ වගේ ශබ්ද ඇහෙනවා. ඒවා අපි සලකන්නේ දෝංකාර විදිහට. ඉස්කෝලවලත් රෑට නොයෙක් ශබ්ද තියෙනවනෙ.


මේ විදිහට අවුරුදු දහස් ගාණක් චෛත්‍ය ඇතුළෙ ශබ්ද පූජා පවත්වපු, තේවා හඬ අදටත් ඇහෙනවා.


රාත්‍රි කාලයේ මහ සෑ මළුවෙන් කිසිම ශබ්දයක් නැතිව වාඩිවෙලා ඉන්න කොට මේ ශබ්ද පූජාව සමහරුන්ට ඇහෙනවා. ඇහුණු අය ඉන්නවා. මිනිස්සු පුදුම වෙලා සාදුකාර දෙනවා.


මහ පූජා පවත්වන්න දුර ඈත පළාත්වලින් මිනිස්සු එනවනෙ. ඒ අය නොයෙක් නොයෙක් පූජා සිද්ධ කරනවා. ඒ වෙලාවට මහ සෑයට මහ පූජාවක් බව දැනෙන කොට මේ ශබ්ද පූජා ඉබේම ඇහෙන්න පටන් ගන්නවා. හැබැයි ඉතාම පිරිසිදුව පවිත්‍රව සිදුවිය යුතුයි. කිසිම කෙනෙක් කිළිටිව ඉන්න බෑ. කිළිටි තැන්වලට දෙවි දේවතාවන් වඩින්නේ නෑ. රුවන්වැලි සෑයට පූජා පවත්වද්දී ශබ්ද පූජා හඬ ගර්බයෙන් ඇහෙන එකක්. මේවා තමයි විශ්මිත දේවල්. මේවා වෙන්නෙ කොහොමද? විය හැකිද කියලා සමහරු ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නවලින් ඔබ්බට ගිය අසිරිමත් අනුසස්.


අනුරාධපුරයේ දී අපට හමුවූ ගුණපාල මහතා (කේ. අල්විස් මහතා ) 1940 දශකයේ සිට පූජා භූමිය අවට ජීවත් වන්නෙකි. ඔහු සිය අත්දැකීම් විස්තර කරන අතරේ නාරංවිට හාමුදුරුවන් ගැන යමක් කීවේය.


නාරංවිට හාමුදුරුවෝ රුවන්වැලි සෑය මුලින්ම දැක්කෙ ගරා වැටුණු පස් ගොඩක් විදිහට. නමුත් මේ මහා සෑය බව උන්වහන්සේ හඳුනාගෙන චෛත්‍ය නැවත ගොඩ නගන්න ප්ලෑන් එක හෙව්වා. ගෙයක් හැදුවත් මහත්තයෝ සැලැස්මක් තියෙනවනේ. එහෙම මළුව පුරාම උන්වහන්සේ රුවන්වැලි සෑයේ සැලසුම හොයා ගන්න මහන්සි වෙනකොට මළුවෙ ගලක කොටල චෛත්‍යයේ සැලැස්ම ලැබිලා තියෙනවා. මේ කතා අපි පුංචි සන්දියෙ අහපු ඒවා. ඒ සැලසුමට අනුව තමයි මහ සෑය ආපසු ගොඩ නැගුණේ. එහෙම නැතිව ආවාට ගියාට නොවෙයි. පස්සෙ මේ නාරංවිට හාමුදුරුවො රුවන්වැලි සෑය චෛත්‍යාරාමාධිපති ධුරයටත් පත්වුණා කියල කියනවා. හැබැයි උන්වහන්සේ වනවාස භික්ෂුවක් ලෙසයි පිළිගැනෙන්නෙ.


එදා අනුරාධපුරේ විසූ පැරණියන් කියන මේ කතා අද ඇතැම්විට ඉතිහාසය තුළින් මැකී ගිය ඒවාය. නමුත් ඒ මැකී ගිය තොරතුරු සමග විශ්මිත අසිරිමත් තොරතුරු රැසක් ඉදිරි ලිපිවලින් අනුරපුරේ පැරණියන් අතරින් එළියට එනු ඇත.


රුවන්වැලි සෑය, ජයශ්‍රී මහා බෝධිය නමදින විශ්මිත ආලෝක දහරා අනුරාධපුරයේ පූජා බිම වෙසෙන ඇතැමුන්ට අලුත් නැත. රාත්‍රි ජාමයේ මහ සෑ මහ බෝ වඳින්නට එන විශාල වූ නිල් හා රතු ආලෝක ධාරාවන් කුමක් ද?


පූජනීය බිමේ නිතර දැකිය හැකි විශ්මිත වර්ණ ආලෝක හා පුදුම එලවන රූප දසුන් ගැන විස්තර ලබන සතියේ.

m



අදහස් (0)

නිහඬ රෑට රුවන්වැලි මහා සෑයෙන් ඇසෙන ශබ්ද පූජාව

නුවන් Thursday, 07 April 2016 09:54 AM

නියම බුදුදහම කියන්නේ අලුත් දෙයක් නොවේ දෙවියන් මිනිසුන් විසින් රැකිය හැකි දේකුත් නොවේ, සාපේක්ෂතාවය මත පවතින විද්‍යාව විසින් ඔප්පුකලහැකි දෙයකුත් නොවේ, නියම බුදුදහම නිවනම පමණක් අරමුනුකරගත් නිරපේක්ෂ සත්‍යයි. මෙවැනි රසවත් කතන්දර පසුකාලිනව ඊට අමුණලා, සත්‍ය යටවෙලා. බුදුදහම පවතින්නේ මාර්ගඵල ලැබූ අය ඉන්න තුරු පමණි (හේ)

:       4       10

සුනිල් සේමසිංහ Monday, 04 April 2016 03:45 PM

පරම සත්‍යය​ පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවනීය.මීවනපලානේ සිරි ධම්මාලංකාර ස්වාමින් වහන්සේ ගේ වෙබ් අඩවියෙන් අප බුදුන් වහන්සේගේ සත්‍යය දැක බලා ගත හැකිය. සැමට තෙරුවන් සරණයි.(කෞ)

:       3       1

ජයසිරිි Sunday, 27 March 2016 04:10 PM

එක කලෙක සිළුමිණ පුවතකට අනුව අන්තර් බවයේ සිට නැවත ඉපදුනු පින්වතෙකු පෙර ආත්මයෙන් කියවල තිබුන , ඔහු දැක්කලු රහතන් වන්සේලා ශ්‍රීපද්මයේ සිට රුවන් වැලි මහා සෑයට ඍදියෙන් වැඩම කර මහා සෑය ඇතුලට වැඩ පිරිත් කිව්වා හැටි. සාදු සාදු සාදු... (බ)

:       0       4

තිස්ස Saturday, 26 March 2016 03:33 PM

සදාතනික සත්‍යවාදී දහම බුදුදහමයි (නි)

:       0       3

රෝහිත Thursday, 31 March 2016 07:56 AM

සාදු..................සාදු......................සාදු (ම)

:       0       1

සොපි Sunday, 27 March 2016 05:40 PM

දවසින් දවස අමතක වෙන තම තමන්ගේ ආගමික භක්තිය නැවත ඇති කිරීමට මෙවැනි ලිපි උපකාර වෙතැයි සිතමි .(ම)

:       0       3

සුනිල් ගිකියනගේ Sunday, 27 March 2016 07:07 PM

රුවන්වැලි සෑය ප්‍ර‍සංස්කරණය ගැන කියන නිසා. රුවන්වැලි සෑයේ චූඩාමාණික්‍ය ගැනත් ලියන්න. ඒ ගැන පොතක් තියෙනවා. ස්වණ්ණමාලි වුඩාමණි වණ්ණනා කියල පාලිභාෂාවෙන් මෑත කාලයේ ලියවුනු එකක් (බ)

:       0       1

හේරත් Wednesday, 30 March 2016 06:17 PM

බුදු සසුන වසර දහස් ගණනක් බැබලේවා !!! (ම)

:       0       2

ආලෝක. Saturday, 26 March 2016 02:56 AM

මෑතක මම අහල තියෙන දෙයක් තමයි මේ ලොව පාලනය කරන්න වූ වර්තමාන දිව්‍ය රාජ මණ්ඩලයේද ඊට ඉහලින් සිටින්නා වූදේව බ්‍රහ්ම යනාදී ය සැලකිය යුතු ප්‍රමාණයක්ද සමන්විත වෙන්නේ මේ පුණ්‍ය භූමියේ සිට එහි උප්පතිය ලැබුවන්ය කියන එක. ( මේ බව කවුරුන් හෝ තව දන්නේ නම් මේ රටේ මිනිසුන් දැනුවත් කරන්න) මිනිසුනේ මේ පුණ්‍ය භූමිය රැකගන්න. ධාර්මික වන්න. කුහක ඊර්ෂ්‍ය මෝඩ කම් අත් හරින්න. සත්‍යවාදී වන්න.සත්‍යය වෙනුවෙන් පෙනී සීටින්න රට ධාර්මික පාලනයක් ඇති කරන්න ඔබේ යුතුකම ඉටු කරන්න. (බ)

:       0       2

නුවන් Wednesday, 06 April 2016 06:12 AM

මේ ලිපියේ හැටියට අපි වදින්න ඕන විෂ්ණු දෙවියන්ට මොකද බුදුන්ට සක්‍රයාටවත් බැහැ නේ බුදුදහම රැකගන්න. (හේ)

:       0       1

ඉනෝකා-එංගලන්තය Thursday, 31 March 2016 12:08 AM

බුදු පියාණන් දෙසු ධර්මය සදාතනික වේ.ඕනෑම ජාතියකට,ඕනෑම ආගමකට අයත් කෙනෙකුට එම ධර්මයට අනුකූල වියහැකි වේ.මා අන්‍ය ආගමිකයි.බුදුන් දෙසු ධර්මයට ප්‍රිය වෙමි.සංසාර දුකින් එතෙර වීමට ඇති එකම මඟ බුදු දහම බව පසක් කරගෙන සිටිමි.ඔබ සැමට බුදු සරණයි.!(ම)

:       0       1

ප්‍රභාත් Friday, 01 April 2016 10:58 AM

මෙවැනි කරුණු වාර්තා වැඩසටහන් ලෙස හෝ යම්කිසි රූපවාහිනී නාලිකාවකින් මහජනතාව වෙත ඉදිරිපත් කරන්නට හැකි නම් ඉතාමත් අගෙයි. මෙවැනි ලිපි මඟින් මිනිසුන්ගේ නැතිවී ගිය ආගමික භක්තිය නැවත ඇති කිරීමට හැකි වේවා! එවිට අපේ සමාජය ගුණයහපත් සමාජයක් වේවි (නි)

:       0       1

ජයසිරි Tuesday, 29 March 2016 07:34 AM

රොෂාන්, ඔබට බුදු සරණයි (බ)

:       0       1

ශාන්ත Saturday, 26 March 2016 04:42 AM

මෙවැනි කරුණු වාර්තා වැඩ සටහන් ලෙස හෝ යම් කිසි රූපවාහිනී නාලිකාවකින් මහජනතාව වෙත ඉදිරිපත් කරන්නට හැකිනම් ඉතාමත් අගෙයි. මෙවැනි ලිපි මගින් මිනිසුන්ගේ නැතිවී ගිය ආගමික භක්තිය නැවත ඇති කිරීමට හැකි වේවා. එවිට අපේ සමාජය ගුණයහපත් සමාජයක් වේවි.! (ර)

:       0       1

ශ්‍යාමලී Saturday, 02 April 2016 09:31 PM

බුද්ධ ධර්මය සත්‍යයකි. තුණුරුවන්ගේ ගුණ අනන්තයි. වටිනා ලිපියක් (නි)

:       0       1

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 25 March 2016 12:51 PM

ඉතාමත් වැදගත් ලිපියක්. මා කිසිදාක නොඇසූ දේවල් බොහොමයක් මේ ලිපියෙන් දැනගත්තා. එම ලිපිය කියවනවිට මට ඇතිවුණේ පුදුම බුද්ධ ගෞරවයක්. ඒ වගේම විශ්මයජනක තැතිගැනීමක්. ලංකාදීපයට බොහොමත් ස්තුතියි. ඒ වගේම ගොඩක් පින්. (නි)

:       0       2

රොෂාන් Monday, 28 March 2016 04:38 AM

මම උපතින් කතෝලිකයෙක් මගේ නෝනා බෞද්ධයෙක් කිසිම දවසක මට බලපෑමක් කර නැත බෞද්ධයෙක් වෙන්න, නමුත් පොත පතින් අන්තර්ජාලයෙන් ඉගෙනගත්ත දේ බොහොයි මම අද බෞද්ධයෙක් වෙන්න හේතුවත් රුවන්වෑලිමහා සෑයයි මාදුටු දර්ශනයන් විස්තර කළ නොහෑක අනුරාධපුර එකම දවසක හෑම සෑයකම මානික්කයන් දුටුවෙමි රුවන්වෑලිසෑයේ බුදුරෑස් සමගින් පෙර බවයක කුසලයකට (බ)

:       2       3

ඩිලාන් Wednesday, 06 April 2016 03:06 AM

ඉතාමත්ම වටිනා ලිපියක් (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 579 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 78 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 97 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 324 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 218 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 110 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site