ලස්සන කෙල්ලෙක් මගේ ඇඟේ හැප්පි හැප්පි බස් එකේ ආවා. මම ඒ කෙල්ල දිහා බලද්දී ඒකි මට උකුළු මුකුළු කළා. ඒකි මගේ ඇඟේ හැප්පි හැප්පි ආපු නිසා මමත් පොඩි ෆන් එකක් ගත්තා. බස් එකේ හිටගෙන ආපු මහන්සියවත් දැනුනේ නැහැ. බස් එකෙන් බැහැලා බලද්දී තමා දෙලොව රත්වුනේ. ඒකි මගේ පඩි සල්ලි තිබුණ පර්ස් එකට විදලා. පිටිපස්සේ සාක්කුවට අත යවන බව මට තේරුණා ඒත් ඒක මං එච්චර ගණන් ගත්තේ නැහැ. මම හිතුවේ නැහැ ඒ කෙල්ල මේ වගේ දෙයක් කරයි කියලා. මම හිතුවේ ඒ කෙල්ල හොඳ රස්සාවක් කරන එකියක් කියලයි මචං.”
පඩි සල්ලි පොකැට්ටුව කලිසම් සාක්කුවේ දාගෙන ගෙදර එන අතරවාරයේ ලස්සන කෙල්ලෙකුගෙන් ෆන් එකක් ගන්න ගිහින් අකරතැබ්බයකට මුහුණ දුන් තරුණයෙක් ඔහුගේ හොඳම මිතුරා සමග පැවසුවේ දැන් ඉතිං මාසේ ගෙවා ගන්නේ කොහොමදැයි කියා විමසමිනි.
ලස්සන කෙල්ලෙක් ඇෙඟ් හේතුවී සිටීම නිසා පොඩි සැපක් ගන්නට ගොස් අවසානයේ පොකැට්ටුව අහිමිකරගත් තරුණයෝ අපේ සමාජයේ ඕනෑතරම් සිටිති.
බොහෝදෙනෙක් මේවා ගැන පොලීසිවලට පැමිණිලි කිරීම තියා කාටවත් කියන්නටවත් නොයන්නේ ලැජ්ජාව නිසාය.
ජැන්ඩියට ඇඳගෙන කණකර ආභරණවලින් ගත පුරවාගෙන වත්සුණු තවරාගෙන වැදගත් පවුලක බවට බැලූ බැල්මට පෙනෙන ලලනාවන් කොටසකගේ ජීවනෝපායවී ඇත්තේ බස් රථයක හෝ දුම්රියක ගමන් කරන මගියකුගේ පොකැට්ටුවට විද හිමින්සීරුවේ මාරුවීමය.
තමන්ට අවශ්‍ය ගොදුර සොයාගෙන පොකැට්ටුවට විද පලා යාමට මේ ගැටකපන්නියන්ට ඇත්තේ මනා හැකියාවකි.
කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පමණක් පොකැට් උස්සන ඒ කියන්නේ ගැටකපන කාන්තාවන් හා තරුණියන් 210 දෙනකු පමණ සිටින බවත් ඔවුන් අතරින් 65x70 අතර සංඛ්‍යාවක් නිතිපතා ක‍්‍රියාත්මක වන බවත් පරීක්ෂණවලින් අනාවරණයවී සිටින බව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට අනුයුක්තව පිහිටුවා ඇති කොළඹ දිසාවේ අපරාධ පිළිබඳ ප‍්‍රාදේශීය පරිපාලන කාර්යාලයේ ස්ථානාධිපති පොලිස් සැරයන් ඒ.එම්. ඥානරත්න මහතා පවසයි.
ගැටකපන ගැහැණු සිටින ප‍්‍රසිද්ද ගම් දෙකක් වයඹ පළාතේ පිහිටා ඇත. ඒ ගම් දෙකෙන් එක ගමක මේ වැඬේට බොහොම දස්ස කාන්තාවෝ සිටිති.
පිරිමින්ගේ කලිසම් සාක්කුවල ඇති පර්ස් ඉස්සීමට පමණක් නොව අවස්ථාවක් ලැබුණොත් කාන්තාවන්ගේ හෑන්ඞ්බෑග්වල ඇති සල්ලි හෝ රත්තරන් බඩු පවා ඉස්සීමට මේ ගැටකපන ළඳුන් මනා පුහුණුවක් ලබා ඇති තැනැත්තියන්ය.
වයඹ පළාතේ පිහිටි එක් ගම්මානයක පදිංචිව සිටින ගැටකපන කාන්තාවක් ග‍්‍රෑන්ඞ්පාස් පොලිස් වසමේ පිහිටි ප‍්‍රදේශයක සිටින ඔවුන්ගේ ඥාතීන්ගේ නිවාසවල නවාතැන්ගෙන සිට ගැටකැපීම සඳහා යන අතර ඒ දිස්ත‍්‍රික්කයේම අනෙක් ගමේ පදිංචි ගැට කපන කාන්තාවක් කොළඹ ප‍්‍රදේශයේ පිහිටි නවාතැන්පොළවල ලැගුම්ගෙන සිට ගැට කැපීම සඳහා පිටත්ව යන බවට තොරතුරු පොලිසිය අනාවරණය කරගෙන ඇත.
වයඹ පළාතේ ඒ ගම්මාන දෙකට අමතරව කොළඹ, මට්ටක්කුලිය, මොරටුව, අඟුලාන සහ කඩුවෙල යන ප‍්‍රදේශවල ගම්මාන දෙකක ද ගැටකපන ගැහැණුන් බහුල වශයෙන් සිටින අතර එහෙත් වඩාත් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ පිහිටි එක්තරා ගම්මාන දෙකකි.
ගැට කැපීම ජීවන වෘත්තිය කරගත් කාන්තාවන් සහ තරුණියන් පමණක් නොව පිරිමින්ද බොහෝදෙනෙක් ගතකරන්නේ සුවපහසු ජීවිතය.
බිරිඳ ගැටකපන අතරවාරයේ සැමියාද ගැට කැපීමේ නිරතව සිටින අතර සමහර අයගේ දරුවන් පවා ඒ කටයුත්තේම නියැලී සිටිති.
සැමියා බිරිඳ හා දරුවන්ට අමතරව ඔවුන්ගේ සහෝදර සහෝදරියන් ද ගැට කැපීම ජීවන වෘත්තිය කරගත් අවස්ථා ද ඇත.
ගැට කැපීමට ප‍්‍රසිද්ධියක් උසුලන අය පදිංචිව සිටින වයඹ පළාතේ එක් ගම්මානයක් මීට හොඳම උදාහරණයකි.
මේ ගම්මානයේ ගැටකපා ජීවත්වන අය සුවපහසු ජීවිත ගත කරනවා. ඔවුන්ට හොඳ ගෙවල් දොරවල් පවා තිබෙනවා. සමහරුන් වාහනවල අයිතිකරුවන් යැයි සැරයන් ඒ.එම්. ඥානරත්න මහතා පැවසීය.
ගැට කැපීම ජීවන වෘත්තිය කරගත් අය මෙතරම් සුව පහසු ජීවිත ගතකරන්නේ අනුන්ගේ පොකැට්ටුව උස්සා උපයාගත් මුදල්වලින් මිස වෙනත් ආදායම් මාර්ගයකින් නම් නොවෙති.
ගැට කැපීම ජීවන වෘත්තිය කරගත් කාන්තාවන්ගේ හා තරුණියන්ගේ ඒ හැසිරීම් රටා හා ජීවන තොරතුරු හෙළිකරමින් සැරයන් ඥානරත්න මහතා පැවසුවේ මෙවැනි කථාවකි.
අපි ඔහුගේ හඬට මෙතැන් සිට සවන්දෙමු.
"පිට පළාත්වලින් ගැට කැපීමට එන කාන්තාවන් තරුණියන් හොඳට හැඳ පැළඳගෙන එන්නේ. ඔවුන් පැළඳ සිටින්නේ ඉමිටේෂන් මාල වළලූ හා චේන්. හොඳ රස්සාවල් කරන අය වගේ තමා බස්වල කෝච්චිවල ගමන් කරන්නේ. කිසිම කෙනකුට ලෙහෙසියෙන් මේ වගේ කාන්තාවන් හා තරුණියන් ගැට කපන්නියන් ලෙස හඳුනාගන්න පුළුවන්කමක් නැහැ. එක බස් එකකට ගැට කපන්නියන් දෙදෙනෙක් හෝ තුන් දෙනෙක් නගිනවා. සමහර අවස්ථාවල අවුරුදු 5-6 තරම් ගැහැණු හෝ පිරිමි ළමයෙකුත් ඔවුන් මේ වැඬේට එකතු කරගන්නවා.”
බස් රථයට ගොඩවී හොඳින් හැඳ පැළඳගෙන ඉන්න මගියෙක් ළඟට ගිහින් ගැටකපන කාන්තාව හෝ තරුණිය ඔහුට හේත්තුව දාගෙන යන අතරවාරයේ හිමින් සීරුවේ ඔහුගේ පර්ස් එක උස්සලා ඇයත් සමඟ පැමිණ අනිත් කාන්තාවට පාස් කරනවා. සමහර අවස්ථාවල ගැට කපන්නියන් සමඟ එන පොඩි දරුවා තමා පර්ස් එක උස්සන්නේ. කාන්තාවන්ගේ හෑන්ඞ් බෑග් එකේ ෂිප් එක හිමින් සීරුවේ ඇර ඒ හෑන්ඞ් බෑග් එක ඇතුළේ තියන රත්තරන් බඩු හරි සල්ලි හරි උස්සන්නේ යැයි සැරයන්වරයා පවසයි.
සැරයන් ඥානරත්න මහතා පවසන ආකාරයට ගැට කැපීමේ නිරතවන කාන්තාවන් හා තරුණියන් අතරින් 95%ක්ම ලස්සන සුන්දර තැනැත්තියෝ වෙති.
ජැන්ඩියට හැඳ පැළඳ හෝ වත්සුණු තවරාගෙන උදෑසන 7.00 පමණ වන විට නවාතැන්ගෙන සිටින ස්ථානයෙන් වැඬේට බහින ගැටකපන්නියන් ගොම්මන් කළුවර වැටීගෙන එන්නට මත්තෙන් දවසේ කාර්ය නිමකර ආපසු වාසස්ථානය කරා යන්නේ හොඳ ගතමනාවක් හොයාගෙනය.
ගැට කපන්නියන් කන්නේ කොළඹ නගරයේ ඇති හොඳම හෝටල් වලින් රස මසවුළු සහිත ආහාරය.
ගැට කපන්නියන් හා ගැට කපන්නන් බහුල වශයෙන් ගමන් කරන මාර්ග දෙකක් ගැනද තොරතුරු හෙළිකර සිටියේ සැරයන් ඥානරත්න මහතාය.
ඒ මාර්ග අංක 176 සහ 103 යන ඒවාය.
මෙම මාර්ගවල ගමන් කරන බස්රථවල වැඩිපුරම දෙමළ කාන්තාවන් ගමන් කරන අතර ඔවුහු ගමන් බිමන් යනවිට මුදල් පමණක් නොව ගෙදර දොරේ තියන සියලූ කණකර ආභරණ බෑග්වලට දමාගෙන යාම පුරුද්දක් වශයෙන් කරගෙන යති.
මේ නිසා ගොදුරු සොයා ගැටකපන්නියන් පමණක් නොව ගැටකපන්නෝද මෙම මාර්ග දෙකේ ගමන් කරන බස් රථවල අනෙක් ඒවාට වඩා වැඩිපුර යාමට කැමැත්තක් දක්වති. ඒ අන් කිසිවක් නිසා නොව හොඳ ගතමනාවක් සොයා ගැනීමට හැකිවීම නිසාය.
පොඩි එකෙක් කාගේ හරි බෑග් එකක්, කලිසම් සාක්කුවක් බස් එකේ හෝ කෝච්චියේ මගීන් අතරේ තෙරපි ගමන් කරනවිට අතපතගෑවාට බොහෝ කෙනෙක් ඒ ගැන එතරම් තැකීමක් කරන්නේ නැත.
එහෙත් ඒ ළමයා අවස්ථාවක් ලැබුණු වහාම පර්ස් එක උස්සා ඔහුත් සමඟ එන කාන්තාව අතට එය පාස් කරන්නේ ඇස් පිය ගහන සැණිනි.
සමහරවිට ඒ බාල වයස්කාර දරුවා ඒ වැඬේ කරන්නේ සිය මවගේ හෝ ඥාති කාන්තාවගේ කීම මතය. පොකැට් ඉස්සීමට ඒ දරුවන්ට ද මේ ගැට කපන්නියන් හොඳ පුහුණුවක් ලබාදී ඇත.
පිටකොටුව බස්නැවතුම්පොළ හා කොටුව දුම්රිය ස්ථානය අවට නිතර ගැවසෙමින් පොකට් ගසන කාන්තාවක් සිටී. ඇයගේ දැන් වයස අවුරුදු 58ක් තරම් වන්නීය.
”පොකැට් සුද්දී” යන අන්වර්ත නාමයෙන් හැඳින්වෙන ඇය මේ වැඬේට බැස ඇත්තේ 1983 වසරේදී පමණය.
දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලයිස්තුවේ සිටින පොකට් සුද්දි වැඩි කාලයක් ගත කරන්නේ සිර ගෙවල්වලය. ඒ පොකට් ගසා පොලීසියට අසුවන නිසාය.
ඇය තවමත් පොකට් ගැසීම අතහැර නැත. හිරෙන් නිදහස්වී පැමිණි විගස පොකට් සුද්දී ආයෙත් සුපුරුදු වැඬේටම බසින්නීය.
මේ කියන කාන්තාවට පොකට් සුද්දී කියා අන්වර්ත නමක් පට බැඳී ඇත්තේ ඒ වැඬේට පාන දස්කම් නිසාය. පොකට් සුද්දී යැයි කිව්වොත් බජාර් එකේ නොදන්නා කෙනෙක් නොමැත. ඒ තරමටම ඇය බජාර් එකේ ප‍්‍රසිද්ධය.
ගැට කැපීමට ආධුනික තරුණියන් පොකට් සුද්දී හමුවී ගුරුහරුකම් ලබාගන්නා බව පවසා ඇත්තේ ඇය ගැන තොරතුරු දන්නා පොලීසියේ නොවන පිටස්තර අයෙකි.
ගැට කපන කාන්තාවන් හා තරුණියන් මාස හයකට පමණ වරක් එක්වී සුපිරි සාද පවත්වන බවද මා සමඟ තොරතුරු හෙලිකළේ ගැට කපන්නියන් ගැන කරුණුකාරණා දන්නා එම තැනැත්තාය.
ඒ සාදයේදී එකිනෙකා ඔවුනොවුන් කළ හපන්කම් මෙන්ම ඔවුන්ට වැරදුණු තැන් ගැනද කතාබහ කරන්නේ මහත් උජාරුවෙනි.
කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පෞද්ගලික බස්රථවල ගමන් ගන්නා විට ඇතැම් කොන්දොස්තරවරුන් තම තමන්ගේ මාල චේන් පර්ස් එක පරිස්සම් කරගන්නා ලෙස හඬ නගා පවසනවා ඔබ බොහෝ අවස්ථාවල අසා ඇතිවා නිසැකය.
මගින් කෙරෙහි උපන් අනුකම්පාවෙන්, දයාවෙන් හෝ කරුණාවෙන් මෙවැනි දෙයක් කියනවා විය හැකි යැයි ඔබ තරයේ විශ්වාස කරන්නට ඇතිවා නිසැකය.
ඔබ එවැනි නිගමනයක හෝ විශ්වාසයක සිටියා නම් එය වැරදිය. මගීන්ට ඇති හිතවත් කමකට මෙවැන්නක් කියන බව හඟවා මෙවැනි ඇතැම් කොන්දොස්තරවරුන් කරන්නේ බස් එකේ යන ගැටකපන කාන්තාවන්ට හෝ පිරිමියාට වාසියක් ගෙන දෙන දෙයකි.
බහුතරයක් කොන්දොස්තරවරුන් අවංකවම එවැනි දෙයක් කිව්වත් ඇතැම් කොන්දොස්තරවරු ගැටකපන අයට උදව් කිරීමක් වශයෙන් හිතාමතාම පර්ස් එක මාලය හෝ චේන් එක ගැට කපන්නන්ගෙන් පරිස්සම්කර ගන්න යයි පවසති.
ඇතැම් කොන්දොස්තරවරුන්ගේ මේ උපක‍්‍රමය ගැන කරුණු හෙළිකරමින් සැරයන් ඥානරත්න මහතා පැවසුවේ මෙවැන්නකි.
මගීන්ගෙන් බස්රථය පිරී තිබෙන විට ඇතැම් කොන්දොස්තරවරුන් පර්ස් එක මාලය චේන් එක ගැට කපන්නන්ගෙන් පරෙස්සම් කරගන්නා ලෙස හඬ නගා පැවසූ විට වැඩිපුර මුදලක් සාක්කුවේ දමාගෙන යන මගීන් සාක්කුව අතපතගා බලනවා. බසයේ සිටින ගැට කපන්නා සාක්කු අතපතගාන මගීන් දෙස උකුසු ඇස යොමාගෙන සිට එවැනි අය ළඟට කිට්ටුවී පර්ස් එක උස්සාගෙන හිමින් සීරුවේ බස් රථයෙන් බැස යනවා. මෙය සමහර කොන්දොස්තරවරුන් හිතාමතාම කරන දෙයක් යැයි පොලිස් සැරයන්වරයා පවසයි.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට අනුබද්ධව පිහිටුවා ඇති කොළඹ දිසාවේ අපරාධ පිළිබඳ ප‍්‍රාදේශීය පරිපාලන කාර්යාලය මගින් සුවිශේෂී මෙහෙවරක් බොහොම අප‍්‍රසිද්ධියේ ඉටුකරනු ලබන බව බොහෝදෙනෙක් දන්නේ නැත.
බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ කොළඹ දිසාබාර නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඞී.එස්. ගුණවර්ධන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඞී.ආර්.එල්. රණවීර, සහකාර පොලිස් අධිකාරිවරුන් වන නුවන් වෙදසිංහ, ප‍්‍රදීප් රත්නායක, අතුල සිල්වා, එස්.පී. ධර්මදාස, එල්.එම්.ජී. ජයරත්න සහ අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික් ඕවිට යන මහත්වරුන් යටතේ මෙම කාර්යාලය ක‍්‍රියාත්මක වෙති.
මෙම ප‍්‍රාදේශීය පරිපාලන කාර්යාලයේ ස්ථානාධිපති තනතුර දරන පොලිස් සැරයන් ඥානරත්න මහතා අපරාධකරුවන්ගේ තොරතුරු සහ ඡායාරූප ගොනු පවත්වාගෙන යමින් ගැට කපන්නන් හා ගැට කපන්නියන් කොටුකර ගැනීමට ලොකු මහන්සියක් ගන්නා පොලිස් නිලධාරියෙකි.
කොළඹ දිසාවේ පිහිටි පොලිස් ස්ථාන 19 පිහිටි අපරාධ විමර්ශන අංශවල ස්ථානාධිපතිවරුන්ගෙන් ද මේ සඳහා විශාල දායකත්වයක් ලැබේ.
කොළඹ දිසාවේ අපරාධ පිළිබඳ ප‍්‍රාදේශීය පරිපාලන කාර්යාලයේ විවිධ අපරාධකරුවන් ගැන මෙන්ම ගැට කපන කාන්තාවන්, තරුණියන් හා පිරිමින් ගැනද තොරතුරු ඔවුන්ගේ ඡායාරූප සමග වෙන් වෙන් වශයෙන් ගබඩා කර තබා ඇත.
මෙම විස්තර හා ඡායාරූප යොදා ගනිමින් අපරාධකරුවන් මෙන්ම ගැට කපන්නන් හඳුනාගෙන ඔවුන් අල්ලා ගැනීමට පොලීසියට ඉඩ ප‍්‍රස්ථාව ලැබී තිබේ.
නිල ඇඳුමට අමතරව සිවිල් ඇඳුමින් සැරසී ඔබේ පර්ස් එක ගැට කපන කතුන් ගෙන් හා පිරිමින්ගෙන් බේරාදීමට පොලිස් නිලධාරීන් කරන්නේ කිව නොහැකි මෙහෙයකි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොකැට් ගහන අපූරු ලලනාවෝ
නිත්‍යා Saturday, 02 February 2013 03:09 PM
ආපෝ කාන්තාවන්ටත් එක්ක අපහාසයක් (ස)
සෙනරත් Sunday, 27 January 2013 10:33 PM
ඇයි මේ ප්‍රසිද්ධ ගම් දෙකේ නම් අපිට කියන්න බැරි? (නි)
ප්‍රේමසිරි Saturday, 09 February 2013 06:07 AM
ඇයි ලස්සන කාන්තාවන්ට නිගරු කරන්නේ (ස)
ලලිත් කටාර් Tuesday, 29 January 2013 03:11 PM
මොනවා උනත් මට අහුවුනානම් අත කපන්න බැරි නිසා කඩනවා.. එක වතාවක් කොළඹ කොච්චිකඩේ පල්ලිය ළගදි එහෙම කළා.. එහෙම කරපු එක වැරදි වැඩක් කියලා කාටවත් කියන්න බැහැ..!(නු)
හේමන්ත Tuesday, 29 January 2013 03:27 PM
ගැට කියන වචනය අදට ගැලපෙන්නේ නෑ නේද ?අද මුදල් ගැට ගහගෙන යන්නේ නෑ නේද ?(ස)
අනූ Wednesday, 06 February 2013 12:13 PM
හේත්තුව දාන්න යනවට හොඳ වැඩේ (ස)
සම්පත් Wednesday, 30 January 2013 01:28 PM
ආ කව්ද දන්නෙ සල්ලි ගන්න අත ඩෑම්මා කියලා ............හිකිzzzz
අරවින්ද Wednesday, 30 January 2013 02:53 AM
ලස්සන ගැහැණු ළමයි හින්දා පොකට් ගැහුවට කමක් නැහැ..!(නු)
මුතු Tuesday, 29 January 2013 02:35 AM
මේ අයට සාරධර්ම චින්තනය නමැති බෙහෙත ලබා දෙන්න ඒය කරන්න පුලුවන් ප්‍රායෝගික ජීවන ක්‍රමයකින් පමණයි , එම ජීවන ක්‍රමය සොයාගැනීම සැමගේම වගකීම වන්නේය.(ස)
මහේන්ද්‍ර Thursday, 31 January 2013 11:48 AM
මෙච්චර මාධය වලීන් දනුවත් කරලත් ඇයි හොර සක්කුවක් වැඩිපුර මුදල් ගෙනියනකොට පාවිච්චි නොකරන්නේ . අනික ඩෙබිට් කාඩ් බාවිතයත් හොඳ විසදුමක් . (ස)
සුපුන් Monday, 28 January 2013 02:30 PM
හොරමැරකම් එන්න එන්නම වැඩිවෙන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. (නි)