මරණය පෙනි පෙනී සිට තව දුරටත් ජීවත්වීමේ වාසනාව හිමිකරගත් කෙනෙකු වෙතොත් ඒ ආශ්චර්යයකි. එබඳු ආශ්චර්යයකින් ජීවත්වීමේ වාසනාව හිමිකරගත් 60 හැවිරිදි එක්දරු මවක් ගලේවෙල ගලපාමුල ගම්මානයේ සිටී. ඇය නමින් ඇම්.ඞී. කරුණාවතීය. ඇගේ එකම දරුවා සුසන්ත අමරසිංහ නම් වූ 26 හැවිරිදි තරුණයාය. සුසන්ත කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අංශයේ උපාධිධරයෙකි. අදටත් සිය මවගේ සියලූ උවටැන් කටයුතු කරන්නේ මේ දරුවාය. කරුණාවතී මෑණියන්ගේ මුහුණේ එක් ඇසක් එක් කනක් හා නාසයෙන් අර්ධයක් ඇයට අහිමිය. ශල්‍යකර්ම ගණනාවකින් පසුව ඇය තව දුරටත් ජීවත්වීමේ වරම් හිමිකරගෙන සිටී. ඇයට තවත් ශල්‍ය කර්මයක් සිදුකළ යුතුව ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන් පවසා ඇත. කරුණාවතී මාතාවට වැළඳී ඇත්තේ ලොව ඉතාමත් දුර්ලභ ගනයේ රෝගයකි. මේ වන විටත් හමුවී ඇත්තේ මෙබඳු රෝගීන් 6 දෙනෙකු බවද වෛද්‍ය විශේෂඥයෝ පවසති. ඇයගේ මුහුණේ එක් අර්ධයක මස් සියල්ල දියවී යාම මෙම රෝග තත්ත්වයයි. තම මවගේ රෝගය හා මුහුණ දුන් ඒ දුක්මුසු පුවත සුසන්ත අමරසිංහගෙන් විමසුවෙමු. මගේ තාත්තාගේ රැකියාව කුලී වැඩ. අම්මාත් කුලී වැඩ කරලා මට කන්න බොන්න දුන්නා. ඉගැන්නුවා. උපාධියක් ගන්නවා කියන දැඩි අධිෂ්ඨානයක් තිබුණා. ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වුණේ ඒ-2 බී-1 යි 2006 දී කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අංශයට ඇතුළු වුණා. 2008 අවුරුද්දේ දී තාත්තා මිය ගියා. 2010 සැප්තැම්බර් 8 වැනිදා මගේ අවසාන විභාගය. අම්මා අසනීප වෙලා රෝහල් ගත කළා. විභාගය ඉවරවුණු ගමන් මම කුරුණෑගල රෝහලට ගියා. අම්මා දැඩි වේදනාවකින් කෑ ගැසුවා. වේදනා නාශක දුන්නත් වැඩක් නැහැ. දවස් දෙකක් ගතවෙද්දී අම්මාගේ මුහුණේ එක පැත්තක් ඉදිමුණා. නිල් පැහැ ගැන්වුණා. අම්මා කොළඹ මහ රෝහලට යැව්වා. අම්මාගේ මුහුණේ එක් පැත්තක මස් දිය වුණා. කටේ තියෙන දත් පෙනුණා. කොළඹ රෝහලේදී ශල්‍ය කර්ම දෙකක් කළා. අන්තිමේදී ටිකට් කපලා ගෙදර එව්වා. වෛද්‍යවරු නොකියා කිව්වා අම්මා ජීවත් වෙන්නේ තව දවස් කීපයක් කියලා. අම්මා ගෙදර ගෙනාපු මම අම්මට උපස්ථාන කළා. අන්තිමේදී අම්මාගේ තුවාලෙට ඉහඳයෝ (පණුවෝ) ආවා. දඹුල්ල රෝහලට ගෙන ගියා. එහිදී නැවත ශල්‍යාගාරයට ගෙනිහිල්ලා අම්මාගේ තුවාලයට බෙහෙත් දැම්මා. අපි ඉන්න අසරණ තත්ත්වය දැකලා දින කීපයකට බෙහෙත් දුන්නා. මේ අතර දවසක් මගේ යහළුවෙක් අපේ ගෙදර ආවා. මමත් අම්මාත් විඳින දුක දැක්කා. එයා අපි විඳින දුක එයාගේ යාළුවෙකුට කියලා. ඒ යාළුවා කොහුවල විහාරයේ වලස්මුල්ලේ ජිනරතන හාමුදුරුවන්ට කියලා තියෙනවා. ජිනරතන හාමුදුරුවෝ දවසක් හදිසියේම අපේ ගෙදර ආවා. තොරතුරු ඇහුවා. දවස් කීපයකට පස්සේ මේසන් බාස්වරුන් කට්ටියක් එක්ක ඇවිත් ගේ හදලා දුන්නා. ගිලන් රථයක් ගෙනැල්ලා අම්මා කෙළඹ ජාතික රෝහලට අරගෙන ගියා. ප්ලාස්ටික් සැත්කම් ඒකකයට ඇතුළත් කළා. වෛද්‍ය දිලීප් පෙරේරා මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය අපිට උපරිම සහාය දුන්නා. මරණය පෙනි පෙනී හිටපු අම්මා නැවත ජීවත් කළා. මගේ අම්මාගේ ජීවිතය බේරා දෙන්න ජිනරතන හාමුදුරුවෝ අති විශාල මුදලක් වැය කළා. අපි උන්වහන්සේට සදා ණය ගැතියි. මගේ අම්මාට පැය 14 ක ශල්‍ය කර්මයක් කළා. අම්මාගේ බඬේ හමෙන් කෑල්ලක් අරගෙන මුහුණට බද්ධ කළා. තවත් මාස 6 කින් තවත් ශල්‍යකර්මයක් කරන්න තියෙනවා. තමාට නැවත ජීවත්වීමේ වරම ලබාදීම පිළිබඳව කරුණාවතී මාතාව ජිනරතන හිමියන්ට පින්දෙයි. දුර්ලභ ගණයේ පරිත්‍යාගයක් කරමින් තමාට උවටැන් කළ තම පුතණුවන් තමා ලද නිල් මැණිකක් යැයි අම්මා අප සමග පැවසුවාය.
ගලේවෙල මහින්දසිරි පේ‍්‍රමලාල් සහ දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොහොයුරනෙනේ ඔබවන් පුතුන් ලොවටම ආදර්ශයකි .ධීර්ගයු ... ඔබට යෝධ බල ලැබේව ..!
ඔය වගේ හැම පුතෙක්ම මේ වගේ අම්මට සලකනවානම් කොයිතරම් හොඳද ,ඔය ගෙන ආඩම්බරයි සුසන්ත , මමත් මගේ අම්මට පන වගේ ආදරෙයි .
හොද පුතෙක්
ඔබ කල මේ පිනම ඇති නිවන් දකින්න .
ඔයා නියම කොල්ලෙක්....
මතු බුදු වීමට නියත විවරණ ලැබීමට සුදුසු පුතෙක්
සොයුර ඔබට සම්මා සම්බුදු සරණයි.
මේ වගේ බෞද්ද රටක මේවගේ කොල්ලෝ ඉන්න එක පුදුමයක් නෙමේ .මගේ ඉල්ලීම මේ පවුලට පුළුවන් උදව්වක් කරමු
ඔබ ශ්‍රේෂ්ට නිනිහෙක් සහෝදරයා. දිගුකල් ජීවත්වෙව
ආදරණීය පුතේ , ඔය මතු බුදු වේවි
ඔබගේ ගිණුම් අංකයක් සඳහන් කරනවානම් අපිට හැක් පමණින් උදව් කල හැකි වේවි.මගේ ඇස් වලට කඳුළු ආවා මේක දැකල..ඔබට කවදාවත් වරදින්නෑ...
වාසනාවන්ත පුත්‍ර රත්නයක්, මේ මෑණියන්ට දීර්ඝායු ලැබේව !
මේ ළමයාගේ දුරකතන අංකය ලබා දෙන්න.අපිට අවශ්‍යයි එයාට කතා කරන්න
පුත, ඔබට සියලු දෙවි කරුණාව ලැබෙනවා
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
පුතේ, ඔබ මතු බුදු වේවි!
ඔබවැනි පුතෙක් ලද මවක් කොතරම් වාසනාවන්ත ඇද්ද?
බීපු කරට මේ පුතා ණය නැතේ. සොයුර, ඔබ අපට ආඩම්බරයකි
ලොවේ උතුම් පුතෙක් ඔබට සදා ජය!
ඔබ උසස් පුතෙක්
අම්මා කෙනෙකුට කරන එම දෙයම තමයි සහෝදරයා ඔයාට මේ ලෝකයේ කරන්න පුළුවන් උපරිම පින් දහම ඔබට ස්වර්ගය පතමි!
පුතනුවනි, ඔබට යෝධ බල , යෝධ විර්යය, ලැබේවා, ඔබගේ මවටත් දීර්ඝ කාලයක් ඔබ හා වාසය කිරීමට ලැබේවා.
අයියා වගේ අය අපට ආඩමිබරයක්........
බුදු බව ලැබීමට නියතවිවරණ ලැබිය යුතු පුතෙක්...
http://www.helpkarunawathi.org මෙම වෙබ් අඩවියෙන් වැඩි විස්තර ලබාගත හැක.
ඔයාට ගොඩ ගොඩක් පින්..
උතුම් මිනිසුන් සිටින ලොවක සියළු දෙන මොහුට පිහිට වේවා!
පුත, ඔබ ජාතියටම ආඩම්බරයකි.ඔබට ජය සහ සතුට!
ඔබ මතු බුදු වේවි!
දීර්ඝායු ලැබේවා! නමෝ බුද්ධාය!
ඔබ ගැන අපිට ගොඩාක් අඩම්බරයි. දීර්ඝායු ලැබේවා. නමෝ බුද්ධාය
සොයුර ඔබටත් ඔබේ මෑණියන්ටත් දීර්ඝායුෂ, මේ පින්කම ඔබට පාරමිතාවක්ම වේවා. තෙරුවන් සරණයි.
ඔයාගේ ජීවිතකාලේ පුරාවටම මේ පින ඔයාට හේතුවෙයි , වලස්මුල්ලේ ජිනරතන හාමුදුරුවොත් බුදුන් දැක නිවන් දකීවා
මල්ලි, ඔබට බුදු සරණයි, දෙවි පිහිටයි!
අයියේ, ඔබට නම් කවදාවත් වරදින්නේ නෑ
මට ඇඬෙනවා. අපිට මේ වගේ ලෙන්ගතු මවකගේ ආදරය ලැබුනේ නෑ මල්ලී..ඔයාටත්, හාමුදුරුවන්ටත් ගොඩක් පින්...
වැඩි විස්තර http://www.helpkarunawathi.org/ වෙබ් අඩවියට පිවිස දැනගන්න. මෙවැනි අසරණයන්ට පිහිට වීම මහඟු පිනකි. නමෝ බුද්ධාය!
හොඳ ආදර්ශයක්. තරුණයන්ට මේවා දකින්න සලස්වන්න ඕන...
චණ්ඩි හාමුදුරුවරුනුයි දායකයොයි එකතු වෙලා මේ අයට උදවු කළොත් නරකද?
ආදරණීය මිතුර, ඔබ ගැන ආඩම්බරයි අපට. සුභ පතනවා ඔබට. ඔබ දෙපලට දෙවි පිහිටයි
මිතුර,ඔබ අපට ආඩම්බරයකි
ඔය ගෙන හරිම ආඩම්බරයි අයිය .
ඔයා කොළඹ විශ්වවිද්‍යාලයේ උන එක අපිට ලොකු ගෞරවයක් අයිය .
උතුම් පුතෙක් ඔබට සදා ජය!
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
ආදර අම්මෙක්ගේ හොද පුතෙක්.දෙදෙනාටම දිගාසිරි!
හොඳ ආදර්ශයක්. තරුණයන්ට මේවා දකින්න සලස්වන්න ඕ පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
දෙවියන් ඔබට ආශිර්වාද කරාවි
බෝසත් පුතු නම්
බෝසක් පුතෙක්.මවට ඉක්මන් සුව!
මාතා පිතූ උපට්ඨානං ඒතං මංගල මුත්තමං
අපිට දුරකථන අංකයක් දෙනවනම් වඩා හොඳයි......
ඉක්මන් සුව පතමි
ඉක්මන් සුව පතමි
ලෝකේ ඉන්න හොඳම මනුස්සයෙක් තමයි ඔයා...ආඩම්බරයි...
මේක දැකල මගේ ඇස්වලට කඳුළු පිරුණා .ඔයා මේ ලෝකයටම ආඩම්බරයක්...
දුකට පිහිට වුණු අපේ හාමුදුරුවන්ට පින්....
ඔයා වටින පුතෙක් . ඇත්තටම අම්මේ ඔයා වාසනාවන්තයි .ඔයාට ගොඩක් පින් .නමෝ බුද්ධාය
තරුණ හැමටම ආදර්ශයක් ලබාදෙන ඔබ උතුම් තරුණයෙකි. ඉක්මන් සුවය පතමි!
අනර්ග පුතෙක්...
අනර්ග පුතෙක්....
ඒල කොල්ලෙක්... රත්තරන් පුතෙක්
ඔයා ගොඩක් වටින පුවතක්.. ඇත්තටම අම්මෙ ඔයා ගොඩක් වාසනාවන්තයි.. ඔයාට ගොඩක් පිං සුසන්ත.. නමෝ බුද්ධාය..
නියම කොල්ලෙක්, පුළුවන් උදව්වක් කරමු....
ඔබට බුදු බව ලැබේවා . මෙවැනි පුතෙක් බිහි කිරීමම පිනක්....
මේ අම්මට ඉක්මන් සුවය ලැබේව ! මිතුර ඔබ අපට ආඩම්බරයකි.......... තෙරුවන් සරණි !
අම්මට ඉක්මන් සුවය ලැබේවි ගොඩාක් කල් ජීවත්වෙන්න.
රත්තරං අම්මට ඉක්මන් සුවය ලැබේවා..!! උදව්වක් කරන්න දුරකථන අංකය හෝ ලිපිනය ලබාදෙන්න
පුත මේ සසරේදීම නිවන් දකින්නට ඔබට හැකි වේවි...උදව්වක් කරන්න දුරකථන අංකයක් ලබා දෙන්න....
රත්තරක් පුතේ....නුඹේ නමට දෙවියොත් වඳී......
රත්තරන් පුතේ ඔයාගේ නමට දෙවියොත් වඳී.....
වචන නෑ පුතේ කියන්න නියමයි..............
ඔබ ශ්‍රේෂ්ඨ පුතෙක් අපේ රටේ. ත්‍රිවිධරත්නයේ අශිර්වාදය ඔබට සහ ඔබේ මවට
ඔබ අපේ රටේ ඉන්න ඉතාම උසස් කෙනෙක්.. ත්‍රිවිධ රත්නයේ පිහටයි ඔබට සහ මවට..
ඇත්තටම ඔයා ගොඩක් හොද පුතෙක්, මේ වගේ පුංචි රටක ඔය වගේ කෙනෙක් ඉන්න එක ගැන අපට ගොඩක් ආඩම්බරයි..අම්මට කිසිම දෙයක් වෙන්නෙ නැහැ.. උඩ ඉන්න දෙවියන් ඔයාගෙ ආදරණීය අම්මව ආරක්ෂා කරනවා.. අදළා හාමුදුරුවො ඔයාලව රකිනවා.. ඔයාල දෙන්නටම තෙරැවන් සරණයි..
කොල්ලෙක් හැටියට මමත් සුභපතනවා...!!
කියන්න වචන නැහැ.. මේ වගේ කොල්ලෙක් වදපු අම්ම ගිය ආත්මෙ පිං කරල තියෙනවා.. මම අගය කරනවා මේ උතුම් සත්කාරය ගැන..
මේ උතුම් ක්‍රියාවට ඔබට සියලු දෙවි රැකවරණය ලැබේවා!!
ඔබට බුදු සරණයි..
ඇත්තමයි අයියේ ඔයා පාරමිතා පුරන්න ඔයාට බුදුබව ලබාගන්න පුළුවං තරම් පිනක් කරල තියෙන්නෙ.. මට මේ පුවත කියව්ද්දි ඇස් දෙකට කදුළු ආවා.. ඔබ උතුම් පුතෙක්.. බදුසරණයි..!!
දරුවා සුසන්ත අමරසිංහ,මේ උතුම් සත්කාරය මම අගය කරනවා, අද වදපු අම්ම/තාත්තාව බලාගන් නැතුව මහලු මඩමට එලවා දමන සල්ලිකාර උදවියට ඔබ හොද අාදර්ශයක්.ඔබ උතුම් පුතෙක්.. දෙවියන් ඔබට ආශිර්වාද කරාවි.
වාසනාවන්ත මවක් සහ පින් ඇති පුතෙක්
වාසනාවන්ත මවක් සහ ගුණබර පුතෙක්
සොයුර, ඔබ ගුණ දහම් පිරිහුණ සමාජයට ආදර්ශයක්.පින්බර පුතෙක්...වාසනාවන්ත මවක්.මවට ඉක්මන් සුවය.. පුතුට ශක්තිය.ධෛරිය,ජය,සතුට,සදා සැප.
මල්ලි ඔයාට බුදු සරණයි.. තමන්ගෙ අම්මා වෙනුවෙන් කරපු දේට.. ඔයාට ගොඩක් පිං...
මතු බුදු වීමට නියත පුතෙක්.......... ඔබට බුදු බව ලැබේවා...........
මම බලාපොරොත්තු වෙනවා උදව් කරන්න ඔබේ මවට
මම ඔබේ මවට උදවු කරන්න කැමතියි
මේ උතුම් ක්‍රියාවට ඔබට සියලු දෙවි රැකවරණය ලැබේවා!! ඔබ අපේ රටේ ඉන්න ඉතාම උසස් කෙනෙක්.. ත්‍රිවිධ රත්නයේ පිහිටයි ඔබට සහ මවට..
උසස් ශ්‍රේෂ්ඨ පුතෙක්.මෙහෙම දරුවෝ මෙවන් සමාජයක ඉන්නවා කියන එකත් පුදුමයක්
මතු බුදු වෙන්නට මේ පින හොදටෝම ඇති.කරුණාකර ලිපිනය සදහන් කරන්න
මල්ලි, ඔයා වගේ අය තමයි මතු බුදු වෙන්න.උදවු කරන්න ලිපිනය දෙන්න
ඇස්වලට කඳුළු ආවා මේක දැක්කම මේ අම්මටයි මල්ලිටයි දෙවි පිහිටයි....
http://www.helpkarunawathi.org/
ඔබේ අම්මත් ඔබත් මතු සංසාරෙත් මව හා පුතා වී උපදීවා...
එ වගේම මේ සදහා මුලික වී කටයුතු කරපු වලස්මුල්ලේ ජිනරතන හාමුදුරුවන්ටද මේ ආදර්ශමත් බෝසත් පුතාටද මේකල පින මතු භවයකදි නිවන් අවබෝධය පිණිසම හේතුවාසණා වේවා......
මෙලොව දෙවියන් ඔබය....
මිහිපිට ජීවත් වෙන දෙවියෙක්
උතුම් පුතෙක් වගේම වාසනාවන්ත අම්ම කෙනෙක් .හාමුදුරුවනේ ඔබවහන්සේට බුදු බවම ලැබෙන්න ඕනේ මේ කරපු පිනට .
අම්මට ඉක්මන් සුවය ලැබේවා. සොයුරානෙණි ඔබට හයපතක්ම වේවා.
අධ්‍යාපනයේ නියම වටිනාකම මෙයයි. මේ අම්මා ගොඩක් වාසනාවන්තයි
කෝටි ගනන් වල වාහන ගන්නා ඇමති පුතුනි, මෙවන් රුවන් පුතුන් ද මේ ලක්බිමේ ඇති බව වටහා ගනු මැනවි. මේ කිසිවක් නොව අවශ්‍ය සිතේ ශක්තියයි . පුතේ නූඹට සසර වසනතුරු මේ පින් මහිමය උපකාර වේවා
නුඹ රටම වාසනාවක්....
මෙවන් පුතෙක් බිහිකර මව ඔබ වාසනාවන්තයි....
සොයුර ඔබට දෙවි පිහිටයි....
අම්ම ගොඩක් වාසනාවන්තයි , පුතා ගොඩක් පින් වන්තයි...
ලංකාවේ වැඩියෙන් අලෙවි වන මේ පුවත් පතේ හාමුදුරැවෝ කරපු හොද හරියටම දැම්ම නම් හොදයිනේ.ඔහෝම කරන හාමුදුරැවන්ගේ ඡායාරැපයක් දැම්ම?නම් කොච්චර අගනේද?
ලංකාවේ වැඩියෙන් අලෙවි වන මේ පුවත් පතේ ඔහොම කරන හාමුදුරුවන්ගේ ඡායාරූපයක් දැම්මනම් කෙතරම් අගනේද?
ඔබගේ ගිණුම් අංකයක් සඳහන් කරනවානම් අපිට හැකි පමණින් උදවු කළ හැකි වේ.
අම්මාට ඉක්මන් සුවය ලැබේවා....උදව්කර සැමටත් පින්.. අපිත් උදව් කරන්න කැමතියි මල්ලී....
ඔබ උතුම් පුතෙක්. ඔබට යෝධබල යෝධ ශක්තිය ලැබේවා!
සුපර් ස්ටාර්ලා වෙන්න සිහින දකින කොල්ලෝ ඉන්න රටක ඔබ නියම කොල්ලෙක්
ඔබ හැම කෙනෙක්ටම ආදර්ශයක්...
ඔබ මිනිසුන් අතර සැබෑ මිනිසෙක්
ඔයා ගොඩක් හොඳ පුතෙක්...
ඔයා නියම කොල්ලෙක් මල්ලි.අද ඉන්න සර්ව පිත්තල කොල්ලන්ට ඔයා ආභරණයක්
බුදු සරණයි ඔය දෙන්නට....
ඔබ අපේ රටට ආඩම්බරයක්...
අයියේ,අම්මාව ඇහැක් වගේ රැකගන්න.එයා හැමදාම සතුටින් ජීවත් වෙයි
අයියේ,ඔයා ගොඩක් හොද කෙනෙක්.මම සුභ පතනවා ඔයාට
කවදා හෝ දිනක ඔබ විවාහ වන කාන්තාව ඉතා වාසනාවන්ත කෙනෙක් වේවි
ඔබට බුදු සරණයි!
ගිණුම් අංකයක් දෙන්න පුළුවන් පමණ උදව්කරන්නම්. ඔබට බුදු සරණයි!
එවැනි පුතෙකුට සහ මෙවැනි මවකට පිහිට වීමට ලැබීමත් නිවනට මගක් වෙයි. ඔබට බුදු සරණයි!
අම්මාට ඉක්මන් සුවය ලැබේවා... අම්ම ගොඩක් වාසනාවන්තයි , පුතා ගොඩක් පින් වන්තයි... බුදු සරණයි!
එක්මනටම සුවවෙව ....
ඔය වගේ 1000ක් හිටියොත් මහළු මඩම් 100ක් වැසේවි. ඔබට බුදු සරණයි!
මතු බුදුවෙන සහෝදරයෙක්.ඔබේ මවට ඉක්මන් සුවය පතමි
ආදර පුතේ,අම්මා යන වදනේ සැබෑ අරුත වටහා ගත් ඔබට බුදු සරණයි!
ඔබ වැනි පුතෙකුගේ ගුණ කීමට වචන වලින් බැරිය
අයියේ ඔයා අති උතුම් පූජණීය වස්තුවක්. අම්මට ඉක්මන් සුවය ලැබේවා!!
ඔබ වැනි පුතෙකුගේ ගුණ කීමට වචන වලින් බැරිය
ඔබට ගොඩක් පින් .මම හදවතින්ම ගරු කරනවා ඔබට .
ඔබ පෙරුම් පුරන බුදුකෙනෙක් ...
සුසන්ත පුතා ඔබ වත්මන් තරුණ පරපුරට ආදර්ශයකි.ඒ වගේම මේ සදහා මුලික වී කටයුතු කළ වලස්මුල්ලේ ජිනරතන හාමුදුරුවන් වහන්සේද වත්මන් තරුණ භික්ෂු පරපුරට ගෞරවයකි. ඔබ දෙදෙනාම සෑබෑ බෞද්ධ කමට නිදර්ශනයන්ය. අපගේ ගෞරවය.... එන්.ඩි.හෙට්ටිආරච්චි- ලන්ඩන් නගරය
ඔබ බෝසත් පුතෙක්
ඒ මහා පින් කමට උපකාර කල ඒ ස්වාමින් වහන්සේටත් ඒ පුතාටත් ඒ මවටත් නිවන් දකින තුරා නිරෝගේමත්ව සිටීමට ලැබේව වහ වහා ධර්මවභෝදය ලැබේව ..ශ්‍රී බුද්ධ වචන ඇසේව ...සංසර දුක නිවේවා ...
බුදුන් දැක නිවන් ලැබේවා. !(ස)
මේ වැනි පුතුන් ගැන හරිම ආඬම්බරයි.
ඹබගෙ මවට ඉක්මන් සුවය පුර්ඵනා කරමි.මල්ලී ඹබ දෙවි කෙනෙකි. මෙම අකුසල කර්මයෙන් මිදි නිරොගි සුවය අත් වෙවා!
දුර්ලබ පුතෙක්, ඔබට බුදු සරණයි.
ඔබ ගැන කියන්න කියන්න වචන නැ
ඔයා රටට ආඩම්බරයක් මල්ලී...
ඔබ මේ රටේ තරුණ පරපුරට ලබා දුන්නේ හොද ආදර්ශයක්.ඔබට ජය!
ඔහොම තමා ජීවිතේ අපිටත් මොනවා වෙයිද කියලා හිතාගන්ඩ බෑ (නු)
මාතුපොසක කතාව මතක් වෙනවා.. ඔයත් බුදු පුතෙක්..(නු)
දස මාසයක් කුසේ තබා ඔබ බිහි කළ පින්බර පුතෙක්. ඔබට ඉක්මන් සුවර ප්‍රාර්ථනා කරනවා. (ත)
ඔබත් බුදු පුතෙකි පුතුනේ මෙලොව උපන්! (දී)
ඇත්තටම අදහන්න වටින පුතෙක් ඔයාට කවදාවත් වරදින් නෑ අම්මට දීර්ඝායු අත්වේවා ... (ස)
ඔබ නම් රත්තරම් පුතෙක්. ඔබේ ජීවිතයට ජය වේවා. (ත)
ඔබ නිවන්දකිනවාමයි...ඒක නියතයි..ඔබට ජයෙන් ජය...!!! (ස)
මාධ්‍යවලින් විස්තර දැනගත්තම කියා ගන්න බැරි තරම් දුකක් වේදනාවක් දැනුණා. ඔබවන් පුතෙක් ලබන්න ඔබේ මව විශාල පිනක් කර තිබුණත් පෙර කලදී කර ඇති අකුසල කර්මයේ විපාකය බලවත් නිසා ඇය මේ විදිහට දුක්විදනවා ඇති. ඔබගේ අප්‍රමාණ ධෛර්ය ඒ දිනක ඇයව සුවපත් කරනු ඇති. ඔබට සහ මවට දිර්ඝායු. (නි)
ඔබ වැනි දරුවන් අද කාලේ දකින්නට ලැබීමත් වාසනාවක්..(ස)