2024 වසර උදාවිය. මහමෙරක් උසට බලාපොරොත්තු කඳු ගොඩ ගැසී තිබේ. ඒ හතර – පස් වසරක් මුළුල්ලේ නිරාදුකින් විඳවන ජිවිතයට හුස්මක් ගනු පිණිසය. දුකෙන් පෙළෙන සත් ඒ දුකෙන් මුදවන ඉච්ඡාභංගත්වයෙන් අසහනයෙන් පෙළුණු ජනයා එමගින් ගලවන සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවන සතුට, සාමය, සමෘද්ධිය හා සහජීවනය පැතිරුණු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුබම වූ නව වසරක් බවට 2024 වසර පත්වේවා යන්න ලංකාදීපයේ නව වසරේ පැතුම වේ.
පැතුම් ප්‍රාර්ථනාවලට පමණක් කිසිවක් කළ නොහැකිය. එම පැතුම් ප්‍රාර්ථනා ජීවමාන යථාර්ථය
ක් බවට පත්කර ගැනීමට නම් ඒ සඳහා කැපවුණු දියුණු සාමූහික මිනිස් ක්‍රියාකාරිත්වයක් අැවැසිය. 2024 වසර යනු එම මිනිස් ක්‍රියාකාරිත්වය එයට හිමි නිසි අර්ථයෙන්ම බලමුළු ගැන්විය යුතු වසරකි.
රටට වැරදුණේ ඇයිද යන්න ඉඳුරාම ප්‍රත්‍යක්ෂ වී තිබේ. රට පාලනය කළ හා එම පාලනයට හවුල් වූ සෑම වර්ණයකටම අයත් දේශපාලනඥයන් රටට වූ විනාශයට වගකිව යුතුය. බලය ලබාගැනීමට මෙන්ම ලබාගත් බලය රැකගැනීමට සෑම ආකාරයේම අවම ක්‍රියා මාර්ග තේරුවා මිස ජනයා සතුටෙන් තැබීමට කළමනා කටයුතු කළමනාකරණය නොකිරීම රටට මේ ඉරණම අත්වුණාදැයි සිතේ. අපට තවදුරටත් ඒ පැමිණි මාර්ගයේම ගමන් කළ නොහැක. සෑම දේශපාලන පක්ෂයක්ම එළැඹ ඇති අභියෝගය ජය ගැනීමේ මාවත වෙත පිවිසිය යුතුය.
සෑම දේශපාලන පක්ෂයකටම ප්‍රතිපත්ති තිබේ. පක්ෂවලට ව්‍යවස්ථා තිබේ. දැන් මේවා සියල්ලටම මුද්‍රා තැබිය යුතුය. ඒ වෙනුවට පොදු ජාතික එකඟතාවක් සහිත ප්‍රතිපත්ති සකස් කළ යුතුය. එහිදී තමන්ට ලැබෙන පංගුව ගැන නොසිතිය යුතුය. තමන්ට ලැබෙන පංගුව දෙස බලා පොදු ජාතික වැඩපිළිවෙළකට හරස් කපන්නවුන් සිටීනම් ඔවුන් කෙවිටෙන් තලා පිටමන් කළ යුතුය.
රාජ්‍ය නිලධාරීන් මෙන්ම සේවකයන් ද අවංක විය යුතුය. මවු පොළොව සමඟ බැඳුණු හෘද සාක්ෂියක් සහිත අයවිය යුතුය. කාර්යක්ෂම විය යුතු සේම වගකීම් සහිත අය විය යුතුය. රට පෙරට ගෙන සිතන මනසක් සහිත අය විය යුතුය. වංචාව, දූෂණය, නාස්තිය මෙන්ම සොරකම මිනිස් කසළ මෙන් පිළිකෙව් කළ යුතුය. ජනතාවට සේවය කිරීම තම පරම වගකීම බව සිතිය යුතුය.
දේශපාලනඥයන් පරිපාලකයන් එසේ වෙනස්වන විට පොදු මහජනයාට ද වෙනස් නොවී සිටිය නොහැකි වනු ඇත. පොදු මහ ජනතාවට ද එම විශිෂ්ට ශිෂ්ටාචාරගතවීමට සිදුවනු ඇත. පක්ෂයකට බැල මෙහෙවරකම් කර එයට හිලව් වශයෙන් ලැබෙන දෙයකින් තෘප්තිමත්වීමේ නාස්තිකාර මාවතෙන් ඉවත්වනු ඇත.
හාර-පස් අවුරුද්දක් මුළුල්ලේ මෙරට සාතිශය බහුතරයක් ජනයා අපාදුක් විඳිති. සැබැවින්ම මනුෂ්‍ය ගරුත්වය අහිමිවූ ජීවිතයක් ගත කිරීමට සිදුවී තිබේ. හොරාගෙන්, කුඩු කාරයන්ගෙන් තම මිල මුදල් දේපළ ආරක්ෂා කර ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් තම දරු පැටවුන් සුරක්ෂිත කර ගැනීම. පාපතර කාමාතුරයන්ගේ ගොදුරුබවට තම දරුවන් පත්වීම වැළැක්වීම, රුධිර පිපාසිත පාතාලයන්ගෙන් තම ජීවිතය ආරක්ෂා කරගැනීම පුරවැසියන්ගේ ජීවිතවල ප්‍රමුඛ ඉලක්ක බවට පත්වී තිබේ.
ගෙවා ආ දින 365 වුවද එයට කදිම සාක්ෂියකි. මෙහෙම ජීවිත කුමකට ද යන්න අපට සිතීමට සිදුවී තිබේ. ජීවත්වීම යනු මෙය නොවන බව ඒකාන්ත සත්‍යයකි. එහෙත් ඇතැම් පුරවැසියන්ට විනාශය ද විනෝදයක් වූ සෙයකි. තමන්ද එම විනාශයේ පහසු ගොදුරක් බව දැන දැන වුවද ඔවුහු ඒ විනාශයම විනෝදයක් බවට පත්කර ගනිති.
2024 වසර අප ගෙවා දැමිය යුත්තේ ඒ ආකාරයට ම ද යන්න සන්සුන් මනසින් කල්පනා කිරීම වැදගත් ය. අද ජනවාරි 1 වැනිදා එයට හොඳ ආරම්භයකි.
(***)
පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න
ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප
ඩිජිටල් තාක්ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න
සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම
2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්
ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ‍්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ‍්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
පැතුම් ප්‍රාර්ථනා යථාර්ථයක් වේවා..!