පාතාලයන්ට මෙතරම් අවි කොහෙන් ද? මේ ඉකුත් සමයේ නිතර නිතර කතා බහට ලක්වූ මාතෘකාවකි. අන්ධයා අලියාගේ ස්වරූපය කියා පෑ හැටි සිහිපත් කෙරෙන උත්තර ඒවාට ලැබුණා මිසක ප්‍රශ්නයේ ගැඹුර හඳුනාගත හැකි ප්‍රමාණයේ අංගසම්පූර්ණ පිළිතුරක් නොලැබීම විමර්ශකයන්ගේ දැවැන්ත අඩුපාඩුවකි. ප්‍රශ්නය වන්නේ තවමත් එබඳු අංග සම්පූර්ණ පිළිතුරක් නිර්මාණය කරගැනීමට අපොහොසත් වීම ය. එබඳු අංගසම්පූර්ණ පිළිතුරක් සකස් කර ගැනීමට උපකාරීවන තොරතුරක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේ ය.
අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් තිබූ වියළි ගංජා තොගයක් සහ තුවක්කු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහායකයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී තුවක්කු 8ක් ඔවුන් විසින් සොරාගෙන පිටස්තර පුද්ගලයන්ට අලෙවි කර ඇති බවට අනාවරණය වූ බව ය.
එක් තුවක්කුවක් රුපියල් විසිපන්දහසකට විකුණා ඇති බවත් ඒවා මිලදී ගත් තිදෙනකු ඇතුළු පස් දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් අප ප්‍රවෘත්තියේ සඳහන් ය. එමෙන්ම අත්අඩංගුවට ගත් පිරිස ළඟ තිබී අළෙවිකරන ලද තුවක්කු තුනක් ද පොලිසිය භාරයට ගෙන ඇති බව ද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් ය.
පාතාලයේ ආරම්භක කාර්තුවට ගිය විට පාතාලය යෝධ වෘක්ෂයක් මෙන් වැඩෙන්නේ දේශපාලනඥයන්ගේ ආශිර්වාදයෙන් හා ඔවුන් ගේ රැකවරණයෙන් බවට කියැවිණි. ඒ අනුව සියල්ලෝම දේශපාලනඥයන්ට තඩි බෑමෙන් දවස් ගෙවා දැමීමට පටන් ගත්හ. ඔවුන්ට පාතාලය තර කරන වෙනත් මාර්ග ඇතැයි නොපෙනුණි. එහෙයින් පාතාලයෝ තම කටයුතු රිසිසේ සේ කරගෙන ගියහ.
පාතාලය පෝෂණය කරන එකම මාර්ගය දේශපාලනඥයන් නොවන බව පැහැදිලිවීමට පටන් ගැනුණේ ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන් ද පාතාලයට සම්බන්ධ බව අනාවරණයවීමත් සමග ය. යුද්ධය දරුණුවට ඇවිළී ගිය සමයේ දී ඇතැම් හමුදා සෙබළුන් හමුදාවෙන් පලා ආවේ සිය ගිනි අවිය ද රැගෙන ය. ඒවා පාතාලයට විකුණුනි. පලා ආ ඇතැම් හමුදා සෙබළු ජීවත්වීමේ පහසු මගක් ලෙස පාතාලය තෝරාගෙන කුලියට මිනී මරන්නෝ බවට පත් වූහ.
ඉතාම ආසන්න මෑත කාලයේ දී අනාවරණය වූයේ ඇතැම් හමුදා සෙබළුන් සක්‍රිය සේවයේ යෙදී සිටින අතරතුරම හමුදා කඳවුරෙන් පැනවිත් අවශ්‍ය ඉලක්කය දඩයම් කර යළිත් හමුදා කඳවුරට පැමිණෙන බව ය. පාතාලය සාර සුබාවට වැඩෙන්නේ කෙසේ දැයි යන්න දැන් ඉතාම පැහැදිලි ය.
වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් තිබූ ගිනි අවි පිටස්තරයන් අතට පත්වීමේ සිදුවීමත් සමග මෙරට පාතාලය කෙතරම් සංවිධානාත්මක ලෙස තමන් ආක්‍රමණය කළ යුතු සෑම අංශයක් ම ආක්‍රමණය කර ඇද්දැයි යන්න පැහැදිලි ය. එය සමාන වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිටි අන්ත දූෂිත නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එකපතේ වළඳමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළීමේ සිදුවීමට ය.
නඩු භාණ්ඩ හොර භාණ්ඩ බවට පත්වී රුපියල් ශත බවට පත් කර ගැනීමේ ජාවාරම කිසි ලෙසකින් හෝ සරලව නොගත යුතුය. මේ රට චිකාගෝවක්වීමට සිටින්නේ අතේ දුරිනි. එවැනි රටක් නිර්මාණය වුවහොත් අප කිසිවකුට පැවැත්මක් නොලැබෙනු ඇත. එහෙයින් පාතාලය මර්දනය කිරීමටත් එයට දිරිදෙන සියලු අනුසේනාංක ඇතුළු සමස්ත චෞර වළල්ලම අතු ගා දැමීමත් වඩාත් උද් යෝගයෙන් පෙරට ගත යුතු ය.
(***)
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පාතාලයට අවි සපයන්නන් අල්ලා දඬුවම් දිය නොහැකිද?
janaka Wednesday, 17 April 2024 10:16 AM
අල්ලා දඩුවම් දෙන්නේ ඇයි? අපේ නීතියෙන් දඬුවම් දෙන්න බැරිද..? අල්ලා දඬුවම් දෙන්නේ අරාබියේ...