IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පොදු සමාජ සාමය උදෙසා ප්‍රමුඛත්වය දී කැපවෙමු

නත්තල් දිනයෙන් පසු කිතුණුවන් සිය ශ්‍රේෂ්ඨතම සැමරුම් දිනය හැටියට සලකන්නේ පාස්කු ඉරිදාය. පසුගිය දින කීපය පුරා ආගමික වතාවත්වල නිරත වූ කිතුණුවන් දේවස්ථාන කරා ගොස් පාස්කු ඉරිදා සමරන්නේ එහි පරිසමාප්තියයි. එවැනි අහිංසක ආගමික කොටසක් සිය ආගමික මධ්‍යස්ථානවලට ඒකරාශි වී සිය ශාස්තෘවරයා සිහි කරමින් වතාවත්වල නිරත වී සිටින අවස්ථාවක එල්ල වන මාරක ප්‍රහාරයක් යනු මේ රටේ සකල ආගමිකයන් පිළිකෙව් කරන හෙලා දකින අතිශය ම්ලේච්ජ ක්‍රියාවකි. එනිසා පළමු කොටම බෞද්ධ නායකයන් වශයෙන් අපි අපගේ සහෝදර කතෝලික ජනතාවට මේ අවාසනාවන්ත මොහොතේ කනගාටුව පළ කරමු. 

මේ රට දශක ගණනාවක් පුරා සිය දරු දැරියන්ගේ ලේ ගංගා ගලායාමෙන් ඇති තරම් වේදනාවට පත් වූ භූමියකි. එවැනි වටපිටාවක යුද්ධයේ මර බියට 2009 වසරේ දී තිත තැබීම සියලු පුරවැසියන්ගේ සතුටට හේතු වූ කරුණකි. යුද්ධයේ  නිමාවත් සමග බියකින් සැකයකින් තොරව මග තොටේ සැරිසරන්නටත් රැකියාවට යන්නටත් පොදුජනතාවට අවස්ථාව උදා විය. විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයෝ සිය මව්රටට නැවත පැමිණියහ. කඩාවැටී තිබූ ජන ජීවිතය යථාවත් විය. මේ නිසා නිදහස්කාමී ජනතාවක් හැටියට ආසන්න දශකය පුරා ජීවත්වීමට අපට අවස්ථාව උදා වුණේය. එහෙත් දැන් නැවතත් මේ රටේ ජනතාවට හෙට දිනය ගැන සිතන්නට සිදුව තිබෙන්නේ සැකයෙනි. බියෙනි. ඊළඟ ප්‍රහාරය කවර දේවස්ථානයක, පොදු ප්‍රවාහන ස්ථානයක, ගිමන්හලක සිදුවේ දැයි රටම සිටින්නේ අවිනිශ්චිතභාවයක ගිලීය. මේ ලිපියට අදහස් දක්වන අවස්ථාවේ දී පවා නැවත නැවතත් වාර්තා වන්නේ තැනින් තැන සිදුවන පිපිරීම්ය. ඉතින් රටේ ජාතික ආරක්ෂාව ගැන මීට වඩා බරපතළ ලෙස සිතන තැනකට තල්ලු වන්නට ආණ්ඩුවට සිදුවීම අනිවාර්යය. පොදු ජන ආරක්ෂාව උදෙසා 2009ට පෙර පැවැති ආරක්ෂක රැකවල් ගැන වුව නොසිතා නොහැකිය. සහෝදර වාර්ගිකයන් අතර සැකයත් අවිශ්වාසයත් වර්ධනය වනසේ ව්‍යාජ පුවත් නිර්මාණය ද මේ අන්තවාදීන් යහමින් කරන වැඩකි. එනිසා සමාජ මාධ්‍ය ආදිය පවා පාලනයකින් නියාමනයකින් යුක්තව සමාජ සාමය පවත්වා ගැනීම ආණ්ඩුවට අත්හළ නොහැකි වගකීමකි. එනිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් වගකිව යුතු ආණ්ඩුවක් හැටියට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට පාලකයන් කටයුතු කළ යුතුය.

විශේෂයෙන්ම අන්‍යාගම්කරණය යන ක්‍රියාවලිය පහුගිය කාලයේදී අපේ රටවල තදින් ක්‍රියාත්මක විය. හොඳින් විමසා බැලුවහොත් මෙම ක්‍රියාකාරකම්වල නිරතව සිටින්නේ අන්තවාදී අතලොස්සකි. නොඑසේව අපේ රටේ සාම්ප්‍රදායික බෞද්ධ, කිතුණු, ඉස්ලාම් හෝ හින්දු ආගමික ජනයා නොවේ. මෙම සහෝදර ජනයා කිසිසේත්ම එකිනෙකා අතර භේදබින්නතා නිර්මාණය කරගෙන එකෙකු අනිකා යටපත් කරගැනීමට යත්න දරන්නෝ නොවෙති. මේ අතලොස්සක් වූ අන්තවාදී කණ්ඩායම් අද වනවිට මුළු ලෝකයටම පිළිලයකි. අපේ රටේදී මේ අන්තවාද ගැන කල්තියා අනතුරු ඇඟවීම් කරමින් කෙතරම් කතා කළත් අවශ්‍ය අධිකාරින් ඊට නිසි පියවර ගත්තේ නැත. අවශ්‍ය මූලික පියවර හෝ ගෙන තිබුණේ නම් මෙවැනි ඛේදවාචකයක් ඇති නොවන්නට තිබුණි. වර්ධනය වන අන්තවාදයන්ට එරෙහිව ආගමික සහනශීලීත්වය හා සංහිඳියාව උදෙසා සර්වාගමික නායකත්ව එකමුතුවකින් වැඩපිළිවෙලක් දියත් කිරීමට අපි පසුගිය කාලයේදී මැදිහත් වුණෙමු. අවස්ථා ගණනාවකදී ඒ සඳහා විවිධ සංවාද සාකච්ඡා කළෙමු. එහෙත් එය ප්‍රතිඵලදායී පරිසමාප්තියකට ගෙනයන්නට මහා සමාජය සමත් වුණේ නැත. විශේෂයෙන්ම මෙහිදී මැල්කම් කාදිනල් රංජිත් වත්මන් අගරදගුරුතුමන් ඊට කළ කැපකිරීම මැදිහත්වීම ප්‍රශංසනීයය. එවැනි අගරදගුරුතුමකු ලැබීම ද පොදුවේ අප රට ලද වාසනාවකි. එහෙත් අවාසනාවකට කතෝලික බෞද්ධ ඉස්ලාම් හින්දු ආදී වශයෙන් වූ එම සර්වාගමික මැදිහත්වීම තීරණාත්මක අවසානයකට ගෙනයන්නට අපට හැකිවුණේ නැත. 

ජාති, ආගම්, වර්ග භේදයකින් තොරව රටේ සකල පුරවැසියන්ගේ ආරක්ෂකයා වන්නේ ආණ්ඩුවයි. එහෙත් සිවිල් සමාජය වශයෙන් ආගමික නායකයන් කළ කැපකිරීම්වලට සාපේක්ෂ මැදිහත්වීමක් ආණ්ඩුවලින් සිදු නොවූ බව මාගේ අදහසයි. උදාහරණයකට උතුරු පළාතට පත්කළ ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා තම පත්වීමෙන් මාස තුනක් ගතවීමට මත්තෙන් කළ සද්ක්‍රියාවක් දැක්විය හැකිය. උතුරු පළාතේ සියලු භික්ෂූන් වහන්සේලා වව්නියාවට කැඳ වූ ආණ්ඩුකාරවරයා බෞද්ධ නායකයන්ට ඇති අවශ්‍යතා, අඩුපාඩු විමසා සිටියේ ඒවාට විසඳුම් කොළඹ ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමටය. දෙමළ බෞද්ධයකු හැටියට රාඝවන් මහතාගේ මැදිහත්වීම සියලුම දේශපාලන බලධාරීන්ට ආදර්ශයකි. ආගමික නායකයන් සම්මුඛ කිරීමත් කාලීන ගැටලු ගැන සාකච්ඡාවත් අත්‍යවශ්‍ය කාර්යයකි. එහෙත් එවැනි දේ දීර්ඝ කාලීනව සිදුවන්නේ නැත. ඊට හොඳම උදාහරණය මහනුවර වාර්ගික කලහයයි. මහනුවර ගැටුම අවස්ථාවේදී ආගමික නායකයන් අතර එවැනි සාකච්ඡාවක් නිර්මාණය වුවද එයට දීර්ඝකාලීන පැවැත්මක් තිබුණේ නැත. එනිසා ආගමික සහජීවනය හා ජාතික සමගිය උත්කර්ෂයට නන්වන්නට තවත් ගැටුමක් ඇතිවිය යුතුය. මෙවැනි ස්ථිරසාර සංවාදයක් නඩත්තු කිරීමේ අවංක වුවමනාවක් ඇති නායකයන් රටට නැති වීම දුර්භාග්‍යසම්පන්න තත්ත්වයකි. එක්කෝ නායකයන්ට මේවා තේරෙන්නේ නැත. නැත්නම් වගක් නැත. 

වාර්ගිකයන් අතර සංහිඳියාව උදෙසා ආගමික සහනශීලීත්වයෙහි වටිනාකම් අගය කළ ප්‍රමුඛතම නායකයා බුදු රජාණන් වහන්සේය. එනිසා මෙවැනි අවස්ථාවක බෞද්ධ දර්ශනයේ වූ එකී මහාර්ඝ වටිනාකම් අවධාරණය ද වටී. බුදුන් වහන්සේ නොගිය ආගමික ආයතනයක් නැත. සෑම ආගමික කණ්ඩායමක් සමගම සාකච්ඡාවෙහි නිරත වුවද ඒ කිසිවෙකුට අපහාස පරිහාස කිරීම හෝ හෙළාදැකීම බුදු රදුන්ගේ පිළිවෙත නොවීය. ඊට හොඳම නිදසුන නම් එවක භාරතීය සමාජයේ බුදුන් වහන්සේට පසුව වැඩිම ශ්‍රාවක ජන කොටසක් සිටි නිගණ්ඨනාථ පුත්ථගේ හොඳම ගෝලයකු වූ උපාලි ගෘහපති බුදු දහම වැළඳ ගත් අවස්ථාවයි. බුදු රදුන් සමඟ වාදයට පැමිණ ඉන් පැරදී බුදුන් සරණ යන්නට උපාලි ගෘහපති තීරණය කළ අවස්ථාවේ උන්වහන්සේ අවධාරණය කළේ ක්ෂණික තීරණයක් නොගෙන නැවත නැවතත් සිතන්නටය. අවසානයේදී බුදුන් සරණ ගිය ගෘහපතියාට කීවේ ද පෙර පරිදිම තම පැරැණි නිගණ්ඨ නායකයන්ට ගෞරවාදර සංග්‍රහ දක්වන හැටියටය. ඉතින් එවැනි ආගමික ශාස්තෘවරයකුගෙන් ශික්ෂණය ලැබූ රටකට ආගමික සහනශීලීත්වය අගයමින් ජීවත් වීමට තවත් උපහැරණ ඕනෑ නැත. එනිසා රටේ සාතිශය බහුතරයක් වූ බෞද්ධ ජනයාට මෙවැනි අවස්ථාවක සහෝදර ආගමිකයන්ගේ ජීවන පැවැත්ම තහවුරු කරමින් පොදු සමාජ සාමය උදෙසා කැපවීමට ඇත්තේ ප්‍රමුඛ වගකීමකි.

බිඟුන් මේනක ගමගේ
(ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (0)

පොදු සමාජ සාමය උදෙසා ප්‍රමුඛත්වය දී කැපවෙමු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 536 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1042 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 970 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 177 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 116 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 1006 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18712 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site