IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


පැනියාවලින් රටට දුන් අගනා ආදර්ශය

අගය කළ යුතු දෙය අගය කළ යුතුමය. මේ ඒ වෙනුවෙන් ලියැවෙන්නකි. වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අති දුෂ්කර ප්‍රදේශයක් වන පාරේගම, පැනියාවල ජනපදයේ ජනයා රටට ලබාදුන් අගනා වටිනා ආදර්ශය උත්කර්ෂයට නැංවිය යුතුමය.

1966 වසරේ කළුතර දිස්ත්‍රික්කයේ ගොවි ජනපද හතරක් පිහිටුවා තිබෙන අතර පැනියාවල ජනපදය ඉන් එකකි. එහි පදිංචි වූවන්ට වගා කිරීමට අක්කර දෙකක්ද නිවසක් තනා ගැනීමට අක්කර භාගයක්ද රජයෙන් ලබා දී තිබේ. එම ගොවි ජනපදයේ කටයුතු සම්බන්ධීකරණයට අංගසම්පූර්ණ කාර්යාලයක්ද එකල ස්ථාපනය කර ඇත. ඒ ඊටම යාබද පොහොර ගබඩාවක්ද සමගිනි. ගොවීන්ගේ අස්වනු ප්‍රවාහනයට ට්‍රැක්ටරයක්ද ලබාදී ඇත. ඉසුරුමත් අනාගතයකට එම ජනයා තුළ සිහින දලුලා වැඩුණේ එම පරිසරය තුළය.

එහෙත් එම සිහින 1987-89 භීෂණ යුගයේ දී ගිනිගත්තේය. අන්තවාදීන්ගේ බලපෑම් නිසා එම සමිතියේ කටයුතු ඇණහිටියේය. මිරිස්වත්ත තේ කර්මාන්ත ශාලාව ගිනි තබා විනාශ කෙරිණි. අක්කර පහක භූමිය සහිත ගොඩනැගිල්ල, පොහොර ගබඩාව වල් බිහිවී විනාශ විය.

එම අතීතයට වසර 35කි. භීෂණ සමය ගෙවී ගොස් සෑහෙන කාලයක් ගත වුවද මෙම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර ගොවි  ජනයාට පහසුකම් සැලසීමට කිසිදු බලධාරියකුගේ අවධානය යොමු වී නැත. ජනතා දේපොළ වනාන්තරගතව ඔහේ දිරාපත් වෙමින් තිබිණි.

පැනියාවල ජනපදයේ ජන පවුර සුබසාධන, මරණාධාර සහ ග්‍රාම සංවර්ධන සමිතිය ඉකුත් දා ප්‍රදේශවාසී ජනයා සමග එක්ව භූමිය ශුද්ධ පවිත්‍ර කර අබලන් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය  කර තීන්ත ආලේපනය කර නැවතත් පරිහරණයට සුදුසු මට්ටමකට රැගෙන විත් ඇත. ජනපදයේ සියල්ලන්ගේම සහයෝගය මෙම අගනා සද්කාර්යයට ලැබී ඇතැයි අප පුවත්පත වාර්තා කළේය.

තේ සහ කුරුඳු වගාවෙන් ජීවත් වන පැනියාවල ජනපදයේ ජනයා ලබාදුන් ආදර්ය එයට හිමි බරින් ගත යුතුය. මන්දයත් බොහෝ දෙනකු බලා සිටින්නේ සියල්ල රජයෙන් සිදුවන තුරුය. ‘එය රජයම කළ යුතු දෙයක්’ යැයි බොහෝ අවස්ථාවලදී ජනයා සිතති.

සැබැවින්ම පැනියාවල ජනපදයේ ජනයා පිළිසකර කර තිබෙන්නේ රජයේ දේපොළකි. ඒ සඳහා අවසරය නිසි පරිදි ලබාගෙන ඇති බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. රජයේ දේපොළක් නම් එය පිළිසකර කළ යුතු වන්නේ රජයම වේ. එහෙත් ඒ දෙය එසේම සිදු නොවේ. බොහෝ රාජ්‍ය දේපොළ අභාවයට ගොස් තිබෙන්නේ එහෙයිනි. එහෙත් එහි පාඩුව එයින් ප්‍රයෝජන ඇති ජනතාවටය.

රටක් සංවර්ධනය වීමට ඇති එක් ප්‍රධාන සාධකයක් ලෙස හඳුනාගෙන තිබෙන්නේ එම රටෙහි ජීවත් වන ජනයාගේ යැපුම් මානසිකත්වය හෙවත් පරපුටු මානසිකත්වය වේ. විශේෂයෙන්ම තුන්වැනි ලෝකයේ රටවල ජනතාව තුළ මෙම යැපුම් මානසිකත්වය ජානගත වී තිබේ. එයට හේතුව එම රටවල් දීර්ඝ කාලයක් යටත් විජිත වශයෙන් පැවතීමය.

ශ්‍රී ලංකාවද වසර හාරසිය ගණනක් යටත් විජිතයක්ව පැවතිණි. එහෙයින්ම අප ජනයා තුළ ද මෙම යැපුම් මානසිකත්වය අඩු වැඩි වශයෙන් තිබේ. පැනියාවල ගොවි ජනපදයේ ජනයා රට හමුවේ ඔප්පු කර පෙන්වූයේ ඔවුන් එම යැපුම් මානසිකත්වයෙන් මිදී ඇති බවය. එම අගනා ආදර්ශය සෙසු ජනයා එයට හිමි බරින් ග්‍රහණය කර ගත යුතු වන්නේ එහෙයිනි.

(***)



අදහස් (3)

පැනියාවලින් රටට දුන් අගනා ආදර්ශය

රාජදූත Saturday, 13 July 2024 10:15 PM

කතුවැකියට මෙන්ම පැනියාවල අහිංසක අසරණ එහෙත් "අපි පෙරටම" මානසිකත්වයෙන් නොසැලී පෙරටම මංපියවර තබන ඔවුනටද ප්‍රණාමය පළ කරමි. එමෙන්ම ජූලි 4 මහා බ්‍රිතාන්‍යයේ මැතිවරණයෙන් ජය ලැබූ ලාංකික සම්භවයක් ඇති උමා කුමාරන් ජයග්‍රාහිකාවට ද සුබ පැතුම් පල කිරීම වටනේය. මැය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යක්ෂිකාවක් ලෙස ක්‍රියා කරමින් විශිෂ්ට ප්‍රවීණතාවයක් ද ලබා ඇත. අනාගත ජයකෙහෙලි නැංවීමට විවෘත වූ වටාපිටා වක් ඇයට හිමිය.

:       0       2

Raman Sunday, 14 July 2024 08:49 PM

හැම දෙයක්ම දියව් කියලා මොරගාන අපේ රටේ වෘතීය සංගම් සහ කම්මැලියන්ට අගනා ආදර්ශයක්...

:       2       16

janahitha Tuesday, 16 July 2024 02:57 PM

කෙහෙළිය රඹුක්වැල්ල මහත්තයාට සුබ පැතුම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 428 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 98 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 95 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 413 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 94 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


ශ්‍රී ලංකාවේ සමුපකාරයේ නිර්මාතෘ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ
2025 මාර්තු මස 29 331 0

ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 149 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 736 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site