වැලන්ටයින් ආපයින්ම ගියා. හරියට වෙඩිල්ලක් වගේ. චොකලට් එකකට, රෝස මලකට සීමාවුණු ආදරවන්තයන්ගේ දවසේ හරි අමුතු අමුතු දේවල් කරපු අයත් හිටියා. දවසකට විතරක් සීමාවුණු මේ අමුතු ආදරේ සමහර එවුන් සැමරුවේ විවිධ විදිහට. ඒකනේ පසුවෙනිදාම පුවත්පත්වල පළවුණේ වැලන්ටයින්දා ටියුෂන් ක්ලාස් හිස් - හෝටල් කාමර ත්‍මකක කියලා. එක අතකට මේ දේවල් ලොකු අමුත්තකුත් නැහැ. මොකද අපේ රටේ ලිංගිකත්වය දැන් ෆැෂන් එකක් වෙලා. එක හෝල්ට් එකකින් කෙල්ල එක්ක යාළුවෙලා ඊළඟ හෝල්ට් එකෙන් රූම් එකට යන සමාජයේ මේ දේවල් ගැන පුදුම වෙන්න දේකුත් නැහැ.
හිතනවා ප්‍රේමවන්තයා විතර මේ ලොකේ වටින කෙනෙක් තවත් නැති තරම් කියලා. අවසානයේ ප්‍රේමයේ අවංකකම රාගයට මුළාවෙලා පෑල දොරෙන් පැනලා යනකොට කවුරු පණ දෙන්න හිටියත් අන්තිමට ඉතිරිවෙන්නේ ඔයාට ඔයා විතරයි.
මේ මහ මුහුද උඹ දකින තරම් සුන්දර නැහැ. ගැඹුරුයි, සැරයි, ආත්මාර්ථකාමියි, හරියට අපේ ජීවිත මහ මුහුදට සෙල්ලම් බඩුවක් වගේ. අපේ ජීවිතෙත් මේ මහ මුහුද තරම්ම ගැඹුරුයි. මේ ජීවිතේ පරිස්සමෙන් හබල් ගහපන්. ජීවිතේ වැරදුණොත් එදාට එල්ලිලා ගොඩට එන්න පිදුරු ගහක්වත් නැති වෙන්න පුළුවන්, එයයි සත්‍ය. මේ අපට අහන්න වුණු තවත් ඇත්ත කථාවක තිත්ත කථාවක්.
ඇය කවුරුන්ද? කොහේද? කියන කාරණාවට වඩා ඒ දෑස්වලින් වැටෙන කඳුළුවලට පුංචි අස්වැසිල්ලක් වෙන්න පුළුවන් නම්. කෝසලා මේ ලෝකෙට ඉපදෙන්නේ හරිම වාසනාවන්ත විදිහට. හරියට රාජමාලිගාවක පුංචි කුමාරිකාවක් වගේ. කෝසලාගේ අම්මටයි තාත්තටයි ජීවිතේ එකම මැණික වුණේ කෝසලා. කෝසලාගේ අම්මා එක්තරා විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරියක්, තාත්තා ජනප්‍රිය පාසලක ගුරුවරයෙක්. මේ දෙදෙනාගේ සොඳුරු කැඳැල්ලට ආපු එකම දරුවා තමයි කෝසලා. කෝසලාගේ අම්මයි, තාත්තයි තමන්ගේ රැකියා කටයුතු නිසා ගත කළේ අතිශය කාර්යබහුල ජීවිතයක්. මේ කාර්යබහුලත්වය නිසාම කෝසලාගේ ජීවිතයට මාපියන් අතින් විවිධ වු අතපසුවීම් සිද්ධ වුණා. ඒ සිදුවුණු සමහර පුංචි පුංචි අතපසුවීම් කෝසලාගේ ජීවිතයට බලපෑවේ සිහිනෙකින්වත් නොසිතපු විදිහට.
“මම පුංචි කාලේ ඉඳලම හැදුණේ තනියම. මට කතා කරන්න, සෙල්ලම් කරන්න, අඬන්න, හිනාවෙන්න, මේ හැම දේකටම හිටියේ අපේ ගෙදර වැඩට හිටපු සෝමා විතරයි.”
ඇයි? කෝසලාගේ අම්මා ඒ තරම්ම කාර්යබහුල වුණේ? පාන්දරට ගෙදරින් පිටවෙන අම්මා ගොඩක් දවසට ගෙදර ආවේ රෑ වෙලා. තව පෞද්ගලික ව්‍යාපාරයකුත් තිබුණා. අම්මා වෘත්තියට අමතරව තාත්තිගේ ව්‍යාපාරවලටත් සම්බන්ධ වුණා. තාත්ති නම් ගෙදර නැති තරම්. ගොඩක් වෙලාවට මම තාත්තිව දැක්කේ මාව ඉස්කෝලෙ ගිහින් දාන්න එන වෙලාවට විතරයි. තාත්තිගේ ජීවිතේ වැඩිපුර ගෙවුණේ ටියුෂන් ක්ලාස්වල. ඒක නිසා තාත්තගේ ව්‍යාපාර බලන්න සිද්ධ වුණේ අම්මට. අම්මයි තාත්තයි දෙන්නම වැඩිපුරම මං ගැන හොයලා බැලුවේ දුරකථනයෙන්. සමහර දවස්වලට ඒ දෙන්නා ගෙදර එනකොට මම නිදි. මගේ අදහස් හුවමාරු කරගන්න එදා මගේ අම්මටයි, තාත්තටයි වෙලාවක් තිබුණේ නැහැ. අඩුම තරමේ මම අම්මගෙන් කිරි බිව්වෙත් මාස 3යිලු. අම්මට වැඩ කරගන්න බැරි නිසා මට පිටිකිරි පුරුදු කළාලු.
කෝසලාගේ අම්මා කියන්නේ අධ්‍යාපනයෙන් ඉහළට ගිය කෙනෙක්. ඒත් තමන්ගේ දරුවා ඉදිරියේ ඒ අම්මා කොයිතරම් පහත්ද? මව්කිරි ටිකටත් වඩා ඇගේ ජීවිතේ දිව්වේ මුදල් පස්සේ. වයසින් ටික ටික මෝරද්දී කෝසලා මේ ගෙදර ඇතුළේ හුදෙකලා පරිසරයට ටිකෙන් ටික හුරුවුණා. සමහර දවසට කෝසලා අම්මගේ සාරි පොටේ එල්ලිලා අඬා වැටුණා. මෙහෙම ජීවත් වුණු කෝසලාට ජීවිතේ ආසම තැන වූයේ පාසල. ගෙදර ජීවිතේ තිබුණු හුදෙකලා බව ඇය නැතිකර ගත්තේ පාසලෙන්.
පවුලේ එකම දරුවා වෙච්ච කෝසලාට මිල මුදල් සැපසම්පත්වලින් කිසිම අඩුවක් තිබුණේ නැහැ. හුදෙකලාව ගෙවපු ජීවිතේට ඇය ආදරේ සොයන්න ගත්තේ පිට සමාජෙන්. උදේට තාත්තාගේ වාහනේ පාසලේ ගේට්ටුව ළඟින් බැහැල යන කෝසලා හවසට අම්මාගේ වාහනේ ගෙදර අවේ මහා අපායකට ගෙනත් දානවා වගේ.
කාලයත් එක්ක ඇගේ ජීවිතෙත් ආදරයේ මිහිර සොයන්න ගත්තා. ඇය මුලින්ම ප්‍රේම සම්බන්ධයක පැටලෙන්නේ ඇගේ පාසලේම ඉගෙනගත්ත තිසල් එක්ක. හුදෙකලා ජීවිතේට එකවරම ආපු අමුතු ආදරේ කෝසලාගේ ජීවිතේට තදින් කාවැදුණා. ආදරේ කොච්චර ද කියනවානම් කෝසලාගේ මුළු ජීවිතේම වුණේ තිසල්. ඒ වෙනකොට ඇයට අවුරුදු දොළහයි. ඇය ශරීරයෙන් හැදී වැඩී තිබුණත් ඇය හිටියේ ආදරේ කියන්නේ මොකක්ද කියලවත් තේරුම් ගන්න පුළුවන් අවධියක නෙමෙයි. “ඔව් ආදරේ ගැන ජීවිතේ ගැන මම හිතුවෙ හරිම සැහැල්ලුවෙන්. තිසල්ට ආදරේ කරන්න පටන් ගන්නකොට මම වැඩිවියට පත්වෙලත් නැහැ. ආදරේ ගැන හයක් හතරක් නොතේරෙන වයසෙදි මම තිසල්ට ආදරේ කළා. ඒ ආදරේ මගේ හිතට හරිම සොඳුරු විදිහට දැනුණා. මම ජීවිතේ වැඩිපුරම විශ්වාස කළේ තිසල්ව.
මම ආශ්‍රය කරන්නේ කාවද? මගේ යාළුවො කවුරුන්ද? මම මොනවද කරන්නේ කියලා කවදාවත් අම්මවත්, තාත්තිවත් ඕනවට වඩා සෙව්වෙත් නැහැ. ඇහුවෙත් නැහැ. අම්මා නිතරම මට දේශන දුන්නේ හරියට ටියුෂන් පන්තියක උගන්වනවා වගේ. තාත්තිත් එහෙමයි. ඒ දේශන අහලම මට නීරස වෙලා තිබුණේ. දේශන විතරයි. කවරදාවත් මේවා හොඳ නැහැ. ඒවා නරක වැඩ. මේවා කරන්න එපා, කියලා මට පෙන්නලා දීලා නැහැ. හැම දේකදීම ඉස්සරහට දැම්මේ සල්ලි. කවරදාවත් මගේ අම්මාගේ අත් දෙකෙන් හදපු කෑමක් මම කාල නැහැ. ගෙදර හැම දේකටම අම්මා වුණේ සෝමා. මම ජීවිතේ ගෙව්වේ ඉන්ටර්නෙට්, ෆේස්බුක්, හෑන්ඞ් ෆෝන් ඒ දේවල්වල. මගේ ජීවිතේ පාළුව මකා ගත්තේ ඒ දේවල්වලින්. පස්සේ තිසල් මගේ ජීවිතේට ආවට පස්සේ මගේ ලෝකේ හිටියේ තිසල්.
අපි තුන්දෙනා ගෙදර ජීවත් වුණේ ලෝක තුනක. මේ දේවල් මට මානසික පීඩනයක් විදිහට දැනෙන්න ගත්තා. ඒ නිසාම ද මන්දා මට ගොඩාක් තරහ යන්න ගත්තා. අම්මයි තාත්තියි එක්ක මම නිතර රණ්ඩු වුණා. එකට එක කියාගෙන ගියා. මේ දේවල් නිසා අම්මයි තාත්තියි මට නිතර සැර වැර කළා. තරවටු කළා. එයාලා කවරදාවත් මාව තේරුම් ගත්තේ නැහැ.
ඇත්තටම මම ඉස්කෝලේ ගියේ ඉගෙන ගන්න තියෙන ආසාවකට නොවෙයි. තිසල්ව බලන්න ඕන නිසා. මම තිසල්ට ආදරේ කළේ එයාගේ තියෙන සෙල්ලක්කාරකමට. මගේ ලෝකේ වීරයා වුණේ තිසල්. දවසින් දවස ගෙවන ජීවිතේ තිසල් නැති ජීවිතයක් මට හිතාගන්නවත් බැරිවුණා.
තාත්තා උදේට ඉස්කෝලේ ළඟින් බස්සලා ගියහම ඉස්කෝලෙන් එළියට ඇවිල්ලා සුදු ගවුම මාරුකරගෙන පාට ඇඳුමක් ඇඳගෙන තිසල් එක්ක ඇවිදින්න ගියා. සතියකට දවස් දෙක තුනක් අපි දෙන්නා ඒ විදිහට මුණ ගැහුණා. තිසල් ලොකු සල්ලිකාර පවුලක නෙමෙයි. කොහේ ගියත් මම තමයි වියදම් කළේ. තිසල් සමහර දවසට එයාගේ අඩුපාඩු කිව්වම මම ගෙදරින් සල්ලි අරගෙන ගිහින් දුන්නා. තිසල් මට කවදාවත් බොරුවක් කියලා මම හිතුවෙ නැහැ. තිසල්ව මම ජීවිතේ ගොඩක් විශ්වාස කළා. පස්සේ පස්සේ තිසල් මට ආදරේ කළේ මගෙන් සල්ලි කඩාගන්න කියලා දැනගන්න කොට මට වෙන්න ඕන හැමදේම වෙලා ඉවරයි.
ක්ලාස් ගියත් අම්මා හරි තාත්තා හරි යනකම් ඉඳලා අපි දෙන්නා ඇවිදින්න ගියා. තිසල්ගේ සමහර ඇරයුම්වලට මට බැහැ කියන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. තිසල් නිතරම කිව්වෙ මම කවදාහරි එයාව අමතක කරාවි කියලා. මගේ හිතේ එයාට තියෙන අවංකකම පෙන්නන්න තමයි තිසල් කරපු සමහර යෝජනාවලට මම කැමති වුණේ. මේ ලෝකේ තිසල් ඇරෙන්න මගේ ජීවිතේ වෙන කවුරුත් නැහැ කියන්න මට ඕන වුණා.”
තිසල් කෝසලාට ඇරියුම් කළේ කොහේ යන්න ද කියලා හිතාගන්න පුළුවන් නේද? කෝසලා ඒ දේවල්වලට බය වුණත් තිසල්ගේ හිතේ විශ්වාසය රකින්න තිසල් කළ ඇරියුමට හෝටල් කාමරේකට යන්න ඇය දෙවරක් සිතුවෙ නැහැ. බලන්න මොන තරම් ඛේදවාචකයක් ද කියලා. තමන්ගේ ජීවිතේ බිල්ලට දීලා කොල්ලගේ සිතේ විශ්වාසයක් ඇතිකරන්න තරම් මනස දුර්වලම වෙලා තියෙන හැටි.
“දවසක් අපි දෙන්නා බීච් සයිඞ් එකේ කතා කර කර ඉන්නකොට තිසල්ගේ යාළුවෙක් ඇවිල්ලා තිසල්ට කතාකරලා මොනවද කිව්වා. මම ඇහුවා කොහොමද යාළුවා අපි මෙතන ඉන්නවා කියලා දැනගත්තේ කියලා.
“නැහැ” ඌ මගේ හොඳ යාළුවෙක්. ඔයා බව වෙන්න එපා කියලා කිව්වා. පස්සේ තිසල් කිව්වා මෙහෙම ඉන්නකොට හැමෝටම පේනවානේ. කවුරුහරි දැක්කොත් ඔයාට මේ තියෙන නිදහස නැති වෙනවා කියලා. තිසල් එක එක දේවල් කියනකොට මම ඇහුවා අපි මොකද කරන්නේ කියලා. තිසල් කිව්වා මාත් එක්ක කතාකරලා ගිය යාළුවා ඇවිත් තියෙන්නේ යාළුවෙකුගේ වාහනේක අපි වාහනේට ගිහින් කතා කරමු කියලා. ඒ වලාවේ මට බයක් දැනුණේ නැහැ. දවස් ගාණක් අපි දෙන්නා මේ විදිහට වාහනය ඇතුළේ මුණ ගැහුණා. තිසල් කිව්වේ යාළුකමට වාහනේට වෙලා කතා කරන්න කිව්වා කියලා.
“මේ වෙනකොට කෝසලා ඇගේ ගෞරවය තිසල් ඉදිරියේ පූජා කරලා ඉවරයි. සුපුරුදු විදිහට තිසල්ගෙත්, කෝසලාගෙත් ආදර හෝරාව ගෙවුණේ අර මිතුරාගේ වාහනය ඇතුළේ. හැබැයි මේ මිතුරා රාක්ෂ වෙසින් ආපු අසහනකාරයෙක් කියලා කෝසලා දැනන් හිටියේ නැහැ. ඇය නොදැන සිටියට මේ රථය මුහුදු වෙරළේ පෙම්සුව විඳින පෙම්වතුන්ට කුළියට දෙන වාහනයක් කියලා තිසල් දැනන් හිටියා. මොකද තිසල්ට මේ කුලී රථය සපයලා දුන්නේ තිසල්ගෙම මිතුරා. මුළු ලෝකයක් තරම් විශ්වාස කරපු තමන්ගේම ප්‍රේමවන්තයා ඉදිරියේ ජීවිතේ මූසල හෝරාවට උදාවුණේ මේ පෙම්සුව විඳි වාහනය ඇතුළෙමයි.
දින ගණනාවක් සුපුරුදු විදිහට පෙම්සුව විඳපු මේ කුලී රථයට තිසල් කෝසලාට හොරෙන් මුදල් දුන්නත්, හිටි හැටියේම වාහනේ අයිති තරුණයා තිසල්ට අපූරු යෝජනාවක් ගෙනාවා. “මල්ලී අද මට උඹෙන් සල්ලි සත පහක්වත් එපා. අපේ එවුන් තුන්දෙනෙක් ඉන්නවා මෙතන, නටලා නිකං වැඩ වරද්දගන්න එපා මල්ලි. අපි කෙළින්ම වැඬේට බහිමු.”
“කෙල්ලව පැයකට ඕන” උඹටත් පොඩි ගතමන්ට් එකක් දෙනවා. එහෙම බැරිනම් උඹ කෙල්ල එක්ක හිටපු හැටි වීඩියෝ එක ක්‍ෘ එකකින් හෙට පිටකොටුවෙන් ගන්න පුළුවන්.තිසල් දැනන් හිටියා වාහනේ සිද්ධ වෙන දේවල් වීඩියෝ කරන බව. තිසල් කියන්නෙත් පාසල් ශිෂ්‍යයෙක්. ඒ දරදඬු පිරිම් එක්ක හැප්පෙන්න තිසල්ට පුළුවන්කමක් තිබුණේ නැහැ. අවසානයේ ඇය සමූහ දූෂණයකට ලක්වුණා. හදිසි ඇමතුම් ඒකකයට ලබාදුන් තොරතුරක් මත එම ස්ථානය වටලද්දී කෝසලාට සිහිය තිබුණේ නැහැ. පියවි සිහිය එන විට ඇය සිටියේ රෝහලේ ඇඳක් මත. අදටත් කාටවත් කියන්න බැරි වේදනාවක් හිතේ තුරුලුකරගෙන මේ ඉර හඳ යට කෝසලා ජීවත්වෙනවා. කෝසලා ජීවිතේ වරද්ද ගත්තේ මව්පියන්ගෙන් ඇය බලාපොරොත්තු වුණ ආදරය නොලැබුණු නිසා. මාපියන් කොයිතරම් වෘත්තියත් සමග කාර්යබහුල වුණත් ජීවිතේ ප්‍රථම වෘත්තිය තමන්ගේ දරුවා කියලා හිතුවානම් අදටත් කෝසලා ලස්සන ජීවිතයක් ගතකරනවා.
ඒ වගේමයි අපේ ජීවිතවලට විවිධ වූ චරිත මුණ ගැහෙන්න පුළුවන්. ඒ චරිත ඇතුළේ ඉන්න පුද්ගලයෝ විවිධයි, විෂමාකාරයි, කොයි තරම් පණ දෙන්න ආදරේ කරනවා කිව්වත් ජීවිතේ කියන දේ සෙල්ලමක් කරගන්න එපා. පුංචි හරි වැරදීමක් වුණොත් නැවත ඒක හදාගන්න අමාරුයි.
නම්, ගම් මන:කල්පිතයි
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පෙම්වතාගේ යහළුවන් අතින් අත ගිය කෝසලා
හසිත Monday, 07 March 2016 03:18 AM
දැන් සමාජය පිරිහිලා ඉවරයි.(හේ)
අජිත් Wednesday, 02 March 2016 01:46 PM
මේවගේ කතා කොයිතරම් දැම්මත් කීයෙන් කීදෙනාද පාඩම් ඉගෙන ගන්නේ. දෙමව්පියන් කල්පනාවෙන් සිටිය යුතුයි. (බ)
සුනෙත් Wednesday, 09 March 2016 03:01 PM
ජෝඩු වලට ආදරය කරන්න ආරක්ෂිත තැනක් තිබිය යුතුයි (කෞ)
චමිදු Friday, 04 March 2016 03:06 PM
මේ වගේ දැනුවත් කිරීම් දිගටම දරුවන්ගේ බුද්ධිය සදහා ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. (ර)
සාරංග Monday, 07 March 2016 09:35 AM
වැලන්ටයින් දිනය තහනම් කල යුතුය. ලංකාවේ නිතිය තුල සිදුරු ගොඩක් තියෙනවා . (ර)