IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


පැය පහක් අඳුරේ වැටීමේ අභාග්‍යය

මුළු රටටම එකවර පැය පහක කාලයක් අඳුරේ ගිලි සිටීමට සිදුවිය. ඒ ඉකුත් 9 වැනිදා පස්වරු 5 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළදීය. මාස කිහිපයක් පුරා පැය 12කට ආසන්න කාලයක් විදුලිය නොමැතිව කල් ගෙවූ ජනයාට පැය 5ක කාලයක් අඳුරේ සිටීමට සිදුවීම එතරම්ම බරපතළ අර්බුදක් නොවේ. එහෙත් මුළු රටම එකවර කළුවරේ සිටීමට සිදුවූ ක්‍රියාදාමය එක් අතකින් රාජ්‍ය ආරක්ෂාවට බරපතළ තර්ජනයකි. එමෙන්ම බරපතළ ආර්ථික පාඩුවකි. එහෙයින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළ යුතුමය.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ කොත්මලේ සිට බියගම දක්වා දිවෙන අධිබලැති සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියට අකුණක් පතිතවීමෙන් විදුලිය සැපයුම් පද්ධතිය අක්‍රීය වූ බවය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ රට පුරා විදුලිය බිඳ වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා එහි සියලු තොරතුරු පාර්ලිම්න්තුවට වාර්තා කරන ලෙසය. එක් සම්ප්‍රේෂණාගාරයක බිඳ වැටීමකින් මුළු රටම අඳුරට යන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ විපක්ෂනායකවරයා මහජන උපයෝගීතා කොමිෂන් සභාව මීට වසර ගණනාවකට පෙර ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කළේ නම් මෙවැනි දේවල් ඇති නොවන බවද පෙන්වා දුන්නේය.

විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ හදිසියේ සිදුවූ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශයෙන් හා විදුලිබල මණ්ඩලයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.

හදිසියේ විදුලි බලය විසන්ධි වුවහොත් රටේ ජනයාගෙන් බහුතරයකට විකල්ප විසඳුම් නැත. එම ජනතාවට සිදුවන්නේ විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් වනතුරු අඳුරේ ගිලී සිටීමටය. ජනතාවට පමණක් නොව මෙවැනි හදිසි අවස්ථාවකට මුහුණ දීමට කඩිනම් පියවර ගැනීමට බලධාරීන්ටද හැකියාවක් නොමැති බව පැහැදිලිය.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නාක මහතා මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කළේ විදුලිය බිඳ වැටීම වැළැක්වීමට 2022 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පැහැර හැර තිබෙන බවත් එම නිර්දේශ ක්‍රියාත්මක කළා නම් මෙවැනි දෙයක් නොවන බවත්ය.

අප රට යනු සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කටමැන දෙඩවීම ජාතික සිරිතක්ව වර නගන රටකි. හැමදාමත් සිදු වූයේ එයයි. මෙවර පැය පහක කාලයක් විදුලිය බිඳ වැටීමෙන් සිදුවූ ආර්ථික පාඩුව රුපියල් බිලියනයක් පමණ වන බව මහජන උපයෝගිතා කොමිසම පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් නිශ්චිතව තවම තොරතුරු අනාවරණය වී නැත. ඇතැම් විටෙක එම පාඩුව පුරෝකථන පාඩුවට වඩා හත් අට ගුණයකින් ඉහළ යා හැකිය.

අප පුවත්පත පෙන්වා දුන්නේ විදුලිය විසන්ධි වීම නිසා ජල සැපයුමද අඩාල වූ බවය. එමෙන්ම විවාහ මංගල උත්සව සහ වෙනත් උත්සව යොදාගෙන සිටි පිරිස බරපතළ අපහසුතාවට පත්වූ බවය. එමෙන්ම විදුලිය බිඳ වැටීමට හේතුව සොයා ගැනීමට විදුලිබල මණ්ඩලයට පැයක පමණ කාලයක් ගත වූ බවය.

විදුලිය මෙන්ම බලශක්තිය ජන ජීවිතය සමඟ මෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තදින්ම සහ ඍජුවම ගැැට ගැසුණකි. එහෙයින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රමාණයෙන් වගකීම් සහගතවීම බලධාරීන්ගේ වගකීමය.

(***)



අදහස් (0)

පැය පහක් අඳුරේ වැටීමේ අභාග්‍යය

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

පළාත් පාලන මැතිවරණය සිහිනයක්ද?
2025 පෙබරවාරි මස 22 124 0

පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න


දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
2025 පෙබරවාරි මස 21 1481 10

ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප


ඩිජිටල් තාක්ෂණයට ඇබ්බැහිවීම නතර කරන්න රජරටින් අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 20 669 1

ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න


ලෙයට ලෙය ඉල්ලන පාතාලය
2025 පෙබරවාරි මස 20 607 0

සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම


ආර්ථිකයේ විප්ලවයකට බර අයවැයක්
2025 පෙබරවාරි මස 20 179 1

2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්‍


අයි.එම්.එෆ්. මග යන අයවැයක්
2025 පෙබරවාරි මස 19 756 1

ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 165 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 406 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 174 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site