IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


පාර හරිද?

අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන කථාව යළිත් වතාවක් කරළියට පැමිණියේ මීට සති කීපයකටම පෙර පටන්මය. එය එසේ වුවත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉවත් කළ යුතු යැයි යන මතවාදය මේ රටේ තියෙන්නේ අද ඊයේ සිට නොව මහ බැංකු හොරකම සිදුවූ දිනවල පටන්මය.

ඒ කියන්නේ ඔහු දින සීයේ අගමැතිකම කාලයේ පටන්මය. පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාවේ ශ්‍රීලනීපයේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ මේ අගමැතිත් එක්ක ඉදිරියට යන්න බැරි බවත් මැතිවරණයෙන් පසුව ඔහුව ඉවත්කරන්නේ නැතිනම් සමගි සන්ධාන ආණ්ඩුවේ සිටින ශ්‍රීලනීපයේ අය තවදුරටත් ඉන්නේ නැති බවත්ය. ‘කියද්දී එහෙම වුණාට කරද්දී මෙහෙමයි කියන්නා සේ’ එදා එසේ කීවත් පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ අගමැතිව අයින් කරන්නට ශ්‍රීලනීපයේ අයට හැකියාවක් තිබුණේ නැති බව නම් දැන් කාටත් පෙනී ගොස් හමාරය.

මේ පළාත් පාලන ඡන්දය තිබුණේ ගමේ ආණ්ඩුව දෙන්නේ කාටදැයි  තෝරා ගැනීමට බව සැබෑය. එහෙත් ජන්දයේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේ ගමේ ආණ්ඩුව කෙසේ වෙතත් කොළඹ මහ ආණ්ඩුව දැන් තියෙන්නේ කාගේ අතේ දැයි කියන කාරණය යැයි පැවසීමේ වැරැද්දක් නැත. මේ මැතිවරණය පුරාවටම ආණ්ඩුවේ සිටින ශ්‍රීලනීපයේ අය කීවේ ‘එජාපයේ ඉන්නේ හොරු’ බවත් ඒ නිසා ඒ හොරුන්ට විරුද්ධව ශ්‍රීලනිපයට ඡන්දය ලබා දෙන ලෙසත්ය. ආණ්ඩුවේ සිටින එජාපයේ අය කීවේ ශ්‍රීලනීපය කියන්නේ බොරු බවත් ‘එජාපයේ  ඉන්නේ හොරු නොවන’ බවත්ය.

දැන් ආණ්ඩුවට තවදුරටත් මේ කියන සමගි සන්ධාන ආණ්ඩුව ලෙසින් පවතින්නට හැකියාවක් තියෙන්නේ දෙගොල්ලෝ එකිනෙකාට හොරු කියමින් සහ එකිනෙකා කියන්නේ බොරු යැයි කියමින් ඒ ඒ පක්ෂ වෙන වෙනම ලබා ගත් ජන්ද ටික එකට එකතු කරන්නට පුළුවන් කමක් තිබෙනවා නම් මිස වෙනත් කිසිම ආකාරයකින් නොවන බව ඉතාමත් පැහැදිලිය. 

මේ ආණ්ඩුවේ සිටින ප්‍රධාන පක්ෂ දෙකම ජනාධිපතිකමත් අගමැතිකමත් පාවිච්චි කරමින් කළ සියලු බලපෑම් මධ්‍යයේ අලුතින්ම තරගයට එක් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සියයට හැත්තෑවක් පමණ පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීම හරහා රටේ ගොඩ නැඟී ඇත්තේ මෛත්‍රීට හා රනිල්ට පිටින් මහින්දගේ ආණ්ඩුවක් රටේ තියෙනවා වැනි හැඟීමක්ය. ආණ්ඩුවේ දෙගොල්ලෝම ‘දැක්කේ නෑ වගේ හිටියාට’ රටේ ගොඩ නැඟී ඇත්තේ මේ වගේ තත්ත්වයක්ය.

පසුගිය  පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිටවූ දවසේ සිට අද දක්වාම රටේ දේශපාලනයේ කිසිම ස්ථාවර භාවයක් නොපෙන්වන්නේ ආණ්ඩුවේ සුජාතභාවය පිළිබඳව ගොඩ නැඟී ඇති මේ ගැටලුව නිසාමය. මහ බැංකුවේ වර්තමාන අධිපතිවරයා මේ සතියේ කියා තිබුණේ දේශපාලන ස්ථාවරභාවයක් රටේ නැති නිසා මුල්‍ය ස්ථාවරභාවයක් ගොඩනඟා ගත නොහැකි තත්ත්වයට රට වැටී ඇති බවය. දැන් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඇවිත් තියෙන්නේ මේ කියන අස්ථාවරභාවයේම තවත් එක් ප්‍රකාශයක් ලෙසින් යැයි පැවසීමේ වැරැද්දක් ද නැත.

රටේ මහජනතාවගේ පැත්තෙන් බලන විට නම් ආණ්ඩුවේ සිටින ප්‍රධාන පක්ෂ දෙක ගැනම ඒ අයගේ තිබූ විශ්වාසයභංග වී ඇති බව පැහැදිලිය. ඒත් දැනට ශ්‍රීලනීපයේ අය කරන කියන දේවල්වලින් පෙනී යන්නේ ‘ආණ්ඩුව කියන්නේ රනිල්ට’ වැනි දෙයක්  නිසා අගමැතිට එරෙහිව විශ්වාසභංගක් ගෙන ඒම සංකේතාත්මකව කියන්නේ මෙය ආණ්ඩුවටම  එරෙහිව එන විශ්වාසභංගයක් යැයි සිතීමේ වැරුද්දක්ද නැත.

මේ අගමැතිවරයා පැමිණි හැම වතාවේම වගේ මෙවරත් ඔහු කටයුතු කරන්නේ විදේශිකයන්ට හා විජාතිකයන්ට ගැළපෙන ආකාරයට බව ශ්‍රීලනීපයේ සිටි පැරැණි පාක්ෂිකයන්ට හෙවත් පොහොට්ටුවේ වර්තමාන පාක්ෂිකයන්ට නම් කිසිදු සැකයක් තිබුණේ නැත. 2015 ජනාධිපතිවරණයෙන් පසු කාලයේ කවර විටකවත් ඒ ජනතාව රනිල් කවුදැයි කියා රැවටුණේවත් තමන්ව රවට්ටවා ගත්තේවත් නැත්තේ ඒ නිසාය.

ඒත් මේ දක්වාම ශ්‍රීලනිපයේ ආණ්ඩුවේ ඇත්තන් නම් ඔහුට දිගටම රැවටුණු බව නොකියාම බැරිය. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජයට පත්වෙද්දී අප හිතුවේ දිනන්නේ මෛත්‍රී කියාය. ඒත් පසු දින අප දුටුවේ මෛත්‍රී ජනාධිපතිතුමන් දිවුරුම් දෙනවා පමණක් නොව එවකට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 46 පමණක් සිටි රනිල් වික්‍රමසිංහ මහතා ද අගමැති ලෙසින් දිවුරුම් දීමය. වැඬේ වරදින්නට පටන් ගත්තේ මෙතැන සිටන්ය.

එපමණක් ද නොවේ. 2015 අප්‍රියෙල් මාසයේ ඒ පැරැණි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබූ මහින්ද කණ්ඩායම විසින් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරන්නට නොහැකි වූයේ ජනාධිපතිතුමන් විසින් හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසාය. දෙවැනි වරට අප කාටත් වැරැදුණේ ඒ වෙලාවේය. 

මේ වැරැද්ද එතැනින් නිමා වුයේ ද නැත. මෛත්‍රී මහින්ද එකතු කර ඒ අප්‍රේල් මහ මැතිවරණය තරග කරන්නට (සමහරුන්ගේ විරෝධතා මැද වුවත්) අප පෙරට ආවේ ඒ හරහාවත්  වික්‍රමසිංහ මහතා පරාජයට පත් කරන්නට හැකිවේ යැයි සිතූ නිසාය. ඒ ආකාරයෙන්වත් ඔහුගේ අගමැතිකම ගලවන්නට හැකියාවක් ලැබේවි යැයි අප සිතූ නිසාය. රනිල්  අගමැතිකමෙන් ගලවන්නට අප ගත් ඒ උත්සාහයත්  නිමා වූයේ ඔහුව යළිත් වරක් ඒ පුටුවේ වාඩිකරවමින් පමණක් නොවේ.

ඒ වැඬේ කෙළවර වුණේ අපේ පක්ෂයේ ලේකම් හා සන්ධානයේ ලේකම්ගේ පට්ටම් ගැලවී යාමෙන් බව මතක් කරන්නේ පසුගිය වැරැදි යළි කියවමින් මෙවරවත් ඔහු පරදවන්නට හැකියාවක් වෙතොත් එය වළක්වන්නට නොව මේ වැඬේ බොරුවට කරන්නට නොයා යුතු බව පැහැදිලි කරන්නටය. තුන්වැනි වතාවටත් අප පරාජයට පත්වූ අතර රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අගමැති විය. ඒ නිකම්ම නොව නිමල් සිරිපාලලා, සුසිල් ප්‍රේමජයන්තලා, මහින්ද අමරවීරලා ඇමති මණ්ඩලය ලෙසින් දෙපැත්තෙන් පිරිවරාගෙනය. තුන්වැනි වතාවටත් අප පැරදුණේ ඒ ආකාරයෙන්ය.

දැන් යළිත් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් භාරදී තිබෙන අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ හැමෝම පාහේ මේ වනවිටත් අත්සන් යොදා ඇති බව ආරංචිය. මේ විශ්වාසභංගය ජයගන්නට නම් ඒකාබද්ධ විපක්ෂයේ අයට අමතරව ආණ්ඩුවේ සිටින ශ්‍රීලනීපයේ අයත් එජාපයේ හෝ වෙනත් පක්ෂයක කීප දෙනකුත් ජන්දය ලබාදිය යුතුව ඇත. ඒ සියල්ල ඒ ආකාරයෙන් සිදුවෙනවා දැයි මා දන්නේ නැත. 

දැන් මේ විශ්වාසභංගය ජයගැනීමට නම් කළමනාකරණය කරගත යුතු සාධක අතර වැදගත්ම එකක් වන්නේ මේ කාරණය පිළිබඳව ජනාධිපතිතුමන් සිතන්නේ කෙසේ දැයි හරියට තක්සේරු කරගැනීමය. එතුමන්ගේ සහාය නොලැබෙන යෝජනාවකින් මේ රජයේ අගමැති මේ මොහොතේ අස් කළ හැකි යැයි මා සිතන්නේ නැත. එතුමන් මේ යෝජනාවට පක්ෂ වන්නේ යැයි සිතුවහොත් ඒ පක්ෂ වන්නේ දැන් සිටින අගමැති අයින් කර එජාපයෙන් වෙනත් කෙනෙක් පත්කර ගැනීමට ද  එසේත් නැතිනම් ශ්‍රීලනීපයේ කෙනෙක් සුළුතර ආණ්ඩුවක් ලෙසින් පත්කර ගැනීමට ද කියන කාරණය ද තවම පැහැදිලි නැත.

ජනාධිපතිතුමන් විසින් මේ දෙකෙන් කොයි එක කළත් ඒ වැඬේට ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධ විය යුත්තේ කෙසේද යන කාරණය මෙහිදී කළමනාකරණය කර ගත යුතු දෙවැනි කාරණයයි. මා නම් සිතන්නේ ඒකාබද්ධයේ අය මේ මොහොතේ සිතිය යුත්තේ එළියේ සමාජයේ පොරකමින් තමන්ට සහයෝගය පළකරන පෙහොට්ටුවේ පාක්ෂිකයන්ගේ අභිලාෂ හොඳට කිරා මැන බැලීමෙන් පසුව බවය.  මට තේරෙන දේශපාලනයට අනුව නම් අපේ පාක්ෂිකයන් රනිල්ට  වගේම රනිල්ගේ කැබිනට් එකේ ඇමතිකම් දරන ශ්‍රීලනිපයේ කණ්ඩායමටත් එකවගේම විරුද්ධය.

ඒ අර්ථයෙන් නිමල් සිරිපාල අගමැති කිරීමෙන් හෝ කරු ජයසූරිය අගමැති කිරීමෙන් පොහොට්ටුවේ පාක්ෂිකයන්ගේ අභිලාෂයට කිසිදු පිළිගැනීමක් ලැබෙන්නේ නැති බව සැබෑය. එහෙත් රනිල් ඉවත් කිරීමෙන් ලැබිය හැකි ජයග්‍රණය  රටේ පැත්තෙන් වඩාත් ඵලදායක වන්නේ රනිල් නොවන අලුත් අගමැතිවරයකු යටතේ ඉක්මන් ජන්දයක් ලබා ගැනීමේ එකඟතාවයක්වත් ගොඩනගා ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට හැකියාව ලැබුණොතින් පමණක්ය. අප මේ විශ්වාසභංගයෙන් ලැබිය යුතු ජයග්‍රහණය වන්නේ මහ මැතිවරණයක් ලබා ගැනීමේ සටනට ශක්තියක් ලබා ගැනීමය.

අනෙක් අතට එජාපයේ නිල නායකත්වයත් (රනිල්) සහ පොහොට්ටුවේ නොනිල නායකත්වය (මහින්ද) එළියේ තියාගෙන ආණ්ඩුවක් කිරීම මේ පාර්ලිමේන්තුවේ යථාර්ථයක් වන්නේ පරිවාස කාලයකට පමණක්ම බව තේරුම් ගැනීමත් මෙතැනදී ඉතාමත් වැදගත්ය. එසේ නොවන්නේ යැයි කියන්නන් කරන්නේ දේශපාලන විහිළු සැපයීම පමණක් බව මගේ අදහසය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මීළඟට යෙදෙන ජාතික මැතිවරණය වන්නේ ජනාධිපතිවරණයක් බව කවුරුත් දන්නා කාරණයකි. එහෙත් පොහොට්ටුවට (ඒකාබද්ධයට) වඩාත් වැදගත් වන්නේ ඒ පටිපාටියේ තියෙන ජනාධිපතිවරණය නොව එයට  පෙර මහ මැතිවරණයක් කැඳවා ගැනීමය. අනෙක් අතින් ශ්‍රීලනිපයේ දැන් ඉන්න ඇමැතිවරුන්ට කෙසේ වෙතත් මෛත්‍රී ජනාධිපති වුවත් කෙළින්ම ජනාධිපතිවරණයකට ගමන් කිරීමට  නොව මහ මැතිවරණයකට පසුව එන ජනාධිපතිවරණයකට මුහුණදීමට කැමැති විය හැකි  බව මගේ අදහසය.

මහින්ද හිටපු ජනාධිපතිගේ පැත්තෙන් සහ පොහොට්ටුවේ පාක්ෂිකයන්ගේ පැත්තෙන් නම් දේශපාලනය න්‍යාය පත්‍රයේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් තිබෙන්නේ මහ මැතිවරණයක් දක්වා බලවේග මෙහෙයවීමය. ඒ සඳහා ව්‍යවස්ථාවේ ඉඩක් නැතැයි කියා කල් මැරීමෙන් සිදුවෙන දේශපාලන යහපතක් නැත.  ඒ සඳහා ව්‍යවස්ථාවේ ඇති ඉඩ පාවිච්චි කරමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනා සම්මතයක් හරහා මේ වැඬේ කරන්නට දේශපාලනමය මැදිහත්වීමක් කිරීම අත්‍යවශ්‍යය.

අද මුළු රටම අක්‍රීය කරන කුප්‍රකට 19 ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ  තුනෙන් දෙකක බලයක් ගත්තේ ඒ ආණ්ඩුවේ අගමැතිට හෝ ජනාධිපතිට තුනෙන් දෙකක ජනවරමක් පාර්ලිමේන්තුවේ තිබී නොවන බව අපගේ මතකයේ තබා ගැනීම මෙහිදී ඉතාමත් වැදගත්ය. බලවේග මෙහෙයවන ආකාරයට අනුව මිස නිශ්චිතව තියෙන තුනෙන් දෙකක ජනවරමක් මේ කාලයේ කාටවත් ලැබෙන්නේ නැත. සෝභිත හිමිගේ කුඩා බලවේගය දෙතුන් සියයක ජනතාවක් සමඟ පාර්ලිමේන්තු වට රවුමේ සිටියා පමණය.

නැති තුනෙන් දෙකක් පාර්ලිමේන්තුව ඇතුළේ අපුරුවට ගොඩ නැඟුණේය. ඒ නිසා මේ විශ්වාසභංගය ජයගන්නේ නම් ඒ ජයග්‍රහණයෙන් ජනතාවට ලබා දිය යුතු කොටස වන්නේ ඒ අයගේ කැමැත්තට ගැළපෙන ආණ්ඩුවක් හා අගමැතිවරයකු තෝරා ගැනීමට ඉඩ ලබාදීමය.

මේ එකක්වත් වෙන්නේ නැතිව මේ විශ්වාසභංගය පරාජයට පත්වී හෝ අවසාන මෙහොතේ ශ්‍රීලනිපයේ සහාය නොලැබී යාමේ ඉඩක්ද මේ තුළ තිබෙන බව අප අමතක කළ යුතු නැත. එවැනි තත්ත්වයක් නිසා නැවත වරක් රනිල්ගේ එජාපයත් ජනාධිපතිගේ ශ්‍රීලනිපයත් අතර භංගවී ඇති විශ්වාසය අලුතින් හදාගැනීමටද ඒ අය මෙය පාවිච්චි කරන්නට ඉඩ ඇත. එවැනි දෙයකට ‘පාවිච්චිවීමට’ හෝ යන එනමං නැතිව සිටින ශ්‍රීලනිපයේ නායකයන් කීපදෙනකු යළිත් අපේ ජන්දයෙන් පාර්ලිමේන්තු යැවීමකට මේ විශ්වාසභංගය යොදා ගැනීමේ කිසිදු ඉඩක් අප දිය යුතු නැත.

අවසාන වශයෙන් කිව යුත්තේ ‘දුවන මුවන් දැක නොදමව් නෙලූ පලා’ කියා කීවාක් මෙන් කොහේවත් නැති විශ්වාසභංගයක් නිසා ඒකාබද්ධය හා පොදුජන පක්ෂය සතු ජනතා ශක්තිය බිම දැමිය යුතු නැති බවය. අපේ සටන ඇත්තේ මේ ආණ්ඩුව ගෙදර යැවීමට මිස ඒ වැඩෙන් ‘එක කෑල්ලක් ගලවන්නට ගොස් අපේ ලොකු කෑල්ලක් ගලවා ගැනීමට’ නොවන බව තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය. මේ විශ්වාසභංගය යනු දිනේෂ්, විමල්, වාසු, උදය, ඩලස්  වැනි ඒකාබද්ධයේ නායකයන් සහ බැසිල් රාජපක්ෂ වැනි පොදුජන පක්ෂයේ නායකයන් කරන අවසාන සටන නොවිය යුතු බව කියන්නේ ඒ සියලු දෙනාගේ මැදිහත් වීම්වලට ගරු කිරීමක් ද වශයෙනි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ අංශාධිපති
ආචාර්ය චරිත හේරත්



අදහස් (0)

පාර හරිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කාශ්මීරයෙන් ඇවිලෙන ඉන්දු - පාකිස්තාන් ගිනිපුපුරු
2025 අප්‍රේල් මස 26 23 0

අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා


සෝද සෝදා එළියට අදින පාස්කු දා ප්‍රහාරය
2025 අප්‍රේල් මස 26 12 0

මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්‍


ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 363 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 441 2

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 268 0

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 10524 3

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 851 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 388 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 542 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site