දෙවැනි ලෝක යුද සමයට අයත් දැවැන්ත බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීම සඳහා ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් ප්‍රදේශයේ 65000ක පමණ පිරිසක් දිනක කාලයක් සඳහා නිවෙස් වලින් ඉවත් කර ඇති බව වාර්තා වේ.
බ්‍රිතාන්‍යයට අයත් මෙම බෝම්බය ටොන් 1.4ක් බරින් යුතු වන අතර පසුගිය බදාදා ගොඩනැගිල්ලක් ඉදිකරන භූමියේ තිබී සොයා ගෙන ඇත. මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මන් ඉතිහාසයේ බෝම්බ නිශ්ක්‍රීය ක්‍රියාදාමයක් සඳහා සිදුකරන ලද විශාලම ඉවත්කිරීම බව පොලිසිය පවසයි. බෝම්බය නිෂ්ක්‍රීය කිරීම සඳහා පැය 12ක් පමණ ගතවනු ඇතැයි ගනනය කර ඇත.
රෝහල්, සාත්තු නිවාස සහ බැංකු ඇතුළු තවත් බොහෝ ප්‍රසිද්ධ ස්ථාන මෙම ප්‍රදේශයේ පිහිටා ඇති අතර පොලිසිය පවසන්නේ නවීන තාක්ෂණය උපයෝගී කරගෙන සියලු දෙනාම ඉවත් වී ඇත්දැයි නිවසින් නිවසට පරීක්ෂා කල බවයි.
යුද සමයට අයත් මෙවැනි බෝම්බ සිය දහස් ගනනක් ජර්මනිය පුරා විසිරී ඇති බවට විශ්වාස කෙරේ.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)
ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක
ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්රජාතන්ත්රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පරණ බෝම්බයක් පුහු කරන්න 65000ක් ඉවත් කෙරෙති
sathyayaa Sunday, 03 September 2017 08:54 PM
අන්න එහෙමයි රටට ජනතාවට පරිසරයට ආදරය කරන ආණ්ඩුවක් ක්‍රියා කරන්නේ.
marusiraaa Monday, 04 September 2017 11:20 AM
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පරමාණු බෝම්බ දෙසිය ගාණක් තියෙනවා. නිෂ්ක්‍රිය කරන්න.